Tuesday, May 20, 2014

මිතුරන් පෙඟවීම... - Soaking Others !!


කොල්ලන්ට බොන්නට පුරුදු කිරීම හොඳ නැති වැඩක්ය. දෙපයින් සිටගෙන සිටියදීම අපාගත වෙන වැඩක්ය. මන්ද ඇල්කොහොල් වලින් සරීරයට කරන හානිය වැඩිය. ඊටත් වඩා ඇල්කොහොල් වලින් විකෘති වූ මනසින් සිදු කරණා කටයුතු ඉතාම හානිකර නිසාය. බොහෝ විට සමාජයට හානියක්ම වන්නේය. ඒ නිසා බොන උන් තමන් පාඩුවේ බොන එක හැරෙන්නට නොබොන එකාට පොවන්නට තැත් කරන්නේ නම් ඉතා වැරදිය. බොන සමහරුන් ගේ අසාව තරමට බොන එකාට පදම වැඩි කොට වැට්ට වීම හෝ, නොබොන එකාව බීමට ඇඳ ගැනීමය. ඒ අතරින් නොබොන එකාට බොන්නට වද කිරීම මා දැක ඇති අප්‍රසන්නම සිද්ධියක්ය. එසේ වද කිරීම විටක සාධාරණ වන්නේ නොබොන එකෙක් බොන තැනකට ප්ලග් වී බයිට් ටික විනාස කරනා විටකදීය. එවන් තැනකදී ඔහුට/ඇයට බයිට් කන්නට එපා යැයි තර්ජන කරනවාට වඩා එහෙව් බයිට් මරුවන් බොන තැනට වද්දා ගැනීම නොකළ යුතුය.



දිනක් අප සැට් වී සිටි තැනක බයිට් මරුවන් දෙදෙනෙකු සිටි නිසා අපි කළේ ලඟම තිබු බණ ගෙදරින් බත් පිඟන් දෙකක් බෙදාගෙන විත් උන් දෙන්නාට පරිත්‍යාග කිරීමය. එවිට වැඩේ ශේප්ය. එදා අපි සැට් වූ තැන බණ ගෙදරක් තිබුණේ නැති බවත්, අප සැට් වී සිටියේ බණ ගෙදරම පිලිකන්නේ බවත් සිහි වූයේ පහුවදාය. එසේම දිනක් බයිට් එකට කොත්තු තුනක් ගන්නට ගොස් අපිට මහා වාසියක් වූයේය. බොන අතරතුර බයිට් අහවර වීම දරා ගත නොහැකි අපරාධයක්ය. මහ පොළොව නුහුලන්නේමය. ඒ අතර මැදදී කොත්තු තුනක් ගන්නට කඩේ ගොස් අපේ එකෙක් කඩෙන් එළියට දුවගෙන ආවේ “දුවලා යමල්ලා“ කියාගෙනය. ඌ කිව්වේ කොත්තු තුනකට සල්ලි දුන් තැන බෑග් එකේ කොත්තු හතරක් දමා ඇති බවක්ය. එය මහා වාසියක් ලෙස සිතීම සහ වහා දුවගෙන ගෙදර ඒම සාධාරණය. අපේ රටේ ආර්ථික පසුබිම හමුවේ එය හිඟන්නාගේ පාත්තරයට ලම්ප් රයිස් එකක් වැටුණා හා සමානය. එසේ දුවගෙන විත් බෝතල් අඩිය බලා පහුවදා උදේ මේසය මත තිබූ බිලේ සටහන් වූයේ කොත්තු හතරකට බිල් කර ඇති බවක්ය. කාපුවා බීපුවා සියල්ල ආතල් නැතුව ගියේ අනේ අපරාදේ දුවගෙ ගෙදර ආවේ කියා සිතමින්ය.

ලියන්නට ගියේ බොන්න පුරුදු කරන එක ගැනය. ඉහත ඒවා අතුරු කතාය. මෑත භාගයේ මා මිතුරෙකුගේ වෙඩින් මඟුල් ගෙදරකදී අපේ ටේබල් එකට සැට් වූයේ පැරණි මිතුරන් රැසක්ය. ඒ අතර කාන්තා පිරිමි භේදයක් නැතුව අසුන් ගෙන සිටියෝය. මා එහා පැත්තේ සිටියේ කාන්තාවක්ය. ඇය හොඳ මිතුරියක්ය. වෙඩින් මඟුල් ගෙදර දුන්නේ ෂොට් නිසා බෝතලයක් මේසය මැත තබා ආතල් බොඩිය බැලීම හෙවත් බෝතල් අඩිය වෙනතුරු හිස් කිරීමේ සතුට ලබන්නට නොහැකි වූයේය. නමුත් ට්‍රේ එක මතින් රැගෙන එන ෂොට් ගණන ටේබල් එක වටේ සිටින පිරිමි හිස් ගණනට වඩා එකක් වැඩි වූයේ ෂොට් එකට තිබූ එක් කාන්තා දායකත්වයක් නිසාය. පිරිමි ක්‍රීඩකයන් මෙන්ම කාන්තා ක්‍රීඩකයන්ද පිටියේ එක ලෙස දස්කම් දක්වන බවක් සෑමා දන්නේය. පිරිමි ක්‍රීඩකයන්ට වඩා කාන්තාවන්ට දරා ගැනීමේ මෙව්වා එක වැඩි නිසාම වැඩේ නැගලා යන බවක් පෙනෙන්නට තිබුණේය. අවසන ෂොට් අහවර වී ටේබල් එක මතට වැඩම කරවූයේ බීර බෝතලයක්ය. එය ගත කළ කලවම්ව සූර් වන බව ෂුවර්ය. එහෙත් කාන්තාවන්ට සම තැන් දිය යුතු නිසා සෑමා ග්ලාස් එකට පෙන නොඑන්නට වත් කළ බීර අඩිය කාන්තා ක්‍රීඩිකාවක් අසලින් තැබුවේය.

“එපා.. මම ගන්නෙ හාඩ් ලිකර් විතරයි..“

ඇත්තෙන්ම දක්ෂය. ලෙදර් බෝල ගසනා උන්ට සොෆ්ට් බෝල් ගසන්නට ඉඩ දීම මහා අපරාධයක්ය. කවදාවත් නොබොන උන්ට බොන්නට ග්ලාස් ලං කොට නැති සෑමා එදා ඉගෙන ගත්තේ අගනා පාඩමක්ය. හාඩ් ලිකර් බොන හැම එකාම බියර් නොබොනා බව ඉගෙන ගත යුතුය. එවන් අයට බලහත්කාරයෙන් පෙවීම නොකළ යුතුය. සැර බීම බොන හැම එකාම බියර් බොනවා යැයි සිතන පහත් මානසිකත්වය බැහැර කළ යුතුය. එසේම බීර වත් නොබොනා උන් පහත් නොකොට උන්ව පැසසිය යුත්තේ බොන යහළුවෝ රැසක් මැඳ නොබොනා එකම එකා බවට පෙන්වා දෙමින්ය.

දිනක් අපේ මිත්‍රයෙක්ට පිරිසක් බලෙන් පොවා ඇත්තේය. එය සම්පූර්ණව බලෙන් පෙවීමක් නොව මිතුරාගේ කැමැත්තෙන් සහ අකැමැත්තෙන් රස බැලීමට දුන් පළමු ෂොට් එකක්ය. එක දෙක වූයේ රස උතුරා යන තරම් තිබූ නිසාය. බොන්නට දී ඇත්තේ බියර්ය. මිතුරා සාදය අවසන ගෙදර යා යුතුය. වැඩි කතා බහක් නැති අයෙකු බොන්නට ගත්තාම කතන්දර වැඩි විය යුතුය. කියවීම අප්‍රමාණ විය යුතුය. අප දැක ඇති බේබදු සාහිත්‍යය එයය. එහෙත් වැඩි කතා නැති අපේ මිතුරා බීමතින් සිටියදීද නෝ කතාය. බලා ගත්තු අත බලාගෙන සිටින්නේය. එය මහත් ගැටළුවක් වූයේ අපේ අනෙක් සැට් එකටය. යකෝ මූට මක් වෙලාද? කියමින් බිරන් තට්ටු වී සිටිය සැට් එකම දැන් කරන්නේ කුමක්දැයි සිතනවා වෙනුවට මිත්‍රයා කතා කරන මට්ටමට එන තුරු මධ්‍යසාර සරීර ගත කළෝය. වැඩේ ගොඩ යන පාටක් නැත්තේය. මිතුරා බොන ෂොට් එකක් පාසාම තම වචන අමතක වී නිරුත්තර වූයේය. කතා කරනා දේ නෑසෙනාක් මෙන් ඇසි පිය නොහෙලා බලා ගත් අතම බලා සිටියේය. දැන් කරන්නේ කුමක්දැයි සූර් වූ අනෙක් මිතුරන් අසද්දී මිතුරා සිනාවක් වත් මුව අගින් නොතබා ඔහේ සිටියේය. නම කියා කතා කරන විට පවා පැත්ත වත් නොබැලුවේය. 

සියල්ල අවසන මංගල බීම බිවු අපේ මිත්‍රයා රැගෙන යාමට ගෙදරින් අවේ තාත්තා සහ අයියාය. දෙදෙනාම කිසිදා නොබොන තම සහෝදරයා, පුතා රැගෙන යාමට පැමිණ මිතුරන් සමඟද කතා කොට කාර් එකට නැඟුනෝය. එහෙත් කොල්ලා තවමත් එළියේය. කාර් එකට නගින්නේ නැතිය. පසුව මිතුරන් බලහත්කාරයෙන් මෙන් කාර් එකට නැග්ගූවේ ගෙදර උදවියට නොදැනෙන පරිදිය. තාත්තා සහ අයියා කාර් එකේ ඉදිරි අසුන් ගෙන ඉදිරිය බලා සිටි නිසා වැඩේ ලේසි වූයේය. මිතුරා කාර් එකට නැඟුනේය. ඒ සමඟම යතුර කැරකැවී කාර් එක ස්ටාර්ට් වෙද්දී එහා පැත්තේ දොර නැවත ඇරුණේය. ඒ අප  මිත්‍රයා නැග්ග පැත්තේ නොව එහා පැත්තේ දොරය. කෙල්ලා ඒ සැනින් එලියට බැස “බ්‍රාාාාස්“ හඬ නංවමින් සරීර ගත වූ සියළු මධ්‍යසාර තාර පාර මත පතිත කළේය.

“මොකද මේ??“

“කෑම අප්සට් වගේ කිය කිය  හිටියා අංකල්.. මූට අප්පිරයාව වෙන්න ඇති..“

කියූ මිතුරන් තාවකාලිකව කොල්ලාව ගොඩ දැම්මේය. පසුවට සිදු වූ සියල්ල දන්නේ මිත්‍රයා පමණක්ය. එසේම අද තාමත් මිත්‍රයා නොබොන කොල්ලෙක්ය. ඒ ගැන අපට ආඩම්බරය.

Written_bY_sAm_ශ්‍රී_Perera_7:17am_20/05/14

වැඳගත් - බ්ලොග් රෝල අක්‍රිය වී තිබු නිසා එය ඉවත් කර නැවත එල්ලීමට ගියෙමි. එතැන් පටන් බ්ලොග් රෝල layout එකට දමා ගැනීමට නොහැකිව කල් මරමි. තවමත් එසේමය. “සාර්ථකව ඇඩ් වුණ“ බව කීවද එය එසේ ඇඩ් නොවේ. උපකාර අවශ්‍යය. (tosamindika@gmail.com)
ඉහත කරදරය නිසා බ්ලොග් කියවීමට නොහැකි වන්නේය. :(

72 comments:

  1. බොන ඈයන්ට පෙවීම අවුලක් නැත... නොබොන වුන්ට පොවන්නට ගොස් ගොංපාට් දානවාට මාද කැමති නැත...
    කොහොම හෝ වේවා බොන තැනට සැට් වී බයිට් කාල බොන වුං ලගන් බයිටි වෙනවාට වඩා ගෙදරට වී රොටියක් කා නිදාගත්තා න හොදයැයි සිතෙන තරමට බයිට් එකක් දුන්නා නං ආයෙ ඌ පැත්ත පලාතේ එන්නෙ නැත...

    බ්ලොග් රෝල අක්‍රිය වී තිබු නිසා එය ඉවත් කර නැවත එල්ලීමට ගියෙමි. එතැන් පටන් බ්ලොග් රෝල layout එකට දමා ගැනීමට නොහැකිව කල් මරමි. තවමත් එසේමය. “සාර්ථකව ඇඩ් වුණ“ බව කීවද එය එසේ ඇඩ් නොවේ. උපකාර අවශ්‍යය//
    ඔ්කට උත්තරයක් හම්බ වුනොත් මටත් කියන්න.
    මටත් ඔය ප්‍රශ්නෙම තියනව... රෝලට බොග් දාගන්න බෑ... ඇඩ් වුණා කීවට ඒව තිබ්බ වගේමයි....
    බොග් 50කට වැඩිය තියෙනව රෝලෙං පිට


    ReplyDelete
    Replies
    1. බොන ඈයින්ටද පමණට වඩා පෙවීම නරකය.

      මගෙ රෝලෙ බ්ලොග් 490ක් තිබ්බ බොල. ෆලෝ කරපුවා.. දාගත්ත හැටියෙ කියන්නම්. බ්ලොග්ස්පොට් එකට ලිපියක් ලිව්වා.

      Delete
    2. අඩේ මේ දැන් ට්‍රයි කළා.. රෝල ආවෝ...

      Delete
    3. එහෙනං ඒ පාරෙන් කාමරේට වරෙං...මා ලග ගල් බෝතලයක් තියෙනවා..

      Delete
  2. කොත්තු හතරක් කිව්වම මං හිතුවේ හොදි පාර්සලෙත් එක්කයි කියල.. හැක්.. අර යකා නොබොන එකෙක් වෙච්චි එක කොයි තරං දෙයක්ද?? හැබෑට කෝමද බං මාට්ටු උනේ නැත්තේ ඒක..

    උඹ කියන මලදානේ හරියට තේරෙන්න කියහං.. රෝල ගැන

    ReplyDelete
    Replies
    1. නැහැ බං හොදි එකත් එක්ක පහක් තිබ්බා.
      මාට්ටු වුනාද දන්නෙ නැහැ දේශක. ගෙදර වෙච්ච සීන් ඌ විතරයිනේ දන්නෙ.

      බ්ලොග් රෝල වැඩ කලේ නැති නිසා අයින් කරල ආයෙ දැම්මා. ඒත් බ්ලොග් රෝල වැටෙන්නෙ නැහැ. ඒකයි අවුල.

      Delete
  3. වැඩිය බොන්න පුරුදු නැති එකා බීපුවාම කතාවට අල්ල ගන්නෙ නැතුව හිටියොත් ඌ බීපු එක ගැන කල්පනා කර කර ඉඳල අනාත වෙනව අන්තිමට.
    බියර් කෑණ් එකෙන් බාගයක් බීපුවම ඩෝප් වෙනවයි කියපු අපේ මලය කෙනෙක් කට කපල දෙවෙනි අරක්කු ෂොට් එක ගත්තට පස්සෙත් වැටෙන්නෙ නැතුව බෝතලේකුයි බියර් එකකුයි හිස්වෙනකල් තියාගෙන හිටිය අපේ මස්සිනයි මායි දෙන්න. හැබැයි මිනිහට අර දෙවෙනි ෂොට් එකෙන් පස්සෙ කිසිම දෙයක් මතක තිබ්බෙ නෑ පහුවෙනිද වෙනකොට.

    ReplyDelete
    Replies
    1. අපේ උන් කතා කළාට කොල්ලා කතා කලේම නැහැනෙ බං. ඒකනෙ අවුල.

      මල්ලියව කෙලින් තියාගත්තෙ අයියල දෙන්නද එතකොට?

      Delete
  4. කොල්ලෝ හොදයි කෙල්ලෝ බිව්වාහම තනි ඇන

    ReplyDelete
  5. අයියෝ මේ පෝස්ට් එක බොන්න පුරුදු කරන එකක්.. අපිනං ඔය දහජරාව කටේ තියන්නෑ.... සැමා ඉදං නොබොන එවුන්ට පුරුදු කරනවා..
    නෙබී බයිට් කන එකනං එච්චර හොද පුරුද්දක් නෙවෙයි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ... ඩෝප් පිටද මේ කත කරන්නෙ...??

      Delete
  6. බීම සම්බන්ධව මගෙත් ප්‍රතිපත්ති කිහිපයක් තියනව.
    1.කොච්චර තිබුනත් අරක්කු පරද්දන්න බෑ කියනවනෙ. අරක්කු ඉවර කරන්න බොන්නෙ නෑ.
    2.ප්‍රශ්න වලින් මිදෙන්න බොන්නෙ නෑ.
    3.බොන්නෙ නැති එවුන්ට පොවන්නෙ නෑ
    4.බොන්නෙ නැති එකාගෙ බයිට් කෑම සහ ෂැන්ඩි බීම අමාරුවෙන් උනත් ඉවසනව. මචං කෝක් ටිකක්වත් බීපං කියල කියනව. නැත්තං හරි නෑනේ.
    5.ලිමිට් එකකට බොන අතරෙ බොන අයට තව තව බොන්න කියල වද දෙන්නෙ නෑ. ඒක නං මම මාර අකමැති දෙයක්. සමහරු ඉන්නව බොන්න ගියාම ගන්න ගන්න කියන එකමයි වැඩේ.
    6.යාන්තම් ගත්තොත් හැරෙන්න බීල බයික් එකේ යන්නෙ නෑ.
    7.බොන තැනකට සිගරට් නැතුව යන්නෙ නෑ. බිව්වම සිගරට් ඕන එකා සිගරට් අරගෙන යන්න ඕන. නැත්තං අනිත් උදවියට වධයක්.

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක බොන අදහස මං වෙනස් කරගත්තා..

      Delete
    2. රාජ් එක්ක බොන්න කැමැත්තෙන් ඉන්නවා. බයවෙන්න එපා සිගරට් අරන් එනවා..

      Delete
    3. ඔව් නලින් සිගරට් අරන් යන එක හොඳයි ,නැතුව රාජ් ට පුළුවන්යැයි සිගරට් ලොරියක් ගේන්න?

      Delete
    4. රාජ් බෝතලයක් අරන් මං එනවා හැබැයි අංක 8ට මේකත් දාගත්තොත්..

      8. හොදට බොන එකාට දැං අැති දැං අැති කියන් නෑ..

      Delete
    5. කස්ටිය ප්‍රතිපත්ති ගරුකව සැට් වෙයි වගේ..

      Delete
    6. සෙට් වෙන එවුන් අපිටත් කතා කරපල්ලා

      Delete
  7. Heh heh
    Sam's post-Vesak alcohol post.

    ReplyDelete
    Replies
    1. මේ පාර වෙසක් කලාපය කළේ නැහැනේ ලොක්කා..

      වෙලාවට දැනුවත් කලේ.. බ්ලොග් එකේ උඩ තිබ්බ වෙසක් බැනර් එක වෙනස් කලා.

      Delete
  8. නොබොන උන්ට බොන්න දීම, බොන උන්ටත් ගන්න ගන්න කීම අකමැති මල පණිනම වැඩ තම.

    මගේ බීමෙ ප්‍රථිපත්තිය මේකයි.

    තනියෙම බොන්නෙ නෑ.
    දරුවො දෙන්න ඉස්සරහ බොන්නෙ නෑ.
    බීල ඩ්‍රයිව් කල යුතුනම් බොන්නෙ නෑ
    ෂිවාස් හෝ බියර් හැර වෙන බීම බොන්නෙ නෑ

    ඉතින් ඔය සේරම කැපෙන අවස්ථා ලේසියෙන් එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //ෂිවාස් හෝ බියර් හැර වෙන බීම බොන්නෙ නෑ//
      මේකට කියන්න වෙන්නෙ අර මර්වින් සිල්ව පාර්ලිමේන්තුවෙදි කියපු කතාව

      Delete
    2. ඒ කියන්නේ උපේ අවුරුද්දකට සැරයක් වත් තෙමා ගන්නේ නෑ..

      Delete
    3. එහෙනං ආවාම බීර උගුරක්වත් ගහමුකෝ... නැතුව අපට කොහෙද ෂිවාස්..

      Delete
    4. දේශ, නෑ බන්, ගිය පාර නිවාඩු ආවම තනමල්විල සනිල්ක කියල පොට් එහෙක සෙට් උනා උනාමයි තාම "මත්" වෙන්න බීල නෑ.

      රාජ් ඒ කතාවත් කියලම ගියානං?

      නලින්, අපිටත් නැති නිසානෙ එහෙම හිතාන ඉන්නෙ.

      Delete
    5. දේශපාලන කතා නම් රාජ් තමා ඉතිං ;)

      අඩේ ෂිවාස් විතරමයි බොන්නෙ කියල මතකයකට මාත් ආව නම් නොබී ඉන්න තිබ්බා. මොකද ලැබෙන්නෙම නැහැනෙ ;)

      Delete
    6. දේශපාලන කතාවක් නෙවේ මර්විය දවසක් කිව්ව උගේ කතාවට බාධා කල එකෙකුට "අනේ යකෝ තෝ වගේ බූරුවෙක් මෝඩ මී හරකෙක්" කියල. :-)

      Delete
  9. බොන එවුන් බීපු දෙන් නොබොන එවුන් නොබීපුදෙන්. හැබැයි ඉතින් බොන්නේ නැති එකාට බලෙන් පොවනව වගේ වැඩනම් අසාධාරනයි.

    ReplyDelete
  10. අපි නං බොන්නේ නෑ.බොන උන් එක්ක හිටියත් බයිට් කාලා සැන්ඩි බීලා වද දෙන්නේ නෑ.වැදගත්ම දේ තමයි බොන උං එක්ක ගඟේ මූදේ නාන්ඩ යන්නේ නෑ.

    ReplyDelete
  11. වෙසක් පින්තූර උඩින් දාල බාග බණක් ලියලා සෑම් මල්ලි,..

    ReplyDelete
  12. හා වරෙන්කො එහෙනම් වෙලාවක බොන්න , හැබැයි බීලා ගෙදර යන්න බෑ කියන්න ඔට්ටු නෑ සැමෝ

    ReplyDelete
    Replies
    1. සැමා කරදර කරන්නේ නෑ බිව්වා වැටුනා කොහෝ හරි නිදියගත්තා එච්චරනේ කරන්නේ

      Delete
    2. සිරාවට මෙන්න සාක්කි :))

      Delete
    3. ඇයි සපත්තු නැතිකරගන්න එක...! :)

      Delete
  13. මම නම් බොන්නෑ. ඒත් අනන්තවත් බොන උන් එක්ක සෙට් වෙලා පාටි දානවා (උන්ගෙ බයිට් එකටත් ටිකක් කෙළිනවා:) ) හැබැයි ඒකට බොන උනුත් කිසිම අකමැත්තක් නෑ. මොකෝ උන්ගෙ කරටිය කැඩුනම ගොඩක් වෙලාවට ගෙදර ඇදන් යන්න හරි ඉන්නවා කියලා දන්නවනෙ.

    ඒ වගේම කවදාවත් බොන එකෙක්ට බොන්න එපා කියලා කියන්නෙත් නෑ.

    //“එපා.. මම ගන්නෙ හාඩ් ලිකර් විතරයි..“// මේක තමා බං පට්ටම කතාව.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. සැමා හොඳ පාඩමකුත් ඉගෙන ගෙන තියෙන්නේ ...

      Delete
    2. විලි ලැජ්ජාවක් බං වුනේ.

      Delete
  14. සෑමා අදත් මාර කතාවක් නෙව ලියලා තියෙන්නේ............... ඒක මාරයි හරිය............. හැහ් ...................

    ReplyDelete
    Replies
    1. බයිටක්ද මන්දා.. ඒත් ස්තුති !

      Delete
  15. //ඊටත් වඩා ඇල්කොහොල් වලින් විකෘති වූ මනසින් සිදු කරණා කටයුතු ඉතාම හානිකර නිසාය. //

    මෙන්න මේ දේ හන්දා තමා නොබී ඉන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඉඳගෙන ........

      Delete
    2. මම හිතන්නේ මේක හිටගෙන වුනත් ඇත්ත...:D :D

      Delete
    3. ඔව්. බොහොම පැහැදිලිවම. ඇත්තට ඉඳගෙනද හිටගෙනද කියන එක බලපාන්නෙ නැහැ තමා.

      ( "වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනවා" කියන්නේ මේ වගේ දේවල් වලට වෙන්න ඇති. )

      Delete
    4. පො.කු - විකෘති මනසින් පැත්තකට වෙලා පාඩුවෙ හිටියට අවුලක් නැහැනේ?

      සදරු - ඉල්ලං කාලා :))

      Delete
  16. බොන උන්ව නවත්වන්න අපට බැරි නිසා උන්ට ඕන මඟුලක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්න එක තමා හොඳම වැඩේ. ඒ වගේම නොබොන ඈයොන්ට පොවන්න උත්සහ නොකර ඉන්න එක ඊටත් වඩා වටිනවා.

    මතට තිත ???
    තිතට මත ???

    ReplyDelete
  17. අර රාජ් කියපු ටිකට මාත් එකගයි.බිල ඇතිවුනාමත් බොන්න බල කරන වුන් මටත් පෙන්නන්න බැ

    ReplyDelete
    Replies
    1. මතකයි අඩියක් ගහලා නට නට සිංදු කිව්ව අපුරුව..

      බිව්වාම ඒම ඉන්නොනි කරදර නොකර :)

      Delete
  18. කිසිවක් නොකියමි

    ReplyDelete
  19. බීම ප්‍රමෝට් කොරනව වගේ පෙනුනත් //බීර වත් නොබොනා උන් පහත් නොකොට උන්ව පැසසිය යුත්තේ බොන යහළුවෝ රැසක් මැඳ නොබොනා එකම එකා බවට පෙන්වා දෙමින්ය.// කියපු එකනම් බොහොම වටිනව සෑමෝ!

    ReplyDelete
    Replies
    1. යකෝ ප්‍රෙමාට් කිරිල්ලක් නෙවෙ...

      ස්තුති :)

      Delete
  20. අරක්කු බිව්වට පස්සෙ බියර් බොන්න හොඳ නෑ බැක් පයර් වෙනව කියල ගොං සෑමා දන්නෙ නැතුවට අර කාන්තාව අගේට දන්නව.

    ReplyDelete
    Replies
    1. දන්න නිසා නොවැ දුන්නෙ ;)

      Delete
  21. ඔය හොඳට කතා කරන උන්ට පොඩ්ඩක් පෙවිච්චහම අතමක වෙන ලෙඩේ තියනවා !

    ReplyDelete
    Replies
    1. අරූට කතා කරන්න අමතක වෙලාද??

      Delete
  22. මං නම් අකමැතිම නොබොන එවුන්ට පොඩ්ඩක් හරි බීලා බලන්න කියද්දී තමයි.. අම්මපා සිරාවට එතකොට නම් මලම තමයි.. මොකද මාත් නොබොන එකා හන්දා..

    ReplyDelete
  23. අඩෝ බයිට් මරුවන්ට මොනවත් කියන්න එපා ඈ, එදා උබ කුනු වෙන්න බීල හිටපු වෙලාවෙ මම නැත්තන් බයිට් ටික අහක ඩෝ :-D

    ReplyDelete
    Replies
    1. හිනා යනව බං..

      එද මම බීපු සියල්ම අහක
      කැවෙ නැති නිසා ඒවත් අහක

      :))

      Delete
  24. මමත් ඔය බොන්නේ නැති උන්ට පොවන්න යන්නේ නැහැ වගේම,බොන තැන් වල ඉන්න බයිට් කන එවුන්ට විරුද්ධත්වයක් දක්වන්නේත් නැහැ.
    කොත්තුවේ වැඩේ තමයි බං වැඩේ.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. කවුරු ගැනද මෙ ලියලා තියන්නෙ බන් ???

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ එකෙක්ට බං. !

      Delete
  27. බොන එකත් හරි...සිගරට් ගහන් එකත් හරි..බයිට් එකට වග කියන එකත් හරි...කියවන එක තමා උහුලන්න බැරි,...!!!

    ReplyDelete
  28. අපෝ බේබද්දෝ.... අපි නන ඕවට නැහැ චියා...

    ReplyDelete
  29. /* “එපා.. මම ගන්නෙ හාඩ් ලිකර් විතරයි..“ */

    මටත් යාළුවෙක් කිව්වා කාන්තාවකට පාටියකදී වයින් ටිකක් දෙන්න ඇහැව්වාම වයින් එපා, ඒවට වෙරි වෙන්නේ නෑ කියලා කියපු කතාවක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...