Sunday, February 24, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 5 කොටස


එක හුස්මට කියවන්න...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

මගෙ කට හඩට පූසියෝ ඕන තරම් අහුවෙයි කියපු අපේ මැඩම්, මගෙ ෆෝන් එක වයිබ්‍ර්ට් වෙනවා දැක්ක එක ගැන මට මහා කුතුහලයක් තිබුණා. එදා හමුවෙච්ච කෙල්ල, අද මෙතැන, ඒ අස්සෙ මැඩම් එයාගෙ නැන්ද කෙනෙක් කියල ගණනකට නැතුව කිව්වා, ඒ මදිවට ඒ කෙල්ලට නම්බර් එක දීල ක්ලාස් එක ඇතුලට ආව විතරයි ෆෝන් එක රිංග් වෙන්න ගත්තා. ඒ සියළු හැගීම් මැද්දෙ මහා මඩ වලක පාවෙන කූඹි පැටියෙක් වගේ මම ඒ මේ අත පාවෙන්න ගත්තා. ක්ලාස් එකේ ඇතුලෙ ශරීර කූඩුව තිබ්බට, අපේ අනිත් තරගකාරයෝ එහෙන් මෙහෙන් ස්වර සප්තක අල්ලනවා ඇහුණට මම හිටියෙ වෙනම ලෝකෙක.

““විහග....““

එක පාරටම එයා මට කතා කළා. ඇත්තටම කාව්‍යාගේ කටහඩින් මම අවදි වුණා. මම එවලේ ඉදගෙන හිටියේ මල්වත්තක බංකුවක් උඩ. එක පාරට එයාව දැකලා, එයාගෙ හඩ ඇහිල මම ඉන්න තැනින්න නැගිට්ටා. ඊට පස්සෙ මම එයා ඉන්න පැත්තට අත දික් කළා.

““විහග.. මේ නෝට් බුක් එක ගෙනිහින් හොදට කියවල අවබෝධ කරගන්න...““

එයාගෙ කටහඩ වගේ මට දැනිල තිබ්බේ, එයාව වගේ මට පෙනුනේ.. ඇත්තටම අපේ මැඩම්ව. මට මොනව වෙලාද මන්දා. මටම තේරුණේ නැහැ.

“තව එකක්.. ඔයාල මට ඔය තරම් ගරු සරු කරන්න ඕනෙ නැහැ. අපි මේ කම්පෙටිෂන් එක ඉවර වෙනකල් යාලුවෝ වගේ ඉමු.. තේරුණාද විහග...“

“හරි මැඩම්.. මට තේරුණා..“

මම ඉදගන්න ගමන් කිව්වා. ඇත්තටම මැඩම් කතා කරපු නිසා නෙවේ මම නැගිට්ටෙ. මට මැඩම් වගේ මැවිල පෙනුනේ අර කෙල්ල.. ඒ කටහඩ දැනුනෙ කාව්‍යාගේ කියල විතරමයි. ඒ හඩ එයාගෙමයි. එයාමයි.

ක්ලාස් එක අහවර කරලා අපි සෙට් එක එළියට බැස්සා. ඒ එන ගමන් මම මගෙ හිර වෙච්ච ඩෙනිමෙ සාක්කුව අස්සට අත දාලා ෆෝන් එක එළියට නොගෙනම ඔන් කළා. අනිත් එවුන් සෙට් එක එදා පළවෙනි පාරට බොන්න සෙට් වෙද්දි මම අදි මදි කළා. ඒ මට බොන්න බැරි කමක් වත්, ඇලජික් එකක් වත් නිසා නෙවේ. විද්‍යාගාරයේ මධ්‍යසාර උෂ්ණත්වමානය පවා හිල් කරල කටේ හලාගත්ත මට එදා මහා සම්බාධකයක් පැණවිලා තිබ්බා. ඇත්තටම ඒකට හේතු වුණේ ෆෝන් එක ඔන් කරල බලද්දි නොදන්නා නම්බර් එකකින් තිබ්බ මිස් කෝල් එක. ඒ මදිවට ෆෝන් එක ඕෆ් කරල තියෙද්දි එයා මට හොදටම බැනල මැසේජ් එකකුත් දාලා. ඇත්තටම ඒ එයාමද? මම ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හදිස්සියෙ ගෙදර දිව්වා. අනිත් එවුන්ට බොරුවක් ගහලා, මම බබා වගේ ගෙදර ගියා. ඇත්තටම ආදරෙන්, මලක් කඩන්න හිතාගෙන...

වෙනදට ගෙදරින් එළියට බැස්සම ලයිසන් නැති අස්සයා වගේ ටවුම වටේ කරක් ගහල ගෙදර යන මම එදා කෙලින්ම ගියේ ගෙදර. ගෙදරට එන්න කලින්ම මම කාමරේට රිංගුවා වගේ මට දැනුනේ හිතේ තිබ්බ කළබලය නිසා. 

සුවද මට දී... පාට තැවරු... මල අරන් පිටවී....

ඔයාල හිතන්න ඇති ගෙදර මිනිස්සුන්ට හොරෙන්, එයාලට ඇහෙන්නෙ නැති වෙන්න කෝල් එක ගන්න ඕන නිසා මම කාමරේ තිබ්බ රේඩියෝ එක දැම්ම කියල. නැහැ. මම ඩයල් කළා ඒ නම්බර් එකට. ඒ ඇහුනෙ එයාගෙ රින්ග් ටෝන් එක.

“හෙලෝ..“

කන් දෙක බ්ලොක් වෙච්ච එකෙක්ගෙ කනට කොට්න් බඩ් එකක් ඔබලා කරකවලා එලියට ගත්ත වගේ, මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එක ඇතුලෙන් මගෙ කන් බෙරේ කම්පනය වෙන්න ඇහුණේ ඒ කෝකිලාවගේ හඩ.

“හෙලෝ කාව්‍යා..“

“අහ්.. දැන්ද අපිව මතක් වුණේ...“

“අනේ නැහැ කාව්‍යා මැඩම් කිව්වා ෆෝන් එක ඕෆ් කරන්න කියල. ඒකයි මම ඇතුලට ගිය හැටියෙ ඕෆ් කළේ. මම හිතුවෙ නැහැ ඔයා එච්චර ඉක්මනට මට කෝල් කරයි කියල.“

“අනේ විහග මම එච්චර හදිස්සියෙ ඔයාට කෝල් කළේ දෙයක් දැනගන්න කියලා...ඒත් ඔයා ආන්සර් කළේ නැහැනේ.. අන්තිමට මම බැනලා මැසේජ් එකක් දැම්මා.. සොරි ඈ..“

“මොකට සොරි කියනවද අයියෝ.. මොකක්ද අහගන්න ඕන කිව්වේ???“

“අහ්.. මම අහන්න හැදුවේ.. අද ඔයා ආව බයික් එක තියෙන්නේ...“

මට හිතුන එයා ඒ බයික් එකට ආසයි, ඒකෙ රවුමක් යන්න ඕන කියන්න හදනව කියල. මම ඉක්මනට ඒක දැනගන්න “ඔව් ඉතිං“ කියල කිව්වා.

“මම දැක්ක ඔයා ඒක මැඩම්ගෙ ගේට්ටුව ලග පාර්ක් කරනවා.“

“අහ්.. ඒක ලස්සන වැඩි කමට ඔයාට ආස හිතුනා නේද?“ මම දෙඩෙව්වා..

“ඔව් ඇත්තමයි විහග, මම ආපහු හැරිල බයික් එක ලගට ඇවිදගෙන ආවා. වටපිට බලද්දි කවුරුත් හිටියෙ නැහැ. අඩුම තරමේ ඔයාවත්...“

අපරාදෙ, ෆෝන් එක ආන්සර් කරන්න ලැබුන නම් මම පන්තිය බල්ලට ගියාවෙ කියල මේ කෙල්ලව ගෙදරට ඇරලවනවා බයික් එකේම. මම කම්පා වුනා. දුක් වුණා.

“ඉතිං ඔයාට මොනවද ඒ හදිස්සියෙ දැනගන්න ඕන වුනේ...“

“මට ඕන වුණා.. ඔයාගෙ බයික් එකේ පිටිපස්සෙ ටයර් එක ටියුබ්-ලස් ද කියල බලන්න. ඔයා ආන්සර් කළේ නැහනේ, ඉතිං මම ඒකට අතේ තිබ්බ දෙහි කට්ටකින් ඇණලා බැලුවා.“

එයා විහිළුවට හරි, තියෙන අසමජ්ජාතිකමට හරි මට කළේ ලොකු වැරුද්දක්. එදා මම ආපු හදිස්සියට බයික් එකේ හුලං නැහැ කියලවත් නොදැනුනේ එයාට තිබ්බ ආදරේට නේද කියල මගෙ හිතට දැනුනා. එයාට නොදැනුන ඒක මම විස්තර කරන්න ගියෙ නැහැ. එයාගෙ ඒ වින්දනයට මම අස්වැසිල්ලක් වුණා.

“ඉහි.. ඉහි.. මෝඩ කෙල්ල... කටු වලින් අනින්න ඕනද ටියුබ්ලස්ද කියල බලන්න...“

එදා ඒ පටන් ගත්ත අපේ දෙබස දිගටම තියා ගන්න ඕන කමට මිසක් මම වෙන එකෙක් කළා නම් මේක ගොඩින් අතාරින්නෙ නැහැ කියල උබලට වුණත් තේරෙනවා ඇති. එයා එදා හිල් කළේ මගේ බයික් එකේ ටයර් එක විතරක් නෙවේ. මගේ මුළු හදවතම හිල් කළා. කවදාවත් හෘද රෝ විශේෂඥ්ඥ වෛද්‍යවරයෙක් වත් සිහි නැති කරන්නෙ නැතුව නොකරන ඔපරේෂන් එකක් එයා මට එදා කළා. එයා කළේ ලොකු වැරද්දක්. ඒත් මට එයාව ඕනේ.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_11:48am_24/02/2013


එක හුස්මට කියවන්න...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

44 comments:

  1. මල කෙලියයි පහු වෙනකොට තවමොනවා හිල්කරාවිද දන්නෑ පරිස්සමට..!

    ReplyDelete
    Replies
    1. හිල් වැහෙයිද මන්දා..

      ජය වේවා !

      Delete
  2. ඉලව්වෙ කොල්ල ගෙදර ඇවිල්ල තියෙන්නෙ රිම් එකෙන්ද එතකොට.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඌට තිබ්බ හදිස්සියට ඒකවත් දැනිල නැහැ. පව් කොල්ලා !

      ජය වේවා !

      Delete
  3. ඇයි වදේ ඒකි දෙහි කටු අතේ තියන්ද ඇවිදින්න යන්නෙ. හරිම භයානකයි ! උච්ච ස්වර තමා අල්ලන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මැඩම්ගෙ ක්ලාස් එකට යන පාරේ ලොකු දෙහි ගහක් තියෙනවා උබ දැක්කෙ නැද්ද. ඒකෙ කටු තමා මේකි කඩාගෙන තියෙන්නේ..

      ජය වේවා !

      Delete
  4. අප්පේ...ආයේ දෙහි ගස් යට එහෙම බයිසිකලේ පාක් කරන්නේ නෑ මම!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම දෙයක් ඉගෙන ගන්න බලපං මචං !

      ජය වේවා !

      Delete
  5. ඕකනම් හරියන මගුලක් නෙමේ.. ඕන් කිව්වා..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං. කොල්ලට ඒකිව මයි ඕනේ !

      ජය වේවා !

      Delete
  6. මම ෆිල්ම් වල බලන්නේ කෙල්ල කොල්ල සෙට් වෙන තැනට විතරයි. එත් මේ කතාව දිගටම බලනවා. තව කොහෙට අනිවිද කියල දැනගන්න.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. සිතූ කුසූ ආදර අන්දරය වගේ මේකෙ හැම තැනටම අනින එකක් නැහැ බං.

      :)

      ජය වේවා !

      Delete
  7. කොටසක් දෙකක් මගඇරිලා සෑමා...මම ඒවාත් කියවගෙනම එඤ්ඤං...

    ReplyDelete
  8. දෙහි කට්ටකින් ටයර් එකක් හිල් කරන්න? මේකි නම් යකාගෙ කෙල්ලක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං බලපංකො තඩි දෙහි ගස්වල අඩියෙම තියෙන තඩි කටු දිහා.. ඒවෑයින් ඕන එකක් හිල් කරන්න පුලුවන්...

      ජය වේවා !

      Delete
  9. උඹ විද්‍යාගාරේ මධ්‍යසාර උෂ්ණත්වමානෙ තිබ්බ මධ්‍යසාර ටිකත් බිව්ව එකෙක්ද? සන්තෝසයි අඳුනාගන්න ලැබීම ගැන. (තමාටම: ඉස්කෝලයක් පැත්තට වැද්ද ගන්න වටින උන් නෙවෙයි)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ මාව නව නිපැයුම් කරුවන්ගේ සංගමයට වැද්ද ගත්තා බං. මම නිසා තමා ඔය රසදිය උෂ්නත්වමාන සංකල්පය ආවේ..

      ජය වේවා !

      Delete
    2. හික් හික්. මම අහන්න ගියා විතරයි උඹට රසදිය එකයි, ඇල්කොහොල් එකයි මාරු වුනේ හෙම නැද්ද කියලා.

      Delete
    3. හෙහ් හෙහ් හෙහ් ... ඒක මාරු උනානම් මිනිහට ආයිත් කිසිම දෙයක් කවදාවත් මාරුවෙන්නෙ නෑ.

      ඉස්කෝලෙ ලැබ් එකේ තියන සමහර ඇල්කොහොල් බෝතල් ඇරියම එන සුවඳට බොන්න නෙවි කන්නත් හිතෙනව. ඒ තරම් සුවඳයි. වැඩේ කියන්නෙ මිනිස්සු බොන එක ගඳගහන එකක් වුනු එක.

      Delete
    4. @හෙන්රි - යකෝ රසදිය බිව්වා නම් අද කොහෙද සෑමා ?

      @DDT - සිරාවට බලපං. අපි බොන ඒවත් සුවද වුණා නම්... අරක්කු බිව්වම ගදයි කියල ගහන අය මොනවා නම් කියයිද ?

      ජය වේවා !

      Delete
  10. සෙල්ලං නෑ..
    දෙහි කට්ටකිං රෝද හිල් කරන්න පුළුවං කෙල්ලෙක්...
    අන්න සෑමෝ දා ගන්නවනං කෙල්ලෝ ඈ....

    ReplyDelete
    Replies
    1. යකෝ ලෝකෙ පෙරලන්න පුලුවන් කෙල්ලෙක් හොයා ගත්තම ගොඩේ ගොඩ !

      ජය වේවා !

      Delete
  11. සෑමාට බොන්න බැරිද කියලා නම් අපි දන්නවනේ.ඈ බොල බයික් එකේ එද්දී තේරුනේ නැද්ද හුලන් නැහැ කියලා.විහඟයා මාර මෝල් කාරයෙක්නේ.

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඔව් බං එදා උඹ බීපු හැටියට කෙලින් ගෙදර ගියා මදැයි :)

      විහගයා මෝලෙන් නෙවේ බං හිටියේ ආලෙන්..

      ජය වේවා !

      Delete
  12. කථාව සෑමාගේ පැත්තට සාදාරණය කරන්න ඒපා පහු වෙන කොට

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියෝ..

      ජය වේවා !

      Delete
  13. අනේ මංද මෙව්ව කොහෙන් කෙලවර වෙයිද කියල. යකාගෙ කෙල්ලෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. හරිම කුරිරු සමාජයක් බං.. ඒත් ආදරේ ජය ගන්නම ඕනා

      ජය වේවා !

      Delete
  14. දෙහි කට්ටකින් ටයර් එක හිල් කලා කියන්නේ ලේසි පහසු වැඩක්ද බං.. බලමුකෝ ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. ඇයි බං තඩි කටු දැකල නැද්ද උඹ

      ජය වේවා !

      Delete
  15. මාර කෙල්ලෙක් ඕයි......
    ඉස්සරහා රෝදෙද පස්සෙ රෝදෙද දන්නෑනේ

    ReplyDelete
    Replies
    1. පස්සෙ බං පස්සේ ...

      ජයම වේවා !

      Delete
  16. සාන්ද්‍ර මධ්‍යසාර බෝතලෙන් බිංදුවක් පරීක්ෂණ නලයට දාගෙන, වතුර දාලා තනුක කරලා එකෙන්ම චියර්ස් කියලා බොන එවුන් දැන් ඉන්නේ... අපරාදේ සෑම් රෝදේ....

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අන්න පාසල් සිස්සයෝ..

      රොද්දෙ අපරාදෙ තමා බං. ඒත් ඒ කෙල්ලවමයි විහගගේ බලාපොරොත්තුව !

      ජයම වේවා !

      Delete
  17. යකෝ.... මට පේන්නේ ඒකි හෙන මරාලයක්!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැහැ ඒකි ආදරේ උල්පතක් බං :)

      ජයම වේවා !

      Delete
  18. කෙල්ලෙකුට ඔච්චර දෙයක් කරනකම්, ඔය මොකද කලේ

    ReplyDelete
    Replies
    1. මම නෙවේ විහගයා ක්ලාස් එකේ හිටියේ..

      ජයම වේවා !

      Delete
  19. අනෙ අප්පේ..අලුතෙන් තියෙන කොටස් කියවන්න කලින් අතපසු උන කොටස් ටික කියවලා එන්න වෙනවනෙ..හිටු එහෙනම් ඒවා කියවලා එන්න ඔක්කෝටම කලියෙන්..

    ReplyDelete
  20. අන්න කෙල්ලො.. :පී සිහිනැති නොකර ඔපරේෂන් කරන්නෙ.. ඒ උනාට දැනෙන්නෙවත් නෑ.. :ඩී

    ReplyDelete
  21. අනිවාර්යෙන් කියවනවා. නමුත්, කාලයකින් බ්ලොග් පැත්තේ මා ආවේ නැහැ. දැන් වේලාව මදි. වෙනම නිවාඩුවක් දාන්න වෙනවා.
    තරහා වෙන්න එපා,
    මග හැරීමක් නොවේ....

    ReplyDelete
  22. අනේ sAm ඔතනින් ගියා ඇති.තව මොනවා හිල් වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...