Monday, February 10, 2014

මිලියන බාගයයි.. - Half of a Million !!!


1906 වසරේ සැප්තැම්බර් මස 17 වනදා, උපන් ජේ.ආර් ජයවර්ධන මහතා ගැටයක් ගැසුවේය. එය බලයේ ඉන්නා අයට මැණිකක්ය, විපක්ෂයේ අයට පෙරලන්නට බැරි ගල් පර්වතයක්ය. එහෙත් එතුමා සිටියා නම් එය පෙරලන හැටිද කියලා දෙන්නට තරම් කට්ටයෙක්ය. තට්ටයා කට්ටයා යන අදහසට ප්‍රසිද්ධ උදාහරණයක් වූයේද එතුමාය. ඒ එදා ගැසූ ගැටය සිහි කරමින්ය.

2011 වසරේ සැප්තැම්බර් මස 17වනදා,  තවත් ගැටයක් සයිබරයට පහළ වූයේය. ඒ පාසලේ සිදුවූ කතාවක් ලිපයක් ආකාරයෙන් සැකසී සෑම්ගේ බ්ලොග් එකට එකතු වූ දිනය. එදා පටන් අද වෙනතුරු සෑමාද, සුවහසක් රසිකයෝද එම ගැටයෙන් පීඩා විඳින්නෝය. මෙවන් බ්ලොග් උප්පත්තියකට හේතුව වූයේ සෑමාගේ පාසලේ සිටි මිතුරෙකු වන තනි ඇටයා නොහොත් අනිවාරතේ ලියනා ගැටයාගේ බ්ලොග් දැනුමය. ගැටයාගෙන් ලැබු උපකාර සහ අදහස් අනුසාරයෙන් සෑමාගේ බ්ලොග උපත ලැබුවේය. එතැන් පටන් පැරණි සුන්දර මතකයන් අතීත මතක යන කැටගරියට අයත් වූයේය. එලෙස දිනෙන් දින නොයෙක කැටගරියන් බිහි කරමින් සැමා ගමන් කළේය. එදා සෑම්ගේ බ්ලොග් එකෙන් වැටුනු ගැටයෙන් සෑමා තවමත් පීඩා විදින්නේය. පොඩ්ඩක් විවේකයක් ගෙන ලිපියක් නොදා සිටියහොත් ලැබෙනා ඉල්ලීම් බොහෝය. ඒ තරමට බලපෑම්ය.

සිතූ කුසූ ආදර කතාවේ තිබූ වචන විලාසය බොහෝ අය ප්‍රිය කළෝය. ඉන් නොනැවතී සෑමා වැලහින්නකට පෙම් බැඳීමී නම් අසම්මත කතාන්දරයද ලීවේය. කවි නිර්මාණ කරනයේදී කැත හිත් වලට ලියූ ලස්සන කවි බ්ලොග් එකට එකතු කළේ සෑමාය. කියන්නට තියෙන දේ කෙලින්ම නොකියා කිවීමෙන් කැත හිත් ඇත්තෝ හඳුනා ගැනීමට හැකි බව සෑමා සොයා ගත්තේය. විටක සමහරු බැන්නේ මූ කුණු හබ්බ ලියනවා කියාය. පසුව එයාලා තමන්ගේ සිත් කැත බව වටහා ගත්තෝය. පොඩි සෑමාගේ ලියුම් ආරම්භ වූයේ සෑමාගේ සංකල්පයක් අනුවය. එහිදී පොඩි කොලුවෙකු සමාජීය ගැටළු පිලිබඳව ලිපි ලියන්නේ රටේ වැඳගත් අයෙකුටය. ඉන් පොඩි එකාගේ මනසට ලොකු ලොකු දේවල් පෙනෙන හැටි මනාවට සමාජ ගත කෙරෙන්නේය. වෙසක් පෝය දින සහ පොසොන් පෝය දින ඉලක්ක කොට ගෙන සතියක් පුරාවට වෙසක් සහ පොසොන් සති ප්‍රකාශයට පත් කරමින් ලිපි ලියන්නට සෑමා උත්සුක වූයේය. එසේම ලොව ප්‍රථම වරට වෙඩින් මඟුලක් පිළිබඳව ලිපි, වෙඩින් එක අස්සේම අප්ලෝඩ් වීම සැලැස්වීම සෑමාගේ තවත් අලුත් වැඩක්ය. 

මේ වන විට වසර දෙකයි මාස පහක් ඇතුලත, ලිපි 344ක් ලියමින්, මිලියන පහක සීමාවට පැමිණියේ ඔබ සැමගේ ආශිර්වාදය, සහයෝගය මැද්දේය. එලෙස හොඳින්ම ලියැවුණු ලිපි සහ අතරමැද වැටුණු ගතියක් නැති ලිපි පවා කියවමින්, අදහස් දක්වමින් සෑමාගේ බ්ලොග් එකට ගොඩ වැදුනු ගල්, මල්, කොස්, පොල්, දෙල් වලින් සහය දුන් ඔබට අනේක වාරයක් ස්තුතී... !!

මේ සෑමාට බ්ලොග්කරුවන්ට අමතරව බුකියේ චැට් එකෙන් ලැබූ කමෙන්ට් කිහිපයක්..

















Written_by_sAm_ශ්‍රී_Perera_1:37pm_09/02/14

90 comments:

  1. ජය වේවා සෑමෝ....කියවන එවුන් වෙනුවෙන් තව ලියපං මචං....

    ReplyDelete
  2. අම්මෝ ලිපි 344 ක්.සැමා බ්ලොග් ලෝකයෙ සීනියර් පොරක් වගෙයි.සැමාට සිංහල බ්ලොග් අවකාශයට විශාල සේවයක් කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.සැමා ලියන ශෛලියට අපි කැමතියි

    ReplyDelete
    Replies
    1. සීනියර්.. බොට පිස්සුද මම කබු නායක.. මේ පට්ටම අතාරින්නැ රනිල් මාම වගේ..

      ස්තුති යකා..

      Delete
  3. සැමාගෙ හිට් මිලියන භාගෙට උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුති 500001 වෙනියා වුනාට :)

      Delete
  4. මිලියන බාගෙට සුබ පැතුම් වගේම මිලියනය දක්වා වැඩිකර ගැනීමට හැකිවේවා යි පතමි.

    ReplyDelete
  5. පලවෙනි පාරට ආපු දවසෙ ඉදල මම දිගටම ආපු බ්ලොගක් තමා බන් උබේ එක..ඒ තරම් ආස හිතෙන විදිහට උබ ලියනවා..දිගටම ලියහන් මචං සුභ පැතුම් ඈ මිලියන බාගෙට :)

    ReplyDelete
    Replies
    1. ස්තුති..

      උබ කියන කුප්ප කතා තමා කාල ඉන්න බැරි..

      Delete
  6. බොක්කෙන්ම සුභ පැතුම් සෑමා. සැමා නෙවෙයි ඕං.

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රි..

      සෑමා යකෝව්.. @$^^#!@#

      Delete
  7. හෙහ් හෙහ් හෙහ්...... මං හිතුව ඒ කාලෙම උඹ සෑහෙන්න දුර යයි කියල. සුභපැතුම් සෑමෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුති රාජ් ඒ කාලෙ ඉදන් දුන්න සහයෝගයට..

      Delete
  8. ඕන් එහෙනම් සුභ පැතුම් කිවුවා ඇ.....
    තව භාගයකුත් ඉක්මනට ගහන්න ලැබේවා ඇ...

    ReplyDelete
    Replies
    1. ස්තුති.. ලග නැමුවොත් වැටිල ඉන්න වෙයි බොල..

      Delete
  9. අඩෝ...උදෙත් සුභ පැතුවා නේද බන්...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඔබා මාමා නියම පෝස්ට් එකක් දැම්මා වයසක මිනිහෙක්ගෙ අමතක වීම ගැන...

      හිකිස්..

      Delete
  10. එහෙනම් උඹ භාගයක් ගැහුවා. එල.එල. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඉතුරු කොටේ තියන්නද? සැට් වෙලා ගහමු.. :)

      ස්තුති සුදිකයියා..

      Delete
  11. සුභ පැතුම් සැමෝ .... දිගටම ලියන්න

    ReplyDelete
  12. ගුඩ් ලක් මචන්. :D සිරාවටම උබේ පොස්ට් මාරු තමා

    ReplyDelete
    Replies
    1. ඔබේ දස දහස මිලියනයක් වේවා..

      ස්තුති !

      Delete
  13. උණුසුම් සුබ පැතුම් සෑමා........ මෙය තවත් ඉතාමත් කෙටි කාලයකදීම මිලියනය වේවායි ප්‍රාර්ථනය කරම්.

    ReplyDelete
    Replies
    1. ස්තුති නලින් අයියා..

      Delete
  14. සුබ පැතුම් සෑම් !!!
    දිගටම ලියන්න.... !
    අද නම් හෙඩර් එක මුලි ස්ක්‍රීන් එකම වහගන්න සයිස්... :)

    ReplyDelete
    Replies
    1. හෙඩර් එකෙන් මූන වහ ගත්ත මචං..

      ස්තුති මධුරංගයා..

      Delete
  15. අපේ උණුසුම් සුභ පැතුම් සෑම්... මේ ආව වගේම ඉස්සරහට මීටත් වඩා සාර්තකව වඩා රසවත් හරවත් නිර්මාණ දායාද කරන්නට හැකිවේවා...
    සෑම් බ්ලොගය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...

    ReplyDelete
    Replies
    1. ඔබට දැමු රිප්ලයි කමෙන්ට් එක අන්න බිම වැටිලා :)

      Delete
  16. අම්මට හුඩු.. මූට් එච්චර ඇවිල්ලා ඈ... ඉරිසියාවේ පපුව පැලෙන්න යනවා..

    ReplyDelete
    Replies
    1. මාතලා මීට ඩබල් වෙන්න ඇති..

      ජය වේවා..

      Delete
  17. ජයවේවා ජයවේවා... රාජ සම්පත් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. රජා වෙනුවට අන්ජා ඇවිත් වගේ..

      රාජ සම්පත් ලැබේවා.. :)

      Delete
  18. අඩේ..... එල එල ඉක්මනටම මිලියනයක් වේවා කියල ප්‍රාර්ථනා කොරනවා. :)

    ReplyDelete
  19. මිලියනය බාගයට උණුසුම් සුබ පැතුම් සෑමෝ ඉක්මනටම මිලියනය වේවා

    ReplyDelete
  20. සුභ පැතුම් සෑම්...මිලියනයත් ලඟදීම....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුති ඩ්‍රැයිවර් කොල්ලා..

      Delete
    2. ස්තුති ඩ්‍රැයිවර් කොල්ලා..

      Delete
    3. උඩ කොමෙන්ට් ඔක්කොම පහුකරගෙන ඇවිත් මෙතන දෙපාරක්ම ස්තුති කරලා ,,හි හි ආසාවේ තරම පේනවා :)

      Delete
    4. නැහැ බොල.. යට ඉදන් පටන් ගත්තෙ අර රිප්ලයි බටන් එක ක්ලික් කලාම උඩට පනින ලෙඩේ තාම තියෙන නිසා.. :පී

      මේක ඔටෝ ඩබල් වීමක්..

      Delete
  21. දුලාගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුති.. බුකියෙත් සුභ පැතුව නේ...

      Delete
  22. මිලියන‍යකට සුභ පැතුම් මචං

    ReplyDelete
  23. සුබ පැතුම් සෑමා මලයා !

    ReplyDelete
  24. මගෙනුත් සුබ පැතුම්....... සෑම් මලයා

    ReplyDelete
  25. භාග්‍යවන්තයෙක් :)

    සුබ පැතුම් සෑම්..

    ReplyDelete
    Replies
    1. සම්පුර්න වුනාම බෝධිසත්වයෙක් වෙයි නේද :)

      ස්තුති චන්දන..

      Delete
  26. මිලියන බාගයක් ගත්ත උබට ඉරිසියා කර පලක් නැත (මොකද මට තාම විසිදාහක් වත් නැනේ) ඒ නිසා උබට බොක්කෙන්ම සුභ පතමි ......

    ReplyDelete
    Replies
    1. හොද වැඩේ ,ලියන්නේ නැහැනේ රට වටේ කේලම් හොයනවා මිසක් ;)

      Delete
    2. @මැලේ අපි වගේ ලියපං.. කේලම් හොයපං ඊට පස්සෙ ;)

      Delete
  27. සුබ පැතුම් සෑම් අයියේ ,,ඊයේ රෑ මාත් දැක්කා 300 බලාගෙන ඉන්නවා .. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුති.. ඔයා වට පහක් ගිහින් උපකාර කලානේ.. :)

      Delete
  28. ජය වේවා සෑමෝ..ඉක්මනටම මිලියනයට යන්න ලැබෙන්න කියල සුබ පතනෝ..

    ReplyDelete
  29. ලිපි 344ක් ලියමින්, මිලියන පහක සීමාවට පැමිණියේ .....

    යකෝ දැන් මිලියනයක් කියන්නේ ලක්ෂයකටද
    සුභ පැතුම්
    අහ්හ්...අපුරුයි .....

    ReplyDelete
    Replies
    1. ස්තුතී..

      ඔබ අපූරුයි.. මම බැලුවේ කල්පනාවෙන්ම ජීවත් වෙන බ්ලොග්කරු කව්ද කියල :))

      ජය වේවා..

      Delete
  30. සුභ පැතුම් වේවා සෑමෝ.. බොලා ඔය උඩින් දාන් ඉන්න ෆොටෝ එක මතකයි.. ඊට පස්සේ සූප්පුව හැලුනත් මතකයි.. ඔහොම යමු යමු.. උඹේයි මගෙයි වෙනස ඔය මිලියන බාගේ තමයි.. උඹ ඉතින් මගේ ෆිට් එක හන්දා හදවතින්ම සුභ පතනවා.. ජය වේවා සෑමෝ..

    ReplyDelete
    Replies
    1. සූප්පුව දැන් අතේ තියන් ඉන්නෙ ලමයින්ට ගහන්න...

      ස්තුති දින්නා..

      Delete
  31. ගණන් ගන්න එපා බං... මීට වඩා දේවල් මිනිස්සුන්ට සිද්ධ වෙනවා... උඹ ලියාගෙන පලයන්කෝ...

    ReplyDelete
  32. බොහොමත් ස්තුති මහේෂ් !!

    ReplyDelete
  33. අප්පච්චියේ.... මිලියන බාගෙට ජය වේවා.....!

    ReplyDelete
    Replies
    1. ඉස්ටූටී.. ප්‍රදීප්.. අයියා..

      Delete
  34. ප්‍රමාද වෙලා හරි ඔන්න මගෙනුත් උණු උණුවෙම උණුසුම් සුබපැතුම් සෑමා. ළඟට වරෙන් උම්මා එකක් දෙන්න. :)

    ඉක්මනටම මිලියනයත් ගොඩදාගන්න ලැබෙන්න කියලත් මම සුබපතනවා.

    මොකක්ද බං අර කවර් ෆොටෝවක් ගැන කියල තීන්නෙ ඔය බැනර් එකට නේද අර එක එකා අසික්කිත කතන්දර කිව්වෙ. සතුටු වෙයන්, ඕක දැනුත් තිබුන නම් මුන් මොනව නොකියයිද? :)

    ReplyDelete
  35. සුබ පැතුම් සෑම්!

    ReplyDelete
  36. සුභම සුභ පැතුම් අපෙනුත්, වන් මිලියන් ගහමු ඉක්මනටම

    ReplyDelete
  37. ගමනේ යා.............සුභ පැතුම්!!
    (ගිය පෝස්ට් එකේ මගේ කමෙන්ට් එක පොඩ්ඩක් බලපන් )

    ReplyDelete
  38. මිලියන බාගෙට සුබම සුබ පැතුම්..........

    ReplyDelete
  39. හුබ පැතුම් බොක්කෙන්ම ඈ...

    ReplyDelete
  40. ජය වේවා සෑම් අය්යේ.........!!
    ලක්ෂ පහ ඉක්මනටම ලක්ෂ පනහ වේවා.......!!!!!

    ReplyDelete
  41. අප්පට සිරි, සුබපැතුම් ඈ....! ඉදිරි ගමන ජයෙන් ජයම වේවා...!

    ReplyDelete
  42. half millon HITS ??????

    OMG ... worth visiting and reading from the first yar ?

    Will do.
    All the best brother !

    ReplyDelete
  43. මිලියන භාගෙට මගේ සුභ පැතුම් මිත්‍රයා...සැමරුවේ නැද්ද මේක ?

    ReplyDelete
  44. වාආආඌ කොල්ලා
    නියමයි ආහ්
    ගොවිසෙත පළවෙනි තෑග්ග තරම් හිට්ස් ලැබේවා!

    ReplyDelete
  45. සුබ පැතුම් :) කෝ කේක් ඉතිං? ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...