Monday, February 3, 2014

නිදහස පොඩි සෑමාගේ කුප්ප ලිවිල්ලක්... !!!


ඉස්කෝලෙ ඉස්පෝර්ට් මීට් එක සෙට් වුන නිසා මට කාලෙකින් ලිපියක් ලියන්නට බැරි වුණාය. මේ ටිකේම පිට්ටනියේ අව් කාෂ්ටකේ සිටි නිසා පෑනක් පොතක් ඇල්ලුවේ නැත්තේය. අපේ ගෙදරිනුත් මාව පුෂ් කරන්නේ පිට්ටනියටමය. මොන්ටිසෝලි කාලේ නම් අම්මා කිව්වේ මාව සනත් මාමා වගේ කරනවා කියාය. දැන් අම්මා ඒකට කැමැත්තක් නැත්තීය. මොකද ඒ මාමා දැන් වල් වැදිලා කියලාය. මගුලේ ඉප්පෝට් මීට් එකක් නිසා කට්ට කාල දා ගත්ත කෙල්ල මාව දාලා ගියෝය. ඇය එසේ ගියේ මගෙන් ලියුමක් වත් නැති නිසා බව මම හොදාකාරව දන්නීය. වෙනදාට ගනන් පීලියඩ් එකේ මම ලියන්නේම ලියුම්ය. ටීචර් හිතන්නේ මම සූ ගාලා ගණන් හදනවා කියාය. ටියුෂන් ක්ලාස් එකේ යන්නේ 10 වෙනි පාඩමය. ටීචර් කරන්නේ 7වෙනි පාඩමය. ඒ නිසා මම කලින්ම ගෙදරදී ගණන් අබ්‍යාස ටික කොපි + පේස්ට් කරනවාය. ටීචර් හිතන්නේ මම වැඩ්ඩා කියාය. ගිය අවුරුද්දේ ඔය සීන් එකම කරන්න ගිහින් දවසක් අනා ගත්තේ ටීචර් පාඩම් කිහිපයක් පන්නා පොතේ මැද හරියෙන් පාඩමක් පටන් ගත්ත නිසාය. එදා නම් මම හොඳටම විනාස වූවාය. කෝම හරි දැන් වෙන එකක් සැට් කර ගත යුත්තේය. අම්මා කිව්වේ මේ වයසට කෙල්ලෙක් දා ගැනීම දැයේ අවස්ස තාවය කියලාය. පන්සලේ හාමුදුරුවෙත් කීවේ හැකි තරම් දරුවන් හදන්න කියලාය.

මගේ පණ්ඩිත කම් ගැන සමාජ අද්දියන ටීචර්ද කම්ප්ලේන් කලෝය. එයා කිව්වේ මම පැහිලා වැඩියි කියාය. මම හවසට සමාජ අද්දියනය කරන්නේ අපේ ගෙදර තාප්පෙට නැගලාය. ඔපිසි ඇරිලා එන අක්කලා දුරතියා වාහන නවත්තගෙන ඩ්‍රැයිවර් අයියලා එක්ක කරන ඒවා හොදට පේන්නේ එතැනටය. එයාලා අන්තිමට බස් එකේ ආවා වගේ තැලිච්ච පොඩි වෙච්ච ඇදුම් එක්ක ගෙදර එන්නෝය. රජයේ සේවක අංකල්ලාය සොට් එකක් ගසාගෙන වැනිවැනි එන හැටි සමාජ අද්දියනට අඩංගු නොවන්නේ මන්දැයි මට හිතෙන්නේ ඒවා දැක්කාමය. ඒවා තිබ්බා නම් මට හැමදාම පන්තියේ පලවෙනියා විය හැකිය. සමාජද්දියන ටීචර් මාත් එක තරහා වුනේ මේ ලගදී දීපු උත්තරයක් නිසාය. ටීචර් ඔච්චර මට මෝඩයා කියලා බනිනවා නම් අහවල් එකට මාව නැගිට්ටවලාම ප්‍රශ්න අහන්නේ ඇයි දැයි විටක මම මගෙන්ම ප්‍රස්න කරන්නීය.

ටීචර්ගේ ඊයේ මාත්තුකාව අපේ රටට නිදහස ලැබුන හැටි ගැනය. එයාට ඒක මතක් වෙන්නේ පෙබරවාරි මාසේ විතරය. එයා කෙලින්ම මට ඇගිල්ල දික් කර ඇසුවේ ඒ කවදදා කියාය. මේ මාසෙට විතරක් නිදහස මතක් වෙනවා නම්, 4වෙනිදා අපිට ඉස්කෝලෙ නිවාඩු නම් අනිවාර්යෙන් ඒ දවස මට කිව හැකිය. ටීචර්ට ඒ තරම් මොලයක් නැත්තෝය. මම පැනපු හැටියේ කිව්වේ පෙබරවාරි 4 කියාය. ටීචර් කොරවූවෝය. ඉන්පසු ටීචර් මට ගේම දෙන්නට සිතා ඇසුවේ අපට දෙවෙනි නිදහස ලැබුනේ කවදද කියලාය. මම සූර් වූවාය. අන්ද කයිප්පු කෑවා සේ මා උඩ බිම බැලුවාය. මොන යම් හෝ උත්තරයක් දීමට මා නොපැකිලීව කීවේ දෙසැම්බර් හත් වෙනිදා කියාය. ටීචර් කේන්ති ගොස් තවත් ප්‍රස්න ඇසුවෝය. හේතුව ඇසුවෝය. මම කිව්වේ නම් අපේ අක්කා බැන්ද දවස ගැනය. එදා අපේ ගෙදර කස්ටිය ඇඬුවාට අයියාට සහ ගෙදර අයට එදා සිට මහත් නිදහසක් ලැබුනු බව මම ටීචර්ව දැනුවත් කලෙමු. ඔන්ද ස්පොට් මට බැස්ටිය දෙන්නට බලා සිටි ටීචර්ට ඒ පිළිතුර දිව මතුරක් වූවෝය. හෙටම ගෙදරින් එක්කන් එක ලෙස ඈ මට බලපෑම් කළෝය.

මේ දවස් වල කුලියට දෙමව්පියන් එක්කන් ඒම ගේමක් නැතිය. මම එදා හවස කෙලින්ම ගියේ අපේ පැත්තේ ඡන්දෙ ඉල්ලන මාමා ලගටය. මාමා කිව්වාට පොර අයියා කෙනෙක් වගේය. ඒ කාලේ ඉස්කෝලෙන් පැනලා රෙකෝඩ් තියපු ඩයල් එකක්ය පොර මේ දවස් වල අපේ තාප්පයේද සිනා මුසු මූනෙන් සිටින්නාය. හවස තාප්පේ උඩ සිටින මම ඒ අයියාව රකින්නේ වෙන එවුන්ට පෝස්ටර් ගසන්නට නොදී බව අයියා දන්නේය. අයියා මට මුලින්ම බැන්නේ ඇයි යකෝ තොට ඔච්චර තේරෙන්නෙ නැද්ද අපේ අතිගරු ආශ්චර්යතුමානේ අපිට දෙවෙනි නිදහස අරන් දුන්නේ කියාය. ඒ අයියා මේ පාර එතුමාගේ පැත්තේය. මම අයියා කුලියට එක්කන් යාම පැත්තකින් තියලා තවත් ප්‍රස්න ඇසුවේ අයියා ගැන දන්නවා වුනාට අයියාගේ ලොක්කා ගැන නොදන්නා නිසාය.

“ඇත්තටම ඉතිං අයියේ ලොකු මාමද අපිට දෙවෙනි නිදහස දුන්නේ..“

“නැතුව යකෝ.. බලපං ඉස්සර කොච්චර බෝම්බ පිපිරුනාද? දැන් එහෙම තියෙනවද??“

“ඇත්ත තමයි අයියේ.. ඉතිං එයා කොටි එක්ක යුද්දෙට ගිහින් මරා ගත්තාද??“

“බොට පිස්සුද.. එතුමා ලේ බින්දුවක් වත් හලන්නෙ නැතුව වීරයෙක් වගේ අපිව බේර ගත්තා.. නිවැරදි නායකත්වයක් දුන්නා..“

“අම්මද බොල මට දැනුයි තේරෙන්නෙ ටීචර්ට කේන්ති යන එක සාධාරණයි කියල..“

“ඇයි යකෝ තෝ දන්නෙ නැද්ද ටීචර් වැඩ කරන්නෙත් මේ පාර ඒ පැත්තට..“

“ඇහ්.. කවුද අය්යා ඕව දන්නේ..“

“ඇයි යකෝ ටීචර් ඉස්කෝලෙට ලමයි දාන්න ගිහින් මාට්ටු වෙලා ලොකප් කරන්න හැදුවේ.. “

“ඉතිං ටීචර්ට නිදහස අරන් දුන්නෙත් ලොකු මාමද??“

“නැතුව බොලව්.. ඔය වටේ ඉන්න හැත්ත බුරුත්ත හැම එකාම අද නිදහසේ ඉන්නේ ඒ උත්තමය නිසා..“

“ඒත් අයියෙ මට ඒ නිදහස එච්චර ෆීල් වෙන්නෙ නැහැනෙ.. “

“ඇයි තෝ ඒම කියන්නෙ..“

“ඔය කියන කොටි නායකයා ඉන්න කාලෙත් අපෙ රටේ මැතිවරණ තිබ්බ නේද?“

“නැතුව.. උතුරෙ ඇරෙන්න තිබ්බ...“

“ඉතිං අයියෙ බලන්න දැන් ඒමද? රට පුරා මාසෙන් මාසෙට මැතිවරණ.. ඉතිං කෝ ඒ කාලෙ තිබ්බ නිදහස?“

“මේ උබ ටීචර් එක්ක දාන ජෝගි මට දාන්න එන්න එපා.. මම වැඩේ ෂේප් කරල දෙන්න එපාද උබ කියන්නෙ..“

“සොරි අයියෙ... මට පුරුද්දට වගේ අතුරු ප්‍රශ්න ඇහුනෙ..“

“ඒ මුකත් එපා සරලව හිතපං..“

“මම පොඩි එකානෙ අයියෙ සරලව තමයි හිතන්නේ..“

“බලපං.. එදා අවි අරන් හිටපු නොමැරිච්ච කොටි නායකයෝ අද කෝ...“

“අඩේ ඇත්තමයි අයියෙ.. ඒක තමා නියම නිදහස...“

“අන්න උබට දැන් තේරෙනවා.. බලපං උන් කොච්චර නිදහසේ ඉන්නවද??“

“මට මාර ආඩම්බරයි අයියේ.. උබ නියම ගුරුවරයෙක්.. අනික ලොක්ක.. අදහන්න වටින මිනිහෙක්.. අපි මේ නිදහස විඳින්නෙ එතුමා නිසා...“

“අන්න මල්ලිට සරලව හිතනකොට පැහැදිලි වෙනවා අපූරුවට..“

“එතකොට අයියෙ කුක්කු...“

“කුක්කු?????????? කුක්කු බීපං තොපෙ ටීචර්ගෙන්...“

Written_by_sAm_ශ්‍රී_Perera_11:13am_02/02/14

49 comments:

  1. අඩෝ නොමිලේ යන්න අසයි වගේ හැක් ..එල හොදේ

    ReplyDelete
    Replies
    1. නොමිලේ කොයි යන්නද සහෝ ??

      Delete
    2. ඇයි බොලං දන්නේ නැද්ද .....................
      සුදු වෑන් බොල සුදු වෑන්
      සුදු වෑන් එකෙන් නොමිලේම යන්න පුලුවන් වෙයි ලගදිම

      Delete
  2. හෙහ්.. දෙවෙනි නිදහස... පුහ් :)

    ReplyDelete
    Replies
    1. මොකද බං පිබින්නේ.. ලොක්කව තරහ ගස්සන්න එපා..

      Delete
  3. බහු ජාතික සමාගම් වල කෲර නිශ්පාදන වලට වහල් උන ජාති ද්‍රෝහියෝ.. බීපිය රබර් කිරි.. නැත්නම් නැට්ටේ කිරි..

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක එල කිරි
      :ඩී

      Delete
    2. එල කිරි කිව්වේ.. දේශීය කිරිද?

      Delete
    3. එල කිරි කිව්වේ.. දේශීය කිරිද?

      Delete
    4. නැ නැ එල කැ#

      Delete
  4. අර මගේ අන්තිම පොස්ට් තුනම බලලා ලැහැස් තිපිට හිටපන් සුදුවෑ න් එද්දී මෙහෙටවත් පනින්න

    ReplyDelete
    Replies
    1. එද්දි උබව කන්ටැක්ට් කරන්නම් මචං..

      Delete
  5. ඒ උත්තමයා තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න ඕනේ.
    කුක්කු වැඩි කලේ දේශීය කිරිගොවියා නගාහිටවන්න.පොඩි සෑමා ලොකු උනාම ඕවා තේරෙවි

    ReplyDelete
    Replies
    1. තාම පොඩි එකා නේ.. පිටරට කිරි මයි හොයන්නෙ..

      මඩයා කාලෙකින් ඇවිත් :))

      Delete
    2. පොඩි එකත් හොයන්නෙම රට එව්වා නෙ.

      ඔව් අප්පා සෑහෙන කාලෙකින් නිදහසක් හම්බ උනේ:)

      Delete
  6. //කෙල්ල මාව දාලා ගියෝය// //මම මගෙන්ම ප්‍රස්න කරන්නීය// //ඈ මට බලපෑම් කළෝය.//
    පොඩි සැමාගේ සිංහල වල් වැදිලාය.

    ඡන්දෙ කිට්ටු වුනාම සමහර විට කුක්කු මිල පහළ වැටෙයි.
    මෙන්න දුලා'ස් ස්පෙෂල්

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමා අස්කර විනයාසය නොදන්නීය..

      Delete
    2. දුලාත් සෑහෙන්න ව්‍යාකරණ දන්නවා වගේ..!

      Delete
    3. දුලා පුල් සීරියල් :D

      Delete
  7. අපටත් ටීච කුක්කු ඕනෑ..............

    ReplyDelete
  8. ඇත්තටම ඕයි .ලොක්ක නිසා කීදෙනෙක් නම් නිදහසේ ඉන්නවද නේද?

    ReplyDelete
  9. උබට කුක්කු ප්‍රශ්නෙ තදින්ම දැනෙනවා නේද බන්? මොකෝ බැන්දට පස්සෙ වාසියක් නැතෙයි :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං උබටත් ඔනැද
      කුක්කු වරෙන් වරෙන් අරන් දෙන්නං

      Delete
  10. අනේ මටාත්... කුක්කු ඕනේ....

    ReplyDelete
  11. පොඩි සැමා වැරදුනා පොඩි සෑමා කීවම එකපාරට මං කල්පනාකලේ මෙයා බැදලා තාම මාසයක්වත් නැහනේ කියලා හිහි .. ඔයා දැන් අපුරුවට ලියනවා අයියේ

    ReplyDelete
  12. තාම පොඩි එකා නේ.. පිටරට කිරි මයි හොයන්නෙ..

    ReplyDelete
  13. //නැතුව බොලව්.. ඔය වටේ ඉන්න හැත්ත බුරුත්ත හැම එකාම අද නිදහසේ ඉන්නේ ඒ උත්තමය නිසා..//
    ඒක නම් සහතික ඇත්ත....., මේ ලගදි කැලණිය පැත්තේ උන වැඩේන්ම හොදට තේරුම් යනවා..
    මොනවා කරන්නද බන් වෙලාවකට මටම තරහයි...

    ReplyDelete
  14. සැමාගේ ලියවිල්ල පංකාදුයි!!
    ඒත් අපේ චාර්ලස් කුමාරයා වගේ පිටරට කල් ඉකුත් වුන කිරි බීලා ලෙඩ එහෙම හදා ගන්නවා නෙමෙයි ඕං. බෙහෙත් හොයනවා බොරැ.

    ReplyDelete
  15. උබ ඔය කිවුවට ටිචර්ගෙන් ඔව බොන්න යනව නෙමෙයි පොඩි එකො.මෙ එක නෙමෙයි මෙන්නෙ මේටික අයියට කියපන්
    // පන්සලේ හාමුදුරුවෙත් කීවේ හැකි තරම් දරුවන් හදන්න කියලාය.//

    ReplyDelete
  16. අඩේ රෑට සුදුවෑන් එහෙම පෙනුනේ නැද්ද සෑම් අයියේ?

    ReplyDelete
  17. ලොක්කටම හරියන ගෝලයෙක්....ඔහොම යන් ...ෆෝම යන්.....

    ReplyDelete
  18. හැක්...හැකක්...ලියපන් ලියපන් ඔහොම හරී කියවන්නම් අපි...
    බලපන් බන් චන්ද කටේ තියන් බඩු මිල නග්ගන හැටි...
    කොච්චර බුදු ෂුවර්ද ලොක්කට Win කිරිල්ල.

    ReplyDelete
  19. ඇත්ත ඇත්ත මොනා වුනත් අපි දැන් නිදහසේ ඉන්නවනේ.. කුක්කු නැතත් නිදහසේ ඉන්න එකම මදිද බං..

    ReplyDelete
  20. ඇත්තටම උඹ අන්තිම ප්‍රශ්නේ ඇහුවේ නිදි මතෙන්ද ?

    ReplyDelete
  21. ඔච්චර හොද ප්‍රශ්න අහල අහල අන්තිමට අහපු එකේ කැත සෑමෝ.

    ReplyDelete
  22. ආන්න... උඹලා හිතන්නේ නිදහස කියන්නේ කුක්කු බීමේ නිදහස කියලා... සරලව ඉතපිය..

    ReplyDelete
  23. එල කතාවක් සැම් ... මම ටිකක් මේ කලාවට අලුත් .... එත් හොද කතාවක්

    ඇවිත් යන්න එන්න අපේ පැත්තෙත්

    ReplyDelete
  24. ආයෙ මුල ඉදලා වර....ගමේ අයියාගෙන් අහපිය...ටීචර් ඇර කුක්කු බොන්න වෙන කෙනෙක් ගමේ නැද්ද කියලා...

    ReplyDelete
  25. දෙවැනි නිදහස ලැබුනු දිනය සහ අක්කා විවාහවු දිනය......
    මැරෙන්න හිනා ඕයි..

    පයිප්පේ එලියට ගත්ත ගමන් දියර කිරි එනවාලු වංශවීරගේ ගෙදර. ගෑනිට එපා වෙලා කියන්නේ.

    ReplyDelete
  26. එතකොට අයියේ කුක්කු?

    ReplyDelete
  27. //“කුක්කු?????????? කුක්කු බීපං තොපෙ ටීචර්ගෙන්...“// අන්න බලන්න දූරදර්ශී සිතුවිලි. දේශීය දේ කෙරෙහි මිනිස්සු යොමු කරන්නෙ අන්න එහෙමයි.
    නැවුම්ව අසුරා ඇත.. :)

    ReplyDelete
  28. ටීචර්ගෙ ඒව වස විස නැති අපේම කිරි හින්ද වෙන්ටැ එහෙම කියන්න ඇත්තෙ.

    ReplyDelete
  29. නිදහස.... ? එහෙම එකක් තියෙනවද...? අනේ මං දන්නෙ නෑ... මොන වගේද ඒක...?

    ReplyDelete
  30. නිදහස කොහෙද බං තියෙන්නේ

    ReplyDelete
  31. කමෙන්ට් රිප්ලයි කිරීමේ දෝෂය තවමත් එලෙසම පවතී >.<

    ReplyDelete
  32. නිදහස එහෙම එකක් තියෙනවද ලන්කාවේ දැන්?
    http://flixmovie.club/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...