Wednesday, March 5, 2014

අයියෝ අසංක ප්‍රියමන්ත පීරිස්.. - He Was a Great Singer !!!


උදෑසනම රේඩියෝවේ විකාශය වූයේ අසංක ප්‍රියමන්තයන්ගේ පැරණි ගීතයක්ය. “පැහැසර අරුණක ඉරමල පිපුණාවේ...“ කියමින් ගීතය ආරම්භවෙද්දීම සෑමා දිවගියේ වසර ගණනාවක් අතීතයටය. අසංක ප්‍රියමන්ත නම් වූ ඒ ගායකයා එදා ගායනා කළ ගීත සහ අද ගායනා කරනා සමහරක් ගීත අතර ඇති පරස්පරතාවය සහ ප්‍රමිතියේ බාල බව සෑමාගේ සිත පෙලුවේය. දිනක් පාසල් වේදිකාවට නැග ගත් අප දෝදුවා පැහැසර අරුණක ගීතය ගායනා කළේ අපේ එවුන්ව කුල්මත් කරමින්ය. ඒ කාලයේ අසංක ප්‍රියමන්තයන්ගේ ගීත අතර අප අතරමංවී සිටි නිසා එදා, දෝදුට ලැබුණු ප්‍රතිචාර බොහෝය. ඇත්තටම එය ආදර ගීතයක් නොවුනත්, එය යුධ සමයක අදුරු තැන් පලවා හරින්නට ගැයූ ගීතයක් බව දැන සිටියේ අප කිහිපදෙනෙක් පමණක්ය. එහෙත් අසංක ප්‍රියමන්ත පිළිබඳ තිබූ පැහැදුනු බව, ඔහුගේ ගීත කෙරේ තිබූ ලොල් බව නිසාම අපේ උන් ඉතා ආසාවෙන් අසා සිටියෝය. එදා දෝදුට ඉහළ ප්‍රතිචාර ලැබුනේ ඔහුගේ ගීත ගායන කෞෂල්‍යය නිසා නොව, අසංක  ප්‍රියමන්තයන් ගයන ගීතවල ඇති රසය නිසා බව කීවොත් දෝදු මා සොයා එනු ෂුවර්ය.

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ..
යුග දුර යුධ දුම සැනෙකින් නිවුණාවේ..
හිමිදිරියේ..
සීතල හීනෙක දැවටීවත්..
පරවි පියාපත් ඇසුණාවේ..

මුල් පදපෙල ගායනා කරද්දීම දෝදුට ලැබුනේ අත්පොලසන් නාදයක්ය. අසංක ප්‍රියමන්තයන් ගායනා කළ “නුපුරුදු ඔබ දුටු පළමු දිනේ“ “සෙනෙහසකට අරුතක් පුරවන්නට“ වැනි ගීත අද  තාමත් අසන්නට හැකි මට්ටමක තිබෙන්නේය. එහෙත් ප්‍රමිතියෙන් අඩකට වඩා බාල වූ ගීත අතර අසංකයන් ගේ දක්ෂතාවය සිරකර තබන්නට හේතුව කුමක්දැයි සිතා ගත නොහැකිය. එදා ඔහු ගැයූ ගීත සහ අද ගයන “බස් ගීත“ අතර ඇත්තේ අහසට පොළොව අතරටත් වඩා ඇති පරතරයක්ය. අහස පොළොව හමුවනවා සේ පෙනෙන ක්ෂිතිජය සේ ඒ අස්සේ එහෙන් මෙහෙන් හොඳ අලුත් සිංදුවක් එළියට එන්නේය. එහෙත් එදා ඔහුගේ ගීත වල ප්‍රමිතිය දත් අපට එය අබ ඇටයක් තරම්වත් නොවන්නේය.

“ලැබුණත් නෙත් යුග දහසක උරුමේ.. “  පාසල්, දහම් පාසල් වේදිකාවක නොගැයූ තැනක් නැති තරම්ය. ඒ එදාය. ඒ වෙනුවට අද “අපේ තාත්තා.. තණ නිල්ලේ රෝල අදිනවා..“ කීවොත් කොල්ලෝ හූ කියනවා නියතය. ප්‍රමිතිය, තමා සිටි මට්ටම අමතක කරන්නට තරම් අසංකයන් පහළට වැටුනේ කෙසේදැයි සිතා ගත නොහැකිය. ඒ අහසට පොලොවට ඇති වෙනස අතර ඈතින් අහස පොලොව අතර දුරස්ථ බවක් නොපෙනෙන මට්ටමේ ක්ෂිතජයක් පෙනෙන්නේය. ඒ අබ ඇටයක් තරම් වූ ඉදහිට ලැබෙන හොඳ ගීතයන්ය. මේ ඉන් එකක්ය.

ඇතුල් හිතේ හිත ඇතුලෙම පරිස්සමට හංගා..
තුරුලු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා..
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා..
නැළැවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා..
මගේ.. අම්මා...

ඉදහිට මෙවන් ගීතයක් කිරීම, හැමදාම හන්දියේ හෝටලෙන් කෑ එකෙක්ට තරු පහේ හෝටලයකින් කෑවා හා සමානය. ඉස්සර ගීත ඇල්බමයක්ම හිට් කළ හැකි වූ අසංකයන්, අද බස් ගීත රැසක් අතරේ හොඳ එක සිංදුවක් හෝ කිරීම ඔහුගේ පැරණි ගීත රස වින්ද අයෙක්ට වාවගත නොහැක්කක්ය. උදෑසනම රේඩියෝව කරකවමින්  සෑම බදාදා දිනකම පැරණි ගීත විකාශයවන “හිරු සුන්දර බදාදා“ ඇසීමෙන් සෑමා කරගත්තේ බ්ලොග් ලිපියකට මඟ විවර කර ගැනීමක් නොවේය. සරම කමිසය ගසා ගමේ හිටපු එකෙක් අමුඩය හැඳගෙන කැළේට පැනීම වැලැක්වීමට කරුණු කීපයක් ලියා තැබීමය. 

අසංක ප්‍රියමන්ත පොරක් වූ කාලයේ, අපේ අයියා සිටියේද ආඩම්බරයෙන්ය. මන්ද අසංක ප්‍රියමන්ත යන නමෙහි “ප්‍රිය“ කොටස ඉවත් කොට “ශ්‍රී“ අකුර දැමූ විට සෑදෙන්නේ අපේ අයියාගේ නම නිසාය. කෙටියෙන් කිව හොත් අසංක ප්‍රිය නොවූ කළ අපේ අයියාගේ නම සෑදෙන්නේය. කලින් “මුරපද“ ලිපියේ අවසනට ඇසූ ප්‍රශ්නය ලබා දුන්නේ අපේ අයියාය. එයට පිළිතුර නිවැරදිව ලබා දී තිබුණේ “සපතේරු උන්නැහේ“ය.

මෙන්න ප්‍රශ්නයට උත්තරේ...

අපේ යාලුවෙක් වැඩ කරනවා ආරක්ෂක අමාත්යාංඇශයේ පරිගණක අංශයේ උගෙ නම අසංක වෙනරගම. FB ඉන්න ඩයල් එකක්. ඉතිං ආරක්ෂක අමාත්යාංපශයේ පරිගණක අංශයට ඇතුලුවන දොරේ පාස්වර්ඩ් එකක් තියනවා හැම මාසෙම පලවෙනිදා පරණ පාස්වර්ඩ් එක අයින්වෙනවා අලුත් එකක් දාගන්න ඕනෙ. 

අපේ පොරට වැඩේ‍ අමතක උනා පලවෙනිදා උදේ ඇවිත් බැලුවාම කෙලවෙලා. පොරගත්තා බොස්ට කෝල් එකක්.

බොස් ඇහුවා පරණ පාස්වර්ඩ් එක 

"බොස් මගෙ පරණ පාස්වර්ඩ් එක මතක නෑ"

“තමුසෙ මාර පොරක්නෙ” බොස්ට කියවුනා 

“හරි මං උදවි කරන්නම් හැබැයි පරිස්සමෙන් අහගන්න ඔයාගෙ අලුත් පාස්වර්ඩ් එක අමතක වෙන්නෑ. අලුත් පාස්වර්ඩ්  එකේ පරණ පාස්වර්ඩ් එකේ තිබ්බට වැඩිය අකුරැ 3ක් වැඩියි. නමුත් ඒකෙ තිබ්බ අකුරැ 4 ක් එහෙම්ම තියනවා. ඊට අමතරව ඔයාගෙ තාත්තගෙ නමේ අකුරැ 2 කුයි. ඔයාගෙ නමේ අකුරකුයි තියනවා.”

ඒක කිව්ව ගමන් මෑන් සිං ගාලා දොර ඇරගත්තා.
පරණ පාස්වර්ඩ් එක මොකද්ද?
අලුත් එක මොකද්ද?


බුවාගේ පරණ පාස්වර්ඩ් එක “මතක නෑ“ අලුත් එක “අමතක වෙන් නෑ“. අලුත් පාස්වර්ඩ් එකේ පරණ පාස්වර්ඩ් එකට වැඩිය අකුරු 3ක් වැඩිය. අකුරු හතරක් එසේම ඇත්තේය. ‘අ‘යන්නෙන් අසංක ගේ නමේ මුල් අකුරක්ද, “වෙන්(නෑ)“ යන්නෙන් තාත්තාගේ නම හෙවත් වාසගමේ “වෙනරගම“ යන්නේ අකුරු දෙකක් ද ඇත්තේය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:30pm_04/03/14

62 comments:

  1. මම හිතුවේ මෙයා ගුටි කාලා කියලා කතාවක් දාලා කියලනේ...:D

    ReplyDelete
    Replies
    1. ඔයා ගුටි කන ඒවාටද ආස මෙයා මේ දවස්වල.....??????

      Delete
    2. ඇයි බං මේ දවස් වල මොකැ සීන් එක?

      Delete
    3. ඇයි බං මේ දවස් වල මොකැ සීන් එක?

      Delete
  2. අසංක පිරිස් මගෙත් ආසම ගායකයෙක් ...ඔය පැහැසර අරුණක සිංදුව පස්ට ලස්සනයි .හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. දැන් එන සිංදු චොප්ප බං.. දහයට එකක් හොදා..

      Delete
  3. පැහැසර අරුණක ගීතය මම ආසම ගීත වලින් එකක්. ඒ ගීතය අද උදේ ප්‍රචාරය වෙන කොට මාත් ආසාවෙන් සවන්දුන්න.ඒ ගීතයේ රචකයා උතුරේ සංචාරයක යෙදුන විට එහි වස්තු බීජය පහල වුන බව කියා තිබෙනු මම පුවත්පතක දුටුවා.මම උතුරේ කෙරුන යුද්ධයට පක්ෂ කෙනෙකු වුනත් ඒ ගීතය පුදුම විදියට මගේ සිත බැඳ ගත්තා.කිසිම බේදයකින් තොරව සියල්ලන් කෙරෙහි බලපෑම් කරන්නට ගීත වලට ඇති හැකියාව ගැන මම හුඟක් කල්පනා කළා.

    ReplyDelete
  4. මමත් පොරට කැමති ඇයි අරවා ගොලුදරුවෙක් උනාකියල ..ඔය ඇස්දෙක නෙලාගන්න ...සඳ එලිය ගලාගිය ...කලපුවේ දිය බොරවෙලා....!!!

    ReplyDelete
    Replies
    1. ගොළු දරුවා අලුත් එකක් නේද?

      මේකා කටහඩ වෙනස් කරන එකයි අවුල..

      Delete
    2. සෑම්.........මිනිහාට මොකක්ද උගුරේ අමාරුවක් හැදුනා කියන කතාව ඇත්තද?

      Delete
  5. අසංක, මාත් ප්‍රිය කරන ගායකයෙක්. මෑත කාලයේ කරපු සින්දු ටික නම් නිදහසේ අහන්න වෙලාවක් ලැබුනෙ නැ තවම.

    ReplyDelete
  6. අසංකගෙ සිංදු මාත් ආසාවෙන් ඇහුව ඒ කාලෙ.
    මෑත කරපු සිංදුනං වැඩිය අහල නැත්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මෑත කරපු සිංදු ටික සුපිරි!!! අළුත් දෙකක් තියෙනවා උපරිමයි!!!

      Delete
  7. සෑමො මම කළින් පොස්ට් එකේ ප්‍රශ්නෙ මාර විදියට හිතුව.මට කොහොමවත් උත්තරයක් හිතා ගන්න බැරි වුනා. ඇත්තටම මේව තමා බුද්ධි පරීක්ෂන ගැටළු

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. උත්තරේ දීල තියෙද්දිත් කියා ගන්න බැරි වුනානේ..

      Delete
  8. දවසක්දා මම හවස කෝච්චියෙ ගෙදර එද්දී කෝච්චියෙ අසංකගෙ සී ඩී එකක් දාල තිබ්බා,(ඒ දවස්වල එහෙමයි දැන් කොහොමද දන්නෙ නෑ)අපොයි මට හිස කැක්කුම හැදුන බහින තැනට එනකොට එච්චර අජුවයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      කෝමද සැප.. බස් සිංදු වල..

      Delete
  9. අර තාත්තගේ නමයි තව ඉලාව්වකුඉ කියලා උඹ එක පටලලානේ... අසංක ප්‍රියමන්ත ගැන හැබෑවටම දුකයි මචං , මන්දා ...අන්තිමට සියල්ලට ඉහලින් මුදල් ....

    ReplyDelete
    Replies
    1. නැතුව බං උත්තරේ විතරක් ලිපියක් දැම්මම නිකං තත්වයට හොද නැහැනෙ..

      Delete
  10. දැන් එතකොට සපතේරු උන්නැහේ තමා පොර....

    අපි කොර...

    එතකොට උබ...

    ReplyDelete
    Replies
    1. දුලා... +++++++++++++++++++++++++++

      Delete
    2. උඹ බිව්වම හරිම ආතල්.. බං..

      Delete
    3. @ කෙන්ජි - දුලා........? සකේ බිව්වද?

      Delete
    4. බොක්ක ...මටද...දුලාටද....නැත්නම් ඩබලටම ද කිව්වෙ ....??????

      Delete
    5. ඇයි බං මූ දුලා කියල දැම්මෙ.. ඇත්තටම බීලද???

      Delete
  11. මම නං ආසා නැහැ පොරට.. කක්ක දාන්න කිට්ටු වෙලා සින්දු කියනවා වගේ..

    හැක් හැක්. මට අර උත්තරේ කිය්න්න බැරි උනා නේ..

    ReplyDelete
    Replies
    1. කක්ක දාන්න කිට්ටු වෙලා සින්දු කිය කිය ඉන්නෙ මොන මිනිහද බං???

      තැනක් හොයාගන්නව මිස :3

      Delete
    2. මේ වගේ කමෙන්ට් එකක් බුකියෙත් ෂෙයාර් වෙලා තිබ්බ බං :))

      Delete
  12. අසංකගේ ඔය ‍රැල්ලට වැටීම ගැන මමත් හරියට කනගාටු වෙනවා. ඔය පින්තුරෙට දාල තියෙන සද දෙව්දුව කැසට් පටය මම ආසාවෙන් ඇහුව එකක්. ඒකේ සින්දු වලින් ජනප්‍රිය උනේ සිංදු දෙකක් විතරයි. ඒත් ඒ කැසට් පටයේ අනිත් සිංදු සියල්ලමත් හරිම ලස්සනයි. රනේ රුවට රත්තරින් කියන සින්දුව මම ආසම එකක්. ඔය ගීත එකතුවෙන් පස්සෙ තමයි මනුස්සයා බස් සිංදු පටන් ගත්තෙ. හරිම කනගාටුයි ඒ වගේ නියම සිංදු කියපු කෙනෙක් මේ වගේ මෙලෝ රහක් නැති සින්දු වලට සීමා වුනු එක ගැන.

    ReplyDelete
    Replies
    1. සඳ දෙව්දුව සිරා.. තව ඇල්බම් කිහිපයක් ආව..

      රනේ රුවට මාත් ආසම ගීතයක්. “රන්ද කියාපන් මැණිකේ කඳුලුද දිලිසෙන්නේ“ කොටස කෝමද???

      ඇත්තටම අසංකයා පව් !!

      Delete
    2. අන්න ඔය කොටස තමයි මමත් ආස. මිනිරන්ද කියාපන් මැණිකේ කදුළුද දිලිසෙන්නේ.

      -චමින්ද වික්‍රමසිංහ-

      Delete
  13. උත්තරේනම් දිලනේ යස අගේටම. අසංකගේ සින්දුවල මටත් මේ වෙනස පේන්න තියනවා. හොද පදවැල්වල හිගයක්ද රැල්ලට යටවීමක්ද කියන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. බස් රැල්ලට යට වෙලා නලින් අයියේ..

      Delete
  14. කලාකාරයන්ට අද තැනක් නැත. බිස්නෝස්කාරයන්ටම තැනක් ඇත. තැනක් නැති උවද, සල්ලි ඇත. සල්ලි නැතිව ජිවත් වෙන්ට බැරිය... ප්‍රමිතිය වගේද බඩගින්න?

    ReplyDelete
    Replies
    1. ප්‍රිමිතිය වැඩි තැන බිස්නස් එක සාර්ථකයි කියල නොහිතෙන්නෙ ඇයි?

      Delete
  15. නියම පාස් වර්ඩ් එක...

    3. අළුත්ම පාස්වර්ඩ් එක -> මතක් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේකද බං උබ අලුත් එක?

      Delete
  16. ඕක මොකක්ද බන් කපුගේ සන්ෆවර් එක්ක නාපු නෑම එක්ක

    ReplyDelete
    Replies
    1. ඒකෙ පොඩි කික් එකක් තිබ්බ නේ :))

      Delete
  17. නොමග යවන්න එපා බන් සෑමෝ,අපි හොද ළමයි.
    පාර්ස්වර්ඩ් සිංහලෙන් ගහන්නේ කෝමෙයි..! ඒකට මාගේ බලවත් විරෝධය.

    පාර්ස්වර්ඩ් " incorrect " කියල වෙනස් කරගත්තනම් හොදා එතකොට වැරදුනාම පෙන්නනවනේ.

    ReplyDelete
    Replies
    1. එතකොට මතක් වෙනව නේ...

      Delete
  18. අසංක ගැන කියන්න තියෙන්නේ කාලේ හැටියට හැම දෙයක්ම වෙනස් වෙනවනේ
    පාස් වර්ඩ් එක ගැන කියන්න තියෙන්නේ මම එක හොයා ගත්තත් කිව්වේ නෑ අරු දොර අර දත්ත නිසා.... හඬ අනින්ගේ පාස් වර්ඩ් ප්‍රසිද්ද කරන එක

    ReplyDelete
  19. මගෙ පාස්වර්ඩ් එකත් මට කවදාවත් අමතක වෙන්නෑ :D

    ReplyDelete
  20. මාත් මේ ඔය ශුන්ඩර බදාද අහන ගමන්.
    පට්ට හොඳේ...

    ReplyDelete
  21. ඒකනම් ඇත්ත සෑම් මලේ මට මතකයි අසංක රෑපවාහිණියේ ගිය ආධුනික ගී ප්‍රසංගයකින් ජයග්‍රාහකයා වුන හැටි. එදා ඔහු ගායනාකලේ අපේ අමරදේවයන්ගේ " ඇසේ මතුවන කඳුළු බිඳු" කියන ගීතය. එදා ඔහු බොහෝ නරඹන්නන්ගේ නෙතු අඟට කඳුළු බිඳු එක් කලා. අමරදේවයනුත් විනිශ්ච මංඩලයේ සිටියා. එදා ඒ අයුරින් බිහිවූ ඔහු ඉතා මණරම් ගීත ගැයුවා. නමුත් මෑතක සිට ඔබ කිව්වා මෙන් ප්‍රමිතිය මෙන්ම ඔහුගේ වචන උච්චාරනයේද
    මහා විකට ස්වරෑපයක් තිබෙනවා. ඔහුට මොකද වුනේ? දුකයි...

    ReplyDelete
  22. ඉස්සර වගේ නෙමේ,දැන් මිනිස්සුන්ගෙ රස වින්දනයත් වෙනස් වෙලා තියෙන්නේ.ඒ වගේම තමා දැන් හැදෙන්නෙත් සෑම්කියනව වගේම බාල ප්‍රමිතියෙ සින්දු තමා වැඩිපුරම.ඒක අසංකට විතරක් නෙමේ,ගායකයො බොහො දෙනෙක්ට දැන් වෙලා තියෙන්නේ.එත් අසංකව ගොඩාක් ප්‍රියකරපු කෙනෙක් හැටියට සෑම් වගේම අසංක ගැන කණගාටුවක් මටත් තියෙනවා.

    ReplyDelete
  23. අසන්ක මහතාට මම ඔක මුනටම කිවුව මාතරදි වෙඩින් එකකදි හමුවෙලා.මිනිහ හිනාවෙල නිකන් හිටිය.මමත් හිතන්නෙ සල්ලි හැමොටම ඔන නේ.
    පස්වර්ඩ් කෙස් එකනම් හිතුනෙම නැ.

    ReplyDelete
  24. අසංක කාලයක් සිංදු කිව්වා. ඊට පස්සේ කාලීන සිද්ධි ඇසුරින් විරිදු කිව්වා. සමහර විට අසංකට අමතක වෙන්න ඇති ඔහු ගායකයෙක් කියල. නැත්නම් විරිදු කියන්න යන්නේ නෑ.

    අසංකයි පාස්වර්ඩ් එකයි දෙකම එකයි...

    ReplyDelete
  25. අසංක ගේ පැරණි ගීත මිස අලුත් ගීත නම් මම මෑතකදී වත් අසා නැත. එත් මටත් මතකයි මෙයත් අපේ රටේ හිත වෙච්ච කාලයක් තිබුනා.රැල්ල ක් එනවා වගේම එක බහලත් යනවා. අසංක ටත් එක පොදු ධර්මතාවයක්.

    ReplyDelete
  26. අසංකගෙ සද එළිය ගලායන හෝරාවයි... සිංදුවෙන් පස්සෙ ආයෙ හොද සිංදුවක් ඇහුවෙම නෑ...

    ReplyDelete
  27. ඇත්ත බං. ඒ කාලේ අසංකගේ සිංදුමයි කොයි වෙලෙත් කිවුවේ.. අපේ පොරක් හිටියා ඌට සිංදු කිවුවොත් අසංකම තමයි..

    ReplyDelete
  28. අසංක ගැන මක්කට මක්ක කියනවද . අපරාදේ ඒ දවස්වල නැගී ආපු පරපුර

    ReplyDelete
  29. මේකද උබෙ අලුත් එක :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි බොට අවුල්ද?? හැක්.. නැත්නං තෝ බිව්වද

      Delete
    2. සිංදුව සිංදුවක් කිවුවොත් නරකද

      Delete
  30. " දස මාසේ කුසයේ මා දරලා ඉසිලූ බර තව ඔබට මදි
    දරු සෙනෙහස මතුබුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදී..."

    මම කැමතිම සිංදුවෙ කැමතිම කොටසක් සෑමෝ..

    ReplyDelete
  31. අසංකගෙ සිංදු අපි ඒ කාලේ කොච්චර කියනවද ඕකට කියන්නෙ වානිජ කරනය කියලා ඕන් අසංක සල්ලි නිසා වානිජකරනය වෙලා

    ReplyDelete
  32. களை பாதிக்கப்பட்ட

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...