Sunday, March 2, 2014

මුර පද... - Something About Passwords !!!




පාස්වර්ඩ් යෙදීම යනු ඒ කාලයේ නම් මහා ආරක්ෂිත ක්‍රමයක්ය. බොහෝ විට ඊට යොදන්නේ තමන්ගේම නමය. නැතිනම් එහි කොටසක්ය. එය මහා ආරක්ෂිත ක්‍රමයක් යැයි සැලකුණ කාලයක් තිබුනේය. ඉන් පසුව තමන්ගේ හොඳම හිතවතෙකුගේ නමක්, උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය පවා යොදන කාලයක් තිබුනේය. තවමත් එසේ භාවිත කරනා අය සිටින්නේදැයි සිතිය හැකිය. ඒවා ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකි පාස්වර්ඩ්ය. එහෙත් මෙවැනි ප්‍රාථමික මට්ටමේ පද යොදා ගන්නේ පාර්ස්වර්ඩ් එක දමනා තැන වටිනා කම අනුවය. කාටවත් ලොග් විය නොහැකිම වන්නට දමනා පාර්ස්වර්ඩ් එකක් වඩා බරපතල ලෙසත්, එතරම් වටිනාකමක් නැති තැනකට දමනා පාර්ස්වර්ඩ් එක සාමාන්‍ය මට්ටමේ අමතක නොවන එකක් ලෙස යොදා ගැනීම මිනිසුන් බහුතරයක් පෙළබෙන්නෝය.

පසුව ආ ගැටළුව නම් පාර්ස්වර්ඩ් මතක තබා ගැනීමේ අපහසුවය. ඒක ආවේ මුල්ම කාලයේය. අද දමනා පාර්ස්වර්ඩ් එක හෙට අමතක යුගයක් තිබුණේය. ඒ පාර්ස්වර්ඩ් වලට අප ආගන්තුක කාලයේය. එහෙත් සදාතනික මතක හිටිනෙ ලොවෙත් නැති පාර්ස්වර්ඩ් දමන්නට හැකි අය සෑමා දැක ඇත්තේය. සෑමාද එසේමය. කලින් ඔපිසියක අක්කා කෙනෙකු සිටියාය. ඇය යොදනා පාර්ස් වර්ඩ් ගෙස් කිරීමේ හැකියාවක් සෑමාට තිබුණේය. කිසිවෙකු සිටින මානසික මට්ටම හෝ, වටපිටාව මත පාර්ස්වර්ඩ් ගෙස් කළ හැකිය. ඇය බොහෝවිට යොදන පාර්ස්වර්ඩ් එකකට jesus යන නාමය යෙදෙන්නේය. එය සෑමාට ගෙස් කළ හැකි වූයේ ඇය බොහෝවිට දෙවියන් සමඟම සිටි බැතිමතයක් වූ නිසාය. jesus i love you, වැනි වාක්‍ය වලින් පටන් ගෙන මසකට වරක් වෙනස් වන පාර්ස්වර්ඩ් එකට දෙවියන්ගේ නම ගෑවි තිබුණේය. 
http://splashdata.com/press/pr121023.htm

ඔපීසිවල සිටින තවත් සමහරු කරන්නේ තමාට වට පිටාවේ පෙනෙන්නට තිබෙන දෙයක නමක්, වචනයක්, වගේ දෙයක් තම පාර්ස්වර්ඩ් එක ලෙස යොදා ගැනීමය. බොහෝවිට තමා අවට තිබෙන පෝස්ටර් එකක්, කැලැන්ඩරයක්, දෙස බලාගෙන එහි සටහන්ව ඇති වචනයක් යොදාගෙන තම පාර්ස්වර්ඩ් එක නිර්මාණය කර ගන්නෝය. එය ලොවෙත් අමතක නොවන පාර්ස්වර්ඩ් එකක් වන්නේය. කෙසේ වෙතත් අමතක නොවන වඩාත් රහසිගත පාර්ස්වර්ඩ් එකක් තනා ගැනීම එතරම් අමාරු කර්යයක් නොවන්නේය. එසේ කර ගන්නට බැරි එවුන් දැකීම සිත් තුල කම්පාවක් ඇති කරන්නේය.

අයියා ඩෙස්ක් ටොප් මැෂින් එකට පාර්ස්වර්ඩ් දාන කාලයේ සෑමා කළේ බෝඩ් එකේ බැටරිය ගලවා නැවත සවිකොට පාස්වර්ඩ් එක තුරන් කිරීමය. එය අතේ මාට්ටුවන පිළියමක්ය. ඉන්පසු කාලයේදී අයියා මැෂින් එකට පාර්ස්වර්ඩ් දැම්මේ නැතිය. එසේම ඒ පිළිබඳ ප්‍රශ්න නොකිරීමද, සිද්ධිය නොදන්නවා සේ කල් ගත කිරීමද සෑමාට අස්වැසිල්ලක් වූයේය. දැන් නම් පාස්වර්ඩ් ඇත්තේ ඇඩ්වාන්ස් යුගයකය. දුරකථනයට එන ඇක්ටිවේෂන් කෝඩ්, ලොගින් ඉන්ෆො, වෙරිෆිකේෂන්, ෆේස් ඩිටෙක්ෂන්, පාස්වර්ඩ් වෙනුවට එන තාක්ෂණයෙන් දියුණු විකල්ප ක්‍රම අද ඉහල තැනක ඇත්තේය. අපේ මිතුරෙකු වඩා ආරක්ෂිත පාස්වර්ඩ් එකක් දැමීමට ගත් උත්සාහයක් මේ මොහොතේ මතක් වන්නේය. ඒ මිතුරා තම නම තුන්වරක් පාර්ස්වර්ඩ් එක ලෙස ටයිප් කළේ වැඩි ආරක්ෂාව සඳහාය. එය මිතුරන් අතර ප්‍රසිද්ධ වූ විට මිතුරා විලිලැජ්ජාවේ සිටියේය. ඔහු කළේ තම නම සුනිමල් නම් “සුනිමල්සුනිමල්සුනිමල්“ ලෙස තුන්වරක් ටයිප් කිරීමය. එකම අකුර 25 වරක් යොදා තම පාර්ස්වර්ඩ් එක ලෙස භාවිත කළේ අපේ ‘බෆලෝය‘. ඒ කතාව අපේ ගමේ උන් දන්නවාය.

මේ සියළු කාරණා ගැන කීවේ අවසන ප්‍රශ්නයක් ඇසීමටය. සුපුරුදු පරිදි මේ ගැටළුව සෑමාට දුන්නේ සෑමාගේ අයියාය. මෑත භාගයේ “මුදියා“ බුකියේ දැමූ බොහෝ ප්‍රශ්න අපේ අයියා ලබා දුන් ඒවාය. ඒ සඳහා ඔහුට ස්තූති වන්නට easy.lk පැත්තේ රවුමක් ගසනා මෙන් සෑමා ඉල්ලා සිටින්නේය. කෙලින්ම ප්‍රශ්නය අසා ලිපියක් ලිවීම බහුතරයකගේ උදහසට ලක් වීමක් නිසා, ලිපියක් සමඟම ගැටළුව ඉදිරිපත් කළෙමි. ගැටළුව නම් මෙසේය.

අපේ යාලුවෙක් වැඩ කරනවා ආරක්ෂක අමාත්යාංඇශයේ පරිගණක අංශයේ උගෙ නම අසංක වෙනරගම. FB ඉන්න ඩයල් එකක්. ඉතිං ආරක්ෂක අමාත්යාංපශයේ පරිගණක අංශයට ඇතුලුවන දොරේ පාස්වර්ඩ් එකක් තියනවා හැම මාසෙම පලවෙනිදා පරණ පාස්වර්ඩ් එක අයින්වෙනවා අලුත් එකක් දාගන්න ඕනෙ. 

අපේ පොරට වැඩේ‍ අමතක උනා පලවෙනිදා උදේ ඇවිත් බැලුවාම කෙලවෙලා. පොරගත්තා බොස්ට කෝල් එකක්.

බොස් ඇහුවා පරණ පාස්වර්ඩ් එක 

"බොස් මගෙ පරණ පාස්වර්ඩ් එක මතක නෑ"

“තමුසෙ මාර පොරක්නෙ” බොස්ට කියවුනා 

“හරි මං උදවි කරන්නම් හැබැයි පරිස්සමෙන් අහගන්න ඔයාගෙ අලුත් පාස්වර්ඩ් එක අමතක වෙන්නෑ. අලුත් පාස්වර්ඩ්  එකේ පරණ පාස්වර්ඩ් එකේ තිබ්බට වැඩිය අකුරැ 3ක් වැඩියි. නමුත් ඒකෙ තිබ්බ අකුරැ 4 ක් එහෙම්ම තියනවා. ඊට අමතරව ඔයාගෙ තාත්තගෙ නමේ අකුරැ 2 කුයි. ඔයාගෙ නමේ අකුරකුයි තියනවා.”

ඒක කිව්ව ගමන් මෑන් සිං ගාලා දොර ඇරගත්තා.
පරණ පාස්වර්ඩ් එක මොකද්ද?
අලුත් එක මොකද්ද?

පලි - ඔබ පාස්වර්ඩ් නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙක්දැයි බැලීමට, ඔබේ සියළු පාර්ස්වර්ඩ් සෑමාට ලබා දෙන්න. ගැටළුවට පිළිතුර ඊලඟ ලිපියෙන්.

Written by sAm_ශ්‍රී_Perera_8:19am_02/03/14

72 comments:

  1. //ඔබ පාස්වර්ඩ් නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙක්දැයි බැලීමට, ඔබේ සියළු පාර්ස්වර්ඩ් සෑමාට ලබා දෙන්න.//

    හිතේ ඇතිනේ....:D :D :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් උත්තරේ වත් දෙන්න...

      Delete
  2. ඌ දොර ඇර ගත්තනම් දැන් අපි මේකට මහන්සි වෙන එකේ තේරුමක් නැනේ බන්.... හොයා ගන්න බැරි එකක් තියෙනවනම් කියහන් මහන්සි වෙලා හරි හොයලා දෙන්න

    ReplyDelete
    Replies
    1. හරි දැන් ආයෙත් ඇරගන්න බැරුවලු ඉන්නෙ.. උත්තරේ කියපං බලන්න.. :)

      Delete
  3. ඊ ලඟ ලිපිය එන තෙක් බලා හිඳිමි :)

    ReplyDelete
  4. කිව්වත් වගේ ඕක හොයා ගත්තට දැන් වැඩක් ඇතැයි ඌ දොර ඇරගෙනනේ

    ReplyDelete
  5. ඔව් දැන් අපිට තියෙන්නේ ගෝටා මාමාගේ දොරේ යතුර හොයන එක තමා!
    මමනං ඔය පාස්වර්ඩ් එකට ඇඟිල්ල තමයි පාවිච්චි කරන්නේ. ;)

    ReplyDelete
  6. මමං නම් කාලයක් (කැම්පස් යන්න කලින්) පාවිච්චි කර කර හිටියේ එක කෝඩ් එකකුයි මගේ පලවෙනි ක්‍රෂ් එකේ නමයි. දැන් නම් පාස්වර්ඩ් හදන තාලේ ගැන ටියුෂන් දෙන්නම්. ඔය පාස්වර්ඩ් එක සෑමා විසින් ප්‍රසිද්ද කරන තුරු බලාසිටිමි.

    ReplyDelete
  7. පල යන්න සැමා .... උඹේ උප්පර වැට්ටි මම නොදන්න වැය ... හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං උත්තර දිපංකෝ..

      Delete
  8. ඌ සිං ගාල දොර ඇරගත්තනං උඹයි මායි මොකටද ඕක හොයන්න ඔච්චර දඟලන්නෙ. ඌට ලබන මාසෙත් මතක නැතිඋනොත් කියහං මොකක් හරි උදව්වක් කරන්න බලන්න. :D

    ReplyDelete
    Replies
    1. හරි ඊලග මාසෙ නැති වුනා කියල උත්තර බැදපල්ලකෝ..

      Delete
  9. දැන් ඉතින් ඌ දන්නවනෙ. අන්න දොර ඇර ගන්න බැරුව සෑමට කෝල් කරලා ඊට පස්සේ සෑමා මේ බ්ලොග් පෝස්ට් එක ලියුවනම් අනේ ඌ දොර ඇරගන්න බලන් ඉන්නවනේ කියලා මම සිං ගාලා උත්තරේ කියනවා. දැන්නම් මලාට කියන්නෑ.

    මගේ බ්ලොගර් පාස්වර්ඩ් එකට අකුරු 19ක් තියනවා. පුළුවන්නම් ගෙස් කරපන්කෝ..

    ReplyDelete
    Replies
    1. අඩේ චන්දනයා උබව හැක් කරයි දැන්..

      Delete
    2. පිස්සුද බන්ස්, ඕන්නම් යූසර් අයිඩී එකත් දෙන්නම්... :D

      Delete
    3. අම්මද බොල මූ බලාං කෝ...

      Delete
  10. මම මේ මෑතක් වනතුරු මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට පාවිච්චි කළ පාස්වර්ඩ් එක Appachchige_Pappe (අප්පච්චිගෙ_පප්පේ)

    මගේ තවත් පරණ පාස්වර්ඩ් සිංහලෙන් ලියන්නම්. කාලවරෙන්කො101, කවුද1යකෝ 2ඇලිස්, මේ දෑස් මක්කටෙයි100, ඔහෙ_හිටු_ හරකා.

    ReplyDelete
    Replies
    1. ජීවිතේට හිතන්නැ මෙව්වා

      Delete
    2. අටම් මේ වගේ.. අලුත් එකක් දාල මටත් කියපං..

      Delete
  11. හැබැයි විචාරක තුමණි ,,දැන් ඔයාගේ වර්ඩ්ෆ්රෙස් එක හැක් කරන්න පුළුවන් ඕනේ කෙනෙක්ට ... g + වල පාස්වඩ් එක මතක නැහැ කීවම පරණ පරණ පාස්වඩ් එක ටයිප් කරන්න කියලා තමයි එන්නේ... කෙනෙක් ඔයාගේ මේල් එකෙන් එහෙම ගිහින් ට්‍රයි කලොත් ???????

    ReplyDelete
    Replies
    1. හිකිස්... පෝං එකට වෙරිෆිකේසන් ඇස්ඇම්ඇස් එනව නම් ඕක අවුලක් නෙවෙ.. :)

      Delete
    2. වර්ඩ්ප්‍රෙස් එක නම් මම g+ එකට දාලා නැහැ. අර සෑම් කියලා තියන two way verification එක දාලා තියෙන්නේ.

      Delete
  12. දවසක් සිස්ටම් එකට ලොග් වෙන්න බැරි අවුලක් ගිහින් අයි.ටී. සපෝර්ට් එකට කෝල් කොරලා පරන පාස්වර්ඩ් එක කියන්න වෙලා මාර ලැජ්ජාවක් උනා. මොකද මම ඒ දවස්වල දැම්මෙම කාර්ටුන්වල කෑලි.

    Eg : scoobydooo.whr1are2u3

    ReplyDelete
    Replies
    1. නම වැටුනෙ නැද්ද ස්කුබී කියල..

      Delete
  13. මගේ පාස්වර්ඩ් එක .............. එක්කෝ ඕනි නෑ

    ReplyDelete
    Replies
    1. උබෙ එක නෙවෙ.. ප්‍රශ්නෙට උත්තර දෙන්ටෝ...

      Delete
  14. මම මුලින්ම වෙබ් සයිට් එකක දාපු පාස්වර්ඩ් එක තමා හිප්හොප්, තාමත් ඒක එහෙමම තියනව :D

    ReplyDelete
    Replies
    1. හිටු ලොග් වෙලාම බලන්න.. :)

      Delete
  15. අමතක නොවෙන දිග පාස්වර්ඩ් දාන්න මම පාවිච්චි කරන්නෙ මේ ක්‍රමය.

    දුරකතන අංකයක්, පවුලෙ කෙනෙකුගෙ උපන්දිනයක් එක්ක ගෙදර නොමබරේ වගේ දෙයක් අකුරෙන් ඉලක්කමෙන් කල්වමට ලියල @ සහ # එක්ක කවලන් කරන්න. ආයි මලාට කඩනව බොරු සහ ලේසියකට අමතක වෙන්නෙත් නෑ!

    ReplyDelete
    Replies
    1. පාස්වර්ඩ් එක දෙතුන් පාර වෙනස් කරද්දි දුරකථන අංක, උපන්දින එහෙම පැටලිච්ච අවස්ථා නැද්ද ඉන්දික??

      Delete
    2. මේ වගේ ආරක්ෂිත පාස්වර්ඩ් ඇයි වෙනස් කරන්නෙ?

      podiputha@SENIYA#2007july*731115

      Delete
  16. ඔක්කොම හරි බන්. බොසා ට කියලද අපි පාස්වර්ඩ් දා ගන්න ඔනේ.. ඉතින් එතකොට කොහොමද බන් එක සිකුරුටි එකක් වෙන්නේ..
    ගොඩාක් තැන් වලට භාවිතා වෙන්නේ එකම පාස්වර්ඩ් එක නිසා මෙතන දැම්මොත් ඔක්කොම ඒවගෙන් මාව අයින් වෙලා තියෙවි..

    ReplyDelete
    Replies
    1. ඒම තමා යකෝ බොස් දැන ගන්නෝනි. අරක්ෂක ආමත්‍යාංසෙ නොවැ..

      හැමතැනම එකම පාස්වර්ඩ් එක නම්, ෆෙස්බුක් එකේ එක විතරක් කියපං. අනිත් ඒව මම හොයා ගන්නම් :)

      Delete
  17. කමක් නෑ බං ඌ දොර ඇරගත්තෙනෙ...

    ReplyDelete
    Replies
    1. තරඟයට අවතීර්ණ වෙයල්ලකෝ..

      Delete
  18. සෑමා මම ප්‍රතිපත්තියක් විදියට කුණුහරප ටයිප් කරන්නේ නෑ. හැබැයි අර කලින් එකේ තිබ්බ මේකෙත් තියෙන අකුරු හතර putha.

    ReplyDelete
    Replies
    1. නැහැ මචං. එච්චර නරක උත්තරයක් නෙවෙ තියෙන්නෙ..

      ට්‍රයි කරමු.. :)

      Delete
  19. what#the@fuck*is#it?
    idont@give#a!shit
    totally1fucked2up

    ReplyDelete
    Replies
    1. long time ago, I used

      "fucku"

      :D

      ඔබවන් ගුරුවරයෙකුගේ පාස්වර්ඩ් දුටු කළ.. ??

      Delete
  20. මගේ ඔක්කොම පාස්වර්ඩ් නම් ඉතින් මම ඇරුනම දන්නේ එක්කෙනයි.. ඒවත් ඉතින් මම දාලා තියෙන විදිහට උන්දැටත් මතක හිටින්නේ නෑ හැමදාම.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. මේකේ අනිත් පැත්ත අයියා මට, බට් මගේ මතකේ ඒ තරම්ම අවුලක් නැ

      Delete
    2. මේකට කියන්නෙ ගෘහස්ථ හිංසනයද? පුරුෂයා පීඩනයට පත් කිරීමද? නැත්තං සමතැන් ලබා දීමද බොලව්..

      කෝ ප්‍රශ්නෙට උත්තර??

      Delete
  21. මට නම් හිතාගන්න බෑ...

    ReplyDelete
  22. " how to hack defense ministry door password " or "how to reset defense ministry door password"

    කියල google search කරානං වැඩේ ඉවරයිනේ.. මොකට ඔච්චර මහන්සි වෙනවද..? :3 හා නැද්ද... :3

    ReplyDelete
    Replies
    1. 01. "ගූ" ගල් කරලා බලන්න මේක ටොයිලටි එකට ගියාම දොර ඇතුලෙන් ලොක්වෙලා අමාරැවෙන් ඉස්කුරැප්පු නියනක් දාලා ඇරගෙන බර නිදහස් කරනකොට ටොයිලට් දොරට මෙහෙම කලානං හොදයි නේද ඒත් පාස්වර්ඩ් එක අමතක උනොත් මොකෝ කරන්නෙ කියලා මනෝ පාරක් ගහනකොට හිතට ආපු නිර්මාණයක් මිසක් "ගූ" ගල් දෙයියාගෙන් ඉම්පෝට් කරපුවා නෙමේ මචෝ....

      02. විභාග ලියන්න ටොයිලට් එකට ප්‍රශ්න පත්තරේ අරං යන්න දුන්නනං අපිත් මිනිස්සු මචෝ...

      Delete
  23. අපි අහුවේයි ඔවට.....!!!!
    උත්තරේ උඹ දන්නෙත් නැනේ....

    ReplyDelete
  24. අනිත් මිනිස්සුන්ගෙ පාස්වර්ඩ් මේ වගේ මාධ්‍යයක් හරහා ප්‍රසිද්ධියට පත් කිරීම සුදුසු නැති නිසා මම උත්සහය අත් ඇරියා..

    ReplyDelete
  25. ඔක්කොගෙම පාස්වර්ඩ් බොට දුන්නනං ලස්සනට තියෙයි.

    ReplyDelete
  26. දොර තියෙන තැන කියපන්කො ගිහින් ඇරලම එන්න

    ReplyDelete
  27. //ඔබ පාස්වර්ඩ් නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙක්දැයි බැලීමට, ඔබේ සියළු පාර්ස්වර්ඩ් සෑමාට ලබා දෙන්න. ගැටළුවට පිළිතුර ඊලඟ ලිපියෙන්.//

    හා දෙන්නම් ...!

    මෑන්ස් දොර ඇරගත්තට පස්සේ මොකට ට්‍රයි කොරනවයි..... ඔන්න ඔහේ ඕනේ නෑ

    ReplyDelete
  28. Adefmra. කලින් තිබ්බෙ මොකක්ද කියල ඉගියක්වත් නැතුව හිතන්නෙ කොහොමද? අපිට කොච්චරනං හිතන්න දේවල් තියෙනවද? අනික අපි අනුන්ගෙ මුරපද හොයන්න හොදත්නෑනෙ විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යාංශෙ ඕව හැක් කරයි කියල කියයි.

    ReplyDelete
  29. පාස්වර්ඩ් වගේම මගෙ තිබුන හැම ඊ මේල් එකක්ම යකාගෙ පාස්වර්ඩ් යකාගෙ ඊමේල්.හැබැයි කවදාවත් උපන් දින ටෙලිපෝන් නම්බර් නම් දාල නෑ.මගෙ පාස්වර්ඩ් උනත් අර උඩින් විචාරකතුමා කියල තුබුන වගේ කෙනෙකුට ජීවිතේට ගෙස් කරන්න බැරි ඒව.හැබැයි මගෙ ඊ මේල් එක ඇහුවමනම් ඕනම කෙනෙක් මගෙ මූණ දිහා බලනව.යකාමමයකා ඇඩ් ජීමේල් ඩොට් කොම්.

    ReplyDelete
  30. කෙලින්ම කියල තියෙද්දිත් කවුරුත් ප්‍රශ්නෙට උත්තරේ දෙන්නෙ නෑ වගේ ...

    1. පරණ පාස්වර්ඩ් එක => " මතක නෑ"

    2. අලුත් පාස්වර්ඩ් එක => " අමතක වෙන් නෑ"

    ReplyDelete
    Replies
    1. අපි මේ ඉන්ගිරිසි අකුරු දමාගෙන බැලුවට හරි යයි යැ. මේකත් හරියට අර ඇහෙන තැන ඉඳන් පේන තැනට දුර කිව්ව වගෙ එකක් නෙ :)

      Delete
    2. අප්පද බොල ඒකත් එහෙමද ? තව එකක් තිබ්බා ඔය ජාතියෙ;

      call me for the password

      Delete
  31. මට බෑ#....මොන සෙද්දක්ද අරෙහෙ මුදිය විකාර කෙලිනව... මෙන්න මෙයත් ෆටං අරං....

    ReplyDelete
  32. ඔන්න අපිනම් අහුවෙයි ඕවට..හි හි

    ReplyDelete
  33. අපෙ මාතර හිටිය ටිකක් වයස පොරක්.මිනිහ හැමදාම පස්වර්ඩ් එක ඩිසෙබල් කරගන්නව වැඩිපුර වරද්දල ගහල .පස්සෙ මිනිහ එනව රිසෙට් කරගන්න මතර හිටපු තවත් එකෙක් ගාවට.මිනිහ රිසෙට් කරල දෙනව අලුත් එකක් එක්ක.අලුත් පස්වර්ඩ් එක කියන්නෙත් අකුරෙන් අකුර.මිනිහත් ඉතින් කොල කැල්ලක ලියාගෙන ගියා.විනාඩි 5කට විතර පස්සෙ එනව වෙඩිල්ල වගෙ.මොකක්ක්ද යකො මෙ කලෙ කියල.පස්වර්ඩ් එක තමයි පී අකුරයි එ අකුරයි කෙ අකුරයි එ අකුරයි වයි අකුරයි.එ අකුරයි.

    ReplyDelete
  34. ඉතිං මොකක්ද උත්තරේ?

    ReplyDelete
  35. ඔය password වැඩේ හරිම ප්‍රාතමිකයි කියලා මට හිතෙන්නේ .මමත් හැට හුට හමාරක් password පාවිච්චි කරනවා. අද එකක් අමතක වෙලා මාර පරිප්පුවක් කෑවා .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...