Saturday, April 19, 2014

පල්ලි යාමේ වරද කළෙමි ?? - Is It Bad to Visit Church For Me ??


මා බෞද්ධ වූයේ මාගේ දෙමාපියන් බෞද්ධ වූ නිසාය. එසේම ඇය කතෝලික වූයේ ඇගේ දෙමාපියන් කතෝලික වූ නිසාය. මෙසේ බොහෝ අය ඒ ඒ ආගම් වලට අයත්ව ඇත්තේ බුද්ධියෙන් විමසා බලා නොව, ආගම ධර්මය අදහා බලා නොව, උපතින්ම තම දෙමාපින්ට අනුව තමන් ලද ආගම, ධර්මය තම උප්පැන්න සහතිකයේ ලියවා ගැනීමෙන්ය. එහෙත් පසුව ඔබ වෙනත් ආගමකට හැරෙන්නට පුලුවන. ඒ ඔබ යම් දහමක් නුවනින් අවබෝධකොට ගෙන හෝ යම් කිසි මවා පෑමකට ගොදුරු වීමෙන්ය. එහෙත් ඔබේ සිත ඇත්තෙන්ම වෙනත් ආගමක්, ධර්මයක්, දර්ශණයක් වෙත ඇදී ගොස් තිබෙන්නේ නම්, එසේත් නැත්නම් යම් විමසා බැලීමක් කරන්නට සිත් වන්නේ නම්, ඔබ අනිවාර්යයෙන් ඒ අදාල ආගමික ස්ථානයට යනවා නොඅනුමානය. ඒ අනුව බෞද්ධ අයෙක් සිත වෙනස් වී පල්ලියකට, කෝවිලකට, හෝ වෙනයම් ආගමික ස්ථානයකට යනවා නියතය. එසේම කතෝලික අයෙක් සිත වෙනස් වී පන්සලකට, කෝවිලකට, හෝ වෙනයම් ආගමික ස්ථානයකට යනවා නියතය. එසේ යන්නේ තම උප්පැන්න සහතිකයේ ලියැවී ඇත් ආගම, ධර්මය තමන්ට නිවැරදි සේ නොපෙනෙන නිසා හෝ තම ආගම ධර්මය තම නුවනින් විමසා බලා වෙනස් කර ගන්නටය. ඒ අනුව සැරි සරන්නටය.

එලෙස යම් දවසක ඔබේ සිත වෙනස්ව වෙනත් ආගමික සිද්ධස්ථානයකට ඇතුල් වෙද්දීම ඒ ආගමික ස්ථානයේ පූජකවරයා ඔබ දැන් සිටින ආගමට එසේත් නැතිනම් උප්පැන්නයේ ලියැවී ඇති ඔබේ දෙමාපියන් අදහන ආගමට පහර ගසමින් කතා කරන්නේ නම්, ඔබ එතැනින් එවිටම ආපසු හැරී සිත වෙනස් කර ගන්නේ නොවේද?

මට සිදුවූයේ මෙවැන්නක් නොව අනෙකක්ය. අද මහ සිකුරාදාය. ඇය අද පල්ලි යා යුතුය. සතියකට වරක් කෙලෙස හෝ එම යුතුකම ඉටු කිරීමේ නියැලෙන්නේ කවුරුන් හෝ ආගම ධර්මය අදහන්නේ නිවැරදිව ජීවත් වන්නට මිසක කාටවත් කරදරයක් කරන්නට නොවන නිසාය. අද සවස තුන නිදහස්ව තබා ගත්තේ එකී යුතුකම ඉටු කරන්නට මිසක උප්පැන්නයේ ලියැවී ඇති ධර්මය (“ඒහි පස්සකෝ“ ලෙස ඇවිත් නුවනින් විමසා බලන්න කියු ධර්මය) වෙනස් කිරීමට නොවේය. තම ආගමික කටයුතු කරගන්නට ඉඩ හැර මා පැත්තකට වන්නේ කාටවත් කරදරයක් නොවන්නටය. එසේම එකී ආගමේ ඇති කරුණු අසා සිටින්නටය. එහෙත් අද ගේට්ටුවෙන් ඇතුලු වෙද්දීම ඇසුනේ අනෙකක්ය.

“අපේ ආගම අනෙක් ආගම් වගේ නෙවේ.. අපේ ආගමේ දුක ගැන කියවෙන්නේ නැහැ. දුක දුක ගැන කිය කිය ලතවෙන්න කියන්නෙ නැහැ. පවුල් ජීවිත වලට දුක ගැනම කතා කරල වැඩක් නැහැ. දුකට හේතුව හොයන්න කියල අපේ ආගමේ කියන්නෙ නැහැ... “

උප්පැන්නයේ ලියැවි ඇති ආගම ධර්මය වෙනස් කර ගන්නට අද කිසිවෙකු හෝ පල්ලියට ගියේ නම් ආපසු හැරී ගෙදර එනු නියතය. මන්ද විවේචනයන් මඟින් සිතක් ඇඳ බැඳ තබා ගන්නට නොහැකි නිසාය. බුද්ධ ධර්මයේ දුකට හේතුව සෙවූ බැව් නම් සැබෑය. එය හය වසරට පැමිණි ඕනෑම සිසුවෙකු දන්නා කරුණක්ය. එහෙත් එහි ඊටත් එහාට ගිය ගැඹුරු ධර්මයක් ඇත්තේය. එය මෙතැන ලිවීම තේරුමක් නොමැති නිසාම පටිච්ච සමුප්පාදයෙන් දුකෙහි හට ගැනීම සහ එය නිරුද්ධ කිරීමේ ආකාරය පෙන්වා දෙන විකිපීඩියා සබැඳිය මෙතනින්

මා හට අවැසි වූයේ පියතුමා පවා දන්නා, හය වසරේ දරුවන් පවා දන්නා දුක ගැන කියන්නට නොවේය. සියළු බුද්ධ ධර්මයේම කියවෙන්නේ අනිත්‍යය යැයි කියනවා පුද්ගලයන්ට උත්තර බදින්නටය. සංසාර ගමන කෙටි කර ගැනීමට, නිවන අවබෝධ කර ගැනීමට දුක නැති කරගන්නා ආකාරය, තෘෂ්ණාව ප්‍රහීන කරන ආකාරය බෞද්ධ දර්ශනයේ කියවෙන්නේය. ඒ පමණින් සියළු අන්තර්ගතය රිනාත්මක නොවන බව කිව යුතුය. ගිහි ජිවතයට අදාලව බුදුන් ධර්මය වදාලෝය. ඒකී ධර්මයන දේශනා කළේ දුක ගැන කියමින් ගෙදරට වී තැවෙන්නට නොව, ගිහි ජීවිතයේ දියුණුව සලසා ගන්නටය. ගිහි පුද්ගලයාගේ දියුණුවට බාධා කරන කාරණා එකින් එක් දක්වමින් සිගාලෝවාද සූත්‍රය දේශනා කළේද දුක ගැන සිතමින් කල් මැරීමට නොව පුද්ගල ජීවිත සැපවත් කරන්නටය. දියුණු කරන්නටය. සුරාවෙන් දියුණුවට බාධා ඇති වන්නේ කුමන ආකාරයෙන්ද, අලස කමින්, දූ කෙලියෙන්, පාප මිත්‍ර සේවනයෙන් ආදියෙන් ගිහි දිවිය සැපවත් නොවන්නේ කුමන ආකාරයන්ද ආදිය දේශනා කළේ දුක ගැන සිතා ලත වන්නට නොවන බව පැහැදිලි කර ගත යුතුය. සිගාලෝවාද සූත්‍රය ගැන එකින් එක කරුණ්‍ර විග්‍රහ කළ යුතු නැති නිසා ඒ ගැන ලිපියක් මෙතැනින්.

ඉපදීම හෙවත් ජාතිය, සිටම මරණය දක්වාම ගත කරන්නාවූ ජීවිතයේ අවසානය දුකක් බවත් එය නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත්. ඒ සඳහා පටිච්ච සමුප්පාද ධර්මය අනුගමනය කර නිවන් ලබා ගත හැකි බවත්, එයින් ජාතිය හෙවත් නැවත ඉපදීම නැතිවන බැව් කී පමණින් ධර්මයේ සම්පූර්ණ අන්තර්ගතය දුක බව කියමින් විවේචනය කිරීම සාධාරණ නොවන්නේය. ගිහි ජීවිතයට, ලෞකික ජීවිතයට, දියුණුවට, සාර්ථකත්වයට දේශනා කළ ධර්මය පැත්තකින් තබා විවේචන කරන්නේ නම් එය බුද්ධියේ ගැටළුවක් හෝ කරුණු හරි හැටි නොදැන අසාර්ථක තර්ක ඉදිරිපත් කිරීමක් වන්නේය. එය හරියට බැලුව හොත් Good Friday හොඳ සිකුරාදා නම්, ඇයි ජේසුතුමන්ව ඇණ ගැසූ දා හොඳ සිකුරාදාවක් වන්නේ යැයි ඇසුවා හා සමාන වන්නේය.

මෙය පල්ලියේ පියතුමාට පමණක් පොදු වූ කරුණක් නොවන්නේය. බුද්ධ දේශනාවේ කියූ ලෙසින් අන් ආගම් විවේචනයෙන් වලකින්න කී කරුණින් පිට ගොස් අනිත් ආගම් විවේචනය කරන්නාවූ සංඝයාටත් බලපාන්නේය. මුස්ලිම් පල්ලියේ පූජකයාටත්, කෝවිලේ පූජකයාටත් එකලෙසම මේ කරුණු බලපාන්නේය. ඔබ විවේචනය කරන්නේ යම් ආගමක්ද, එය ඔබ හරි හැටි දැන හෝ නොගෙන විවේචනය කරනවා විය හැකිය. එහෙත් ඉන් සිදුවන්නේ බැතිමතුන් ඔබ වෙත ඇදී ඒමක් නොව, ඔබ සමග සිටින බැතිමතුන් පවා ඔබෙන් ඉවත්ව යාමක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_11:55pm_19/04/14

පලි - මේ ලිපිය ලියන්නට පෙර සියවරක් කල්පනා කළේ මේ ලිපිය කියවන්නේ සියළු ආගම්වල පුද්ගලයන් නිසාය. එහෙත් අවසන මෙය ලියපං කියා සිත කීවේ කිසිම පූජකයෙක්, කිසිම ආගමකට ගැරහීමක් නොකරන්නේ නම් ඒ තැන කොච්චර ලස්සනද කියා සිතුන නිසාය. ගේට්ටුවෙන් ඇතුලට යද්දීම ඇසුනු වචන කීපයෙන් සිත් තැවුලෙන් මා පැත්තකට වූවා මිසක කිසිම අමනාප කමක් මුහුණින් නොපෙන්නුවේ මා ධර්මය දන්නා බැවින්ය.

** 20 ඉරිදා බනිස් කන්න බුද්ධදාස ක්‍රීඩාංගණයට එන්න.... **

128 comments:

  1. ඔබගේ කතාව හරි. අන් ආගමිකයන් එක් කර ගත හැක්කේ ඔවුන්ගේ ආගම විවේචනයෙන් නොව තම ආගමේ හරය පෙන්වීමෙනි. නමුත් ඒ සඳහා එව බලව කියා පෙන්වීමට හැකි ආගමක් තිබිය යුතුය. එවැනි ආගමක් සහිත නානසාර ලා ක‍රන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. නානසාර ලා ත් කරන්නේ එපා කරවීම මිසක ඈදා ගැන්ම නෙවේ..

      Delete
  2. අනිත් ආගම් විවේචනය කිරීමෙන් ඵලක් නැති බව නොතේරෙන ඔහොම මිනිස්සුත් ඉන්නවා බං. දේශනාවලදී/ බණවලදී අරහෙම කරන්න එපා මෙහෙම කරන්නෙපා කිය කිය ගිහියො කරනවාටත් වැඩි දේවල් කරන පැවිද්දොම කොච්චර ඉන්නවාද? අනික දැන් පැවිද්දො ක්‍රියා කරන්නෙ තම තමුන්ගෙ ආගමික කර්තෘවරු කියපු විදිහටමද කියලත් දෙවරක් හිතන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. හැම පැත්තෙම ඒමයි. ශාස්තෘවරු කියපුවා කැලේ.. හැම ආගමක්ම ධර්මයක්ම ඒ ඒ පූජකයෝ වෙනස් කරගෙන ඉන්නෙ.. තම තමන්ගෙ වාසියට..

      Delete
  3. අන්න එහෙම තමයි හොද වැදගත් මිනිස්සු....
    නාන සාරට පෙන්නන්න ඔ්න..

    ජය වේවා!!!

    ReplyDelete
  4. මටත් තියනවා වචනයක් කියන්ඩ..මගේ තාත්තා බැන්දෙ කතෝලික කාන්තාවක්..ඒ මගෙ අම්මා
    ඒ තාත්තගෙ පුතා වෙච්චි මං බැන්දෙත් කතෝලික කාන්තාවක් .. ඒ ම‍යෙ ගෑණි.. හැබැයි වැඩේ ලේසි උන් නෑ..ඕ යේස් ..
    අපේ වෙඩිම පෝරුව පල්ලිය දෙකම ගත්තා.පූජාව ඉල්ලන්ඩ ගියාමයි ටොපිය හම්බුනේ

    ඇයි පුතා ..
    ෆාද වෙඩින් එකට පූජාව ඉල්ලන්න.මිශ්‍ර විවාහයක්..
    ඔයා කතෝලික ආගමට එනවද ???
    නෑ ෆාද .මං මගේ ආගම අදහනවා මෙයා දිගටම පල්ලි එයි!!
    එහෙනම් අනුමැතිය දෙන්න බෑ !
    (කතෝලික කෙල්ලෙක්ගෙ හීනයක් අල්තාර් එක ඉස්සරහ වේල් එක දාපු පූජාව කියන එක සාමාන්‍යයිනේ ..ගෑණිට ඇඬුනා.මට %*$#ගෙ දත් ටික බඩට අරින්ඩ හිතුන ඒක දැකල.)
    අනේ ඔයා කලබල කරන්නෙපා අපි ගෙදර යං..මං තාත්තට කියන්නං.
    අවුලක් නෑ .. යං එහෙනං !!!

    හවස මාමන්ඩියා ආවා සීන් එකට..මට ඇතින් ඉන්ඩ කිව්වා.....

    ෆාදර් .. දුව මැරි කරන්න යන්නේ.අනුමැතිය ගන්න පූජාවටත් එක්ක..
    ආ උදේ ආව නේද..අනුමැතිය දෙන්න බෑ..ළමය ආගමට එන්න ඕන..
    ෆාද මේක අහන්ඩකො..ආගං තියෙන්නෙ පවුල් කඩන්ඩද ??
    නෑ
    මේ කොල්ලගෙ මනුස්ස කමට දුව අදහන ආගම දිගටම අදහන්න කිව්වා..බැන්දම ආගම මාරු නොකර. ඒ කොල්ලට ඔහොමද සලකන්නේ ????
    අනුමැතිය දෙන්න ඕනනං ආගමට එන්න..දෙන්නම්
    තියාගන්ඩ ෆාද !!! අනුමැතිය එපා..මං කෙල්ලව පෝරුවෙන් බන්දනවා.බන්දල බුද්ධාගමට අරිනවා..ඒකිගෙ තාත්ත මං...ඒකනෙ කරගන්ඩ ඕනේ ..
    මට ආගම උගන්නන්ඩ එනවද ??
    නෑ ..ඒක මං බිශොප් පැලස් එකත් එක්ක බලාගන්නං ..
    තමුන් තාත්ත විදියට කැමතිනං අනුමැතිය දෙන්නම්..රෝස පාට කොලයක් දෙයි.අරං යන්න.
    අපි යන්නං !!!!!!

    , , , , , , , , , , , , , , , , , , , ,
    සීන් අංක දෙක .
    අපේ තාත්ත ගියා අම්මත් අරං පල්ලියට අවසර ගන්ඩ
    දෙන්න බෑ ඔයාලට අවසරේ ..
    දෙන්න බෑ ?? ඇයි
    ඔයා ආගමට එන්න ..
    මං එන්නෙ නෑ.මෙයා අදහපුවාවෙ..
    එහෙනම් කනගාටුයි..
    එහෙනං ෆාද තමුං මගෙ ගෑනි බාරගන්ඩ..මං ඇර වෙන එකෙක් එක්ක යන්ඩ කැමතිත් නෑ මේ ගෑනි.. ඒත් මිනිහෙකුත් එපැයි ඉතිං.වැරදිලාවත් ළමයෙක් එහෙම බඩේ හිටියොත් ඒකත් බාරගන්න.. මං යනවා ..ඔන්න තියාගන්ඩ !!!!!
    ඔෆිස් එකෙන් ලියල අනුමැතිය අරන් යන්ඩ .. ජේසු පිහිටයි !!

    හැමතැනම ඔහොමයිද කියන්ඩ මං දන් නෑ.මට උනේ ඔහොමයි..වරද ආගම් වල නෙමෙයි..ඒක දැං බාරව ඉන්න සබ් ඩීලර්ස් ලගේ.. ඒ උත්තමයො එයාලගෙ වාසියට ලියාගත්ත බයිල තමා දැං තියෙන්නේ..එච්චරයි !!!!!!!


    ReplyDelete
    Replies
    1. ආයේ කොමෙන්තුවක් දාන්න මහන්සි වෙන්න ඕනේ නෑනේ ..කියන ඕනේ ඔක්කොම පත්ත්රයා කියලා තියෙන්නේ ලෙසටම. ඔකේ අනිත් පැත්තත් ඔහොමම තමයි . ආගමක්විවෙචනය කරනවානම් ඒ සඳහා අපි ඒ අදාළ ආගමේ හැම දෙයක්ම අකුරක් නෑර දැනගෙන ඉන්න ඕනේ කියන එකයි මමනම් හිතන්නේ .පිටින් බලලා .වාක්‍යයක් දෙකක් අල්ලාගෙන ඒ වැඩේ කරන්න බෑ .

      Delete
    2. නියම උදාහරණයක් මම වෙඩිම දවසේ ලයිව් අප්ඩේට් කරපු පෝස්ට් සැට් එකේ තියෙනවා :)
      මට වෙච්ච දේමයි පත්තරේ බොටත් වෙලා තියෙන්නේ..

      http://www.samindikasrimantha.blogspot.com/2013/12/church-wedding.html

      Delete
    3. ඕකනං හැම පල්ලියකින්ම කරන අසාධාරන වැඩක් , බදින එකා කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් යන්ඩ ඕන ඒ ආගමට

      Delete
    4. එහෙම ගියෙ නැත්තං මොනවද වෙන්නෙ කියල ඇහුවම එක්කෙනෙක් මට කිව්වා පල්ලියෙ කනත්ත හම්බෙන්නෙ නැහැලු.
      මලාට පස්සෙ සත්තු කන කුණු සරීරෙට කොහෙ වුණාම මොකෑ ?

      Delete
    5. //මලාට පස්සෙ සත්තු කන කුණු සරීරෙට කොහෙ වුණාම මොකෑ ?// මෙහෙම ලේසියට කිව්වට මැරුනට පස්සේ පණ පිටින් ඉන්න උන් එපායැ වළදාන්න තැනක් හොයන්න.. :D
      පල්ලියට ඇතුළැත් වෙලා නැත්නම් පල්ලියේ පිට්ටනිය ලැබෙන්නෙ නෑ තමයි. ඕන එකක් කියලා පොදු එකේ වැළලෙනවා කියලා හිතලා හිත හදාගත්තැකි.. ඒත් අපේ පැත්තෙ එහෙමත් බෑ.. පොදු එක පන්සලේ හාමුදුරුවො අල්ලගෙන. හාමුදුරුවන්ගේ අවසරය නැතුව ඒකෙ කාවවත් වළලන්ඩ දෙන්නෙ නෑ..
      …මේකෙන් ලොකුම අමාරුවෙ වැටිලා තියෙන්නෙ කතෝලික නොවන අනිත් ආගම්වලට ගිය මිනිස්සු.. උදාහරණෙකට කිව්වොත් යොහොවාගේ සාක්ෂිකාරයෝ වගේ කණ්ඩායම්වල මිනිස්සු.. ඒ මිනිස්සුන්ගෙ මිනී ටිකක් ඈත පොදු සුසානභූමි වලට ගෙනියන්න වෙලා තියෙනවා..

      Delete
    6. ඇයි ඔය පැතිවල ආදාහනාගරයක් නැද්ද? ඒක කාටවත් අල්ලගන්න බෑනෙ. ප්‍රා. සභාවට සල්ලි ගෙව්වනං ඕන කෙනෙකුට එතන ගිනි තියාගත්තහැකි.

      Delete
    7. ඔව් සෑමො . ඒක මං ලයිව් බැලුවා..හනිමූන් එකේ අප්ඩේට් එක හෙව්වා බඩු නෑ !!!
      ඉවා අටමො ඔය සීන් එක විටරක් නෙමෙයි බන් මරාගෙන කෑවා අපිව.. විස්වාස කරපන් එන්ගේජ්මන්‍ට් එක ගද්දි පාටි තහනම් කරා පල්ලියෙන්..දෙවියන් ඉදිරියෙ බදිනකම් පාටි එපාලු..මගෙ ඉතාලි වීස එක පෙන්නන්න්ඩ කිව්ව පල්ලියට..:D මං බොරු කියල බඳින්න හදනවා කියලා.. අනේ හුකේ !!
      කියන්ඩ තියන දේ කියන්ඩෙපැයි සදාචාරෙ බල්ලට ගියාවෙ.. ඔය පූජක සෙට් එක ඉන්නව නේද ?? උං තමයි ආගම් කන්නේ.. අපේ ගෑනිට මගුල ඉවරවෙද්දි ආගම එපා වෙලා :D මුං හිතං ඉන්නෙ බය කරල තියං ඉන්න පුලුහං මීහරක් කියලා.. ජේසු තුමා කියපු දේට සහමුලින් වෙනස් අමුම කෙප්ප කෙලින්නේ..
      අපෙ හාමුදුරු වරුත් ඔයිට දෙවෙනි නෑ.. ආයෙ මක්කද බං මටත් ගල් $#න්න හැදූ කොට එකෙක්..තව ඩිංගෙන් ශ්‍රද්දාව ඉස්මොල්ලෙ යනව !!!

      Delete
    8. @Praසන්ன,
      මෙහෙ කිට්ටුව පාත ආදාහනාගාරයක් නෑනෙ. අනික මේ අවට මිනිස්සු අදාහනය කරනවා දැකලත් නෑ. ඇරත් ආදාහනය මේ ප්‍රශ්නයට විසඳුමක් නොවෙන්නෙ මේ ප්‍රශ්නය අදාළ වෙන අය (බෞද්ධ හෝ කතෝලික නොවන අය ) අදාහනය නොකරන නිසා.

      …@පත්තර මල්ලි,
      …//විස්වාස කරපන් එන්ගේජ්මන්‍ට් එක ගද්දි පාටි තහනම් කරා පල්ලියෙන්// ඈ බං එහෙම කරන්නෙ කොහොමද? ගෙදරට ඇවිල්ලා පාටි නවත්වන්ඩ බෑනෙ. එක්කෝ මට පේන හැටියට අමුතුම තාලෙ උන්නාන්සෙ කෙනෙක් හම්බෙන්න ඇත්තෙ..

      Delete
    9. හරී මචං.. මේකයි පොර කිව්වෙ..දෙවියන් ඉදිරියෙ විවාහ වෙනකම් පාටි ගන්න බෑලු..රෙජිස්ට්‍රේශන් එක තියල කසාද සහතිකේ ගත්තට පල්ලියෙ බඳින්කම් පාටි බෑලු.. ඌට බම්බුගහන්න කියල මං ගත්ත බං පාටිය.. ඊළඟ අවුරුද්දෙ වෙඩින් ගන්ඩ ගියාමනෙ ආයෙ බෑ කිව්වෙ,.මගේ සල්ලි වලින් පාටි ගන්ඩ එපා කියන්ඩ මගෙ තාත්තයැ ..මාර පොරක් තමා මට සෙට් උනේ..

      Delete
    10. ඔය වගේ උන් ඉන්නවා තම බං....ඩිසිප්ලින් තියෙන එක හොඳයි...ඒත් අවශ්‍ය තැනදි නම්‍යශීලි වෙන්න ඕන....

      පල්ලිවල තියෙනවා හමු වෙන්න වෙන් කරපු දිනයක්...බොහෝ තැන්වල බදාදා මම හිතන්නෙ....සමහර අය නම් නම්‍යශීලි වෙලා වෙන දවස් වලත් හමුවීම් වලට ඉඩ දෙනවා....හැමෝටම බදාදා යන්න බෑනෙ...ආගමික කටයුතු සඳහා නිවාඩු කියල එකක් නෑනෙ....සමහර අයව බදාදා මිසක් වෙන දවස් වල හමුවෙන්න බෑ....ඉතින් වැඩක් කරගන්න ඕන උනාම මිනිස්සුන්ට බදාදා නිවාඩුවක් ගන්න වෙන දවසක් එනකම් වැඩේ කරගන්න බෑ.....දෙවියන්ගෙ කැමැත්තට අපි වැඩ කරන්න ඕන...හැබැයි නඩත්තු කටයුතු කරන කාලෙට හොයාගෙන එනවා ආදාර ඉල්ලන්න......ඉන්න දවස අහල එන්නෙ....මට නම් ඕවා අහද්දි යකා නගිනව....

      පන්සල් වලට ගියාම වැඩක් කරගන්න ගියාම ආධාර පත්‍ර අතට දෙනවා මහත්තයෝ අපි අලුතෙන් අරක හදනවා...මේක හදනවා...කිය කිය සල්ලි ගැන කතා කරනවා මිසක් ආධ්‍යත්මික දෙයක් ගැන කතා කරන්නෙම නැහැ......නැති බැරි පන්සල් නම් කමක් නෑ...

      Delete
    11. අන්ඩ‍රයිටර්.. ඔව් බං..මම බුද්ධාගමේ නිසා කියනව නෙමෙයි..සමස්තයක් විදියට පන්සල් වල නීති අඩුයි.. උදාහරණයක් කියන්වනම් ඔය පල්ලියෙන් දුන්න වදේ බලන්න.ඒත් මට හාමුදුරුවො කිව්වෙ පුතා වෙඩින් එක ඉවරවෙලා එන්නකො පිරිත් නූලක් බැඳන් යන්න කියල..එච්චරමයි. ඒකටත් තාම ගියෙ නෑ : D තව මොන කතාද බං !!!!!
      පල්ලිය සාම්ප්‍රදායිකව නීති රාමුවක් තුල කොටු කරගෙන ආගමේ නාම‍යෙන්.. ආගම් පිරිහන්නෙ ඔතනදි මිසක් දර්ශනය අනුව නෙමෙයි. මිනිස්සුන්ට එපා වෙලා !!!

      Delete
    12. පත්තරේ මොන මගුලක්ද බන් ඉතාලි විසා පෙන්නන්නයි, පාර්ටි ගන්න එපා කියන්නයි. පිස්සුද බන් මුන්ට?

      Delete
    13. නිමෝ මචං ..වැඩක් නෑ බං කතා කරලා ගෑනිගෙ තාත්ත එකපාරින් හා කිව්වා මේ ෆාදරයා මාර ටොපිය බං දුන්නේ..එන්ගෙජ්මන්ට් ගන්න එහෙම බෑලු .නෝටිස් දාන ඕනලු.අරක මේක..මං කිව්වම රට ඉන්නෙ කියල වීස එක දෙන්නලු කොපියක් එක්ක .. මුන්ට &#@$@&# %@$@& %@%@$@&@%@@&@&@&@@&#34&16@& ත් මදිනේ බං.. ලංකාවෙ ඉන්නත් ඉතාලි වීස ඕනෑ .. අනේ හුකේ !!!

      Delete
    14. @පත්තර මල්ලි- වීඩියෝව බලපං දෙකට නැමිලා ;)

      මෙතන වැරැද්ද උබ කිව්ව වගේ ජේසුගෙ නෙවේ. පූජකයන්ගෙ. බුද්ධ පූජකයොත් නොදෙවෙනී.

      ප්‍රසන්න - උබ කිව්ව වගේ මල මිනිය පල්ලිය අස්සෙම හංගන්නෙ නැතුව ඇයි බං පො.සුසාන භූමියකට ගෙනියන් නැත්තෙ. ජීවත් වෙලා ඉන්නකොට ලබන්න බැරි ස්වර්ගය/හෝ නිවන මල මිනියක් ලබන්නෙ කෝමද?

      Underwriter - මට සැට් වුනේ නෝනිස් කියල පියතුමෙක්. කළුඅග්ගල පල්ලියෙ. නම්‍යශීලී කමේ උපරිම තැන නිසා තමයි මචං සෙනසුරාදා ගිහින් හම්බවුනේ. එතැනදි නම්‍යශීලී වෙලා ලමයි බෞද්ධ කරන්නෙ නැත්තනම් බදින්නම එපා කිව්ව. මම කිව්ව එහෙම කරනව කියල බොරු කියල මට මේ වැඩේ කරගන්න ඕනෙ නැහැ. මෙයා පල්ලියෙ වැඩවලට කැප වෙච්ච කෙනෙක් නිසා අවස්ථාව දෙන්න කියල. ඒත් සද්ද නැහැ. අතැරල දාල පවුලගෙ ගෙදර ගියාම මාමන්ඩි කිව්වා ආයෙ කතා කරල බල්න්න කියල. මම ඌට *ක දෙන්න ආයෙත් ගියා.

      මේ කතාව අපේ චමින් කියල බුකියේ ඉන්න කොල්ලෙක් කියල කෙල්ලෙක්ට. ඒකි මගෙන් ගේම ඉල්ලුවා එයාලගෙ පල්ලියේ ඒම කරන්නෙ නැහැලු. මම කියල දුන්න පල්ලියෙ වත් ආගමේ වත් නෙවෙ අවුල පූජකයගෙ කියල. ඊට පස්සෙ මම ගිය පල්ලියෙ පූජකයාගෙ නම කිව්වාම ඒ ඇත්තෝ ඒම නපුරු නැහැ හලි හොදයි ලු. පෞද්ගලිකවම දන්නව නම් කතා කරල සිද්ධියේ ඇත්ත නැත්ත දැන ගන්න කියල මම කිව්වා.

      Delete
    15. මල්ලි හරි මල්ලි. ගොඩාරියක් උන් ආගමානුකූලව ජීවත්වෙනව වෙනුවට ආගං බඩ බැඳං, තව මායිම් ගහල අයිතිත් කොරන්.

      Delete
  5. ඔය පත්තරෙ කිවුව වගෙ සුබ් එජන්ට්ල තමයි මෙ ගැටුම් ඔක්කොම ඇතිකරන්න්නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හැම පැත්තෙන්ම !

      Delete
  6. හැම ආගමකම වගේ දැන් පේන්න තියෙන්නෙ තමන්ගෙ වාසියට වෙනස් කරගත්තු දහමක්.

    ReplyDelete
  7. මායි මගේ මායියයිත් ආගම් දෙකක. එයා "සාම්ප්‍රදායික බුද්ධාගමේ" මම බුද්ධාගමේ උනාට විස්කි බොන බඩු ගහන හාමුදුරුවරු ඉන්න පන්සල් දේවාල ගානෙ යන්නෙ නෑ. එයාව එක්කගෙන ගිහින් මම ගේට්ටුව ලඟදි නතර වෙනව. හරිම සිම්පල්!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. නිකාය දෙකක වගේ..

      Delete
  8. ඔහොම දැනුම් තේරුම් නැති අන්ධ වෙච්ච පූජකයෝ ඕනෑම ආගමක කීප දෙනෙක් හරි ඉන්නවා.මම මේ වෙනකන් ඉගෙන ගෙන තියෙන විදියට කිසිම ආගමක ශාස්තෘ වරයා එය දේශනා කරපු ධර්මය ලෝකේ තියෙන එකම සත්‍ය දර්ශනය කියල දේශනා කරලා නෑ. එත් අපේ දැනුමෙන් හැම ආගමක් ම විමර්ශනය කරලා බැලුවොත් තේරෙයි ඒවා හැම එක කම මූලික හරය එකයි කියල. ජේසු දේශනා කලේ ඔබේ දෙවියනට ,මිතුරාට ,අසල්වසියාට මෙන්ම ඔබේ සතුරාටත් ප්‍රේම කරන්න කියලයි. උන්වහන්සේ එක ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නුවා. මම අහල තියෙන විදියට බුදුන් වහන්සේ සම දෙනාට මෛත්‍රී කරන්න කියල උගන්නල තියෙනවා.ඉතින් මම කියපු දේ තමයි. හැම ආගමකම මූලික හරය එකයි.මමත් කතෝලික. එත් මම සෑම් ට පල්ලියේදී ඇහුනු දේ දශමෙකින්වත් අනුමත කරන්නේ නෑ.ඒ පල්ලියේ ඉඳල තියෙන සුවාමි ගේ දැනුම කොච්චරද කියල තමයි ඒ දේශනාවෙන් කියල තියෙන්නේ.
    සෑම් මෙහෙම දෙයක් මම කියන්න කැමතියි.
    අපි ඕනෑම ආගමක වෙන්න පුළුවන්. අපි බොහොම කල්පනාකාරී සහ බුද්ධිමත් වෙන්න ඕන ඒ ඒ ආගමේ ශාස්තෘ වරයා දේශනා කරපු දර්ශනය අනුගමනය කරන්න . එහෙම නැතුව පාලියේ සුවාමි හරි පන්සලේ හාමුදුරුවෝ හරි කෝවිලේ පූසාරි තුමා හරි මුස්ලිම් පල්ලියේ ලෙබ්බේ තුමා හරි දේශනා කරන දේ අදහන්න ගියොත් අපි නොමග යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අර මූලික දර්ශනය තමන්ගේ නුවනින් විමසල බලල තමන්ට තේරෙන භාෂාවෙන් අපිට දේශනා කරන නිසා.. අපි පල්ලි යන්නේ ජේසු තුමා ව සිහි කරන්න මිසක් සුවාමි ව සිහිකරලා සුවාමිගේ න් පිහිට ඉල්ලන්න නෙමේ. ඒ වගේම අපි පන්සලට යන්නේ බුදුන්වහන්සේ ව සිහි කරන්න මිසක් එකේ ඉන්න හාමුදුරුවෝ වන්දනා කරන්න නෙමේ.මෙච්චර දියුණු කාලේ උනත් ආගමක් හරියට අදහන ව කියන එක තාමත් හරි අමාරු වැඩක්. මොකද ඒ උතුම් දර්ශනය සුළු පිරිසක් විසින් තමන්ගේ කරගෙන තමන්ට ඕන විදියට වට්ච් පිළිවෙත් හදල වෙනස් කරලා තියෙන නිසා. ඔබ බොද්ධ වී ඔබේ බිරිඳ කතෝලික වීම තුල ඔබ දෙදෙනාම ගැන ආඩම්බර වීමට කාරණාවක් තියෙනවා.ඒ ඔබ අන් ආගමකට ගරු කරන්න ඉගෙන ගෙන තියෙනවා කියල ලෝකෙට පෙන්නලා තියෙන නිසයි. මම කියන්නේ ඔය වගේ අඳ බාල පූජකයෙක් කියපු දෙයක් නිසා පල්ලිය ගැනවත් කතෝලික ආගම ගැනවත් කලකිරෙන්න එපා කියලයි. මම එහෙම කියන්නේ "පල්ලි යාම වරදක් " ලෙස ඔබ හැගී ගොස් තිබීම සහ එය එසේ බව තහවුරු කරන්නට උත්සහ ගෙන තිබීම නිසයි.

    ReplyDelete
    Replies
    1. සියළු කරුණ වලට එකඟයි.. ස්තුති අදහස් වලට

      “පල්ලි යාම වරදක්“ කියල තහවුරු කරන්නට උත්සාහ කළා නොවේ. ඊට පසු තිබෙන ප්‍රශ්නාර්ථ ලකුණ ඔබට මඟ හැරිලා :)
      ? ලකුණ යෙදුවේ යම් ආගමික සිද්ධස්ථානයකට එන උදවිය කුමන ආගමේද කියලා නොහිතා අදහස් ප්‍රකාශ කරන පූජකයින් එසේ එන අය හරවා යැවීමට යම් ආගමක්/ධර්මයක් විවේචනය කිරීමෙන් එම සිද්ධස්ථානයට යෑම වරදක් කියා සිතෙන්නට ඉඩකඩ තියෙන නිසා.

      Delete
  9. මම ඉපදුනේ බෞද්ධ පියකුට හා මවකට. ඉතින් මගේ උප්පැන්නේ බෞද්ධ. නමුත් ෆාදර් කියපු දේ හරියට හරි. ඔය "දුක්" දේශනාව නිසා තමයි. ථේරවාදී බුද්ධාගම තියෙන රටවල් හිඟන රටවල් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මුකුත් හිතන්න එපා මෙහෙම කිවුවට.. ඒක බුද්ධාගමේ වරද නෙවෙයි, එය පිළිපදින අයගේ වරද..
      මමත් බුද්ධාගම ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි, නමුත් සරලව මෙහෙම කියන්නම්..
      අපි උදාහරනෙකට ගමු බෞද්ධ සුළු ව්‍යාපාරිකයෙක්. ඔහුගේ දියුණුවට හේතු කරගත හැකි කරුණු බුදු දහමේ අනන්තවත් තිබෙනවා. උදාහරණ ගැන කියනවා නම්. ස්වාමි සේවක සම්බන්ධකම්, ඒ හා බැඳුනු යුතුකම් හා වගකීම්, ධන විනාශයට හේතු වන කරුණු, නොකළ යුතු වෙළඳාම්..
      අපි හිතමු මෙහෙම වෙළඳාම කරගෙන යනකොට ඔහුගේ ආයතනය ගිනිගෙන දැවෙනවා, ඔහුට සියල්ල මුල සිට පටන් ගන්න සිදුවනවා, ඔහුගේ බිරිඳ ඔහු හැර යනවා..
      හිත හදාගන්න කියල බෝතලේ අතට ගන්නේ නැතිව, සිදු වූ දෙය තේරුම් අරගෙන, හිත හදාගෙන නැවත මුල සිට පටන් ගන්න අවශ්‍ය කරුණු බුදු දහමේ පැහැදිලිව දක්වා තිබෙනවා.. එහෙමයි කියල අපේ ආගම දුක පමණක් දේශනා කරපු ආගමක් නෙවෙයි.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයට පන්සල මතක් වෙන්නේ ප්‍රශ්නයක් ආවම විතරයි.

      බුදු දහම ඕනෑම කාලයකට ගැලපෙන, මනුස්ස ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් කරුණු සහිත ආගමක්, ප්‍රශ්නය තිබෙන්නේ දැන් අපේ සිවුවනක් පිරිස මොඩිෆයි වෙලා..
      භික්ෂු - වෙන ආගම් එක්ක වාද කරන්නත්, පන්සල් තව තව ලොකුවට ලස්සනට හදාගන්නත් යොමු වෙලා
      භික්ෂුනී - නිහඬයි
      උපාසක - හාමුදුරුවන්ට බැන බැන ඉන්නවා බෝතලේට පෙම් බැඳගෙන, පන්සල් යන්නෙත් නැහැ, පන්සිල් ගන්නෙත් නැහැ, හොඳකුත් නැහැ, නරකකුත් නැහැ, ප්‍රයෝජනවත් දෙයක් කරන්න එකතු වෙන්නෙත් නැහැ
      උපාසිකා - කොටසක් පන්සල් යන්නෙම නැහැ (ඉහත උපාසක කොටස වගේ), ඉතුරු කොටස පන්සලට වෙලා සිල් සමාදන් වෙලා ඕපාදුප කියව කියව්, හැම දේම අදහනවා අන්ධ භක්තියෙන්

      තමන්ගේ ජීවිතයට දහමෙන් ලැබෙන ආලෝකය ලබාගන්න උත්සාහ කරන්නේ අතලොස්සයි, වරද ඇත්තේ දහමේ වත් ශාස්ත්රූන් වහන්සේ ගේ වත් නෙවෙයි, එහි අනුගාමිකයන් ගේ මයි.
      ඔබතුමා මට වඩා වයසින් වැඩි කෙනෙක්, ජනප්‍රිය බ්ලොග් කරුවෙක්, ඔබේ අදහසකට එකඟ නොවීමේ හේතුව මෙසේ ලියා තැබීමේ ගෞරවය මට ලබා දීම ගැන ස්තුතියි..

      Delete
    2. මාතලන් බුද්ධ දර්ශනය තියෙන්නේ මෝඩයන්ට නෙවේ.

      Delete
    3. මාතලන් මම උත්තර බදින්න ඕනෙ නැහැ අමුතුවෙන් එක් මානවිකාවියක් පිලිතුරු දුන් ටික ඇති. අපේ එවුන් කියන්නෙ දුක ගැනම කියවෙන එක වැරදි කියල තමයි. ඒත් බුද්ධ දේශනාව නොදැන. යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න හේතු වෙන කරුණු පවා වෙනමම දේශනා කරල තියෙන බව නොදැන. පවුල් ජීවිතයක් ගත කරන හැටි දේශනා කරනවා නම් දුක ගැනම කියෙවන ධර්මයක් වෙන්නෙ කෝමද??

      ටිකක් කාර්යය බහුලයි. පස්සේ සංවාදයක් අරබමු.. :)

      @ඒක් මානවිකාවක් - //ඔබතුමා මට වඩා වයසින් වැඩි කෙනෙක්, ජනප්‍රිය බ්ලොග් කරුවෙක්, ඔබේ අදහසකට එකඟ නොවීමේ හේතුව මෙසේ ලියා තැබීමේ ගෞරවය මට ලබා දීම ගැන ස්තුතියි..//

      ඔබගේ තර්කයට වඩා මා සිත් ගත්ම කොටස උපුටා දැක්වුවේ.... :)

      Delete
    4. නමුත් අදහන්නේ මට්ට මෝඩයෝ.. අවුරුදු 2500 කට පෙර දහමක් මේ නවීන ළෝකයට කිසි සේත්ම ගැලපෙන්නේ නෑ.. ක්‍රිස්තියානි ආගම අවම වශයෙන් කාලානූරූපීව හා පරිසරය අනුව වෙනස් වෙනවා.. ඒකට ඉතින් මේ ආගම් දෙක ගැනම ඓතිහාසීක දැනීමක් තියෙන්නේ ඕන. මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ඉපදීමත් දුකක්, ජීවත්වීමත් දුකක්, මිය යාමත් දුකක්.. මට නම් ඔය ඔක්කෝම ආතල් සිඳුවීම් පමණයි..

      Delete
    5. සංවාදයට එනවනම් මේ ඉපදීම දුකක් කියන කතාවෙන්ම වැඩේ පටන් ගමු..

      Delete
    6. ඉපදිම දුකක්, උපදින්නේ කවුද? කුමක්ක්ද? කොහොමද? සංවාදයට කැමැතියි ,

      Delete
    7. ඉපදීම දුකක් තමයි....

      Delete
    8. එහෙනම් ඇයි ඔහේලා කසාඳ බැඳලා දරුවන් හදන්නේ...? දරුවෙක් උපදින එක දුකක්ද සතුටක්ද..?

      Delete
    9. ඉපදීම දුකක් නම් අපි හැමදාම කොන්ඩම් එකක් දාගෙන නිදාගමු. ඉපදෙන එවුන්ට දුක් දෙන්නේ මොකටද?

      Delete
    10. විවාදේ එතනින් ඉවරයි.. කට්ටිය බෝ ගහකට වඳින්න ගිහින් වගේ..

      Delete
    11. අඩේ මාතලන් අයියා...ඔය වගේ නසරානි ප්‍රශ්න නම් අහන්න ඔට්ටු නෑ....හොඳේ....

      Delete
    12. මාතලන්,

      ඉපදීම දුකක් උපදින කෙනාට. දරුවෙකුට උපදින එක දුකක්.ඒත් දරුවෙක් උපදින්නෙ දරුවගෙ තෝරාගැනීමක් නිසා නෙමෙයි.

      දරුවෙක් උපදින එක දෙමාපියන්ට එක්තරා විදියක සතුටක්. එයා දුක් වෙන්න උපදින්නෙ, දෙමාපියන්ගෙ සතුට වෙනුන්වෙන් ඒ අය කරන තෝරගැනීමක් නිසා.

      Delete
    13. ඉතින් ඔයා සැදැහවත් බෞද්ධයෙක් ලෙස දරුවෝ හදන්නේ නැතිව ඉන්නකෝ. ඔයාලා හරි ආත්මාර්ථකාමියි නේ.. ඒ බව දැන දැනත් මිනිස්සුන්ට ගිනි දෙන එක..

      Delete
    14. මාතලන්, ඉපදීම දුකක් කියන ෆැක්ට් එක ගැන වාද කරන එකයි මගේ ආගම් භක්තිය සහ ඇදහීමේ දිග පළල ගැන වාද කරන එකයි දෙකක්.

      සහන් වගේ නොවී මාතෘකාවට කතා කොරමුද?

      Delete
    15. අපි මේක හීනියට සංවාදයක් කරගමු. නැත්නම් වැඩේ කොට උඩ සහ මඩ ගොඩ ලෙවල් එකට වැටෙයි. ඊට පස්සේ සෑමාට වැඩ වැඩිවෙයි.

      ඉපදීම යනු දුකක් කියන්නේ නම්, දුකට මුල මොකක්ද? ඒ දුක තවත් කෙනෙකුට ලබාදීම අපේ ඇදහීම් අනුව හරිද? ඒ ආකාරයෙන් අපි වැඩ කටයුතු කළානම්, මිනිසා (බෞද්ධ මිනිසා යැයි, විශේෂණයක් දාමු සංවාසයේ පහසුව පිණිස ) යන සත්වයා මේ ලෝකය තුළ පවතීද?

      මේ මගේ ගැටලු තුන ඉතාම ප්‍රාථමික මට්ටමේ විය හැකියි. මා මේ ප්‍රශ්න අසන්නේ...වතුර ඉල්ලූ විට එහි රසායනික සංඝටක හැදෙන්නේ මෙහෙමයි කියාදෙන ආකාරයෙ පිළිතුරක් අපේක්ෂාවෙන් නොවේ. කඩුව පසෙක ලා ගනු පෑන..සටන පසෙකලා එනු සාකච්ඡාවට.

      Delete
    16. අරූ,

      අන්න හොඳයි.

      උඹේ ප්‍රශ්නෙ ගත්තොත්, සමස්ථ හීනයානයම පදනම් වෙලා තීන්නෙ "දුක, දුකට හේතුව සහ දුක නැතිකරගැනීමේ මාර්‍ගය" පදනම් කරගෙනයි.

      සරළව කිව්වොත් දුක යනු ජීවිතයේ සියල්ල දුකක්.

      එතකොට දුකට හේතුව තණහාවයි. අපේ ඉපැදීමත් තණ්හාවෙම කොටසක්. අපි නොඉපදුනානම් දුක් විඳින්නට කෙනෙක් නැත.

      දුක නැති කරගැනීමේ මාර්‍ග්ය නිවනයි. අර්හත් මාර්‍ග්පලයන් නොලබපු අය අතින් වෙන අකුසල් සහ තුකට හේතුවෙන තන්හාවෙන් වෙන වැරදි නිසා තව තවත් දුකෙහිම ග්ලෙනව.

      දැන් ඇයි අපි එහෙනම් දුක නැති කරගන්න තණ්හාවෙන් අත් මිදෙන්නෙ නැත්තෙ?

      ඊට වඩා පූර්ණ සමාජවාදි රටක ජීවත් වෙන එක පහසු නිසා.

      ඒ කියන්නෙ බුදු දහම අදට වළංගු නැද්ද? බුදු හාමුදුරුවො ඉන්න කාලෙත් නිවන් දැක්කෙ කී දෙනාද? එහෙව් එකේ අද කාලෙ කොහෙ සේරම නිවන් දකින්නද?

      Delete
    17. මාතලන් තුමා නිර්ආගමිකයි වගේ, ඒ නිසා වාද කරගන්න එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න ඇති..
      නමුත් මම පහත කොමෙන්ටුවකත් කිවුව වගේ ආගමේ නාමයෙන් වාද කිරීමට මම කැමති නැහැ, ඒකයි සද්ද නැතුව හිටියේ.. නැතුව බෝ ගහකට වඳින්න ගිහින් නොවෙයි. (නමුත් හැමදාම පන්සල් ගිහින් බෝ ගහකට වඳින්න තියනවා නම් මම කැමතියි)
      මෙතන මම වාද කළා කියල ඔබතුමා සැදැහැවත් බෞද්ධයෙක් වෙන්නේ නැති බව මම දන්නව, ඒ නිසා මින් මතු මම මෙතන මේ සම්බන්ධයෙන් කොමෙන්ටු දමන්නේ නැහැ..
      යලිත් ඔබට ස්තුතියි.

      Delete
    18. This comment has been removed by the author.

      Delete
    19. //නමුත් අදහන්නේ මට්ට මෝඩයෝ.. අවුරුදු 2500 කට පෙර දහමක් මේ නවීන ළෝකයට කිසි සේත්ම ගැලපෙන්නේ නෑ.. ක්‍රිස්තියානි ආගම අවම වශයෙන් කාලානූරූපීව හා පරිසරය අනුව වෙනස් වෙනවා.. ඒකට ඉතින් මේ ආගම් දෙක ගැනම ඓතිහාසීක දැනීමක් තියෙන්නේ ඕන. මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ඉපදීමත් දුකක්, ජීවත්වීමත් දුකක්, මිය යාමත් දුකක්.. මට නම් ඔය ඔක්කෝම ආතල් සිඳුවීම් පමණයි..//
      මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ කියන්නේ තමන් හැර අන් අය මෝඩයෝ කියලා හිතන නිසා නේ. එහෙම අය ට කියන්න තියෙන්නේ "මා හරි ජගතා මා හරි උගතා හිතනා මිනිහා මෝඩයකී කියලා" තමයි. සාකච්ඡාවට මුලපුරපු විදියෙන්ම මාතලන්ගේ බුද්ධාගම පිළිඹඳ දැනුම පේනවා. තමන් නොදන්නා දෙයක් විවේචනය කරන්න කෙනෙකුට සධාචාරාත්මක අයිතියක් නැහැ. මාතලන් කරන්නේ බලපු නැති ෆිල්ම් එකකට විචාර ලියනවා වගේ වැඩක්.

      Delete
    20. ලියන්න ගිය එවුවා අමතක උනා සෑමා මේ සංවාදෙ සමහර අදහස් දැකල.

      Delete
    21. ඉන්දිකයා කියනවා වගේ මෙතන මගේ ආගම් ඇදහීමයි භක්තියේ දිග පළලයි ගැන වාද කරලා හිත් රිද්ද ගන්න ඕන නෑ. මට තියෙන ප්‍රශ්ණේ ඉපදීම දුකක් කියලා හොඳටෝම දන්නවා නම්. දරුවෝ හදලා පව් පුරව ගන්නේ ඇයි. අපේ ආශාවන්ට වෙනත් ජීවියෙක් මේ දුකින් පිරුණු ළෝකයට බිහි කරන්නේ ඇයි.

      ඒ තමයි පට්ට බොරුව.

      ඇත්ත තමයි ඉපදීම කියන්නේ මංගල කරුණක්. මව් පදවිය පිය පදවිය ලබන දිනේ රජ උනා වගේ හැඟිමක් එන්නේ. කිසිම දුකක් එන්නේ නෑ. අම්මා වේදනාව ඉවසගන්නේ සතුට නිසා. ඒ කාළේ අම්මලා දරුවෝ 10-15 හැදුවේ දුකක් නිසාද. මොනවද මේ බොරු කතා.

      බුදු හාමුදුරුවෝ රජ පවුලක කෙනෙක්. එයා බුදු වෙලත් රජ සැප විඳින්නේ. ආරාමවල අසපුවල වැඩ වාසය කරන්නේ. රජ සැප විඳින්නේ. අතට පයට වැඩ කාරයෝ. ගෝලයෝ.. ඉතින් දුප්පත් මිනිහට කියනවා උඹලා පව් කරලා තමයි දුප්පත් වෙලා තියෙන්නේ කියලා. මේක හරියට අර වමේ උන්ගේ නිර්ධන පන්ති විඥ්ඥානය වගේ පට්ට බොරුවක්. ඉතින් අර දුප්පත් එකාගේ එකත් හූරගෙන කනවා. එහෙම දුන්නාම පින් කියලා. අනේ ඉතින් අර දුප්පත් මිනිස්සු කන්න තියෙන එකත් දන් දීලා. හූල්ලා හූල්ල ඉන්නවා. ඊළන්නග ආත්මේ සල්ලි කාරයෝ වෙලා ඉපදෙන්න. එහෙම ඉපදෙන්න ඊළඟ ආත්මයක් තියෙන්න එපාය.

      Delete
    22. @ ඉන්දික......ජීවිතයම දුකක් නම්- දුකට හේතුව තණ්හාව නම්- ඉපදීම තණ්හාවේම කොටසක් නම්...නිසිලෙස බෞද්ධ ධර්මය/දර්ශනය වටහා ගත්තකු කල යුතුව ඇත්තේ ..ජීවිත බිහිකිරීමෙන් මිදීම හැර තවත් මිනිස් ජීවීන් මේ දුක්, තණ්හා වගුරට එකතු කිරීමද?
      මිනිස් පරිණාමය අහෝසි විය යුතු යැයි කියනා කිසිම ආගමක් දියුණු ලෝකයේ ඇතැයි කියා මම විශ්වාස නොකරමි. (සමහර කල්ට්ස් හැර ).

      සමාජ හික්මීම නොයෙකුත් ආකාරයෙන් කුඩා කල සිට අද හෙට දක්වා අපි ඉගෙන ගනිමින් සිටින්නෙමු. ආගම යනු හික්මීම මිනිසා තුළ රඳවා ගතයුතු විනය කියාදෙන එක් සංස්ථාවක් පමණක් බව මම හිතමි. නොයෙක් සංස්ථා සහ ජීවන චර්යා තුළින් අප ලබා ගන්නා විනය මූලික අවබෝධය , ඒ තුළ පිහිටා ජීවිතය ගෙනියනවානම් ,අද දුක සහ දුකට මූලික තණ්හාව ආදි වශයෙන් සාකච්ඡා කල යුතුද?

      අවශ්‍යවන්නේ....එක් එක් ආගම් මගින් අප තුළ පටවනා ආගමික චර්යා රටාවන්ද...එසේ නැතිනම් මිනිසා විසින් මිනිසා තුළ ගොඩ නගා ගත යුතු සියුම් විධිමත් විනය මූලික චර්යා පද්ධතියක්ද...කියන ගැටලුව මට නිතර අසන්නට හිතෙන ප්‍රශ්නයකි.

      (මා ඝාතනය කළාට කම් නැත. මගේ චරිතය ඝාතනය නොකරන්න...ආර්. ප්‍රේමදාස ) මෙහෙම ලිව්වේ බොහෝ විට බ්ලොග්ස් සංවාද අවසන් වන්නේ මතයන් තුළින් පිට පැන පෞද්ගලික චරිතද විවේචනය කරන නිසාවෙනි. පෞද්ගලිකත්වය ඈඳා නොගෙන ඉමු. (ඉන්දික.. මේ උඹට කීවා නොවේ.)

      Delete
    23. සමාවෙන්න... මෙතන මෝඩ කතාව ඇදගත්තේ මම නොවේ. නමුත් මට මෝඩයා කියු විට මා කට වසාගෙන සිටීම මෝඩ කමකි. මගේ තියරිය කම්මුලට ගහන එකාට අනෙක් කම්මුලත් ඇල්ලිම නොව. ඌගේ කම්මුලට ගැසීමයි. ඒ නිසා කරුණාකර එම මාතෘකාව ඇද ගත් කෙනාට ඒ ගැන පහදා දෙන්න...

      Delete
    24. ඔය කරුණ ගැන මාතලන් මල්ලි එක්ක වාද කරලා වැඩක් නෑ. හරියට තාප්පෙක දෙපැත්තෙ ඉන්න දෙන්නෙක් දෙපැත්තෙ තියෙන දේවල් දිහා බලාගෙන තාප්පෙ ගැන වාද කරනවා වගෙ ඔහෙ වාද කරලා හිත් අමනාප කම් ඇති කර ගත්ත හැකියි.. මාතලන් මල්ලි කියන බොහොම දේවල් පෙන්නන්නෙ බුදු දහම ගැනවත් බුදු පියාණන්ගෙ ජීවිතය පිළිබඳවත් ඔහුට හරි දැනුමක් නැති බවයි.. ඉතින් වාද කිරීමේ ඇති පලේ මොකක්ද ? පුංචි කාලෙ මමත් ඔහොම අම්මත් එක්ක වාද කලා. අම්මා අන්තිමට හිනාවෙලා මං කියන දේ අහන් හිටියා. මගෙ පුතාට දවසක තේරෙයි කියල කිවුවමත් මං කලේ ඔච්චමට හිනාවීම.. ඒත් පසුකාලෙදි මමම තේරුම් ගත්තා අම්මා හරි මම වැරදි කියල. බුදු දහම බලෙන් කාටවත් තේරුම් කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි.. නෙළුම් කොලේට වතුර දැම්මම රඳන්නෙ නෑ වගේ. ගතවෙන හැම දිනක් පාසාම මම බුදු දහමේ ඇති සත්‍යය තේරුම් ගනිමින් ඉන්නවා. මීට බොහෝ කලකට කලින් මගේ දුර්මත වෙනුවට නොදන්නා දේ ඉගෙන ගන්න පටන් ගත්තා නම් කියන පසුතැවිල්ල මගෙ හිතේ තියෙනවා...

      Delete
    25. @Maathalan - Priyantha Hewage
      බුද්ධාගම සහිත රටවල් හිගන්නො වෙලා ඉන්නේ ක්‍රිස්තියානි සහ හම්බ රටවල් ඒව කොල්ල කාපු නිසා බොල.
      අනික දුක ගැන කියන්නෙ සියල්ල දුකයි කියන එක නොවෙයි. ඇත්ත ඇති සැටියෙන් දැකගෙන ඒ අනුව මුළා නොවී අනාගතය සකස් කර ගන්න කියන එකයි. අනික උඹ ඔය කියන පොහොසත් කම මනින්නෙ ඇමරිකන් ක්‍රමේටනෙ නේද? උඹ බුද්ධාගම විහින් අත හැරියා නම් උඹ පව් බං. එච්චරයි තමයි කියන්න වෙන්නෙ අන්තිමට.

      Delete
    26. සරත් ලංකාප්‍රිය අයියේ.. ඔයාට බුද්ධාගම ළොකුයි. අපේ ඉක්බාල් නානට අල්ලා ලොකුයි. ශන්මුගම් සිව ලිංගෙට ඕසෙට වඳිනවා. තව එකෙක් කතරගම දෙයියෝ වඳිනවා. එකෙකුටවත් නොතේරෙන දේ තමයි. මේ ඔක්කෝම හම්බ කරන් කන්න එහෙම නැත්නම්, බඩේ බත් දා ගන්න කරන වැඩ කියලා. ආගමක් පස්සේ දුවන්නේ ආත්ම ශක්තියක් නැති මිනිස්සු. ආත්ම ශක්තියක් තියෙන එකාට ත්‍රිපටකේම කියවන්න ඕන නෑ. දස සිල් ඕනෙත් නෑ. පන්සිල් වලින්ම තේරෙනවා මේක මේ කරන්න පුළුවන් මළදානයක් නෙමෙයි කියලා. මෙතන මේ පොර ටෝක් දෙන එකෙක්වත් සිල් පද පහ රකින්නෙවත් නෑ. ඒ උනාට හැමදාම සමාදම් වෙනවා. මම සමාදම් වෙන්නෙත් නෑ රකින්නෙත් නෑ. අනික සරා කොහොමද කියන්නේ මම බෞද්ධාගම ගැන දන්නේ නෑ කියල. මම හොඳට දන්නව ඒකයි එන්න කිව්වේ විවාදෙකට. එකෙකුටවත් ඒකෙන් දිනන්න බෑ. එහෙම උනාම ඇමරිකන් බඉලා ගහනවා. මගේ දැණුම නෙමෙයි. විවාදෙට එක්වන්න. අර සරාට පහලින් ඉන්න එකා නම් නානසාර බුඩිසම් එකෙක් වෙන්න ඕන. ඌව නම් දහම් පාසලකට යැව්වොත් හොඳයි.

      Delete
    27. ආදරණීය මාතලං වෙත , ( සම්පූරණ කොමෙන්ට් එකම කියවන්නේ නැතිනම් , කිසිම වාක්‍යක් නොකියවා අහක බලාගන්න . කියවනවා නං අග වෙනකංම කියවන්න . අකුරු වැරදි තිබ්බොත් සොරි . මේ ‍කොටන්නේ හෙන කම්මැලි වෙලාවක )

      ඕ මයි ගොඩ් ........... මාතලං හරි ප්‍රාථමික තර්කයක් ගෙනල්ලා විවාදේ ඉවර කරලේ ම් ...........
      වැඩිය ඹ්නේ නෑ මාත් කෙටියන්ම දෙන්නං කෝ ....
      මහත්තයෝ ...... චතුරාර්්‍ය සත්‍ය කියලා එකක් තියෙනවා , ඒකෙ තියෙන්නේ කරුණු හතරක් කියලා සරලව මතක තියාගන්නකෝ .
      ඒ කරුණු හතර එක පේලියට තියෙන හතරක් නෙවෙයි . වටයක් විදිහට යන චක්‍රයක් ( අර ඔබ තමුන්නාන්සෙලා වගේ‍ම මේ අසරන අපිත් මුහුන දෙන දුගී බවේ විශම සක්‍රය වගේ .
      ආර්්‍ය ධර්ම එක්කම පටිච්ච සමුප්පාදය කියලා එක් බැඳිලා තියෙනවා . අර කියපු කරුණු චක්‍රයක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා එකෙන් හොඳට පැහැදිලි කරවලා තියෙනවා ...........
      උඩින් කියපුවා මතක නෑ වගේ නං , මං මුලිං කියපු විදිහට චක්‍රයක් කියන එක මතක තියාගන්නකෝ ........
      දැං පටන් ගමු ......ඔය උත්තමයවම මං උදාහරණ කරන්නංකෝ

      1. දැං ටිකකට කලිං මෝඩයා කිව්වම මල පැන්න නේද ( බුදු දහම දන්නවා නං මල පැනීම කියන්නෙත් දුකේ එක ස්වභාවයක් කියලා දන්නවා ) -- ඒ මල පැන්නේ ඔයා ඉපදුන නිසා
      2. දැං ඔයා දිගටම කොමෙන්ට් කරන්නේ අභියෝග කරපු විවාදේ පරදී කියලා බයෙන් නේද ( බය කියන්නෙත් දුකේ එක ස්වභාවයක් කියලා බුදු දහම දන්නවා නං දනන්නවා ) -- එක වෙන්නෙත් ඔයා ඉපදුන නිසානේ .

      උපත දුක්ක කියලා හැදින්වෙන්න‍ෙ ඇයි දන්නවද ? විදින්න වෙන හැම දුකක්ම විදින්න වෙන්නේ උපත නිසා . ඒ නිසා තමයි උපත දුකක් කියලා කියන්නේ එහෙම නැතුව අම්මගේ බඩෙන් එදිදි පොඩි එකා අඩන නිසා නෙවෙයි . ඌ ආවට පස්සේ විඳින්න වෙන දේවල් නිසා .

      අනික උපත කියලා හැදින්වෙන්නේ හැම වෙලේම දරු උපතක්ම නෙවෙයි . දෙක වසරේ දහම් පාසල් පොතේ එහෙම තියෙනවා බොරුනං බලන්නකෝ .
      දුක නැති කරන් නං කරන්න ඕනේ උපත් පාලනය නෙවෙයි . දැං ඉතිං ඒ ඇයි වගේ දෙකේ පන්තියේ ප්‍රශ්න අහන්න එපා සහෝ . උපදින්නනේ මිනිස්සු විතරක් නෙවෙයි කියලා දන්න කෙනෙක් නං ඒ ප්‍රශ්නේ අහන්නේ නෑ. ඔය කියන විදිහට දුක නැති කරන මඟ උපත් පාලනය නං . උඹට මට උඹේ පුතාට උගේ පුතාට විතරක් නෙවෙයි බං ගෙදර බල්ලට . අල්ලපු ගෙදර බල්ලට , බිත්තවල ඉන්න හූනන්ට . මකුලුවන්ට ...... තව උඹ දන්න ඔය ඉන්න සත්තු ඔක්කොටම කොන්ඩම් දාන්න වෙනවා .තේරුනාද සුදු මහත්තයාට .
      දුක් විිඳින්න මූලාරම්භය ලැබෙන්නේ උපත නිසා උපත දුකක් වෙනවා . ඒ උපත නැති කරන්න කොන්ඩම් දැම්මාම මිනිස්සු නැති වෙලා සත්තු විතරක් ඉතුරුවෙනවා . ඒ නිසා ඒ උපත කියන දුක නැති කරන්න පුලුවන් වෙන්නෙ ඉපදිලා, ඒ උපත දුකක් කියලා තේරිලා නැවත උපතක් නැති මවු කුසක පිලිසිද ගැනීම නැතිවෙන තැනට තමන්ගේ අභ්‍යන්තර ශක්තිය ( හෙවත් ආත්මය කියමුකෝ ) පත් කරාට පස්සෙ විතරයි .

      තව බන කියන්න ආසයි . අවුරුදු උත්සවේට පස්සෙ නිසා දැං ඔළුව රිදෙනවා .
      මීට පස්සේ තර්කයක් ‍ගේනකොට ඒ තර්කෙ ගේන්න කලින් ඒ තර්කෙත් එක්ක බැඳිලා තියෙන තිය‍රිය විහිදිලා තියෙන පරාසය නුවනින් අධ්‍යනය කරලා එන්න . නැත්ත වෙන්නේ මේ වගේ අවුරුදු 22 චූ කොල්ලෙක් ඉස්සරහා බොග වෙලා . මෙහෙම දේවල් අහන්න ඇයි මං ඉපදුනේ කියලා හිතන්න වෙන පසු තැවීම විතරයි .

      පලි - තර්කයට පිලිතුරු දුන්නා පමණි පුද්ගලික අවුලක් නැත . ඹබ පිලිගන්න දහමක් අදහන්න . ඊට අපි හිනා වෙන්නේ හෝ ගරහන්නේ නැත .
      අවසන් ජේදය නිසා හිත රිදුනා නම් මෙහෙම හිතන්න ........ " මෙහෙම හිත රිදිලා දුකක් දැනෙන්න හේතුව මං ඉපදුන එක නේද ! "

      අන්න ඒකයි උපත දුකක් වෙන්නේ !!!!!

      තවත් ප්‍රශ්න තියේ නං අහන්න පුලුවං ......උත්තර කොටන්න කම්මැලි නොහිතුනොත් ප්‍රශ්න වලට ලැබෙන උත්තර වලින් සෑහිමකට පත් වෙන්න පුලුවන් වෙයි

      Delete
    28. @මාතලන් - සයිබර් ෆෙස්ටි ගියා තාම හරියට කමෙන්ට් කියෙව්වෙත් නැහැ.

      සරලවම ඔබ ඉලක්ක කොට තර්ක කරන්නේ ඉපදීම දුකක් නම් ඇයි අපි ආත්මාර්ථකාමී වෙලා මේ ලෝකෙට තව ජීවියෙක් බිහි කරන්නෙ කියල අහන එකයි.

      මම දැනට ප්‍රශ්න දෙකක් අහල පිටත් වෙන්නම්.

      1. බුද්ධ දේශනාවේ කොතැන හෝ තිබුණද ලමයි හදන්න එපා කියල?
      2. බුදුහාමුදුරුවෝ අංගුලිමාල සූත්‍රය දේශනා කලේ ගැබිනි මව්වරුන්ට නේද?

      * ඇත්තටම බුද්ධ දේශනාව අනුව දරුවන් ලැබීම මංගල කරුණක්.

      මම මීට පෙර ලිපියක් ලිව්වා ඉපදීම නැති කලොත් නිවන ලැබෙනවා නම්, ඇයි හැමෝම ලමයි හදන්නෙ නැතුව, සංසර්ගයේ නොයෙදී ඉන්නෙ නැත්තෙ කියල.. ඒක ඇත්තටම මෝඩ තර්කයක් තමා. ඒ මෝඩ තර්කයෙන් ගොඩක් අය අදහස් දැක්වුවා මේ විශ්වයේ තවත් මනුෂ්‍ය ලෝක වල උපත්, පෙරේත ආත්ම භූත ආත්ම වල හට ගැනීම් සහ සත්ව ලෝකයේ සංසර්ග ක්‍රියාවලි නැවැත්වීමේ නොහැකියාව ගැනත්....

      බුදු දහමේ ඉපදීම දුකක් කියන්නේ ජීවියෙක්ගේ උපත ගැන විතරක්ම නේවේ මාතලන්. “ජාතිය“ ඉපදීම ගැන මෙන්ම සිතක හට ගැනීම, පාප සිතුවිල්ලක හොද සිතුවිල්ලක හට ගැනීම, වගේ දේවල් අදහස් කරනවා. නැතුව ලමයි හැදීම පමණක් නෙවේ..

      ** සියළු කමෙන්ට් කියවා අදහස් පසුවට.. සමාව භජනය කරන්න !!

      Delete
    29. reply for Maathalan - Priyantha HewageApril 19, 2014 at 9:59 PM


      //බුදු හාමුදුරුවෝ රජ පවුලක කෙනෙක්. //

      බුද්ධ උත්පත්තිය රජ පවුලක වෙන්නේ පස් මහ බැලුම් බලලා අවසානයේ. උපදින්නට පෙර තමන් ඉපදෙන්න ඕන කුලය සොයා ගත්තා. එකල තිබ්බ කුල හතරෙන් තමන් සොයා ගන්නා පරම ධර්මය මිනිස්සු අතරට ගෙනියන්න පුලුවන් කුලයක් නොවුන නම් කෝමද ධර්මයක් ප්‍රචාරය කරන්නෙ. පහත් කුළයේත් නොවූ, ඉහලම කුලයේත් නොවී ධර්මය සමාජගත කළ හැකි ගැලපෙනම කුලයේ උපත ලැබීම වරදක් කොට නොදකිමි.

      //එයා බුදු වෙලත් රජ සැප විඳින්නේ. ආරාමවල අසපුවල වැඩ වාසය කරන්නේ. රජ සැප විඳින්නේ. අතට පයට වැඩ කාරයෝ. ගෝලයෝ.. //

      රජ සැප විදින්නට මාලිගාවේ රැදුනද? ආරාම අසපු වලම වැඩ හිටියද? මතක නැද්ද කාලයක් පාරිලෙය්‍ය වනයේ වැඩ හිටියා. භික්ෂු ආරවුලක් නිසා වන ගත වෙලා ඇතෙක් තමන් වහන්සේ ලගට ගෙනතත් දෙන පලතුරුම පමණක් කාල දිවි ගෙව්වා. අතට පයට වැඩ කාරයේ කියන කතාව පට්ට අසාධාරණයි. තම ධර්මය අනුගමනය කරන අය වැඩකාරයෝ ගෝලයෝ වෙන්නෙ නැහැ. ගිලන් වුණාම උප්සථාන කරන්න පිරිස් හිටිය බව ඇත්ත. ඒ වගේම ගිලනුන්ට ක්‍රියවෙන්ම උපස්ථාන කරල පෙන්නපු එක අමතකද? රජ සැප විදිනව නම් ඇයි තමන් වහන්සේ උපත ලද ශාක්‍ය වංශිකයෝ පමණක් බුදුදහමට ගාව ගත්තෙ නැත්තෙ?


      //ඉතින් දුප්පත් මිනිහට කියනවා උඹලා පව් කරලා තමයි දුප්පත් වෙලා තියෙන්නේ කියලා. මේක හරියට අර වමේ උන්ගේ නිර්ධන පන්ති විඥ්ඥානය වගේ පට්ට බොරුවක්. ඉතින් අර දුප්පත් එකාගේ එකත් හූරගෙන කනවා. එහෙම දුන්නාම පින් කියලා. අනේ ඉතින් අර දුප්පත් මිනිස්සු කන්න තියෙන එකත් දන් දීලා. හූල්ලා හූල්ල ඉන්නවා.//

      කවදාවත් කන්න තියෙන දේ හරි පූජා කරන්න කියල බුද්ධ ධර්මයේ තියෙනවද? ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියල දේශනා කළේ දාන දෙන්න, සල්ලි දෙන්න කියල නෙවේ. ආමිසය තමා දානය වගේ දේවල්. ප්‍රතිපත්තිමය වශයෙන් සිතේ ඇතිවන ධාර්මික සිතුවිලි ගැන තමා බුද්ධ දේශනාවෙ කතා කළේ. දැන් ඉන්න එවුන් වෙනස් කරගත්ත, වාසියට හදා ගත්ත ආගම වගේ මාතලන් දන්නෙ. සල්ලි තියෙන එකාට නෙවෙ පන්සල අයිති. අයිති වගේ උන් හිතන් හිටියට, හාමුදුරුවො හිතුවට. සැබෑ බුද්ධ ධර්මය පන්සල් යන්නෙ නැති එකෙක්ටත් තමන්ගෙ කර ගන්න පුලුවන්. ඒ ප්‍රතිපත්ති පූජාවෙන් එහෙමත් නැති නම් සිතුවිලි යහමග ගැනීමෙන්. ධර්මානුකූල වීමෙන්.


      //ඊළන්නග ආත්මේ සල්ලි කාරයෝ වෙලා ඉපදෙන්න. එහෙම ඉපදෙන්න ඊළඟ ආත්මයක් තියෙන්න එපාය.//

      මාතලන් ධර්මයේ දැනුම අන්තිමයි. නැවත උත්පත්තියක් නැහැ කියල අනෙක් ආගම් විශ්වාස කළාට. බුද්ධ ධර්මයේ කියන්නේ ගවයා පටුපසින් බැඳ ඇති ගැල් පෙල වගේ තමා පසු කළ හොඳ නරක එනවා කියල. ඒ නිසා නැවත උපතක් නැහැ කියල කියන්නෙ කෝමද? පෙර ජාතිය කියවන මිනිස්සු දැකල ඇත්තෙම නැද්ද??


      මේ ඔබ දැමු අදහස් වලට උත්තර බැන්දා මිසක, වෙනත් කරුණු ඈදා ගත්තා නොවේ !

      Delete
    30. @දිනෙල්ක - //අනික උපත කියලා හැදින්වෙන්නේ හැම වෙලේම දරු උපතක්ම නෙවෙයි . දෙක වසරේ දහම් පාසල් පොතේ එහෙම තියෙනවා බොරුනං බලන්නකෝ . //

      මේ ටික මම වෙනමම කමෙන්ට් එකක් දැම්මා.

      ස්තුති !

      Delete
    31. උපාසක දිනෙල්ක..

      දැන් ඔයා මම දුක් උනාය කේන්ති ගියාය කියන්නේ ඔයා රහත් වෙලාද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද.. ආන්න ඉස්සෙල්ලා උපාසක මහත්තයා බලන්න ඕන දේ. භක්තියෙන් ඇස් අන්ධ උනාම සත්‍යය පේන්නේ නෑ. හරි මට කේන්ති ගියාම කියමුකෝ. ඉතින් මේ අහක ඉන්න ඉන්දික උපාසක කහන්න අරන් තියෙන්නේ ඇයි. ඕකට කියන්නේ දුක නෙමෙයි, කෝපය. එහෙම නැත්නම් මල පැනීම. ඔයාලා තාම පොඩියි උපාසක මහත්තයෝ. ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ගෙන් තව දුරටත් අභිධර්මය ඉගෙන ගන්න. චතුරාර්ය සත්‍යත් ඉගෙන ගන්න. ඒකේ තියෙන්නේ දුකම තමයි. අපි නම් කිසි දුකකින් ඇත්තේ නෑ. කොයි වෙලෙත් ආත්ල එකේ ඉන්නේ. මට ඇත්තටම දුකක් ඉපදුනා. ඒ තමයි මම දුකෙන් ඉන්නාවා කියලා හිතාගෙන ඉන්න දුක. ඔයා හරි පව් අප්පා. සිල් ගත්තාම වෙන වෙන දේවල් කරන්නේ නැතුව බණ අහන්න. බණ තලන්න ගියාම. නිකං අභ්\ඉ ගැහුවා වගේ පේනවා. එතකොට එතනින් එහාට පේන්නේ නෑ. එහෙම උන්ට මම නම් කියන්නේ ගිරවු කිය්ලා. බුදු සරණයි උඹට පුතේ...

      Delete
    32. උපාසක සෑම්..

      ළමයි හදන්න එපා කියලා නෑ. ඉපදීම දුකක්, ජීවත් වීම දුකක්, මරණය දුකක් කියලා නම් තියෙනවා. ඔතන පොඩි දුකක් එන්නේ මරණය කියන තැනදි විතරයි. ඒකත් ජීවීතය සතුටින් ගෙවපුවම, ජීවීතය කියන්නේ මොකක්ද, ජීවීයෙක් කියන්නේ මොකක්ද, විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැන ගත්තාම ඒතරම්ම හිතට දැනෙන්නේ නෑ. අඩු ගානේ හිත හදාගන්නවත් පුළුවන්.

      අංගිලිමාල සූත්තරේ කාට දේශණා කලාද කියන්න උඹ හිටියෙත් නෑ මම හිටියෙත් නෑ නේ ඒ කාලේ. මොකෝ තේරවාද බුද්ධාගමේ තියෙන ඒවා මහායානේ නෑ. ඉතින් මම දන්නේ නෑ කාටද කිව්වේ කියලා. ඒත් අද නම් ගැබිනි මව්වරුන්ට කියනවා. ඉතින් ඕක දේසනා කරන ගමන් ගෑණුන්ට පුළුවන් නේ පන්සල් වල ළමයි වදන්න. මොකෝ ඕක කියන කොට සීසර් කරන්න ඕනෙත් නෑ නේ. ළමයි හම්බ වෙන එක ලේසී වෙනවා කියලනේ කියන්නේ.

      ප්‍රායෝගික ළෝකේ ජීවත් වෙයන්. මේ අවුරුදු 2500 කට කලින් ගල් ගුහාවල හිටපු, ගස් ගල් වලට වැඳපු වැද්දන්ට කියපෞව. මේවා හොඳයි උඹලා වගේ උන්ට, අපිට නම් ඉතින් ඕවා බයිලාම ඇර වෙන කිසි දෙයක් නොවේ.

      අනිත් ඒවා ගැන ලියන්න මටත් කම්මැලියි.

      Delete
    33. සංවාදේ තාම යනවට ඉතා සතුටුයි.කරුණාතර කකුල උස්සගේන පෑගී ඇති වගිගය ඉවතට ගන්න.
      බුද්ධ දර්ශණයට අනුව දුක නැතිවන්නේ නිර්වාණය අවබෝධයෙන් පමණයි. නිර්වාණය අවබෝධ කරගත හැක්කේ යයි සලකන්නේ මනුෂ්‍ය ආත්මයක් දරන්නෙක් ට පමණයි.තිරිසනුන්ටවත්, තිස්තුන් කොටියක් දෙවියන් කිසිම අයෙකටවත්, යක්ෂ ප්‍රේත ආකාරකටවත් නිවන් දැකිය නොහැක.දෙවියන් ට සැප පට්ටෙට විධිය හැකි වුවත් නිවන් අවබෝධ කරගත නොහැක. නියම බෞද්ධයෝ දෙවියන්ට පින් දෙන විට වඳින්නේ නැත්තේ ඒකයි. මේ ආත්මයේදීම නිර්වාණය අවබෝධ කරගත නොහැකි වුණොත් සසර තවත් දික්වේ. මරණය නිසා මනුස්ස ආත්මයක් නොවන එකක ඉපදුන හොත් ඒත් නිර්වාණය තවත් දුරස්වේ.
      බුදු දහම අනුව නිර්වාණය සඳහා අන් අයට මඟපෙන්වනනේ සම්මා සම්බුදු කෙනෙක් වේ.පසේ බුදු වරුන් නෙමේ. හඒක තමා ලෝවැඩ සඟරාවේ තියෙන්නේ
      කළකිණි බුදුකෙනෙකුත් උපදින්නේ
      දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ.
      මේ දෙකම තිබිය යුතුයි නිර්වාණය අවබෝධ කර ගැනිම සඳහා. කොතරම් පින් කර තිබුනත් දෙවිකෙනෙක් වෙලා හිටියත්මනුෂ්‍ය ආත්මයක් නැතිව නිර්වාණය අවබෝධ කරගත නොහැක.ඉපදිම දුකක් කියලා මිනිස් උප්පාදනය නැවතුව හොත් වෙන්නේ සසර දික් වීම පමණයි.
      ඔබ දන්නාදේත් ඇති .නොදන්‍නා දේ ඊට වඩා වැඩිය. සද්දේ වැඩි වන්න වන්න හෙළි වන්නේ ඔබේ හිස් බව පමණි. දන්නා කෙනෙක් ප්‍රියන්ත මහතාට කැපෙන් පිහි තලයක් දෙන්න බඩ කපා ගන්න.

      Delete
    34. දෙවියෝ යක්ෂයෝ පෙරේතයෝ ගැන කතා කරන උන් එක්ක තව මොන කතාවක්ද. රියල් බුඩිසම් වල ඕවා නෑ. උගත් හාමුදුරු කෙනෙක් ගෙන් අහලා දැන ගන්න. ඒවා මේ පස්සෙ කාළේ බලෙන් රිංගවපුවා. නිවන් දකින්න ඔච්චර නහින්න ඕන නෑ. ආශාවත් අත් ඇරියාම හරි. ඔහේවත් මම වත් නිවන් දැකපු කෙනෙක් දැකලා නෑ නේ. අහලා තියෙනවා විතරයි. අනික ඉතින් දකින්න ඔච්චර අමාරු දෙයක් හොයාගෙන යන එකත් ගොන් කමක් නේ. නිවන් දැකපු එකෙක් දැක්කොත් කියන්න. ආන් එතකොට මම පිලිගන්නම්.

      Delete
    35. This comment has been removed by the author.

      Delete
    36. මාතලන්ගේ තර්කේ අනුව, මාතලන්ගේ අම්මයි තාත්තයි හිඟන්නෝද?

      "මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ඉපදීමත් දුකක්, ජීවත්වීමත් දුකක්, මිය යාමත් දුකක්.. මට නම් ඔය ඔක්කෝම ආතල් සිඳුවීම් පමණයි.."
      ඉතින් මැරෙන ආතල් එක ඉක්මනටම ගනින්කෝ !!!!

      Delete
    37. ඔහේ නහින්නේ නැතිව, බණ පදයක් අහගෙන දොයියන්න. අපි ඒකත් වෙලාවට කර ගන්නම්.

      සියළු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගී වෙත්වා...! සුවපත් වෙත්වා...! දුකින් මිදෙත්වා...! සැපතට පත්වී ආතල්ම වැඩි වෙත්වා.! අවසන එකෙක් වත් දැක නැති නිවනේම සැතපෙත්වා...!

      හා දැන් සාධූ කියන්න ළමයි..

      Delete
    38. * මේ ලියන්නේ මාතලන්ට හා ගැටෙන්නට නොව ඔහුගේ අදහස් වලට පිලිතුරු දීමටය.

      උදාර කියන ආකාරයට මිනිස් භවයක් නැතිව නිවන් ලබන්න බැහැ. ඒ නිසා මාතලන් කියනව වගේ ලමයි හදන එක පාපයක් හෝ අයෙක් දුකට ඇද දැමීමක් වෙනවා දැයි නැවත සිතා බැලිය යුතු...

      //අංගිලිමාල සූත්තරේ කාට දේශණා කලාද කියන්න උඹ හිටියෙත් නෑ මම හිටියෙත් නෑ නේ ඒ කාලේ.//

      අපි හිටියෙ නැහැ. ඒත් අංගුලිමාල තෙරුන් උත්පත්තය ලබන්න බැරුව දරු ගැබ තුල වසර 7ක කාලයක් සිටිය කියලයි මම අහල තියෙන බුද්ධධර්මයේ තියෙන්නෙ. ඒ පෙර භවයක නගරයක මිනිසුන් සිරකර තබා ගැනීමේ පාපයක් කියලත් අහල තියෙනවා. ඒ නිසා දරු ගැබට උත්පත්තිය දෙන්න දේශනා කරපු සුත්‍රයක් කියල නියම බෞද්ධ දහමෙ තියෙනවා.

      මාතලන් කියන විදිහට බුදු හාමුදුරුවෝ දේශනා කළා මේ ධර්මය කාලානුරූපිව අප්ඩේට් වෙන්න ඕනෙ කියල. ඒ තැනදි මාතලන්ට මම එකගයි. ඒත් සමහර බහුතර කරුණු වලට ඇරෙන්න.

      //දෙවියෝ යක්ෂයෝ පෙරේතයෝ ගැන කතා කරන උන් එක්ක තව මොන කතාවක්ද. රියල් බුඩිසම් වල ඕවා නෑ.//

      බුද්ධ දේශනාවේ දෙවියො පස්සෙ යන්න කියල නැහැ. අපි කරන පින් වලින් ආනිසංස ලබන්න අපේ පස්සෙ එන කතාව දන්නවා. අපි පිං කරලා අනුමෝදන් කලාම ඇති. දෙයියො පස්සෙ යන්නෝනි නැහැ. බුද්ධ කාලේ කොසොල් රජ්ජුරුවෝ සිහින හතක් දැක්කේ තම නෑයො පෙරේතයෝ වෙලා වද දීපු නිසා.

      මාතලන් ඇත්තටම ධර්මය දන්නවද? දන්නෙ නැහැ කියල මම හිතන්නෙ නැහැ. ඒත් දැන්ඉන්න උන් පටලවා ගත් බුද්ධ ධර්මය එක්ක මාතලන් හැපේපෙන බව හැගෙනවා. ඒක හරි. ඒත් ඔබ විටක පටලවාගෙන් ඇත්ත බුද්ධාගම මතට ඒ අපේ එවුන් කෙලවා ගත්ත ධර්මය සමපාත කරන්න යනවා ඒකයි අවුල..

      Delete
    39. බුදු දහමේ නෙමෙයි හැම දහමෙම තියෙන්නේ එකම දේ. දරු ගැබක් කොහෙද බන් අවුරුදු හතක් තියෙන්නේ. ඇතින්නත් මාස 23යි නැත්නම් 24යි.

      හැම එකේම තියෙන හොඳ දේ ගත්තාම ඇති. කාටවත් ඇනයක් නොවී සැහැල්ලුවෙන් ජීවත් උනාම. මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන්. මගේ නම් බැඳිම් බොහෝම අඩුයි. බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේඅ ආත්මෙම උඹලා කියන නිවන දකින්න පුළුවන් කියලා.

      Delete
    40. මමත් එනවා මේ සංවාදයට...
      පොඩ්ඩක් ඉඳපල්ලා...
      ඔක්කොටම කලින්, ගිහිං පොලිසිය දැනුවත් කරලා එන්නං ,,,,

      Delete
    41. අපි පරිණත වෙලා ඇවිත් මේකට කමෙන්ට් කරන්නං ඈ....

      (තව අවුරුදු 20ක් විතර ගිහිං 40 පැන්නට පස්සේ)

      Delete
  10. බුද්දාගම නොව බුද්ධ ධර්මය විය යුතුයි. එය අනික් ආගම් මෙන් අදහන දෙයක් නොව සිහි බුද්ධියෙන් තේරුම් ගෙන පිළිපැදිය යුතු දෙයකි. තමන් කිවු දෙයක්වත් කියූ පලියට විස්වාශ නොකර සිහි බුද්ධියෙන් විමසා බලන්නැයි බුදුරජාණන් වහන්සේද පවසා ඇත.
    කිනම් ආගමක් වුවත් අනෙක් ආගමක් හෝ ධර්මයක් වැරදි යයි කියන්නේනම් ඒ සෑම ආගමකම, ධර්මයකම සෑම අංශුමාත්‍රයක් ගැනම දැනගෙන සිටිය යුතුය. එය සුළුපටු කාර්යයක් නොවේ. එසේ දන්නා කෙනෙක් ඇතැයි සිතිය නොහැක.
    දැන් ඉන්නා අය දේශනා කරන්නේ තමාගේ ආගම් ශාස්තෘවරුන් දේශනා කළ දෙය නොව තම වාසියට සකසාගත් මොඩිෆයි කළ දහමකි. ඒ නිසා මුලාවේ නොවැටී යම් දෙයක් සිහි බුද්ධියෙන් වටහාගෙන කිරීම කාටත් සුබදායකය.

    ReplyDelete
    Replies
    1. //දැන් ඉන්නා අය දේශනා කරන්නේ තමාගේ ආගම් ශාස්තෘවරුන් දේශනා කළ දෙය නොව තම වාසියට සකසාගත් මොඩිෆයි කළ දහමකි//

      හරියට හරි....ප්‍රසන්න අයියේ...ගොඩක් අය තමන්ගෙ මතවාද ආගම් වලට ඔබ්බවල, ආගම් විනාශ කරල තියෙන්නෙ....අනුගාමිකයො ඊට හපන්........ආගම් තියෙන්නෙ අන්ධ භක්තියෙන් අදහන්න නෙමේ කියෙන එක ගොඩක් අය තේරුම් අරන් නෑ......

      Delete
    2. ඇදහිලි සහ විශ්වාස කිරීම් සහිත ඒවා ආගම් ලෙසත්, පිලි පැදිය යුතු කරුණු සහිත ඒවා ධර්මයන් ලෙසත් දනිමි.

      මා කොතැනක හෝ බුද්ධාගම ලෙස සඳහන් කළාද?
      එසේනම් නිවැරදි කරමි..

      Delete
  11. විවේචනය කිරීම තේරුමක් නැති දෙයක් නේද,මොකෝ එහෙම කළා කියල කෙනෙක් ආගම් මාරු කරන්නෙ නෑනෙ.අන් මතය ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ නැත්නං අනුන්ට හරිමග දේශනා කරන්නෙ කොහොමද.

    ReplyDelete
  12. ප්‍රසන්න කියූ ‍දේ හරි.. බුද්ධාගම නොව එය බුද්ධ ධර්මය යි. ධර්මය/ දහම යන්නෙන් ඍජු ව අදහස් වන්නේ බුදුන් දෙසූ දර්ශනය ම පමණි. වෙනත් කිසිදු ආගමක්/ දර්ශනයක් දහම යන්නට ඇතුළත් නො වෙයි.
    කෙසේ වුණ ත් ඕනෑම කෙනෙක් වෙනත් ආගමක සංයුතිය විවේචනය කරනවා නම් එය අන්තිය කුප්ප වැඩ කි. එහි අන්තර්ගතය නො දැන, එහි කොටසකට පහර ගසනවා නම් එය කුජීත ය. මෙය හැමෝට ම අදාල ය. ආගම් වල නියෝජිතයින් ගේ ක්‍රියාකලාපය ට පහර ගැසීම වෙනත් දෙයක් වන අතර එය ආගමට පහර ගැසීමක් නො වන්නේ ය. නමුත් එය ද සදාචාරාත්මක ව, විචාරශීලීව, පුද්ගලික කෝන්තර වලින් යුතු ව කළ යුතු ය. මට සමන්තභද්‍ර පේන්නට බැරි වන්නේ ඔහු ගේ ක්‍රියාකලාපය නිසා පමණක් වනවා මෙන් ය.
    කොල්ලෙකු වෙනත් ඕනෑම ආගමක කෙල්ලක විවාහ කරගැනීම, ඒකා ව ඒ ආගමට හරවාගැනීමේ පොටක් ලෙස යොදාගැනීම ඒ ආගමේ නොව අදාල පූජකයන් ගේ සිතේ ඇති හීනමානය, තම ආගම ගැන ඔවුන් තුළ ඇති අවතක්සේරුව විදහා පායි. එය ඒ පුද්ගලයින් ගේ වරද මිස බොහෝ විට ආගමේ වරදක් නො වෙයි.

    තවත් දෙයක් මෙ තැනට අදාල නො වුණ ත්. කිසිම කෙනෙක් උප්පැන්නෙන් තම ආගමට ඇතුළු වෙලා නෑ. එහි ආගම සඳහන් වන්නේ නෑ ;)

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහසට.

      බුද්ධ ධර්මය ආගමක් නොවන බැව් දනිමි !

      Delete
  13. මර්සලින් ජයකොඩි පියතුමාව සිහිපත් වුණා. ඒ වගේමයි කැලණිය පැත්තේ සුදසුන වගේ නමක් මට මතක විදිහට මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන නම මතක් වෙන්නේ නැති පියතුමාවත් සිහිපත් වුණා

    ReplyDelete
    Replies
    1. නම නොදන්නා කෙනාද මා නොදනිමි ;)

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. වෙනත් ආගමිකයන් විසින් අපේ ආගම විවේචනය කරන විට එයින් ගම්‍ය වන්නේ ඔවුන් ඔවුන්ගේ ආගමෙන් ලබාගත යුතු දැනුම හා සංයමය නිසි පරිදි ලබාගෙන නැති බවයි. එය ඔවුන්ගේ ප්‍රශ්නයක්, ඔවුන්ගේ අඩුපාඩුවක්, ඒ ගැන සිතා සිත කලබල කරගන්නට එපා..

    ඔබ වෙනත් ආගමක අයෙකු හා විවාහ වී, ඇයට ඇගේ ආගම අනුගමනය කරන්නට ඉඩ දෙනවා, ඒ කියන්නේ ඔබ යහපත් ආකල්ප සහිත කෙනෙක්.. ඒ ගැන ආඩම්බර වන්න, යහපත් ආකල්ප ලබාගෙන නැති අය නිසා හිතේ සාමය නැති කරගන්න එපා.

    මට විවිධ ආගම් වල යහළුවන් ඉන්නවා, සමහර අය අපි එක්ක කවදාවත් ආගම ගැන කතා කරන්නේ නැහැ, වාද කරන්නේ නැහැ, අපි එක්ක හරිම සෙනෙහසින් කල්ගතකරනවා, ඉගෙනීම් කටයුතුත් හොඳට කරගෙන යනවා. නත්තලෙන් පසු කේක් සංග්‍රහයකුත් ලබා දෙනවා. තවත් අය ඉන්නවා හැමතිස්සෙම කියවන්නේ ඔවුන්ගේ ආගමේ විස්තර, බුදුදහමේ වැරදි කියනවා ඒ අතර (මම නම් බැරිම බොහෝ විට වාදයට යන්නේ නැහැ, මග ඇරලා යනවා) හරියකට පාඩම් කරන්නෙත් නැහැ, නමුත් විභාගයට පෙර ටොයිලට් එකට යන්නෙත් pray කරන ගමන්.

    විවිධ මිනිසුන්, විවිධාකාර ආකල්ප සහිත මිනිසුන් එක්ක අපට ජීවත් වෙන්නට වෙනවා, ඔවුන්ගේ අයහපත් ආකල්ප සම්බන්ධයෙන් අපට කරන්නට දෙයක් නැහැ. කාලය සමග ඔවුන් තේරුම් ගනීවි.

    ReplyDelete
  16. හැමෝම උප්පැන්නෙ තියෙන ආගමක් ගැන කියවනව, කොහෙදබන් උප්පැන්නෙ ආගමක් දාල තියෙන්නෙ. ලංකාවෙ මට දුන්න්නු එකේනම් එහෙම නැහැ.

    ඔය ආගම් අයිතිකරගෙන ඉන්න උන් තමයි ආගම් වැඩිපුරම කන්නෙ. ඒවුනාට උන් බනින්නෙ පොඩියට අඩියක් ගහගෙන කාටවත් කරදරයන් නොකරගෙන ඉන්න උන් ආගම් විනාව කරනව කියල.

    ReplyDelete
    Replies
    1. //හැමෝම උප්පැන්නෙ තියෙන ආගමක් ගැන කියවනව, කොහෙදබන් උප්පැන්නෙ ආගමක් දාල තියෙන්නෙ. ලංකාවෙ මට දුන්න්නු එකේනම් එහෙම නැහැ.//

      +++++

      ඔව්, ආගම තීන්නෙ උප්පැන්නෙ නෙමෙයි, ඒක අයිතිකාරයගෙ දෙමාපියන්ගෙ හිතේ.

      Delete
    2. උප්පැන්නේ ආගම සඳහන් වෙන්නේ නැහැ තමයි

      Delete
    3. හුටස් ලගදි ඒක දැක්කෙත් නැහැ :ඩී

      Delete
  17. කියන්න දෙයක් නැ සියල්ල ලෙසටම කියා ඇත.

    ReplyDelete
  18. All Religions were invented by the Devil to conceal God from Mankind

    ReplyDelete
    Replies
    1. මේකනම් යකාගේ කතාවක්

      Delete
    2. යකා අමුතු සීන් එකේ බං ඉන්නෙ. :)

      Delete
  19. මගෙත් අම්මා තාත්තා ආගම් දෙකක...ඒත් මට ඔය දෙපැත්තෙන්ම බලපෑමක් නෑ...එහෙම කලත් මම පිලිගන්නෙත් නෑ.. ඒ හින්ද මටනම් ඔය ආගම් ප්‍රශ්න නෑ ....පල්ලි,පන්සල්,දේවාල ඔය ඕන එකකට යනවා.....හැබැයි මට ඕන වෙලාවට....ඉරිදට පල්ලි,පෝයට පන්සල් යන්නෙ නෑ....ඔය තැන්වල දේශනා කරන දේවල් ගැනත් එච්චර තැකීමක් නෑ.....පල්ලි පන්සල් බදාගෙන ඉන්න ගොඩක් අයගෙ හිත කලුයි.....

    නොදැන කරන වැරදි වලට වඩා දැනගෙන කරන වැරදි වල බර වැඩියි...

    ඕනෑවට වඩා අනවශ්‍ය දේවල් වල ඇලෙන්නෙ නැතිව...කාටවත් කරදරයක් නැතිව...ඒත් කාටහරි කරදරයක් උන වෙලාවට සපෝට් එකකුත් දීගෙන ආතල් එකේ හිටියනම් ඉවරනේ...

    මම නම් කොහොමත් දෙයියො දෙනකන් බල බල ඉන්නෙ නෑ..මට ඕන දේවල් මමම කර ගන්නවා...දුන්නෙ නෑ කියල අවුලකුත් නෑ....හැබැයි දුන්නොත් එපා කියන්නෙත් නෑ...

    කොහොමද ටිකිරි මොලේ...

    ReplyDelete
  20. "සතුන් මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනයට" කතාව ඇහුන ගමන්ම මට නම් ඔය ආගමේ හරය තේරුනා,

    ReplyDelete
  21. මම නං මාක්ස් කියපු දේට කැමතී
    ආගමට ඇබ්බැහි වීම යනු අබිං වලට ඇබ්බැහි වීමට සමානය

    ReplyDelete
    Replies
    1. මාක්ස්ට ඇබ්බැහැහි උණු උන් ගැන එතකොට මොනවද කියන්නෙ ??

      Delete
  22. සෑම්...මේක රෝමානු කතෝලික පල්ලියක්ද....එහෙම නැතනම් වෙන නිකායක්ද? කොහොමත් ආගම් අතර සහජීවනය වැඩිවිය යුතු කාලයක...ඒවා දුරස් කිරීමට වැඩ කටයුතු කිරීම ආගමික නායකයින් සතු කාර්යයක් නොවේ.

    ReplyDelete
  23. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  24. Oh My God ෆිල්ම් එක හොයාන බලන්නකො. ඒකෙ තියෙනව ඔය ඩීලර්ස්ල ගැන නියම කනේ පාරවල් ටිකක්.

    ReplyDelete
  25. පත්තර මල්ලිගේ කතාවෙන් සෑමගෙ කතාව සම්පූර්ණ වුනා. වෙන මොකවත් නෙවෙයි ඕකට හේතුව. නම්‍යශීලී නොවීමයි. ඒකටත් එක්ක මතකද මර්සලීන් ජයකොඩි පියතුමා?

    මේකෙන් වෙන්නේ ආගමක් අන්තවාදී බවට, හැකි හැම විටම අන්‍යාගමිකයන් බලපෑම්කර ආගමට බඳවාගැනීමට උත්සාහකරන බවට ඇති මත වලට තවත් පොහොර දැමීම පමණයි.

    ඔය අර පාට පල්ලියද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්‍රි අයියෙ..ආවුරුදු 6 ක පෙම්වතුන් යුවලක් විවාහ වෙන්න යද්දි ආගමේ නාමයෙන් ඒකට බලපෑම් කරන පූජකයාට කියන නම කියපංකො :D
      නීති අවශ්‍ය මිනිසුන් යහමඟට ගන්න මිසක් ආගමේ බලය පෙන්නන්න නෙමෙයි නේ.එහෙම අයට ආගම බාර වූ කල ආගමටත් ජේසු පිහිටයි !!!!!!!!!!!!!

      Delete
    2. ඹව් හෙන්රි.. පාට පල්ලිය තමා. කෝමද එක පාරම ඇහුවේ.. එහේ පෙර වැරදි තියෙනවාද?

      :)

      Delete
  26. ජේසු කලේ තමුන්ගෙ ආගම ( ජුදා ආගම ) විවේචනය කරපු එක, ඒ ආගම අදහන මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල දීපු එක.
    අපේ පෙලක් බයියලට තමා තමුංගෙ වරද ඇර අනික් හැම මගුලෙම ඇද පේන්නෙ.
    මම කතෝළික වෙලත්, පල්ලියෙන්ම මට උන පජාත අත්දැකීම් තියෙනව බන්, සුවාමිල කියන්නෙ ජේසු නෙමේනෙ කියල හිත හදා ගන්නව.

    ReplyDelete
    Replies
    1. මාත් බුදුන් කියන්නෙ හාමුදුරුවො නෙවේ කියල හිතාන ඉන්නෙ :)

      ඒත් තෙරුවන් කියල බුද්ධ/ධම්ම/වගේම සංඝත් තියෙන එකයි අවුල.

      Delete
  27. වැල්ලවායේ සුමනබෝධි හිමි says:(CNEWS)

    * යම් කිසි ආගමක් හෝ දහමක් හෝ වේවා අවැසි වන්නේ, ඒ ආගම හෝ දහම හෝ පිළිපදින පුද්ගලයාට දුකින් නිදහස් වීම පිණිසයි. එයම පරමාර්ථ කරගෙන ලොව පහළවන දර්ශනයන් පහල වේ. බුදු දහම තුලින් වේවා කිතුදහම තුලින් වේවා ඉස්ලාම් දහම තුලින් වේවා හින්දු දහම තුලින් වේවා බලාපොරොත්තු වන්නේ ඒ දුකින් නිදහස් වීමයි.ගැටලුව ඇත්තේ ඒ සෑම දර්ශනයකින්ම ඒ බලාපොරොත්තුවන සැනසීම, ඒ දුකින් එතෙරවීම ලැබෙනවද යන්නයි.
    සෑම දර්ශනයකින්ම ලැබෙනුයේ එකම දුකින් නිදහස් වීම නම් දර්ශනයන් බොහෝ අවැසි නොවන්නේය. එකම දර්ශනයක් පමණක් ප්ර මාණවත්ය.නමුදු දර්ශනයන් බොහෝ තිබුණද ඒ සෑම දර්ශනයක් පිළිපැදීම තුලින්ම දුකින් එතෙර විය නොහැක.තවද සෑම දර්ශනක් තුලින්ම දුකින් එතෙර විය හැකිනම්, ඒ සියලු දර්ශනයන්හි දැක්වෙන දුකින් එතෙර වීමේ මාර්ගය එකක් විය යුතුය.නමුදු ඒවා එසේ නොවන්නේය.
    බුදු දහමෙහි ඇත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමයි.එය වඩන ආකාරය, එහි ඵල ලබන ආකාරය බුද්ධ දේශනාව තුලින් මනාව දේශනා කර ඇත.එය පිළිපැදිය හැකි ඕනෑම පුද්ගලයකුට නිවන නම් වූ දුකින් නිදහස් වීම ඒකාන්තය.
    සෙසු සෑම දර්ශනයකම ඇත්තේ යම් කිසි සර්ව සම්පුර්ණ නොවූ ධර්මයකි. එය පිලිපදින්නාහු දුකින් දුකටම යොමු කරන ධර්මයකි. එබැවින් එබඳු ධර්මයන් රුචි වනුයේ ප්රපඥාව මද පුද්ගලයන්ටම වේ. එය ඔවුන්ගේ දුබල කමක් බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කල යුතු අතරම ඔවුන් විසින් බුදු දහමෙහි පැවැත්මට බලපෑම් කරයිද, බුදු දහමට එදිරිවාදිකම් කරයිද ඒවාටද ධර්මානුකූලවම විසඳුම් ලබාදිය යුතුය.එයට බුදුරජාණන්වහන්සේගේ නිසි අවසරය හා මග පෙන්වීමද ලබාදී ඇත.එබැවින් ඒ සර්වඥ ශාසනය සුරකිනු වස් මෙසේ සඳහන් කරමු.
    “ඉධේව භික්ඛවේ සමණෝ, ඉධ දුතියෝ සමණෝ, ඉධ තතියෝ සමණෝ, ඉධ චතුත්තෝ සමණෝ, සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤේ ” එනම් “ මහණෙනි, පළමු ශ්රසමණයා මෙ සස්නෙහිමය, දෙවැනි ශ්රරමණයා ද මෙ සස්නෙහිය, තෙවැනි ශ්රපමණයා ද මෙ සස්නෙහිය, සිව්වැනි ශ්රපමණයා ද මෙ සස්නෙහිය, අන්ය වූ දෙසැටක් මිත්යා දෘෂ්ටි සංඛ්යාෂත පර ප්රරවාදයෝ ශ්රනමණයන් කෙරෙන් ශුන්යප ය.”
    හැකි කවරෙකු හෝ සිටී නම් මෙය නොවන්නේ යැයි ප්ර”ත්ය ක්ෂ කර ඔප්පු කෙරේවා …!!! සුදුසු ඕනෑම පාණ්ඩිත්යක වාදයකදී මෙය ප්රනත්ය”ක්ෂ කිරීමට අප සූදානම්ය.
    කෙටියෙන්ම පවසනවා නම් “අන් ආගම් හරහා දුකින් මිදිය නොහැක.එය හැක්කේ බුදු දහම තුලින්ම පමණමය.”
    * “තමා විසින් පවක් කරන ලද්දේ නම් තමා කෙලෙසෙන්නේය.තමා විසින් පවක් නොකරන ලද්දේ නම් තමා පිරිසිදු වන්නේය.පිරිසිදු බව අපිරිසිදු බව තම තමා කෙරෙහිය. අනිකෙක් අනිකෙකු පිරිසිදු නොකරන්නේය .” යන ලෙස සරලව අර්ථ දැක්විය හැක. එය වටහා ගැනීමට නොහැකිවීම ඔබගේය. ධර්මය යනු කුටුම්බයකට සිරවුවක් නොව ඊට වැඩ ගැඹුරු දර්ශනයකි. ඔබ දන්නේ මෙලොව පමණි. එයද නිවැරදිව නොදනී. ඒ මෙලොව පමණක් දත් තැනැත්තාට ඇත්තේ ආහාර, නින්ද, භය හා මෛතුනය යන කරුණු සතර පමණි. එයද සියලු සතුන්ට පොදු වුවකි.
    මිනිසා යනු මනස උසස් සත්වයෙකි.ඔහුට දුරදිග හිතීමට හැකිවිය යුතුය. එසේ නොමැත්තා අවිද්යා අන්ධකාරයෙහි පැටලීම නිසාවෙන් සසරෙහි අසරණය. ඔබගේ ප්රිමාදය ඔබටම පසුතැවිලි වීම පිණිසය.
    සත්වයකු උපදින ආකාර සතරෙකි.එනම් අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික හා සංසේදජ යන ආකාර සතරයි. එනම් බිජුවෙන්, ගර්භයෙන්, ඕපපාතිකව පහල වීමෙන් හා මැසිමදුරුවන් සේ පියවර වශයෙනි. ඔබ එයද නොදනී.නොදන්නාහු සමග කවරනම් සාකච්චාද?
    බුදු රජාණන්වහන්සේ මව්පියන් සහිතව ලොවට පහල වන්නේ බුද්ධ දේශනාව සාමාන්යැ මිනිසාගේ දහමක් බව වටහා ගැනීමටය. ඉදින් ඉබේ පහල වූවානම් ඒ ධර්මය ඉබේ පහල වූවන්ට විනා මව් පියන් සහිත සාමාන්යා වැසියාට නොවන්නේය. එය සාමාන්ය වැසියා උදෙසාම බැවින් මව් කුසකින් බිහිවේ.
    බුද්ධ දේශනාව බයිබලය හා සමාන වන්නට, බයිබලයේ දුක්ඛාර්ය සත්යව ඇතිතැන පෙන්වන්න. දුක්ඛ සමුදයාර්ය සත්යය ඇතිතැන පෙන්වන්න. දුක්ඛ නිරෝධාර්ය සත්ය් ඇතිතැන පෙන්වන්න. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්ය ඇතිතැන පෙන්වන්න. එසේ පෙන්වා බුද්ධ දේශනාව බයිබලය හා එකගබව පෙන්වන්න.
    ඔබලාගේ සර්වබලධාරී දෙවියන් බිහිවුයේ කෙසේද? ඔහු ලොව පාලනය කරන්නේ කෙසේද? ඔහු ලොව පාලනය කරනවා නම් හා ඔහු සර්වබලධාරී නම් ලෝකය මෙපමණ විෂම ඇයි? මෙපමණ කුරිරු ඇයි? ලෝකයෙහි සාමය වෙනුවට යුද්ධ ඇයි? මේ දුප්පත් පොහොසත් බේද ඇයි? කලුසුදු බේද ඇයි? එක්කෝ සර්වබලධාරී දෙවියෙක් නැත. නැතිනම් ඔහුට සර්ව බලයක් නැත. තමා මැවූ ලෝකය පාලනය කරගැනීමට නොහැකිනම් ඒ බලයෙන් ඇති ඵලය කවරක්ද?
    වැඩකට නැති කතා නොව බයිබලය අනුව දුකින් මිදීම පෙන්වන්න. බයිබලය අනුව දුකින් මිදීම පෙන්වා දීමට ඔබට නොහැකිනම් පල්ලියට ගොස් පියතුමකු කැදවාගෙන කොමෙන්ට් කරන්න. එතුමාටද බැරිනම් අගරදගුරු තුමන්ගෙන් අසන්න. එතුමාටද බැරිනම් පාප් තුමන්ගෙන් අසන්න. එතුමානන්ටද නොහැකි නම් නිහඩ වන්න. කිමද යත් “ක්රිබස්තියානි දර්ශනය යනු පට්ටම පල් බොරුවක් ” බව ඔප්පුවන බැවිනි.
    [මෙම කොමෙන්ටුව ආගම් වාදයකට අර ඇදීමක් නොවන අතර මාතලන්ගේ ප්‍රකාශ යන් හට පිළිතුරු වේ. එමෙන්ම මෙය උපුටා ගැනීමකි]

    ReplyDelete
  28. පුද්ගලිකව මම පන්සල් පල්ලි කෝවිල් යන්නේ ඒවායේ ලස්සන, පුරාවිද්යාත්මක වටිනාකම, ගොඩනෑගිලි නිර්මාණය, ඉතිහාසය චිත්‍ර , ඈතිකරන සතුන් ආදිය බෑලීමටය
    නෑතහොත් වෙන අයෙකුට යාමට අවශ්යනම් ඔහු / ඈය ගෙනයාමටය

    ReplyDelete
  29. ඇත්තටම සැබෑම දහම මග ඇරලා ද්වේශයෙන් මාන්‍යයෙන් තමයි අද ආගම් රකින්න හදන්නේ.. ඒත් විය යුත්තේ ඒක නෙමේ අපි තම තමන්ගේ දහමේ විදිහට ජිවත් වෙනවනම් තමන්ගේ දහම නිකන්ම රැකෙනවා තමනුත් රැකෙනවා ජාතියත් රැකෙනවා..

    ReplyDelete
  30. අපරාදේ පට්ට සංවාදයක් ගිහිල්ලනෙ මාතලන්ල,දිනෙල්කල ,ඉන්දිකල,සෑම්ල තව තව අය. මේක නම් මාත් කැමති සෙල්ලම් පිට්ටනියක්.දේශපාලනය ඇරුනම ආගම. මාත් ඇති පදම් වාද කරල ඇති. සමහර අන්ධ භක්තිමතුන් ඉස්සරහ නම් කරබාගන්නව. ඒ අය පොත් වල තිබෙන හැම දෙයක්ම විස්වාස කරන නිසා.
    මම නම් කියන්නෙ බුදුන් දේශනා කළ ධර්මය පසුකාලීනව විකෘති වුනා. මට ඒ බව තේරුනා පොත් කියවන කොට.මට නොවෙයි හුඟක් පන්ඩිත හාමුදුරුවරුන්ටත් ඒව තේරුම් ගිහින් තිබෙනව.

    යාළුවනේ බුදුන් වහන්සේ දේශනා කළේ අනාත්ම වාදයක්.ඒක එවකට තිබුන වෙනත් දර්ශන වලින් වෙනස් වුනේ එහෙම. එය සාංක්‍ය දර්ශනයේම දිගුවක්. කපිලවස්තුවට ඒ නම වැටුනෙත් ආදිකාලීන කපිල මුනි නිසයි.

    ඉතින් යාළුවනේ සියල්ලෙන් වියුක්ත වූත් පවත්නා වූත් ආත්මයක් නැතැයි බුදුන් දේශනා කළා. නමුත් මේක බමුණන්ට තේරුම් ගන්න බැරි වුනා. අනික තමයි තමන්ගෙ කන්ට මන්ග සූත්තර දිගට ගෙනියන්න මෙහෙම ගිඔත් බැරි බවත් බමුණො දැනගත්ත.
    බුදුන් දේහ ලක්ෂන විවේචනය කළාම බමුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂන නිර්මාණය කළා.
    බ්‍රහ්මයට බැන්නම බුදුන් බ්‍රහ්මයට උඩින් තබල බණ කියන්න ආරාධනා කළෙත් බ්‍රහ්මය කීව
    ගිනි දෙවියට කරන ගිනි පූජා විවේචනය කළාම බමුණ පහන් පූජාව හදුන්වා දුන්න
    වෘක්ෂ වන්දනාවට බැන්නම බෝධිපූජා හදුන්වා දුන්න.
    බුදුන්ට ආහාර පූජා කරන හැටි බලන්න. බුදුන් හින්දු දෙවියෙකුගෙ මට්ටමට දාල

    යාළුවනේ බුදුන් කියන්නෙ දාර්ශනිකයෙක්. උන් වහන්සේ සර්වඥ නැහැ. අපට වඩා වෙනස් අරුම පුදුම කෙනෙකුත් නොවෙයි.

    උන් වහන්සෙගෙ ධර්මය තේරුම් ගන්න. සියල්ලෙන් වියුක්ත වූත් නිශ්චිතව පවතින්නා වූත් ආත්මයක් නැහැ.
    මේ කතාව තේරුම් ගන්න බැරි වුන බමුණා ඔබත් නොවෙයි වෙන කෙනෙකුත් නොවෙයි කියල හතර බීරි කතාවක් හැදුව.

    මම කියල කෙනෙක් නැහැ. ඒක සම්මුතියක් විතරයි.ඒ සම්මුතියේ රාමුවෙන් ඉවත් වූ සැනින් සම්මුතිය ඉවරයි.මේක භෞතිකවාදයක් සේ පෙනෙන්නත් ඉඩ තිබෙනව.සංයෝජනය නිසා ඇති වූ ගුණ සංයෝජනය බිද වැටීමත් සමඟම අහෝසි වෙනවා.. නැවත ඉපදීමක් නැහැ

    නැවත ඉපදීමක් පිළිගන්න නම් අනාත්මවාදයෙන් බැහැර වෙන්න වෙනව.එතකොට සිතිවිලි පරම්පරාව කියල අලුත් නමක් දාගෙන ආත්මවාදියෙක් වෙන්න වෙනව.

    භව කියල කියන්නෙ සිතිවිලිවලටයි යාළුව්නේ. එහෙම නැතිව ගර්භාෂ සොය සොයා යන සිතිවිලි (මනෝකාය ) නැහැ. අපි කොම්පියියුටරේට දාන දත්තයක් ඉන් ඉවත්ව වෙන කොම්පියුටර් එකක් හොයන් යනව වගෙ මෝඩ කතාවක් ඒක. එහෙම දෙයක් නැහැ.

    මේ ප්‍රශ්න විසදෙයි සිතීමට හැකි කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු නිර්මාණය වුනහම. බුදු වදන සත්‍ය බව එවිට කාටත් තේරුම් යාවි.

    ReplyDelete
    Replies
    1. යකා, බොහොම ස්තුතියි
      ආත්මය, බවය සහ නෑවත ඉපදීම පිලිබදව මට අපෑහෑදිලිව හිතිල තිබුන සමහර දේවල් ඔබ පෑහෑදිලිව දක්වල තියනව.
      ස්තුතියි නෑවතත්

      Delete
    2. පෙනෙනව නෙමෙයි ඔයා කියන්නෙ භෞතික වාදය තමයි. බමුණු කථාවක් ගාව ගන්නෙ ඔයාගෙ නොදන්නා කම නිසාවෙන් මිසක්( නැත්තන් මොකෙක් හරි එකෙක් කියපු එකක් අහගෙන ඉදලා) සාධාරණව සිතීමෙන් නොවෙයි. මම එහෙම කියන්නේ බමුණො කළ දෙය කරණවා කියල කියන ඔබ දන්නේ නෑ ආහාර පූජාවේ, බෝධි පූජාවේ, අර්ථය බුදු රදුන් තමන් වහන්සේම සර්වඥ බව ප්‍රකාශ කළේ මක් නිසාද යන්න බව. ඒවා මුළ මැද අග පරි පූරණව ඇයිද කියල විස්තර වෙනවා.

      නැවත ඉපදීමක් නෑ කියල ඔයා ගොඩ නගන තර්කය පැහැදිලි මදි. ඔයා පුනර්භවය විස්වාස කරනවාද කියල විතරක් කියන්න.

      Delete
    3. අනික ඔබ ඔය කියන බ්‍රහ්ම හින්දූ වරුන්ගේ බ්‍රහම කියල ඔයා හිතාගෙන ඉන්නවනම් ඒකත් වැරදීමක්. බ්‍රහ්මයන් යනු වෙනම තලයක වාසය කරන ජීවියෙක් පමණයි. පවර්ස් නෑ. එහෙම ගොන් වැඩක් බමුණො තමන්ගෙ ආගමට කර ගයිද? කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙ බුදු බව පතා ගෙන ප්‍රෝග්‍රෑම් එකක්ද?

      නැවත ඉපදෙන ජීවියා පෙර ජීවියාද නොවේ එම ජිවියා නැත්තේද නොවේ කියායි බුදු දහමේ සදහන්. ඒ චතුස්කෝටික තර්ක ක්‍රමය පදනම්ව. බටහිර තර්ක ක්‍රමයේ ඇත්තේ ද්විකෝටිකය. එනම් ඇත හෝ නැත. පමණයි.

      ඉහත "ක්ෂීර පථය" පෙන්වා දී ඇති අන්දමට ඔයා වාද කරනවා නම් එන්න මුළ මැද අග දැන ගෙන හරියට.

      Delete
    4. යකා වෙනත් මානයකට අදහස් ගෙනිච්චා.

      ඒත් මුලාශ්‍ර?

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මගේ අසල්වැසි පවුල් පහක් හයක් පමණ ඉන්නවා එක්කෝ සැමියා බෞද්ධ බිරිඳ කතෝලික. නැත්නම් බිරිඳ බෞද්ධ සැමියා කතෝලික. ඔවුන්ගෙන් කතෝලික නොවන අය පල්ලියටත් යනවා. බෞද්ධ නොවන අය පන්සලටත් එනවා. ඔවුන්ගේ දරුවන්ට නිදහස දී තිබෙනවා කැමති ආගමක් අදහන්න. (නමුත් වැඩිපුරම ළමයි බෞද්ධ) අපේ පන්සලේ හාමුදුරුවන්ට බයිබලය සහ කුරානය ගැන පුදුමාකාර දැනීමක් තියනවා. අපේ පැත්තේ තියන පල්ලියේ පියතුමාට බෞද්ධ දර්ශනය ගැන ඉතා හොඳ දැනුමක් තිබෙන බව මගේ අසල්වැසියන් මට කියා තිබෙනවා. මොන මගුල කරත් ඔය ඔක්කොම තියෙන්නේ අපේ හෘද සාක්ෂියෙනේ සෑම්.

    ReplyDelete
    Replies
    1. දැන් කමෙන්ටි කියවද්දි එදා “මම තමයි විචාරක“ කියපු ඩයල් එක සිහි වෙනවා...

      ස්තුති අදහසට. උඹ එල ඩයල් එකක් !!

      Delete
  34. මම කතෝලික ,එත් මගේ නෝනා බෞද්ධ අපිට පල්ලියෙන් කිසිම අවුලක් උනේ නැ .අපි මිශ්‍ර විවාහයක් කලේ ,මම කවදාවත් කිවේ නැ කතෝලික වෙන්න කියල ,අපිට අද බබාලා දෙන්නෙක් ඉන්නවා ,එයා තාමත් බෞද්ධ අපි පල්ලිත් යනවා , ලංකාවේ තියෙන ඕනෑම පන්සලකටත් යනවා ,අපි බෞද්ධ කිස්තියන් කියන ආගම් දෙකම එකම විදිහට අදහනවා.ආගම් ගැන ඕනැවට වඩා ඇගට ගන්න ඕනේ නැ ,අතේ දුරින් තියාගෙන හොද දේ විතරක් ගන්න . මේ ලිපිය ලියපු ඔබට ස්තුති .

    ReplyDelete
  35. ආගම කියන එක උපතින් හෝ කසාදයෙන් වෙනස් කරන්න පුලුවන් දෙයක්වත් එහෙම කරන්න ඕනෙ දෙයක්වත් නෙවෙයි. ඒක එකිනෙකාගෙ අවබෝධය තුලින් තමාගෙ සිතේ ඇතිවන දෙයක්. මේ වගේම දෙයක් මටත් අදාලයි. අදාලයි කිව්වෙ මම සම්බන්ධ උනේ මේ වගේ මිශ්‍ර පවුලකට. මගේ හස්බන්ඩ්ගෙ අම්ම බෞද්ධ. බෞද්ධ කියන්නෙ නමට විතරක් නෙවෙයි. බොහොම නිවිච්ච ගතිගුණ තියන නිතරම බණ භාවනා කරන කරුණාවන්ත සරල ගැහැණු කෙනෙක්. තාත්ත කතෝලික. ඒත් ළමයි හැඳුනෙ වැඩුනෙ ඉගෙන ගත්තෙ බෞද්ධ විදිහට. ඒ අය බෞද්ධ කියල කවදාවත් ආගම සම්බන්ධ දේවල් වලදි තාත්තව හුදකලා කරන්නෙ නෑ. තාත්තත් එක්ක පල්ලි යනව. නත්තල සමරනව. පල්ලියෙ ෆාදර් දන්නව දරුවො බෞද්ධ කියල. ඒත් තියෙන අවබොධය නිසා ඒ අයව හොඳින් පිළිගන්නව. අම්මයි තාත්තයි දෙන්නගෙම ආගම පිළිබඳ අවබෝධයකින් ඉන්නෙ. මගෙ හස්බන්ඩ් කියන විදිහට අම්මයි තාත්තයි තම තමන්ගෙ ආගම් සම්බන්ධව කිසිම දවසක වාද විවාද කරගෙන නෑ. එකිනෙකාගෙ ආගම් වලට ගෞරවයෙන් ඉන්නෙ. මගෙ පවුල් පසුබිම බෞද්ධ. ඒත් මගෙ හස්බන්ඩ්ගෙ තාත්ත නිසා කතෝලික ආගමටත් ටිකන් මුහුවෙන්න පුලුවන් උනා. ජීවිතය ගැන අවබොධය ලබාගන්න ලෝකෙ තියන හොඳම ධර්මය බෞද්ධ දර්ශනය. තමන් ඒත් තමන් බෞද්ධ කියල කියන්නෙ අනිත් ආගම් සම්පූර්ණයෙන්ම බැහැර කරල ජීවත් වෙන එක නෙවෙයි. ඒවගෙ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම ලෝකයේ ඇත්ත පෙන්නුම් කරන දේවල් නොවුනත් ඒ දේවල් වලින් අපේ ජීවිත වලට හොඳක් මිසක් නරකක් එකතු වෙන්නෙ නෑ. මම පල්ලියට යනකොට ජේසුතුමා කියන්නෙත් මේ ලෝකෙ ජීවත් උන උදාර මනුශ්‍යයෙක් කියන එක තේරුම් අරගෙන එතුමාට ගරු කරනවා. මම හිතන්නෙ හැම දේටම මුල වෙන්නෙ අපි එකිනෙකා අවබෝධ කරගැනීම හා අනිත් අයගෙ මතවලටත් ගරු කිරීම මත. එතකොට ගැටුම් අඩුයි. විවිධ පසුබිම් වල මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන්.

    ReplyDelete
  36. ආහ් තවදෙයක් කියන්න අමතක උනා. අනිත් ආගම් වල සමහර අය හා සමහර බෞද්ධ අය කියනවා බුද්ධ ධර්මය දුක මත පදනම් වෙච්ච ධර්මයක් කියල. ඒත් ඇත්ත. මම බෞද්ධ ධර්මය ගැන දන්නෙ බොහොම ටිකයි. (බුදු හාමුදුරුවො දේශනා කරපු දහම් කරුණු මහා රාශියට සාපේක්ෂව.) ඒත් ඒ දන්න ටික අනුව තේරෙන්නෙ දුකයි කිව්වෙ දුක නිසා. ඒකනෙ ඇත්ත. ජාති, ජරා ව්‍යාධි, මරණ මේ හැමදෙයක්ම දුකයිනෙ. මොන ආගමක උනත් ආගමක් නැති උනත් මේ දේවල් වලින් දුක් නොවුන මිනිස්සු මේ ලෝකෙ නෑනෙ. කොච්චර උඩ පැනල ජොලිකරල හිටියත් පීනන්න සල්ලි තිබ්බත් කොච්චර ලස්සන උනත් දුක කියන එක මේ ලෝකෙ මිනිස්සුන්ට මුහුණ දෙන්නම වෙන දෙයක්නෙ. . . මට නම් හිතෙන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු දුක මේ ලෝකෙ ඇත්තටම පවතින තත්ත්වය. උන්වහන්සෙ කිව්වෙ ඒක අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න මිසක් මේ හැමදේම දුකයි දුකයි කියල කිසිම දෙයක් නොකර ලතැවි ලතැවි ඉන්න කියල නෙවෙයි. සමහර අන්‍යාගමික අය හා සමහර බෞද්ධ අය මේ දේ තේරුම් අරගෙන නෑ.

    ReplyDelete
  37. ආගම පැත්තකිං තියපං...නිකමට හිතපං අපි ඉපදිලා තියෙන්නෙ අපේ කැමැත්තෙන්ද කියලා...අපේ දෙමාපියො අපේ රටට හරි ලෝකයට හරි උතුම් පුරවැසියෙක් දායාද කරනවා කියලා උතුම් අරමුණකින්ද අපිව හැදුවෙ ? ඒකට උත්තරය නෑ කියන එක...ඒ අය වයසට යද්දි සලකන්න කෙනෙක් අවශ්‍ය නිසයි අපි මේ ලෝකෙට ආවෙ...මේ ලෝකෙ හැම තැනම තියෙන්නෙ බොල ආත්මාර්ථකාමීත්වය...

    ReplyDelete
  38. අපි මොන ආගම් ඇදහුවත් ආගම් කිසිවක් නො ඇදහුවත් ඒවා අදහන සහ ශාස්තෲවරුන්ට ගරු කරන අයගේ සිත් නොරිදවා සංයක්මයක් ඇතිව වචන පාවිච්චි කරමින් අදහස් දැක්වීම බුද්ධිමත් අය විසින් අනුගමනය කළයුතු පිලිවෙතක් කියල මං හිතනවා.

    ReplyDelete
  39. ආගම් ගැන මාත් පෝස්ටුවක් දැම්ම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...