Thursday, February 7, 2013

මෙන්න, රටට ප්‍රශ්න සෑමාගෙන් - මලින්ද මාමා වෙනුවෙන්..


රට පුරා දැවෙන ප්‍රශ්නයන්ය. ජාති අරගලයන්ය. ආගම් වෙනුවෙන් අරගලයන්ය. ග්‍රීස් යකා අහවරය. මැණික් මතු වූ ඉඩම් ගැන සද්ද නැතිය. කැළණි ගගෙන් මතුවු රත්තරන්ද නැත්තේය. ධාතු වැඩැම්මවීම් අහවරය. ඉසෙඩ් ස්කෝර් ආතල් අහවරය. ප්‍රශ්න පත්තර සීන්ද පොඩ්ඩ පොඩ්ඩ ඇත්තේය. හලාල් වැඩේ නැගලා යන්නේය. හයිවේ කතන්දර කියවෙන්නේය. මේ සියළු මාතෘකා මලින්ද මාමාට ආතල්ය. යුද්ධය වුවත් තවමත් මාකට්ය. ඒවා මලින්ද මාමාගේ පැවැත්මයට හොදය. රට කන මැර මැති ඇමතිලාට මලින්ද මාමා ආදරේය. ඒ උන් රටේ ප්‍රශ්න අමතක කරවන මාතෘකා මවන නිසාය. ඒවා බදාගෙන ජනතාව නටන්නෝය. ජාතික ගීය රීමික්ස් කරන්නට ගොස් ප්‍රශ්න මවන්නට ගොස් නම් ලොක්කා අනා ගත්තේය. ඇමතියා කෙලින්ම කිව්වේ ප්‍රශ්න නැති තැන ආතල් එකක් ගන්නට කළ වැඩක් කියාය. සෑමාගේ අදහස වූයේ ජාතික ගීය දෙමල සහ සිංහලෙන් ඕනැ නම් පැරණි නාට්‍යයක් වූ A9 නාට්‍යෙය් ගීතය උචිත බවය. එය දෙමල හා සිංහල මික්ස් වූ ගීතයක්ය. බීට් එකද, පදද, ටෙම්පෝද අනර්ගය. එය ආවා නම් වසූරියප් පෙරුම මාමා නයි ටී එන් එකේ නටනවාය. අනේ හසන්ත මහත්තයෝ එන්න නටන්න කියා සරම බෝට්ටුව ආකාරයට හදාගෙන නටනවාය. 

වාංග මචාං වාංග.... අපෙ ගස පොල් ගස... අහසට ගෑවෙයි එහි උස.... කියන කොට එහා පැත්තෙන් දෙමෙලේ තල් ගස ගැන කියනවාය. පට්ට ආතල්ය. එවිට අපේ රටේ එකාලාගේ බඩගින්න උඩු දුවන්නේ නැතිය. උන් කට උඩ ඉදගෙන ඉන්නවාය. ඒ අතර වාහිනියේ චංගුමී ආච්චී (ඇයට වසය 42ක්ලු..) නැලවෙනවාය. ප්‍රශ්න නැත්තටම නැතිය. කස්ටිය බත් පාර්සලයක මුදල් විසිකරමින් චංගුමිගේ පොටෝ එකතු කරනවාය. වාහිනියත් රජයේම නිසා හොදය. නාට්ටිය හඩ කැවූ කස්ටියට ලොක්කාගෙන් ක්‍රෙඩිට්ය. ලබන පාර උන්ට ලැප් ටොප් ලැබෙනවා ෂුවර්ය. (සෑමා චංගුමි යන චැනල් එක පවා අසා දැන ගත්තේ දේවා ලියු ලිපියකින්ය.)

ඒ නිසා නිකං බලා ඉදලා බැරිය. බ්ලොග් ලියන අපිත් වැඩකට අත ගැසිය යුතුය. අපිත් තැනකට ආ යුතුය. සැමදාම විපක්ෂයේ සිටිය යුතු නැතිය. ඒ නිසා සෑමා ප්‍රශ්න කිහිපයක් සමාජ ගත කරන්නේය. එවිට රටේ බුද්ධිමත් ජනතාව ඒවා පස්සේ පන්නනවාය. එවිට ලොක්කා සෑමාගේ බ්ලොග දැක සතුටු වන්නේය. ජනතා ප්‍රශ්න පත්තරයෙන් මිදෙන නව රැල්ලක් මතු වෙන නිසාම සෑමා සම්මානයෙන් පිදුම් ලබන්නේය. එය නම් පට්ට ආතල්ය. සෑමා ගොඩ යනවා ෂුවර්ය.

අපේ රට මාර දියුණුය. කෘෂි කර්මය කෙසේ වෙතත් හැම අතින්ම දියුණුය. හැම එකාම අතේ ෆෝන්ය. ඉතිං මේ හැම ‍ෆෝන් එකකම ඇමිණී ඇති කැමරාවෙන් ගහන පොටෝ හතරැස්ය. එහෙත් ෆෝන් එකේ කාචය රවුම්ය. ඉතිං දැන් ජනතාව අවදි විය යුතුය. රවුම් කාචයෙන් වදින ෆොටෝ හතරැස් වන්නේ කෙසේදැයි සෙවිය යුතුය. මේ සදහා මාමා කමිටුවක් පත් කළ හොත් හොදය. එවිට උපදේෂක පන්තියට වැඩක් තියෙනවාය. නැත්තං උන් නිකං පඩි ගන්නවා කියා ජනතාවද කුපිත වන්නෝය.

අපේ රට වටේම ඇත්තේ මුහුදය. ඒ මුහුද පුරාම මාළු පීනන්නෝය. ඉන්දියාවෙන්ම අපේ මුහුදු සීමාවට පැන මාළු අල්ලන්නෝය. ඒවා ප්‍රශ්න නොවේමය. ප්‍රශ්න නම් මේවාය. ඔය මුහුදේ ඉන්න මාළුන්ට වතුර තිබහ හැදෙනවාද කියා සොයා බැලිය යුතුය. හැම සතාටම වතුර තිබහ හැදෙන්නෝය. ඒ අතර මාළුන්ට වතුර තිබහ හැදෙනවා ද කියා ජනතාව සොයා බැලිය යුතුය. එසේම හැම සතාම හඩන්නෝය. හරක් පවා මරන්න ගෙනියද්දි හඩන්නෝය. එදා මැරවින් මාමා එළු රංචුව පල්ලියෙන් මුදවද්දී උන්ද හඩමින් උන්නෝය. ඒත් කවුරුත් මාළුන් හඩනවාද කියා සෙව්වේ නැතිය. එයද සොයා බැලිය යුතුය. හැම සතාගේම නහයට කිවිසුම්ද යන්නේය. ඒ වගේම වතුරේ සිටින මාළුන්ට කිවිසුම් යනවාදැයි සොයා බැලිය යුතුය. නැත්තං ජීවත් වෙලාද වැඩක් නැතිය. මේවා දැවෙන ප්‍රශ්නයන්ය. ජනතා අවධානය ඒවාට යොමු විය යුතුය.

මෙරට අද්දියාපන දෙපාර්තුමේන්තුවටද ගැටළු නැත්තේය. ප්‍රශ්න පත්තර කැලෑ වලින් මතු වන්නෙ නැතිය. ප්‍රථිඵල කිසිම අවුලක් නැතිය. උසස් පෙල ලියා සමත් වූ එවුන් වසර ගණන් ගෙදර ඉන්නේද නැතිය. සර්ලා විභාග ප්‍රශ්න උස්සන්නේ ද නැතිය. එවන් ප්‍රශ්න නැති අධ්‍යාපන දෙපාර්තුමේන්තුවක් ගැන ජනතාවට දැනෙන්නේ නැතිය. ඒ නිසා අද්දියාපනයට අදාල ප්‍රශ්න පවා සෑමා ඉදිරිපත් කළ යුතුය. නැතිනම් මේ කළ සේවාවෙන් වැඩක් නැත්තේමය. මලින්ද මාමා සතුටු නොවන්නේය. එසේම බහුතරයක් බුද්ධිමත් ජනතාව පවා සැමාව නොසලකා හරින්නේය.

පුංචි කාලේ සිට අපි ඉංග්‍රීසියෙන් ගණින්නට පුරුදු වන්නේ. එහිදි අංක එකොලහ eleven ලෙසද, අංක 21,31,41, පිලිවෙලින් twenty one, thirty one, forty one, ලෙස ගණන් කරන්නේය. විස්සේ සිට අගට එකේ ඉලක්කම එන සියළු ඉලක්කම් අහවර වන්නේ One ලෙසටය. එහෙත් එකොලහ පමණක් eleven වූයේ කාගේ වරදින්ද. එය One One ලෙසට වෙනස් විය යුත්තේ නැතිද? මේවාට වග කිව යුත්තේ කවුරුන්ද? ජනතාව වහා පාරට බැසිය යුතුය. මේවාට විරුද්ධව කෑ ගැසිය යුතුය. එවිට කාර් රේස් වලට බනින්නේ නැතිය. බඩගින්න අමතක වන්නේය. මෙවන් දැවෙන ප්‍රශ්න නිසා මාමාට යහතින් ජීවත් විය හැක්කේය. සෑමා මාමා වෙනුවෙන් කළේ සමාජ සත්කාරයක්ය. ඒ නිසා ලබන පාර සෑමාට උපදේශක පට්ටමක් පවා නොලැබෙන්නේ යැයි විශ්වාස කල හැක්කේද???

sAm ශ්‍රී Perera_06:15am_07/02/2013

89 comments:

  1. සිරාවට උපදේෂක පට්ටමක් දෙන්න ඕනා..
    එතකොට මටත් මොකක් හරි අමාත්‍යාංශයකට රිංග ගන්න පුළුවං වෙයිනේ...
    ඒ 9 එකේ සිංදුවනං පට්ට ඈ....
    ඒ නාට්ටිය යනකොට අපි සිස්සත්තේ ලියනවද කොයිද..

    ReplyDelete
    Replies
    1. උබව දාන්නෝනි වනිතා කටයුතු අමාත්‍යාංශෙට තමා හැබැයි.
      ඔව් බං සිරා සිංදුව.. මම ඒකාලෙ තුනේ පන්තියෙ හිටියෙ.

      ජය වේවා !

      Delete
    2. මං 5හේ ඉද්දි බොලාගේ පුතා තමා තුනේ හිටියේ...
      නයි අරින්නැතුව හිටු....

      Delete
    3. ආතල් යකෝ ඒ සින්දුව...
      ෂෙහ්!!! ඔරිජිනල් විෂුවල් එකක් නෑනේ හොයාගන්න...

      Delete
    4. @තරියා- ඔව් අපෙ තාත්තගෙ පුතා තමා තුන වසරෙ හිටියෙ
      @වීයා- උබ කාටද හිනා වුනේ යකෝ?

      @රජා- යූ ටියුබ් තිබ්බ බං

      Delete
    5. ලින්කුවක් මේහාට දික් කලානම්

      Delete
    6. Original තමයි නැත්තේ :(

      http://www.youtube.com/watch?v=Nx4pxZtvCpE

      Delete
  2. උපදේශක පට්ටමක් නෙවෙයි උඹට ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයම භාර දෙයි මේක දැකපු ගමන්...

    "රවුම් කාචයෙන් වදින ෆොටෝ හතරැස් වන්නේ කෙසේදැයි සෙවිය යුතුය" මේකනම් පොඩිම එකා කාලේ සිට මටත් ඇති ප්‍රශ්නයකි..

    ReplyDelete
    Replies
    1. ඇයි බං අපිට කරන්ට් නැති වෙලාවට වාහනවල ලයිට් පත්තු වෙන එකත් මට ඒ කාලෙ පුදුමයක් :)

      Delete
  3. සෑමාටත් රජ මැදුරට ගෙන්වා හොඳ කෑම වේලක් අපේ ගානේ දිය යුතුය...

    ReplyDelete
    Replies
    1. අපේ ගානේ කිව්වේ ?

      :)

      Delete
    2. අෙප් ගාෙන් තමයි ෙකායි ගං කබරයත් කන්ෙන්. මලින්ද මාමා ෙගදරින් ෙගනැල්ලා ෙනෙම්, අෙප් බදු කාසිෙටයන් තබා දන්සැල ෙදන්ෙන්.

      Delete
  4. ඔය නම් සැමා ලැප්ටොප් එකක් ලබාගන්න වගේ තකන්නේ..!

    ReplyDelete
    Replies
    1. දෙකක් වැඩි නැහැ නොවැ

      Delete
  5. අපේ රටේ උන්ගේ වැඩ ගැන කතා කරලා පලක් නැත! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. නියමයි දැවෙන ප්‍රශ්න සියල්ලම අඩංගු කාලීන ලිපියක්

    ReplyDelete
  7. අඩේ මම මේ අදවත් මූණ හෝදන්න කියලා හැදුවේ. දැන් ඉතින් කෙලලා හමාරයි. මෙච්චර මේ දැවෙන ප්‍රශ්ණ තියෙද්දි මූණ හෝදන්න කාලය මිඩංගු කලෑකියෑ...දැන් හොයපල්ලකෝ උත්තර... ;) ;)

    ReplyDelete
    Replies
    1. සයියෝ... අදත් මූන හෝදන්න බැරි වුනාද බං..
      සොරි හොදේ !

      Delete
  8. මලින්ද මාමට හොදක් වෙනවනම් එච්චරයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. අන්න බුද්ධිමත් ජනතාව.. ජය වේවා..

      Delete
  9. ලැප් ටොප් එකේ කථාවට බකස් ගාලා හිනා ගියා..
    මලින්ද මාමා අපිටත් නොමිලේ ලැප් ටොප් දුන්නේය.

    ReplyDelete
    Replies
    1. අහ්.. අපෙ නලින් අයියට වගේ ! :)

      Delete
  10. අනේ මන්ද බං. රට යන පැත්ත ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රට කොහෙ යන්නද බං? ලෝකෙම කැරකෙනව නේ.. රටත් කැරකෙනව ඉතිං.

      Delete
  11. ලැබෙයි ලැබෙයි.....! මොකෝ නෑදෑ පරපුරට බෙදලා අහක නෙව දැන්...! මට නිලරතේ රාතාචාර්ය කම ලබා දෙනවානම් පිං ය. බොටත් වඩා ‍රැස්පොට් එකෙන් ඉන්නට එතකොට මට පුලුවන් වෙනවාය.

    ReplyDelete
    Replies
    1. ලොක්කගෙ ඩයිවර් වෙන්නද තැත් කොරන්නේ..

      බලාපොරොත්තු ඉටුවේවා :ඩී

      Delete
    2. මම කිවුවේ අහවල් පට්ටම ලැබුනම උඹේ රථාචාර්ය කොරගනින් කියලා.

      Delete
  12. උඹට මචං උපදේශක පට්ටමක් මදි! ඇමතිකමක් තමයි දෙන්න වටින්නේ!

    ReplyDelete
    Replies
    1. මොකද බන් නදියෝ එහෙම කියන්නේ, සැමා එච්චරටම මැරයෙක්ද?

      Delete
    2. මැරයින්ට දෙන්නෙ ආචාර්ය පට්ටම් බොල !

      Delete
    3. එතකොට මාල කඩන උන්ට
      හරක් හොරුන්ට
      ටියුෂන් පන්ති කොරපු ගොන් බාස්ලට දෙන්නේ මොනවද?

      Delete
  13. සෑමාට මොන ඇමතිකමක් දෙන්නේදැයි සිතීමත් බරපතල ගැටළුවකි.

    ඇයි බං eleven විතරද අංක 22,32,42, පිලිවෙලින් twenty two, thirty two, forty two, වෙද්දි 12, twelve උනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එහි පද නිරුක්තිය
      ටූ+වෙල් ලෙස හදුනාගත හැක. එවිට හොද දෙක තෙරුම්ගත හැක.
      හොද දෙක
      යන්නෙහි අගට දෙක තිබෙන බව පැහැදිලිවම දැකගත හැක.

      අගට දෙක එනකොට එක කොහොමත් මුලටය. : පී

      Delete
    2. මෙන්න අපේ රටේම ජනතාව. එක ප්‍රශ්නයක් දුන්නාම ප්‍රශ්න වවාගෙන කන්නෝය.

      මලින්ද මාමා මෙවන් ජනතාවට ආදරේය :ඩී

      දැන් ඉතිං රටේ ප්‍රශ්න නැහැනේ. මේ තියෙන්න තව ප්‍රශ්න :))))

      ජය වේවා !

      Delete
  14. "ගැටළු පිලිබඳ අමාත්‍ය" වගේ එකක් හොඳයි නෙහ් සෑමට?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනම අමාත්‍යාංශ ඕන නැහැ මයෙ හිතෙ. මොකද දැන් තියෙන හැම අමාත්‍යාංශෙන්ම ගැටළු ඇති කරනවනේ ගින්නක් නැතුව :)

      Delete
  15. මොලේ නිකම් මඤ්ඤොක්කා වී ගියේය.. :/

    ReplyDelete
    Replies
    1. මඤ්ඤොක්කා කියල ලියපු නිසා ශම්මිට අද්දියාපන ඇමති කම දෙන්න වටින්නේය.

      Delete
  16. //එය ආවා නම් වසූරියප් පෙරුම මාමා නයි ටී එන් එකේ නටනවාය.//

    එයා කොහොමත් නටනවාය.

    //එකොලහ පමණක් eleven වූයේ කාගේ වරදින්ද. එය One One ලෙසට වෙනස් විය යුත්තේ නැතිද?//

    පිස්සුද බන් ඕක හරියට කියනවනම් ten one බලපන්කො අනික් ඒවා //අංක 21,31,41, පිලිවෙලින් twenty one, thirty one, forty one,//

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං ඔහෙම ප්‍රශ්න දිග ඇරගත්තම මට කෝමත් මලින්ද මාමාගේ තැගි ෂුවර් !

      එල ඈ !

      Delete
  17. සියල්ලටම පිළිතුරු මාමාට මා උගන්නා ඇත. ඒ නිසා මෙව්වා තව දුරටත් ගැටලු නොවේ.
    පිලිතුරු මේසේය.
    කැමරා කාචය හදපු එකාට එතුරු ටික හදන්නට අවස්ථාව් නොලැබුනි. අනෙක් කොටස් හදපු උන් කාචය හැදූ එකාගෙ වරදක් ඇති බව පෙන්වන්නට. ෆොටෝ FRINT කරන කඩදාසි සහ, ෆෝන් වල සහ ඩිජිටල් කැමරා වල තිරය හතරැස්ව හැදුවේය. කාචයට හසුවන සියල්ල අපිට නොපෙනේ. මලින්ද මාම එයට විසදුමක් යෝජනා කර ඇත. එනම් ෆෝන් එක රවුම් වතුර බේසමකට දමා සම්පූර්නයෙන්ම බැලිය යුතුය.

    ඇත්තටම මාලුන් වතුර බොනවාය. ඉන්පසු සාගර ජලයට උන් එක්කරන සුලුදිය නිසා සාගර ජලය ලුණුරසක් සහිතවේ.

    වසරින් වසර සාගර ජල මට්ටම ඉහලයන්නේ අපේ උන් මුහුදු ගිහින් අල්ලාගෙන එන මාලුන්ගේ නෑයන්ගේ කදුලින්ය.

    මාලුන්ට කිවිසුම් යන බව දැන් හොයාගෙන ඇත. එම කිවිසුම් නිසා සාගර තරංග ඇතිවී මුහුදු රල නිර්මාණය වී ඇත.

    eleven
    යන්නෙහි පද නිරුක්තිය
    එළ+වන්
    ලෙස පහසුවෙන්ම හදුනාගත හැකි නිසා අගට වන් නැති බව කිව නොහැකිය. eleven යන්න හොදම එක යන තේරුම සහිත වචනයකි

    ReplyDelete
    Replies
    1. සැමා පරාදයි... දේශ් ට ඇමති කම./... සැමා අයියට උපදේශක කම

      Delete
    2. මගුලයි.. යකෝ රටේ ප්‍රශ්න විසදන උන්ට ලොක්ක තැනක් දෙන්නෙ නැහැ බොලව් !

      Delete
    3. නෑ නෑ, මට ෂුවර්. මෙහෙම උත්තර හොයල දෙන උන්ට තැනක් තියනව. මාම මට සලකයි. මාම ආසයි සුරංගනා කතා වලට.

      Delete
    4. එහෙනම් සුරංගනා ලෝකෙ අතරමං වෙයි අනර්කෙලි එක්කම.

      Delete
  18. සැමා අයියට අමු කැවිලවත්ද .... ? අනික පුං පෝයටත් තව දවස් තියෙනවනේ...

    එක්කෝ.. දවල් කෑමට ගත්තු මුහුදු මාලු කෑල්ලක් උගුරේ හිරවී ඇත


    කුමක්ද මේ අරුමේ....

    ReplyDelete
  19. සෑමෝ අපි ඇවිත් ගියෝ..

    ReplyDelete
    Replies
    1. නලී අයියා කන්නාඩිය අමතකවී පැමිනි බැවින් කියවීමට නොහැකි වූ බව කියන්ට කිව්වා

      Delete
    2. නෑ නෑ ලැප් ටොප් එක මතක්වෙලා

      Delete
    3. ඒ ලැප නැතුව නලින් අයියට බ්ලොගක් වත් බලන්න වෙන්නෙ නැහැ නෙවැ :ඩී

      Delete
  20. සෑහෙන්න ප්‍රශ්න ගොඩක් මැද්දෙනේ අපි ජීවත් වෙලා තියෙන්නේ.සෑමා මතක් කරේ නැත්තම් අපිත් ඔහේ ඉන්නවා මොක්කුද වගේ.

    ReplyDelete
    Replies
    1. කල්පනා කරපං බං මේවා ගැනවත්

      Delete
  21. ඔය කියනා විදියේ පුරස්නයක් අධ්‍යාපනයට තියෙන්නම විදියක් නැත. මොකද ඇමති/නියෝජ්‍ය ඇමතිවරුම 13 දෙනෙක් අධ්‍යාපනය සඳහා ඇප කැප වී සිටී. අනෙක කැලේට එක ඇමති වරයෙකුත් කැලේ සත්තුන්ට තව ඇමතිවරයෙකුත් වශයෙන් සත්තුන්ටද ඇමතිවරු දෙදෙනෙකි.
    බලාගෙන බොල. බොට සුදු වෑන් එකක් වත් එව්වොත්

    ReplyDelete
    Replies
    1. බොට සීනි ඇමතියා අමතක වෙලා නේද?

      වෑන් එවන්න දැන් සල්ලි නැහැලු. තෙල් ගනන් නොවැ.

      Delete
  22. "හැම ‍ෆෝන් එකකම ඇමිණී ඇති කැමරාවෙන් ගහන පොටෝ හතරැස්ය. එහෙත් ෆෝන් එකේ කාචය රවුම්ය"

    හැබෑවට ඇත්ත තමයි

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්න වර්ණා පොඩ්ඩක් කල්පනා කරපං

      Delete
  23. සෑමගෙ අදහස් නම් මාමටම ගැලපෙනවා.. සිරාවට

    ReplyDelete
  24. බොට ලැම්බෝගිනියක් හම්බවේවි,බලාගෙන හිටු සෑමෝ.
    -pramudi-

    ReplyDelete
    Replies
    1. සයියෝ මෙයා බය වෙච්ච පාර ඇනෝ කමෙන්ට් වලින් ඇවිත් :)

      Delete
  25. ඉදි ආප්ප කාලා පැයක් දෙකක් කොමඩ් එක උඩ ළගිනකොට මන් හිතුව ඔයටික වෙයි කියල

    ReplyDelete
    Replies
    1. මම පැය ගණන් කල්පනා කලා බං ඕව ගැන :)

      Delete
  26. ආණ්ඩුවෙන් තුන් වේලටම රොටි බෙදනවානම් හොදය. එවිට කිසිදු ප්‍රශ්නයක් නැත. සියල්ලෝම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කන්නටය

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව ඉල්ලන් කන එක ගැන නම් දුකය.

      කන දේවල් ඉල්ලනවාට වඩා, ශිෂ්‍ය යෝ අද්දියාපනය ඉල්ලා පාරේය. මිනිස්සු රස්සා ඉල්ලා පාරේය. උපාධි ඇත්තෝ පාරේය.

      එවා ගැන අමතක වීමට මේ ප්‍රශ්න ප්‍රමානවත්ය.

      Delete
  27. ෆොටෝව කොටු වුන එක ගැනනම් ඉක්මනින් හොයා බලන්න වටිනා වැඩක්.

    කරුණා අම්මාන්,පිල්ලෙයාන් වගේ ශාන්තව හිටියොත් උඹටත් උපදේශක පට්ටමක් ලැබෙනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අපොයි කරුණාට, පිල්ලෙයාන්ට වැඩිය මම වැරදි කරල ඇති බං. ඒ නිසා ලැබෙන එකක් නැහැ නේ. :(

      Delete
  28. උපදේශක පට්ටම ලැබී අපේ රට ගොඩගැනීමට සෑමාට වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. සෑමාගේ දෑත් ශක්තිමත් කරපං

      Delete
  29. ලැබෙයි ලැබෙයි.. අනිවා උඹට උපදේශණ පට්ටමක් නම් ලැබෙයි.. හැබැයි ඒ වැඩ කරද්දී නම් අර එදා චැට් එකේ වගේ බීලා අතල් දෙන්න එපා.. එතකොට උඹෙත් වෙනසක් නැතිවෙයි..

    ReplyDelete
    Replies
    1. කවුද බං බොන්නේ?? ශික්.. ජරාව..

      Delete
  30. මේ වගේ වැදගත් මිනිස්සු රටේ ඉද්දි මේ මලින්ද මාමා මොනවා කරනවාද මන් දන්නෑ..

    ReplyDelete
    Replies
    1. ලොක්කට මාව පේන්නෙ නැති තරමට මම මිටිද බොල ?

      Delete
  31. අයියෝ කලින් සැමා කිව්ව නම් මම අරයගේ බෙල්ලේ තියෙන මල්මාලයක් අරන් ගිහින් කතරගම පූජ වට්ටියකට දානවා...

    ReplyDelete
    Replies
    1. උබ දේව උදහසට ලක්වෙන්නද හදන්නෙ දරුවා ?

      Delete
  32. මේ ලිපිය මලින්ද මාමාට පෙන් වූ කළ ආයේ දෙකක් නැත... සෑමා ගොඩ යනවා සිකුරුය...

    ReplyDelete
  33. සැමා ආගිය අතක් නැත. ප්‍රශ්න වලට උත්තර අහගෙන එන්නට ගොස්ය.

    මේ ලිපිය කාලෙකින් කියවු හොදම ලිපියක් ය. මහජනතාවගේ අවධානය දැන් බල්ලාට ගොස් ඇත. පත්තර හා ප්‍රවෘත්ති විකාශන පිරෙන්න යන බොරු අවලාද හා ප්‍රලාප හංදා ඇත්ත කතන්දර හැංගිලාය.

    චංගුමිට බැන්න ඒක තමා ඉතිං..., මං ඒ නාට්‍ය බැළුවා.. ඔය කියන තරම් අවුලක් නෑ. රැල්ලට බනින එක මිසක්කා. අනික අපේ මෙගා නාට්ටි වල දැන් බලන්න දෙයක් නෑ නේ. පිරිසියයි රාජපස්සේයි ඇරෙන්න. කොක බැළුවත් ඒ විගඩං විතරයි.. අප්පේ වෙනසකටත් එක්ක චංගුමි නාවනං ෂුවර් අපේ රටේ ටි.වි බැලිල්ල කෙළවර වෙනවා. කවුද දැන් සිංහල නාට්ටි බලන්නේ.. මොනාද එව්වාගේ යන්නේ? ( චංගුමි ගැන හොද ලියා දොස් අහන්ට වේ දෝ දන්නේ නැත. එත් කියන්න ඇති දේ ඉතා කෙටියෙන් ලිව්වෙමි )

    ReplyDelete
    Replies
    1. මං නම් බැලුව නැහැ. ඉතිං කෝමද බොල හොදක් නරකක් කියන්නේ.

      මම දැක්කෙ ඒකත් රජයේ නාලිකාවලින් වවාගෙන කාපු නාටකයක් විදිහට. ඇයි යකෝ ප්‍රශ්න අමතක වෙනවනේ :)

      ජය !

      Delete
  34. මෙව්වනේ යකඩෝ පොරශ්න

    ReplyDelete
    Replies
    1. මට චෑන්ස් එකක් ලැබෙයි නේ ?

      Delete
  35. ආස්චර්යෙ පුතා.........;)

    ReplyDelete
  36. පොඩි සැමාගේ ලිපියකට වැටෙන්න ඕන කතාවක්නේ මේ පට්ට‍යි

    ReplyDelete
  37. "පනාපුත්‍ර වගේ මෙයත් ගොඩ යනවා, සිකුරුයි :)
    අතිගරු ජනාධිපතිතුමන්ගේ බ්ලොග් පිලිබඳ උපදේශක දේශමාන්‍ය සෑමා මහතා

    ප. ලි :එතකොට ඉතිං බ්ලොග් ලියන උන්ට අතිකාල දීමනා, අර්ථසාධක... එතනින් ගියාම විශ්‍රාම වැටුප් හෙම ගන්නත් ඇහැක් වෙයිනෙ ඔබතුමා ලවුවා.. :D

    ReplyDelete
  38. විශිෂ්ටයි!!! මේ ලිපියෙන් කොටසක් උපුටා ගත්තට කමක් නැතැයි සිතමි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...