Sunday, March 30, 2014

කැරළි වීරයෝ මර්ධන සහ ජයග්‍රහණ... - Protests & Victories !!!




සමාජ ක්‍රමයකට එරෙහිව උඩුගම් බලා පිහිනන පුද්ගලයන් හා ඇලලුනු වීර කතාන්දර කියවා ඇත්තෙමු. කියවා අවසන පොත වසා පැත්තකින් තබා කල්පනා කරන්නේ එවන් වීරයෙකු වන්නටය. එහෙත් මොහොතකින් ඒ සියළු හැගීම් අවසානය. නැවත වැටෙන්නේ පරණ සුපුරුදු ජීවිතයටය. පවතින පාලන ක්‍රමයකට ඇලී එහි බත් බැලයන් වෙමින් ප්‍රමුඛ සුව සැප සොයමින් ජීවත් වන්නෝ කිසිදා ආත්ම තෘප්තියන් නොලබත්. එසේම ලැබෙන සුවයද තාවකාලිකය. අවසන ඉතුරු වන්නේ ‘ඉජු.. ඉජු‘ කියනා කලෙක පස්සෙන් ගොස් ගත් ආතල් පමණක්ය. එය තම කොන්දට මෙන්ම පරම්පරාගත නෑ පිරිවරටද කොන්ද කෙලින් තබා ගැනීමේ උපත් අයිතිය නැති කිරීමක් පමණය. උපතින් කොන්දක් එන්නේ කෙලින් තබා ගන්නට මිසක වකුටු කොට කොන්ද අඟට නැට්ටක් සවිකරගෙන, සිතින් පත් කර ගත් ස්වාමියාට වනන්නට නොවේය.

පවතින ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නට, අසාධරණයන්ට එරෙහිව නැඟී සිටින්නට තරම් ශක්තියක්, බත් බැලයන් දුටු කළ කැළඹෙන රත් වූ ලේ කැටියක් සහිත උපදින්නේ වීරයන්ය. විටක උන් ප්‍රකට නොවන්නෝය. නමුත් අරගලයන්ට නායකත්වය දෙන්නෝය. සාධාරණය වෙනුවෙන්, ඉපදෙන්නට ඉන්න එකා ණය කාරයෙක් නොවන්නට කටුයුතු කොට ඔහේ කැටිවෙන රුධිරයෙන් වැඩක් ගන්නෝය. බත් බැලයන් පැත්තකට වැටී අත ලෙව කමින් පුටු රත් කරමින් එක තැන වැටී ගලා යන ලේ පොඳ කැටි ගැසෙන්නට ඉඩහරිද්දී වීරයෝ තම ලේ පොඳිය රත් කොටගෙන ලෝදිය මෙන් ගලා යන්නට සලස්වන්නෝය. ඒ ගල රත් වූ ලේ දහරින් කරන්නේ පෙරළියක් මිසක කඩේ යාමක් නොවේය.

නඟුට වනමින් පස්සෙන් ගොස් ජීවිතය ගොඩ දා ගත් එකාට කොන්දක් නැතිය. කඩේ යෑම පමණක්ම ඉතුරු වන්නේය. නැත්තං කන බත් පතට කෙළ වන්නේය. එහෙව් එකාට රටක් ජාතියක් ආගමක් වැඩක් නැතිය. කටු උලා කමින් ලඟ දැවටෙමින් සිටින්නෝය. පෙරලියක් නොමැත. අරගල නොමැත. බඩේ දැවිල්ල හැදෙනා විට කට කොනට වැටෙනා දේ සුප්පු කරන්නෝය. වීරයක් පිළිකුල් කරන්නෝය. මහ එකාගේ එක උලා කමින් වැඩෙන්නෝය. විටෙක මහ එකාට වඩා ප්‍රතාපවත්ව වැඩෙන්නෝය. ඒ අස්සේ වීරයා තම දහඩියෙන් මහන්සියෙන් ගොඩ දාගන්නා දේ ඇසුරෙන් හැදී වැඩී අරගල සඳහා ශක්තිමත් වන්නෝය. කොනක සිට, මහා රුධිර වාහිනයේ සිට කේෂ නාලිකාව දක්වා පුපුරමින් බලා සිටින්නේ අසාධාරණය උසුලා ගැනීමට නොහැකිවය. නැතිනම් අනෙක් බත් බැලයන් සේ උලා කන්නට හැකියාවක් නොමැතිව නොවේය. එසේම කඩේ යන්නට නොහැකියාවක් ඇති නිසා නොවේය. හිත් කොනක සිට පුපුරා යන අසාධාරණය අවිනීතිය උසුලා ගැනීමේ අපහසුවක් නිසා මිසක, වීරයෙක් වීමේ පරම අශාවෙන්ද නොවේය.

මර්ධනයට එරෙහිව මංගල වෙඩි මුරය සනිටුහන් වෙද්දී, කැරළි වලින් සාර්ථක ඵලයන් අත් වෙද්දී ජයග්‍රහණයක සේයා ඈතින් දිස් වෙද්දී බත් බැලයෝද සැලෙන්නෝය. ඉරිසියාව උඩු දුවා මහ පාරට වැටේ වී යැයි බියෙන් මහ එකා උස්සාගෙන කැලේ දුවන්නෝය. මහ එකා කැලේ පැන්න විටක කැලේ සිට අරගල කළ වීරයෝ පාරට බසින්නේය. දෙයක් සොයා ගෙන කන්නට බැරි, අතට දෙන දේ කටේ දමා ගත් මහ එකා සේම බත් බැලයාද කැළේ අසරණ වන්නේ පෙර සිටම උපයා ගත් හැකියාවක් නොමැති නිසාය. පොඩි එකාගේ බත් පතට කෙලිමින් සීතල කාමරේ පුටු උඩ කැරකෙමින් කකා බිබී ආතල් ගත් බත් බැලයාගේ සිට මහ එකා දක්වාම කැළේදී අසරණ වන්නෝය. වීරයෝ, කැරළි නායකයෝ, අරගලකරුවෝ, මහ උන් කැළේ පන්නා පොඩි මිනිසාගේ සිට මහ එකා දක්වා එකම මට්ටමක තබමින් ලොවක් දිනන්නෝය. 

ඒ දිනය වැඩි ඈතක නොවේය. එදා සිට පුපුරමින් ගලා හැලෙන විප්ලව වාදී රුධිරය අසාධාරණයට එරෙහිව පමණක්ය. මර්ධනයට එරෙහිව පමණක්ය. කොටින්ම පොඩි මිනිසා වෙනුවෙන් පමණක්ය. බත් බැලයන්ගේ මොල පොඩ්ඩන්ට මෙය නොතේරෙන්නේ නැතිය. උන්ට ඇත්තේ කොන්දක් නැති කම මිසක උවමනාවක් නැති කම නොවේය. තම බුරිය උල්වී එන තරමට කන්නට ලැබෙන මස් කට්ටට ගිජුකමේ උඩ බලාගෙන ලොක්කාගේ කිතුල් ඇටය ලොවන්නට ඉගෙන ගත්තා මිසක ජීවත් වන්නට නොදත් නිසා පව් ගෙවන්නෝය.

මෙය අද ඊයේ පටන් ගත් සටනක් නොවේය. අසාධාරණය දුටු තැන සිට පටන් ගත අරගලයක්ය. විටක නිහඬය. විටක වැටීම් පෙරලීම්ද සහිතය. දැන් අරගලයේ උච්ච තැනය. ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. ඇත් සේනා පෙරටු කොට, ගිණි සිළුවේ ආලෝකය පෙරටු කොට, කස, බෙර හඬ මැද්දේ සීනු හඩින් ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. නව ජීවිතයක සැබෑ අරුණළු දකින යුගයක්ය. යුධ පිටියේදී කඩු පහරින් කැපී රතු ලේ කඩු තුඩේ දිලිසෙන්නේ යම් සේද, දිලිසෙන දිදුලන අනාගතයක පෙර නිමිතිය. එවන් අනාගතයකට හුස්ම පොදක් වූ සැමට ස්තූතිය. බත් බැලයන් වූ සැමට නොවක් ස්තූතිය. මන්ද ඔබ බත් බැලයන් වූ නිසාම අපේ රුධිරය උණු වූයේය. ඒ උණු වූ තැන සිටම අප නොනැවතී සටන් කෙරුවෙමු.

Written_by_sAm_ශ්‍රී_Perera_8:50am_30/03/14

පලි - ලිපිය කී බෝඩ් එක මත අකුරු කරද්දී දෙඅත් වෙව්ලන්නට වූ නිසා නැවත කියවා සංශෝධනය නොකරම පළ කරමි.

30 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මහා ජනතාව හැමදා සුබ සිහින දුටුවහ.ඇත්තටම ඔවුන්ට සුබ සිහින පෙන්වන ලද්දාහ.. නමුත් කිසි දිනෙක ඒවා සැබෑ උනේ නැත. ඒ වනුවට සුබ සිහින පෙන්වූ අයගේ සිහින සැබෑ විය. දැන් දැන් අපිට සහ මහා ජනතාවට ජය සංකේත පෙනෙන බව සැබෑ ය.. බත් බැලයින්ට සුදු කොඩි පෙනෙන්නට පතන ගෙන තිබෙන බවද සැබෑය . ඇත් සේනා පෙරටු කොට, ගිණි සිළුවේ ආලෝකය පෙරටු කොට, කස, බෙර හඬ මැද්දේ සීනු හඩින් ජයග්‍රහණය ලබන විට පෙර සඳහන් කල බත් බැලයන් විජයග්‍රහණ පැත්තට හේත්තු වනු ඇත. නැවතත් මහ ජනය පෙලනු ඇත. විජයග්‍රහණයේ නායකයින් අවංක නම් වැළක්විය යුත්තේ මෙයයි. එසේ නොවුනොත් ඒ විජයග්‍රහණය ද තවත් එක සිහිනයක් පමණක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. එකී සියළු බලාපොරොත්තු ඉටු වීමට මුලින්ම වෙනසක් කළ යුතුය. වෙනසක් කොට ඉන් ලැබෙන ඵලය මෙසේම වන්නේ නම් අරගලයන් නැවතත් ඇරඹෙනු ඇත. එය දෑස් අන්ධ වූ කඩේ යන දේශපාලනය නිසා නොව, දෑස් විවර වූ සාධාරණ සමාජයක් සදහා කරන්නාවූ දේශපාලනයක්ය.

      ස්තුති !

      Delete
  3. අසාධාරණය දුටුතැන අරගල කිරිය යුතුය..
    එසේ නොවුනිනම් ලෝකය තවමත් වැඩවසම් යුගයේය, නමුත් දැන් සිදුවන්නේ පටු අරමුණු වෙනුවෙන් අසාධාරණයට ලක්වූවන් බිල්ලට දීමය.. එහෙයින් විජයග්‍රහණය සිහිනයක්ම පමණක් වනු ඇත...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගමන කැළයක් මැදින් නම් හීරෙන කටු පඳුරු වලට නොසැලිය යුතුය. එය උණ්ඩයට මුහුණ දෙන්නට හයියක් වන්නේමය..

      ජයම වේවා !

      Delete
  4. Habayi pinthuraya lipiyath ekka pahenne naha wageyi neda?

    ReplyDelete
    Replies
    1. නොගැලපෙන්න තමා දැම්මෙ. අවුල්ද?

      Delete
  5. Go Ahead මචං...! අරගලය පටන් ගත යුත්තේ ඇතුළතිනි...!!! ඒ දිනය වැඩි ඈතක නොවේ...

    ReplyDelete
  6. එච්චර ආවේගශීලී වෙලා දේශපාළණය කොරන්න බෑ. උඹේ මහ එකාටත් තියෙන ලෙඩේ ඕකයි. කොහොම හරි දිනපු උන් ටික ලොක්කා ගාවට යනවා මාස තුනක් යන්න ඉස්සර.

    ReplyDelete
    Replies
    1. රනිල් මාත්තයා වගේ නිවුන කෙනෙක් වෙන්න පුරුදු කරමුද ?

      Delete
    2. කොටල ආවම තමා මාතා කිව්ව කතාව දැක්කේ..

      +++++++++++++++++++++++++

      Delete
  7. උඹේ වේදනාව අපිට තේරෙනවා මචෝ. පෙරහැරකදී පමණක් එකතු වන පන්දම් කරුවන්ද, තාලම්පට කරුවන්ද, ආලින්ද බුලත් කොලයක් මත මොනර කොළ ලැබුණු විට විසිර යති.

    ReplyDelete
    Replies
    1. එහෙව් එවුන් පිටමන් වනවා නම් හොඳය. පරම අරමුණ වෙනුවෙන් යටි කූට්ටු කරුවන්ගේ ගැටවලට හසු නොවී ගමන් කළ හැකිය.

      Delete
  8. සෑමාගේ කුපිත වීම මූණු පොත පුරා මා දැක ගතිමි. හොදම දේ ලබන ඡන්දෙට උඹත් ඉදිරිපත් වෙයං...අපිට බැරියැ මනාපයක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. කුපිත වී ඇනෝ කෙලීම බ්ලොග් ලොව දැක ඇත්තෙමි. එසේ වනවාට වඩා ප්‍රසිද්ධියේ කියා පෑමක් සිදු කලෙමි.

      බුකියේ ගියේ කුපිත වීමේ ප්‍රථිඑල නොව දැනුවත් කිරීමක් බව සලකන්න.

      Delete
    2. බලහං...තාත්තාලා කොච්චර පල් හොරු කිව්වත්...පුතාලා දුවලා ටික දිනලා තියෙන ලස්සන...අපි කොච්චර කෑ ගැහුවත්...මේ රටේ බහුතරයක් වෙන කෙනෙක් කියන නිසා ඡන්දය දෙන උන් මිස තමාගේ බුද්ධියෙන් හිතලා තීරණ ගන්න උන් නෙමෙයි.

      Delete
  9. හැමෝටම ඔය කියන දේ තේරෙන්නේ නෑ සෑමා.. එක්කෝ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ.. අන්න ඒකයි ප්‍රශ්ණේ..

    ReplyDelete
  10. කිසිත් නොකියමි :ඩී

    ReplyDelete
  11. ඊයෙ මොන ෆිල්ම් එකද බැලුවෙ සෑමො...
    මං හිතන්නෙ ඉන්දියන් එකක් වෙන්නම ඕනෙ...
    හැක්

    ReplyDelete
    Replies
    1. හින්දි ඒවයේ නිලියො ඉන්නවා. හරි ප්‍රබලයි. නිර්භීතයි. අඳන්නෙ සාරි. හිරුණිකා වගේ..

      ඒත් මේකෙ නිලියො නැහැනෙ.

      Delete
  12. //පලි - ලිපිය කී බෝඩ් එක මත අකුරු කරද්දී දෙඅත් වෙව්ලන්නට වූ නිසා නැවත කියවා සංශෝධනය නොකරම පළ කරමි.//

    ඕක දේශපාලනයට නුසුදුසු කතාවක් අනික පොන්සේකා මහත්තයත් ඔය වගේ විකාර තමා කියවන්නේ..

    චන්දය දෙන ජනතාවට බත් බැලයන් ලෙස ඇමතීම සුදුසුද?? හැගීම් වලට වහල් වූ සෑමා වැනි අයත් පොන්සේකා වැනි අයත් දේශපාලනයෙන් ඉවත් වෙන දිනය වැඩි ඈතක නොවේ..

    ReplyDelete
    Replies
    1. @ඕක දේශපාලනයට නුසුදුසු කතාවක් අනික පොන්සේකා මහත්තයත් ඔය වගේ විකාර තමා කියවන්නේ..

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හම්බන්තොට සියළු රැලි වලට බාධා කරද්දි කේන්ති නොයන අපේක්ෂකයෙක් ඉන්නවද?

      සිවුරු ඇඳගත්ත හාමුදුරුවරු (රතන වැනි) අය කතා කරද්දි කෝපය ක්‍රෝධය වැගිරෙනවා.
      හිටපු හමුදාපති කෙනෙක්ට තරහා යාම එතරම් තැකිය හැකිද?

      Delete
    3. ඒවා තමන්ගේ පුද්ගලිකත්වයෙන් මනින දේවල්.. මිසක්කා මේ දේශපාලනයේදි එවැනි කෝප ඇති පුද්ගලයා පරාදයි.. ආන්ඩුව කරන එක වැරදියි ඒක ඇත්ත. නමුත් පොන්සේකා උගත යුතු පාඩං බොහෝමයි. ඒකයි මං අදටත් හිතන්නේ පොන්සේකා අහුවේචිච අහුවිල්ල ආයේ නං කව්රුවත් අහු වෙන්න එපැයි කියලා..

      Delete
  13. කිසිම මාධ්‍යක් සහයෝගය නොදෙද්දි, රාජ්‍ය මර්ධනය දරුණුවට තියෙද්දි මෙච්චර අමාරුවෙන් ඡන්දයක් කරපු එකේ අමාරුව වගේම ඒකෙ ලැබිච්චි ප්‍රථිපල එක්ක එන ආවේගය හිතා ගන්න පුලුවන්. ඒත් දේශපාළනයෙ දිග ගමනකට ඕව බාධක විතරයි. ඒ නිසා ඇඟේ ගට, හිතේ ආවෙගෙ තියාගෙන, ඒව පිට කරනකොට පරිස්සම් වෙයන්.

    ReplyDelete
  14. තමන් පිලිගන්න දේ ප්‍රසිද්දියේ කියන්න ඒ වෙනුවෙන් බැනුම් අහන්න ගට තියෙන උඹට මම ගරු කරනවා. සමහරු අහවල් එව්ව හංගාගෙන අනිත් දෙකෙන් වැඩේ කරන්න හදන රටක .. බල්ලාට බල්ලා කියන එක බොහොම සදාචාරාත්මකයි මට නම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...