Friday, May 2, 2014

16+ වනසමුද? Shall we Destroy 16+ ???





මා රූපවාහිනී නරඹන්නේදැයි යමෙක් ඇසූවිට පිළිතුර “නෑ“ යන්නයි. මන්ද මා හට රූපවාහිනීයේ බලන්නට දෙයක් නොමැති නිසාය. ප්‍රවෘත්ති බැලීමට පමණක් මා රූපවාහනීයට ප්‍රමුඛ තැන දෙන්නේ එය හුදෙක් ටෙනිසන්, බන්දු රඟන ටෙලිනාට්‍යයකට, චිත්‍රපටයකට වඩා ආතල් නිසාය. එහෙත් රූපවාහිනීයේ ආතල්ම යුගයක් තිබුණු බව කිව යුතුය. ඒ කාලේ සවස් ජාමයේ බැලූ දොස්තර හොද හිත, ගලිවර්, පන්පසිඳුවන්, මායා බන්ධන, ටිං ටිං, වැනි කතාන්දර හැරුණු විට අපව ජීවත් කරවූ නැවත බලන්නට ඊලඟ දවස උදාවෙන තුරු ඇඟිලි ගණිමින් සිටි වැඩ සටහන් කිහිපයක් ඒ දවල් වල තිබුණේය. මෑත යුගයේ අපව ජීවත් කරවූයේ සිරස නාලිකාවෙන් හඬ කවමින් ඉදිරිපත් කළ සූරපප්පා, කව්ද බෝයි, ගාර්ෆීල්ඩ්, සහ තවත් මඟ හැරුණු කතා කිහිපයක්ය. ටයිටස් මාමා වියෝවූ පසුව රූපවාහිනීයේ ලමා කතා යුගයේ නැවතීමක් සනිටුහන් වෙද්දී සිරස නැවත එයට ජීවය දුන්නේය.

ඒ ලමා කාටූන් කතන්දර හැරුණු විට අපට රූපවාහිනීයේ බලන්නට දෙයක් නැති තරම්ය. මෙගා නාටක රැල්ල ආ දා සිටන් එයට ගොදුරු වූ බහුතරයක් දැනට සුවය ලබමින් සිටින අවධියක තැනින් තැන පෙනෙන නාටක කිහිපයකට ප්‍රේක්ෂකයන් ගොදුරුව ඇත්තේය. ඒ අතර දිවෙන වාර්ථා වැඩසටහන් කිහිපයක් වන වෙනස, අටපට්ටම වැනි ඒවා රූපවාහිනී ප්‍රෙක්ෂකයාට තම රූපවාහිනීය නිවසේ පොලවේ නොගසා තබා ගැනීමට හේතුවක් සදා දී ඇත්තේය. ඒවාත් නැති නම් රූපවාහිනී පොලොවේ ගසා හමාරය. එලෙස බලන්නට දෙයක් නැතිම තැන අප කරන්නේ රූපවාහිනීය වසා දැමීම මිස වෙළඳ දැන්වීම් බැලීමෙ නොවේය. එහෙත් බත් පිඟාන අතට ගත් තැන සිට රූපවාහිනීයේ කුමක් ගියත් ඒ දෙස බලමින් බත් පත අහවර කරන ඇත්තෝද වන්නේය. එහි එතරම් ගැටළුවක් නැත්තේ බත් පත කෙසේ හෝ අවසන් කරන එකම ක්‍රමය ලෙස රූපවාහිනීය යොදා ගන්නා නිසාය.

“ඔබ අකැමැතිම රූපවාහිනී වැඩසටහන කුමක්ද ?“

කියා සෑමාගෙන් කිසිවෙකු තවමත් අසා නැතිය. නමුත් එය 16+ නොවන බව කිව යුතුය. මන්ද මා එයට අකැමැති වන්නට එය බලා නැතිය. පිරියක් නැති නිසා බලන්නේද නැතිය. එහෙත් 16+ සිරසින් ඉවත් කළ යුතු බවට මහා රැල්ලක් ගොඩ නැගෙමින් තිබෙන නිසාම වැඩසටහන කෙසේදැයි සොයා බලන්නට සෑමාට සිදුවූයේය. එසේ නම් 16+ වැඩසටහනට විරුද්ධ පිරිස සිදුකර ඇත්තේ එම වැඩසටහන ප්‍ර මෝට් කිරිල්ලක්ය. එය බලන තත්වයට ජනතාව පත්කිරිල්ලක්ය. කෙසේ හෝ සෑමා වැඩසටහන බැලුවේය. එහි සිටින පොඩි කොලුවා උගේ ආතල් එක ගන්නේය. කට හැඩ කරමින් වචන කමින් ජනතාව සතුටු කරන්නට වෙර දරන්නේය. ඒ අතර අතුලගේ (??) කෙල්ල හැඩ කරමින් කඩු හපමින් ජනතාව තුටු කරන්නීය. දෙදෙනාම අසාර්ථක නිසා ඔවුන් ද්වේශයෙන් තොරව අතහැරීම හැර කුමක් කරන්නද? උන් ගන්නේ උන්ගේ ආතල් එකය. තමන් වැඩසටහන හොඳටම කරනවා යැයි මහ උජාරුවෙන් සිටිනා උන්ගේ සිත දවාලිය නොහැක. අනෙක උන්ටම වෙන්වූ පහත් රසිකත්වයක් ඇති උන් ඒ වටා රොක් වී ඇත්තේය. උන්ට උන්ගේ ආතල් ගන්නට දී අපි නම් කුමට රඟමුද?

ඇත්තටම 16+ වැඩසටහනට එදිරිව ක්‍රියා මාර්ග ගන්නට පොර බඳිනා වෙලාවේ අපට කරන්නට වෙන වැඩ ඇත්තේම නැද්ද? මා මෙලෙස පෙරලියක් කරන්නට කැමැත්තේ මෙවන් ආතල් දෙන වැඩසටහන් වලට නොව නයි.ටී.ඇන් නාලිකාවේ යන “විමසුම“ වැනි වැඩසටහන් වලටය. කරේ තියාගෙන බොරු කෙලිනා, හැමදාම එකම තැටිය සහ එකම ජවනිකා ටික කරකවමින් ණයට කහිනා උන්ට එදිරිව පෙරලි කරනවා මිසක ලමා ආතල් වලට තෙල බෙදන්නට මෙතරම් පිරිස් කැප වෙන්නේ මන්දැයි මට වැටහීමක් නැතිය. දේශපාලනය නිසා ඒවාට ද්වේශ කරමින් “විමසුමට“ කෙලින්නට අදහසක් ආවා නොව, 16+ එකට වඩා විමසුම සිඟිතිම ආතල් එකක් බැවින් එවැනි අදහසක් පහල වූයේය.

16+ වැඩසටහනට විරුද්ධ වන්නට සාධාරණ හේතු මොනවාදැයි මා කිහිප දෙනෙකුගෙන් විමසුවෙමි. ඒ අනුව බහුතරයක් කියා සිටියේ උන් ඒ වැඩසටහන කරන කාල වේලාව ලමා කාටුන් වලට ලබා දිය යුතු බවය. එසේ තමන්ට අවශ්‍ය වේලාවට ලමා කාටුන් බැලීමට නම් නාලිකාව තමන්ගේ විය යුතුය. මන්ද ප්‍රේක්ෂකයාට කැමති ආකාරයට ටයිම් ලයින් වෙනස් කර දුන් රූපවාහනී නාලිකා ඉතිහාසයක් සෑමා නොදන්නා නිසාය. එම වේලාවට කාටුන් බලන්නම අවශ්‍යය නම් වෙනත් නාලිකාවක් දමාගෙන කාටුන් බලන්නට උත්සාහ නොදරන්නේ ඇයි දැයි ඇසූ තැන එයට පිළිතුරු දුන් පිරිස් කීවේ “සූර පප්පා“ වැනි කාටුන් යන්නේ සිරසේම පමණක් නිසා අනිත් නාලිකා වැඩක් නැති බවක්ය. පවුලේ නාලිකාව, යැයි කියනා එකවත් පවුලේ අය කැමති වැඩසටහන, පවුලේ අය කැමති වේලාවට විකාශය කරන්නට තැත් කර තිබෙන්නේද? එවන් ඉල්ලීම් ඉටු කර දෙන්නේද? මා දන්නා ඉතිහාසය තුල නම් අපට කැමති වැඩසටහන නැවත විකාශය කර ගැනීම එතරම් පහසු නොවන්නේය. එයට හොඳම උදාහරණය බොහෝ කළකට ඉහතදී විකාශය වූ ආනන්ද වික්‍රමගේ මහතා ඩබල් ඇක්ටින් කළ “පටලැවිල්ල“ නාට්‍යය. එය නැවත බැලීමට කැමැත්ත ආ බොහෝ දෙනා නැවත විකාශයක් ඉල්ලා සිටියද නොලැබුණු බව සැබෑය.

16+ වැඩසටහනට එදිරිව පෙත්සමක් අත්සන් කරන්නට මට ලින්ක් එක ලැබුණු මොහොතේ සිට මා කල්පනා කළේ එයට විරුද්ධ වීමට සාධාරණ හේතුවක්ය. වැඩසහන බැලීමෙන් මට දැනුනේ උන් දෙන්නා අවුල් සහගත බව පමණක්ය. එසේම සාධාරණ හේතු මත ඒ වේලාව ලමයින්ට කාටුන් බැලීමට වෙන් වන්නේ නම් අගනා බවද හැඟුනේය. අපේ ගෙවල් පැත්තේ ඇන්ටී කෙනෙක් තම දරුවා හවස් ජාමයේ ක්ලාස් යැව්වේ කාටුන් බැලීම වැලැක්වීමට බව ඇය ප්‍රසිද්ධියේම කියා සිටි අවස්ථාව මට මතකයට නැගෙන්නේය. ඇගේ බුද්ධි මට්ටම අනුව කාටුන් ලමා සිත් දූෂණය කරන්නක්ය. එය ඉතා ලොල් සහගත අදහසක්ය. එහෙත් වැඩසටහනකට එදිරිව පෙළ ගැසී තේරුමක්, වැඩක් තිබේදැයි සිතා බැලිය යුතුය. එසේ වැඩක් තිබේ නම්, සුගතියක් තිබේ නම් විරුද්ධ විය යුතු එකම වැඩසටහන මෙය නොවන්නේය. එසේ නම් මීටත් පෙර අප පෙළ ගැසිය යුත්තේ ගුවන් විදුලි නාලිකාවල සමහරක් නිවේදක නිවේදිකාවන්ට එදිරිවය.

16+ වැඩසටහනට එදිරිව මා තවමත් අත්සන් තබා නොමැත්තේ එය සිදුකිරීමට තරම් වැඳගත් හේතු සාධක මා නොදුටු නිසාවෙන්ය. එහෙත් එය විකාශය වීම නවතාලමින් කාටුන් විකාශය කර ගන්නට හැකි වේ නම්, එලෙසම විකාශයෙන් තොර කිරීමට අවශ්‍ය අනෙකුත් වැඩසටහන් වලට (මීටත් වඩා මෙලෝ රසක් නැති ඒවා ඇති නිසා) විරුද්ධව නැගී සිටින්නේ නම්. ඒවාට සාධාරණ හේතු සාධක ඇත්තේ නම් ඒවාට විරුද්ධ වීමට හැකියාව ඇත්තේය. සියල්ල සිදුවන්නේ කවුරුත් කියනවාට නොව, ප්‍රායෝගිකව සිතා බලා වැඩකට ඇත්තේ නම් පමණක්ය.

පලි - බොහෝ අය වැඩසටහන ඉදිරිපත් කරනා දෙදෙනාට චෝදනා කරනවා මිසක (ඇත්තෙන්ම මාත් අකැමැතිය.) වැඩසටහනේ වරදක් නොදකින්නෝය. (වැඩසටහනේ වරදක් මා දැක නැත්තේය. එය හුදෙක් චාර්ට් ෂෝ එකක් වැනිය.) කමෙන්ට් වලින් පහර දෙන්නේත් නිවේදකයාට සහ නිවේදිකාවටය. එසේ නම් උන් දෙන්නා මාරු කරන්නට නොකියා වැඩසටහනට කෙලින්නට යන්නේ කුමන පදනම මතද? යන්න සිතා ගත නොහැකිව මෙම ලිපිය ලියා දක්වන ලදී.

Written_by_sAm_ශ්‍රී_Perera_11:03pm_02/05/14

51 comments:

  1. ගොනා සහ තණකොළ වගේ බං මෙලෝ දෙයක් තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැලපයියා වයසට ගිහින්ද මන්දා.. සිරසේ 16+ වැඩසටහන බලන්නැතුව 40+ බලන කාලෙ නොවැ..

      ;)

      ජය වේවා !

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. 16+ වැඩසටහන බලල නැති නිසා මුකුත් අදහසක් නම් නැහැ. "විමසුම" නම් ගුජුප්සාජනකයි තමයි.
    අනේ මන්ද, අපේ රටේ ගොඩක් ප්‍රශ්න ඔඩු දුවන්න හේතුවක් විදියට මම දකින්නෙ, අපේ මාධ්‍ය, ස්වකීය වගකීම පැහැර හැරීම.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වලට වගකීමක් තියෙනව කියල හිතෙන්නෙම නැතුව ඇති !

      Delete
  3. වැඩසටහනක් රසික ප්‍රජාවට නොගැලපෙනවානම් එය ඉබේම ඉවත්වෙනවා..රසිකයන් එය අතහැරීම තුලින් එහි ආදායම් උත්පාදිත තත්වය හීන වුනාම නාලිකාව එය ඉවත්කර ගන්නවා..නමුත් තවමත් මෙම වැඩසටහනට එසේ වී නැත්තේ එයට ලොබ බඳින පිරිසක් සිටින නිසාවෙන් වෙන්න ඕන..මම එක දවසක් මේ වැඩසටහන නැරඹුවා..ගන්නට හරවත් යමක් නැතිවා මෙන්ම තහනම් කිරීමට තරම් කුණුහබ්බයක්ද එහි නැත..සිරස හැමදාම මෙන් වෙනස් විදියේ දෙයක් කොහෙන් හෝ කොපි කර එයට ඇබ්බැහිවූ පිරිසක් බිහිකර ඇත. වෘත්තීයමය නිවේදකයන් වෙනුවට ආධුනික යෞවනත්වයට ඉඩදී නැත..පුරුදු ලෙසම අප බොහෝ දෙනෙක් කරන්නේ නැසිය යුත්ත වඩමින් එසේ නොවන්නක් නැසීමය.. මේ රටේ තහනම් කලයුතු කෙබර සහ අමු අමු ද්වේශය වපුරන වැඩසටහන් අනන්තවත් ඇත..ඒවා තහනම් කරන්නට කවුරුවත් මැදිහත් වන්නේ නැත..ගුවන් විදුලි නාලිකාවක කුණුහරුප වැඩසටහනක් තහනම් කලේද එය මාස ගණනක් හොඳ හොඳ දේ කල පසුය..අවශ්‍ය දේ නොකර අනවශ්‍ය දේ කිරීම ලංකාවේ කලාවය

    ReplyDelete
    Replies
    1. ප්‍රෙක්ෂකයන් අප්‍රසාදය පල කර සිටින වැඩසටහන් ඉබේම වාගේ නාලිකා වලින් ඉවත් වෙනවා. පාරට බැහැලා විරුද්ධතා පවත්වලා වැඩසටහන් ඉවත් කරන ක්‍රමයක් හදුන්වා දෙන්න යන්නේ. :)

      Delete
  4. හෙහ් හෙහ් .උඹත් 16+ බැලුවා එහෙනං .. අනේ සංසාරේ .. චැහ් මට උඹේ වයිෆරේට මාට්ටු කරන්න බැරි උනානේ උඹ 16+ බලනවා .. ගෑණි අහයි සූප්පුවකුත් ගෙනත් දෙන්නද කියලා.. අපරාදෙ බං , කෝමද කිටියා බනිද්දි මොනාද සෑම් මේ කරන ළදරු වැඩ කියලා.

    මේකයි මචං , මටත් තේරෙන විදියට ඕකෙ තහනම් කරන්නදෙයක් නෑ..ඒ ටික උඹ අපූරුවට ලියලා තියනවා..ඔය ටාගට් කරන පිරිස 13 ඉඳන් 18 ට අඩු වගේ ඔය සමනල වයසෙ ඉන්න උන් ටික නේ.. ඒ වයස ඉතිං කොහොමත් ඔය වගේ පොඩ්ඩක් ඉතිං ඈ … … … … කාලෙනෙ ..මහා ලොකු වැරැද්දක් නෑ නමුත් උන් දෙන්නගෙ සමහර ඇක්ශන් පොඩ්ඩක් කොමිටෙල් වගේ,. අපි නාකියී නේ බං . ඒක වෙන්නැති.. පොඩි උන්ගෙ මොලේ කොලොප්ප වෙන් නැත්තං වෙන ඇති වැරැද්දක් නෑ :D

    හැබැයි හිරිකිත විදියට දේශ්පාලනය විසින් මාධ්‍ය අඹුකමට ගත්ත වැඩසටහන් වලට වඩා ඒ පොඩි උංගෙ පිස්සු මගුල එල බං. !!!! ඕ යේස්.


    ReplyDelete
    Replies
    1. 16+ කියන්නෙ බං හැම එකාටම බලන්න බැරියෑ. මොකැ අපි 16ට වැඩි මිසක් අඩු ඈ??

      සමනල ආතල් නාකි අපි වලක්වන්න ඕනෙයි ? නේද බං??

      Delete
    2. ශැක් මොකෝ බං කියන්නෙ අපි ගහමුද ගෙහෙමක් 16+ නවත්තලා හොද 18+ එකක් පටන් ගනිල්ලා කියලා. හැක්. :D

      Delete
    3. සෑමො ..අන්න ඒකනෙ බං .උංගෙ සිඟිති ආතල් එක ගත්තාවෙ බං පොඩි උන්.. :D

      ප්‍රියා.. මේ අපේ සෑම ළඟ නං තියනව ටොප් වීඩියෝ එකක්,රිලීස් කරයිද නං දන්නෙ නෑ..ඒකෙන්ම පටං ගමුද.වෙඩින් එකට පහුවදා ඉඳං අපි ඉල්ලනවා මූ දෙන්නෙ නෑනෙ :D

      Delete
  5. සිරාවටම මටත් පේන්නෙ ඔය විරෝධතාවය ඔච්චර දුර ගෙනාවෙ සිරසමයි. නිකමට හිතලා බලහන් දැන් ඔය මඟුල නිසාම ඔය වැඩ සටහන බලපු උන් කොච්චරක්ද?

    තමන් අකමැතිනම් නොබලා ඒ ගැන කතා නොකර හිටියා නම් වැඩේ ගොඩ.

    ReplyDelete
  6. මට ඉතින් නැහැ කියලා උබලා දන්නවනේ.අහමිබෙන් දවසක කොහෙදි හරි බැලුවා. ඉදිරිපත් කිරිම අන්තිමයි. අපි දැන් මෙි එකතු වෙලා කරන්නේ උන් දෙන්නටයි වැඞසටහනටයි පුසිද්දියක් දෙන එක නෙමෙියිද?

    ReplyDelete
  7. උඞ කමන්ට් එකෙ මට T V නැ කියලා එකතු වෙන්න ඔනේ

    ReplyDelete
  8. මෙය ඔබ කියනවා සේම එක්තරා ප්‍රොපගැන්ඩා එකක් වුණා. මා එය එදාම කිව්වා ඒ ඉවෙන්ට් එකේ

    ReplyDelete
  9. අපේ උන්ගේ විකාර.. 16+ හොදයි මොකද නරක.. උන් දෙන්නා උන්ගෙ හැටියට වැඩේ කරනවා. ඒ වගේම ඒක පොපියුලර් ප්‍රොග්‍රැම් එකක්. ඇයි අප්පා මිනිස්සු මේ තරං අවුල්.. ඔයිට වැඩිය අජූත වැඩසටහන් ටී වී එකේ යනවා. මම දෙතුන් තැනකම කිව්ව වගේ මිනිස්සු මේ දගලන්නේ තමන්ගේ කුහකත්වයයි ඉරිසියාවයි නිසා. උන් දෙන්නා පොෂ්, එඩියුකේටඩ්.. ඒකයි අපේ හාදයොන්ට තියෙන අවුල. මම නං ඔය පෙටිෂන් අස්සන් කරන්නෑ..

    ReplyDelete
    Replies
    1. එළ... මටත් කියන්නට ඇත්තේ එච්චරයි. තමන්ට නොහැකි දේ නොලද දේ සඳහා දක්වන බලවත් කෑදරකම හා පැහැදිලි ඉරිසියාව. මුන් හදන්නේ තාරුණ්‍යටත් නීතී රීතී ගේන්න. බලන්න අකමැති නම් ඔය තියෙන්නේ හැට හුටාමාරක් චැනල්. අර බුඩිස් චැනල් එක හරි රංගිරි දඹුලු චැනල් එක දාගත්තම ඉවරනේ.

      Delete
    2. // අර බුඩිස් චැනල් එක හරි රංගිරි දඹුලු චැනල් එක දාගත්තම ඉවරනේ.//
      හරියට හරි ලොක්කා..

      Delete
    3. මටත් හිතෙන එක මෙතනම කියන්න්නම්කො.ඇයි යකො හොද නැත්තම් රිමොට් එකෙ වෙන චැනල් එකක් තියෙන බොත්තමක් ඔබපල්ලකො.අපි කැමති දෙ විතරක් පෙන්නන්න කියල බලකරන්නෙ කොහොමද.

      Delete
    4. දේශා මාතේ මනෝජ් දමියා .. උඹල හතර දෙනා එක්ක බොක්කෙන්ම එකඟයි.. ඊරිසියාව ඇර මාතෙ කියනව වගේ ඇති ලබ්බක් නෑ.. කාටුන් බලන්න ඕනනං ටොරන්ට් එකක් බාගෙන ඇතිපදං බලන එකනේ බං ..

      Delete
    5. හිකිස්.. සිරාවටම කුහක කම. ඉරිසියාව.

      හැමදාම සිරස නාලිකාවට ඉරිසියාකාරයෝ හිටියා. උන් කරද්දි දරාගෙන ඉන්න බැරි. ඒත් ඒකම කොපි කරන උන් ඉන්නවා.

      කාටූන් බලන්න කාටුන් නෙට්වර්ක් දා ගන්න කියපල්ලා.

      Delete
  10. 16+ එ් මොකක්ද??
    කියල තියන කාර්ටූන් ටිකනං බැලුවා බලනවා...
    විමසුමනං බලන්නෙවත් නෑ..
    කියපු විදිියට ප්‍රේෂකයා වැඩසටහන අතහරිනවනම් ඉබේම ගැලවෙයි.. ගිරිය පුප්පං කෑ ගහන්න ඔ්න නෑ..

    ජය වේවා!!!

    ReplyDelete
  11. තමුං කැමති නැත්තං නොබල හිටියනං ඉවරයිනෙ.

    ReplyDelete
  12. හරියට හරි සෑමා උඹ පටන් ගනින් විමසුමට,නයිටිඑන් නිව්ස් වගේ ඒවාට විරුද්ධව පෙත්සමක් මම නිවාඩු දලා එනවා සපෝර්ට් එකට.මේ වගේ ඒවාද බං අපි හෙලා දකින්න ඕනේ,තහනම් කරන්න ඕනේ.මේවාට විරුද්ධ වෙන්න උන් මාර තර්ක තමයි ගෙනත් තියෙන්නේ.උඩින් දේශා කියලා තියෙනවා වගේ මෙතැන තියෙන්නේ අනිවාර්ය කුහකකම මිස වෙන මොකක්ද..?

    16+කැමති උන් බලපුදෙන්,අකමැති වුන් නොබලා හිටියදෙන්.
    මෙහෙම ගිහින් මුන් කාටුන් ඉල්ලලා හෙට අනිද්දා දිහාට ගස් උඩ නගින්න,මාරන්තික උපවාස කරන්න එහෙමත් පටන් ගනීද දන්නේ නැහැ.:D

    ReplyDelete
  13. සෑමා.......... මේ ගොන් පාට් වලින් වෙන්නේ තව තවත් මිනිස්සු ඕකට ලංවෙන එක. උන්ගේ රේටින් බැහැලා ඒක නග්ගගන්න කරපු වැඩක්ද දන්නේ නැහැ. අර උඹ කියනවා වගේ නවත්තන්න කියනවානම් ඔයිට වඩා වැඩ තියනවා නවත්වන්න කියන්න. 16+ එකේ එක ප්‍රොග්‍රෑම් එකක ඔය කෙල්ලව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්කලා මීට මාස ගානකට කලින්. මේවා ඇතුලේ හිඩ්න් ඇජෙන්ඩාස් ඇති.

    අනේ බන් ඕවා අතහැරලා දාල ස්වර්නවාහිනියේ යනවා හොඳ නාට්ටියක් ගිරිකුළ කියලා ඒක බලපන්.

    ReplyDelete
  14. 16+ කියලා වැඩසටහනක් තියෙන බව දන්නෙත් අදයි. මම ටීවී බලන්නේ නැහැ නේ.

    ReplyDelete
  15. ඔය වගේම එකක් MTV එකේ ගියා මතකය..

    ReplyDelete
  16. 16+ කියන්නේ මොකක්ද? එපා ය නොබලා හිටියම ඉවරනේ , පෙත්සම් අත්සන් කර කර දඟලන්න ඕනෙය.. අනික උන්ට ඕනේ නම් ඔය කියන එක දවසම හරි දානවා

    ReplyDelete
  17. ඕකත් සෑමෝ හරියට අර ජාතිවාදය වගේ තමයි බං..ඕවට ඉතින් අර කොලබ එකෙක් කිව්ව වගේ ඔලු ටික හෝදල ගන්න තමයි වෙන්නෙ..

    ReplyDelete
  18. මාත් ඕක දවසක් බැලුවා ඕක විතරක් නෙමේ බන් අර අනර්කලී ලයිව් එකත් ඔය වගේම එකක් තමා කිවුවා.. වගේ විමසුමත් මහා ගොන් ආතල් එකක් තමා.. ඒත් දැන් අපේ වුන්ට තියන ලංකාවේ දැවෙනම ප්‍රශ්නය 16+ වී ඇති බව පෙනෙන්නේය..
    මේකත් හරියට රතු පස් වල වතුර විස වෙද්දී ආපු කිරිපිටි විසවෙයි වගේ කතාවක් තමා.. එතකොට රතු පස්වල වුනුත් වස නැති කිරි පිටි හෙවුවලු වතුර පැත්තකින් තියලා..

    ReplyDelete
  19. සිරා කතාව. සිරස පටන් ගත්තු දා ඉදන් 6ට සූර පප්පා ගියපු කාලයක් නම් දන් නෑ, මාස පහ හයක් ඈරෙන්න. අපේ උන්ගේ සිරසට තියෙන වහල්භාවය විතරයි මෙතන තියෙන්නේ....

    ReplyDelete
  20. අපිට ඉතින් මෙහෙ ඉන්දන් මේවා කියෙව්වම අර හැලපයියට වෙන දේම තමයි වෙන්නේ

    ReplyDelete
  21. මමත් මේ කතාවට එකඟයි. ඔය මගුල මහ අවමගුලක්ම තමයි. හැබැයි මම දන්න තරමින් ඔය මගුල බලන්නේත් ඔය වගේම ගොන් ආතල් ගන්න චූටි එව්වෝ ටිකක්ම විතරයි. හැබැයි මේ පෙත්සම් අත්සන් කොරගෙන ෆේස්බුක් එකේ දැඟලීම නම් විකාරයක් විතරයි. විශේෂයෙන් ජනතාවගේ සල්ලි වලින් පට්ටපල් බොරු කියාගෙන රට ජනතාව ගොනාට අන්දන්න හදන වැඩසටහන් මෙච්චර තියෙද්දී, මේ පොඩි එවුන්ගේ සිඟිති ආතල් එකක් නවත්තන්න සේනා සංවිධානය කරන එකේ මොන තේරුමක්ද...
    වක්කඩවල් තියෙද්දී කක්කුටු බෙන වහන්න යනවා කියන්නේ මෙන්න මෙව්වට

    ReplyDelete
  22. සැමා සමග සම්පූර්ණයෙන්ම එකඟයි. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තමුන් බලන්න කැමති නැත්නම් ඒ channel එක මාරු කරලා වෙන එකක් දාගත්ත නම් chapter close. ඔය channel වල ප්‍රේක්ෂකයෝ අඩු වෙනකොට ඕන ප්‍රෝග්‍රෑම් එකක් channel වලින් ගැලවෙනවා. ලංකාවේ සිංහල channel ම තියෙනවා 20 කට කිට්ටුවෙන්න.අර මාතලන් comment කරලා තියෙනවා වගේ ඔය රෙද්ද උස්සගෙන කෑගහන එවුන් පොඩ්ඩක් ඒක පාතට දාගෙන සාන්ත දාන්තව buddhist channel එක හරි රන්ගිරි channel එක හරි දාගෙන දෙසන බණක් අහගෙන ඉන්න එකනේ ඇත්තේ. තමන්ට ඕන කරන ප්‍රෝග්‍රෑම් දාගන්න ඔච්චරටම් ඕන නම් කොහොම හරි ට්‍රයි කරලා එවල director board එකට රිංග ගන්න එක තමයි කරන්න ඕන. online petition ගහන්න අත්‍යාවශ්‍යම දේවල් කොච්චරවත් මේ රටේ තියෙනවද. මේ දවස්වල අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන පිස්සු කෙලින නර්ස් ලට විරුද්ධව කව්ද online petition ගැහුවේ. රටේ වකු ගඩු රෝගයට කෙලින්ම වග කියන්න ඕන කෘෂි රසායන ද්‍රව්‍ය ආනයන කරන ආයතන වලට විරුද්ධව කව්ද online petition ගැහුවේ. ඔය මොකුත් ඕන නෑ ..අඩුම ගානේ "විමසුම" කියන TV කැලෑ පත්තරේට විරුද්ධව කව්ද online petition ගැහුවේ. කවුරුත් නෑ. ඕන කරන වැඩේ නොකර ඕන්නැති හැම මලදානෙම කරන එක රටේ ජාතික චින්තනේ වෙන්න ඇති. එකනේ මෙහෙම දේවල් වෙන්නේ.

    ReplyDelete
  23. පිස්සු විගඩමක් අනේ. මට පෙත්සම් සයින් කරන්න කියපු උන්ටනම් මම හොඳවැයින් කියල යැව්ව.

    ReplyDelete
  24. ඕක වයස අවුරුදු 3ට අඩු උන්ට කියල තිබ්බනම් ඔන්න පොඩි උන්ට පෙන්නලා බත් ටික හරි කවාගන්න තිබ්බ බං

    ReplyDelete
  25. මමනම් කැමති වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. වෙනස, ඩෙල් ස්ටුඩියෝ, සංහිද පාමුල වැනි වැඩසටහන් හා ගිරිකුළ,සත් පියවරැ,ගිනි අවි සහ ගිනි කෙළි, පුර කලණී වැනි ටෙලි නාට්‍යයත් මම රස විඳිනවා.

    ReplyDelete
    Replies
    1. ගිරිකුළ කතාවේ පොත කියවලා බලන්න. කතාවයි පොතයි එකිනෙකට සෑහෙන වෙන්ස් !

      Delete
  26. කවුරු කොහොම කෑ ගැහුවත් ඕක බලන ඕකට ආස කරන පිරිසකුත් ඉන්නවනේ.. මේ මම වගේ ඕවා ගැන දන්නේ නැති එවුන්ට වැඩසටහන ගැන දැනගන්නත් එක්ක මේ විරෝධය හොද ප්‍රචාරණයක්..

    ReplyDelete
  27. ටීවි නම් බැලෙන්නෙම නෑ ! බලන්නෙත් නෑ. ඒ වෙලාවට පොතක් කියවන එක තමා කරන්නේ.

    ReplyDelete
  28. සැමා උඹ ඇත්ත කියලා තියෙනවා රුපවාහිනියෙන් ඇත් වෙච්ච කෙනෙක් විදියට මමත් ඔය ගැන යමක් කියන්න දන්නේ නැ. නමුත් 16+ වැඩසටහන නවතා දැමිය යුතුයි කියන තැන මම ද නොමැත. ඔබ කියු පරිදි එසේ ජනතා විරෝධයකින් නැවැතිය යුතු වැඩසටහන් තිබේ. එනමුත් මෙසේ රැල්ලකින් මොවුන් බලාපොරොත්තු වන්නේ හුදු වින්දනයක් සහා අදාල නාලිකාවට සහා 16+ වැඩසටහනට ඒ ඉදිරිපත්කරන්නනට මහන්සියකින් තොර වු ප්‍රසිද්ධියක් ලබා දීමයි.

    වැඩසටහනේ ගත යුත්තක් නොමැත. එයට 100%ක් එකඟ වෙමි.

    තව දෙයක් යුකි ජනප්‍රිය සංගීත කණ්ඩායමක වාදකයෙකුගේ පුතෙකි කවී සමිතා/අතුල? ගේ දියණියයි. එවැනිම දෙරණ ඩ්‍රීම් ස්ටාර් මෙහෙයවන අකිල ධනුද්දර ජැක්සන් ඇන්තනීගේ පුතාය ,මෙවැනි තත්වයක් තුල අනාගත මාධ්‍ය තුල දෙමාපිය උරුමයෙන් තොර වූවන්ට තැනක් නොවන බව පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. දේශපාලනේට වෙච්ච දේ කලාවටත් වෙයි , එතකොටදේශපාලනේ වගේම ලංකාවේ කලාවත් මිනිස්සුන්ගෙන් reject වෙයි . එච්චරයි

      Delete
  29. අකමැති අය නොබල හිටියනම් ඉවරනෙ. මමත් කැමති නෑ. ඉතින් මම බලන්නෙ නෑ. එහෙම කියල මේක නවත්තන්න කියල කෑ ගැහුවට මට ලැබෙන දේකුත් නෑ

    ReplyDelete
  30. වැඩක් ඇති දෙයක් ගැන ලියපං බං...අපරාදෙ යුනිකෝඩ්...ඔන්න මම කෙලින්ම කිව්වා...

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...