කන්දක් නැග්ගොත් බැස්මක් ෂුවර්ය. ඒ නිසා අපේ උන් හති දාගෙන කන්ද නගින්නෝය. ඒ පල්ලමක් බලාපොරොත්තුවෙන්ය. පල්ලමක් නැති වුණ දාට කෙළවෙන්නේය. හැමදාම නගින දේවල්ද, කාලයකදි හැමදාම බැස තිබෙන දේවල්ද සමාජයේ ඇත්තේය. ඒවා ජීව විද්‍යාවට අනුව කරුණු කාරණා සොයා බැලිය යුතුය. මේ ලියන්නට යන්නේ බැසීමට හේතු වෙන කරුණු ගැනය. ආනත තලයක් දිගේ අතහරින බෝලය තලය දිගේ රෝල් වන්නේ, බැස යන්නේ ඒ තලයේ ආනත බව නිසා බව අමුතුවෙන් කිව යුතු නැතිය. එහෙත් අප කවරදාකවත් නොසිතනා හේතු නිසා බැස යන දේවල් ද ඇත්තේය. යම් කිසි පුරුද්දක්, පිහිටීමක්, වෙනස් වුව හොත් බැසීමක් සිදුවන බව සෑමාට වැටහුනේ බ්ලොග් එකේ බැස්ම දුටු විටය.
මේ බැස්මට හේතුව සෑමා කල්පනා කළේය. මෙයට අවංක හේතුව නම් ලිපි ලියන ප්‍රමාණය අඩු වීමය. ලියන්නට සූදානම් වෙන විට ඇතිවන කම්මැලි කම මෙන්ම තවත් හේතු ඇති බව සෑමාට වැටහී ගියේය. එසේ කල්පනා කරන විට සිතට ආවේ කිසිවක් නොව “පිහිටීමේ“ ගැටළුවක් ගැනය. වෙනදා බ්ලොග් ලිපියක් ලියන විට සෑමා ලැප් එක තබා ගන්නේ පපුව මට්ටමට තරමක් පහලින් වූ මේසයක් මතය. කොටින්ම කිව හොත් එය ටේබල් මේට් වර්ගයේ මේසයක්ය. එය මෑත භාගයේදී සිදුවූ ව්‍යවස්ථා සංශෝධනය මත නිවසින් ඉවත් කිරීම නිසා සෑමා වැටුනේ තරමක් උසින් අඩු ස්ටූල් එකක් මතටය. ඒ මත තබාගෙන ලිපියක් ලිවීමේදී කොන්දේ අමාරුවක් මතු වන්නේය. එවිට ලිපිය අතර මඟ නැවතී ඩ්‍රාෆ්ට් කිරීමට සිදුවන්නේය. බ්ලොග් ලියන්නෙකු ලිපියක් ඩ්‍රාෆ්ට් කරන්නේ නම් ඒ ලිපිය ගැන තිබෙන අදහස අතහැරිය යුතුය. මඟදී නවතින ලිපියක් නැවත එළියට අරන් ලිවීමේදී ලිපියේ රසවත් බව අඩු වන්නාක් මෙන්ම, ලිපිය නැවත ආරම්භ කිරීමටද සිතේ අකැමැත්තක් ඇති වන්නේය. ඒ නිසා තමන්ට ගැලපෙන පිහිටීමක් නොමැති නම් එය හුදෙක් බැස්මකට හේතු වන්නේය. නියම ගැලපෙන ස්ථානයක් තෝරා ගැනීමෙන් එය නැගීමක් ඇති කිරීමට සමත් කරන්නේය. එම සරල දහම මෙතරම් දරුණු උදාහරණ සහිතව ඉදිරිපත් කළ යුතු නොවන්නේය. සිරවූ බස් රථයකට නැගීමෙන්, පසුව ගැලපෙන ස්ථානයක්, හොඳ පිහිටීමක් හිමි වීම නැඟීමකට හේතු වන්නා සේම, හොඳ තැනක්, පිහිටීමක් නොලැබීම බැස්මකට හේතු වන බව සියළු මඟීන් දන්නා කරුණක්ය.
අප ඒ කාලේ විහිළු යැයි කියූ දේවල් සැබෑවටම සිතට ගත යුතු දේවල්ය. පිහිටීම වෙනස් වීම හොද ප්රථිඑලයක් එළියට දීමට ඇති වන්නාවූ බාධකයක්ය. ඒ කාලයේ විහිළු කතාවක් තිබ්බේ කොන්දොස්තර කෙනෙක් ගැනය. කොන්දා බස් එකේ ටිකට් ලියන්නේ ගැස්සෙමින්ය. ගමන් කරන බස් එක ඇතුලේ අකුරු ලිවීම අපහසුය. එහෙත් කොන්දාට නම් එය අමුතු දෙයක් නොවන්නේ පොර හැමදාම කරන නිසාය. ඒ පිහිටීම තුල කොන්දා සාර්ථකය. එසේම වැනෙන, ගැස්සෙන බස් එක ඇතුලේ නොවැටී ගමන් කිරීමට තරම් කොන්දා දක්ෂ වන්නේ ඒ පිහිටීම ඔහුට උරුම වූ නිසාය. එකී කොන්දාගේ විවාහ ගිවිසීම දවස එළැබෙන්නේය. මේසය මත සියලු ලිපි ගොණු තබා කොන්දා අතට පෑන ලැබෙන්නේ විවාහය සඳහා අත්සන් තැබීමටය. කොන්දා ඉහින් කනින් දහඩිය පෙරාගෙන වට පිට බලන්නේ තමන්ගේ පිහිටීම අවුල් ගිය නිසාය. අවසන තත්වය තේරුම් ගත් දෙවෙනි මනමාලයා හෙවත් බස් රථයේ ඩ්‍රැයිවර් මහතා මේසයේ කොනක් අල්ලාගෙන වැරෙන් සොලවන්නේය. කට කොනින් සතුටු සිනා ගලා විත් කොන්දා අත්සන ලස්සනට ගසන්නේය. ඒ කොන්දා හුරු වූ පිහිටීමය. එය වෙනස් වූ කලෙක ඔහු අපහසුතාවයට පත් වන්නේය. කොන්දාගේ නැග්ම, සෙලවීම මත තීරණය වන්නා සේම බැස්ම, සෙලවීම නතර වීම මත රඳා පැවතියේය. එවිට එදින රාත්‍රියේ සෙලවූයේ ඩ්‍රැයිවර්ද කියා අසනා පුද්ගලයන්ට සිතන්නට යමක් ඉතිරි කළ යුතුය.
ඒ කාලේ මේවාට සිනා සී අතෑර දැමූ අපිට දැන් කාලේ මෙතරම් දේවල් සිතෙන්නේ මන්දැයි පුදුම සහගතය. විනෝද චාරිකාවක් ගිය විට, හෝ ගෙදරින් පිට කිසියම් තැනක රැයක් පහන් කළ විට පසු දින උදෑසන අර්බුධයක් පැන නගින්නේය. එහ බහුතර මනුෂ්‍ය වර්ගයාට සිද්ධ වන්නාවූ දෙයක්ය. ඇත්තෙන්ම එලෙස පසුදා උදෑසන වැසිකිලි යෑමේ අර්බුධය ජනිත වන්නේ පිහිටීම වෙනස් වීමේ සංසිද්ධිය නිසාය. වරක් කන්දක් මුදුනේ නයිටක් ගසන්නට ගිය සෑමා ඇතුලු මිතුරන්ට ඔය සංසිද්ධියම වී අහවල් කාරණය සෙට් වූයේ දහවල දිය ඇල්ලකින් ස්නානය කරන විටය. එවිට සෙට් වෙන අනු පිලිවෙලින් ඇල්ලේ පහල දිශාවට ගොස් සියළු බර නිදහස් කොට ඇල්ලේ ජල පහර දිගේ ගලා යාමට සලසවන්නට වූයේ පිහිටීමේ වෙනස් වීමෙන් පීඩා විඳි නිසාය. එසේත් සිදු නොවී සමහරුන්ට නැවත නිවසට එනතුරුත් එවන් බරක් සෙට් නොවන්නේ පිහිටීමේ වෙනස් වීම නිසාය. යමෙක් හුරු පුරුදු වූ පිහිටීම නැග්මට හෝ බැස්මට හේතුවන බව ඉන් මනාවට පැහැදිලි වන්නේය.
උක්ත කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් බැස්මට හේතුව සොයා ගැනීමට සෑමාට හැකි වූයේය. නියම පිහිටීමකට පිවිස නැවත ලිවීම ආරම්භ කළොත් නැගීමක් ෂුවර්ය. දැනට පවතින පිහිටීම වෙනස් කොට නැවත පෙර පිහිටීමට ගොස් නැග්මක් ඇති කිරීම සෑමාගේ අභිලාෂය වන්නේය.
Written_by_sAm_ශ්‍රී_Perera_7:45am_26/03/14
මට නං හිට් එක්ක එච්චර තරඟයක් නෑ.. එදා බ්ලොග පටං ගත්තේ ලියන්ඩ.. ඒ නිසා මට හොඳයි කියලා හිතෙන දේවල් ලියලා දානවා... හිට් එකකට වඩා කමෙන්ට් එකක් දැක්කම මාර හැපි... :)
ReplyDeleteහිට්ස් ගැන මාගේ සංකල්පය..
Deleteඉස්කෝල වාර විභාගෙ තියන්නෙ ඉගෙන ගත්ත දේවල් වල ප්‍රගතිය බලන්න. හිට්ස් කියන්නෙ ලියපු දේවල් වල ප්‍රගතිය. එතකොට මධුවා කියන කමෙන්ට් “රතු පාටින් ටීචර්ල ලියන අකුරු වගේ..“
:))
සැමාගේ අන්දන කතා ටිකක් වැටනොත් ඔය පිහිටීම් වෙනස් කරනන වෙන එකක් නෑ.. අනික බං ඕවා ගණං ගන්න එපා...
ReplyDeleteඅන්දන කතා කිව්වෙ කැත හිත් වලට ඒවද?
Deleteකියන්න අමතක උනා.. බැන්දට පස්සේ නළු නිලියන්ගේ ජනප්‍රියතාව සෑහෙන්න අඩු වෙනවා.. හැක්..
ReplyDeleteබැන්දට පස්සෙ නේ??
Deleteඅනික් හේතුව තමා හුගක් අයට අපි ලියන දේවල් ඇලජික් වීම... ඒ මට හිතෙන හැටි....
ReplyDeleteඑයාල මොනා ලීවත් කමක්නෑ අපි ලී වොත් අල............................?????????????
තේරුනා මදිද මන්දා..
Deleteමොනවා කියන්නද මං නම් තවම නැගලත් නෑ බහැලත් නෑ ...ඔහේ ලියාගෙන යනවා
ReplyDeleteකවදාවත්ම නැගල නැද්ද සහෝ?
Deleteබැන්දට පස්සෙ ගෙනාපු බඩු හින්ද ගෙදර තිබ්බ ඒව එලියට විසිකළාද.
ReplyDeleteඕක බැස්සයි කියල වෙන ඒව බස්සගන්න එපා.
හා කෝ ;)
Delete"සිරවූ බස් රථයකට නැගීමෙන්, පසුව ගැලපෙන ස්ථානයක්, හොඳ පිහිටීමක් හිමි වීම නැඟීමකට හේතු වන්නා සේම, හොඳ තැනක්, පිහිටීමක් නොලැබීම බැස්මකට හේතු වන බව "
ReplyDeleteඈ..... බං සෑමයියේ පුද්ගලික අත්දැකීමෙන්ද කියන්නේ?????
ඉස්කෝල යන කාලෙ ඉගෙන ගත්තුව තමා..
Delete//එය මෑත භාගයේදී සිදුවූ ව්‍යවස්ථා සංශෝධනය මත// සෑමාව ගෘහස්ත ප්රචන්ඩත්වයට අහුවෙලා.....
ReplyDeleteතුන් තිස් පැයෙම නග්ගන් ඉන්න එපා කියන්නේ ඔක තමා..
තුන් තිස් පැයම නග්ගන්න මේක හෙලිකොප්ටරයක්ද බොල?
Deleteනැඟීමක් පසුපස බැසීමක් ද එන බව ඇත්තකි. ඊට පසු නැවතත් නැගීමක් විය හැක..
ReplyDeleteසදාතනික නැගීම් නැද්ද?
DeletePriapism
Deleteබැස යන සඳ දැතීන්... වලකාලන්නට බෑ.... - නාමල් උඩුගම
ReplyDelete“ඌ මල් නඩු ගම“ කියපු එකක් නේ??
Deleteඔය නගින ඒවා බස්ස ගන්නැතිව ගොඩක් කල් තියා ගන්නත් ක්‍රම සහ විධි තියනවා කියලා සමහරු කියන්නෙ. අපි නම් දන්නෑ ඕන් ඕවා.
ReplyDeleteදන්නැති උනාට හැම සතියකටම පාරක් සතියටම ඇතිවෙන්න උබ ඒව අරන් යනව මන් දැකල තියනවනෙ :D
Deleteඒ කියන්නෙ සසිදුවා ඒවා ගැන හොදට දන්නව???
Deleteඅපේ නං තවම නැග්ගෙත් නැත බැස්සෙත් නැත..ය
ReplyDeleteඒකත් අවුල්ය ;)
Deleteඋබට බැන්දට පස්සෙ සෑහෙන අපලයි නේද :D
ReplyDeleteබැඳීම අපලයක්ද බං?
Delete//බ්ලොග් ලියන්නෙකු ලිපියක් ඩ්‍රාෆ්ට් කරන්නේ නම් ඒ ලිපිය ගැන තිබෙන අදහස අතහැරිය යුතුය. ///
ReplyDeleteමේවා සහතික ඇත්ත අයියේ,, ඔයාට වගේම මටත් ඒ ප්රශ්නය ඇවිත් තියෙනවා, එහෙදි ලැප් එක ඇඳේ තියාගෙන පෙරලීගෙන ලියන්නේ එක හුස්මට මෙහෙදී ටේබල් එක උඩ තියන් ,,ඉතින් කොමෙන්ට් එකක්වත් දාගන්න බැහැ හරියට.. , කෙසේ හෝ නැග්මට අවශ්‍ය පසුබිම ඉකමනට අවබෝධ කරගැනීම ගැන සතුටුයි
ඇඳේ පෙරලී ලිවීම, නැවුම් අදහස් ජනිත කරන්නේය. (බොහෝ විට කෙල්ලන්ට )
Delete:))
ඔය ලෙඩේ නම් මටත් තියෙනවා. ලිව්වොත් එක දිගට ලියලා ඉවර කරන්න ඕනේ. මතු සම්බන්ධයි වුනොත් ඉතින් ඉවරම තමයි.
Deleteසෑමා විවාහ වී කලක් ගත වන නිසා පිහිටීම වෙනස් කර දරු සුරතල් බැලීමට කාලය හරි බව අටමා කොහේ හෝ කියා තිබුණි :D
ReplyDeleteකොමෙන්ට් එකට ලයික්
Deleteඋට මඤ්ඤන්, යකෝ බැන්ද ගමන් ළමයි හදන්න හොද නෑ, අවුරුද්දක් දෙකක් ඉන්න ඕනෙ ලයිෆ් එක එන්ජෝයි කර කර :D
Deleteඅටමාට බිව්වම ඔය තියරි නැහැ බං. අපි ඉතිං කම්පනාවෙන් ඉන්න මිනිස්සු නේ..
Deleteමලල සේකරයි, මං හිතුවේ අටම පෝස්ට් එකකින් මඩ ගහල කියලා.. බැලින්නම් වැඩේ ඇත්තනේ,
ReplyDeleteදැං ඉතින් පරන තැනටම ලැප්එක ගන්න..
ජය වේවා!!!
හම්බේ අටමගෙ මඩ මතක් කරන්න එපෝ.. :))
Deleteවිදානේ මටත් බලන්න ලින්ක් එක එවන්ඩෝ. හික්ස්
Deleteමේං ලිංක් එක
Deleteතැන මාරුවුනාම අවුල් තමයි. ගෙදර ගියාම මට නින්ද යන් නැැ ටික වෙලාවක් යනකල්. බෝඩිමෙ වගේ නෙමෙයි ගෙදර හොදට සැප මෙට්ට කොට්ට තියෙනවා නේ.ඒ ක නෙිසා අවුල ටික වෙලාවක් තියෙනව.
ReplyDeleteමට නින්ද යන කේස් එකට නම් පිහිටීම බලපාන්නෙ නැහැ වගේ. දැන් මතක් වුනේ ;)
Deleteමේවනම් ඉතින් බැස්සත් කමක් නෑ සෑමා.. අවශ්‍ය දේවල් නැගලා.. ;)
ReplyDeleteමේවා නැග්ගේ නැතිවාට...බඩුමිල නගිනවානේ..එතකොට ප්‍රෙෂර් එක නගිනවා...ඒක නිසා මේක බැස්සාම මොකෝ :D
ReplyDeleteහිකිස්.. ඒව නම් නැගිලි විතරයි මචං..
Deleteපරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ! :)
ReplyDeleteබ්ලොග් ලියන්නෙකු ලිපියක් ඩ්‍රාෆ්ට් කරන්නේ නම් ඒ ලිපිය ගැන තිබෙන අදහස අතහැරිය යුතුය.
ReplyDeleteඇත්ත කතාව
ඒකනෙ කියන්නෙ මේවා සමාජිය ගැටළු :)
Deleteබස් කොන්දොස්තර කෙනෙක් බ්ලොග් එකක් ලිව්වනම් කොහොමට හිටීද ?
ReplyDeleteලැප් එක හොලව හොලව ලියන්නෙ වෙන්නෙ බං..
Deleteනිරීක්ෂන තමා ආතල්ම..
ReplyDeleteවිවාහයක්නිසා සැමාට වු තවත් අතවරයක්
ReplyDeleteනැගීම සහ බැසීම...............සෑම් මාමෙ මොකද්ද අනේ මේ හරුපෙ.මං අහලම නැති වචන දෙකක්
ReplyDeleteදැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං....වවුල වගේ....
ReplyDeleteනැගීමේ සහ බැසීමේ කලාව නරකම නෑ වගේ
ReplyDeleteහප්පේ... මෙන්න සෑමාට...... එක්කෝ ඕනේ නෑ.
ReplyDeleteකොමෙන්ට් වලට රිප්ල්ය් කොමෙන්ට් නොදා අලුත් පොස්ට් දැමීම මම තරයේ හෙළාදකිමි බොලව්. අම්මපා...!
මොකක් කරන්නද! පිහිටීම වෙනස් කරන්න ගිහිං කසාදෙ කටු ගාගන්නේ නැතිව හිටු!
ReplyDeleteතව ටිකදවසකින් දරු මල්ලෝ හදාගත්විට බොලොගය තවත් බහින්න පුළුවන්. මගේ ගාවත් නැති කාල කළමනාකරණය තමයි හොඳම බෙහෙත.
ReplyDeleteමචෝ කාලෙ මොනවා කළමනාකරණය කරන්නද බං... මූඩිය ගානෙ තමා දාගන්න වෙන්නෙ....
Deleteවාස්තු විද්‍යාවට අනුව දකුණු පස ඉහල කෙලවරේ ඇති මියුසික් වීඩියෝව ඉවත් කිරීම පමණක් සෑහේ....
ReplyDeleteඋඹේ බැස්සට අපේ තාම නගිනවනෙ බන්....
ReplyDeleteකොන්දාගේ කතාව නම් මරේ මරු ආහ් :D
ReplyDeleteනියම ආදර්ශමත් කතාව...
ReplyDelete