බල්ලා නම් හිත හොද සතෙක්ය. ඒත් මිනිසුන්ට බල්ලා කියා බැනීමෙන් ඒ සතාගේ කොලිටියද බහින්නේය. සෑමා බල්ලන් ගැන කතා කිහිපයක් ලිව්වේය. පස්සෙන් කඩාගෙන පැනගෙන එන අහිංසක බල්ලෙක්ට ලියූ කතාවක් සෑමා බල්ලෙක්ට ලියමි ලෙස නම් කළේය. ලෝකෙට පේන්න ලොකු ගණන් වලට බල්ලො හදන වෙලා, කළගුණ දන්න වල් බල්ලෙක් හදන්න, ආදරෙන්. උන් ලොකු ජාතියෙ එවුන්ට වඩා ලස්සනයි හොදට කන්න දුන්නම. ආදරෙන් බලා ගත්තම.“ කියා එම ලිපිය සෑමා අහවර කළේය.
![]() |
අසරණ වූ අල්ලපු ගෙදර බල්ලා.. |
මේ කියන්නට යන්නේ අල්ලපු ගෙදර බල්ලා ගැනය. ඌද අනිත් උන් මෙන් කකුල් හතරක එකෙක්ය. වෙනදාට තාප්පයට උඩින්, අල්ලපු ගෙදර වහලය මත සිට අපේ පැත්ත බලන්නේය. ඒ බැලුවේ මහ උජාරු ලීලාවෙන්ය. ඒ ගෙදර උන් කන්නට දෙන්නට සිටි නිසාය. එසේම ගෙදර අයිතිකාරයාද මහ උජාරු කාරයාය. ඒ කාලේ වලව්ව කියා හදුන්වා ඇත්තේ මේ ගෙදරටමය. එහෙත් දැන් වලව්ව ඔහුගේ නෙමේය. අයියාගේ නමට තිබු වලව්වා දැන් විකුණා හමාරය. වලව්ව අයියා විකුණූ නිසා වලව්වේ පදිංචිව සිටි අංකල්ට, ඇන්ටීට, දුවට සහ පුතාට ඉන් ඉවත් වන්නට සිද්ධ වන්නේය. ඒත් ඔවුන් පිටත් නොවූ නිසා දැන් නඩුය. ඒවා ගෙදර බල්ලා දන්නේ නැතිය. ඌ වෙනදා මෙන් ආදරය, අනුකම්පාව ඉල්ලා සිටින්නේය. එහෙත් නිවසේ ප්‍රශ්න නිසා ඌට කෑමවත් හරියට ලැබෙන්නේ නැතිය.
දිනක් රාත්‍රියේ වලව්වට හොරු පනින්නේය. හොරු නිවසේ තිබු පිත්තල පහනක් තාප්පයෙන් පන්නන්නට හදද්දී වැඩේ ගැස්සී පැන යන්නෝය. අවාසනාවකට උන් පැන යන්නේ සෑමාගේ වත්ත පැත්තෙන්ය. ගෙදර එකා පොලිසි යන්නේය. උගේ දැනුමේ හැටියට, මොල ගෙඩියේ හැටියට ඇන්ට්‍රිය දමන්නේ සෑමා සැක සහිත බව කියමින්ය. පසුදා පොලිසිය සෑමාගේ නිවස ඉදිරිපිට වාහනය නවත්තන්නේය. “ආ ඉස්කෝලෙ මහත්තයා“ කියමින් සෑමාගේ තාත්තා හමුවී සිද්ධිය ගැන විමසා පිටත්ව යන්නෝය. ඉන්පසු දා සිට අංකල්ව මග තොටදී දකින හැම වතාවකම සෑමා සද්දෙට කතා කරන්නේය. මුවින් පිටවන්නේ “ඇලඩින්.. ඇලඩින්.. පහන දීපන්...“ කියාය. අංකල් බිම බලාගෙන ගියේ තමා කළ වරදට දඩුවම් විදින්නෙකු ලෙසය. අංකල් සෑමාට කළ දේ, බල්ලාට වැඩක් නැතිය. ඌ සොයන්නේ ආදරය, සෙනෙහස, සහ කන්නට බොන්නට දෙයක් පමණක්ය.
දිනක් වලව්වට කොල්ලෙක් තවත් සෙට් එකක් සමග තාප්පෙන් පනින්නෝය. ගෙදර බල්ලා සද්ද නැතිය. එයින් කියවුණේ බල්ලා ඒ සෙට් එකම හදුනන බවක්ය. ඒ නිසා බල්ලාට ඒවා වැඩක් නැතිය. ගෙදර කිසිවෙකු සිටියේද නැතිය. කොල්ලො සෙට් එක නිවසේ ගේට්ටු ඇරගෙන ඉන් එලියට ගත්තේ මස් කළ කාර් එකක්ය. කාර් එකේ අයිතිකරු යැයි කිව හැකි පුද්ගලයා සිටියේ මහා කෝපයකින්ය. අවසන පොලිසියද ආවේය. කාර් එක තවත් වාහනයක සහයෝගයෙන් ඇදගෙන ගියේය. ඔවුන් අප නිවසේ අයට කියා සිටියේ අංකල් වාහන මස් කිරීම, හොර චෙක් ගණුදෙනු කිරීම ආදි වංචනික ක්‍රියාවලට සම්බන්ධ බවක්ය. එහෙත් ගෙදර බල්ලාට ඒවා වැඩක් නැතිය. ඌට අවශ්‍ය කෑම බීමය. කන්න දෙන එකාට බල්ලා සලකන්නේය.
ගෙදර දරුමල්ලන් විවාපත් වන්නෝය. කොල්ලා නිවසින් වෙන නිවසකට යන්නේය. කෙල්ල විවාපත්ව නිවසින් පිටත් වන්නීය. අංකල් ඇන්ටී තනිව සිටියදී ඇන්ටීද දරුවෙකුගේ නිවසේ පදිංචියට යන්නේය. අංකල් බල්ලා සමග ගෙදර සිටින්නේය. අවසන අංකල්ව පොලිසිය කුදලගෙන යන්නේය. බල්ලා නිවසේ තනිවන්නේය. සතියක් දෙකක් යනතුරු අංකල් ගෙදර නොආවේය. ඒ අතර වලව්වට රෑ ජාමේ පනින උන් යකඩ උස්සාගෙන ගියෝය. රෑ ජාමේ බල්ලා උඩු බුරලන්නේය. ඌට හොරු ආවාට ගාණක් නැතිය. නමුත් බඩගින්න දැනෙන්නේය. වතුර තිබහ දැනෙන්නේය. එවිට ඌ උඩුබුරලන්නේය. වත්ත පුරා අඩි අටකට දහයකට වඩා උස තාප්පෙන් බල්ලාට පැනිය නොහැකිකේය. වහලයට නගින ඌ පාර දෙස බලමින්, සෑමාගේ වත්ත දෙස බලමින් කෑ ගසන්නේය. ඌට වුවමනාව බඩ කට පුරවා ගැනීමය. ආදරයක්, සෙනෙහසක් දෙන්නට නිවැසියෝ නිවසේ නැත්තෝය.
බල්ලාට කෑමට හැකි පරිදි උඩින් පාන් බනිස් විසික් කළ හැකි වුවද, බත් පාර්සල් විසික් කළ නොහැකිය. පුළු පුළුවන් දේ විසික් කොට බඩ කට පිරවිමට අප ගත් උත්සාහ අප්‍රමාණය. උදේ, දහවල් උඩට නගින් ඌ බඩකට පුරවාගෙන ගොස් නැවත බඩගිනි වූ විට පැමිණ උඩු බුරලන්නේය. බල්ලාට සෙනෙහස පාමින් තාප්පෙන් පැනීමට, ගේට්ටු ඇරීමට ගොස් අහක යන ආතල් කර පිට දමා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවුනෝය. සති කිහිපයකින් අංකල් නැවත පැමිණියේ තවත් නඩු කිහිපයකට පැටලීමෙන් පසුවය. දැන් බල්ලා සද්ද නැතිය. ඌට වුවමනා වුණේ බඩ කට පුරවා ගැනීමටය. දැන් ඌට කන්න ලැබෙන්නේය.
සෑමාගේ අම්මා සිහි කළේ අපේ පුංචී නොහොත් අම්මාගේ නංගී කළ ක්‍රියාවක්ය. අම්මලා ඒ කාලේ නිවෙස් මාරු කොට වෙන නිවසකට යන්නට බඩු අදිද්දී පුංචී කිසිම බඩුවක් මුට්ටුවක් රැගෙන යාමට උනන්දු නොවී ගෙදර සිටි බලල් තඩියා රැගෙන යාමට පමණක් උනන්දු වී ඇත්තේය. ඒ ගෙදර ඉන්න සතා තමන්ගේම පවුලේ සාමාජිකයෙක් ලෙස සලකන නිසාය. ට්‍රිප් එකක් වුව ගෙදරින් යද්දී, ගෙදර සිටින බලු තඩියා අල්ලපු නිවසට භාර දීම, හෝ ඥාතී නිවසක තැබීම ශිෂ්ඨ මනුෂ්‍ය ලක්ෂණ වන්නේය. එහෙත් එවන් ගති ගුණයක් හෝ නැති “අල්ලපු ගෙදර බල්ලා, බල්ලෝ..“ ගැන කියන්නට වචන නැත්තේමය.
Written by sAm_9:24pm_13/05/13
සිරා කතාව. බල්ලෙක් නෙමෙයි ළමයෙක් උනත් හදනවනම් ඒ විදියට හදන්න ඕන. මම කියන්නෙ ඒ.සී.කාමර වල දාගෙන හදන්න නෙමෙයි. ඒ උනාට උට සලකන්න බැරි නම් නොහද ඉන්න ඕන.
ReplyDeletegreat comment. (y)
Deleteතැන් තැන් වල දාල යන්න ලමයි/බල්ලො හදන් ඕන නැහැනෙ බං.
Deleteඇත්ත තමා...
අඩේ පව් බං ඒ බල්ලා.. අයිතිකාරයගෙ ලොකුකම නිසා ඌව කොහෙටවත් නොදී හිටියද දන්නෑ..
ReplyDeleteවටින ලිපියක්.. දැන් මේක කියවන හැම කෙනෙක්ම තම තමන්ගෙ සුරතල් සතුන් ගැන සැලකිලිමත් වේවි..
අඩෝ සෑමත් දැන් embark වගේ බෑන්ඩ් එකක් ගහන්න පටන් ගනීද දන්නෑ.. ලොල්..
මම වල් බල්ලන්ට තමා තැන දෙන්නෙ. පව් බං උන්. ඒ වගෙම මනුස්සකම තියෙනවා.
Deleteඅනිවා සෑමා.. උඹේ කතාවට සම්පූර්ණයෙන් මමත් එකඟයි සහෝ..
Deleteකියා වැඩක් නැත .... මේ කතාව කියවද්දී ඔය වගේ සිදුවීම් දෙක තුනක්ම මතක් උනා ..
ReplyDeleteඉතින් එක සිද්දියක් දෙකක් කිවුවම නරකද?? ඔන්න අපිත් බලන් ඉන්නව කියනකල්.. :ඩී
Deleteඑයාට මතක් වුනාට ඉතන් කියාගන්න බෑනේ...
Deleteහිකිස්..කියා ගන්න බෑනේ..
Deleteඅපේ අම්මගේ වැඩේ අපේ බල්ලාට බණින එකය.ඒ ඒකා ගෙදර නොහිට අවලමේ යන නිසාය.ඒ උනාට අම්ම කොහේ ගියත් කාටත් හොරෙන් බත් මුලක් බඳින්නේ බල්ලාට දෙන්ඩ ගේන්ඩය.ගෙදරදීත් අපි කරවල කද්දී බල්ලාට වෙනම මාලු දමා බත් එකක් හදන්නීය.ඒ උනාට බල්ලා දඩාවතේ දිගටම යන්නේය.ඒ ඌ බල්ලෙක් නිසාය.මොන මගුලේ ගියත් අපි කොහේ හෝ ගොස් එනවිට බල්ලා දුවගෙන විත් ඇඟට පනින්නේය.මඩ ගාන්නේය.කෙළ ගාන්නේය.සමහර විට ඒ ඌට මොනවා හරි ගෙනත් ඇතැයි සිතා එය ගැනීමට කරන කට්ටකමක් විය හැක.ඒත් අපි බල්ලාගෙන් බලාපොරොත්තු වන්නේ එච්චරය.එනම් සෙනෙහස ය. ආදරය ය.ඒක කට්ටකමට දෙන එකක් උනාට අපිට කම් නැත.
ReplyDelete'මිනිසුන් වැඩි වැඩියෙන් හඳුනා ගන්නා තරමට මා තුල මගේ බල්ලා කෙරේ ඇති ප්‍රේමය එන්න එන්නම වැඩි වෙනවා' යැයි කියා නිව්ටන් මහත්තයාද කොහෙද කියලා තිබේ.මටද එසේමය.සෑමෝ උඹටත් එසේමයැයි සිතමි.
බල්ලාගේ ආදරය ලාභ ප්රයෝඉජන උඩම නොවෙයි... මේ ලෝකෙ කොන්දේසි විරහිතව තමුන්ට කිසිම නෑදෑකමක් නැති මනුස්සයෙකුට ආදරේ කරන එකම සත්වයා බල්ලා.
Deleteබලු කතන්දර නම් ඇති තරම්. කොච්චර සංවේදී සතෙක්ද?
Deleteමම ඔතන හිටියා නම් ඔය තාප්ප තරණය කරලා ගිහිල්ලා ඔය සතාව ගෙදරට අරන් එනවා...අන්න එහෙම එකෙක් ඩෝ මේ සිරා කියන්නෙ...උඹලට අනුන්ගෙ මගුල් වලට හොරෙන් පැනලා ගිලින්න ගට්ස් තිබුනට මේ වගේ හොද වැඩකට තමයි ඒවා නැත්තෙ...කැලණිය කියන්නෙ බොල හොර ගුහාවක්නෙ...සතියට දවස් දෙක තුන එකම ගෙදරට හොරු පනිනවද ? මට ඉතිං ෂුවර් නැත්තෙ සෑමවම තමා...
ReplyDeletee laga pathaka math hitiyanam man karanneth sira ayya karana dema thama. paw e balla. :(
Deleteඅවාසනාවට ඇත්ත කථාවක් තමා සිරා. ඔය නොහොබිනා වැඩේ කරන්නේ සෑමාම තමා. වත්තේ පොල් ගස් තියෙනවා කියන්නේ
Deleteසිරා කතාව.
Delete@සිරා + යශෝ = වෙන ගෙදරකට නම් මාත් පනිනවා. ඒත් ඒ කාලකන්නියගෙ ගෙදරට පනින්නෙ නැහැ.
Delete@ලහිරු + ඩ්‍රැකි = නැහැ බං ගමේම උන් ඒ ගෙදර එකාව ගනන් ගන්නෙ නැහැ. මහ ජරා ඩයල් එකක්. ඉතිං කවුරුත් ඉල්ලං කන්න කැමති නැහැ.
ගෙදරට පැන්නෙ බල්ල අදුරන කොල්ලො සෙට් 1ක් කිව්ව නේද? ම්ම්ම්ම්... මටත් සෑමා අයියව ෂුවර් නෑ ඕයි... :ඩි එල කතාව,, (Y)
ReplyDeleteඇලඩින්.. ඇලඩින්.. පහන දීපන්...
Deleteඒ බල්ල මාව දැක්කම බුරනවා බං :(
Deleteමම සත්තු ඇතිකරන්නේ නැහැ. ඒ මගේ වැඩත් එක්ක ඌට සලකන්න බැරිවෙන බව මම දන්නා නිසා. සත්තු හදන්න ඕනේ සලකන්න පුළුවන් නම්. බල්ලන් වුවත් බළලුන් වුවත්, මොන රෙද්දේ සතා වුනත් හදනවානම් කන්ට බොන්ට දීලා හදන්ට ඕනේ.
ReplyDeleteඅපෙත් දැන් බව්වෝ තහනම්. පාරට පනින නිසා!
Deleteපොලීසියෙන් අල්ලන් යනකොට බල්ලො ගැන හොය හොය හිටියෑකිද බන්..උඹලට තිබුනෙ බල්ලට ඔයිට වැඩිය මානුෂික වෙන්න.
ReplyDeleteඇයි බොල පොලිසියට කවුද බැන්නෙ? අපි දන්නෙත් නැහැ ඌව අරන් ගිහින්. බව්ව ගැන බලාගන්න තිබ්බෙ ගෙදර හිටපු අනිත් උන්ට. උන් දන්නෙ නැද්ද මිනිහ ගියාම බල්ල ගෙදර තනියම කියල. වෙනදට දවස ගානෙ ඇවිත් යන උන්ට බල්ලව අමතක වුනාද?
Deleteඇලඩින් ඇලඩින් පහන දීපන්.නියමයි .අනේ මටත් මතක් වුනා අපේ ටොමියව ..කන්න දුන්නු එක තාම ඌ ට මතකයි.දැක්ක හැටියේ දගලලා ,වැදලා ,ලෙව කාලා.එක විකාරයක්.බොහොම ස්තුති මට ටොමියව මතක් කලාට.මාත් ලියන්නම්කො කතා බල්ලෝ ගැන.එහාගෙදර බල්ලා දැනුත් බුරනවා. SAM buy embark always.i love the brand.but sometimes i hate the material they use.
ReplyDeletewrite bout ur tommy also, is dat about tommy hilfiger ??
DeleteI hate Embark >.<
බල්ලන් ගැන කතා කරලා වැඩක් නැත්තේය, හැම තැනම වැඩිපුර වාසය කරන්නේ දෙපා බල්ලන්ය, අටමා කෙල්ලන්ටත් වඩා බල්ලන්ට ආදරය කල එකෙකි, දැනටද එසේමය, බල්ලන්ට බල්ලා නොකියා බලු වුඩ කරන දෙපා බල්ලන්ට බල්ලා කීම යෙහෙකි , මෙන්න අටමා බල්ලන් ගැන කී කතා
ReplyDeleteලින්ක් දාන්න මතක නැ මෙන්න මෙතනින් බලහල්ලා
http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html
"ඔන්න තියනවා මෙන්න මෙතන......................."
එතනින් බලන්නම්කෝ.. බලපු එකක්ද මන්දා..
Deleteකොල්ලා හෙන කේන්තියකින් වගේ බල්ලා ගෑන ලියලා තියෙන්නේ
ReplyDeleteඅයිතිකාර බල්ල ගැන කේන්තියෙන් :)
Deleteඅනේ මන්දා බං... බල්ලො ගැන නම් කතා ගමකට තියෙනවා... ඒවා ඔක්කොම මතක් උනා.... හැබැයි මට නම් වැඩි හරියක් හම්බුවෙලා තියෙන්නේ බල්ලන්ට සලකන අය... ඒත් ඉඳලා හිටලා ගෙදර බල්ලට තරම්වත් ගෙදර වැඩකාරයට නොසලකන බල්ලො බැල්ලියොත් හම්බුවෙලා තියෙනවා... අන්තිමට පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අර අහිංසක පොඩි එකාව අම්මලා ගාවට අරින්න තරම් දුරදිග ගිය සිද්ධියක් උනා ඒක...
ReplyDeleteඔය ඔක්කොමත් හරි ලොකු ගණන් වල බල්ලන්ට ඔහොම කියන්න එපා බොල.. උනුත් වල් බල්ලෝ වගේ තමයි.... ආදරේ පෙන්නන්න ගියාම.... ( එකම වැඩේ ඇඟට පැන්නම ආම්බාන් කරන්න ටිකක් අමාරු එක විතරයි... ) ගෙදර කට්ටිය නැති දවසට නැන්දලගේ ගෙදරට ගිහින් දැම්මට, අපි එනකම් නොකා නොබී ඉන්න ජාතියේ එකෙක් ඒ... ඒත් අපේ ගෙදර කට්ටිය ඉන්න දවසටත් දෙතුන් වතාවක් නැන්දලගේ ගෙදරටත් ගිහින් එයාලගෙත් දුක සැප බලලා එනවා උන්දැ... හි හි.....
අනේ මගේ බලු තඩියා... ඌව මතක් උනාම බැඳපු මෝඩකම කියලා හිතෙනවා බං සැමෝ.. කුලී ගෙවල් වල කොහෙද බල්ලෝ හදන්නේ ඉතිං....
හයියෝ ලොකු බල්ලන්ට බැන්නෙ උන් ගැන වැරදියට හිතල නෙවෙ බං. උන් හදන වෙලා අසරණ වුණ වල් බල්ලෙක් හැදුවම පින බෝම වැඩි කියල කියන්න ඕන නිසා.
Deleteඇයි බොල කුලියට හිටියත් බලු තඩියෙක් හදන්න බැරියෑ.. ගෙවල් අයිතිකාරයට පාන්ද ?
අම්මෝ සත්තු ගැන කතා කරල වැඩක් නැත... අපේ ගෙදර පූසෙක් සිටී.... නමුත් ඔහුට මට වඩා ගෙදර සැල කිල්ලක් ඇත.... සතියකට 04 පාරක් පමණ ස්නානය කරවතී... මාලු කිරට, මිරසට,අමුවට, බැද කෑමට ලබා දෙති... නිදියන්න වෙනම කොට්ටයක් මසා ඇත.... සෑම දිනකම අම්මා පසු පස කඩයට යෑමට ඔහු කැමැත්ත දක්වයි.... ඔහු ගැන කියා නිම කල නොහැක්කේය... මේය බැලූ සැනින් ඔබට එය වැටහේවිය....
ReplyDeleteඅපේ සුන්ටු...
සුන්ටුවා අනිවා ලබන ආත්මේ මනුස්ස ජීවිතයක් ලබන්නේය. ඒ නිසාම දැන් දැන් සැප ලබන්නේය. :)
Deleteසෙන්න කියල තියෙනව වගේ මෙතන වැරදි කාරය පොලීසිය. මිනිහ අල්ලගෙන ගියානං බල්ලට කන්න ගෙනත් දෙන්න ඕන.
ReplyDeleteඅඩුමගානෙ ගේට්ටුවවත් ඇරල දාන්න එපැයි බල්ලට වත්තෙං එළියට එන්න.
යකෝ පොලිසියට කෑම නැතුව කෝමද බල්ලන්ටත් කන්න දෙන්නෙ?
Deleteඒ මදිවට ගේට්ටුව ඇරල තිබ්බොත් හොරු ඇවිත් පදිංචි වෙයි යකෝ !
ඉති බන් ඒ ගෙදර බල්ලා බලු වැඩ කරලා බල්ලො ඇවිත් අල්ලගෙන ගියාට ගෙදර බල්ලා මක් කොරන්නද. උඹ කියන්නේ උඹ කෑම දෙන බල්ලවත් බලු මහත්තයත් එක්කම බලු ජීප් එකේ දායන යන්න කියලද? ඒ බල්ලා වරදක් කරලා නෑනේ...
ReplyDeleteනැහැ බං ගෙදර හිටපු අනිත් එවුන්ට මතක නැද්ද බල්ල විතරයි ගෙදර තනියම ඉන්නෙ කියල. ඇවිත් බලල යන්න බැරිද?
Deleteබල්ලා පූසා කියලා වනසක් නෑ ආදරෙන් හදනවා නම් උෘ ගෙදර මිනිස්සුන්ට ආදරෙයි. සමහර වෙලා වට උන්ට කෑම බීම වලටත් වඩා ඔනෙ කරන්නේ ආදරේ..
ReplyDeleteඅපෙ රටේ ජනතාව වගේ නේද බං? රජාගෙ ආදරය ලැබෙනව නම්, කන්නත් ඕන නැහැ !!
Deleteඩ්රැකීයාටත් බල්ලන් දෙදෙනෙක් සිටිති. උන් අපි ගෙදර යන විට බුරාගෙන කෑ ගහගෙන දුවගෙන එන හැටි දැක්කහම වෙහෙස මහන්සිය සන්සිඳෙයි. එතකොට ‘අනේ මිනිස්සුත් අපිට මෙච්චර ලෙන්ගතු වෙනව නම්‘ කියා හිතේ.
ReplyDeleteඑහෙම කියන්න එපා ඩ්රැකී.
Deleteඋඹ බුරාගෙන පනින මිනිස්සු දැකලා නැද්ද?
ලොක්කො දැක්කාම නකුට වනන මිනිස්සු දැකලා නැද්ද?
බය වුනාම නැට්ට දෙපරැන්දෙ ගහගෙන පසුබහින මිනිස්සු දැකලා නැද්ද? :)
මිනිස්සුන් ළඟ තියෙන්නෙ ඩූඩ් කියන ඔය නරක බලු ගති තමයි. මම කියන්නෙ මගෙ බල්ලො දෙන්නගෙ තියෙන ළෙංගතුකම ගැනයි. ඒකනම් තවම මම කාගෙන්වත් දැකල නැහැ.
Deleteබල්ලගෙන් උනත් අපෙ මිනිස්සු අරන් තියෙන්නෙ නරක ගති !
Deleteඅනේ මගේ මව්තුමියට සහ පියතුමාට කොතරම් කන්නලව් කළ ද තාමත් මට බල්ලෙක් අරගෙන දීමට තරම් ඔවුන් දෙදෙනාගේ සිත් උණු වී නැත :'( "අඬන කොට ලු කිරි එරෙන්නෙ" කියන කතාව බොරු ද කොහෙ ද බොල. නැත්තං මෙලහට මට බල්ලෙක් අරගෙන දීලා.
ReplyDeleteදන්නවද? නෙගෙන එන තරමට හොදයි, මොකද ආදරෙන් හදල ඌට කරදරයක් වුනාම ඇඩෙයි ගෙදර ඔක්කොටම !
Deleteබල්ලෝ එල කොල්ලොය අම්මපා තොට බැරි උනානේ එකට සරණක් වෙන්ට...
ReplyDeleteඅපේ ගමේ එකෙක් වත් අත නොගහපු සීන් එකක්. !
Deleteඅපේ අම්ම තදින්ම විරුධ්දයි සත්තු ඇති කරන්න
ReplyDeleteඅම්ම කියනව අම්මට බෑලු උන් ගැන කැප වෙලා බලන්න. ඒ නිසා බොරුවට සත්තු හදල පව් පුරව ගන්න බෑලු
ඒ කතාව ඇත්ත.
සහතික ඇත්ත !
Deleteඔන්න ඔය නිසා තමයි අපි මොන සතෙක් වත් හදන්නේ නැත්තෙ. තියෙන වගෙකීම් වලට අමතරව ඔය වගේ වගකීම් දරන්න බැරි නිසා.
ReplyDeleteසහතික ඇත්ත හෙන්රියා. හදන්න බැරි නම් නිකං ඉන්න එක හොදා !
Deleteඅනේ අපේ ගෙදර හදන බලු ගෙඩියාටනම් අපේ අම්මායි තාත්තායි ගෙදර ඔක්කොමයි සලකන්නෙ, ගෙදර මනුස්සයෙක්ට වගේම තමා..
ReplyDeleteලොකුම අවුල කොහෙවත් දවස් දෙක තුනකට යන්න බැරි එකනෙ. කන්න බොන්න කාටහරි භාර දුන්නත් , හිත වාවන්නෙ නෑනෙ මතක් වෙද්දි චූටි කුකූව :'( :'(
සතෙක් ගෙදරක හදනවානම්, හැමෝම කිව්වා වගේ කැපවෙන්න ඕනෙ, සතෙක් වුනත් ඌත් ආදරේට කෑදරයිනෙ, මිනිස් සතා වගේම.
ලයික් !
Deleteමටත් තියෙනවා බලු කතාවක් ලියන්න.එක පාරක් මෙවැනිම බලු කතාවක් මමත් ලිව්වා! මොනා වුනත් බල්ලෝ ගැන මට මාර අනුකම්පාවක් තියෙන්නේ.
ReplyDeleteබලු කතාවක් කිව්වෙ නිශාන් ගැනද?
Deleteපිං කොරපු බල්ලෝ මෙන්ම පවු කරාපු එව්වෝ ද සිටිති...
ReplyDeleteහැම සතාටම පොදුය. ඒත් බල්ලන්ට නොසලකා පව් කරගන්නා මිනිස්සුද සිටින්නේය.
Deleteඅපේ ගෙදරත් බල්ලෝ දෙන්නෙක් සහ පුසෙක් ඉන්නවා.... ගෙදරට එනකොට තුන් දෙනාම ඇවිත් වට කර ගන්නවා.... තුන් දෙනාම පොර කනවා ආදරේ බෙදා ගන්න.... එක විකාරයි.... හැබැයි ඉතිං අපිත් ඒකට ආසයි.... :)
ReplyDeleteඅඩේ අපේ ගෙදර බල්ලන්ට කෑම දෙන්නේ අපේ තාත්තා. ගෙදර උන් කෑවේ නැතත් තාත්තා කෑවේ නැතත් බල්ලෝ ටික කාලා ඇති. හොදම දේ කියන්නේ අපිට කියලා ඉන්නේ එක බල්ලයි. අනික් එවුන් අසල්වැසි බල්ලෝ. ඒත් වෙනසක් නෑ අපේ තාත්තා හැම එකාටම වෙනම අඩගහලා දෙනවා. මට නම් වෙලාවකට මලත් පනිනවා.
ReplyDeleteඅපේ තාත්තත් පාරෙ යන බල්ලෙක්ට කෑම දෙන්න පුරුදු වෙලා හිටියා. දැන් බල්ලා ආගිය අතක් නැහැ බං. :)
DeletesAm..sAm..uncle ge pahana dipan.
ReplyDeleteJayawewa
බල්ලව මට දියන්...මම හදන්න! ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!