Monday, February 17, 2014

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය... - Crazy Cats Make Rats Cruel !!!


මීයන් කිව්වාම කස්ටියට මතක් වෙන්නේ පිරිමි පක්ෂයය. පූසන් කිව්වාම ස්ත්‍රි පක්ෂයය. ඒ තරමට අපේ වචන අවභාවිතය අපූරුය. ඒවාට වග කිව යුත්තේ අපිමය. මන්ද සාමාන්‍ය බස් වහරේ ඇති නාම පද කුණු හරප කියන කැටගරියට දමා ඇති නිසාය. මීයං අල්ලන් අල්ලං අල්ලං කිය කිය පොඩි උන්ගේ මීයා අල්ලන නිසාත්, කෙල්ල උඩ පනිද්දී කෝමද ආච්චී මගේ ජම්ප් එක කියා අසද්දී ආච්චී කෙල්ලගේ ගවුම අස්සෙන් අහවල් එක දැක එය ජම්ප් එක නෙවෙ කෙල්ලේ පූසා කියා අර්ථකථන දීම නිසාත්, උක්ත වස්තූන් සඳහා නියම නම, හෙවත් නාම පද කුණුහරප කැටගරියට වැටී ඇත්තේය. 

යටගිය දවස මීයා විකුණන් දියුණු වූ පුද්ගලයා ගොඩ ගියේ චුල්ල සිටු වරයා නිසාය. මෑත භාගයේ මීයන් විකිණීමට ගියේ අපේ කුලේ අංකල්ය. මේ කතාව ලියැවෙන්නේද ගෙදර සිටින මීයන් සහ මීයන් අල්ලං අල්ලං කිරීමට ගෙට වද්දා ගන්නා පූසන් සම්බන්ධව මිසක් අහවල් වස්තූන් ගැනෙ නෙවේය. මීයා වනාහි ගෙදරට මහා හිසරදයක්ය. අපි නැති අතරතුර කුස්සියේ විප්ලව කරමින් ජරා කරන්නාවූ මීයන් දුටු තැන මතක් වන්නේ මී කතුරය. පොල් කැබැල්ල තබා මීයා යට කර ගන්නා සරල යන්ත්‍රය මී කතුර වන්නේය. ඉන්පසුව ආවේ මී කුඩුවය. මී කූඩුව ඇතුලේ තිබෙන කොක්කේ කෑමක් එල්ලා තැබූ විට ඌ එය කන්නට පැමිණ දඟ කරද්දී මී කූඩුවේ දොර ඔටෝ වැසෙන්නේය. ඔටෝ කිව්වාට එය මීයා විසින්ම කර ගන්නා දෙයක්ය. ජීවග්‍රහයෙන් මීයා ඇල්ලෙන නිසා කේස් එක ඇත්තේ  එක්කෝ අපි ඌව මැරිය යුතු නිසාය. නැතිනම් කොහෝ හෝ විසි කළ යුතු නිසාය. කුලේ අංකල් මීයන් විකිනූ කතාවේ ඇත්තේද මේ ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා මීයන්ට කරනා දේ ගැනය. ඉන්පසුව මී පාසනම් ගැනත්, මීයන් ඇලවෙන ගම් සහිත බෝඩ් එකද සිහි වන්නේය. ඒ බෝඩ් එක නම් අසික්කිත් එකක්ය. කොහැල්ලෑ බබාගේ කතාව වගේ ඇලවී සිටින මීයා ගලවා ඉවත් කිරීම අප්පිරිය සීන් එකක්ය. අවසන කැරකී ඉතුරු වන තුරුම්පුව නම් පූසාය.

ඇම්ඩන්ගේ පූසා නැතිවූ කතාවේ ටීචර් ලග සිටියේ කට කෙලින් අතට ඇති පූසෙක්ය. ඒ කතාව දන්නෝ දැන් සිනහ වන්නෝය. අපේ ගෙදර මී කරදරය තරමක් දුරට අඩු කරවා ගත්තේ සැමාගේ මෙහෙයුමක් නිසාය. මීයන් ගෙට පනින පේර ගසේ අතු කැපීම මඟින් තරමක් දුටු වැඩේ ගොඩ ගියේය. ඉන්පසුව නිවසේ සීලිමේ සැගවී සිට පහර දෙන උන් මර්ධනය කිරීමට දැල් කෑලි ගැසීම තරමක් ප්‍රමාණවත් වූයේය. කෙසේ හෝ අවසන් තුරුම්පුව සුපුරුදු ලෙස ගැසුවේ කිටීය. ඒ පූසෙක් නොව සෑමාගේ පවුලය.

“මොන මඟුල කළත් හරියන්නෙ නැහැ බබා.. බැළලියෙක් ගේන්නෝනි ගෙදරට...“

“මගෙ අම්බෝ.. අර එකෙක් ඇවිත් හොරෙන් කාල යනව දැකල නැද්ද? අනික උන්ට පැටව් හම්බුණාම, උන්ගෙ මයිල් ගියාම, අනික උන් මීයො අල්ලන්නෙ නැහැ, මල වදයක් වෙයි... ඉස්සර මෙහෙ හිටිය සීයක් විතර.. අපෙ අම්මටම එපා වුණා..“

සෑමා සියළු වැඩ කැබලි දමා ගෙදරට පූසන් ගෙන ඒමේ හර්තාලය සාර්ථකව ගොඩ දා ගත්තේය. එහෙත් ඉන් පසු දවසක හොර බැලලී සහ තවත් පූස් තඩියෙක් පැමිණ මිෂන් එකක් දෙනු අප ලයිව් දුටුවෝය. එය දුටු විට ත්‍රාසයෙන් හා සතුටින් ඇලලී ගිය අප මිෂන් එකට එක් වූ පූස් තඩියන් දෙදෙනාගෙන් එකෙකු තෝරා ගැනීමේ හර්තාලය නැවත ඇරඹුවෙමු.

“අර හොර බැලලී හොදයි.. ඒකි මීයෝ අල්ලනවා..“

“අර සුදු එකා හොදා ඌ පූසා නේ.. පැටව් හම්බෙන්නෙ නැති නිසා ගොඩ..“

“ඒත් බැලලියෝ තමාලු මීයෝ අල්ලන්නෙ..“

“ඔව්.. මාත් දැකල තියෙනවා 18+ ෆිල්ම් වල.. පූසෝ මීයෝ ගිලිනවා දුක හිතෙන විදිහට..“

“විකාර නෙවෙ.. මම අර බැලලිට කන්න දීලා ගෙදරට පුරුදු කර ගන්නාව..“

“ඔන්න ඉතිං මීයෝ අල්ලන සත්තුන්ව නරක් කරල විනාස කරන්න යනවා..“

“ඇයි ඒ..??“

“ඇයි යකෝ... උන්ට කන්න නැති නිසානෙ මේ වැඩ දාල මීයෝ අල්ලන් ගිලින්නෙ.. උන්ට කන්න බොන්න දුන්නම උන් ආතල් එකේ නිකං ඉදල කන්න පුරුදු වෙනව...“

“අඩේ.. ඇත්ත තමා.. ඔන්න ඔහෙ මීයො අල්ලන් පාඩුවේ හිටපුදෙන්..“

වැඩේ එදාත් ගොඩය. මීයන් ඇල්ලීමට තියා හුරතලයටවත් පූසන් ගෙදරට වද්දා ගන්නේ නැතිය. උන් මැරුණු දාට ගෙදර කැම හැදෙන්නේත් නැතිය. ඒ කෙල්ලන්ගේ ගතියය. උන්ව කරට ගන්නේය. ඉන්පසු ගේ පුරා මයිල්ය. කළ යුතු නියම වැඩේ නම් උන්ට මීයන් අල්ලා ගැනීමට සයිඩ් සපෝට් එකක් දීම පමණක්ය.

ඇත්තටම මීයන්, පූසන් නරක් කරන්නේ කාන්තාවෝය. මීයන්ට විටෙක ඇල්මක් දක්වන්නෝය. ඒ නිසාම පූසන්ට ගෙදර කෑම කන්නට දෙන්නෝය. එවිට ගෙදර මීයෝ පිට පුසන්ගෙන් ගැලවී සිටින්නෝය. මෙවැනි කාන්තා මාෆියා වන්ට නොරැවටී ගෙදර මීයා පිට පූසෙක් ලව්වා හෝ අල්වා ගත යුතුය.

පලි - ලිපියේ අවසානය, වචන අවභාවිතයක් නොවේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_17.02.14

56 comments:

  1. සෑමා පූසිට හරියට සලකන්නෙත් නෑ සලකන මනුස්සයට සලකන්න දෙන්නෙත් නෑ :D

    ReplyDelete
    Replies
    1. අවභාවිතය ඇසුරෙන්ද වචන පාවිච්චි කරල තියෙන්නේ ?? ;)

      Delete
    2. දෙයාකාරයටම ඇත, කැමති ලෙසකට සිතාගන්න පුලුවන් ;)

      Delete
    3. හොඳ විදිහකට සිතා ගන්නම් කෝ...

      Delete
  2. කරන්නට දෙයක් නැත! පූසාට හොඳට සලකා ඉන්නා මියා රැක ගැනීමට බලව!

    ReplyDelete
    Replies
    1. ඒක තමා අන්තිමට ඉතුරු වෙන්නෙ..

      Delete
  3. මේවට ඉතින් කියන්න දේවල් ඔළුවට එනවා.. එක්කෝ ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතාලි කතාද ඔලුවට එන්නෙ...

      Delete
  4. බැදපු අලුත ගෙවල්වල මී ,පූස් ගැටළු ගැටළු පැන නගිනවා මචං .
    ඕව පොසිද්ද කොරොන එක එච්චර හොද නැහැ බං .

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම පුරස්නයක් නෙවෙ මේක..

      :))

      Delete
  5. මීයා පරිස්සම් කරගනින්

    ReplyDelete
    Replies
    1. සුරක්ෂිතයි.. දැන් තව අය ඉන්නව උන්ව බලා ගන්න.. :ඩී

      Delete
  6. අල්ලපු ගෙදර මීයන් ඇල්ලීමට තමන්ගේ පුසන් නොයවන්න.. අවභාවිතාවක වචන නොවේ.. මොකද පුසා නැති වීමට ඉඩ ඇතියි..හැක්

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි.. පූසට හොදට කන්න බොන්න දුන්නම එහා වත්තට පනින්නෙ නැහැ නේද/

      Delete
    2. ඒත් වැඩිය බොන්න දෙන්න හෙම එපා. එතාකොට පරණ මීයොත් මතක් වෙලා අල්ලන්න යාවි.. හැක් (අවභාවිත වචන නොවේ)

      Delete
    3. වැඩිපුර බිව්වම හැබැයි මීයාට යන්නෙ නැතුව අල්ලලා හිටින නිසා.. ගෙදර පූසත් එක්කම සෙල්ලම් කර කර ඉදී නේ??

      (අවභාවිත වචන නොවේ...)

      Delete
  7. සෑමට බැදපු අලුතම ඔය මී පූස් කේස් එක එයි කියල හිතුව.. මොකද මීය බලන්නෙම පූසට ගේම දෙන්න.. (පොඩ්ඩක් වැරදුනා) ඒකෙ පැති දෙකම තියෙනව...

    ReplyDelete
    Replies
    1. හනිමුන් වීඩියෝ එක කරන විදිහ සෑම්ගෙන් අහ ගත්තාද

      Delete
    2. ගාලු මොකැ කියන්නෙ සෙට් වෙලා ගේමක් දෙමුද මූට?

      Delete
  8. ඔය කියන මීයගෙයි පුසගෙයි පොටෝ කැලි දෙකක් දාහංකෝ

    ReplyDelete
    Replies
    1. ෂොප් එකේ හිටපං ගෙනත් කට ඇතුලට දාන්න මීයව..

      Delete
  9. යකුනේ මේවා කියවලා හිනාවෙනකොට ඔපීසියේ උන් මට පිස්සු කියලා හිතයි. එනිවේ සුපර් පොස්ට්.

    "කොහොමත් බැදපු අලුත මීයා පරිස්සං කර ගනින්. සෑහෙන වැඩ ඇති නෙව....? "
    "හා බොරුද මං අහන්නේ...? " :P

    ReplyDelete
    Replies
    1. මීයා පූසා එනවද කියල ඔළුව උස්සන් බලන් ඉන්නෙ..

      ඔපීසියෙ පූසො නැද්ද මචං? මීයෝ අල්ලන උන්??

      Delete
    2. මේ දවස්වල ඔලුව කොහොමත් ඕන වෙලාවක ඉස්සිලා ඇත්තේ මයේ හිතේ....! හික්

      කකුල් හතරේ මීයෝ අල්ලන උන් නම් නෑ, වෙන උන් නම් ඉන්නවා බන්ස්,,,,, :D

      Delete
  10. සෑමගෙ මීය පිට පූසො අල්ලන්න යන්න වගේ ලෑස්තිය.

    ඇත්තටම පූසන්ට වැඩිය පූසියො තමයි සත්තු අල්ලන්න දක්ෂ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත පූසියෝ මීයෝ කරේ තියන් අල්ලන්නෙ :)

      Delete
  11. වල් මීයාව හොර පූසිම කාපිය……… ;-)

    ReplyDelete
    Replies
    1. මීයව පූසිගෙ එක කටටත් මදිලු ;) හැක් හැක් :D

      Delete
    2. චැක් මූ ඒක කිවුවෙනම් වචන අවභාවිතයෙන්.… :-D

      මම කියපු වල් මීයා කොස් ඇට මීයෙක් නෙමේ බන් ඌරු මීයෙක්. හැක්… ;-)

      Delete
    3. අඩී... වල් මීයගෙ දක්සතා මනින්නෙ සයිස් එකෙන් නෙවේ.. හැකියාවෙන්..

      කෝමත් බං පූසාගේ කට පොඩියි නේ.. මීයාගේ සයිස් එකට වැඩිය :ඩී

      පලි - මේ අවභාවිතය නොවේ..

      Delete
  12. බැදපු අලුත මී පූස් ගැටුමක්... මීයා පූසාට පරදි... :)

    ReplyDelete
    Replies
    1. පරදින්න.. පිස්සද යකෝ..

      Delete
  13. //ගෙදර මීයා පිට පූසෙක් ලව්වා හෝ අල්වා ගත යුතුය.// පිට පූසා ඉඳහිට මීයන් දකින එකෙක් නම් වඩාත් සාර්ථක විය හැකිය. එහෙත් එසේ කරන්නට පෙර ගෙදර පූසා ගැන තව දුරටත් සිතිය යුතුය.. :D

    ReplyDelete
    Replies
    1. චන්දන අයියා වචන අවභාවිතය ප්‍රගුණ කරල වගේ..

      :)

      Delete
  14. බැඳපු අලුත නං මීයට වැඩ තියේවි,පස්සට තමයි හිඟ වෙන්නෙ.පූසා හොඳින් තියාගනින්.

    ReplyDelete
    Replies
    1. හිඟ වෙනවා කිවුවෙ මක්කැයි හැලප අයියේ??

      Delete
    2. පූසගේ කටේ සයිස් එක මේන් ටේන් කලාම මීයාව හිරට ගිලින්න පුලුවන් මයෙ හිතේ. හැල-පයියා ඒ ගැනද මන්ද කිව්වෙ..

      Delete
  15. අවුලක් නෑ උඹ කියපන් නෑ නෑ ලියපන් අපි කියවඤ්ඤං... මීයන්ගේ පූසන්ගේ ගැටළු හැමතැනම..

    ReplyDelete
  16. චුල්ග විතරක් නං පොඩි.... හරි නම චුල්ල සෙට්ටි (පොඩි සිටාණෝ....) මගෙ ඇහේ අවුලක් වගේ කොහේ හරි අවුලක් මයි පේන්නෙ...
    අපේ දිහා පූසන් නැත... උං දුටු විට මට මතක් වෙන්නේ පුට් බෝලයයි... ඉතින් පූසන් පුට් බෝල් වෙන හිංදා අපේ ගෙදරට උං එන්නේ නැත ආවත් ඉන්නේ නැත....

    ReplyDelete
    Replies
    1. සොරි සොරි.. චුල්ල සෙට්ටි තමා.. ස්තුති..

      පව් බොල පයින් ගහන්න එපා සත්තුන්ට..

      Delete
  17. කොහොම හරි කමක් නෑ අන්තිමට වෙන්නේ පූසාගෙන් මීයාව දමනය කර ගැනීම නොවේ..:)

    ReplyDelete
    Replies
    1. ගෙදර පූසාට ඒ හැකියාව නැත්තං අල්ලපු ගෙදර එකා ඇවිත් දමනය කරාවි..

      Delete
  18. වචන අවභාවිතය- පූසා නම් යුනිවර්සල්, මීයා සින්හලවල විතරද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ටිකක් හිතන්න වෙනව නේද?

      මීයා ජාත්‍යයන්තරයට ගෙනියමුද?

      Delete
  19. නියමයි සෑම් මලයෝ උඹේ ලියවිල්ල. තව තව මෙවැනි රස කථා අපට ගේන්නට උඹට ශක්තිය දහිරිය හා මොනවා නැතත් හිතේ සැනසීම ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුති චන්දන අයියා.. :)

      Delete
  20. මාත් මේ මීයෙක් අල්ලන් පූසෙක් හොයන් යනගමන්..හුටා...මට වැරදුනාද..?

    ReplyDelete
  21. අම්මපා සෑම් අයියේ ඔය දෙපිට කැපෙන කතා කියල පවුලගෙන් ගුටි කාල එහෙම නැද්ද? හික් හික් හික් කාල නැත්නම් ළඟදීම හම්බවෙයි හික් හික් හික්

    ReplyDelete
  22. වට පිටාවේ ඉන්නේ පුසෝ සෑමගේ ගෙදර එනවද මීයෝ අල්ලන්න?

    ReplyDelete
  23. ගෙදර පුසා මියන් අල්ලන්නේ නැති කල පිට පුසෙක්ගේ සේවය ගැනීම යහපත් එසේම ගෙදර මියා හති වැටුණු විට පුසා මියන් සොයා ගම් වැදිමාට ඉඩ ඇති බැවින් විමසිලිමත් වන්න.....

    ReplyDelete
  24. සේරම හරි බන් උඩම දාල තියෙන පොටෝ එක තමා මට ඇල්ලුවේ නැත්තේ . පුසා ලොකුයි මීයා පොඩියි . අසාධාරණයි යකෝ.පිරිමි අපිට සාධාරණයක් කරපන් සෑම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...