Wednesday, February 12, 2014

මඩයා - සෑමා සහ බනියා.. - This is How I Interviewed a Short Film Director !!


මෙතුවක් ඩ්‍රාෆ්ට් වී තිබූ ලිපියක් අද එලි දැක්වෙන්නේ මඩයාගේ මඩ වල බ්ලොග් එක නිසාය. ප්‍රථමයෙන් කියන්නට ඇත්තේ මෙය සෑමාගේ බ්ලොග් එකක්  නොවන බවය. මුල් ලිපිය මා ගැන එකක් වූ නිසාත්, මම මුල් කමෙන්ට් ටිකට රිප්ලයි දැමූ නිසාත් බහුතරයක් ඇසුවේ ඒ සෑමාගේ එකක්ද කියාය. නැවතත් එම බ්ලොග් එකට ගොස් බැලූ විට ඔබට මාගේ අත් අකුරු සහ මඩයාගේ අත් අකුරු වල වෙනසක් දකින්නට හැකිය. මඩයා සෑමාව අල්ලා ගත්තේ එදින සෑමාගේ ලක්ෂ පහේ සැමරුම් දිනය නිසාය.

ඩ්‍රාෆ්ට් වී තිබූ ලිපියේ හෙඩිම වූයේ “බනියා සහ කෙටි චිත්‍රපටය“ කියාය. එය බනියා සහ සෑමා අතර සිදුවූ ෆේස්බුක් චැට් ගණු දෙනුවක්ය. එය එසේ නොදමා මෙසේ දමන්නේ ඉන්ටර්විව් කරන්නාවූ ආකාර ලොවට කියා දෙන්නටය. මඩයා එදා ආවේ පලමු මඩ පෝසට් එක දාන්නේ සෑම්ට තමයි කියාගෙනය. පසුව ඉන්ටර්විව් එක අවසන් කළේද මචං මඩ එකතු කළාට කමක් නැද්ද කියාය. සෑමා කීවේ සෑම්ට පමණක් මඩ ගහපං, ඉන්ටර්විව් එක අතරමැද නම් කියවුනු අනිත් අයට මඩ නොගහපං කියාය. එහෙත් අවසන ලිපිය පළවූයේ මඩ බිඳක්වත් නැතුවය. එයට හේතුව ඉන්ටර්විව් එකකදී හැසිරෙන ආකරයය. අසන ප්‍රශ්නවලට සැහැල්ලුවෙන් සහ අවංකවම උත්තර දීමෙන් මඩයාට මඩ ගසන්නට අවස්ථාවක් නොලැබී ගිය බවට එය සාක්ෂියක්ය. උක්ත ක්‍රමය යොදා ගැනීමෙන් ඔබටත් මඩයාගේ මඩ වලෙන් ගොඩ ආ හැකිය. ඊලග බිල්ල කවුරු විය හැකි දැයි සිතිය නොහැකිය. එදා ඉන්ටර්විව් එක අවසානේ ඒ පිළිබඳව හෝඩුවාවක් ලැබුනු නිසා සෑමා ඒ ගැන අනුගමනය කරන්නේ නිහඬ පිලිවෙතක්ය.

ඉන්ටර්විව් එකකදී ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් මඩයාට පාඩමක් ගන්නට මේ ලිපිය භාවිත කළ හැකිය. ප්‍රශ්න අසන විට මෑත භාගයේ දී අදාල බ්ලොග්කරු හෝ කාරිය බ්ලොග් අවකාශයේ සහ බුකියේ හැසිරුණු අන්දම විපරම් කළ යුතුය. මෑත භාගයේ හිට් වූ ලිපි සහ ඒවාට අදාල කමෙන්ට් අධ්‍යයනය කරමින් ප්‍රශ්න ඇසීම වැඳගත්ය. එවිට මඩ වල සාර්ථක, සුන්දර මඩ වලක් වන්නේය. මඩ වලට සුදීක අයියා දැමූ කමෙන්ටුවක් සෑමාව සතුටට පත්කළේය. ඔහු අසා සිටියේ “මෙතරම් පිරිසිදු මඩ කොහෙන්ද ආනයනය කරන්නේ කියාය.“ කතාව ඇත්තය. මන්ද මෙය සිරි ලංකාවය. 

මෑත භාගයේදී සෑමා ෂෝට් ෆිල්ම් කිහිපයක් බලමින් සිටියදී මතක් වූයේ බනියාවය. බනියා එහි කැමරාමන්ද, නැතිනම් ඩිරෙක්ටර්ද කියා සෑමා නොදන්නේය. එහෙත් එය බැලීමට අවශ්‍ය වී වහාම බනියාව චැට් එකට කැඳෙව්වේය. එය මහා ආතල් චැට් එකක් වූයේය. ඇසූ ප්‍රශ්න සහ උත්තර ඉන්ටර්විව්ව එකක් වගේ යැයි මට සිතුනේ මඩයා ගේ ඉන්ටර්විව් එක නිසාය.

සෑම් - ඔබතුමාගේ සෝට් ෆිලුම් තුන හතරක් තිබෙන්නේ නොවේද?

බනියා - තිබෙ තිබෙ

සෑම් - සොයා ගතිමි

බනියා - මොකටද?

සෑම් - ප්‍රින්ට් අවුට් එකක් ගන්න 
(බලන්න වීඩියෝවක් ඉල්ලුවාම, ඒ මොකටද කියා අසනවා නම් දිය හැකි හොඳම උත්තය මෙය නොවන්නේද?)

බනියා - :O

සෑම් - වීඩියෝවෙන් ඇට කන්නද බොල ? බලන්න මිසක්..

බනියා - :) නැ ඉස්පෙසලි හෝන් ආපු නිසා බැලුවෙ.

සෑම් - බලපං කෝ වෙන දේ...නලියා බ්ලොග් ලිපි පත්තරේ නේ දැම්මෙ, මම දානව වීඩියෝ fm එකේ..

බනියා - ඇහ්..මොන එෆ් එම් එකද?
(වීඩියෝවක් එෆ් ඇම් එකේ දානවා කිව්වම ඒ මොකේද කියා ඇසීම... අපූරුය... :)

සෑම් - ස්වදේශී සේවය...උබල ඕව අහන එකක් ඈ

බනියා - අහ්හ්හ්
ඔවා දන්න බැනෙ සවුන්ඩ් නැනෙ
(බනියා කියපු දේත් හරි. ෂෝට් ෆිල්ම් එකේ සවුන්ඩ් නැති නිසා එෆ් එම් වල දාන්න බැහැනේ :)

සෑම් - හිකිස්
ඒත්, පේනවනේ..

බනියා - fm කොමද බන් පෙන්නෙ

සෑම් - ලොල්..

බනියා - අනේ උඹට මාන්දම

සෑම් - ඇතුලෙ උන්ට පේනවා..

බනියා - නොදොකින්

වැදගත් - චැට් එකේ සිදුවෙන ඉන්ටර්විව් එකක් ලිපියකට හැරවීමේදී, චැට් එකෙ අතරතුර භාවිත වූ ස්මයිලීස් යෙදීම අනිවාර්යයෙන් කළ යුතුය. නැතිනම් අන්තර්ගතය වෙනස් වන්නේය. 

Written by sAm_ශ්‍රී_Perera_8:26am_12/02/14

32 comments:

  1. බනියා විනාස වී ඇත...

    ReplyDelete
  2. //වැදගත් - චැට් එකේ සිදුවෙන ඉන්ටර්විව් එකක් ලිපියකට හැරවීමේදී, චැට් එකෙ අතරතුර භාවිත වූ ස්මයිලීස් යෙදීම අනිවාර්යයෙන් කළ යුතුය. නැතිනම් අන්තර්ගතය වෙනස් වන්නේය. // ඒක ෂැබැයි.... නැන්තං අන්තර්ගතය වෙනස් වෙලා නවතින්නෙ නෑ. කියෝන එකාට පොල්ලෙන් ගැහුව වගේ තමයි.. අහා.. මාත් බලන්න ඕනි එෆ් එම් ෆිලුම් එක කොහොම හරි. ;) :D

    ReplyDelete
  3. සිරාවටම ෂෝට් ෆිල්ම් වල සද්ද නැද්ද බන්? මම දැක්කානේ එකක දෙකක තියනවා. එතකොට ඒවා ෂෝට් ෆිල්ම් නෙවෙද?

    ReplyDelete
  4. අඩේ සර්කිට් හන්දියෙ මඩයා ඇරෙන්න තවත් මඩයෙක් ඇවිත් වගේ

    ReplyDelete
    Replies
    1. දැනන් හිටියෙ නෑ බන් උබ ගැන. :D

      Delete
  5. අඩේ එතකොට මේ මඩයා කවුද?

    ReplyDelete
    Replies
    1. කොයි මඩයද? මං මඩයද අනිත් මඩයද? :D

      Delete
  6. බනියාට උගත හැකි පාඩම, මින් පසුව ෂෝට් ෆිලුම් හැදීමේදී FM වල පෙන්නිය හැකි ලෙස හඬකැවිය යුතුය.

    ReplyDelete
  7. ඒක නේන්නම්... ෆිල්ම් එකක් ඕන කරන්නේ ප්‍රින්ටවුට් ගන්ඩ යෑ

    ReplyDelete
  8. යකෝ අලුතෙන් මඩ ගහන්න උන් වැහි වහිනවනෙ දැන්, පැරණ මඩ ගහන උන්ටයි, මන් වගේ සුට්ටක් පරණ මඩගහන උන්ටයි මොකද වෙන්නෙ දැන් :(
    යන්න ඕන මඩවල බලන්න...

    උබ බනියගෙ රෙදි ගලෝලනෙ බන්, තෝ තමා නියම මඩය :D

    ReplyDelete
  9. මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ .... ත්‍රිපෝෂ ටිකක් එවපල්ලා මට

    ReplyDelete
    Replies
    1. මුගේ රෙද්ද ...අපේ කාලය.......මෙලෝ දෙයක් මටත් තේරුම් නැහැ බං...

      Delete
  10. හදිස්සියකටවත් උඹ එක්ක චැට් කොරන්නේ නෑ දැන්නං..

    ReplyDelete
  11. බනියා ඩවුන් ය.ලෙසටම මඩ වැදී ඇත්තේ ය.සෑමා හරියන්නේ ඩොක්ටර්ස්ලට බෙහෙත් දෙන්නට නොවේ ය.සෝට් පිලුන් ඩිරෙක්ටර්ස්ලාව fm වල හිට් කිරීමට ය.......

    ReplyDelete
  12. මඩ......? අලුතෙං මක්කටද ආයිබංඩ... ඔය දියවන්නාව දිහා තියෙන්නෙ ඕසෙට... මදි නොකියන්නම...

    ReplyDelete
  13. උබත් දැන් කොල්ලො අමාරුවෙ දාන්න පටන් ගත්තද...:D

    ReplyDelete
  14. මේක නම් හොඳ අදහසක් සෑම් කොලුවෝ! ජයම වේවා!!

    ReplyDelete
  15. සෑමෝ තැන්කුයි බන් දුන්න පචාරණේට :D

    ReplyDelete
  16. සෑමගෙ දිගම පෝස්ට් එක මේකද කොහෙද, දාන්ට තිබුනෙ 333ට

    ReplyDelete
    Replies
    1. සෑම මඩයට පගාව දීල මඩ හලල, ඒකනෙ මේ ඇඩ් දාන්නෙ

      Delete
  17. ශෝට් ෆිල්ම් වල ම්යුසික් තියෙනව නේද?

    ReplyDelete
  18. බනියා මේකගේ වැඩකිඩ ටිකක් විඩියො ගත කරල අර චැනල් 4 වගේ දාපං

    ReplyDelete
  19. හයියු ,,, බනි

    ReplyDelete
  20. දැන් මඩ ඇතිතරම් නේ

    ReplyDelete
  21. මටනම් පෙන්නේ උබ මඩයට පගාව දීලා. මට සැකයි උබ කිටි දම්මලා මඩයට තර්ජනය වත් කොලාද? සුදු වැන් ගැන කිව්වද?
    නැත්තන් මෙහෙම වෙන්න විදියක් කොහොමත් නෑ.
    අපුරුයි.. අපුරුයි...

    ReplyDelete
  22. ඇත්තටම මේකයි උනේ. මෙන්න චැට් එක

    මූ: මචං බ්ලොග් පෝස්ට් එකක් දාන්න අයිඩියා එකක් දියං. හොඳට හිට් තියෙන එකක් මට එපා වෙලා බං දැන් :-/
    මං: අෆ්ෆා මං මොනා කරන්නද බං :-/
    මූ: අනේ එහෙම කියන්න එපා රත්තරනේ. මේ සයිබරේට ඉන්න අහිංසකම හොඳම කොල්ලා උඹ වෙච්චි. මට එහෙම කරන්න එපා බං
    මං: හ්ම්
    මූ: හුම් ගාන්න එපා බං
    මං: හරි එහෙනම් මෙහෙම කරපං.

    ඊට පස්සෙ මං මේ කතාව කිවා. ඔන්න ඕකයි උනේ.. රස්නේ ගියාම කමෙන්ට් කලෙත් ඒකයි මං :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. එනකල් තමා මාත් උඩ කමෙන්ට් වලට රිප්ලයි නොදා හිටියෙ.. :ඩී

      Delete
  23. බනියා කවුරු උනත් පව් අනේ :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...