Saturday, March 22, 2014

මෙවර මැතිවරණ ජය කාටද? - Who Will be the Winners ???




මෑත දිනකදී සෑමාට පාසලේ නංගී කෙනෙක් මුණ ගැසුනේය. සුළු මොහොතක ඕපා දූප කතා කිරීමකින් අනතුරුව ඇය කෙලින්ම කතාවට බැස්සේ දෙරණ ටීවී එකේද කොහෙදෝ සිටිනා දිල්කී මෙන්ය.

අයියා තාම අතනද වැඩ?

ඔව් එතන තමා.

මේ පාර අපේ ගෙදර ඡන්ද 7ක්ම ජෙනරාල්ට දෙන්නෙ අයියේ..

අඩේ එහෙමද?

ඔව්. අපි ඉතිං පරම්පරාවෙන්ම යූ.ඇන්.පී. ඒත් හරි යන්නෙ නැති නිසා දෙනවා මේ පාර ගණි සිළුවට.

ඒක හොඳයි. ඉතිං මගේ ජොබ් එකෙයි, ජෙනරාල්ගෙයි සම්බන්ධෙ මොකක්ද?

අයියා සර් ලඟ නේද වැඩ??

කට උත්තර නැති වූ තැන සෑමා කීවේ ජොබ කරන අතර වාරයේ පක්ෂයට සපෝට් කරන බවක්ය.

***

තවත් කතන්දරයක් සැට් වුනේ අපේ මිත්‍රෙයකුගේ නිවසේදීය. ඇන්ටී දේශපාලනය පිළිබඳ කලකිරී සිටින්නීය. මා සමඟ සිටි අපේ මිත්‍රයා කෝමත් ආණ්ඩු විරෝධීය. එහෙත් විපක්ෂයේ කුමන පක්ෂයකට කතිරය කොටයි දැයි නොදන්නේය. පොර කතාව ආරම්භ කළේ රත්තරං වාහිණියේ බුජ්ජික වගේය.

ඇන්ටී මේ පාර කාටද ඡන්දෙ දෙන්නේ..

අනේ මන්ද පුතා.. ඔක්කොම එකයි.

ඇයි ඇන්ටි එහෙම කියන්නෙ.

වැඩක් නැහැනෙ. බලන්න දැන් ඉන්න අය කරන විදිහ. අපිට එපා වෙලා ඉන්නෙ.

ඒක නම් ඇත්ත ඇන්ටි. මාත් හිතන් ඉන්නෙ ඡන්දෙ නොදා ඉන්න.

අනේ එහෙම කරන්න එපා පුතා... ඔයාගෙ අයිතිය ඔයා පාවිච්චි කරන්න. අනික ඔයා ඡන්ද පොලට ගියෙ නැත්තං ඔයාගෙ ඡන්දෙ වෙන කාට හරි දාල තියෙයි.

ඒකත් ඇත්ත තමා ඇන්ටී. ගිහිල්ල අවලංගු ඡන්දයක් දාල එන්න ඕනෙ.

එහෙත් මිතුරා නිවසින් පිටත්ව එද්දී කියා සිටියේ, “පිස්සුද මචං. අවලංගු ඡන්ද දාන වෙලා ආණ්ඩුවට පොඩ්ඩක් හරි රිද්දවන්න විපක්ෂයේ පක්ෂයකට ඡන්දෙ දෙන්න ඕනෙ“ කියාය.

***

අපේ මිත්‍රෙයකුගේ ඔපීසිය අසල පුංචි කඩයක් තිබෙන්නේය. උන් ඒකට රිංගන්නේ ප්ලේන්ටි ගැසීමට නොව ඇන්ටීගේ දුව දෙස බලමින් කහට බොන්නටය. එතැනදී ඇන්ටී ජීවත් වන්නට කීයක් හෝ හොයන්නට දෙන ගේම දකින්න හැකි වූයේය. තම ස්වාමියා බරපතල රෝගී තත්වයක සිටියදී තිදෙනාට කන්න බොන්න දෙන්නට ඉගෙනීම් කටයුතු වලට මුදල් සොයන්නේ ඇන්ටීය. මේ ඇන්ටී සමඟ ගිය සාකච්ඡාවක්ය.

මේ පැත්තෙ සැරටම ඡන්ද වැඩ නේද ඇන්ටී.

ඔව් ඉතිං මෙහෙ කොළඹ දිස්ත්‍රික්කෙට නේ අයිති වෙන්නෙ.

ඇන්ටි මේ පාර කාටද දෙන්නෙ??

අනේ මන්ද පුතා. දෙන්න කියල හරි හමං විපක්ෂයක් නැහැනෙ.

ඔව් නේ. රනිල් ලොක්ක ඉන්න කල් ගොඩ ඒමක් නැහැ වගේ.

අපේ මහත්තය නම් කියන්නෙ ජේ.වී.පී එකට දෙන්න කියල.

ඉතිං හොඳයි නේ ඇන්ටි. අනුර කුමාර මේ පාර ලොකු ගේමක් ගහනවා.

පිස්සුද පුතා. ඒ කාලෙ අපි හිටපු විදහ මතක් වෙද්දි දෙන්න හිතෙනවද?

ඇන්ටි ගියපාර දුන්නෙ කාටද?

මහින්ද මහත්තයාට තමා. 

මේ පාරත් දෙයි ඉතිං.

ඇන්ටී සිනා සැලුවාය. ඒ කියන්නේ මේ පාරත් මහින්ද ලොක්කා ගොඩය. ඇන්ටී හෙන ගේමක් දී කන්න බොන්න උත්සාහ කළත් මහින්ද ලොක්කා ගොඩය. එහෙත් ඇන්ටී එදා වෙච්ච දේ ඇසුරෙන් ජ.වි.ප.ය මැන බැලීම පට්ට අසාධාරණය. නැවත එවන් යුගයක් එනවා යැයි කීම මහා මෝඩ සිතුවිල්ලක්ය. එය ජෙනරාල්ට මැතිවරණයට එද්දී, ඉඩි අමීන් පාලනයක් ඒ යැයි, හමුදා පාලනයක් ඒ යැයි, කියා මහින්ද මාමාට කතිරය ගැසුවාක් හා සමානය.

***

මේ සියළු කතාන්දර මැද්දේ ජය ගන්නේ ගම්පහින් සුසාරද, කොළඹින් මරික්කාර් ද, කොළඹින් කිඳෙල් පිටිය යන තිදෙනාය. අවසන ජයග්‍රහණය සිරසටය. ගම්පහින් ආණ්ඩුවට දර දිය ඇද්දා වූ පිරිස සිටියදී සුසාර ජය ගැනීම පක්ෂයේ ප්‍රශ්න ඇති කරන්නක් වේද? බැලිය යුත්තේ ඊට පසුවය. මරික්කාර් සහ කිඳෙල් පිටිය පෙර සිටම විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි නිසා ගැටළු ඇති නොවන්නේය. කෙසේ නමුත් මාධ්‍යට අලුත් දෙයක් කරමින් හැමදාමත් කතන්දර ඇසූ සිරසට මෙවර මැතිවරණ ජය ලැබීම පිළිබඳ සෑමා තුල ඇත්තේද අවිහිංසක සතුටක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:03am_22/03/14

36 comments:

  1. සිරස කරන්නේ මීඩියා ගේමක් මිස දේශපාලනයක් නෙමෙයි. ඒක ඒ අයගේ මොකක් හරි ප්‍රොපගැන්ඩා වැඩක්...

    ඇන්ටිගේ දුව දිහා බලලා ප්ලේන්ටි බොන උන් කහට බොන්නේ දූ පැණි රසයිද බොල..

    ReplyDelete
  2. සිරස. සිරස බේරාගනී,
    කවුරු ආණ්ඩුවට බැන්නත් රැව්වත් විපක්ෂයට කතිරෙ ගහන්නනේ නැත. මහින්ද මහත්තයා උඩින්ම දිනනවාය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ අදහස උඩින්ම දිනන එකක් නෑ කියලයි. අපි දන්න කියන සෑහෙන්න පිරිසක් විපක්ෂයට දෙනව මෙදාපාර. ඒ විදියට බැලුවම ජවිපෙයි ෆොන්සේකයි හොඳයි. රන්න පොනිල් නැතිවුනානං යූඇන්පීයටත් වතුර කටක් බොන්න තිබුන

      Delete
  3. ජවිපෙට ජෙනරාල්ට යම් කිසි රැල්ලක් තියනව. නමුත් මහින්ද දිනනව. ඒ උනත් ආණ්ඩුවෙ ඡන්ද ප්‍රතිශතය සීයට පනස් ගනන් වලට බස්සගත්තොත් ඒක විශාල ජයග්‍රහණයක් (ඉදිරියට).

    ReplyDelete
  4. මේ පාර ජවිපෙ ත් හෙන ගේමක් දෙනව වගේ.. ඒත් මහින්ද දිනනව...!!

    ReplyDelete
  5. කතාකරනකොට නං ආණ්ඩුවට කවුරුත් චන්දෙ දීල නෑ,නමුත් ආණ්ඩුව දිනුම්.

    ReplyDelete
  6. ඇත්තටම කතා බහා කරන බහුතරය විපක්ෂයෙ උනාට අවසාන ප්‍රථිපලය????? පොඩි පක්ෂ ඔක්කොම එකතු නොවෙන තාක් මරා තමා රජා. !!!!!

    ReplyDelete
  7. ඔන්න මේක කියෙව්වම තමයි චන්දෙ ගැන අදහසක් ආවේ

    ReplyDelete
  8. අනේ ආතල් එකේ මොකක් හරි ලිව්වා නම් උඹට හෙණ ගහනවාද මේ මඟුලක් ගැන ලිව්වේ

    ReplyDelete
  9. උඹත් හෙමින් සැරේ "ගණි සිළුවට"ප්‍රචාරයක් දෙනව නේද..?
    >> ඒත් හරි යන්නෙ නැති නිසා දෙනවා මේ පාර ගණි සිළුවට.<<

    ReplyDelete
  10. ගාල්ලෙ නම් උනන්දුව අඩුයි බං...ජෙනරාල්ට දෙනව කියනව..පෙරමුනට බනින උන්..?

    ReplyDelete
  11. සිරස කොහොමත් දිනුම්නෙ බන් දෙපැත්තෙන්ම කාල

    ReplyDelete
  12. අපි නම් ජෙප්පන්ට. නෝනා මහින්දට. සිරසේ උන්ට ඡන්දේ දෙන්නේ හරක්. උන් කරන්නේ බිස්නස් එකක්. උන් මාඪ්‍යවේදියෝ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්නේ සිරසේ සටනට ගෙන්නලා තිබ්බා ..සන්ධානෙන් උදය ගම්මන්පිල ,ජවිපෙ න ලාල් කාන්ත එජාපෙන් මරික්කාර් ..අර දෙන්නගේ කතාවිලාශයයි ,දැනුමයි ,අත්දැකීමුයි එක්ක මරික්කාර් කාරයා කතාකලේ හරියට මොන්ටිසෝරි යන එකෙක් චූ කරනවා වගේ , අලියට ලැබෙන ටිකත් නැතිවුනේ නැත්තම් ලොකු දෙයක්

      Delete
  13. මටත් හිතෙන්නෙ ජවිපෙට දිල බලන්න වටිනව කියල.ගිනිසිලුවට තියෙන්නෙ ආන්ඩු විරොධය විතරයි දැක්මක් නැ.ආන්ඩුවට මිනිස්සුන්ගෙ විරොධය දැනුනොත් ඇති

    ReplyDelete
  14. තාම අපේ හිංගල ජනතාව තේරුම් අරන් නැහැ ජන්දයක තියෙන වටිනා කම හෝ ජන්දය දිය යුත්තේ කුමන අන්දමේ කෙනෙකු උදෙසාද කියලා

    ReplyDelete
  15. හික් හික් යකෝ අපි මැරිලා ඉපදුනේ නෑ

    ආණ්ඩුව කරණ අලුගුත්තේරු වැඩවලට කැමති නෑ

    හැබැයි ඔය අනිත් අය කරපු දේවල් හොදට මතකයි අපිට
    දන්නැති එක්කෙනා ගේ කට අරිනකොට අපිට හිතාගන්න පුළුවන්

    සාපේක්ෂව සළකලා බලද්දී මරා තමයි හොඳ

    මම නම් ජනධිපතිවරණයේදී හැර අනිත් එවගේදී චන්දෙ කටුගනවා එදත් අදත්

    ReplyDelete
  16. හික් හික් යකෝ අපි මැරිලා ඉපදුනේ නෑ

    ආණ්ඩුව කරණ අලුගුත්තේරු වැඩවලට කැමති නෑ

    හැබැයි ඔය අනිත් අය කරපු දේවල් හොදට මතකයි අපිට
    දන්නැති එක්කෙනා ගේ කට අරිනකොට අපිට හිතාගන්න පුළුවන්

    සාපේක්ෂව සළකලා බලද්දී මරා තමයි හොඳ

    මම නම් ජනධිපතිවරණයේදී හැර අනිත් එවගේදී චන්දෙ කටුගනවා එදත් අදත්

    ReplyDelete
  17. හික් හික් යකෝ අපි මැරිලා ඉපදුනේ නෑ

    ආණ්ඩුව කරණ අලුගුත්තේරු වැඩවලට කැමති නෑ

    හැබැයි ඔය අනිත් අය කරපු දේවල් හොදට මතකයි අපිට
    දන්නැති එක්කෙනා ගේ කට අරිනකොට අපිට හිතාගන්න පුළුවන්

    සාපේක්ෂව සළකලා බලද්දී මරා තමයි හොඳ

    මම නම් ජනධිපතිවරණයේදී හැර අනිත් එවගේදී චන්දෙ කටුගනවා එදත් අදත්

    ReplyDelete
  18. හික් හික් යකෝ අපි මැරිලා ඉපදුනේ නෑ

    ආණ්ඩුව කරණ අලුගුත්තේරු වැඩවලට කැමති නෑ

    හැබැයි ඔය අනිත් අය කරපු දේවල් හොදට මතකයි අපිට
    දන්නැති එක්කෙනා ගේ කට අරිනකොට අපිට හිතාගන්න පුළුවන්

    සාපේක්ෂව සළකලා බලද්දී මරා තමයි හොඳ

    මම නම් ජනධිපතිවරණයේදී හැර අනිත් එවගේදී චන්දෙ කටුගනවා එදත් අදත්

    ReplyDelete
    Replies
    1. මේ ඉන්දිකයා බීල තියෙනවා සිහි නැති වෙන්නම බං.. දෙහි ටිකක් වත් ගාහං.

      Delete
    2. කිව්වහම මොකද මට හිතුනෙත් ඕකමයි..හිකිස්..

      Delete
    3. මරා බලන්න මන්දිරේට ගිහින් බොන්න දීලා වමනේ දාන සයිස් එකට :D

      Delete
    4. හුකැස් මට හිතුනෙත් මෙකා ගසාලාය කියල තමා :p

      Delete
  19. අපිට ඉතිං දෙන්න එකෙක් නෑනෙ කොහොමත්.

    මොන දේ උනත් සිරස කළොත් අනික් ඒව වගේ අනාගන්නෙ නෑ.

    ReplyDelete
  20. කවුරු දින්නත් අපි පරාදයි අන්තිමට..

    ReplyDelete
  21. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි....

    *** හොදට සිරස රේඩියෝව ඇහුවොත් ඉහත නම් සදහන් කල තිදෙනාට නම් ඔය කෑල්ල ඇඩ් එකෙන් පස්සෙ යන්නෙ නෑ

    ReplyDelete
  22. ජ්න්දය ගැන නම් කියන්නට දෙයක් නැත,

    දුප්පතා වෙනුවෙන් කවුරු තේරී පත්වුනත් හුදෙක්ම සිදුවනුයේ දුප්පතාගේ දුප්පත්කම විකුණාකමින් තමන්ගේ මඩිය තර කර ගැනීමත්, බලයෙන් වැඩි දේශපාලුවන්ගේ අතකොලු වීමත් මැරයන්ට මුට්ටි ඇල්ලීමත්ය. අවසානයේ සිදුවන්නේ මහජනයා කබලෙන් ලිපට වැටීමක්මය . නමින් හෝ ගමින් වෙනසක් නැත, පිරිමි කමට තිබෙන හා සිදුවෙන එකම දේ හෝ සිදුනොවෙන විපක්ෂ නායකයින් සිටිනා තාක් කල් රටේ ජනතාවට සිදුවන්නේ ආණ්ඩුවට බැන බැන ජන්ද පොලට ගොස් ආණ්ඩුවටම ජන්දය දැමීමටය. සැබෑ රන් පිළිම හිරේ විලංගුවේ වැටීමත් බොල් පිළිම රන් පිළිම වෙන්න තැත් කිරීමත් දේශපාලනයේ නොනවතින චක්‍රය නිසාවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන්නා වෙනුවෙන් ඉදිරිපත් වෙන උන් දැන් නැත්තේමය. කාලය කැපකරන් ජන්ද පොලට ගොස් හොරුන්ට හොරකම් වලට උල්පන්දම් දෙනු විනා ජන්දය කුරුටු ගා පැමිණීම අගනේ යැයි සිතමි.

    ජය වේවා සෑමෝ...! :ඩී

    ReplyDelete
  23. මේ උඹ ඇත්තටම ජනරාල් ලනගළඟ මොකද කරන්නේ ?

    ReplyDelete
  24. දන්න කියන අයගෙන් ඇහුවොත් ජවිපෙට නැත්නම් මරාට. අලියාට කතිර ගහනවා කියන අයනම් අඩුයි. අන්තිමට මරා දිනයි. නමුත් ගොඩනම් අඩුවෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
  25. මම දෙන්නේ ජවිපෙට.ශක්තිමත් විපක්ෂයක් උදෙසා.

    ReplyDelete
  26. ජෙනරාල්ගෙ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන කෙනෙක් ඡන්ද 15 එකතු කරලා දිහං කියලා මට ඊයක් විදලා...මොකද කියන්නෙ සෙට් කරලා දෙන්නද ?

    ReplyDelete
  27. තවමත් චන්ද බලය නැත.ලැබුනද සුලු පක්ෂයකට හැර චන්දේ දෙන්නෑ ප්රදාන පක්ෂ වලටනම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...