Friday, February 15, 2013

ආලෝකය නොදකින තරුවකට ආලෝකයක් වෙන්න...


ඇත්තටම සෑමා රියැලැටි වැඩසටහන් වලට අකැමැතිය. එහෙත් මේ ඉටු කරන්නට යන්නේ සෑමාගේ මිත්‍රෙයකුගේ ඉල්ලීමක්ය. දෙනෙත් නොපෙනෙන, පුංචි ගායකයෙකු ජනප්‍රිය තරුවක් කරලීමට වෙර දරණ මිතුරෙකුගේ ඉල්ලීමක්ය. ඔහු පෞද්ගලිකව මේ දරුවා හදුනන්නේ නැත. එහෙත් ඔහු ඉල්ලීමක් ලෙස කියා සිටියේ “මචං පොඩි එකා ජනප්‍රිය තරුව වුනොත් ඒ සල්ලිවලින් ඇස් දෙකක් හරි බද්ධ කරලා පෙනීම ලබා ගනී“ කියාය. ඔහු එවූ වීඩියෝවක මේ පුංචි දරුවා කළ ගායනයක් සෑමා දුටුවේය. එහි දුටු සංවේදීම සිද්ධිය නම් ගායනය අවසානේ වේදිකාවෙන් පිටත් වන ස්ථානය සොයා ගත නොහැකිව දරුවා එහෙ මෙහේ කැරකෙන ආකරයයි. 

අදුරේ සිටින්නාට ආලෝකයේ අගය දැනෙනවා මිසක, ආලෝකයේ සිටින්නාට ආලෝකයේ අගය නොදැනෙන්නේය. ඒ නිසා මේ ලියූ ටිකෙන් ඔහුට ආශිර්වාදයක් වේවා යැයි පතමි.



* Please VOTE :-
DLS <space> 10 and SEND to 9900
* Iroshan Madusanka ජනප්‍රියම තරුව කරන්න.
DLS <හිස්තැනක්> අංක 10 යොදා 9900 ට ඔයාලට පුළුවන් තරම් SMS කරන්න.
* ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හෝ ඕනෑම CDMA දුරකථන ජාලයකින් කැමති ඕනෑම ප්‍රමාණයක් පෙබරවාරි 16 අවසාන මහා තරග රාත්‍රිය තෙක් SMS කළ හැක. දැන්ම SMS කරන්න.


51 comments:

  1. වෝට් කරන එක ප්‍රශ්නයක් නෙමේ මචන්.. ඒත් වාණිජමය පරමාර්ථ පස්සෙ දුවන ඔය වගේ වැඩසටහනකින් මේ වගේ දරුවෙක්ට පළවෙනි ස්ථානය දෙයි කියලා උඹ හිතනවද ? මගදිම හලනවා කොච්චර වෝට් හම්බුනත්..

    වෙන විදිහක් බලමු ඒ දරුවට උදව් කරන්න....

    ReplyDelete
    Replies
    1. මම දන්නව මචං ඔය රියැලටි වැඩසටහන් ගැන. මේක ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමක් විතරයි.

      වෝට් කෙසේ වෙතත් මොනව හරි උදව්වක් වෙයි මේකෙන්..

      ජය !

      Delete
    2. පළවෙනියා උනානේ ඉතිං!! :)

      Delete
    3. මම වැරදියි. සමාවෙන්න.

      Delete
  2. සෙන්නා කියන්නේ ඇත්ත මේක මෙහෙම යන්න දෙමු. මොකද වෙන්නේ බලමු මේ කොල්ලව හලපු දවසට අපි දෙයක් පටන් ගනිමු.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුති හැමෝටම..

      Delete
    2. සෑමා. උඹ ඔය කියපු වැඩසටහන (කොලුව දිනපු එක ) බැලුවද දන්නෙ නෑ. මටත් අහම්බෙන් බලන්න සෙට් උනා පෙරේද යාලුවෙක්ගෙ ගෙදර නැවතුන හින්ද. කොලුව ලස්සනට සින්දු කියනවා. ඒ උනාව ඌව ඒකෙන් විකුනනව බන්. පොරගෙ කටේ පැත්තකින් කෙල වැටෙනව. කැමරාකාරයො මුලු සින්දුව ඉවර වෙනකම්ම ඒකෙ සමීප දසුන් පෙන්නනව. පව් මචන්. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල. කොහොමහරි කමක් නෑ හොඳක් වෙනවනම් එච්චරයි

      Delete
  3. සල්ලි තියනවනම් ඇස් දෙක හොඳ කරගන්න පුලුවන්ලුද?
    මට නම් බය මේක ආදායම් මාර්ගයක් කියල තේරිච්ච දාකට දෙමව්පියොත් ළමයව විකුනගෙන කන්න ගනීද කියන එක. එහෙම සිද්දි ඕන තරම් වෙනව.
    මැසේජ් ටිකක් නම් යැව්වා. මම ඕව බලන්නෙ නෑ. මොකද උනේ කියල යාලුව කිව්වොත් අප්ඩේට් එකත් දාපන්. Thanks

    ReplyDelete
    Replies
    1. මේ කි‍යන දේත් ගත යුත්තක් තියනවා. ඔන්න මමත් sms එකක් දැම්මා.

      Delete
    2. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  4. ඔබ හරි. මම ද ඉහත ආකාරයේ රියැලිටි කලාවට අකමැති වෙමි. නමුත් මෙම සටහන දුක්මුසු සහ හැඟීම්බර චින්තනයක් ඇතිකරනවා.
    නමුත්, නලීන් කියන පරිදි මෙම ළමයා හලලා දැමුවෝත්, ඇස් නොපෙනෙන මේ ළමයාට ඇතිවන දුක.... සමහරවිට එය ඇස් නොපෙනීමට වඩා එහා යන්න පුළුවනි. කුඩාකළ මුහුණ දෙන මෙවැනි සිද්ධි යමෙකු මන්දෝස්සාහි කිරීමට සමත් විය හැකි බැවිනි. නමුත්. විටෙක අධිෂ්ඨානශීලීව ඉදිරියට යන අයද නැතුවාම නොවේ. එහෙත් මේ කාසිය උඩ දමා බලන රියැලිටි ක්‍රීඩාවෙන් අනිවාර්යෙන් ලාභ ලබනුයේ ව්‍යාපාරිකයා පමණී.

    ReplyDelete
    Replies
    1. //මෙම ළමයා හලලා දැමුවෝත්, ඇස් නොපෙනෙන මේ ළමයාට ඇතිවන දුක.... සමහරවිට එය ඇස් නොපෙනීමට වඩා එහා යන්න පුළුවනි.// මගේ අදහසත් මේකම තමයි. ඒත් මාත් දන්න දවසේ ඉඳන් වෝට් කළා....

      Delete
    2. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  5. මේ ළමය දිනුවොත් දෙමව්පියො සහ අදාල රූපවාහිනී නාලිකාව මේ ළමයව විකුණගෙන කයිද කියන එකයි බය.

    කොහොම වෙතත් ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  6. //මේ ළමය දිනුවොත් දෙමව්පියො සහ අදාල රූපවාහිනී නාලිකාව මේ ළමයව විකුණගෙන කයිද කියන එකයි බය.//

    ප්‍රසන්න ගේ අදහසට මමත් එකඟයි, දෙමාපියෝ කෙසේ වෙතත් නාලිකාව නම් පොඩි එකාව විකුණාගෙන කයි.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  7. මමත් වොට් කලා. හතු පිපෙන්නාසේ තියෙන ලියැලිටි වැඩසටහන් වලට කවමදාවත් වොට් කරන කෙනෙක් නම් නෙමේ මම. සැමෑගේ පෝස්ටුව කියවලා යූ ටූබ් වල තිබ්බ පොඩි එකාගේ ගීත ඇහුවා. උපතින්ම දෑස් අහිමිව ඉපදුන කෙනෙක්. හැබැයි දක්ෂයි කියලා හිතෙනවා. දරුවාගේ දක්ෂකමෙන් දරුවා තැනක් ගනීවි කියලා හිතෙනවා...අපි බලමු..

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  8. මේ වැඩසටහන ගැන මගේ අදහස මෙන්න මෙතන කියලා තියනවා.
    අහෝ පොළොව

    මේ දරුවා ඉතා දක්ෂයි. නමුත් ඔහු දැන් ව්‍යාපාරික අරමුණු වල ග්‍රහණයට ලක්වෙලයි ඉන්නේ. ඔහුගේ දෙනෙත් සුව කරගන්න මේ දෙමවුපියන් විඳින දුක වෙනුවෙන් උදවු කරමු.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  9. පව් මොනවා හරි උපකාරයක් කරන්න පුලුවන්නම් හරි වටිනවා .

    ReplyDelete
  10. බලමු! අපි මොකක් හරි කරමු!!!!

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  11. යකඩෝ මම ලංකාවේ නැහැනේ. හිටිය නම් ඩෙෆා යවනව sms එකක් නෙවෙඉ 10ක් ම

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  12. දරුවන් විකුණාගෙන කන හිඟන්නන්ගේ හ මේ දෙමව්පියන්ගේ මෙන්ම දෙරණ නාලිකාව අතරත් මාකිසිඳු වෙනසක් දකින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  13. මමත් රියැලිටි වැඩසටහන්වල සැබෑ රියලිටිබවක් දකින්නෙ නෑ මාකට් ක්‍රන්න දෙවල් නැතිඋනාම ළමයින් පවා මාකට් කරන රියැලිටි මට අරහං. නැතිද වෙන ක්‍රමයක් මේ ළමයට උදව් කරන්න .

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  14. මෙතැන ගොඩ දෙනෙක් කියල තියන විදියට රියලිටි කියන්නේ පොඩි එවුන්වත් මාකටින් කිරීමක් තමා
    ඒත් මේ පොඩි එකා ඒ ගැන මෙලෝ සසරක් දන්නේ නෑ,අඩු ගානේ ටීවී එකෙන් එයාගේ සින්දු කියන හැටි බලන්නවත් එයාට බැහැනේ. දුකයිනේ .. .මාත් ලංකාවේ දන්න අයට කියන්නම් sms කරන්න .

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  15. සෑමාගේ බ්ලොග් එකේ මම දැකපු සංවේදීම සටහන අපි උදව් කරමු.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  16. හැකි වෙනත් විදියකින් උදවු කරමු.සෙන්නා කියපු විදියට මකෙට් කරන්න බැරිනම් කොච්චර SMS ලැබුනත් හලලා දාන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  17. අද රෑ නේද ඕකෙ අවසන් වටය යන්නෙ, මමත් එකක් නම් දැම්මා සෑමෝ... බලමුකො මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  18. එකක් දාමු...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  19. අද ෆයිනල් එක නෙහ්.මාත් එස්.එම්.එස් යවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  20. මටත් හිතෙන්නෙ වෙනක්‍රමයක් හොඳා කියල...!

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  21. Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  22. සෙන්නා නලින්, වීයා ඇතුළු බොහෝ දෙනාගේ අදහසට එකඟයි. උදවු අවශ්‍ය අවස්තාවේදී උදවුවක් කරමු.

    අනික මේක තරඟයක්. (ජය පරාජය නාලිකාවට අවශ්‍ය පරිදි වෙනස් නොකලොත්) අනිවා සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. අනුකම්පාවට නෙවෙයි. එහෙම නැතිනම් සැබෑ ජයග්‍රාහකයාට අසාධාරණයක් වෙන්නේ. මේ පොඩි උන්ගේ තරඟයේ ප්‍රතිඵල බලෙන් වෙනස් නොකර ඔහුට වෙනයම් අයුරකින් සාධාරණයක් කරමු.

    මාත් කිසිම රියලිටියක් (SSS session 1 SMS මගඩිය ආපු වෙලාවේ ඉඳන්) බලලා නෑ. ඒ නිසා මේ දරුවාගේ ජයග්‍රහණය ගැනත් ඔබෙන්ම අප්ඩේට් එකක් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊයේ ජනප්‍රිය තරුව ලෙස පොඩ්ඩා ජයග්‍රහනය කළාලු.. ස්තුතියි හැමෝටම..

      Delete
  23. මම ටිකක් ප්‍රමාදයි. කොල්ල ගැන අනුකම්පා කරලා අපි යවන එස්.එම්.එස්. වලින් ටෙලිෆෝන් කොම්පනියයි, චැනල් එකයි රජ මගුල් කනවා.

    ReplyDelete
  24. සටහන දකින්න ප්‍රමාද උනත් අහම්බෙන් බලන්න ලැබුන වෙලේ දැක්කේ මේ ළමයාගේ සින්දුවක් නිසා මමත් එස් එම් එස් කළා..........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...