Sunday, August 31, 2014

නොහඬනු මැන සුරතාන්තය ලඟ... - Do not Cry at the Last Drop !!!!






හැඟුම් මතු කර
ගතම උණුසුම්
කළා මොහොතින්
ඔබේ සුරතින්



උදෑසන නිදි
දැහැන් බිඳිමින්
රැගෙන සුරතින්
පිරිමදී නුඹ
සයන මත පෙම්



හදිසියෙන් මෙන්
තබා පසෙකින්
අමතකව මා
ගියා සැනෙකින්



නොනැවතී පෙම්
හදින් උණුසුම්
බලා හිදිනෙම්
එනතුරා දැන්



පුපුර පුපුරා
නැගෙන පෙම් දැල්
ගිණි දවයි හද
පතුරු ගසමින්



එනතුරා නුඹ
බලා සිටිමින්
දැවෙයි සියොලඟ
මහා දුකකින්



නැගෙන ගිණි දැල්
නිවන්නට දැන්
අයෙක් ආවොත්
සමුගනිමි මං



උණුසුමින් මා
අවදි කරවා
දුරක ගිය නුඹ
යලිදු එනතුරු
බලා සිටිනට
වරම් නෑ දැන්


නොහඩනෙමි මතු
සුරතාන්තය ලඟ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*

නිමිත්ත-

උදේ පාන්දර 6ට විදුලි ඉස්තිරික්කය ප්ලග් එකට ගසා, ඇඳුම් මැදගෙන, නැවත ප්ලග් එක නොගලවා රැකියාවට ගිය බිරිඳට ඉස්තිරික්කය ලියූ කවි පෙලක්. සෑමා 8ට පමණ ඇදුම් අයන් කරන්නට විදුලි ඉස්තිරික්කය ලඟට ගිය නිසා සිදුවන්නට ගිය මහා විපතක් මඟ හැරුනේය. මේ එම අවස්ථාවේ විදුලි ඉස්තිරික්කය සෑමාට කියූ කවි පෙලක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:10am_31/08/2014

52 comments:

  1. බොහොම අලුත්, නිර්මානාත්මක, නව චින්තනයක්. අන්තිමට ඉස්තිරික්කේ ගැන නොකියා හිටියනම් හොඳයි, කියවන අය අන්ද මන්ද වෙලා, පසුව තේරුම් ගන්නා තුරු.

    සුරාන්තය නොව සුරතාන්තය විය යුතුයි .

    ReplyDelete
    Replies
    1. කැත හිත්වලට ලියන කවි මම මුලින්ම පළකලේ කුමක් ගැන කියවෙන්නේදැයි පහළින් සදහන් නොකර. එහෙම කරලා හැදිච්ච කතා ගොඩයි. කුනු හබ්බ වලින් බ්ලොග මාකට් කරනවා කියු නිසාම දැන් ව්‍යංගයෙන් කියවෙන දේ පිලිබදව යටින් සදහනක් කරනවා. :)

      වරද හැදුවා. ස්තුති විචා..

      Delete
  2. අයන් එක ෆ්ල්ග් කරලා විනාඩි පහක් නොසොල්ලා හිටියොත් පළාතෙම විදුලිය විසන්දි වෙන ගැජට් එකක් තියනවා.. ඕනද ? වැඩිය නැ රු. 100000.00 යි.

    ReplyDelete
    Replies
    1. ඕකෙ ටයිමර් එක විනාඩි පහට වඩා අඩු කරන්න බැරිද?

      Delete
    2. ආ පුළුවන්...තප්පර පහටත් පුළුවන්.. ඕන්නම් සදහටම ලයිට් නැති වෙන්ඩත් හදන්න පුළුවන්... හෙහ් හෙහ් .. :D

      Delete
    3. මෙකක්ද බං ඒ ගැජට් එක..??

      ඒ වුනාට ඉස්තිරික්කෙ ඔටෝ ඔන් ඕෆ් වෙනව නේ බං.. මොකටද ගැජට් ?

      Delete
    4. අල්ලපු ගෙදර එකාගේ විතරක් ලයිට් නැතිවෙන්න හදන්න බැරිද?

      Delete
  3. කැත හිත් වලට නේද මේවා ඉස්සර ලිව්වේ. පිස්සු හැදෙනවා මචං. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීකයා..

      ස්තුතියි...

      Delete
  4. පට්ට...

    සුරතාන්තය විය යුතුයි...

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා මාතේ..

      අපි දන්න වචන නෙවේ නෙ බං ;)

      ස්තුතියි.

      Delete
  5. කැත හිත් වල කවි කියවල තියන හින්දම වැඩිය මුකුත් කැත දේවල් හිතෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අන්න බුද්ධිමත් දරුවෝ...

      Delete
  6. දැන් බොලා මේ කවි ටික ගෙදර උන්දැටත් කිවුවද. එහෙම කිවුවනං ඊට පස්සෙ ගෙදර උංදැ කියපු කවි ටිකත් මෙතන දානවද. :D

    ReplyDelete
    Replies
    1. ඉස්තිරික්කෙත් ඕෆ් නොකර ගෙදර උන්දැට කෝල කරල මම ඇහුවා..

      බබා ඔයා ඇවිත් ඉස්තිරික්කෙ ඕෆ් කරනවද?
      මම ඕෆ් කරල යන්නද?

      සරලයි නේ??

      Delete
    2. එල ද බ්‍රා.එහම අහලා හවස උඔ ඔලුව පැලුන එකට බෙිත් දාන්න ගියාද?

      Delete
    3. සන්ජීවයියා.. ඔය පැත්තෙ තත්වේ ඒමද ?
      ;)

      Delete
  7. තව දින්ගෙන් ඉස්තිරික්කෙට බබා හම්බ වෙනවා නේද? :D, පට්ට ලිවිල්ල.

    ReplyDelete
    Replies
    1. ඉස්තිරික්කෙට විතරක් බබා හම්බෙලා බේරුනොත් ඇති ගිනි ගන්නෙ එහෙම නැතුව

      Delete
    2. @සොමියා - අඩේ එතකොට ඉස්තිරික්ක දෙකයි..

      @ මල් - සහතික ඇත්ත :ඩී

      Delete
  8. මටත් තියෙන්නෙ ප්‍රසාගෙ ප්‍රශ්නෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසාට දීපු උත්තරේ බලපං පුතා..

      Delete
  9. මළ ජූළියයි!!

    ඉස්තිරික්කෙ කවි කියලා නැවතුනා ඇති, :)

    ReplyDelete
    Replies
    1. ඔය ඕකගේ බොරු බන්.....

      Delete
    2. අඩෝ මේක උබලා කල්ලි ගැහිලා ගහන මඩක්..

      Delete
  10. පිස්සු හැදෙන සඳ කිව්වලු...

    පට්ට කවි පද ටික...

    ReplyDelete
  11. බැංදට පස්සෙ ඇති අතුරු ප්‍රතිඵල........

    ReplyDelete
    Replies
    1. ඉස්තිරික්කේ අමතක වීමද? :)

      Delete
  12. අන්න බලහං ඉතින් ඒ වගේ භයානක අවස්ථාවකත් මේකගේ කැත හිත පහල වුන හැටි..

    ReplyDelete
  13. ඉස්තිරික්කය = සෑමා

    ReplyDelete
    Replies
    1. අඩේ... එහෙම ගන්නත් පුළුවන් නේ බන්ස්.....!

      Delete
    2. එකනේ අර උඩ කියලා තියෙන්නේ ඊට පස්සේ ආයෙත් කෝල් කරලා ඇහැව්වා කියලා ඔයා ඇවිත් ඔෆ් කරලා යනවද මමම ඔෆ් කරගන්නද කියලා .......... :D

      Delete
    3. යකූ මම කෝමත් ඉස්තිරික්කෙ වගේ හොට් තමා..

      ඒත් මේක නම් ඉස්තිරික්කෙටම වෙච්ච ඇත්ත සීන් එකක් බොලව්..

      Delete
  14. උඔගේ හැකියාව එල ද බ්‍රා.
    පව් බං ඒ වුනාට බනින්න එපා.

    ReplyDelete
  15. උඹට කියන්න මම ඉස්තිරික්කේ ඕෆ් කරල ආවත් මට සැකයි මතක නෑ ප්ලග් එක ගලවල ආවද කියල.ඉතිං පණ බයේ ඉන්නෙ.අන්න එකට බේතක් නැද්ද.

    ReplyDelete
    Replies
    1. අයන් එක විසි කරන්න අත් දුටුවයි ප්‍රථ්‍යක්ෂයි.. ඊට පස්සේ මැරිච්ච හුනෙකුටවත් බය වෙන්න දෙයක් නැහැ.

      Delete
    2. @හැලපේ - මට ඔය සීන් එක තියෙනවා දොර වැහුවද කියල අමතක වෙන..

      @සංජීව - සහතික ඇත්ත...

      Delete
  16. ඕකා ඔය බොරු කියන්නේ , වෙලා තියෙන්නේ අනික් පැත්ත , සෑමා සුරතාන්තයට පත් වුනාට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ, "යකෝ මේක පටන් ගන්න කලින් අයන් එක ගැහුවා නේද?" කියලා , දඩ බඩ ගාලා ඔක්කොම දමලා අපහු දුවලා ඇවිත් බලනකොට අයන් එකට වැඩේ වෙලා ... :P

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් ඕක තමා වෙලා තියෙන්නේ.

      Delete
    2. අනිවා එකගයි. බැදපු අලුත ඔහම තමයි.

      Delete
    3. මුගෙන් තමා බේරෙන්න බැරි. හිතලා මෙහෙම වුණා කියල කතා හදනවා..

      >.<

      යන්න ඔන්න මෙන්න තියෙද්දි ගෙවල් ගිණි ගත්තත් දන්නෙ නැහැ බං...

      Delete
  17. ඇත්ත කියහන්... අයන් එක ගහලා වෙන වෙන වැඩ කරන්න ගියා නේද??????

    ReplyDelete
  18. බලන්න ආපු දේ නොවේ නි තියෙන්නේ අනේ මමත් සුරතාන්තය දැකලා දුවගෙන ආවේ

    ReplyDelete
  19. මරු කවි සෙට් එක​. මටත් ලගදි උනා ඕකෙම ටැප් එකේ වර්ශන් එක​.

    ReplyDelete
  20. අයන් එකේ සුරතාන්තෙ කියන්නෙ නොකද්ද බං?

    ReplyDelete
  21. කවියේ අගමුල පැටලිලා එිකක් ඔලුව හොල්මං වුණා.....

    ReplyDelete
  22. මේක කියවද්දී අර පොපියුලර් පෝස්ට් සෙට් එකේ උඩ දෙක ආයෙම කියවන්ඩ හිතුණා :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...