Wednesday, February 26, 2014

අසහනකාරයෝ නැවතත්... - Maniacs Again !!!


සෑමා කලින් ලිව්වේ ලිංගික අසහනකාරයෙක් ගැනය. උක්ත ලිංගික අසහනකාරයා ප්‍රසිද්ධියේ කරනා දේ වීඩියෝ කොට ප්‍රසිද්ධ කළ විට එයට විරුද්ධව ලැබුණු අදහස් රැසකි. එකී පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි වනවා යැයි කී කිහිප දෙනෙක් නිසා එහි මුහුණ ආවරණය කොට නැවත වීඩියෝව දැමීමි. එය නැවත සකසා එව්වේද ‘නිමෝ‘මය. කලින් ලිපියට වැඩිපුරම අදහස් දක්වා තිබුනේ ඇනෝලාය. ඉන් ලිංගික නොවන, තවත් වෙනත් ජාතියක අසහනකාරයෝ ගැන සටහනක් තැබීමට කරුණු රැස් වුණේය. මෙය හුදෙක් ඇනෝලා ගැන ලිවීමක් නොව, අදහස් දැක්වීමේ පරස්පරතා ගැන ලියා දැක්වීමක්ය. මන්ද ඇනෝලා ලෙස එන්නේද අපේම සුපුදුරු බ්ලොග්කරුවෝය. එසේ පැමිණ අදහස් දක්වන්නේ ලිපිය ගැන නොව, අනෙකුත් බ්ලොග්කරුවන් ගැනය. නැතිනම් සෑම්ගේ බ්ලොග් එකට චෝදනාය. කකුල් දෙක අස්සේ තියන් ගහන ගැහිල්ල ගැන ලියූ ලිපිය පිළිබඳ මතුකළ ඇනෝට, සෑමා පෝය දින වලදී, වෙසක්, පොසොන් පෝය සති වලදී, සමාජීය සත්කාරයක් ලෙස දැමූ ලිපි ගැන අවබෝධයක් නොතිබුනේ දැයි සැක සහිතය. හෙතෙම ඒවා අනිවාර්යයෙන්ම දකින්නට ඇතිය. එසේ තියාගෙන ඇඟිල්ල දික් කරන්නේ අසහන මිස අන් කවරම හේතුවක් නිසා නොවන්නේය. අසහනය, ඉරිසියාව අතර ඇති බැඳීමක් ගැන මා දන්නේ නැතිය. එහෙත් කුමක් හෝ ඇත්තේය. 

ලිංගික අසහනය පිළිබඳ නිවැරදි තැන බලා අදහස් දක්වන්නට ඉදිරිපත් වූයේ ‘යකා‘ය. ඒ නිසා ඒ පිළිබඳ ලිපියක්, සටහනක් තබන්නට සෑම් ඔහුට ආරාධනා කරන්නේය. මන්ද ඔහු එසේ ලියනවා යැයි කියා තිබූ නිසාය. තවත් සමහරු කීවේ අනේ මේ කොල්ලා පව්, ඌට බෙහෙත් අරන් දෙන්න කියාය. ඔබ කවදාවත් දැක නැති, කිසිම සම්බන්ධයක් හෝ ඥාතීත්වයක් නැති අයෙක් ගැන සිතන්න. ඔබ ඒ පුද්ගලයා ප්‍රසිද්ධ ස්ථානයක හමුවේ යැයි සිතන්න. ඒ පුද්ගලයාට ලිංගික අසහනයක් ඇත්තේ යැයි සිතන්න. ඔබ ඔහුට ප්‍රතිකාර කරන්නට ඉදිරිපත්වන්නේ ඉහත ලිපියේ අදහස් දැක්වූ ඇනෝලා කී පරිද්දෙන්ය. ඒ අදාල පුද්ගලයා ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන නිසාය.

+ මල්ලී ඔය මොකද කරන්නේ..

- ඇයි අයියෙ මොකද?

+ ඕක කරන එක හරි නැහැ මල්ලී.. මේක ප්‍රසිද්ධ තැනක්..

- ඇයි අයිසේ මගේ ගැජට් එක මම අතගෑවම ඔහේට තියෙන අවුල මොකක්ද?

+ ගැජට් එක නම් ඔයාගෙ තමයි මල්ලී, ඒත් මේක ප්‍රසිද්ධ තැනක්. ප්ලීස් යමු බේත් ගන්න. ඔයාට තියෙන්නෙ මානසික ලෙඩක්..

- ඔයා කියන එක හරි අයියේ. මට ලෙඩක් තමා. මේක ප්‍රසිද්ධියෙමයි කරන්න හිතෙන්නෙ. හරි අයියේ යමු බේත් ගන්න.

සියවසේ හොඳම විහිළු කතාව තෝරනවා නම්, මේ කතාවට ඒ තැන ලැබෙන්නේය. ඔබ නිවසේ මානසික ව්‍යාධියක් ඇත්තෙක් සිටී යැයි සිතන්න. ඔහු කිසිදිනක තමාට ඇති තත්වය පිළිබඳව කතා කරන්නේ නැතිය. බහුතරයක් මානසික රෝගීන් තමන් සිටින තත්වය, හෝ තමන්ට අසනීපයක් ඇති බව පිළිනොගන්නෝය. එසේ පිළිගන්නවා නම් මානසික රෝහල එතරම් පිස්සු හැදෙන තැනක් නොවන්නේය. උන් එහෙනම් ඇඳවල් වලටම වී රෙස්ට් කරන්නෝය. ව්‍යායාම සහ භාවනා කරන්නෝය. මෙතැන ඇත්තේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ගැටලුවක් මිස ඇනෝලාට රෙද්ද උස්සගෙන කකුලක් පැත්තට උස්සා මුත්තරා කිරීමට තරම් අසහනයක් නොවේය. විටක ඔබ නිවසේ කිසිවෙකුට සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ සුළු රෝගයක් ඇති වන්නට පුලුවන. එවන් විටක ඔබ ඒ අයට බෙහෙත් ගන්නට කියද්දී ඔවුන් “මට ඇති ලෙඩක් නැහැ“ යනුවෙන් කල් මරමින් සිට අවසන තත්වය උත්සන්න වූ විට බෙහෙත් ගන්නෝය. අදාල ප්‍රතිකාර සඳහා යොමුවන්නෝය. ගෙදර එකා එහෙම නම්, දුම්රියේ ගැජට් අතගාන එකාට බෙහෙත් අරන් දෙන්නට යන්නා අති සාර්ථක මනෝ විද්‍යාඥ්ඥයෙකි. මන්ද එක වචනයකින්, හෝ මුණගැසීමකින් හෝ ඔහුව කුදලාගෙන ගොස් බෙහෙත් අරන් දීමට තරම් හේ දක්ෂයෙක් වන නිසාය.

බේබදු කමට බොන එකා අනේ බේබද්දා යැයි වැරදි වලින් බේරෙන්නේය. හොඳ හැටි සූර් වෙන්නට ගසා ගෙදර එන හෙතෙම, අල්ලපු ගෙදර එකා එක්ක ඇති ඇරියස් අල්ලන්නේද, ඇල්කොහොල් පිටින් දමාගෙනය, ගෙදර අය සමඟත් එසේමය. ඔහුට ගසන්නට පොලු උස්සාගෙන එන උන් නැවත කල්පනා කර බලන්නේ අනේ මූ ඉන්නේ අවසිහියෙන්ය. ඒ නිසා මූට පහරදිය යුත්තේ නෙවේය. පසුව කල්පනාවෙන් සිටින මොහොතක කතා කළ යුතුය කියායා. නැවත බේබද්දා සිහියෙන් සිටින විටක එහා ගෙදර එකාට පට්ට ලව්ය. ඒ අවසිහියෙන් එදා ඇරියස් කවර් කර අහවර නිසාය. ගෙදර උන්දලාටත් එසේමය. උක්ත ලිංගික අසහනකාරයාද එසේමය. අනේ පව්, අසහනයෙන් නේ, ලෙඩෙක් නේ කියමින් සමාජයේන් ගැලවෙන්නේය. එහෙත් නීතිමය දඩුවමක් හෝ කිසිවෙකුගේ ප්‍රතිකාරයකට ලක් නොවන්නේය. අවසන පීඩාවට පත්වන්නේ එයට ගොදුරු වන කාන්තාවක් මිස අන්කිසිවෙකුත් නොවේය. මන්ද ඌ ගැජට් එක එලියට ගන්නේ ඔය මිනිහා පව් බෙහෙත් කරන්න කියන එකාලා ඉදිරියේ නොවේය. අසරණ වූ තනිවූ කාන්තාවක් ඉදිරියේය. 

අසහනකාරයෝ පිරිසක් පෙර ලිපියට අදහස් දැක්වූවෝය. ඔවුන් අනිවාර්යයෙන් බ්ලොග්කරුවෝ යැයි කිව හැකි සාධක ඇත්තේය. මන්ද බ්ලොග් කිහිපයක හිමිකරුවන් වන කෙන්ජි, අටම්, මාතලන්, ඉවාන්, නිමෝ වැනි අයගේ හැසිරීම මුල සිට අධ්‍යයනය කළ උන් මෙන් අදහස් දක්වා තිබූ නිසාය. මේ බ්ලොග්කරුවන් පිළබඳ අදහස් දැක්වූ ඇනෝ‘ට ඇත්තේ ද අසහනයක්ය. තමන්ට කළ නොහැකි දෑ තවකෙක් සාර්ථකව කරන අයුරු දැක වල්මත් වීම රෝගයක්දැයි මා නොදන්නේය. එහෙත් මාතෘකාවට අදාල නොවන අදහස් දැක්වීම් ගලපා බැලීමෙන් පෙනී ගියේ කොතරම් අසහනයක් ඔහුගේ සිතේ ඇත්දැයි කිව නොහැකි බවක්ය. කොටින්ම ඌ පව්ය.

මෙවැනි අසහනකාරයක් ප්‍රසිද්ධියේ හැසිරීම නිවැරදි කළ හැකි ආකරයක් ඒ ඇනෝලා දන්නවා ඇතිය. එසේම ලිපියට ගැලපෙන ලෙස පිළිතුරු දක්වන්නට, සාකච්ඡා, සංවාද ඇති කරන්නට හැකි වූයේ යකාටය. ඒ නිසා ලිංගික අසහනකාරයෝ ගැන මෙන්ම, අසහනකාරයෝ සියළු දෙනා වෙනුවෙන්, සහ ඔවුන් ඒ තැනින් මුදවා ගැනීමට කරන්නාවූ සමාජ සත්කාරයක් වෙනුවෙන් මා ‘යකා‘ට ඇරයුම් කරන්නේ ඒ පිළිබඳ සටහනක් තබන මෙන්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_10:12pm_25/02/14

49 comments:

  1. නමක් නැති ඇනෝලා ගැන මට කියන්නට ඇත්තේ උන් නපුංසක රැලක් බවය... ඉන් එහා දෙයක් නැත... යම් යම් කාරණා උලුප්පමි්න් මෙන්ම යම් කාරණා හිතාමතාම අමතක කරමින් උන් පහර ගසමින් තනන්නේ උන්නේ නපුංසක කම පෙන්වීමය... එය මානසික රෝගයක් වෙන්නට බැරි කමක් නැත... ඒත් ඒ සදහා ප්‍රතිකාර නොගැනීම රෝගය උත්සනන් කිරීමක්ය... එබැවින් තම තරම දැන හැසිරීමත් තම ලෙඩ වලට නිසි ප්‍රතිකාර ගැනීමත් උන්නේ අසහන සුව කරගැනීමට ඇති හොදම මග බැව් මට හිතේ

    ReplyDelete
    Replies
    1. පිහිය තියෙන්නෙ තමුන්ගෙ වැඩ කරගන්න ගන්න. ඒක කරගන්නෙ නැතිව පිහිය එහෙට මෙහෙට වනල කපාගත්තට පස්සෙ පිහියට බැනල වැඩක් නෑ. පිහියෙන් වැඩගැනීමේ කලාව ඉගනගත්තම හරි. එතකොට අනුංගෙ ලිංගය ගැන ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නෙ නෑ. ප්‍රතිකාර නොගැනීමෙන් උත්සන්න වන රෝගයක් තමයි මෝඩකම කියන්නෙත්

      Delete
    2. රාජ් එක්ක එකගයි. මෙතනදී සෑමා පවා වැරදියට තේරුම් අරන් කතා කරන්නේ.. මම ඇනෝ වෙනුවෙන් කතා කරනවා නෙමෙයි සමස්ථය වෙනුවෙන් කතා කරන්නේ..

      Delete
    3. ම්ම්ම්ම්ම් මාත් කියෙව්වා ..කස්ටිය අවේගයෙන් අදහස් පිට කරලා නේ ..ඇනෝලා කියන දේවල් වලත් ගන්න යම් දෙයක් තියෙනවා ,උන් නැටුවට අපි කලබල නොවි හිටියා නම් හරි නේ ...

      @මහේෂ්
      වැඩි ආවෙගය වැඩක් ඇති දෙයක් නැම් නෙවෙයි මගේ හිතේ ,කවුරු වුණත් කියන දෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගන්න බලහන් ..

      Delete
  2. ඕවා පරණ කතා. නමින් ආවත් නාවත් ඒ සත්තු නෙමෙයි මිනිස්සු. උඹල දන්නැද්ද හැම මිිනිහවම එක විදියට මවල නැති විත්තිය. ඒවා තේරුම් අරන් වැඩ කරන්න ඕන. කව්රු මොනව කිව්වත් කාටවත් අවලාද නොනගා තමන්ගේ වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ සෑමෝ..

    ReplyDelete
    Replies
    1. යකාගේ ලිපිය කියෙවුවට පස්සේ මෙන්න මෙයත් මැවුම් වාදය ගැන කියන්වෝ :)

      Delete
  3. ඔය ලිපියත් කමෙන්ටු ටිකත් කමෙන්ටු ඇදිල යන දිශාව පරීක්ෂාවෙන් හිටිය කෙනෙක් විදියට මට කියන්න තියෙන්නෙ ඇනෝලට බැනල වැඩක් නෑ කියලයි. ඇනෝල වැරදි නං ප්‍රොෆයිල්කරුවන්ගේ හැසිරීමත් ඒ තරම්ම වැරදියි. මම දැනගෙන හිටිය අවසන් වෙද්දි උඹට නෙලන තැනට එයි කියල. නමුත් කරන්න දෙයක් නෑ. වැරැද්ද උඹේ!

    ReplyDelete
  4. මමනම් ඔය ඇනෝ අසහනකාරයන්ට ඉඩක් දීල නෑ බන්, ඕකුන්ගෙ පිස්සු කමෙන්ට් වලින් බ්ලොග පුරෝගන්නවට වඩා හොදයි ඇනෝ නවත්තලම දාන එක..ඕකුන්ට මූණට දෙයක් කෙලින් කියන්න තරම් ධෛර්යක් නෑ ඒකනෙ ඇනෝ එන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇනෝ සම්බන්ධයෙන් උඹල සියලුදෙනාගෙම වගේ ලඟ තියෙන්නෙ සෘනාත්මක අදහස්. නමුත් ඇනෝලට විවෘතව තියන මගේ බ්ලොග් අඩවියේ කොච්චර නං වටිනා කමෙන්ට් දාන ඇනෝල ඉන්නවද. මම හිතන විදියට ෆුල් ටයිම් ඇනෝල විශාල ප්‍රමාණයක් ඉන්නව බ්ලොග් කියවන. නමුත් ප්‍රොෆයිල් එකක් තියෙද්දි "මඩගැසීමේ" චේතනාවෙන් එන ඇනෝල (එයාලට කොන්ද පනනැති කියන එක ගැලපෙනව) නිසා අර වටිනා කියවන්නන් පිරිස බ්ලොක් කිරීම අපරාධයක්.

      Delete
    2. ඒක ඇත්ත රාජ් අයියෙ වැදගත් කමෙන්ටුවක් දාන ඇනෝලට තියන අවස්ථාව නැති වෙනව ගොන් ආතල් ගන්න මෝඩ ඇනෝල නිසා..අපේ මිනිස්සු ඔයවගේ දේවල් හොදට වඩා නරකටනෙ පාවිච්චි කරන්නෙ..

      Delete
  5. ඇනෝල ගැන නම් මටත් කිසිම ප්‍රසාදයක් නෑ.ඒත් ඇනෝ සංකල්පය වටින්නෙ බ්ලොග් නොලියන ගූගල් ප්‍රොෆයිල් නැති ජනී ජනයාට සෙතක් ලෙස.සෑම්ගෙ එකට දාපු ඇනෝලනම් බොහොම ප්‍රසිද්ධ බ්ලොග්කාරයො කියල මටත් හිතුන.
    සෑම් මේ පෝස්ට් එක දාපු එක හොඳයි.එතකොටනෙ අපට අදහස් දක්වන්න පුළුවන් වෙන්නෙ.

    සෑම්ගෙ පෝස්ට් එක දැකල මමත් පෝස්ට් එකක් දාන්න් අහිතුවත් මේක මහ කුණු මාතෘකාවක් නිසා කොහොම දාන්නද කිය කිය හිත හිත ඉන්නෙ.
    මම දාන්නෙ මේ රෝග හා ප්‍රතිකර්ම ගැන ශාස්ත්‍රීය පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. මෝඩ කං.. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා සුභ හා හොදම දේ.. මේ අය තේරුම් නොගන්න එක ගැන මට හරිම පුදුමයි. මම ෆේක්. හැබැයි කවාදාවත් ඇනෝ ගිහින් නෑ මොකටද මං එහෙම යන්න‍ෙ. කට කෑවත් මට ඕන දෙයක් කියන්න හැකියි. මම වගේ ඇනෝ යන එකෙක් හිටියා ඇනෝ දේශකයා කියල ඌත් ආතල් බුවෙක්.

      ඒ වගේම තමා මේ බ්ලොග් පරිසරය තුල බ්ලොග් ලියන්නන්, කියවන්නන්, අදහස් දක්වන්නන් ආදී සියල්ලම සිටිය යුතු වෙනවා. ඒ වගේම අදහස් දක්වද්දි නියම නම, ෆේක් නම, ඇනෝ අදහස් දක්වන්නන් වශයෙනුත් බෙදන්න පුළුවන්. ඉතිං ස්ටූල් එකේ එක අඩුවක් නැතිව ත්‍රිපාද ස්ටූල් එක සමතුලිත වෙයිද? ඒකයි ඔය මොලේ ඇගේම තියෙන යකාලා වගේ අය තේරුම් ගන්න ඕන. අපි කව්රුත් දන්න බ්ලොග් වල හොදම නම තමා කකා. කකාගෙන් ඉගෙනගන්න, කකාගේ ඒවා කියවනවා වගේම..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @දේශක
      මම ෆේක්. හැබැයි කවාදාවත් ඇනෝ ගිහින් නෑ මොකටද මං එහෙම යන්න‍ෙ. කට කෑවත් මට ඕන දෙයක් කියන්න හැකියි////

      කකාගෙන් ඉගෙනගන්න, කකාගේ ඒවා කියවනවා වගේම..///
      දේශක මාත් හැමදාම කකා ගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නවා ...මේකේ සම හරක් ඉගෙන ගන්න කලින් උගන්වන්න යනවා ..පස්සෙ ....

      Delete
  6. //සියවසේ හොඳම විහිළු කතාව තෝරනවා නම්, මේ කතාවට ඒ තැන ලැබෙන්නේය.// ;) ;) No comments... I agree....

    ReplyDelete
  7. අනේ මංද බං. ‍දේශකය කියල තියෙන දේවල් ඇත්ත තමයි එක අතකට.

    ReplyDelete
  8. ඇනෝ වහගන ඇනෝලව විවේචනය කරන එක හරිද සෑම්

    ReplyDelete
    Replies
    1. ඒමද.. ඇනෝ වහලද සද්දේ දාලා තියේන්නේ.. මං දන්නෑ අනේ ඕවා..

      Delete
  9. උඹේ කලිං පෝස්ට් එකත් දැං තමයි කියෙව්වේ.කොමෙන්ට් ටිකත් කියෙව්වා.ඒක මචං මානසික රෝගයක්.එහෙම කියලා සමාව දෙන්ඩ පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.මොකද පොඩි ළමයි දූෂණය කරන එකත් මානසික රෝගයක්.එහෙම එකෙක්ට මේක මානසික රෝගයක් කියලා සමාව දෙනවද? මම දන්න විදිහට ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික අවයව පෙන්වීම ලංකාවේ නීතියට අනුව වරදක්.ඒ නිසා නීතියට අනුව ඔවුන්ට දඬුවමක් ලැබිය යුතුයි.ඒත් මිනිස්සු නීතිය අතට ගන්නවට වඩා ඒ මනුස්සයව පොලීසියට බාර දෙන එක තමයි හොඳ.පොලීසියේ ක්‍රියාපටිපාටියේ ඒ මිනිස්සුන්ව මනෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීම කියන පියවරත් ඇති.අර කට්ටිය කියලා තියෙන විදිහට මේ වගේ අයව වෛද්‍යවරයෙකුට යොමු කරන එක කෝච්චියේ යන එන අයට ප්‍රායෝගිකව කරන්ඩ අමාරුයි.ඒ පුද්ගලයා දන්න අඳුරන අය ඉන්නවනං ඒ අයගේ යුතුකම තමයි ඒ පුද්ගලයාව එහෙම තැනකට යොමු කරන එක.කලින් ලිපිය ගැන එච්චරයි.

    ඇනෝ කොමෙන්ට් ගැන කියනවනම් ඇනෝ කොමෙන්ට් තිබීම මම හිතන්නේ අත්‍යවශ්‍ය දෙයක්.කවුරුවත් තරහකර ගන්නැතුව ඇත්ත කෙළිං කියන්ඩ හොඳ විදිහක් තමයි ඇනෝ එන එක.හැබැයි ඉතිං ඒක වෙන කාටහරි අපහාස කරන්ඩ පාවිච්චි කරන එක තේරුමක් නෑ.කවුරු හරි ඇනෝ ඇවිත් පිස්සු නටනවා කියලා ඇනෝලා ඔක්කොම වැරදි කියන එක හරියට එකෙක් එල්ලිලා මළා කියලා ෆේස්බුක් වහන්ඩ කතා කරනවා වගේ වැඩක්.

    ප.ලි.
    ඇනෝ ගැන මෙහෙම කිව්වට මම ඇනෝ එන්නේ නොමැති බව කරුණාවෙන් සළකන්න.බ්ලොග් ලෝකයේ දෙතුන් දෙනෙක් ඇර කිසිවෙකුත් මා පුද්ගලිකව හඳුනන්නේ නැත.එනිසා මගේ ප්‍රොෆයිල් එකෙන් පැමිණ කොමෙන්ට් කිරීම ගැන මට ගැටළුවක් නැත.

    ප.ප.ලි

    බ්ලොග්වල කුණුහරුපයැයි සම්මත වදන් භාවිතා කිරීම නුසුදුසුයැයි මම විශ්වාස කරනවා.බ්ලොග් කියන්නේ හැමෝටම බලන්ඩ පුළුවන් සමාජීය ස්ථානයක්නේ.ආවේග පිට කරන්ඩ ශිෂ්ඨ වදන් පාවිච්චි කරමු.නැත්තං අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීලා, පලාත් සභා මන්ත්‍රීලා ගාණට වැටෙනවා.

    ReplyDelete
  10. කියන්න දෙයක් නම් නෑ ...මම නම් කවදාවත් ඇනෝ යන්නෙ නෑ ..කියන්න බැරි දෙයක් තියෙන නම් මෙල හොයන් මෙලක් කොටනවා ..නැත්නම් නොකියා හෙමින් මාරු වෙනවා ..මොකටද ඇනෝ යන්නෙ ...මට නම් ඇනෝලා වැරදි අඩු පාඩු පෙන්නලා දිලා තියෙනවා ,...හොද අදහස් තියෙන ඇනෝලාත් ඉන්නවා ප්‍රතිශතයක් විදිහට අඩුයි එකයි මෙතන වෙන්නේ ..මට හිතෙන්නෙ

    ReplyDelete
  11. කෝ ඇනෝලගේ අයිතීන් කප්පාදු කරලනේ... ඇනෝ ඇරලා සංවාදයට ඉඩ දෙමු !

    ReplyDelete
  12. මමත් ඇනෝ කමෙන්ට් දාන්න යන්නෙ නම් නෑ. මාව බුකියෙදි දන්න අය දන්නවා පුදගලිකවත්. මගේ බ්ලොගයෙ සමහර කමෙන්ට් කරුවන්ට කුනුහබ්බ ලියලා දාලා තියෙන කමෙන්ට් දුටු විගස මකලා ටික වෙලාවකට හරි ඇනෝ කමෙන්ට් වහලා දානවා ඒ අයව අධෛර්‍ය කරන්න.

    ReplyDelete
  13. මෙහෙමයි සෑම්, තමන්ගෙ ප්‍රොෆයිලයක් තියෙනවා නම් ඔය දේශකයම කියලා තියෙනවා වගේ කියන්න දෙයක් තියෙනවා නම් කට කෑවත් ඒකෙන්ම කියන්න ඕන.

    පෝස්ට් එකට එකඟවීම හෝ නොවීම පෞද්ගලික කාරණයක්. එකඟ උනා හෝ නොවුනා තමන්ගෙ අදහස තමන්ගෙ නමින්ම කීම මහත්මාගතියක්. බ්ලොග් හිමිකරු අමනාප වේ යැයි සිතෙනවා නම් අදහසක් නොදක්වා යාම ඇනෝ ඇවිත් එතනට ඇණයක් වීමට වඩා වටිනවා.

    ReplyDelete
  14. ඇනො කමෙන්ට් දාන හොද අය ඉන්නවා සහ ඇනෝ කමෙන්ට් වලින් හොද සංවාද බ්ලොග් වල යනවා මම දැකලා තියෙනවා හැබයි ඒ අතරම ඉන්නවා මානසික අසහන කාරයොත්


    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. මාත් ඇනෝ වහන්නේ නැතුව ඉන්නේ ඒ නිසා ,,

      Delete
  15. මමත් දැක්කා ඒ කොමෙන්ට්. මට හිතෙන්නේ ඒ ඇනෝ කාරයත් සයිකෝ කෙනෙක් කියලා

    ReplyDelete
  16. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇනෝ කියන සංකල්පයේ නෙවෙයි ,අනෝ වෙසින් ඇවිත් ඇරියස් පිරිමහන්න හදන අපි අපිම හොඳින් දන්නා සමහරු නිසයි. සෑමාගේ පොස්ටුව ගැන කතාකිරීම පසෙක තබා සැමාගේ ක්‍රියාවන් සහ පැරණි සමහර පොස්ටු පමණක් විවේචනය කිරීමෙන් පෙනෙන්නේ කරුණට අදාලව තර්ක කිරීම පසෙක තබා සෑම්ට පහර දීමට ඇති උවමනාවයි.

    ReplyDelete
    Replies
    1. //අනෝ වේසින් //

      කුණුහරුප කියන්න එපා බං.

      Delete
  17. මට තියන ප්‍රශ්නෙ ඇයි ඇනෝල ඇනෝ විදිහට එන්නෙ කියන එක.

    ReplyDelete
    Replies
    1. සමහර ඇනෝලා නම් "කුරුටු ගෑ ගී පොතේ දිලිනි" කියලම එනවනේ :D

      Delete
  18. දැන් තමයි මීට ඔව්‍ර ලිපිය කියෙව්වෙ. එතන ඇනෝ කෙනෙක් මතු කරලා තියෙන එක දෙයකට නම් මාත් එකඟයි සෑමා. මේවට ගහලා අතපය කඩලා විසඳිය යුතු නෑ කියන එක. හැබැයි බහුතරයක් කරන්නෙ ඒකම තමයි. ඒ නිසා සමාජයේ පිලි අරගෙන තියෙන මතය ඒකයි. පිස්සු හැදිලා නන්නත්තාරෙ යන අයටත් අපේ සමහරු ගල් ගහන්නෙ ඒකනෙ. ඔය කියන පුද්ගලයා පොලිසිය එක්ක මනෝ වෛද්‍ය සහායකයෙක් මුන ගැස්සුවා නම් . අපේ ප්‍රදීප් ගුනරත්න මලයලා එහෙම ඔය වගේ සමාජ සත්කාර කරනවා නේද ඒ අයගේ වෘත්තිය තුලම. සමහර විට අපි නොදන්නවා උනාට මේ වගේ අයව ඒ මගට මුලින්ම යොමු කර ගන්න පිලිගත් මගක් ඇති . එහෙමයි මට නම් හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. weni @ අපේ සමාජයෙ අත පය කඩන්නෙ මෙහෙම අයගෙ නොවෙයි.පාරෙ දුවන මානසික ආබාධිතන්ටත් මොනව හරි කියල කුලප්පු කරල උන් කියන කුණුහරප අහන්න ආස අය ඉන්නව.ඊට පස්සෙ ඒ කුණුහරප අහල කට්ටිය වට වෙලා ඒ ආබාධිතයට හොඳටම ගහනව.මානසික ආබාධිතයන්ට ගල් ගහනව.

      මම දෑසින් දැක්ක දෙයක් තමයි.හැඩි දැඩි මිනිහෙක් මානසික ආබාධිත කෙට්ටු ගෑනියෙකුට අති පයින් ගහනව. දියුණු රටක මේක වුනා නම් දකින මිනිස්සු ඒඅක් වලක්වනව.පොලීසියට ප්‍රජා සංවිධාන වලට කෝල් කරනව.විස්වාස කරන්න .බලන් හිටපු උනුත් හිනාවෙවී හිටිය මිසක් උන්ට ගානක් වත් නෑ.ඒ ගෑනු කෙනාගෙ වැරැද්දක් ඇති.ඒත් ඔහොම ගහනවද?

      අපි බ්ලොග් වල මේව ලියන්න ඕන.ඒක සමාජයට යහපතක් වෙයි.

      Delete
  19. පොලිසිය පැත්තෙන් අප්ඩේට් එකක් තියනවද? පුදුමයි පොරගේ ඇඩ්‍රස් එක හොයල දෙන්න කිව්වේ නැතුව.

    ReplyDelete
  20. //එසේම ලිපියට ගැලපෙන ලෙස පිළිතුරු දක්වන්නට, සාකච්ඡා, සංවාද ඇති කරන්නට හැකි වූයේ යකාටය. ඒ නිසා ලිංගික අසහනකාරයෝ ගැන මෙන්ම, අසහනකාරයෝ සියළු දෙනා වෙනුවෙන්, සහ ඔවුන් ඒ තැනින් මුදවා ගැනීමට කරන්නාවූ සමාජ සත්කාරයක් වෙනුවෙන් මා ‘යකා‘ට ඇරයුම් කරන්නේ ඒ පිළිබඳ සටහනක් තබන මෙන්ය.//

    ReplyDelete
    Replies
    1. ඔබේ ඇරයුම සතුටින් පිළිගන්නවා .එය අද හෙටම කෙරෙනවා. ස්තුතියි

      Delete
  21. සෑම්,
    මම කලින් පෝස්ට් එකත් කියෙව්වා. මොකුත් කියන්න ගියේ නැත්තේ ඔබ හා බොහෝ බ්ලොග්කරුවන් ඒ සම්බන්දව කියලා තිබුන දේවල් හින්දා.
    මම දන්නේ නෑ සෑම්ගේ අධ්‍යාපන මට්ටම හා වයස කීයද කියලා. ඒ මොනවා වුනත් ඒ පෝස්ට් එක අනුමත කරන්න බෑ.
    එකක් ඒ මනුස්සයාගේ හැසිරීම කීයටවත් අපි අනුමත කරන්නේ නෑ. කතා දෙකක් නෑ ඒක අසහනයක්. හා ලෙඩෙක්. එහෙම කියලා ඒ මනුස්සයාට අපහාස කරමින් ඔයාලත් කරන්නේ ඒ වගේම දෙයක්.
    ඒ මනුස්සයා කරන්නේ වරදක් කියලා ඒ මනුස්සයාට අවබෝධ වෙන්නේ නැතිව ඇති. නමුත් ඔයාලට අපිට තේරෙනවනේ ඒක සමාජයට කරදරයක් කියලා. එහෙම වුනාම අපිත් ඒ තත්ත්වයටත් වඩා අන්ත වෙලා ගහලා හිරි හැර කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ මනුස්සයාට පිහිට වෙන එක. ඒ පිහිටවීම අනේ මචන් උඹට ලෙඩක් තියෙන්නේ බෙහෙත් ගනිමු කියලා කීවට එන්නේ නෑ කියලා හිනාවෙන එක නෙමෙයි පිලිගත් ක්‍රමයක් තියෙනවා ක්‍රියාත්මක කරන්න. නීතියක් තියෙනවා. ලංකාවේ නීතිය පොලීසිය බල්ලට ගියාට තාම එහෙම දේවල් විස්වාස කරන එක නිළදාරියෙක් හරි ඉන්නවා. දොස්තරලා ඉන්නවා. සුමිත්‍රයෝ වගේ සංවිධාන තියෙනවා. කවුන්සලින් කරන නොයෙක් ආයතන තියෙනවා. ඒවට ඒ මනුස්සයාව යොමු කරන්නසිවිල් සමාජයක අපි බැඳී ඉන්නවා.

    මේක ඔබට, ඔබේ යාළුවෙකුට වෙන්න පුළුවන්. ඔබලා වුනත් භාශාව හසුරවද්දි සමහර අවස්ථාවල අනිත් අයට පේන්නේ ඔබලාටත් එහෙම යම් ව්‍යාකූලතා තියෙනවා කියලා. ( මම ඇනෝ කොමන්ට් දාන කෙනෙක් නෙමෙයි. මේක කියන්නේ ඔබ ඇතුළු බොහෝ ප්‍රොෆයිල් කාරයන්ට) අසරණ මනුස්සයෙකුට වචනෙකින් හරි පිහිට වෙන්න උත්සාහකරන එකයි අගය කරන්න මට නම් පුළුවන්.
    සමා වෙන්න මේ වගේ ලීවට.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++

      මට දැනගන්න දෙයක් තිබෙනවා.අපට උගන්වපු දෙයක් තමයි දියුණු රටවල මෙවැනි අය අත් අඩංගුවට ගැනීමේ වැඩසටහන් පොලීසිය හා ප්‍රජා සංවිධාන විසින් කරන බවත් එසේ අත් අඩංගුවට ගැනීමට මෙවැනි දේවල් කිරීමම අනිවාර්ය නැති බවත්.ඔබ ජීවත් වන රටේ එවැනි සහන සේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවාද?

      Delete
    2. පැහැදිලිවම ඔව්. මා ජීවත් වන රටේ ඒවගේ සේවා බොහොමයක් තියෙනවා.
      විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙදි හා ඊටත් කලින් සිවිල් සේවා සමාජ සේවා පිළිඹඳ දැනුවත්වීම කෙරෙනවා. එකිනෙකාට සමාජයට කරන්න ඕනේ යුතුකම් කොටසක් තියෙනවා කියලා ඒ තරුණ කාලෙදි අවබෝධ කලාම ඒක බොහෝ ප්‍රායොගිකයි.
      මම ඒ වගේ සංවිධාන වල ක්‍රියාකාරි සාමාජිකයෙක් ඉස්සර. ඒක අවබෝධයකින්ම වුනා කියලා හිතන්න බෑ. අපිට සිස්ටම් එකෙන් බල කරපු නිසා කර දෙයක්
      විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමාකරලා එලියට ආවට පස්සේ තමයි ඒවයේ වැදගත්කම තේරුනේ. අපේ සමාජයේ මනුස්සකමට ලොකු ගරු කිරීමක් තියෙනවා. මනුස්සෙකුට හිනා වෙනවට වඩා අසරණ මනුස්සෙක් පාගලා දානවට වඩා බොහෝ දේවල් සමාජයෙන් ක්‍රියාත්මක වෙනවා. (ඒක කතෝලික පල්ලියෙන් ලොකු කොටසක් කරනවා කියන එකත් පිළිගන්න වෙනවා.) පොලීසිය වුනත් ගහල බැනල හිරිහැර කරන්නේ නෑ. ඒ අය නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ සමාජ ක්‍රියාකාරින් හරහා. ෆැමිලි කවුන්සලින් විතරක් නෙමෙයි ළමා, තරුණ වැඩිහිටියන්ට සතියකට දවසක් වගේ මේ වගේ පාඨමාලා වලින් දැනුවත් කිරීම් කරනවා. ඕනෙම කෙනෙකුට බය නැතිව විශ්වාසවන්ත විදියට තමන්ගේ ප්‍රශ්නේ කියන්න පුළුවන්. ඒ ආයතන එකිනෙකාගේ ගරුත්වය ආරක්ශා කරනවා. සමාජය වපර ඇසින් බලන්නේ නෑ. රජය ඒ වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරනවා විතරක් නෙමෙයි රැකියාවට අමතරව කිසිම මුදලක් අය නොකර සේවය කරන ඕනේ තරම් මිනිස්සුත් ඉන්නවා. සමාජයට පහසුකම් සලසන ආයතන ඕනේ තරම් තියෙනවා.
      තව එකක් කියන්නම ඕනේ මෙහේ මේ වගේ දේවල් වෙන්නේ කලාතුරකින්. ඒත් ප්‍රදර්ශන කාමය කියන එක ලෝකේ කොයි දියුණු රටවලත් තියෙනවා. ඒක ලෙඩක්. අසහනයක් විතරක්ම නෙමෙයි. ඒ අයව නිවැරදි මාර්ගයට ගන්න එක අපේ වගකීමක් විදියට පිළිගන්න මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා.

      Delete
    3. මම සමාජ සේවිකාවක් විදියට මේ සේවාවන් සම්බන්දව වැඩ කරන කෙනෙක් හින්දයි මේ ටික කීවේ.

      Delete
    4. @ රංගි ++++++++++++++++++++ මීට වඩා යමක් කියන්න නැහැ.

      @ සෑම්.......මේකේ වර්ඩ්ප්‍රෙස් එකෙන් කමෙන්ට් කරන්න බැරි ඇයි?

      Delete
  22. මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ, මම නම් ඒ වීඩියෝව පළ කිරීම අනුමත කරනවා. මම ඒක දකින්නේ තනි පුද්ගලයෙකුගේ වැරදි ක්‍රියාවක් නිසා සමාජයේ වැඩි පිරිසක් අපහසුවට ලක්වීම වැලක්වීමක් විදිහට. යමෙක් යම් වැරැදි ක්‍රියාවක නිරත වෙන බවට සාක්ෂි ඇතුවම පෙන්විය හැකිනම් එසේ පෙන්වාදීම බොහෝ අවස්ථාවලදි වැරද්දක් වෙන්නේ නෑ. එසේ නොකිරීමටත් හේතු තියනවා. වැරැද්ද කලබවට අනුමාන කරනවා මිස සාක්ෂි නොමැති නම්, බාලවයස්කරුවෙන් නම් ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිකිරීම නොකලයුතුයි.

    අනික මෙය සම්පූර්ණ අනන්‍යතාවය හෙළිකරන වීඩියෝවකුත් නෙමෙයි. කෙනෙකුට හැකියාවක් තියනවද කෝච්චියක ඉන්න මිනිස්සු අතරින් මෙන්න ඉන්නේ මේ පුද්ගලයා කියලා පෙන්වන්න? අනික ඔහුගේ නමක් ගමක් ලිපිනයක් නෑ. මෙයින් සිදුවන හොඳ තමයි, මෙහෙම දේවල් සිද්ධවන බව දැනගැනීම සහ මෙය තමන් අවට සිදුවෙනවා නම්, මේ වීඩියෝවේ ආධාරයෙන් 'මේ ඒ පුද්ගලයා යැයි' හඳුනාගැනීමක් සිදු කිරීමට ඇති හැකියාව.

    මානසික ආබාධ - යමෙක් මේ ආකාරයෙන් හැසිරුණු පමණින් ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙක් යැයි තීරණය කිරීමට අපිට ඇති සුදුසුකම මොකද්ද? අපි සාමාන්‍ය භාවිතයේදි 'අසහනකාරයෝ' කියලා කිව්වත්, ඒකට නීතිමය පසුබිමක් නෑ. මානසික ආබාධ හේතුව අපිට ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් පාවිච්චි කරන්න පුළුවන්. බාලවයස්කාරයන් දූෂණය කිරීම, වැඩිහිටි කාන්තාවන් දූෂණය, මිනීමැරීම, වධහිංසා පැමිණවීම, ආදී මෙකී නොකී සියලුම අපරාධ වලට මානසික හේතු බලපානවා යැයි කියන්න පුළුවන්. ඒ තර්කය අනුව මෙවැනි වැරදි කරපු සියළුම අය දැන් ඉන්න ඕනේ මානසික වෛද්‍යවරු ලඟ මිසක් හිරගෙවල් වල නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුනට මානසික ලෙඩක් තියේද නැද්ද කියන එක පරීක්ෂණ මගින් සොයා බලනවා. ඒ නිසා අපි මානසික වෛද්‍යවරු වෙන්න යන්න අවශ්‍ය නෑ. නීතිමය ක්‍රමවේදයට ඉඩ දුන්නහම හරි.

    මෙවැනි පුද්ගලයන්ව පොලිසියට හසුවීමට පෙර මානසික වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරනවා නම් කළයුත්තේ ඔවුන්ගේ ඥාතිමිත්‍රාදීන් මිස පොදු ජනතාව නෙවෙයි. මෙය මා දන්නා තරමින් නීති විරෝධී ක්‍රියාවක් "පොදු ස්ථාන වල අශෝබන ලෙස හැසිරීම' වගේ එකක් යටතට වැටෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි කරයුත්තේ පොලීසියට දැන්වීමයි. එතනින් එහා ටික ඔවුන් බලාගනියි. පොලීසියෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක වෙනම ප්‍රශ්නයක්. එහෙම උණා කියලා අපි මේ පුද්ගලයාට දඬුවම් දීමවත්, වෛද්‍යවරු ලඟට ගෙනියෑම වත් නෙමෙයි කල යුත්තේ. පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට බලකිරීමයි.

    යම්කිසි වැරැද්දකට පොලීසිය යමෙක්ව සොයනවා නම් (සැකකරුවෙක් පමණක් උණත්) ඔවුනුත් භාවිතා කරන්නේ මේ ක්‍රමවේදයමයි. ඔහුගේ ඡායාරූපයක් හෝ නිර්මාණය කරන ලද රූපයක් ප්‍රසිද්ධ කිරීම තමයි කරන්නේ. මෙතැනදී පොඩි ගැටළුකාරී තත්වයක් මතුවෙන්න පුළුවන්. අපි මෙසේ ප්‍රසිද්ධ වීඩියෝව ප්‍රසිද්ධ කිරීම ගැන තියන නීතියමය තත්වය මොකද්ද කියන එක හොයා බලන්න ඕනේ. ඒ ගැන මගේ පෞද්ගලික හැඟීම නම්, පොදු ප්‍රවාහන සේවයක සිදුවන මෙවැනි දේවල් ගැන ජනතාව දැනුවත් කිරීම හොඳ දෙයක්. නමුත් මතක් කරන්න ඕනේ... අපි පොලීසිය වෙලා මොහුට දඬුවම් කිරීම වත්, වෛද්‍යවරු වෙලා මොහුව මානසික රෝගියෙක් කිරීමවත් නොවෙයි විය යුත්තේ. රටේ නීතියට අනුව, ඒ සඳහා රටේ ඇති නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කරමින් මොහුව පොලිසියට භාර දීමයි.

    ප.ලි. (කොමෙන්ට් වලටත් පලියක් ලියන්න පටන් ගන්න හිතුණා)
    ඇනෝලට එන්න දෙන්න... අවශ්‍ය නම් කොමෙන්ට් මොඩරේට් කරන්න.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම එකගයි තිසරගේ අදහසට.
      ඔහුට ප්‍රසිද්දියේ තම අහවල් අවයවය එළියේ දමාගෙන ඉන්න ලැජ්ජාවක් නැත්නම්. ඌ එහෙම ඉන්න එක වීඩියෝ එක ප්‍රචාරය වුනාම ඔහුට ලැජ්ජාවක් ඇතිවෙනවා නම් ඒ කතාව විහිළුවක්.

      Delete
    2. මෙතන මේ විදියෙ දෙයක් පළ කිරීමෙන් කුණු රසය ඇවිස්සීම අරමුණු කර ගත් බව ඕනම කෙනෙකුට තේරෙනවා.හැබැයි ඒකෙ මහ වරදක් නෑ.මොකද ඒකත් ප්‍රකාශනයක් නිසා.අනික ඕනම බ්ලොග්කරුවෙක් හිට්ස් පසුපස යනවා.මාත් එහෙමයි.

      යමෙක් මේ ආකාරයෙන් හැසිරුණු පමණින් ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙක් යැයි තීරණය කිරීමට අපිට ඇති සුදුසුකම මොකද්ද? //

      ඔබගේ දැනුම ගැන දුක හිතෙනවා.මෙවැනි හැසිරීම් අසාමාන්ය මනෝ විද්යාව යටතේ හදාරන ලොවම පිළිගන්නා දේවල්.එසේම එහි ඊට ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.ස්ත්‍රී දූෂණ හෝ මිනීමරුම් හා වෙනත් පරාධ එසේ හදුන්වන්නේ නැතිවා මෙන්ම ඒවාට වෛද්‍ය විද්යාත්මක ප්‍රතිකාරත් නැහැ,ඔබ නවීන මිනිසෙකු ලෙස ත්‍රක කලාට ඔබත් අත පය කඩන මැද පෙරදිග මුල්ලා වරයෙක් ලෙසයි මට නම් පෙනෙන්නේ.මට පුදුමයි ඒ ගැන .තරහ වෙන්න එපා මෙය කීවාට.මම ඔබ වැනි උගත් කෙනෙකුගෙන් මෙවැනි ප්‍රාථමික අදහසක් බලාපොරොත්තු වුනේ නෑ.

      අපරාධකරුවන් හා මෙවනි අසාමාන්ය හැසිරීම් දක්වන්නන් අතර පැහැදිලි වෙනසක් තිබෙනව.එය ශිෂ්ට ලෝකය පිළිගන්න දෙයක්.

      මෙතන මෙහෙම දෙයක් තිබෙනවා කියන්න.මේ පුද්ගලයා රටේ බලපවත්වන නීතිය කඩලා තිබෙනවානම් ඊට වෙනම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.නීතියේ ඊට ශිෂ්ට සම්පන්න ප්‍රතිපාදන තිබෙනවා.

      පොලීසිය කරන දේ බ්ලොග් කරුවන් කිරීම හරිද?ඔබ කලින් කීව සාමාන්ය වැසියන්ට වෛද්‍යවරුන්ගේ භූමිකාව කරන්න බැහැ කියල.එතකොට පොලිස්නිළදාරීන්ගෙ භූමිකාව කරන්න පුළුවන්ද?පරස්පර විරෝධී නේද?
      ඔබ යළි කියනවා මේ දෙකම කළ යුතු නෑලු.හැබැයි වීඩියෝ කරන එක හරිලු.

      තිසර @ඔබට මේ විශය ගැන දැනීමක් නැතිව ඇති.එහෙම දැනීමක් ඇති ආය් ඉන්නවා.මමත් එහෙම කෙනෙක්.මම වෛද්යවරයෙකු නොවෙයි.නමුත් මා මනෝ විද්යා ඩිප්ලෝමාවක් කළා.මේ විශය එහි කොටසක්.

      Delete
  23. පොස්ට් එකේ ඇනොලාගේ කතාව දිහා බලාන උන්නා. ආවේගයෙන් කතා කලත් පුන්චි පුන්චි ගන්න ඔනා දෙවල් එතනත් තිබුනා දැක්කා. ඇනො ප්‍රශ්න අද ඊයෙක ඇති උන දෙවල් නෙමේනේ සැම්. එක එක අයගේ එක එක ගති තමා තියෙන්නේ. එවා ඔනාවට වඩා හිතන්න ගියොත් තමා අවුලක් වෙන්නේ. ගන්න දේයක් තියනවා නම් අරගෙන අනිත් එවා අයින් කරලා දාන්න.

    හැබැයි කියනවා වගේ බේත් අරන් දෙන වැඩේ කරන්න පුලුවන්නම් මේක මාර ලොකයක් වෙවි. එහෙම ටැලන්ටට් අය ඉන්නවානම්

    ReplyDelete
  24. අපිට හිතුන දේවල් සෑමා අත දිගහැර ලියපු එකට එකෙන්ම ගරු කරනව..ඔයවගේ එකාලා නිසා තමයි හොද මිනිහෙක් දිහත් මිනිස්සු පොඩ්ඩ ඇත්නම් වපර ඇහැ දාන්නෙ සෑමෝ..ජය වේවා..

    ReplyDelete
  25. කවුරු මොනවා කිව්වත් උබට හොඳයි කියලා හිතෙන දේ උබ ලියපන්/කරපන් සැමෝ

    ReplyDelete
  26. බොහොම වැදගත් අදහස් මතුකරන ඇනෝලා ඉන්නවා. ඒ අය තව දුරටත් සිටිය යුතු බවයි මගේ අදහස. මම හැම විටම සලකන්නේ කුමක්ද යන්න මිස කවුද යන්න නෙවේ.

    ReplyDelete
  27. ලංකාව වගේ රටක මේ වගේ මිනිසුන්ව බෙහෙත් ගන්න එක්ක යන්න ගියොත් දෙන්නටම බෙහෙත් දෙනවා. අපේ පරණ බ්ලොග් අයියලා උඹේ හිත රිදෙයි කියලා වෙන්න ඕනේ ඇනෝ එන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...