කළවං කර ගත් පසු විසදිය නොහැකි එකම ගැජට් එක රුබික්ස් කියුබය බව සෑමා දැන ගත්තේ ජුන්ඩං කාලයේය. Rubik's Cube එක යනු පාට හයකින් සමන් විත, එක මුහුනතක කුඩා කොටු නමයකින් සමන් විත ඒ කුඩා කොටු නමයම කැරකැවිය හැකි ආකාරයේ අහවල් එකක්ය. එය නොදන්නා කෙනෙකු මිහිපිට සිටිය නොහැකි බව සෑමාගේ මතය වන්නේය.
පුංචි කාලේ ගෙදර තිබු Rubik's Cube එක සෑමා කලවං කර ගත්තේය. එය අවසන් වරට පාට කළවං වී අන්තරස්දාන වෙන තුරුම නැවත තිබු තත්වයට හදා ගැනීමට සෑමාට නොහැකි වූයේය. ඒ නිසාම සෑමා හය හතර තේරෙන කාලේ නැවත Rubik's Cube එකක් මිලදී ගත්තේය. එය නම් කලවං කරගෙන සෑමා දැගලුවේ නැතිය. එසේම තිබියදී තම මිතුරන්ට පෙන්නුවේ තමන් කලවං කර තිබු එකක් නැවත ඒ ආකාරයට සැකසූ බවය.
පසු කලෙක සෑමාගේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් හොස්පිට්ල් හිටියේය. ඔහුව බලන්නට සෑමා හොස්පිට්ල් ගියේය. ඔහු තම රෝගයට අමතරව මහ විශාල ගැටළුවකට මැදිව සිටියේය. ඒ Rubik's Cube එකක් නිසාය. පොරට සේලයින් ගසා, ඇදට වී විකාරයෙන් සිටියදී ඌව බලන්න ආපු එකෙක් මේකාට Rubik's Cube එකක් ගෙනත් දී තිබුනේය. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේ පොර ඇදට වී අහල් එක කරකවමින් සිටියේය. කොල්ලා පව්ය. ඇස් හතරැස් වී පාට පාට කොටු වී සිටියේය.
කොල්ලා දේව පුත්‍ර යෙක් ලෙස පැමිණි සෑමා අතට Rubik's Cube එක දුන්නේය.
“අයියේ මේක හදල දියං කෝ“
“අපෝ බං ඕක මම විනාඩි 10න් හදනවා“
“අම්මට හුඩු ඒමද? “
“ඔව් යකෝ මම හදල තියෙනවා ෂුවර් නැද්ද කෝ දියං..“ සෑමා Rubik's කුට්ටිය අතට ගත්තේය.
ඒ අතර කොල්ලාව බැලීමට තවත් ඥාති පිරිසක් ආවේය. සෑමා අවස්ථාවෙන් ප්‍ර යෝජන ගත්තේය. හොස්පිටලයෙන් එලියට පැමින පාරට බැස්සේය. ක්ෂණික රුපියල් හතලිහක් වියදම් කොට Rubik's Cube එකක් ගත්තේය. පැකට් පිටින්ම එන Rubik's Cube එක පිළිවෙලය. කලවං වී නොමැතිය. මලයාගේ Rubik's Cube එක සාක්කුවේ දමාගත් සෑමා අළුත් Rubik's Cube එක මලයා අතට පත්කලේය.
සරලය, විනාඩි දහයෙන් Rubik's Cube එක විසදිය හැකිය.
Written by sAm_5.25pm_23.10.2012
අති විශිෂ්ට මොළයකි!කරුණාකර මේ දවස් වල වැස්සට තෙමෙන්න නොයන්න!
ReplyDeleteස්තුති නාඩියා !
Deleteහෑ... මදැයි මමත් රූබික් කැටේ උස්සන් දුවන් ආවා... :(
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!
හයියෝ ඉක්මනට ලගම කඩේට දුවල එකක් ගන්න :)
Deleteමං නම් කලෙ ගලෝලා හයි කරා. එක හරිම ලේසියි :D
ReplyDeleteමාත් අහල තියෙනවා ඒ සීං එක. :)
Deleteමං කියන්න ලෑස්ති වුනෙත් ඔන්න ඔය ක්‍රමය. මම කරලා තියෙනව හරි ලේසියි.
Deleteඇණයක් තියෙනවලු නේද :)
Deleteකැටේම ඇණයක් තමයි...
Deleteඇණයක් නෑ.. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් කරකවල පේලියක මැද කැටය උස්සන එක විතරයි. ඕක හරිම නිර්මාණශීලී සංකල්පයක්.. අපේ ඉස්කොලෙ කොල්ලෙක් හිටියා ඕකට පිස්සු වැටිලා හිටිය.. ඌට උලුවන් ඕනිම විදියකට අනල දෙන කැටයක් විනාඩියක් ඇතූලට ආයෙ හදන්න.. ඌ යූ ටියුබ් බල බල ඒක පුරුදු වෙලා.. මටත් කිය්ටල දුන්නා.. ඔය හැම මූව් එකකටම නමක් කියන්න පුලුවන්.. මට දැන් මතක නෑ.. ලෝක වාර්තාව සමකරන්න හෙනට මහන්සි උනා ඒ කාලෙ.. ඒත් ඒක නම් අමාරුයි..
Deletehttp://www.youtube.com/watch?v=HsQIoPyfQzM
Deleteමෙන්න විඩියෝ එක. මේකෙ අර ගලෝන හැටිත් තියනෝ
මං දවසක් පොඩි එකෙක්ට ගලෝල හයිකරල දෙන්න ගිහින් බැරි වෙලා පස්සෙ ඌ නොසෑහෙන්න අඬද්දි අළුත් එකක් ගෙනල්ල දුන්න :/
Deleteස්තුති සමී..
Deleteඒ කියන්නෙ සෑමා ගාව දැන් ඔව්වා තුනක් තියෙනවා..
ReplyDeleteඅපේ මලයා පට පට ගාලා හදනවා බං.. මට නං බෑ.. අනික එපා වෙනවනෙ..
සෑමා ගාව තුනක් තියෙනවා ?
Deleteඋපතින්ම..
Deleteඇයි හරීගේ ‘මල්ලීට‘ තුනක් නැද්ද? :)
එහෙනං අර එතකොට ......නෑ නෑ එක්කෝ ඕන් නෑ
Deleteඑනකොටම හිතුනා මේකනම් කුප්ප පෝස්ට් එකක්ම තමා කියලා.. අනේ දවසකට තුන් හතර දෙනෙක් සැමාට රුබික්ස් කියුබ් එකක් ( දිවත් උලුක් වෙනවා රෙද්ද ) දික් කරපිය....
ReplyDeleteනැත්තම් මේ කුප්පකම් වලට හරියන්න උබව ගල් කියුබ් එකකට .... නෑ එක්කො ඕනේ නෑ
සැමෝ රුපියල් 30ක් ඔට්ටුයි උබට ආයෙත් ඒක හදන්න බෑ
මම ඕට්ටුව දින්නම මට 30ක් දෙනව නම්, අතින් තව දාන්න තියෙන්නේ රුපියල් දහයයි බං :)
Deleteසික් විතරක්... මුගේ .......... කියන්න වදන් නෑ...
ReplyDeleteඑළියට නං බහින්න එපා සැමෝ.. මොළේ තෙමෙයි උඹේ... හි හි...
අඩේ කුනුහරප ලොප් කරල කියලා..
Deleteමටනම් Rubik's cube එකේ පාට ගලපන එක ගේමක්ම නැත්තේය. පාට කලවම් වී මොලේ මොන්ගල් වීමට පෙර පින්සල ගෙන ගා දමන්නේය.පාට පාට තීන්ත තියෙන්නේ ඒකටය.
ReplyDeleteහිකිස්.. ඒකත් මාර ආතල්.. පාට කර කර හිටු !
Deleteඅපරාදේ රුපියල් 40... ඔය ජිගිරි බිරිස් එක ගලවලා ආයේ හරියට සෙට් කරා නම් ගොඩය... මාත් ගොඩ ගියේ එලෙසය....
ReplyDeleteඉතිං බං හොස්පිට්ල් එකේ ඕව ගලවන්න තියටර් එකට යන්න වෙයි...
Deleteඔය විසඳුම් හැම ගැටළුවටම හරියන්නේ නැත සෑමෝ. තියන එක අවුල් හින්ද අළුත් එකක් ගෙනාවොත් අම්බානක් ඇනගන්න වෙන ආකාරයේ ගැටළුද තිබේ. සෑමා ඇනගන්නේ ඒවන් ගැටළුවකට මෙවැනි විසඳුමක් දුන් දවසකය. :D
ReplyDeleteපරන එකට අලුත් ඒවා දෙන තැන් බොහෝය. ට්‍රයි කරල බලපං සැබෑ වෙනසක්..
Deleteමම විනාඩි 8න් හදාලා හදනවා බං ඕක.. සිම්පල්නේ... හැබැයි මං ගාව තියන එක විතරයි.. මොකද ඒකේ ඔය පොඩි කොටු 9 වෙන වෙනම ගලවන්න පුලුවන් :D
ReplyDeleteඒකත් සිරා අයිඩියාව බං :ඩී
Deleteමදෑ පාට ගලපන්න බලන් හිටිය... පට්ට වැඩේ..
ReplyDeleteදැන් ‘පාට උඩ‘ යනවා
Deleteමේ පැත්තෙ ආවොත්නං සෑමාට කෙලවෙන්නේය. මොකද මෙහි කිසිම කඩයක ඔය ගැජමැටික් එක මම දැක නැත්තෙමි.
ReplyDeleteඅය්ය කොහෙද?... දඹානෙද
Deleteමේක වුනේ කොළඹ ජාතික රෝහල අවට නිසා වැඩේ ෂේප් !
Delete@ Mee, දඹානෙත් සමහරවිට ඕව තියෙන්න පුලුවං. :D
Deleteඅඩෝ ඕක හදන්න මට යන්නෙ විනාඩි දෙකයි බං. කඩේ තියෙන්නෙ ගෙදර ලඟමයි. :)
ReplyDelete:)
Deleteකඩේ ලං වෙන්න ලං වෙන්න ඕක හදන්න යන වෙලාව අවමයි :)
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ? අර කොල්ලට සෑම් අයියාව මැජික් කාරයෙක් වගේ පෙන්න ඇති.
ReplyDeleteකොල්ලව එදාම හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කලා බං :))
Deleteමෙන්න හදන හැටි: http://www.rubiks.com/solving-center/pdf/Rubiks_cube_3x3_solution-en.pdf
ReplyDeleteමම හැදුවෙ නම් ගයිඩ් එක බලාගෙන නෙමෙයි, කොටසක් වැඩ කරන හැටි හොයාගත්ත. අන්තිම ටික අහම්බෙන් කරකවලා ඉවර කරගත්ත.
කොමියුනිස්ට් හංගේරියාවේ Ernő Rubik හැමදාම අගය කළ යුතු වූවෙක්: http://en.wikipedia.org/wiki/Ernő_Rubik
මේක හදන වීඩියෝවක් යූ ටියුබයේ තියෙනවා. ඒකත් බලන්න.. සිරා..
Deleteමට ඉස්සර යාළුවෙක් කිව්වා ඉස්සෙල්ලම සුදු පාට පැත්ත හදන් හිටිං කියලා. එතනින් එහාට බැහැ :ඩී
හදන පාට මොකද්ද කියන එක නං කොහොමටවත් අදාල වෙන්නෑ.. ඉස්සෙල්ලා කතිරයක් හදාගන්න ඕනි.,. ඒක හරහා තමයි පටන් ගන්නෙ.. හදනකොට ආයෙ මුල හදපු ඔක්කොම කැඩෙනවා.. ආයෙ ඇදෙනවා.. ඔන්න ඔකයි සිස්ටොම් එක..
Deleteමං ඕක හදනවා විනාඩි 4කින් විතර! සූත්‍ර ටිකක් තියෙනවා,මත තියා ගත්තාම හරි!
ReplyDeleteඅපිටත් කියපං කෝ.. ජ්‍යාමිතික සූත්‍ර ද ?
Deleteඅන්න ඒක දීල දාන්න
Deleteහිකිස් !
Deleteඇල්ගෝරිතම් කියලා බං කියන්නේ. යූ ටියුබ් එකේ ඇති :)
DeleteAlgorithm වලට සිංහලෙන් කියන්නේ ඇල්ගොරිදම කියල ... :)
Deleteඅපෝ.......... පොඩි කාලේ ඉඳලම සෑමා නම් මහ අන්ඩපාලයෙක් බව මෙයින් පෙනී යන්නේමය..
ReplyDeleteඅන්ඩ පාලයා නොව පොඩි කාලේ සිට මොල කාරයාය !
Deleteඋඹ විශ්වාස කරන එකක් නෑ සෑමා ඔය අටමගලෙ මම තවම අල්ලලා වත් නෑ... අපේ පැත්තෙන් යන වෙලාවක 40 ට ගත්ත එකක් විසි කරන් පලයන්කො....
ReplyDeleteපට්ට ආතල් බං එකක් අරන් කරකවල බලපං. විනාඩි 10ක් යද්දි ලෝකෙම කැරකෙනව වගේ ඇවිත් ඔළුව කැක්කුමක් එනවා :)
Deleteඅනේ මේ ...වෙන වැඩ නැතුවට...?
ReplyDeleteනිකං තියෙන මොලේ හොල්ලපං ටිකක් !
Deleteබෝලයි ආච්චිට ... එහා ගෙදර අයියට ඕක පුළුවනි . මිනිහට ඕනි විදියකට අවුල් කරලා දුන්නම විනාඩි 3න් හදනවා.. සිරාවටම මොලයක්.. මිනිහ .. 2008ද කොහෙද.. ගණිත අන්සෙන් ලංකාවේ 5ස් වෙනියා.. දැන් ඉන්ගිනියර් ෆැකල්ටි එකේ උ එකේ එක්සැම් වලින් හැමදාම ෆස්ට් .. ඔන්න ඕක මේක දැක්කනං සැමගේ අන්තිම ඇටේට වෙනකන් සුප්පු කරනවා අම්මපා
ReplyDeleteහිකිස්... උගෙ මොලේ අවුල් වුනාට අපේ හොදයි බොල මොලේ... :)
Deleteහේ හේ හා හා ,, අපිනේ දන්නේ සැමාගේ මොලේ මහත
Deleteවිනාඩි 10ක් යන්නෙ නෑ බන්... උපරිම විනාඩි 4ක් ඇතුලත හදන්න පුළුවන්(මට)... ඕකෙ රෙකෝඩ් එක තියෙන්නෙ තත්පර ගානක් මට මතක විදිහට...
ReplyDeleteමහ ලොකු දෙයක් නෑ සෑමෝ... නෙට් එකේ සර්ච් පාරක් දාපන් හදන හැටි තියෙනව...
ඔව් බං වීඩියෝ හිටං තියෙනවා.. මේක පරන ඉස්ටෝරියක් නොවැ !
Deleteඇයි යකෝ ගොනෙක් වගේ අලුත් එකක් ගන්නේ ඕකේ කෑලි ගලවලා තමන්ට ඕන විදියට සෙට් කරන්න පුළුවන්.
ReplyDeleteහොස්පිට්ල් එක ඇතුලේ අරූට පෙන්නම උබ ගොනා කියනව විදිහට ඕක ගලවගෙන දගලන්න ඕනෙද ගොනෙක් වගේ. ?
Deleteමාත් ඕක කරකවලා නෑ වගේ. (සුට්ටන් කාලේ පොඩි මතකයක් තියෙනවා, නෑ වගේ) බොට නම් තියෙන්නේ මර්කටින් මොලයක්මය. ඩොකාලගේ මොලේ මඥන් කර ලෙඩ්ඩුන් ආඥකොරෝස් කිරීමට ඔය මොලේ භාවිතා නොකිරීම මැනවයි කියා මා යටහත් පහත්ව තර්ජනාත්මක ස්වරූපයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.
ReplyDeleteසෑමාගේ මා-කටින් Ethical බව පිළිගන්න :)
Deleteඑල එල... අපේ ගොඩක් උන් අයිස්ලන්තෙට Deepfreezer විකුණපු උන්නේ. තරහා අවසර.
Deleteආ බන් සෑමා, උඹ ethicon එකේද වැඩ කරන්නේ..
Deleteහලේ හලේ ඔයාගේ මොලේ...ගහපිය ගලේ..දාපිය ඇලේ...!
ReplyDeleteඅපේ රැලේ උන් කිව්ව තමා !
Deleteඅපෝ ඕක හදන්න මට විනාඩියක් වත් යන්නේ නෑ.. මම හදන්නේ Z ස්කෝර් මෙතඩ් එකට. බන්දුල මහත්තයා කියලා දුන්නේ..
ReplyDeleteඒ කියන්නේ ජ්‍යාමිතික සුත්‍ර යෙන් ?
Deleteමං ලග තියන එක සමහර වෙලාවට ගැලවෙනවා! ඉතිං මං කරන්නෙ ඩිසෙම්බල් ඇන්ඩ් එසෙම්බල්! හිකිස්!
ReplyDelete//මං ලග තියන එක සමහර වෙලාවට ගැලවෙනවා!//
Deleteඋපතින්ම ලූස් කනෙක්ෂන් එකක් ඇති කොල්ලෝ !
මගෙ අවම කාලය විනාඩි 2යි තත් 37යි... අැල්ෙගාරිදම් 6යි දාන්න තිෙයන්නෙ.. පිලිෙවලට එ් ටික දැම්මාම ඉෙබ් හැෙදනවා..
ReplyDeleteඇල්ගොරිදම් කියන්නෙ ? ඒක හදන විදිහද බං ?
Deleteරූබික් කියුබ් එක හදන එක හරි ජොලි වැඩක්..
ReplyDeleteමේ බලන්නකෝ මේ රොබෝ..
පේරාදෙණිය කැම්පස් එකේ මල්ලිලා ටිකක් හදපු රොබෝ කෙනෙක්..
http://www.youtube.com/watch?v=cBFYPQvyILA
හිටු බලන්ට !
Deleteita wada lesi widihakata man nam haduwa issara. E keli okkoma galawala winadiyen set karanawa. He he. Nethnam ithin wedima pethi 2i hadala thiyenne.
ReplyDeleteමමත් එකක් ගත්ත ඉතාම පුංචි එකක්. කී ටෑග් එකක්. මුලින්ප පැත්තක් දෙකක් හැදුව. පස්සේ අපේ අයියා කෙනෙක් ගලවල හැදුව. මේකේ රෙකොර්ඩ් තප්පර 15-18 වගේ මතක හැටියට. ඉස්සර ටීවී එකේ පෙන්නුවා. දැන් නම් ස්ටිකර් සෙට් එකකිනුත් ගොඩ දාන්න පුළුවන්.
ReplyDeleteමූ ලෝක හොරෙක්නේ බලන් ගියාම
ReplyDeleteඅපරාදෙනේ බං උඹ ඕක මේකේ ලිවුවේ.. මේක අටපට්ටමේ කරලා පෙන්නන්න තිබ්බේ..
ReplyDeleteආය නම් ජීවිතේට ඔය වැඩේ කරන්ට බැරිවෙනවා, මෙහෙම ප්‍රසිද්ධියේ කීවට පස්සේ. :)
ReplyDeleteසැමෝ මං මේ කියන්නමයි හිටියේ දැං මේ ටිකට කරපු උඹගේ ඉන්වෙන්ෂන් ටිකට පේටන්ට් එක ගනිං
ReplyDeleteහෑ... මාත් විනාඩි 8න් වගේ කලා... ඕක කෑලි වලට ගලෝලා... සෙට් වෙන්න තියලා හයිකලා :D
ReplyDeleteලංකාවේ දේශපාලනේට උපමාවක් ඕන නම් ඒකත්හරියට ඔය අටමගලේ වගේ තමයි..
ReplyDeleteඇස් පනාපිට හදලා පෙන්නන්න කිව්වනම් උඹ ඉවරයි. අර සමහරු කියන්නේ බං // අනේ අයියා මට පේන්නම ඕක කරන්න// කියලා...
ReplyDeleteහිහ් නරකම නෑ කොල්ලගෙ අර මෙව්වා එක
ReplyDeleteහයියෝ බං. උඹ හොර කරලනෙ. මම ඔය හොර බොරු අඳුනන්නෙ නැති එකානෙ. මම කරන්නෙ ඔහොම නෙවෙයි. ඒකට කීයක්වත් වියදං වෙන්නෙත් නෑ.
ReplyDeleteමම කරන්නෙ
ඔය පාට ස්ටිකර් ටික ගලවලා පාට ගලපලා ආයෙම අලවනවා,
කාටවත් කියන්නෙ හෙම නෑ උඹ.
patent pending...
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එකනේ ඩුඩ් අය්යෙ මුන් අපිට වංචා කරන්ඩ උගන්නනවනේ..ඇත්තටම මම කලෙත් ඔය ස්ටිකර් එක පැත්තක අලෙවුව එක විතරයි ...
Deleteසැමෝ උඔ අධ්‍යාපන ඇමති කම එහෙම බාර ගන්න කැමති නැද්ද
ReplyDeleteඋඹ අනාගත ශ්‍රී ලාංකීය දේසපාලුවෙක් වීමේ මූලික ලක්ෂණ පෙන්නුම් කරනවා..කපටි කම හොඳ අවියක් තමා.
ReplyDeleteඔක්කොම හොරු.....
ReplyDeleteසෑමාගේ මොලය අගනේය. මටත් තිබුන රූබික් කැටේ හැදුවේ පැති 4ක් පමණි. අනිත්වා කෙලවිය. පස්සේ ඒක විසිතුරු භාණ්ඩයක් විදියට භාවිතා කිරීමට තරම් මගේ ටිකිරි මොලේ භාවිතා කලෙමි
ReplyDeleteසෑමාගේ අදහස අනුව යමින් පැටලිච්ච හැම එකම විසික් කොර අලුත් ඒවා ගැනීමට තීරණය කළෙමි.
ReplyDeleteමං කවදාවත් කරලා නැ කරලා බලන්න ඕන
ReplyDeleteමම දවසක් ඕක විසඳන වීඩියෝ එකක් දැම්මා. :)
ReplyDeleteකෙටි ක්‍රමයක් තියෙනවද හිතල කියෙව්වා.හරිම රැවටිල්ලක්නෙ.ස්තූතියි. දැන් මටත් තව කාව හරි රවටන්න පුලුවන්.
ReplyDeleteඋඹ වැඩිපුර වාඩි වෙලා ඉන්න එපා.. ඔය වගේ මොළ රත් වෙන්න හොද නෑලු එච්චර..
ReplyDeleteපැහැදිලි වඤ්ඤාව බොලව්.අලි හොරු....හිකිස්!!!
ReplyDeleteසැමාගේ ටිකිරි මොලේ තමයි ඉතිං
ReplyDeleteඅත්දුටුව යි ප්රත්යක්ෂ යි නොවැ!! මරු මරු ඈ
ReplyDeleteජය වේවා!!
මාත් කාලයක් රූබික් කියුබ් එකක් එක්ක පොර අල්ලා බැරි වුණු තැන රූබික් කියුබ් එකේ කොටු ටික වෙනම ගලවා සවිකර හිත හදාගත්තෙමි. කොහොම උනත් ඒක සෑමාගේ ක්‍රමේට වඩා ලාබය.අළුත් කියුබ් එකක් ගන්න ඕනෑ වුණේ නැත.:)
ReplyDeleteසැමා එල කොල්ලෙකි....
ReplyDeleteමගේ වාර්තාව - කෑලි ගලවා තප්පර 15 යි ,කෑලි නොගලවා = විනාඩි 2 තත්පර 10
ReplyDeleteඅඩේ මටත් ඕක අවුරුදු 15 ක් තිස්සේ අවුල් ඇරගන්න බැරුව ඉන්නවා..
ReplyDeleteමදැයි රූබි කැටේ උස්සන් ආවා මෙතෙන්ට. ඕක හදන්ට ඔයිට වඩා ලේසි ක්‍රමයක් අපේ නගා දන්නවා. පොලවෙ ගහන්ට රූබික්ස් කියුබ් එක කෑලි වෙන් වෙන්ට. ඉන් පස්සෙ එක එක පාට මැච් වෙන්න හයි කරන්න.
ReplyDelete