Saturday, February 9, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව-2


උදේම ලිහා දාපු බලු කුක්කෙක් වගේ මම නිදහසේ ඇවිද්දා. හැමදාම ගමේ කොල්ලන්ට හිසට වහලක් වුණ හන්දියේ බස් හෝල්ට් එක අදත් මට පිළිසරනක් වුණා. වෙනදට වැඩිය පිළිවෙලට ඇදල, කොන්ඩෙ උල්වෙන්න හදාගෙන අඩිය තියන මං දිහා ගමේ එකාල හැරි හැරි බැලුව. ඒ වෙනදට මම මෙහෙම අදින්නෙ නැති නිසා නෙවේ. මගේ හිතේ තිබ්බ අමුත්ත මගෙ මූණෙන් කට්ටියට පෙනුන නිසා වෙන්න ඇති. ඇක්සිඩන්ට් එකකින් හැප්පුනු වාහනයක එක පාරට එයාර් බෑග් පිම්බෙනව වගේ, ගායකයෙක් වෙන්න හිටපු මට හදිස්සියේ කෙරුණු මේ කැදවීම එයාර් බෑග් එක පිම්බෙනවටත් වඩා වේගෙන් මාව වෙනස් කරන්න ගත්ත. උගුර පාද පාද සිංදු කියල මුළු රෑම ගතකරල මම හීනෙනුත් සිංදු කිව්වා. මගෙ වෙලාව හොද කමට මට යාළු වුණ කෙල්ලෙක් හිටියෙ නැහැ. නැත්තං මහ රෑ නින්දන් නැතුව ප්‍රැක්ටිස් කරනවා වෙනුවට ඒකිව හුරතල් කරන්න වෙනවා ෂුවර්.

ගමේ හෝල්ට් එකේ හිටපු මට හෝල්ට් එක පෙනුනෙ එයාර් පෝට් එක වගේ. ඈතින් ආපු ලඩරම් බස් එක මට පෙනුනෙ මාව හදට ගෙනියන්න එන රොකට් එකක් වගේ වේගෙන්. වෙනදට අපේ ගමේ උන් උදේට කාලා, රැවුල කපාගෙන, කොණ්ඩ පීරගෙන, ගෑනූ හැට්ට කටු ගහගෙන එනකල් නවත්තගෙන ඉන්න බස් එක අද මට රොකට් එකක් වුනා. ඒත් හැබෑවටම ඌ ආවෙ උගෙ වේගෙන්. බස් කොන්දොස්තරය උදේට කෑම කාලා, බස් එකට නගිනකල් බස් එක නවත්තං ඉන්න වගක් මට දැනුනෙ නැහැ. මම බස් එක ඇතුලෙත් පාවුනා. එකම හීන ලෝකයක්. 

මෙහෙම ඉදල හරි යන්නෙ නැහැ. හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ඔබාගෙන සිංදුවක් අහන්නෝනි. වැල්ලෙ රීපු බලල් තඩියෙක් තමන්ගෙ කක්ක බෙට්ට හංගන්න වැලි අහුරු ඔබනව වගේ මම මගෙ කන ඇතුලට හෑන්ඩ්ස් ෆ්‍රී එක එබුවා. දැන් නම් බස් එකත් පිරිලා. වෙනදට ඇස් කරකව කරකව මම හොයන්නෙ කවුද බස් එක ඇතුලෙ ඉන්න හොදම කෑල්ල කියල. වැරැද්දක් කරන්න නෙවේ. උන් දිහා බලල ෆෝම් කරන්න. මම හිටගෙන හිටියොත් ලගට ගිහින් උරහිසට හේත්තු වෙන්න. හිටගෙන ඉන්න කම්මැලි කමට, ඉන්න කෙල්ලෙක්ගෙ ඇගට බර දීලා බල සමතුලිතය ප්‍රැක්ටිකලි දකින්න. මොකද මම එදා ඉදන්ම ෆිසික්ස්වලට ලෙංගතු නිසා. නැතුව ආගමට දහමට අකැමැති නිසා නෙවේ.
http://aeva-dhara.blogspot.com/2010/06/ticket-less-travel.html


වෙනදට පෝයට කැළණි බස් හෝල්ට් එකෙන් නගින හිගන මිනිස්සු කාසි අතේ තියාගෙන හොල්ල හොල්ල බස් එක මැද්දෙන් එනව වගේ මගෙ ලගට ආවෙ බස් කොන්දොස්තර මාමා. ඌ මම ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මේ බස් එකේමයි වැඩ කලේ. ඉතිං හැමදාම මගෙන් සල්ලි නොගන්න එකාට අදවත් සල්ලි දෙන්නෝනි කියල මම සල්ලි නෝට්ටුවලට වඩා කොළ කෑලි පිරුණු මගේ පර්ස් එක එලියට ඇදල ගත්ත. බස් එකේ වීදුරු කවුළුවක් ලග ඉදගෙන හිටපු මම එහා පැත්තෙ ඉදගෙන හිටපු කවුදෝ පහුකරගෙන අත දික් කළා.

“කොටුවට එකක්..“ මම ටිකට් ඉල්ලුවා.

“හරි හරි බං සල්ලි එපා..“ කොන්දා අහක බලාගෙනම කිව්වා.

ඒත් කනේ බෆල් දෙකක් එල්ලලා වගේ, කන පැලෙන්න සිංදු දාගෙන හිටපු මට මුකුත් ඇහුනෙ නැහැ. මම තවත් හයියෙන් කතා කළා. ඇත්තටම කනේ ඉයර් ෆෝන් ගහන් ඉන්නකොට වෙනදට වඩා හයියෙන් කෑගැහෙනවා. ඒක තමයි බස් එකම මගෙ පැත්ත හැරිල බලන්න ඇත්තෙ. එහා පැත්තෙ හිටපු එක්කෙනා අතින් තමන්ගෙ කට වහගෙන හිනා වෙනව මම දැක්ක. හීනයක් වගේ. එයා ලස්සන කෙල්ලෙක්. මූණ ගොරක ලෙල්ල වගේ හැඩේ තිබ්බට, පාට නම් රතුම රතුයි. ජම්බු කොට්ටෝරුවෙක් වගේ හොටක් නහය තිබ්බා. හදිස්සියටක පොල් බෑයක් ගා ගන්න තරම් ඒ නහය තියුනුයි කියල මට හිතුන.

මුළු ලෝකෙම මගෙ දිහා බලන් ඉන්නව වගේ දැනුන. මම කෑගහපු නිසා හැමෝගෙම අවධානය මගෙ පැත්තට. මම මගේ ගායන තරුවක් වීමේ සිහිනයේ පලවෙනි අඩිතාලම දැම්මදෝ කියලත් මට හිතුන. වේදිකාවක් මැද තනිවුනු ගාකයයෙක් දිහා ලෝකෙම බලං ඉන්නව කියල මට හිතුන. මගේ ඒ සිතුවිලි, ඒ සිහිනය එකපාරට කඩා වැටුන වගේ දැනුනෙ අර කෙල්ල මගේ හෑන්ඩ් ෆ්‍රී එකේ වයර් එකෙන් ඇදල බිමට දාපු නිසයි.

“මෝඩ හිවලා, මේක කනේ ගැහුවම මොනවත් ඇහෙනවද? ගලවල දානවා ඕක..“ එයා ආදරෙන් කිව්වා. අපෙ අම්මා බූරුවා ගොනා කියල බනින නිසා හිවල කියන එක මට ආදරයක් වගේ දැනුන.

“හැමදාම ඇදුරුම් කමට අපේ බස් එකේ නැගල සල්ලි නොදී යන එකා, අද ඔයා එහා පැත්තෙ ඉන්න නිසා මට සල්ලි දික් කරනව නංගී...“ කොන්දොස්තර මගේ ඇදන් හිටපු කලිසම ඔලුවෙන් ගැලෙව්වා. සතියක් තිස්සෙ ඇදපු යට ඇදුම, පෙරේදා හෝදලා, වේලුනේ නැතුව තියෙද්දිත්, අයන් එක යටින් තියල වේලලා ඇදන් ආපු එක හොදයි කියල මට දහස් වාරයක් හිතුන. නැත්තං මූ මගෙ කලිසම ගැලෙව්ව විදිහට එතැනින්ම බස් එකෙන් බහින්න වෙනවා.

කොන්දගෙ වැරදි වැටහීම නිසා, කෙල්ලටත් ඌ ටිකට් කඩල නැහැ. ඌ හිතල තියෙන්නෙ මම ඒකි එක්ක රවුමක් ගහන්න යනව කියල. ඒකි මගෙ කෙල්ල කියල. කොටුවෙන් බහින්න හිටිය මම ආයෙත් හෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන වීදුරුවෙන් එලියට ඔළුව ඔබාගෙන ඉද්දි මගෙ උරහිසට තට්ටුකළා.

ඒ එයා..

“තැන්ක්යූ අයියා... ඔයා නිසා මගෙන් කොන්දොස්තර සල්ලි ගත්තෙත් නැහැ.“

එයා හිනා වුණා.
ආමර් ස්ට්‍රීට් වලින් බැස්ස.
මම කතා නැතුව බලං හිටිය.
ඉස්සරහ දොරෙන් බැහැල යන ගමන් මගේ දිහා එයා බැලුව.
මට හිනා ගියා.


මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:03am_08/02/2013
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

74 comments:

  1. මට මේ කතාව කියවන කියවන වෙලාවට මතක් වෙන්නේ අර බොලා කිව්වේ සිංදුවක් //විළද කැවූ ගිරවිය// ද මොකක්ද එකක් අන්න ඒක... :P

    ReplyDelete
    Replies
    1. අඩේ මේකිට ඒ ෂිංදුව මතකයි නේ...

      හිකිස්.. කස්ටිය ඒක අහල කිව්වෙ මම හදල කියපු සිංදුවක්ලු..

      ඒක ප්‍රින්ස් ද කොහෙද කියන්නේ..

      //විලද කැවු මගෙ ගිරවිය ගියාද කූඩුව අතහැර - වන වදුලෙදි දැනුනෙ නැද්ද සාංකාව නුබේ හිතට//

      :))

      ජය !

      Delete
    2. ඒ මට මතකයි ඈ..
      සෑමට රෝද හතර හම්බෙන්න කලිං 135හේ එහෙම අක්කලා දිහා බල බල ඇඹරි ඇඹරි ගිය හැටි...
      දවසක් මටත් මාට්ටු උනේ...

      Delete
    3. ෆල ෆල. එදා උබ පාත්වෙලා මගෙ දවසම කෑවා..

      උඹ කැළණිය හන්දියෙන් බස්එකේ නැග්ගෙ ඇයි කියල මම තාමත් කල්පනා කරනවා.

      :ඩී

      Delete
    4. සැමාගෙ හොර එළිවේ! :)

      Delete
  2. කතාවේ සුවඳම හරිය වෙන්නැති අර සතියක් ඇඳපු යට ඇඳුම ගැන කියපු හරිය...හි හි හී

    ReplyDelete
    Replies
    1. ෂික්.. මෙයා අල්ල ගත්ත තැන..

      Delete
    2. මේකිට පේන්නේ මේවමනේ බං බලහං ඒයි වැලක් දෙන්නද එල්ලෙන්න

      Delete
    3. අපෙන් වහයි ඕවා...හි හි හී..ඇයි නලින් අයියා. හැමෝම කතාවේ රසවත් බව දකිනවනේ.. ඒකටම සැමා සුවඳකුත් එකතු කරපුවම පේන්නෙ කොහොමද...

      Delete
    4. මටත් එනවා සුවද! ෂහ්.. නහය කඩාගෙන යනවා :)

      Delete
  3. ආනේ...හරිම ශෝක් ගායකයෙක්!!!!

    ReplyDelete
    Replies
    1. තාම එතනට ආවෙ නැහැ යකෝ

      Delete
  4. මෙව්වා ඉස්සර ඇත්තටම උඹට උන එව්වා නේද

    ReplyDelete
  5. Sam's been taken for a ride කියලා සිංහලෙන් කියන්නෙ ඕකට.
    ඔය හෙඩ්ෆෝන්, ඉයර් ෆෝන් ගැහුවාම බෙරිහන් දෙවෙන එක නම් කවදත් කාටත් වෙන දයක් නේද?

    ReplyDelete
    Replies
    1. අර සිංහල අකුරුද බොල හෙන්රියෝ ??? :)

      සිරාවට. ඕවා ගැහුවම මම හිතලම හෙමින් කතා කරන්නේ !

      Delete
  6. මට නම් පස්ටම කෑල්ල මුගේ කලිසම ඔළුවෙන් ගලවපු එක තමයි..

    ReplyDelete
  7. බර සමතුලිත කරන්න හේත්තු කරන ගියපු කෙනෙක්ට කෙනෙක්ට බස් එකේදී ඇන්ටි කෙනෙක් මෙහෙම කතාවක් කියල තියෙනවා. "ඔෆිස් එකේ පැය 8ක් වැඩ කරන එක නෙවෙයි අමාරු මුන්ගේ තැඹිලි වැල්ල කර තියන් යන එක නේ". ඒ උඹට වුන සිද්දියක්ද මචං.

    ReplyDelete
    Replies
    1. ඔහොම කතාවක් ලියුවේ උඹ නේද මචං...?

      Delete
    2. මම එහෙම එකක් ලිවුවේ නැහැ නේ මචං.

      Delete
  8. \\මම හිටගෙන හිටියොත් ලගට ගිහින් උරහිසට හේත්තු වෙන්න// මෙන්න මෙහෙම නම් වෙන්න බැහැ බන් ටිකක් තාත්විකව ලියපන් උඹ කොටයිනේ.උරහිසට නෙවේ ඉනට තමයි හේත්තු වෙන්න වෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මුගෙ අත්දැකීම් කතා කරනවා..

      එදා ගෙට්ටුවෙදි කස්ටිය දැක්කා කවුද මිටි එකා කියලා...

      ඉල්ලන් කාලා මෙයා..

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මඟුලයි දෙපාරම වැරදුණා කෙල්ලගේ නහය ගැන වර්ණනා කරල තියෙන හැටි ඒකි දැක්කනම් කලිසම
    ෂුවර් එකටම ගලවයි ඔළුවෙන්ම..:ඩි

    ReplyDelete
    Replies
    1. ඒක තමා එයාගෙ නහයට ගැලපෙන් හොදම උපමාව.

      ඒක හරි සුන්දර නහයක් බං !

      Delete
  12. නියම ලිවිල්ල...ආසාවෙන් කියෙව්වා.. ගනන් උස්සන්නතුව ළඟ ළඟ නමපන් හොඳේ..

    ReplyDelete
    Replies
    1. උපරිම උත්සායක් ගන්නව බං.

      අටමා වගේ නැතුව දිගටත් ලියන්නෝනි :)

      Delete
  13. කතාව ගානට ආවත්, උඹේ ලිවීම ඉස්සර තරම් ෂාප් නෑ......!

    ReplyDelete
    Replies
    1. සුමියා උබ මිනිහෙක් හැරෙද්දි දන්නවා !

      මට දැන් ඉස්සරට වඩා ටිකක් වැඩ වැඩී බං. අමාරුවෙන් බැලන්ස් කරන්නේ..

      ජය !

      Delete
    2. සුමිත් = +++++++++++++++++++++

      Delete
    3. ඔව් අසාර් උබත අසාධාරණ විදිහට ඔය කතාව මට කියල තියෙනවා :-/

      Delete
    4. අපි බලාපොරොත්තු වෙන්නේ සෑම් කියන නිර්මාණ කරුවාගේ සැබෑ නිර්මාණයක්.

      Delete
  14. කතාවනං නියමයි සැමා.... ඒත් උමෝ ඔයා කොහෙද ඉන්නේ .......ඉක්මනට එන්ඩෝ අපේ කොල්ලට අසාධ්‍යයි.... ලව් මාන්දම උත්සන්න වෙලා..

    ReplyDelete
    Replies
    1. අද මට තනි නෑ..
      සිත දුක් දෙන්නෑ..
      මා දමා.. ඈ ගියා කියා....

      ඒ ඇත්ති ඉන්න තැනකින් හොයන් වරෙන් නලින් අයියා !

      Delete
  15. ඇත්තටම ගෙවල් පැත්තෙ බස් වල යන්නෙ සල්ලි දෙන්නෙ නැතුව නේද?

    ReplyDelete
    Replies
    1. ෂික්.. කවුද අප්පා කියන්නේ ??

      Delete
  16. මේකා සිංදු කියන්න යන ටිකට මොන මොනා කර ගනීද මන්ද.....

    ReplyDelete
    Replies
    1. සිද්ධ වෙන හැ ම දේම දෛවය අ නුව ෙවයි ෙන් ?

      Delete
  17. අඩේ සමියා තෝ කුප්පයි ආහ්....මෙහෙම බ්ලොග් ලියන කියවන කොල්ලන්ගේ හිත්වලට වැලි ගහලා කථාවේ මෙහෙම නවත්තන එක අවංකෙම්ම කුප්පයි සමියා....කියපං ඒ කෙල්ලගෙන් මම හරි උඹ ගැන අහලා මේ ඛේදවාචකේ හුටුස්ගාල එන්ඩ් ටයිට්ල් දෙන්නමා .......

    ReplyDelete
    Replies
    1. අෙන් සෙපා්ට් ඒකක් දියල්ලා..

      Delete
  18. නියම කොන්දෙක්.... හි හි

    ReplyDelete
  19. එ ලමයා අන්තිමට ඔයාදියහා බලලා යනකොට ඈත්තට මොකඩ හිතුනෙ

    ReplyDelete
  20. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
  21. අඩේ උඹ හැමදාම එක එක කෙල්ලො බස්එකේ නිකං එක්කං යනව නේද?

    ReplyDelete
  22. බස් එකේ යන්නේ ස්විෆ්ට් එක කැඩිලද?

    ReplyDelete
  23. චැක්, ඒ ගෑල්ලමය මං දැක්කෙ නැහැනෙ. අපේ ගෙදර හිරමනේ කැඩිල.

    ReplyDelete
  24. මට තියෙන ප්‍රශ්නේ මේක අර ගෙට් එකේ වෙච්ච සිද්දියට සම්බන්ධ එකක්ද නැති එකක්ද කියලා?

    ReplyDelete
  25. යකෝ මේක අතුරෙ යන ගමනක්නේ. ඔය බස් එකෙන්ම නැගී එන ගායකයගෙ සංගීත දිවිය කෙළවර වෙන්න තිවුනා. පරිස්සමට, හොඳේ ....

    ReplyDelete
  26. අර සුපර් ස්ටාර් එකට ගියා නම් සින්දු අමාරුවයි, නිරෝෂා අක්කිට සමතුලිත කරන අමාරුවයි දෙකම හොඳ කර ගන්න තිබ්බා..

    ReplyDelete
  27. ඈ.....වෙලාවට ජංගිය හොද්ලා තිබ්බේ...බලමුකො ඉතුරු ටිකත්...

    ReplyDelete
  28. උඹ සුපර්ස්ටාර් වෙන්ඩ කිට්ටු උනාම කියපං.මාත් ඇස් ඇම් ඇස් එකක් එවන්නං.

    ReplyDelete
  29. ගායකයා වෙන්න යන ගමන මෙහෙම නම් සින්දු කියන්න පටන් ගත්තට පස්සෙ මොනවායින් මොනව වෙයිද...අර ගෑල්ලමය නම් හරි චෝයි වගේ අනේ... :D

    ReplyDelete
  30. කැලනියේ ඉදන් තාම කොල්ලට කොලෝ තොටට එන්න බෑරි උනා... වෙලාවට ඔය ලග පාත උන්නෙ... සදරු වගෙ අම්පාර පැත්තේ උන්නා නම් තව මොනවා මොනවා ඔය බස් වල වෙයිද මන්දා...............

    ReplyDelete
  31. ඉතිං අර කෙල්ල නිකන් යන්නම හැමදාම උඹ ගාව වාඩි උනැයි..!

    ReplyDelete
  32. අන්න කෙල්ලෙක් දාගන්න තව විදියක් ඇ.......

    ReplyDelete
  33. ඇත්ත තමයි මගි වාහන වල යන වෙලාවට ඔය ඉයර් ෆෝන් එක කනේ ගහගෙන හිටියාම මොකවත් ඇහෙන්නෙ නෑ. සමහර වෙලාවට කියනදේවල් ඔක්කෝටම ඇහෙනවා

    ReplyDelete
  34. අඩේ සෑමා උඹේ කාර් එක වික්කද ? දැන් බස් වලද ආයෙත් ගමන් බිමන්...

    ReplyDelete

  35. ////“මෝඩ හිවලා, මේක කනේ ගැහුවම මොනවත් ඇහෙනවද? ගලවල දානවා ඕක..“///

    කොහොමද බන් අහම්බෙන් හමුවෙච්ච කෙල්ල උප්පැන්නේ තියන නම දැනගත්තේ

    ReplyDelete
  36. නියමයි සෑමෝ...මැවිල පෙනුන බං කතාව.

    ReplyDelete
  37. බස් එකේදිම සින්දුවක් කියලා ප්‍රක්ටිස් උනානම් හරිනේ බං. බස් වියදම හොයා ගන්නත් පුළුවන්. ෆ්‍රී පබ්ලිසිටියකුත් හම්බ වෙනවා.

    ReplyDelete
    Replies
    1. මචං සැමෝ දැන් තමයි ගෙට්ටුවේ වීඩියෝ එක බැලුවේ. පට්ට රස ආකරයක්නේ. උඹේ රන්ගනයනම් අපූරුයි. දෙකක් නවා ගත්ත හින්දද කොහෙද බොක්කෙන්ම රංගනේ දීලා තියෙනවා. ඒත් ඇර ගෑල්ළමයාගේ වොයිස් එක වගේම ගායනයත් හරිම මිහිරියි. පව් බං ඒකි එතන තනි වෙලා. චියර් එකක්වත් නෑ ඒකිට. සිරාගේ ගායනයත් අති විශිෂ්ඨයි.
      උඹේ කීමේ හැකියාවත් සුපිරියි :D

      Delete
  38. මරු මරු.. අගේ නොකර දාහන් බලන්න ඉතුරු ටිකත්..

    ReplyDelete
  39. ගිය සරෙත් බෙටි කතා වගයක් තිබ්බා, මේ සැරෙත් බෙටි කතාවක් දාලා... බොකද බං උඹ ඔච්චරටම බෙටි වලට ඉන්ටරස්ට්?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර කතා කරන පොටෝ මූට එච්චරටම මඩ ගැහුවේ!

      මට කක්කි බලයි.. චූ බලයි.. ඔච්චරමනේ තිබ්බේ :)

      Delete
  40. ම්..කලින් කතාවලට වැඩයි වෙනස් විදිහක්..ඔහොම යං ඔහොම යං සෑමෝ..

    ReplyDelete
  41. සෑම් ගේ ලියවිල්ල හැමදාමත් පට්ට.එත් හැබැයි දැන් ලිපි දානවා අඩුයි නේද?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  42. අයියො... මට ඩුකයි.... සිතූ කුසූ කටාව ටලම්ම ලෑලේ.........:‘(

    ReplyDelete
  43. පට්ට යකෝ මේක...
    අරයා ආයේ හම්බෙයි නෙහ්?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  44. ඉතුරු කොටස දානකං මඟ බලන් ඉන්නවා...

    ReplyDelete
  45. //වැල්ලෙ රීපු බලල් තඩියෙක් තමන්ගෙ කක්ක බෙට්ට හංගන්න වැලි අහුරු ඔබනව වගේ//

    ලොවෙත් නැති උපමා

    පට්ට ඈ කතාව මේක තමා සැමාගේ අනන්‍යතාව

    සැමයියේ මේ ඇත්ත සිදුවීමක්ද ඈ?? එදා ගෙට් එකේදි සිංදු කියලා මනෝ පාරක් ගහගෙන එද්දි වෙච්චි අයිටම් එකක්වත්ද ඈ

    ReplyDelete
  46. අඩෝ මේක නම් නියමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...