Friday, May 3, 2013

මාළු වැස්ස ඇස් දෙකෙන් දුටිමි... - Flying Fishes !!


අද ලියන්නට සිටියේ ආච්චී ගම කයි කියා ආතල් ස්ටෝරියක්ය. ඒ අස්සේ අපෙ ආච්චී මාළු වැස්ස අනාවරණය කළ නිසා ඒ පෝස්ටුව පසුවට දමන්නේය. අදට මෙය බලා සැනසෙන්න. වීඩියෝවක්ද සහිතය. Flying Fishes කිව්වාට මුන් පියා මැස්සෝ නෙවේය. අහසින් වැටුණු කාවයියෝය.



ඊයේ නිවුස් වලට ඉබ්බෝ වැස්සක් ගැන කියවුනේය. ඒ අතර රතු වැසි, කහ වැසි, මාළු වැසි අපට නිවුස් වලින් නම් අරුමයක් නොවුනේය. ඒත් අද දවසේ මාළු වැස්සක් ඇස් දෙකෙන් දකින්නට තරම් සෑමා වාසනාවන්ත වූයේය. 

“අන්න මාළු යනවා...“ කඩේ සිටි ආච්චී කෑ ගැසුවාය.

“ඉන්න කියන්න.. ඊයෙත් ගන්න බැරි වුණා...“

අම්මා කෑගසමින් මිදුලට දිව ගියාය. ඊට පස්සේ අම්මා සෑමාට කෑ ගැසුවාය.

“චූටී... මෙන්න මාළු මිදුලේ...“

උඩින් පැන පහලට ගියේ කෙසේදැයි නොදත් සෑමා වට පිට බැලුවේය. මගෙ අප්පේ මිදුල පුරා මාළුය. ඇගේ කටු තිබෙන නිසා උන් කාවයියෝ බව ආච්චී කීවාය. යකෝ ආච්චි එතකොට මාළු යනෝ කියල කෑ ගැහුවේ මාළු කාරයාට නෙවේය. අහසින් වැටුන මාළුවෙක් ගැනය.

පාරේ යන උන්ද, වටවී මාළු අහුලන්නට පටන් ගත්තෝය. කැළණිය හන්දියටත් මේ මාළු වැස්ස මෙලෙසම වැටී ඇති බව එකෙක් කීවේය. පොඩි උන් ෂොපින් බෑග් අරගෙන වැස්සේ තෙමි තෙමී මාළු අල්ලන්ට වූවෝය. දැල් නොදමා, බිලී කොකු නොදමා මාළු ඇල්ලීමට ලැබීම භාග්‍යයක්ය.

එහාට මෙහාට පැන මාළු දහයක් පමණ අල්ලා ගැනීමට සෑමාට හැකි වුයේය. ඒ අස්සේ පොඩි එකෙක් දුවගෙන ආවේ මාළු සීසන් එක අහවර වූ විටය. කොල්ලාගේ අතේ ෂොපිං බෑග් එකක්ද, හිසේ කැප් එකක්ද තිබුනේය. පොර පෙර සූදානමින් වැඩේට බැස්සද මාළු අවාරයේ වැඩේට බැස තිබුනේය. ෂොපිං බෑග් එකට වතුර ගෙදරින්ම පුරවාගෙන ඇවිත් තිබුණේය. පොඩි එකා පව්ය. 

“පොඩ්ඩක් හිටපං මල්ලි මම හොයල දෙන්නම් මාලුවෙක්..“ කියමින් සෑමා වට පිට බලද්දි වහලෙන් වැටී සටස් ගා පොලොවට වැටුනේ තඩි මාළුවෙක්ය. කොල්ලා සතුටින් දිව එද්දී බෑග් එක අතෑරී වතුර විසික් වුයේය. කොල්ලා මාළු අල්ලා ගැනීමට තරම් පව් කරපු එකෙක් නොවන්නේය. ඒත් බෑග් එකට වතුර පුරවා සිත් තොසින් මාළුවෙක් දමාගෙන ගෙදර ගියේය. දැන් නම් වට පිට බලන්නට වත් හොද නැතිය. මාලුවෙක් දැක්කොත් ඌව අල්ලාගෙන පොකුණට ඔබා ගන්නට හිතෙන්නේය. වෙන වැඩක් නැත්තං හොදය.

ඒ අතර කුලේ අංකල් සීන් එකට බැස්සේය. බියර් ගසා කික් එකේ සිටින බුවා දෙබස ආරම්භ කලේය.

“මුන් මරු කිලෝ එකක් විතර සෙට් වුණා නම්..“

“තමුසෙට මුං හරියන්නෙ නැහැ.. මැරිච්ච කුකුල්ලු තමා දෙන්න ඕනා..“ ඒක පරණ සීන් එකක්ය. දිනක් කුලේ අංකල් මැරිච්ච කුකුලෙක් කනත්තේ සිට උයා පිහා බයිට් එකට ගත් කතාවක්ය.

“අනෙ යනව ඕයි යන්න... “ කුලේ අංකල් රිප්ලයි කලේ කුනු හබ්බ දෙකක් සමගය.

“ඒක නෙවෙ අන්න මාලු සීයක් දෙසීයක් අල්ලලු..“ ඒ කීවේ අපේ බුද්ධික අයියාය.

“පුහ්... සීයක් බම්බුව තමා... කෙහෙද අයිසේ සීයක් වැටෙන්නෙ..“

“නැත්තෙ කොහෙද,, අර කැළණි ගගේ ඉදල අල්ලල තියෙන්නේ..“ මූ කුලේව බයිටට අරන් දැල් දමා මාළු අල්ලන උන් ගැන කියන්නේය.

“මෙයා මේ ප&යක් කතා කරනවා.. එහෙ කොහෙද ඕයි එච්චර මාලු වැටෙන්නෙ...“

කුලේට කතාව ක්ලික් නැතිය. අනික එච්චර හිතන්න තරම් සිහියක් නැතිය. පොර බයිට් වෙන්නට පෙර මාරු වුණේය. අහසින් මාළු වැටීම සහ ඇල්ලීම සනාථ කරන වීඩියෝව පහලින් බලන්න...




Written by sAm_2:46pm_05.03.2013

71 comments:

  1. කියන්න බෑ බොල මේකත් ඈස්චර්යෙද ආශ්චර්යෙද මොකක්ද එකේ නූල් සූත්තරයක්ද දන්නේ නෑ. කාවයියෝ උනහම මොකද අද මාලුවල ගනන් වල හැටියට.

    ReplyDelete
    Replies
    1. assචර්යෙ තමා බං.. :)

      කාවයියො කන්නෙ නැහැ නේද බං? කනවන නම් අන්න දහයක් විතර ඉන්නවා පොකුනෙ‍ෙ

      Delete
  2. වීඩියෝවත් බොගේ වැඩක් වෙන්නැති නේද..

    ReplyDelete
    Replies
    1. මම තමයි බං ගත්තෙ.. ඔන්න බොරුවට මාළු බිම දාල ගත්ත එකක් නෙවෙ හරිය?

      Delete
  3. මමත් දෙපාරක් දැකලා තියෙනවා මාළු වැස්ස, අපේ පැත්තෙ වැටෙන්නෙ මගුරො.3-4 ඩී පී ඒ නිසා මගුරො වඳ වුනාට පස්සෙ දැන මාළු වැසි නෑ....

    ReplyDelete
    Replies
    1. අඩේ සුමියා මගුරො තඩි සයිස් නේද බං?

      ඔලුවට එහෙම වැටුනොත් සද මෝල් නේ බං !

      Delete
    2. සෑහෙන පන හයිය මාලුවෙක් මගුර..ගොඩ සෑහෙන දුරක් පැන පැන යතෑකි..!

      Delete
    3. මගුර දැකල නම් නැහැ බං. අර සිංදුවෙන් අහල තිබ්බට..

      කාවයියා/ලූලා/ආදා වගේ නම් දන්නව :)

      Delete


  4. උඩ ඉන්න දෙවියෝ මෙහෙම වත් අපේ දුක බලනවා එහෙනං ඈ ...?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මට හිනා යනව බං.. !!

      Delete
  5. අම්බෝ...සෑමගෙ වාර්තාකරණය තමා සුපිරි... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙ බං ගත්තෙ.. සූජානම් වෙන්න වෙලාවක් තිබ්බෙ නැහැ..

      ජය !

      Delete
  6. යකෝ මේ මාළුන්ට කකුලුත් තියෙනවද කොහෙද අර දුවන විදියට.
    බොට හොඳටම ශුවර්ද සෑමො අර ආච්චි මෙනෙවියක් කියල. :D

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. උන් මඩ වතුරට වැටුනම ඒකෙනුත් ගොඩට දුවනවා.. මෝල්ද කොහෙද.

      ඒ අපෙ ආච්චි බං. වසර 94ක මෙනෙවියක් :)

      Delete
  7. ලග ඇලකට/ගගකට/වැවකට ටොනාඩෝ ද මොකක්ද එකක් වැටෙන්න ඇති :D

    මොකේද රිපෝටර් වැඩ කරන්නේ ? ;)

    ReplyDelete
    Replies
    1. සෑම් කිරියේෂන් එකේ කොල්ලා බං රිපෝටර් ;0)

      ජය වේවා !

      Delete
  8. Replies
    1. හෙට මාලු ලෑල්ලක් දානවා !

      Delete
  9. මෙවැනි පුවත් වාර්තාකරණයේදී බෙරිහන්දීම අතිසය වැදගත්ය. ඇඟ කිලිපොලායන ලෙස එය සිදුකර තිබීම අතිසය jujubසා ජනකය!

    ReplyDelete
    Replies
    1. හුකෑස්... ෆල යන්න..

      මම හරි බීතියෙන් හිටියෙ බං ඒකයි !

      Delete
  10. යකෝ අපිව යට වෙලා වර වර ගංවතුර ආධාර අරගන

    ReplyDelete
    Replies
    1. ඇහ්? මේ ටිකට?

      අපෙ ජාඇල කොල්ලෙකුත් කිව්වා ඌව යට වෙලාලු ඇත්තද බං?

      Delete
  11. "පඩයක්" යන වචනය "ප&යක්" ලෙස වැරදියට ටයිප් කොටා ඇත.
    එය නිවැරදි කරන්න..
    ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. මාළු ටික අටමට යවපන් වේලක් වත් පිරිමහ ගනීවී නොවැ

      Delete
    2. @ මාතලන්

      මම හිතන්නේ ඔබතුමාටත් පුංචි වැරදීමක්වී හැඩයි. එතන ලියා තිබෙන්නේ ප-යක් කියලා. ප්‍රසිද්ධියේ ඒක කියන්න බැරි නිසයි ප&යක් කියලා ලියලා තියෙන්නේ.

      Delete
    3. මාතලන් මොන ප*යක් කතා කරනවද මන්ද... :)

      අටමා ඒක වේල පිරිමහන්න ගන්නෙ නැහැ බං. බයිට් එකට ගනී..

      @සරා- මාතලන් බබා වෙන්න හදනව බං !

      Delete
  12. අම්මවයි ආච්චිවයි දෙන්නවම දැක්කා.අම්මා සෑමාට ආදරේට චූටි කියලා කතා කරන්නේ කියලත් දැන ගත්තා.සෑමා ඉන්නේ කැලනියෙ කියලත් දැන් දන්නවා.තව මොනාද???? ආහ් සෑමාගෙ කටහටට කනට මී පැනි දැම්ම වගේ.

    ReplyDelete
    Replies
    1. සෑමා කැමතිම කැම ජාතියත් හදලා එවන්ටෝ !

      Delete
    2. මෙහෙ එනවනම් හැමදාම හදලා දෙන්නම්

      Delete
  13. අනේ දෙය්යනේ චොකල් වැටියන් හෙට අනිද්දට.. ^_^

    ReplyDelete
    Replies
    1. යකෝ පායන කාලෙක වැටෙන්න කියපිය. නැත්තං දිය වෙනවා.. :පී

      Delete
    2. අයිස් එක්කම වැටෙන්න කියාපිය..

      Delete
    3. අනේ කොයි කාලෙක හරි කමන් වෑ වැටියන්.. ^_^

      Delete
    4. හයියෝ.. කූඹිම කාපිය.

      Delete
  14. ඔහ්හ් මාළු නේන්නම් .... මාළු වාර්තාකරණය ... :)

    ReplyDelete
  15. වීඩියෝ බලන්න ඩේටා නැහැල්ලුනේ! මුන්ට පණ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නැතුව. ටැංකියට මාලු ඕන නම් මේ පැත්තෙ වරෙන්.

      Delete
  16. කාවයියෙක්ද බං......!
    කොහේද බං .....!දැන්..අහසට යන්න වත්..කොහේ ඉන්නවද..?
    දකින්නත් නෑ.!

    ReplyDelete
    Replies
    1. ඔව් බං කාවයියෙක්... 8ක් විතර බා ගත්තා..

      වෙල් වල තාම ඉන්නවා මේ පැත්තෙ නම්.

      Delete
  17. කොහේ හරි වෙල් යායක තාම කට්ටිය ඉන්නවා ඒ කියන්නේ නොනැසී. කාවයියගෙන් අහලා බලන්න තිබ්බේ උඩින් යත්දී මොන වගේද දැනුනේ කියලා.

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද බං මුං කෝම නොමැරි බේරුනාද කියල ?

      Delete
  18. අපිට නම් පෙනුනේ එක මාලුවයි. මෙහෙම දඟල, දඟලා ගියා ....:D

    ReplyDelete
    Replies
    1. කැමරා කණ්ඩායමක් හිටියෙ නැහැනෙ බොල. මම විතරයි එකම කැමරා කරු සහ නිවේදක.. :)

      Delete
  19. අඩේ අර මාළුවාගේ සංක්‍රමණ විලාසය අතිශය චමත්කාර ජනකයි නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව් බං මඩ වලට වැටෙන එකාත් මඩ වලෙන් ගොඩට ඇවිදිනවා... පිස්සු වගේ..

      Delete
  20. අඩේ තවත් ප්‍රාතිහාර්යයක් නේද?

    (මම අර මාතලංගෙ පෝස්ට් එකේ උඹ ලියපු සඳසිරි බස් එක ගැන උත්තරයක් දුන්නා සෑමෝ :))

    ReplyDelete
    Replies
    1. අහ් මම බැලුවා හෙන්රියා.. බලපං රිප්ලයි :)

      මෙහෙ මැජික් විතරයි බං දැන් තියෙන්නේ..

      Delete
    2. කෝ බං උඹේ බ්ලොගේ බැනර් එක දැන්? ඔල්ලොම ගලවලා දාලා තියෙන්නේ මොකෝ?

      Delete
  21. අද දවල් කෙල්ලෙක්වත් කාර් එකේ දාගෙන සෑම් කොහෙද ගියේ?අපි දැක්කා.

    ReplyDelete
    Replies
    1. අපි මගුලෙ ගියා ! :)

      Delete
    2. ගිය විදිහෙන්ම ඒක පෙනුනා.

      Delete
    3. අනුන්ගේ ඒවා බලන්නේ මොකෝ.. එත් ඇයි ප්‍රසිද්ද කලේ.

      Delete
    4. දැක්කම ඉරිසියා හිතුනා

      Delete
  22. හෙට අනිද්දට කුඩු වැස්සකුත් වහී ද දන්නේ නැහැ. පැදුරක්වත් එලලා තියමු නේද?

    ReplyDelete
    Replies
    1. කුඩු වැස්ස පටන් ගනී තමා ධාරා..

      :)

      Delete
  23. ඇයි ඔය එක වැස්සක්වත් අපි ඉන්න පැත්තට වැටෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. අවාසනාව මිස අන් කවරක්ද බං ??
      ලංකද්වීපයේනේ ඉන්න තිබ්බේ !

      Delete
  24. සල්ලි වැස්සක් එහෙම වැටුනොත් කියපන් හොඳේ :)

    උඹලයි ආච්චි මෙනවියක් උනේ කොහොමෙයි ? :P හැරමිටි පාරක් දුන්න නම් මාළු පෙනෙයි

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං එහෙම වුනොත් මම නෙවෙ කටක් අරින්නෙ.

      එයා මෙනවිය වුනේ සීය නැතිවෙලා ගොඩක් කල් ගියාට පස්සෙ :))

      Delete
  25. අනේ අප වගේ වාසනාවන්ත ජාතියක්! සාදු!

    ReplyDelete
    Replies
    1. සාදු නෙවෙ බං.. සුභ අනාගතයක් !

      Delete
  26. මාලෝ මාලෝ මාලෝ.... මං හිතන්නේ බං අහසේ මාළු ලැල්ලක් දාල ඇති කවුරු හරි. නිකං "අභ්‍යවකාශ මාළු මධස්ථානය" වගේ එකක්. ඒක සුද්ද කරද්දී වෙන්න ඕන ඔය මාළු වැටෙන්නේ... හා එහෙම වෙන්ට බැරි ද ..?? :D

    ReplyDelete
    Replies
    1. පෑලියගොඩ මධ්‍යස්ථානෙ දිව්‍ය ලෝකෙට ගෙනියන්න උනත් පුලුවන් චන්දන මහත්තයෝ...

      ඒකයි රජ්ජුරුවන්ගෙ හැකියාව..

      Delete
  27. ඇයි බං සල්ලි වැහි ඇරෙන්න අනික් ඔක්කොම වැහි වහින්නේ.. එහෙම උනානම් ඒක වාර්ථා කරන්න එකෙක්වත් නෑ.. හා නැද්ද මං අහන්නේ? ;)

    ReplyDelete
    Replies
    1. සල්ලි වැටුනොත් අපි ලියයිද බ්ලොග් පෝස්ට්??

      Delete
  28. අප්පා... අපි දැකල නෑනේ ඔය වගේ වැහි.......
    බොලාගේ වාර්තාකරණය එල ඈ..... :)

    ReplyDelete
  29. කුඩු වැස්කුත් වැස්සා, ටික දවසකට කලින් කොළොන්නාව පැත්තට දෙයියෙක් වැඩ්ඩනෙ.

    ReplyDelete
  30. අර පොඩි කොලුවාට මාලුවෙක් අල්ලා සිත් තොසින් පිටත් කල පිනෙන්ම බොගෙ අනාගතය සුභ වේවි කබුනායක සෑමො... පවු බන් කුලයා...ඌ හැමදාම බයිට් වෙන්නෙ පෙර ආත්මෙ කවර පවක් කරලා කියලද බොට හිතෙන්නෙ ?

    ReplyDelete
  31. එහෙම වැස්සක් දකින්න ඇත්නම් කියල හිතුන

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...