උච්ච ස්වරය සොයා යන මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාවේ එක කොටස...
දෙවන කොටස..
තෙවන කොටස...
හතරවන කොටස...
පස්වන කොටස...
සයවන කොටස... කියවා මෙකී වර්ථමාන කතාවට පැමිණෙන්න.
මගෙ හිත දුරකට විසික් කරල එයා එදා නොකියාම ගියා. ඒ ගැන හිතන හැම මොහොතක මට හිතුනෙ හිත කියන එක බූමරංගයක් වුණා නම් කොච්චර හොදද කියල. එහෙනම් ඒක කොච්චර විසික් කළත් එයා ලගම රැදෙනවා. එයාට විසික් කරන හැම පාරකම මගෙ හිත ලගින් තියා ගන්න වෙනවා. අද තරගෙන් මම මුල් දොලොස් දෙනා අතරට තේරුණා කියලවත් මට සතුටක් නැති වුණේ ඒ කොහෙවත් යන කෙල්ල ගැන හිතද්දි. මම කෝම හරි තරගෙන් දිනලා, ලෝකෙටම පේන්න මුල් තැන ගත්ත නම් ලොකු වෙනසක් වේවි. මාධ්‍ය වලින් මාව පෙන්නද්දි, දින්නට පස්සෙ කොළඹ ඉදන් මාව කැබ් වලින් ගෙදර අරන් යද්දි, මිනිස්සු වට වේවි. අත්පුඩි ගසාවි. ඒ සෙනග අස්සෙන් එයා දුවගෙන ඇවිත් මට මල් පොකුරක් දීල සුභ පතාවී. සුභ පතලා “ඔයා තරගෙට ආපු මුල් දවසෙ ඉදන්ම මම ඔයාට තමයි එස්.එම්.එස් ගැහුවෙ“ කියද්දි මාව හිරි වැටිල යාවී. ඒ සියළු සිහින මැද මම එයාව මගෙ කුමාරිකාව කර ගත්තා. මම එයාගෙ ලෝකෙ විතරක් නෙවේ හැම ගෑල්ලමයෙක්ගෙම හිතේ කුමාරයෙක් වෙලා හිටියා.
එදා දවසින් පස්සෙ මම කාමරේ කොන මකුළු දැල් බැදිල තිබ්බ ගිටාර් එක සුද්ද කරල එලියට ගත්ත. ඇත්තටම ගිටාර් එක ගත්තට ඒකෙ එක කෝඩ් එකක්වත් ගහන්න පුලුවන් කමක් මට තිබ්බෙ නැහැ. ඒත් හැමෝටම පේන්න ගිටාර් එක කිහිල්ලෙ ගහගන්න ආශාව මට ආවා. මම ආසාවට වගේ ඒකෙ තත් වයමින් තාලයක් මවන්න හිතුවා. හරියට ලංකාවේ ගුවන්විදුලි චැනල් එකක් හරියට ටියුන් කරගන්න දගලන බස් ඩ්‍රැයිවර් කෙනෙක් වගේ. පැය භාගයක් විතර ප්‍රැක්ටිස් කරපු මම ගෙදර හිටපු අය ගෙන් සහයෝගය පැතුව. ඇත්තටම එයාල දැනටමත් දැනුවත් වෙලා හිටියෙ කොල්ල දිනුම් කියල. එහෙව් දිනපු රටටම කවද හරි බලාපොරොත්තු වෙන සුපිරි තරුවකට ගෙදර අය සලකන්නෝනි කියල මට නිතරම හිතුන. ඒකයි ගිටාර් ගහන අතර නංගීට කතා කරල මගෙ සපත්තු දෙක පොලිෂ් කරන්න කිව්වෙ. ඒත් ඒකි කිසි සද්දයක් නැහැ. අන්තිමට අම්මගෙන් ප්ලේන්ටියක් ඉල්ලුවත් ප්‍රතිචාරයක් තිබ්බෙ නැති නිසා මම ගේ පුරාම අපේ ගෙදර මිනිස්සුන්ව හෙව්වා. ගේ හැම තැනමත් නැති නිසා බැරිම තැන මම මිදුලට බහින උළු අස්සෙන් ඔළුව විතරක් එළියට දැම්ම. අම්මයි, නංගියි, මල්ලියි තුන්දෙනාම මිදුලෙ තිබ්බ කොන්ක්‍රීට් බංකුවක බර කතාවක්. මට ඇහුණෙ පුංචි වචන කීපයක් විතරයි. “දැන් ඉතිං කම්මලේ වැඩ පටන් ගනී, අපි කට්ටියට එළියෙ තමයි ඉන්න වෙන්නෙ“ අපෙ නංගිගෙ වචන ටිකත් එක්ක මම ඔළුව ඇතුලට දාගත්ත ඉක්මනටම.
ලෝකෙටම පේන්න මට යමක් කරන්න ඕනෙ කියල හිතුනෙ අන්න එතකොට. එදා පළවෙනි දවසේ තරගය නිවේදනය කරන පොර ඇහුව “ඔයා කොහොමද මේ තරගෙට සම්බන්ධ වුනේ කියල“ මම උත්තර දුන්නෙ හරිම අමුතු විදිහකට. “අපේ නංගි තමයි මගේ අයදුම් පත්‍රයක් පුරවල පෝස්ට් කරල තිබ්බෙ. ඒ අයදුම් පත්‍රයට පිලිතුරක් එනකල් මම දැනන් හිටියෙ නැහැ මෙහෙම දෙයක්...“ ඇත්තටම නංගිව අප් කරල මම කරපු කතාව ගැන මට කම්පාවක් ආවෙ නැහැ. ඒකිට කවද හරි තේරෙයි. මෙච්චර කාලයක් මගෙ ඇදුම් හෝදලා, ඇදම් මැදල, කාමරේ සුද්ද කරලා, සපත්තු පොලිෂ් කරපු එකේ වටිනාකම. මම ඒකිට මෛත්‍රී කළා. අනුකම්පා කළා.
පහුවෙනිදා මම යන්න ලෑස්ති වුණා අර විනිශ්චකාර මැඩම්ගෙ ක්ලාස් එකට. හුස්ම ගැනීම, වේදිකාවෙ හැසිරීම වගේ දේවල් ප්‍රගුණ කරන්න එන්න කිව්වා එයාලගෙ ගෙදර ක්ලාස් එකට. ඒ මැඩම් බැදල හිටියෙත් ප්‍රසිද්ධ චරිතයක්. එහෙන් මෙහෙන් පවුල් ප්‍රශ්න තිබ්බ වුණත් ඒක අපිට වැදගත් වුණේ නැහැ. ඇත්තටම එයා හරිම ප්‍රවීණ කෙනෙක්. ඉතිං අපිට අපේ වැඩේ වෙනව නම් එච්චරයි. කලින් දවසසෙ ග්‍රීස් ගාලා, හෝදල සුද්ද කරල ගත්ත මගෙ මවුන්ටන් බයික් කට්ටට නැගල, ගිටාර් එක පිටේ බැදගෙන, හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ඔබාගෙන මම ග්‍රාමාරක්ෂකයෙක් වගේ ගියා එයාගෙ ක්ලාස් එක ලගට හරියටම හවස 5ට පටන් ගන්න තිබ්බ ක්ලාස් එක ලගට මම යද්දි 5.30ත් පහු වෙලා. ක්ලාස් එක පටන් අරන් වගේ. අපේ දොලොස් දෙනාම එදා එතැනට එන බව මම කලින්ම දැනිල තිබ්බෙ. මම ගේට් එක ලගට යන අතුරු පාරට බයික් එක දානකොටම එක පාරට පාරෙ ඇවිදගෙන ආපු හැඩකාර කෙල්ලෙක් හැප්පෙන්න ගිහින් යන්තමට බේරුණා.
“ඔය කාලකන්නි හෑන්ඩ්ස් ෆ්‍රී එක නිසා කවද හරි අපි දෙන්නම විනාස වෙනවා මම දන්නවා..“
මට එකපාරට අදුන ගන්න බැරි වුණ ඒ කෙල්ල එච්චර ඉක්මනට මාව අදුනගෙන මෙච්චර දිග වාක්‍යයක් කිව්වෙ හරියට මාධ්‍ය ජාලයක වැඩ කරන මාධ්‍ය වේදිනියක් වගේ.
“අහ්.. ඔයා..“ මම පුදුමෙන් හිනා වෙවී වචන ගැලපුවා.
“ඔව් මම.. ඔයා කොහෙද මෙහෙ.. “
“මම මේ මැඩම්ගෙ ක්ලාස් එන ගමන්..“
“එතකොට ඔයා..“
“අපේ නැන්ද කෙනෙක්ගෙ ගෙදර ආව.. ඔයාගෙ මැඩම්.. අපෙ නැන්දා... “ ඉහි ඉහි..
එයා කළේ විහිළුවක්ද, ඇත්තක්ද කියල හොයන්නෙ නැතුව මම එයාගෙ වාස දේස හොයන්න පටන් ගත්තා.
“මේ.. මම හිතුවෙ නැහැ ඔයාව මෙච්චර ඉක්මනට දකින්න ලැබෙයි කියලා... ඇත්තට ලෝකෙ හරිම පුංචියි.... “ මම වාක්‍ය සම්පුර්ණ කරන්න එයාගෙ නම නොදන්නා කම අඩුපාඩුවක් කියල එයාට දැනෙන්න වාක්‍ය මගදි නැවැත්තුවා.
“... මම කාව්‍යා...“ එයාගෙ තොල් යාන්තමට සෙලවුනේ අපේ ගෙදර බිත්ති ඔරලෝසුවෙ බැට්රි බැස්සම බට්ට යාන්තමට සෙලවනව වගේ..
“කාව්‍යා හරි ලස්සන නමක්.... මම කෝමද ආයෙ කවියක් දකින්නේ... කවියක් අහන්නේ... “ මම කවියෙක් වෙන්න වගේ මුමුණන්න ගත්ත.
“මේක හරි පුංචි ලෝකයක්.. මේ අද වගේම.. කවද හරි ඔයාට ලොකු ටවුන් එකකදි හම්බවෙයි පුංචි පොත් කඩයක්.. අන්න ඒ කඩෙන් සල්ලි වලට ගන්න කවි පොතක්...“ එයා මට හොද රිටන් එකක් දුන්න.
“මෙන්න මගෙ නම්බර් එක..“ මම ඇදන් හිටපු ඩෙනිමෙ පොකට් එකට අත දාල ඇදල ගත්ත මීට සති ගාණකට ඉස්සෙල්ලා බස් එකේදි කෙල්ලෙක්ට දෙන්න හදිසියෙ කොළ කෑල්ලක ලියපු මගේම නම්බර් එක. ඒක හොදටම තැලිල පෙඩි වෙලා. එයා ඒක අතට අරන් හොදට ඉව කළා.
“හරිම ෂෝක්.. මේක කවදා කාට දෙන්න ලියපු එකක්ද.. “ එයත් මගෙ නම අහගන්න වගේ වාක්‍ය බාගෙට නැවැත්තුවා.
“මම විහග... මේ මම එදා ඔයාව දැක්ක වෙලාවෙ, ඔයාට දෙන්න ලියපු නම්බර් එක..“ ඉස්සර ඉස්කෝලෙ හැමදාම ප්‍රින්සිපල්ට මාට්ටු වුණාම බොරු කියවෙන තෙල් දෙක අදත් මට පිළිසරණක් වුණා.
“අපි එහෙනම් ආයෙත් මීට් වෙමු“ එයා මට බායි කියමින් අත වැනුවා.. මම ක්ලාස් එකට ගියා.
“ආනේ විහග.. ඔයා දැන්ද ආවේ.. අපි ක්ලාස් එක පටන් ගත්තා...“ මැඩම් එහෙම කිව්වා. එයා අපේ එවුන් එකොලොස් දෙනා වටකරගෙන මැද ඉදගෙන හිටියා. කොටම කොට ෂෝට් එකක් ගහගෙන.
“ඔව් මැඩම්.. මගදි බයිසිකලේට පූස් පැටියෙක් හැප්පුනා.. ඒකයි පරක්කු වුණේ...“ මට නිකන්ම කියවුණා.
“ඉහි..ඉහි.. හොදට තරගෙට සූදානම් වුණොත් පූසෝ විතරක් නෙවේ පූසියෝ ඕන තරම් අහුවෙයි ඔයාගෙ හඩට,“ මැඩම් මට මොනවාදෝ කළා. මට තේරුණේ නැහැ. මට ඒ ඇස් වලින් බේරෙන්න මොහොතක් ගියා. මගෙ සාක්කුව අස්සෙ මොකක්ද දෙදරණව වගේ මට දැනෙන්න කලින් මැඩම් මට කතා කළා ආයෙත්.
“ෆෝන් එක රින්ග් වෙනව නේද විහග? මීට පස්සෙ ඕක ඕෆ් කරන්න පන්තියට ඇතුල් වෙද්දිම“ මගෙ මූණ දිහා බලන් හිටිය මැඩම්ට කෝමද එක පාරට මගෙ කලිසම් සාක්කුවෙ සිද්ධ වෙන දේ දැනුනේ?? මම කල්පනා නොකරම, මිස්ඩ් කෝල් එක නොබලාම, ෆෝන් එක ඕෆ් කරල සාක්කුවෙ දාගත්තා.
sAm ශ්‍රී Perera_08:52am_21/02/2013
සාක්කුව අස්සේ දෙදරනවා කිවා නේ......
ReplyDeleteඔව් බං ෆෝන් එක !
Deleteඅර බ්ලොග් ලියන කාවයියාද දන්නේ නැහැ එලට යනවා.
ReplyDeleteහුටස්.. බ්ලොග් කාව්‍යා දැනුයි මට මතක් වුනේ !
Deleteආ...
ReplyDeleteසෑමටත් මැඩංලා පේන්න බෑ ඉතිං...
ඔය විහඟ පානිය දාලා දෙන්නේ සෑමගේ කේස් තමා...
අඩෝ කතන්දර හදන්න එපා.. මේක තරුවක් වෙන්න හදපු කොල්ලෙකුට වෙච්ච අවංක මේව්වා එකක්.. !
Deleteකිව්වත් වගේ සෑම් අයියට මීට වඩා සලකන්න තිබුනා.. :P
ReplyDeleteසෑමා ගැන නෙවෙ බොල, විහග ගැන තියෙන්නෙ..
Deleteජීවන අත්දැකීම් හොඳ රචකයෙකුගේ වටිනාම සම්පතක්. :P
ReplyDeleteඔන්න කිව්වා කතාවක් :පී
Deleteඔය ෆෝන් වැඩේ රින්ග් වෙනවා ඇහුනේ නැතත් අහු වෙනවා අෆ්ෆා කොහොමද මන්දා
ReplyDeleteවයිබ්රේට් වෙද්දිද ?
Deleteහිකිස් !
මේ පොඩ්ඩිත් ඒව දන්නවනේ..
Deleteඅයියෝ කෝල් එක මිස් වෙලානේ..
ReplyDeleteම්හ්.. බලමු මොකැ වෙන්නෙ කියල.
Deleteහතරම බැලුවා. ලිවුවෙ මේකෙ විතරයි..
ReplyDeleteකමෙන්ට් නැතත් කතාව බලන්ටෝ.. ජය !
Deleteඇයි බන් මැඩම් කෙල්ලගෙ නැන්දා කියලා ඒකි අඬන්නෙ ? මැඩම් එච්චරටම චාටර්ද ?
ReplyDeleteමතු ෂබැඳි නිසා නැවත එමි...
අඩනව නෙවෙ යකෝ.. ඒ හිනා වෙනවා..
Deleteඉහි ඉහි ගාලා හිනවෙන්නෙ මොන ලෝකෙද බන් ? උඹ හිනා වෙන්න දන්නැත්නම් හිරූ ගෙන් අහ ගනින්.. :D
Deleteඒ... ඔය ක්ලාස් එක කොහේද තියෙන්නේ. මාත් එනවා බන්...
ReplyDeleteඅපෝ බැහැ. ඒක රහසක්.. උබත් අවසන් වටයට පැනගනී ආවොත්..
Deleteඅන්න ඒ පිලිතුරෙන් ඔප්පු වුනා මේක සෑමාගේ අත්දැකීමක් බව :P
Deleteහිකිස්.. කතා හදන්න එපා බං !
Deleteසෑම්....
Deleteමේ ඔය අසරණ ප්‍රවීන ගායිකාවට අනුකම්පා කරපන් බං....
ReplyDeleteඅනුකම්පා කෙසේ වෙතත් විහගයා වැඩක් ගනී වගේ බං ...
Deleteසාක්කුව ඇතුලෙ ෆෝන්එකද හෙල්ලුනේ නැත්තං කලිසම ඇතුලෙ වෙන මොකවත් ද?
ReplyDeleteෂික්.. කැත කතා කියනෝ ! එතකොට මැඩම් බැලුවෙ ඒක දිහාද බං ?
Deleteඒ ඇත්තටම සෑම් අයියට ගිටාර් ගහන්ඩ බැයිද ?? :p
ReplyDeleteඅත් දෙකෙන්ම පුලුවන් බං මට නම්. මේ විහගය ගැන නේ කියන්නේ..
Deleteහියියූ පූසා.....
ReplyDeleteමැඩම් එන පොටනම් හොඳ නැහැ විහඟයෝ :D
ReplyDeleteබලමු විහගයා මැඩම් නිසා දිනයිද දන්නෙ නැහැනේ බං !
Deleteසාක්කුව අස්සද කලිසම අස්සද දෙදරුවේ? හරියට කියහන්... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
චික්.. එතකොට මැඩම් ඒක දැක්කෙ කොහොමද කියල හිතපං කෝ..
Deleteවිහඟට අනාගතේ දේශපාලනයට එන්න හැකියාවක් තියෙනවා.
ReplyDeleteඒ මොකෝ බං ඒ ?
Deleteබොරු කියනවනේ හිටු කියල.
Deleteවිහඟ ගීතය නිහඬ ඇයි අද...?? ;)
ReplyDelete:(( බලමු ඇයි කියලා..
Deleteකිඹුල බනිස් වගේ මේක නැගලම යනවා...
ReplyDeleteහිකිස්.. !
Deleteබලන්න නේ ...දෙදරීම දැකල........!!!
ReplyDeleteකොහෙ බලලාද මන්දා බං..
Deleteපොකට් බිලියඩ් කියන්නෙත් හොද ක්‍රීඩාවක්.. මැඩම්ලා ඕව දන්නවා සෑම් මලයෝ..
ReplyDelete“හිල් පොකැට්“ බිලියඩ් ද ?
Deleteසෑමා කොහොම හරි අහිංසක කොල්ලෙක් විකුනලා පැත්තකට වුනා එහෙනං.
ReplyDeleteමොකක්ද බොලයියේ ඒ කතන්දරේ ?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමවුන්ටන් බයික් කට්ටට නැගල, ගිටාර් එක පිටේ බැදගෙන, හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ඔබාගෙන යන ග්රාමාරක්ෂකයෝ මම දැකලා නෑනෙ!
ReplyDeleteසංවේදී සොල්දාදුවෝ එහෙම තමයි...., ඔය යන්නෙ සතුරාව ප්‍රමුදිත කරන්න....!!!
Delete//සතුරාව ප්‍රමුදිත කරන්න....!!!//
Deleteඒක මරු කතාව බං !
කතාවනම් රසවත්....
ReplyDeleteස්තුති සුමියා !
Deleteසෑමා මොකටද එන්නේ කියලා මට හිතා ගන්න බෑ.
ReplyDeleteගායකයෙක් වෙන්න එන්නේ :)
DeleteMaadam Mokatada Enna Hadanneeee...
ReplyDelete