Tuesday, October 23, 2012

Rubik's Cube එක විනාඩි දහයෙන් විසදන ආකාරය..


කළවං කර ගත් පසු විසදිය නොහැකි එකම ගැජට් එක රුබික්ස් කියුබය බව සෑමා දැන ගත්තේ ජුන්ඩං කාලයේය. Rubik's Cube එක යනු පාට හයකින් සමන් විත, එක මුහුනතක කුඩා කොටු නමයකින් සමන් විත ඒ කුඩා කොටු නමයම කැරකැවිය හැකි ආකාරයේ අහවල් එකක්ය. එය නොදන්නා කෙනෙකු මිහිපිට සිටිය නොහැකි බව සෑමාගේ මතය වන්නේය.

පුංචි කාලේ ගෙදර තිබු Rubik's Cube එක සෑමා කලවං කර ගත්තේය. එය අවසන් වරට පාට කළවං වී අන්තරස්දාන වෙන තුරුම නැවත තිබු තත්වයට හදා ගැනීමට සෑමාට නොහැකි වූයේය. ඒ නිසාම සෑමා හය හතර තේරෙන කාලේ නැවත Rubik's Cube එකක් මිලදී ගත්තේය. එය නම් කලවං කරගෙන සෑමා දැගලුවේ නැතිය. එසේම තිබියදී තම මිතුරන්ට පෙන්නුවේ තමන් කලවං කර තිබු එකක් නැවත ඒ ආකාරයට සැකසූ බවය.


පසු කලෙක සෑමාගේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් හොස්පිට්ල් හිටියේය. ඔහුව බලන්නට සෑමා හොස්පිට්ල් ගියේය. ඔහු තම රෝගයට අමතරව මහ විශාල ගැටළුවකට මැදිව සිටියේය. ඒ Rubik's Cube එකක් නිසාය. පොරට සේලයින් ගසා, ඇදට වී විකාරයෙන් සිටියදී ඌව බලන්න ආපු එකෙක් මේකාට Rubik's Cube එකක් ගෙනත් දී තිබුනේය. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේ පොර ඇදට වී අහල් එක කරකවමින් සිටියේය. කොල්ලා පව්ය. ඇස් හතරැස් වී පාට පාට කොටු වී සිටියේය.

කොල්ලා දේව පුත්‍ර යෙක් ලෙස පැමිණි සෑමා අතට Rubik's Cube එක දුන්නේය.

“අයියේ මේක හදල දියං කෝ“

“අපෝ බං ඕක මම විනාඩි 10න් හදනවා“

“අම්මට හුඩු ඒමද? “

“ඔව් යකෝ මම හදල තියෙනවා ෂුවර් නැද්ද කෝ දියං..“ සෑමා Rubik's කුට්ටිය අතට ගත්තේය.

ඒ අතර කොල්ලාව බැලීමට තවත් ඥාති පිරිසක් ආවේය. සෑමා අවස්ථාවෙන් ප්‍ර යෝජන ගත්තේය. හොස්පිටලයෙන් එලියට පැමින පාරට බැස්සේය. ක්ෂණික රුපියල් හතලිහක් වියදම් කොට Rubik's Cube එකක් ගත්තේය. පැකට් පිටින්ම එන Rubik's Cube එක පිළිවෙලය. කලවං වී නොමැතිය. මලයාගේ Rubik's Cube එක සාක්කුවේ දමාගත් සෑමා අළුත් Rubik's Cube එක මලයා අතට පත්කලේය.

සරලය, විනාඩි දහයෙන් Rubik's Cube එක විසදිය හැකිය.

Written by sAm_5.25pm_23.10.2012

104 comments:

  1. අති විශිෂ්ට මොළයකි!කරුණාකර මේ දවස් වල වැස්සට තෙමෙන්න නොයන්න!

    ReplyDelete
  2. හෑ... මදැයි මමත් රූබික් කැටේ උස්සන් දුවන් ආවා... :(
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. හයියෝ ඉක්මනට ලගම කඩේට දුවල එකක් ගන්න :)

      Delete
  3. මං නම් කලෙ ගලෝලා හයි කරා. එක හරිම ලේසියි :D

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියෙනවා ඒ සීං එක. :)

      Delete
    2. මං කියන්න ලෑස්ති වුනෙත් ඔන්න ඔය ක්‍රමය. මම කරලා තියෙනව හරි ලේසියි.

      Delete
    3. ඇණයක් තියෙනවලු නේද :)

      Delete
    4. කැටේම ඇණයක් තමයි...

      Delete
    5. ඇණයක් නෑ.. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් කරකවල පේලියක මැද කැටය උස්සන එක විතරයි. ඕක හරිම නිර්මාණශීලී සංකල්පයක්.. අපේ ඉස්කොලෙ කොල්ලෙක් හිටියා ඕකට පිස්සු වැටිලා හිටිය.. ඌට උලුවන් ඕනිම විදියකට අනල දෙන කැටයක් විනාඩියක් ඇතූලට ආයෙ හදන්න.. ඌ යූ ටියුබ් බල බල ඒක පුරුදු වෙලා.. මටත් කිය්ටල දුන්නා.. ඔය හැම මූව් එකකටම නමක් කියන්න පුලුවන්.. මට දැන් මතක නෑ.. ලෝක වාර්තාව සමකරන්න හෙනට මහන්සි උනා ඒ කාලෙ.. ඒත් ඒක නම් අමාරුයි..

      Delete
    6. http://www.youtube.com/watch?v=HsQIoPyfQzM

      මෙන්න විඩියෝ එක. මේකෙ අර ගලෝන හැටිත් තියනෝ

      Delete
    7. මං දවසක් පොඩි එකෙක්ට ගලෝල හයිකරල දෙන්න ගිහින් බැරි වෙලා පස්සෙ ඌ නොසෑහෙන්න අඬද්දි අළුත් එකක් ගෙනල්ල දුන්න :/

      Delete
  4. ඒ කියන්නෙ සෑමා ගාව දැන් ඔව්වා තුනක් තියෙනවා..

    අපේ මලයා පට පට ගාලා හදනවා බං.. මට නං බෑ.. අනික එපා වෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. සෑමා ගාව තුනක් තියෙනවා ?

      Delete
    2. උපතින්ම..

      ඇයි හරීගේ ‘මල්ලීට‘ තුනක් නැද්ද? :)

      Delete
    3. එහෙනං අර එතකොට ......නෑ නෑ එක්කෝ ඕන් නෑ

      Delete
  5. එනකොටම හිතුනා මේකනම් කුප්ප පෝස්ට් එකක්ම තමා කියලා.. අනේ දවසකට තුන් හතර දෙනෙක් සැමාට රුබික්ස් කියුබ් එකක් ( දිවත් උලුක් වෙනවා රෙද්ද ) දික් කරපිය....
    නැත්තම් මේ කුප්පකම් වලට හරියන්න උබව ගල් කියුබ් එකකට .... නෑ එක්කො ඕනේ නෑ

    සැමෝ රුපියල් 30ක් ඔට්ටුයි උබට ආයෙත් ඒක හදන්න බෑ

    ReplyDelete
    Replies
    1. මම ඕට්ටුව දින්නම මට 30ක් දෙනව නම්, අතින් තව දාන්න තියෙන්නේ රුපියල් දහයයි බං :)

      Delete
  6. සික් විතරක්... මුගේ .......... කියන්න වදන් නෑ...

    එළියට නං බහින්න එපා සැමෝ.. මොළේ තෙමෙයි උඹේ... හි හි...

    ReplyDelete
    Replies
    1. අඩේ කුනුහරප ලොප් කරල කියලා..

      Delete
  7. මටනම් Rubik's cube එකේ පාට ගලපන එක ගේමක්ම නැත්තේය. පාට කලවම් වී මොලේ මොන්ගල් වීමට පෙර පින්සල ගෙන ගා දමන්නේය.පාට පාට තීන්ත තියෙන්නේ ඒකටය.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකත් මාර ආතල්.. පාට කර කර හිටු !

      Delete
  8. අපරාදේ රුපියල් 40... ඔය ජිගිරි බිරිස් එක ගලවලා ආයේ හරියට සෙට් කරා නම් ගොඩය... මාත් ගොඩ ගියේ එලෙසය....

    ReplyDelete
    Replies
    1. ඉතිං බං හොස්පිට්ල් එකේ ඕව ගලවන්න තියටර් එකට යන්න වෙයි...

      Delete
  9. ඔය විසඳුම් හැම ගැටළුවටම හරියන්නේ නැත සෑමෝ. තියන එක අවුල් හින්ද අළුත් එකක් ගෙනාවොත් අම්බානක් ඇනගන්න වෙන ආකාරයේ ගැටළුද තිබේ. සෑමා ඇනගන්නේ ඒවන් ගැටළුවකට මෙවැනි විසඳුමක් දුන් දවසකය. :D

    ReplyDelete
    Replies
    1. පරන එකට අලුත් ඒවා දෙන තැන් බොහෝය. ට්‍රයි කරල බලපං සැබෑ වෙනසක්..

      Delete
  10. මම විනාඩි 8න් හදාලා හදනවා බං ඕක.. සිම්පල්නේ... හැබැයි මං ගාව තියන එක විතරයි.. මොකද ඒකේ ඔය පොඩි කොටු 9 වෙන වෙනම ගලවන්න පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. ඒකත් සිරා අයිඩියාව බං :ඩී

      Delete
  11. මදෑ පාට ගලපන්න බලන් හිටිය... පට්ට වැඩේ..

    ReplyDelete
  12. මේ පැත්තෙ ආවොත්නං සෑමාට කෙලවෙන්නේය. මොකද මෙහි කිසිම කඩයක ඔය ගැජමැටික් එක මම දැක නැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. අය්ය කොහෙද?... දඹානෙද

      Delete
    2. මේක වුනේ කොළඹ ජාතික රෝහල අවට නිසා වැඩේ ෂේප් !

      Delete
    3. @ Mee, දඹානෙත් සමහරවිට ඕව තියෙන්න පුලුවං. :D

      Delete
  13. අඩෝ ඕක හදන්න මට යන්නෙ විනාඩි දෙකයි බං. කඩේ තියෙන්නෙ ගෙදර ලඟමයි. :)

    ReplyDelete
    Replies
    1. :)

      කඩේ ලං වෙන්න ලං වෙන්න ඕක හදන්න යන වෙලාව අවමයි :)

      Delete
  14. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ? අර කොල්ලට සෑම් අයියාව මැජික් කාරයෙක් වගේ පෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කොල්ලව එදාම හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කලා බං :))

      Delete
  15. මෙන්න හදන හැටි: http://www.rubiks.com/solving-center/pdf/Rubiks_cube_3x3_solution-en.pdf

    මම හැදුවෙ නම් ගයිඩ් එක බලාගෙන නෙමෙයි, කොටසක් වැඩ කරන හැටි හොයාගත්ත. අන්තිම ටික අහම්බෙන් කරකවලා ඉවර කරගත්ත.

    කොමියුනිස්ට් හංගේරියාවේ Ernő Rubik හැමදාම අගය කළ යුතු වූවෙක්: http://en.wikipedia.org/wiki/Ernő_Rubik

    ReplyDelete
    Replies
    1. මේක හදන වීඩියෝවක් යූ ටියුබයේ තියෙනවා. ඒකත් බලන්න.. සිරා..

      මට ඉස්සර යාළුවෙක් කිව්වා ඉස්සෙල්ලම සුදු පාට පැත්ත හදන් හිටිං කියලා. එතනින් එහාට බැහැ :ඩී

      Delete
    2. හදන පාට මොකද්ද කියන එක නං කොහොමටවත් අදාල වෙන්නෑ.. ඉස්සෙල්ලා කතිරයක් හදාගන්න ඕනි.,. ඒක හරහා තමයි පටන් ගන්නෙ.. හදනකොට ආයෙ මුල හදපු ඔක්කොම කැඩෙනවා.. ආයෙ ඇදෙනවා.. ඔන්න ඔකයි සිස්ටොම් එක..

      Delete
  16. මං ඕක හදනවා විනාඩි 4කින් විතර! සූත්‍ර ටිකක් තියෙනවා,මත තියා ගත්තාම හරි!

    ReplyDelete
    Replies
    1. අපිටත් කියපං කෝ.. ජ්‍යාමිතික සූත්‍ර ද ?

      Delete
    2. අන්න ඒක දීල දාන්න

      Delete
    3. ඇල්ගෝරිතම් කියලා බං කියන්නේ. යූ ටියුබ් එකේ ඇති :)

      Delete
    4. Algorithm වලට සිංහලෙන් කියන්නේ ඇල්ගොරිදම කියල ... :)

      Delete
  17. අපෝ.......... පොඩි කාලේ ඉඳලම සෑමා නම් මහ අන්ඩපාලයෙක් බව මෙයින් පෙනී යන්නේමය..

    ReplyDelete
    Replies
    1. අන්ඩ පාලයා නොව පොඩි කාලේ සිට මොල කාරයාය !

      Delete
  18. උඹ විශ්වාස කරන එකක් නෑ සෑමා ඔය අටමගලෙ මම තවම අල්ලලා වත් නෑ... අපේ පැත්තෙන් යන වෙලාවක 40 ට ගත්ත එකක් විසි කරන් පලයන්කො....

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල් බං එකක් අරන් කරකවල බලපං. විනාඩි 10ක් යද්දි ලෝකෙම කැරකෙනව වගේ ඇවිත් ඔළුව කැක්කුමක් එනවා :)

      Delete
  19. අනේ මේ ...වෙන වැඩ නැතුවට...?

    ReplyDelete
    Replies
    1. නිකං තියෙන මොලේ හොල්ලපං ටිකක් !

      Delete
  20. බෝලයි ආච්චිට ... එහා ගෙදර අයියට ඕක පුළුවනි . මිනිහට ඕනි විදියකට අවුල් කරලා දුන්නම විනාඩි 3න් හදනවා.. සිරාවටම මොලයක්.. මිනිහ .. 2008ද කොහෙද.. ගණිත අන්සෙන් ලංකාවේ 5ස් වෙනියා.. දැන් ඉන්ගිනියර් ෆැකල්ටි එකේ උ එකේ එක්සැම් වලින් හැමදාම ෆස්ට් .. ඔන්න ඕක මේක දැක්කනං සැමගේ අන්තිම ඇටේට වෙනකන් සුප්පු කරනවා අම්මපා

    ReplyDelete
    Replies
    1. හිකිස්... උගෙ මොලේ අවුල් වුනාට අපේ හොදයි බොල මොලේ... :)

      Delete
    2. හේ හේ හා හා ,, අපිනේ දන්නේ සැමාගේ මොලේ මහත

      Delete
  21. විනාඩි 10ක් යන්නෙ නෑ බන්... උපරිම විනාඩි 4ක් ඇතුලත හදන්න පුළුවන්(මට)... ඕකෙ රෙකෝඩ් එක තියෙන්නෙ තත්පර ගානක් මට මතක විදිහට...

    මහ ලොකු දෙයක් නෑ සෑමෝ... නෙට් එකේ සර්ච් පාරක් දාපන් හදන හැටි තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඔව් බං වීඩියෝ හිටං තියෙනවා.. මේක පරන ඉස්ටෝරියක් නොවැ !

      Delete
  22. ඇයි යකෝ ගොනෙක් වගේ අලුත් එකක් ගන්නේ ඕකේ කෑලි ගලවලා තමන්ට ඕන විදියට සෙට් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හොස්පිට්ල් එක ඇතුලේ අරූට පෙන්නම උබ ගොනා කියනව විදිහට ඕක ගලවගෙන දගලන්න ඕනෙද ගොනෙක් වගේ. ?

      Delete
  23. මාත් ඕක කරකවලා නෑ වගේ. (සුට්ටන් කාලේ පොඩි මතකයක් තියෙනවා, නෑ වගේ) බොට නම් තියෙන්නේ මර්කටින් මොලයක්මය. ඩොකාලගේ මොලේ මඥන් කර ලෙඩ්ඩුන් ආඥකොරෝස් කිරීමට ඔය මොලේ භාවිතා නොකිරීම මැනවයි කියා මා යටහත් පහත්ව තර්ජනාත්මක ස්වරූපයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. සෑමාගේ මා-කටින් Ethical බව පිළිගන්න :)

      Delete
    2. එල එල... අපේ ගොඩක් උන් අයිස්ලන්තෙට Deepfreezer විකුණපු උන්නේ. තරහා අවසර.

      Delete
    3. ආ බන් සෑමා, උඹ ethicon එකේද වැඩ කරන්නේ..

      Delete
  24. හලේ හලේ ඔයාගේ මොලේ...ගහපිය ගලේ..දාපිය ඇලේ...!

    ReplyDelete
    Replies
    1. අපේ රැලේ උන් කිව්ව තමා !

      Delete
  25. අපෝ ඕක හදන්න මට විනාඩියක් වත් යන්නේ නෑ.. මම හදන්නේ Z ස්කෝර් මෙතඩ් එකට. බන්දුල මහත්තයා කියලා දුන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජ්‍යාමිතික සුත්‍ර යෙන් ?

      Delete
  26. මං ලග තියන එක සමහර වෙලාවට ගැලවෙනවා! ඉතිං මං කරන්නෙ ඩිසෙම්බල් ඇන්ඩ් එසෙම්බල්! හිකිස්!

    ReplyDelete
    Replies
    1. //මං ලග තියන එක සමහර වෙලාවට ගැලවෙනවා!//

      උපතින්ම ලූස් කනෙක්ෂන් එකක් ඇති කොල්ලෝ !

      Delete
  27. මගෙ අවම කාලය විනාඩි 2යි තත් 37යි... අැල්ෙගාරිදම් 6යි දාන්න තිෙයන්නෙ.. පිලිෙවලට එ් ටික දැම්මාම ඉෙබ් හැෙදනවා..

    ReplyDelete
    Replies
    1. ඇල්ගොරිදම් කියන්නෙ ? ඒක හදන විදිහද බං ?

      Delete
  28. රූබික් කියුබ් එක හදන එක හරි ජොලි වැඩක්..
    මේ බලන්නකෝ මේ රොබෝ..
    පේරාදෙණිය කැම්පස් එකේ මල්ලිලා ටිකක් හදපු රොබෝ කෙනෙක්..


    http://www.youtube.com/watch?v=cBFYPQvyILA

    ReplyDelete
  29. ita wada lesi widihakata man nam haduwa issara. E keli okkoma galawala winadiyen set karanawa. He he. Nethnam ithin wedima pethi 2i hadala thiyenne.

    ReplyDelete
  30. මමත් එකක් ගත්ත ඉතාම පුංචි එකක්. කී ටෑග් එකක්. මුලින්ප පැත්තක් දෙකක් හැදුව. පස්සේ අපේ අයියා කෙනෙක් ගලවල හැදුව. මේකේ රෙකොර්ඩ් තප්පර 15-18 වගේ මතක හැටියට. ඉස්සර ටීවී එකේ පෙන්නුවා. දැන් නම් ස්ටිකර් සෙට් එකකිනුත් ගොඩ දාන්න පුළුවන්.

    ReplyDelete
  31. මූ ලෝක හොරෙක්නේ බලන් ගියාම

    ReplyDelete
  32. අපරාදෙනේ බං උඹ ඕක මේකේ ලිවුවේ.. මේක අටපට්ටමේ කරලා පෙන්නන්න තිබ්බේ..

    ReplyDelete
  33. ආය නම් ජීවිතේට ඔය වැඩේ කරන්ට බැරිවෙනවා, මෙහෙම ප්‍රසිද්ධියේ කීවට පස්සේ. :)

    ReplyDelete
  34. සැමෝ මං මේ කියන්නමයි හිටියේ දැං මේ ටිකට කරපු උඹගේ ඉන්වෙන්ෂන් ටිකට පේටන්ට් එක ගනිං

    ReplyDelete
  35. හෑ... මාත් විනාඩි 8න් වගේ කලා... ඕක කෑලි වලට ගලෝලා... සෙට් වෙන්න තියලා හයිකලා :D

    ReplyDelete
  36. ලංකාවේ දේශපාලනේට උපමාවක් ඕන නම් ඒකත්හරියට ඔය අටමගලේ වගේ තමයි..

    ReplyDelete
  37. ඇස් පනාපිට හදලා පෙන්නන්න කිව්වනම් උඹ ඉවරයි. අර සමහරු කියන්නේ බං // අනේ අයියා මට පේන්නම ඕක කරන්න// කියලා...

    ReplyDelete
  38. හිහ් නරකම නෑ කොල්ලගෙ අර මෙව්වා එක

    ReplyDelete
  39. හයියෝ බං. උඹ හොර කරලනෙ. මම ඔය හොර බොරු අඳුනන්නෙ නැති එකානෙ. මම කරන්නෙ ඔහොම නෙවෙයි. ඒකට කීයක්වත් වියදං වෙන්නෙත් නෑ.

    මම කරන්නෙ







    ඔය පාට ස්ටිකර් ටික ගලවලා පාට ගලපලා ආයෙම අලවනවා,

    කාටවත් කියන්නෙ හෙම නෑ උඹ.
    patent pending...

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එකනේ ඩුඩ් අය්යෙ මුන් අපිට වංචා කරන්ඩ උගන්නනවනේ..ඇත්තටම මම කලෙත් ඔය ස්ටිකර් එක පැත්තක අලෙවුව එක විතරයි ...

      Delete
  40. සැමෝ උඔ අධ්‍යාපන ඇමති කම එහෙම බාර ගන්න කැමති නැද්ද

    ReplyDelete
  41. උඹ අනාගත ශ්‍රී ලාංකීය දේසපාලුවෙක් වීමේ මූලික ලක්ෂණ පෙන්නුම් කරනවා..කපටි කම හොඳ අවියක් තමා.

    ReplyDelete
  42. සෑමාගේ මොලය අගනේය. මටත් තිබුන රූබික් කැටේ හැදුවේ පැති 4ක් පමණි. අනිත්වා කෙලවිය. පස්සේ ඒක විසිතුරු භාණ්ඩයක් විදියට භාවිතා කිරීමට තරම් මගේ ටිකිරි මොලේ භාවිතා කලෙමි

    ReplyDelete
  43. සෑමාගේ අදහස අනුව යමින් පැටලිච්ච හැම එකම විසික් කොර අලුත් ඒවා ගැනීමට තීරණය කළෙමි.

    ReplyDelete
  44. මං කවදාවත් කරලා නැ කරලා බලන්න ඕන

    ReplyDelete
  45. මම දවසක් ඕක විසඳන වීඩියෝ එකක් දැම්මා. :)

    ReplyDelete
  46. කෙටි ක්‍රමයක් තියෙනවද හිතල කියෙව්වා.හරිම ‍රැවටිල්ලක්නෙ.ස්තූතියි. දැන් මටත් තව කාව හරි රවටන්න පුලුවන්.

    ReplyDelete
  47. උඹ වැඩිපුර වාඩි වෙලා ඉන්න එපා.. ඔය වගේ මොළ රත් වෙන්න හොද නෑලු එච්චර..

    ReplyDelete
  48. පැහැදිලි වඤ්ඤාව බොලව්.අලි හොරු....හිකිස්!!!

    ReplyDelete
  49. සැමාගේ ටිකිරි මොලේ තමයි ඉතිං

    ReplyDelete
  50. අත්දුටුව යි ප්‍රත්‍යක්ෂ යි නොවැ!! මරු මරු ඈ
    ජය වේවා!!

    ReplyDelete
  51. මාත් කාලයක් රූබික් කියුබ් එකක් එක්ක පොර අල්ලා බැරි වුණු තැන රූබික් කියුබ් එකේ කොටු ටික වෙනම ගලවා සවිකර හිත හදාගත්තෙමි. කොහොම උනත් ඒක සෑමාගේ ක්‍රමේට වඩා ලාබය.අළුත් කියුබ් එකක් ගන්න ඕනෑ වුණේ නැත.:)

    ReplyDelete
  52. සැමා එල කොල්ලෙකි....

    ReplyDelete
  53. මගේ වාර්තාව - කෑලි ගලවා තප්පර 15 යි ,කෑලි නොගලවා = විනාඩි 2 තත්පර 10

    ReplyDelete
  54. අඩේ මටත් ඕක අවුරුදු 15 ක් තිස්සේ අවුල් ඇරගන්න බැරුව ඉන්නවා..

    ReplyDelete
  55. මදැයි රූබි කැටේ උස්සන් ආවා මෙතෙන්ට. ඕක හදන්ට ඔයිට වඩා ලේසි ක්‍රමයක් අපේ නගා දන්නවා. පොලවෙ ගහන්ට රූබික්ස් කියුබ් එක කෑලි වෙන් වෙන්ට. ඉන් පස්සෙ එක එක පාට මැච් වෙන්න හයි කරන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...