Thursday, February 14, 2013

ලෝකෙටම ඇහෙන්න ආදරේ කියන්න... - වැල-ඉන්-ටයිම් කතාවක්..


ඉහි ඉහිහීඉහි..ඉහි ඉහිහීඉහි..ඉහි ඉහිහීඉහි..

දැන් ඔයාල බලයි කාගෙද ඒ කිංකිණි හිනාව කියල. ඒ හිනාව වෙන කාගෙවත් නෙවෙයි. ඒ හිනාව එයාගෙ... එයා... චංචලා..

ඉහි ඉහිහීඉහි..හික්..හික්.. නිසල්.. එයා මට කතා කළා..

චංචලා.. මම පිලිවදන් දුන්නා..

එහෙනම් ඔයා ආව නේද??. මම ආයෙ ඇහුව.

මම ආව නිසල්.. එයා මට කිව්වා.

චංචලා තමයි මගේ කුළුදුල් ආදරේ. ඇත්තටම චංචලා මගෙ ජීවිතයට ඇවිත් තවම දවස් දෙකක් තුනක් වුණාට ඇත්තටම මට දැනෙන්නෙ අපෙ ආදරේ අවුරුදු ගාණක් තිස්සෙ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එන ආදරයක් වගේ.

නිසා..ල්...

චංචලා..

මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නෙ..

චංචලා.. නැහැ චංචලා... මං මේ කල්පනා කළේ ඔයා වගේ කෙල්ලෙක්ගෙ ආදරේ ලබා ගන්න මම කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද කියල.

ඔය ඇත්තමද නිසල්???

සත්තයි චංචලා...

මගෙ නිසල්...

මගෙ චංචලා...

එහෙම කියපු මං, වංචලාව මගෙ ලගට ඇදල ගත්ත...

ම්..හික්..හික්.. මේ... අනේ අපි පොඩ්ඩක් රැල්ල පාගල එමු නිසල්..

හ්ම්..ම්හ්.. යං කෙල්ලෙ... එහෙම කියපු මං ඩෙනිම පොඩ්ඩක් උඩට නවා ගත්ත. හෙට වැඩට යන්නත් තිබ්බ නිසා සපත්තු දෙකත් ගලවල දැම්ම. නැත්තං අපේ උන් මට බනී ඔපීස් එක කරවල ගදයි කියල.

නිසාාාාල් එන්නකොාාාා්්

මේ එනව චංචලාාාාා

නිසල් ඔන්න.... අහ්..

ආාාාව්..

ඒ සද්දෙට ඔයාල බය වුණාද මාව මෝරෙක්වත් කඩන් කෑව කියල.. එහෙම දෙයක් වුනෙ නැහැ, චංචලා මුහුදු රැල්ලෙන් දෝතක් අරන් මට දමල ගැහුව.

ඔහොම ඉන්නව හොර කෙල්ල..

හිකි..ඉකි..ඉහ්..හිකි..ඉකි..ඉහ්..හිකි..ඉකි..ඉහ්..

අද අල්ලලා.. දෙනවා.. හහ්..හහ්.හා...

මම ඒ විදිහට චංචලා පස්සෙ හබාගෙන ගියා...

අනේ එපා නිසල් අතාරින්න..

දෙනව අත..දෙනව අත.. මම දෙනව හොදවෑයින් දෙකක්...

අනේ.. හික්..ඉහි..ඉහි...

මම බොරුවට චංචලාට ගහන්න වගේ හැදුව..

චංචලා පොඩි එකෙක් වගේ දුවල ඇවිත් මගෙ ඇගේ එල්ලුනා..

නිසා...

චංචී..

ඒ අපේ සීන් එක බලං ඉදල මැද්දට පැනපු වෙන ජෝඩුවකගෙ නම් දෙකක් නෙවේ. අපිට දැනුනු ආදරේ වැඩි කමට නම් දෙක කෙටි වුණා. එයා මට නිසා කියද්දි මම එයාට චංචී කිව්වා..

වංචලා...

ඇයි නිසල්...

මට හිතෙනව චංචලා අපේ ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ....ගහල කියන්න..

ඔයාට පිස්සුද නිසල්???

ඇයි චංචලා.. මං ඔයාට ආදරේ නම් ඒක ලෝකෙටම ඇහෙන්න කියන එක වැරදිද. අපේ ආදරේ අහිංසකයි, පරමයි, පිවිතුරුයි, පවිත්‍රයි...??

පිස්සුද නිසල්.. ඔයා අපෙ ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල.. ඒ සද්දෙ අර මගෙ පිටරට ඉන්න මනුස්සයට ඇහුනොත් එහෙම නිකං තමයි ඉන්න වෙන්නේ..

පලි -  ආදරය සදා කාලික වන්නේද, පිවිතුරු වන්නේද දෙදෙනාගේම සහයෝගයෙන් මිස තනි පුද්ගලයෙකුගේ කැප වීම මත නොවේය. තනි අතින් ගහන්න බැරි අත්පුඩිය දෙදෙනෙක් එක් වූ විටක ගහන්නට හැක්කා සේම, දෙදෙනාම අවංක වේ නම් දෙදෙනාගේම තනි අත් එක්කොට සොදුරු අත්පුඩියක් සද්දෙට ගැසිය හැකිය.

සෑමා MONDAY, FEBRUARY 13, 2012 වන දින “වැලන්ටයින් දිනයේ උපත සෑමාගේ විග්‍රහය (වැල-ඉන්-ටයිම්)“ ලිපියෙන්ද කියා සිටියේ... 

මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ලෙස විශේෂ දින යොදාගෙන එදිනට පමණක් ඔවුනට සලකන මෙවන් යුගයක වැල-ඉන්-ටයිම් අරුමයක් නොවේමය. 
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය."


කියාය. ඒ නිසා අද දින සුපුරුදු බ්‍රහස්පතින්දාවක් කර ගන්න.

sAm ශ්‍රී Perera_08:14am_14/02/2013

52 comments:

  1. අපේ හරක් වැලන්ටයින් දිනේ ගැනවත් හරියට දන්නේ නෑ. උඹේ කතාවේ දෙන්නා වැලන්ටයින් සැමරුවට අවුලක් නෑ. මොකෝ ඒක වැල සීන් එකක් වගේ නිසා. වැලන්ටයින් කියන්නෙ ප්‍රේමවන්තයින්ගේ දිනය. අපේ හරක් කියන්නේ ඒක ආදරයේ දිනය කියලා. ආදරය කරන්න දිනයක් ඕනෑද....?

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම ලියන්නගෙ එකෙත් මේක මතුකලා..!

      Delete
    2. ඒක නම් සාධාරණ කතාවක් මාතලන් !

      Delete
  2. යකෝ මිනිහ රට ඉන්න එවුන් රැල්ල පාගන්න යන්නෙ නෑ. කෙලින්ම වැඩේට එන්ටර් වෙනව මිසක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න කමෙන්ට් එක....

      Delete
    2. චික්.. මේ කෙල්ල එහෙම නැහැ !

      Delete
  3. ප/ලි කොටසට හිස නමා ආචාරය..

    ReplyDelete
  4. මොක නැතත් අන්තිම ටිකනම් ලෙසටම කියල තියෙනවා. ආදරේට මොන දවසක්ද?

    ReplyDelete
  5. Mokoo ban wwella paaganna giyea ?

    ReplyDelete
  6. අයියෝ ඇන්ටිපා!!! :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඇන්ටි පා කියන්නේ ?

      Delete
  7. අන්තිම වෙනකම්ම මට නම් පෙනුනෙ පරණ සිංහල ෆිල්ම් එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒත් අපි ජෝඩුව ගස් වටේ කැකෙව්වෙ නැහැනේ..

      Delete
  8. මටනම් අදත් සුපුරුදු බ්‍රහස්පතින්දා දිනයකි....

    ReplyDelete
  9. //චංචී..//

    නිකන් චීන නමක් වගේ නේද? made in China ද?

    ReplyDelete
  10. මොකක්ද අර චංචලාගේ හිනාව? එයා අඬනවද? නැත්නම් හිනාවෙනවද?:)

    අපිට නම් අද වෙනදා වගේම බිසි දවසක්...කිසිම අමුත්තක් නෑ.:D

    ReplyDelete
  11. හපොයි...මේවා කියෝලා මොළෙත් කොලොප්පන් වෙනෝ....හැබැයි මට ඒ දෙන්නගේ කෝලන් මැවිලා පෙනුනා....හික්.... :D
    ආදරයට දිනයක් අවශ්‍ය නැත..... මාත් එය පිලිගනිමි.

    ReplyDelete
  12. මේක සෑම්ගේ පෝස්ටු කියවන අයට ලියපු නිසා හොඳයි නැත්තම් වැලන්ටයන් දිනෙත් මොකක්වත් තෑග්ගක් නැතිව සාමාන්‍ය විදිහට ගෙවමු කියලා අදාල කෙනාට ඇහුනොත්..අනේ මන්දා..;)

    ReplyDelete
  13. මටනම් පේන විදියට නිසායි චංචියි තමයි සිරාවටම වැල-ඉන්-ටයිම් සමරන්නේ ....නේද සෑමෝ ..

    ReplyDelete
  14. මං හිතුවේ අදත් චංචලා තියරි එකක් කියලා..
    :D

    ReplyDelete
  15. ඔන්න වැලා සමරන ඈයො..!
    ඇත්ත ප්‍රේමවන්තයන්ට ඕය කෙහෙල්මල් දිනයක් මොකටද බං.
    ඕය වගේ වැල අදින එවුන් තමා ඔය රෙද්දෙ එල්ලිල ඉන්නෙ.

    ReplyDelete
  16. ඔන්න වැලන්ටයින් ! හික්ස් :)

    ReplyDelete
  17. යන්ඩ ඕන වැලක් හොයාගන්න..

    ReplyDelete
  18. මට හිතුනා මූනුපොතෙ මූන හෝදගෙන පෙම්බර මූන දාගෙන ඉන්නකොට වැලා සමරයි කියලා

    ReplyDelete
  19. අහෝ වැල ඉන් ටයිම්.

    ReplyDelete
  20. ලන්ච් ටයිම් එකට විහාරමහාදේවි පාක් එකට ගියානම් ඔය වගේ සීන් පැදුරක් ගැනේ බලන්න පුළුවන්.

    ReplyDelete
  21. අද බ්‍රහස්පතින්ද ද....? මම නම් ඒකවත් දනනෙ නෑ.....

    ReplyDelete
  22. මම හිතන්නේ 90 දශකයේ මුල් කාලයේ පෙම්වතුන් ජෝඩුවක් වෙන්න ඕනේ.

    මටනම් අද උදේ වැඩට එන දවසක්.ගිය අවුරුද්දේ මම වැඩට ආවේ හවස.

    ReplyDelete
  23. අවවාදයයි "ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගැසීම කෙළවෙන සුළුයි". එම නිසා පාට්නර්ට විතරක් ඇහෙන විදිහට කොඳුරා කියන්න.

    ReplyDelete
  24. හපොයි ඔය රැල්ල පාගන වැඩේ තමයි එපාම කරපු වැඩේ.රැල්ල පාගලා පාගලා ටිකක් වෙලා යද්දි කකුල් දෙකත් රිදෙන්ඩ ගන්නවා.

    ප.ලි. කතාවට හද පතුලෙන්ම එකඟයි මචං.අපිත් ඔය ඔක්කොම දවස් (වැලන්ටයින්, ඇනිවර්සරි, බර්ත් ඩේ ) සමරන්නේ සල්ලි තියෙන දාට.එදාට ඔක්කොම එක පාර සමරගන්නවා.

    ReplyDelete
  25. එකෙන්ම මචං එකෙන්ම එකඟයි ප/ලි යත් එක්ක.

    ReplyDelete
  26. හි හි... ආ මේ තියෙන්නෙ සෑමාගේ වැලන්ටයින් කතාව... උපහාසය ලස්සනට කතාවක් ඇතුලට එකතු කරලා තියෙනවා...

    ReplyDelete
  27. අද වැලන්ටයින් දවස. හෙට ඉඳන් අනික් උන්ගේනේ. ඒ නිසා අද ලව් කරලා (රූම් එහෙක) හෙට ඉඳන් වෙන දේකට මූණ දෙන්න හිත හදාගත්තනම් හොඳා.

    ReplyDelete
  28. කාට කෙසේ වෙතත් මට නම් අද වැහිබර දිනයක් :)

    ReplyDelete
  29. මේ නහින දෙහින කාලෙ මොන වැලන්ටයින්ද....

    ReplyDelete
  30. ආදර්ශය...
    ගෑනු දමා පිටරට යෑමෙන් වලකින්න...

    ReplyDelete
  31. වැලන්ටයින් සමරන්නේ මුදලාලිලා මිසක් අපි නෙමෙයි සැමා. එයාලා කඩ සාප්පු සරසගෙන මල් හාට් එල්ලගෙන මහා විකාරයක් කරනවා. අපි වෙනදා වගේම වැඩට ගිහින් ගෙදර එනවා.

    ReplyDelete
  32. Replies
    1. නියමිත කාලයට පමණක් හට ගන්න වෙලා ප්‍රබෙදයකි......

      Delete
  33. අපිටනම් කොහොමත් සුපුරුදු බ්‍රහස්පතින්දාවක් තමයි!

    ReplyDelete
  34. එයා චංචලා නම් කොල්ල කොහොමද බොල නිසල් වුනේ...වූ මලිත් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කෙල්ල හෙල්ලෙද්දී කොල්ලත් හෙල්ලෙන්න ගත්තොත් අවුලනේ.... ඉතින් කෙල්ල චන්චල වෙද්දී කොල්ල නිසලව ඉන්නවා....

      Delete
  35. ඉහිඉහි කියනකොට මම හිතුවේ අඬනවා කියලා හොඳටම..

    ReplyDelete
  36. //ආදරය සදා කාලික වන්නේද, පිවිතුරු වන්නේද දෙදෙනාගේම සහයෝගයෙන් මිස තනි පුද්ගලයෙකුගේ කැප වීම මත නොවේය. තනි අතින් ගහන්න බැරි අත්පුඩිය දෙදෙනෙක් එක් වූ විටක ගහන්නට හැක්කා සේම, දෙදෙනාම අවංක වේ නම් දෙදෙනාගේම තනි අත් එක්කොට සොදුරු අත්පුඩියක් සද්දෙට ගැසිය හැකිය.//

    නෙඅ කතාවට මමත් එකගයි.... !!! ආදරයට වෙනමම කියල දිනයක් උවමනා වෙන්නෙත් නැහැ....

    ReplyDelete
  37. අයියෝ චංචි.. :D :D

    මෝරෙක් කෑවද්දෝ කියලා අපිව බය ගැන්නුව තැන මට හිතුණෙම මේ පැරණි චිත්‍රපටය කැමරාකරන්න ගිය කෙනාව ගහන්ගියාවත්දෝ කියලා..

    "ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය." එකඟය.

    මහ කුජීත බ්‍රහස්පතින්දාවකි.

    ReplyDelete
  38. 1990 දී පමණ ඔබ ට මතක තිබේනම් (මට මතකයක් නැත) වැලැන්ටයින් මේ රටේ තවත් එක භූමිකාවක් රඟ දැක්වීම ආරම්භ කරනු ලැබුවා. එයට නිමල් ලක්ෂපතිලා වැනි උදවිය (සිරස) ප්‍රමුඛව මහත් වෑයමක් ගනු ලැබුවා. දැන් හරි. අපේ සංස්කෘතියට නව අංගයක් එකතු කර අවසන්. හුදෙක්ම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් හෝ වෙනත් පටු අවශ්‍යතා වෙනුවෙන් හෝ අපේ සංස්කෘතිය විකෘත්ති කිරීම අපි ඇත්තෙන්ම පිළිකුල් සහගතව දැකිය යුතුය.

    ReplyDelete
  39. මේ ගෑනි වල දාන්න එපැයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...