Friday, August 22, 2014

මහින්ද මාමා පරාදයි...... - MR Lost !!




ඉස්සර කතාවට කියන්නේ පෙරලුනොත් පෙරලෙන්නේ බාල්දියක් කියාය. එය දැන් යල් පැන ඇත්තේ බාල්දි, බකට්, පනිට්ටු භාවිතය තරමක් අඩුව ඇති බැවින් විය යුතුය. මන්ද ඉස්සර උදේ නැගිට්ට හැටියේ මිනිිස්සු අතට ගන්නේ පනිට්ටුවය. එය අතට ගෙන මුලින්ම ලිදෙන් වතුර ටිකක් ඇඳ ගන්නා ඈයෝ ඊට පස්සේ තවත් පනිට්ටුවකට වතුර වත්කරගෙන දුවන්නේ ලැට් එකටය. දැන් කොමඩ් තිබුණාට ඒ කාලේ දණිස් පොල් කටු නවාගෙන, කොන්ද වකුටු කරගෙන උදේම මුහුණ දෙන හොඳම එක්සර්සයිස් එක ටොයිලට් එකට යෑමය. දැන් ඒ වාගේ ආතල් එකක් ගන්නට හැකි වන්නේ කොහේ හෝ ට්‍රිපක් ගොස් එළිබහින්නට කැළෑවකට රිංගා ගත්තොත් පමණක්ය.

එහෙත් වැසි සමයේ බාස්කට් එකට එළියට බැස ඇත්තේය. ඒ වැස්සට වැටෙන වතුර එකතු කොට වතුර නොමැති පැතිවලට යවන්නට නොව, ඊට අයිස් පුරවා නාන්නටය. අයිස් බකට් සෙල්ලම ගැන ලියන්නට සිත් වූයේ සමහරුන් අභියෝග කරනා පිරිස් ගැන අසා සිටි විටය. ලිපිය ලියන්නට බ්ලොග කාලෙකින් දිගහැර බලනා විට අපේ මධුරංගයා බකට් සෙල්ලමේ නීතිරිතී සහ තරඟ කරනා ආකාරය ගැන ලියා ඇත්තේය. වඩාත් පහසුවෙන් ඒ පිළිබඳව මෙතන කොපි පේස්ට් එකක් ගසා ලිවිය යුත්ත පහතින් ලිවීමට සහයක් වූ මධුවාට මුලින්ම ස්තූති කළ යුතුය.

++++

අයිස් බාල්දි අභියෝගය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවා නං අයිස් බකට් චැලේන්ජ් එකට සහභාගි වෙන කෙනා මේ අභියෝගයට සහභාගි උනාට පස්සේ ඩොලර් 10ක මුදලක් ALS සංගමයට ගෙවන්න ඕන.

අභියෝගයට සහභාගි වෙන කෙනා කරන්න තියෙන්නේ අයිස් කැට දමපු වතුර බාල්දියකින් නාගන්න එක විතරයි..අයිස් බාල්දියකින් නෑවට පස්සේ ඒ කෙනාට පුලුවන් තව කිහිප දෙනෙක්ව (තුන්දෙනෙක් විතර) නම් කරන්න.

ඒ නම් කරපු තුන් දෙනා පෑ විසි හතරක් ඇතුලත අයිස් බාල්දි අභියෝගයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීලා වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ දර්ශන යූ ටියුබ්, වෙයින්,ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කරන්න ඕන.

අභියෝගයට නම් කරපු කෙනෙක් මේ අභියෝගය බාර ගන්නේ නැතුව මඟ අරිනවා නම් ඒ කෙනා ඩොලර් 100ක මුදලක් ALS සංගමයට දිය යුතු යි !

තවත් විස්තර අවශ්‍ය නම් මධුවාගේ ලිපිය මෙතැනින් බැලිය යුතුය.

+++

අයිස් බකට් සෙල්ලම මා මුලින්ම දුටුවේ ඉරාජ් කොලුවා නාපු තැන සිටන්ය.


ඔහු අභියෝග කළේ ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග, රන්දීර් විතාන සහ තනුජා ජයවර්ධන යන අයටය. ඉන් ඔටාරා නෑවේ සංගා සහ මහේලටද නාන්නට අභියෝග කරමින්ය.




ඉරාජ්ගේ අභියෝගයෙන් මල්ෂා නෑවාය.



ඇය අභියෝග කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මර්වින් සිල්වා සහ මහින්ද රාජපක්ෂ යන අයටය. දැනටමත් පැය 23ක් ඉක්ම ගොස් ඇති නිසා මහින්ද මාමා සහ මර්වින් මාමා අයිස් බකට් සෙල්ලමෙන් පරාද වී ඇත්තේය. නමුත් හිරුණිකා අද මහ වැස්සේ අයිස් බකට් එකක් නෑවාය.


හිරුණිකා අභියෝග කළේ හරීන් ප්‍රනාන්දු, ලාල් කාන්ත, සහ සෙනල් වෙල්ගම යන අයටය. හරීන් ලාල් සහ ශසේන්ද්‍ර මේ දවස්වල උණු වතුරින් නාන නිසා අයිස් සෙල්ලමට එනවා යැයි සිතිය නොහැකිය. එහෙත් සෙනල් වෙල්ගම පුත්‍රයා නම් පැය විසිහතරකට පෙර අනිවාර්යෙයන් නානවා ෂුවර්ය.

උදෑසන සිටම ඉවරයක් වැස්ස නිසා සෑමාද නාන්නේය. එසේම මහ මඟ සිටිනා බහුතරයක් මේ දිනවල නාන බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය. කෙසේ හෝ අයිස් දියකර ඇති වතුරෙන් ස්නානය කොට හෝ සමාජ සත්කාරයක් සිද්ධ වන්නේ නම්, පලස්තීනයට අධාර දුන්නාට වැඩිය වටින්නේය.

වැස්සේ කරන්නට දෙයක් නැතිව,
බ්ලොග මතක් වී ලියුවේ..

sAm_ශ්‍රී_Perera

41 comments:

  1. පැරා මුණුපොතේ බිනු මිහිරි වදන් සිහි විය...

    ReplyDelete
    Replies
    1. සදහන් කළා නම් වටිනවා ;)

      Delete
    2. Ajith Perakum Jayasinghe
      18 hours ago
      අයිස් නෙමෙයි ගූ නාපියව්! මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ. සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත. මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි. නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න කැත. කාලකන්නි!

      Delete
    3. කස්ටිය දැන් බකට් එක පිටින් දාලා බොන්න වතුර යවන්න සැට් වෙලා. මල්ෂා නංගිත් ජෝ යවනවා කියල පත්තරේ තිබ්බා. ඩොලර් දහය දෙන එක කැන්සොල් කලාලු. භාතිය අයියත් වතුර බෝතල් සැට් එකක් පෙන්නල කිව්වා වතුර යවනවා කියලා...

      භාතිය කොලුවා, නාමල් බේබිට අභියෝග කළානේ.. බේබිත් ඩොලර් දහය අතෑරලා බොන්න වතුර යැව්වොත් වටිනවා..

      බකට් එකෙන් කස්ටියගෙ ඇස් ඇරුනු අපූරුව.. හරිම ආස්චර්යයි හසන්ත..

      Delete
  2. මේ උඩ ඉන්න එකාව නාවන්න මටත් ඕන වෙලා තියෙනව. කවුරුහරි ඩොලර් 10 කින් ආධාර කරහංකො. :D

    ReplyDelete
    Replies
    1. දේශකවද?

      ඌව නාවන්නෝනි මඩ වලකින්...

      Delete
  3. හැමදාම හැමතැනම නාන එකේ මටත් හිතෙනවා බං ඔය රෙද්දත් නාන්න! වැඩේ ඩොලර් 10ය හොයා ගන්න එකනෙ! :D

    ReplyDelete
    Replies
    1. මොකෑ කියන්නේ..... ඉල්ලමු ආධාරයක්..!!

      Delete
    2. ආධාර ඉල්ලලා ගඟේ මුහුදෙ පැනලා නාමු...

      Delete
  4. Replies
    1. සබ්බේ පෘථග්ජනා උන්මත්තකා :)

      Delete
    2. - 842 million people - or one in eight people in the world - do not have enough to eat.
      - 50 percent of pregnant women in developing countries lack proper maternal care, resulting in 240,000 maternal deaths annually from childbirth.
      - Poor nutrition causes nearly half (45%) of deaths in children under five - 3.1 million children each year. That is 8,500 children per day.

      මේං ලංකාවෙ :

      - ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව උතුරු මැද සහ ඌව පලාත්වල වයස අවුරුදු 15-70 අතර ජනයාගෙන් සියයට 15 නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිති.

      - 1991 රෝගය ප‍්‍රථමයෙන් හඳුනා ගැනීමෙන් පසුව උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුල පමනක් 22,000 ට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

      - මාසයකට නිදන්ගත වකුගඩු රෝගීන් 1,100 වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත වන අතර වසරකට 300 ක් මිය යන බව වාර්තාවෙයි.( රෝගීන් බොහොමයක් නිවෙස් වල දී මිය යන හෙයින් සැබෑ මරන රේට්ටුව මීට වඩා වැඩි විය හැකිය.)

      - නිදන්ගත වකුගඩු රෝගය වඩ වඩා ව්‍යාප්ත වෙමින් තිබුනත් එහි රෝග නිධානය නිශ්චිත ව තවමත් තහවුරු කර නැත.

      - රෝග නිධානය බහු-සාධක බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරයි. නිදන්ගත රෝග වැලැක්වීමේ සහ පාලනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරී වෛද්‍ය ශාන්ත මෙන්ඩිස් ට අනුව, ගුනාත්මක භාවයෙන් අඩු ආහාර, කාල පරිච්ඡේදයක් කැඩ්මියම් වලට හෝ වකුගඩු වලට හානි පමුනු වන කෘමිනාශක වලට නිරාවරනය වීම, ආසනික් සහ ඊයම්, වකුගඩු අක‍්‍රිය කරන ජානමය නැඹුරුව සහ ආයුර්වේද හෝ දේශීය ප‍්‍රතිකාරවලට සප්සඳ ශාකය යොදා ගැනීම මෙම සාධක වලට ඇතුලත් වෙති.
      පිරිසිදු පානීය ජලය නැතිකම හා ගුනාත්මක තත්වයෙන් අඩු පොහොර සහ විෂ කෘෂි රසායනික භාවිතය නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට තුඩු දෙන ප‍්‍රධාන සාධක ලෙස සලකනු ලබයි. නල ජලය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 40 පමනි. දිස්ත‍්‍රික්ක 25 න් ගම්බද දිස්ත‍්‍රික්ක 15ක ජනයා තවමත් යැපෙන්නේ භූගත ජලය මතය.

      - උතුරු මැද පලාත තුල ජලයට සම්බන්ධිත යටිතල පහසුකම් වැඩිදියුනු කිරීම සඳහා අතිරේක අරමුදල් සම්පාදනය කරන ලෙස පසුගිය වසර 15 පුරා රෝගය පිලිබඳව පර්යේෂනවල නියැලුන මහාචාර්ය සුනිල් ජේ. විමලවංස මෑත දී ඉල්ලා සිටියේ ය. වර්තමාන අරමුදල් වෙන් කිරීමේ ප‍්‍රමානය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා වසර 50 ගත වනු ඇතැයි ඔහු අනතුරු ඇඟ වී ය.

      - වෛද්‍ය උපකරනවල හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ පුහුනු හෙද සේවකයන්ගේ බරපතල හිඟය නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ තවත් ප‍්‍රධාන සාධකයකි. ශ‍්‍රී ලංකාවට අවම වසයෙන් රුධිර කාන්දු පෙරන යන්ත‍්‍ර (ඩයලිසිස් මැෂින්) 1,000 අවශ්‍ය බව 2007 දී සෞඛ්‍ය බලධාරීන් තක්සේරු කලේ ය. දැනට රජයේ රෝහල්වල ඇත්තේ රධිර කාන්දු පෙරන යන්ත‍්‍ර 178 ක් සහ රුධිර කාන්දු පෙරනය සිදුකරන මධ්‍යස්ථාන අටක් හා වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පමනි. කොලඹ ජාතික රෝහලත් ඇතුලූව සමස්තයක් ලෙස රජයේ රෝහල්වල ඉන්නේ රුධිරනාල ආශ‍්‍රිත ශල්‍යකර්ම හා වකුගඩු බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 6 ක් සහ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 9 ක් පමනි. (wsws.org - 5th March 2014)

      සෝක් නේ..... "අයිස් නෙමෙයි ගූ නාපියව්" නෙමෙයි ගූ කාපියව්..

      Delete
  5. Replies
    1. මේක ඉතිං පිරමිඩ් සිස්ටම් එකටනේ යන්නෙ බං..

      Delete
  6. ඔය දේසපාලයොන් අමුතුවෙන් නාගන්න ඕන්නෑ හැමදාම ඇදගෙනම නාගන්නව නෙ බං..
    දැං ඔය යවන ඩොලර් 10 න් මොකද දන්නෑ වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. Amyotrophic lateral sclerosis (ALS) රෝගය වෙනුවෙන් පිහිටවූ අරමුදලක්..

      Delete
  7. https://www.facebook.com/photo.php?v=491001391002250
    අපේ උනුත් කරනවා :D :D

    ReplyDelete
    Replies
    1. එතකොට මුගෙ ඩොල්ර් දහය කෝ/

      Delete
  8. මටත් එකෙක් චැලේන්ජ් කරලා බොලව්!

    ReplyDelete
    Replies
    1. එල කිරි.. ඩොලර් දහය එවපං..

      Delete
  9. හුටා..... සද්දේ වහලා ඉන්න එක ඇගට ගුණයි වගේ......!!!!!!

    ReplyDelete
    Replies
    1. බොට නාන්න කියල වැඩක් නැහනේ.. නාවන්නම වෙයි ...

      Delete
  10. කෝස් එකනම් හොඳයි... හැබැයි කල්පනාවෙන් නොකොලොත් මම හිතන්නේ ALS රෝගියෙක්ට වැඩිය අමාරුවෙනවා...

    http://www.youtube.com/watch?v=TOze9m9sHno









    ReplyDelete
    Replies
    1. දුටිමි.. දුටිමි...

      බලපං බකට් එකකින් නාවන්න පුරුදු නැති උන් කරන වැඩ..

      Delete
  11. නිකන්නම් ඉන්නෙ උබත් නාපන්

    ReplyDelete
    Replies
    1. නිකන්ම නාන්නද කියන්නේ??

      Delete
  12. හා පුළුවන් නම් උණු වතුරෙන් හරි නාන්න කියලා සෑමට චැලේන්ජ් කරපල්ලා ඕකා එහෙමවත් නායිද බලන්න

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ බැහැ...
      මම නාන හැටි උබල දන්නෙ නැහැ.. මම නාන්න කලින් උබලා මාරු වුණානේ..

      Delete
  13. නාන්නේ නැතිවුන්ට හොදයි.

    ReplyDelete
  14. හුකැස්....
    හිහි...
    වින්ටර් එක තියෙන රටවල ඒව මෙහෙට ගෙන්ත පිස්සු ආතල් ගත්තට වැඩක්යැ බං සෑමො...
    පට්ට හීතලේ ගල් වෙන සීතල අයිස් බලට්ටුවක් ඔළුවෙ හලා ගන්නඑක තරං සැපක් තියේද

    ReplyDelete
  15. අපිව නම් කට්ටිය නාවන විදියට,අපි ඇදගෙන නාන විදියට අමුතුවෙන් අයිස් නාන්න ඕනේ නැහැ බං.

    ReplyDelete
  16. මං ඕන්නං සල්ලි දෙන්නං… නාන්න නං බෑ පුතේ :D

    ReplyDelete
  17. මම මේ කල්පනා කොලේ මට නාන්න උනොත් මම කාවද නම් කරන්නේ කියලා ( දැනට හිතන් ඉන්නවා තුන්දෙනෙක් හැබැයි කාටවත්ම කියන්නේ නෑ සැමා උබට විතරක් කියන්නම් මාතලනුයි , සිරායි , කෙන්ජියායි ....)

    ReplyDelete
    Replies
    1. මේ මගේ ලිස්ට් එක

      01 - ඉවාන්
      02 - ඉවාන්
      03- ඉවාන්

      Delete
  18. මුන් ඔක්කොම පිස්සු $%^&* ය

    ReplyDelete
  19. //වැස්සේ කරන්නට දෙයක් නැතිව,
    බ්ලොග මතක් වී ලියුවේ..//

    ඇයි බං උඹ ලගදි බැන්දා එකා නේද...වැස්සෙ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අන්න කථාව, අපි නම් වහිනකන් බලන් ඉන්නේ... බැදපු අලුත අපි දෙන්නා විතරයි දැන් පොඩ්ඩවත් එකතුකර ගන්නවා. සදු නමලා දෙනවා මම තමයි දාන්නේ ඒවා යනහැටි දැක්කහම පොඩ්ඩාට තමයි වැඩිම සතුට ඌ උඩ පැන පැන හිනා වෙනවා.

      සෑමා...මතක් කරලා ටිකක් ඝනකම් කොලයක් ගනින් නැත්නම් බෝට්ටු වතුරට දැම්මාම ඉක්මනට ගිලෙනවා.

      Delete
    2. හප්පේ...පොඩි එකාවත් ලග තියාගෙනද බං බොලා අල්ලන සෙල්ලං කරන්නෙ....චීයා.....

      Delete
    3. දුප් යන්ඩ වල් කොල්ලා.. මම කිව්වේ කඩදාසි බෝට්ටු හදන එක ගැන

      Delete
  20. //වැස්සේ කරන්නට දෙයක් නැතිව,
    බ්ලොග මතක් වී ලියුවේ..//

    උඹ සිරාවටමද ඕක කිවුවේ.. මට ශුවර් නෑ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...