Sunday, February 17, 2013

අතින් බැරි නම් සොලවා කටේ තියා ගන්න...


මෙය හුදෙක් අසමජ්ජාති කතාවක් නෙවේ. කට්ටියට සෑමාගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න කියලා දෙන්න හදන්නේ. අතගාලා හොද කරන්න බැරි ලෙඩ වුනත් හොලවලා කනේ තියා ගත්තම හොද කරන්න පුලුවන් කියල මෑත භාගයේ කරපු සමීක්ෂණයකින් සෑමා හොයාගත්තා. මතකද රුපියල් දෙකක් වියදම් කරල තමන්ගෙ නැති වුණ ෆෝන් එක හොයා ගන්න හැටි සෑමා කියල දුන්න. (මෙතැනින් බලන්න) ඒ වගෙම මේ උප්පර වැට්ටියත් අත් දුටුයි ප්‍රතකෂ්‍යයි.

මෑත භාගයේදී සෑමාගේ දුරකථනයේ චාජරයට හක්ක පටස් වූයේය. ඉන් පසුව චාජරයක් ගන්න ගියා සෑමාට ලිබර්ටියේදී ඔරිජිනල් කියා 1800/-ක් වටින් චාජරයක් දික් කළේ ෆෝන් කම්පැනියේම බලයලත් අලෙවි නියෝජත කෙල්ලෙකි. ඇයට හසු නොවූ සෑමා එය ප්‍රතික්ෂේප කොට ඒ අසලම තවත් ෆොන් ෂොප් එකකින් බාල වර්ගයේ චාජරයක් මිලට ගෙන ගෙදර ආවේය. එය එතැනිදී චෙක් කළ විට වැඩ කළේය. ගෙදර පැමිණ චාජරය ගැසූ විටද හොදින් වැඩ කළ මුත් චාජරය ගසා තිබියදි කෝල් ගන්නට තියා ෆෝන් එක අන්ලොක් කිරීමට පවා නොහැකි තත්වයක් තිබුනේය. එය ගණනකට නොගත් සෑමා සුපුරුදු පරිදි එම චාජරයෙන්ම ෆෝන් එක චාජ් කලේය. අවසන සෑමාට කෙළ වූයේ ෆෝන් එකේ ටච් එක සමහර ස්ථානවලින් වැඩ නොකිරීම නිසාය.

ඉන්පසු සෑමා තුන් මුනින් දාඩිය දමාගෙන මැසේජ් ටයිප් කරන්නට, කෝල් ගන්නට වූයේ ෆෝන් එක ඒ පැත්තට මේ පැත්තට පෙරලමින්ය. මැසේජ් වලදී යම් තැනක අකුරක් ටච් වෙන්නේ නැතිනම් ෆෝන් එක අනිත් අතට පෙරලා කී බෝඩ් එක ලෑන්ඩ්ස්කේප් ලෙසට පැමිණි විට ටයිප් කිරීම වේදනාකාරී වූයේය. එම තත්වය දරුණු අතට හැරුණේ ස්පේස් බාර් එක ගසන හැම වාරයක් පාසා ෆෝන් එක අනිත් අතට කරකවන්නට වූ දා සිටය. ඉන් පසු තත්වය තවත් දරුණු වූයේ ෆෝන් එක අන්ලොක් කිරීමට පවා නොහැකි වූ දාය. බොහෝ අපහසුවෙන් අන්ලොක් කරන ආකාරය වෙනස් කර ගන්නට සෑමාට හැකි වූයේය.

ඉන් පසුව එලැඹියේ රෝගයේ දරුණුම අවස්ථාවය. ස්ලයිඩ් කරමින් ලැබෙන ඇමතුම් ආන්සර් කිරීමට නොහැකි තත්වයක් සෑමාට උදා වූයේය. එය නම් මිහිපිට ඉන්නා වූ ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයෙකුට උදාවන්නාවූ සෝචනීයම කරදරය වන්නේය. ලැබෙන ඇමතුමක් ආන්සර් කිරීමට නොහැකි වූ විට, අදාල පුද්ගලයා අත්‍යාවශ්‍ය කාරණයකට කතා කලාදැයි දැන ගැනීමට සෑමාටම නැවත වරක් කෝල් කරන්නට සිදු වීම අතිශය සෝචනීයය. දින කිහිපයක් එලෙස ගත කළ සෑමා විකල්පයක් සොයා ගැනීමට සෑමා බුකියේ ස්ටේටස් එකක් දැම්මේ කවුරුන් හෝ උදව් කරාවී යැයි බලාපොරොත්තුවෙනි. එහිදී ලැබුනු විකල්ප ක්‍රම වූයේ හෙඩ් සෙට් එකක් හෝ බ්ලූ ටූත් සැට් එකක් භාවිත කිරීම හෝ ඔටෝ ආන්සර් ඇක්ටිව් කර ගැනීමය. හෙඩ් සෙට් එක නැති වූ නිසාත්, ඔටෝ ආන්සර් මහා කරදරයක්  නිසාත් (හේතු අනවශ්‍යය) එවා මග හැරීමට සෑමා පියවර ගත්තේය. එසේම ආන්සරින් මෝඩ් එක පවා වෙනස් කළ නොහැකි තත්වයක් තිබුනේය. එසේ කළ හැකි වූවා නම් ස්ලයිඩ් නොකර ආන්සර් කරන ක්‍රමයකට වෙනස් කර ගත හැකිව තිබිණි. සෑමාගේ බ්ලොග් රසිකයෙක් වන නිශාන්තයා තමන්ට පැවරුණු මහා වගකීමක් ලෙස මීට පිළිතුරු සෙව්වේය.

මේ අතර සෑමා ස්ලයිඩ් නොකර ෆෝන් එක ආන්සර් කරන විදි කල්පනා කලේය. ඒ අතර අලුතෙන් තීම් දමමින් එය වෙනස් වනවා දැයි සෑමා ටෙස්ට් කර බැලුවේය. නමුත් වෙනසක් නැතිය. අවසානේ නියම ඇප් එකක් සෑමාට සෙට් වූයේය. එය දැමූ පසු ස්ලයිඩ් නොකර ෆෝන් එක ආන්සර් කළ හැකිය එසේම ඩිස්ප්ලේ එක මත ටච් කළ යුතු නැත්තේමය. ෆෝන් එක රින්ග් වෙද්දී එය කනේ තබා ගැනීමෙන්, සොලවා කනේ තබා ගැනීමෙන්, යන ක්‍රම වලට ෆෝන් එක ඔටෝ ආන්සර් වීම සෑමාගේ ෆෝන් එකේ ලෙඩේ සුව කළේය.

අතින් කරන්න බැරි දේ සොලවා කළ හැකි බවට පසක් කරන එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ක්‍රමය ඉතිහාස ගත වන්නේය. මෙය ඔබත් භාවිත කර බලන්න. වෙනස වටහා ගන්න.

අවවාදයයි - සෑමාගේ ෆෝන් එකේ ටච් එක වැඩ නැති නිසා මෙය වඩාත් සුදුසු බවත්, අත වැඩ කරන අයට මෙය කොතෙක් දුරට සාර්ථක වේදැයි සැක සහිතය. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියමින්, ඔබේ ආරක්ෂාව ඔබම බලා ගන්න.


අතට කීයක් හරි එනකල් සොලව සොලවා ඉන්න තමා වෙන්නේ..  :(

sAm ශ්‍රී Perera_05:12pm_17/02/2013

74 comments:

  1. බඩුම තමා මෙච්චර කල් නිකම් තියං හිටපු කලින් පෝං එකෙන් වැඩක්
    ගන්න පුළුවන් වෙයි එහෙනම් ඇරපු අතක් නෑ ඔය ලෙඩේමයි ,දැන් ඉතිං
    හොල්ලල කටේ තියාගන්න පුළුවන් මේ ඇප් එක දුන්නට තැන්කු සෑමෝ

    ReplyDelete
    Replies
    1. වැඩේ ට්‍රයි කරල ගුණ දොස් කියපං.. මේක සමාජ සත්කාරයක් බොලව් !

      ජය !

      Delete
  2. දවසට කි සැරයක් අත හොලවනවාද?.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක රිං වෙන හැම වාරෙකම !

      ජය !

      Delete
  3. ෆෝන් එකට උනේ කියල හොයල බැලුවෙ නැද්ද..! චාජරේ නිසාම ලෙඩවෙලාද..?
    ගැලැක්සි එස්2 එක හොඳයිද බං..!

    ReplyDelete
    Replies
    1. ගැලැක්සිය හොදා නොවැ..

      මගේ එකට වොරන්ටි තියෙනව බං. ඒත් මම ඒක ගැලෙව්ව පන්ඩිත කමට. සද්ද නැතුව ගිහින් දෙන්නෝනි..

      ජය !

      Delete
    2. පිස්සුද බන් ගන්ඩ එපා galaxy s2.

      Delete
  4. අනේ...උඹටත් වෙන වැඩ! අපිටනම් ඉතිං ඔය කරදර නෑ! බටන් ටික තියනවනේ පෝන් එකේ!

    ReplyDelete
    Replies
    1. ඔබද්දි ඇගිලි රිදුනත්, බටන් නම් මසුරං !

      Delete
  5. ඇන්ඩ්‍රොයිඩ් වල ස්ලයිඩ් කල විට ආන්සර් නොවිම පොදු රෝගයක්.
    ඒකට නම් ටච් එක අදාල නෑ.
    ඔන්න ඕකයි ගාන නොබලා ඔරිජිනල් ගන්න කියන්නේ. ඩුප්පා ගත්තත් ටිකක් හොද එකක් බලන්න ඕනේ.මගේ නොකියා එකට කෙලවුනෙත් ඔය එක එක චාජර් ගහලා

    ReplyDelete
    Replies
    1. එක එක ඒව ගැහුවම ඔය ලෙඩ හැදෙනවා කියලත් මට වැටහුනා බං !

      ජය !

      Delete
  6. හොල්ලලා කටේමද තියාගන්න ඕන මචෝ

    ReplyDelete
    Replies
    1. උගුරටම දා ගත්තත් අවුලක් වෙන එකක් නැහැ නලින් අයියා !

      ජය !

      Delete
  7. මට නම් ඔය මගුල් අරහං නිසා පට්ට පරන ෆෝන් එකක් භාවිතා කරමි.

    ReplyDelete
    Replies
    1. ඒවා දහස් වර හොදයි බං !

      ජය !

      Delete
  8. උඹත් ලියන්නෙම මාර පෝස්ටු.අපිට ඕවා වැඩක් තියෙනව ඈ?...

    ReplyDelete
    Replies
    1. බොට මොනාද වැඩ නැත්තේ.. බලපං මාතෘකාවම !

      ජය !

      Delete
  9. මේ කියලා තියන මෙලෝ මල දානයක් මට නොතේරුන බව ඉමහත් ගෞරවයෙන් සටහන් කර නිහඬ වෙමි.

    ReplyDelete
    Replies
    1. යකෝ බොල තාක්ෂනික පොරක් නේ ?

      ජය !

      Delete
  10. මේකගේ තියෙන ලෝබ කමට ඔහොම වෙලා මදි....

    ReplyDelete
    Replies
    1. සල්ලි ගස්වලින් කඩනවද යකෝ !

      Delete
  11. මාත්රුකාව විතරයි. මේ වගේ ජරාවල් නිසා තමයි අද සිංහල බ්ලොග් තනිකරම කුනු ගොඩක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාතෘකාවෙන් බලාපොරෙත්තු වුනේ අසික්කිත හිත පුබුදුවන කුණු හබ්බයක්ද?

      සමාවෙන්න, කුනුහරප ලියල ආතල් දෙන්න විදිහක් නැහැ මෙතන. හිතේ පිරිසිදු කම අනුව තමා එක එක ච්ත්ත රූප මැවෙන්නෙ.

      ජය !

      Delete
    2. වෙසක් මාසයට වෙනම වෙසක් කලාපයක්, පොසොන් කාලයට වෙනම පොසොන් කලාපයක් නම් කරමින්, ආගමානුකූල ලිපි සතියක් පුරාවට දමන වෙනත් තැනක් දැක තිබේද???

      Delete
    3. @ඇනෝ : කියල වැඩක් නෑ බන්. මොකක් හරි කුණුහරුප මාතෘකාවක් දාලා හිට්ස් ටිකක් හොයාගන්න උන් ටිකක් විතරයි දැන් බ්ලොග් ලියන්නෙ. මේවට කමෙන්ට් කරන්න එන මහා බ්ලොග් කාරයෝ කියල හිතන් ඉන්න උනුත් එක වල්ලෙ පොල් තමයි.

      Delete
    4. අත/කට/සෙලවීම

      කුණුහරප ?

      Delete
  12. හොල්ලලා මොකේ තියාගන හරි කමක් නැ කතා කරනකොට කතා කරහං

    ReplyDelete
    Replies
    1. බොට තේරුනාද මම ඇයි බොට ආන්සර් නොකලෙ කියල??

      ජය !

      Delete
  13. මුන් හිතන් ඉන්නේ කුණුහරප ලියලා හිට් වැඩි උනාම මහා ලොකු බ්ලොග්කාරයෝ කියලා,,,අද මේ වගේ දෙකයි පනහේ බ්ලොග් පෝස්ට් නිසා මුලු බ්ලොග් අවකාසෙම කුනු ගොඩක් වෙලා

    ReplyDelete
    Replies
    1. අත/කට/සෙලවීම

      කුණුහරප ?

      //කුණුහරප ලියලා හිට් වැඩි උනාම මහා ලොකු බ්ලොග්කාරයෝ කියලා//

      මෙතන කුණුහරප නැහැ, බලාපොරොත්තු වුණ දේ ලැබුනෙ නැත්තං අඩන්න එපා. මහ ලොකු බ්ලොග් කාරයෙක් කියල හිතාගෙන ඉන්නෙ ඔබ තුමා වෙන්න ඇති. බ්ලොග් අවකාශෙ තැනක්,ගන්න පලවෙනයා වෙන්න කියල හිතාගෙන ඔයා ලියනවා ඇති.

      ඒත් මට බ්ලොග් ලියන හැම එකාම එකයි. හැමෝම කරන්නෙ ලියන එක මිසක්, අමුතු දෙයක් නෙවේ මට !

      Delete
  14. මේක නම් උඹට අල්ලල යයි මගේ හිතේ, උඹ කොහොමත් හොලව හොලව ඉන්න මනාපයි නොවැ.

    සෑමා දැන් සමාජ සේවයෙමද මන්ද.

    ReplyDelete
    Replies
    1. පවනට සැලෙනා..

      සමාජ සේවය තරම් දෙයක් තියෙනවද බං ?

      :)

      ජය !

      Delete
  15. 1800 කට ‍ලෝබ වෙලා දැං හොල්ල හොල්ල ඉන්නවද.

    ReplyDelete
    Replies
    1. අනේ එවලේ මම ආර්ථික අර්බුධයක බං හිටියේ..

      Delete
  16. මේ නහින දෙහින කාලෙ රුපියල් 2000කට විතර ෆෝන් එකක් ගන්නෙ නැතුව ගන්නව මෙතන ගැලැක්සි...

    ReplyDelete
    Replies
    1. ගැලැක්සි නෙවේ බොල හුවාවේ ඇන්ඩ්‍රොයිඩ් කට්ටක් !

      Delete
  17. මාත් මේ ටිකේ බරපතල විදියට කල්පනා කරනවා ලෝකල් චාජරයක් ගන්නවද කියලා.. රැ 200 ඉඳලා ඉහලට තියෙනවා තමයි.. ඒත් අපේ මහත්තයා කියන විදියට එකක් වත් ෆොන් එකට හරියන වෝල්ටේජ් වලට නෙවෙයි තියෙන්නේ.. හෙනම අමාරුවෙන් රට ව‌ෙට්ම කැරකිලා පෙනුම තියෙන, බට්න් තියෙන ‌ෆොන් එකක් හොයාගත්තේ.. මල ඉලවු ටච් ෆොන්මයි හැම තැනම... දැන් මාසෙකට වැඩියි ෆොන් එක පැත්තකට දාලා.... මේ කියන විදියට නම් 1500ක් විතර දීලා හරි හමන් චාජරයක් ගන්න එක හොඳයි වගේ....

    වැඩේ කියන්නේ මෙච්චර කල් පාවිච්චි කරපු එකම නොකියා ෆොන් එකක වත් චාජරේ අවුල් උනේ නෑ.. ‌‌ඒත් මේ සැම්සුන් ‌ෆොන් එක මාස දෙකෙන් චාජරේ පිච්චුනා... මොකක් හරි සැම්සුන් වල ලෙඩක්ද මන්දා....

    අනේ නොකියා...
    අපි ගැන හිතලා...
    බට්න් තියෙන ෆොන් මොඩ්ල් එකකුත් දාන්නකෝ ඉඳලා හිටලා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නොකියා වල ලෙඩ අඩුයි කියන කතාව මම තාමත් තරයේ පිලිගන්නවා හිරු.
      මට තියෙන්නෙ ගැලෙක්සියක් නෙවේ. හුවාවේ ඇන්ඩ්‍රොයිඩ් කට්ටක්.

      ඔරිජිනල් චාජරේ නැතුව වෙන ඒව ගැහුවම වෝල්ටේජ් වෙනස් වෙනවා. අනික අර බැටරිය ගහන මල්ටි චාජරේ. ඒක මහ අපරාධයක්.

      ජය !

      Delete
  18. චාජරයේ වැරැද්දම කියලා කියන්න අමාරුයි සෑම්..කොහොම වුනත් ඉක්මනට හොඳ ‍ෆෝන් එකක් ගන්න පුළුවන් වේවා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ චාජරේ තමා රූ. ඇස් පනාපිට නේ වැඩේ සිද්දවුනේ

      Delete
  19. සෑම් අයියේ දවසකට කී පාරක් හොහොම හොලවනවද? මම කිව්වේ අත?

    ReplyDelete
    Replies
    1. රින්ග් වෙන වාරයක් පාසාම !

      Delete
  20. උඹ හරි වල් බන්...බලපන් දාන මාතෘකා //අතින් බැරි නම් සොලවා කටේ තියා ගන්න...//

    ඔච්චර රෙන්න ඕනෙද බන් ගනින්කො අලුත් ෆෝන් එකක්...

    ReplyDelete
  21. මෝටර් සයිකල් එලවන එකෙක් ඔය වගේ ෆෝන් එක සෙට් කරලා යන වෙලාවක් රින්ග් වෙනකොටම වලක වැටුනොත් ඔටෝ ආන්සර් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අද අපේ උන් විහිළු කලා බං. මට කරදරකාරී කෝල් එකක් ආවා. මම සාක්කුවෙන් පරිස්සමට නොසොල්වා ෆෝන් එක ගන්නකොට අපේ එකෙක් වාහනේ වලක දැම්මා. මම කෑගැහුවා. උන් මාව විනාස වෙන්න බයිට් කලා බං !

      ජය !

      Delete
  22. නොකියා 3310 තමා දැකපු හොඳම ෆෝන් එක. චාජර් ඕනිම නැ.බැටරි බැස්සොත් අවුවේ තියෙන එක විතරයි. වලියකට යන්න,දොර ඇදේට තියන්න එලම බාන්ඩේ.කොච්චර පොලේ ගැහුවත් ලෙසටම වැඩ.

    ReplyDelete
    Replies
    1. අන්න ෆෝන්. තවම ඇති සමහර රීලෝඩ් කඩවල් වල !

      Delete
  23. ඕක හොලවන්න ඕන දකුණින්ද නැත්නම් වමතින්ද බන්?

    ReplyDelete
  24. ඕකනේ කියන්නේ ඒක ඒක එව්ව ගහන්න යන්න එපා කියල :D

    ReplyDelete
    Replies
    1. එකක් විතරක් ගැහුව නම් ලෙඩ නැහැ තමා :)

      Delete
  25. Up8 උඩු..ඒක පට්ට ඇප් එකනේ

    ReplyDelete
  26. ඉතින් සැමෝ තාමත් හොලවනවද?? ඔය හෙලවිල්ලට නිවාඩුවක් දෙන්න හිතක් නැතෙයි??

    ReplyDelete
    Replies
    1. මේක හදා ගත්තම නිවාඩුවක් ලැබෙයි බං !

      Delete
  27. අත සොලවා කට සොලවන්න කියල අපේ පුරාන මුතුන් මිත්තො කිව්වෙ මේ ඇප් එක ගැන දැනගෙන වෙන්ඩැ

    ReplyDelete
  28. සෑමා උඹ මේ කියන්නෙ අර Huawei එක ගැන නෙවෙයිද? මේ ඒක නෙවෙයිනම් මොකක්ද ෆෝන් එක Galaxyද එහෙම නම් Huawei එකට මොකද වුනේ?

    ඇයිමේ ලෙඩේ හැදුනේ? චාජර් එක ගහපු නිසා කියලාද උඹ හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. හුවාවේ එක තමා බං මේ ඉරණමට ගොදුරු වුනේ.

      මට හිතෙන්නෙ චාජරේ නිසාම තමයි මචං !

      Delete
  29. අපිට මොන ටච් ද බං.එස් බී මාමා ඒවත් දෙන්ඩ ගත්තොත් බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. හුටස්.. ටච් කරන්න දෙනව කිව්වාද බුවා ?

      එලනේ !

      Delete
  30. ඇත්තටම බාල වර්ගයේ චාජරයක් පාවිච්චි කළ නිසා ඇතිවුනු දෝෂයක්ද ඕක...?

    ReplyDelete
  31. හි හි.. සෑමාජ මෙහෙවරක්. :)

    ReplyDelete
  32. ඔක්කම එකයි වගේ. මගේ ‍ෆොන් එකෙත් චාජර් එක කැඩිලා. එත් දැන් මාස 6ක් විතර ලැප්ටොප් එකට ගහලා තමයි චාජ් කරගන්නෙ හැක් හැක් :පී

    ReplyDelete
  33. ඇයි සෑම් හැම වෙලේම ජය කියලා කියන්නේ. ඡන්දේ ඉල්ලන්නවත් හිතන් ඉන්නවද...

    ReplyDelete
  34. මගේ නම් දැන් අවුරුදු දෙකහාමාරක් තිස්සේ ගනිපු ‍පළලවෙනි පෝන් එක මසුරන් වගේ වැඩ.චාජරෙත් එහෙමමයි.කිසිම අවුලක් නෑ. චයිනිස් අඩු ගානක එක්ක උනත් මම උන්දැව පරිස්සම් කරනවා හරියට ඇපල් පොන් එකක් වගේ...:P ඔය ටච් පෝන් නම් අම්බෝ මට ඇලජික්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...