කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි බැදපු මිනිහෙක්ගෙ ලගින්ම ඉන්න සාමාජිකාව තමයි බිරිද, ඒවගේම යාළුවො කියන්නෙත් අපේ ජීවිතේ ඉන්න සමීපතම සත්තු කොට්ඨාශයක්. සමහරුන්ගෙ සමහර මිතුරො ජීවිතේදි බිරිදටත් වැඩිය එයාලට සමිපයි. ඔයාල ඒ වගේ සීන් නම් අනුමත කරන එකක් නැහැ. තවත් සමහරුන්ට බිරිද තමයි එයාගෙ හොදම මිතුරිය. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට තාම මට හරි උත්තරයක් නැහැ. හැබැයි මේ කතාව අවසානෙදි ඔයාලට පුළුවන් වෙයි මට හරි උත්තරේ හොයල දෙන්න.
මම ජයවීර, මගෙ හොදම මිත්‍රයා රණවීර...
ඇත්තටම කියනව නම් රණවීරයා මාර බොක්කක්. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් රණවීරයා ඒක මට ඔප්පු කරපු වාර අනන්තයි. දවසක් නොකරපු වැරැද්දකට ගුරුතුමා මට ගහන්න හැදුවා.
“ජයවීර මම අද උබව ඉතුරු කරන්නෑ...“
“අනේ මට ගහන්න එපා සර් මම නෙවේ ඒ වැරැද්ද කළේ...“ මම ගුටිකන්න බයෙන් කෑ ගැහුවා.
“ජයවිරට ගහන්න එපා සර්.. ජයවීර නෙවේ ඒ වැරැද්ද කළේ මං.. මට ගහන්න..“ මට ගුටි කන්න එච්චර හයියක් නැති බව තේරුම් ගත්ත රණවීර මං වෙනුවෙන් වරද භාර අරන් ගුටි කෑවා.
චටාස්...වටාස්... ආහ්.. ඇහ්..ඇහ්..ඇහ්...
ගුරුතුමා ගහපු සද්දෙත් එක්ක පොර ඇඩුවට, රණවීරට ඒක එච්චර දෙයක් නෙවේ.. ඉස්කෝලෙදි නිතරම ගුටි කන්න වෙන හින්දා රණවීරයා නිතරම කලිසම් දෙක, තුනක් එක පිට එක ඇදලයි ඉන්නේ. ඒකයි ඌ බය නැතුව සර්ට ෆේස් කළේ.
දැන් ඔයාල හිතයි ඇයි පොර අච්චර සද්දෙන් මීහරකෙක් වගේ ඇයි ඇඩුවෙ කියල.
පුරුදු විදිහට ගුරුතුමා වේවැලෙන් පස්සට කෙලී කියල ඉදිරිපත් වුනාට, එදා ගුරුතුමා ගැහුවේ උගෙ කොන්දට. ඒකයි.
පොඩිකාලෙ නොදන්න කමට යාළුවො වෙනුවෙන් ඔහොම ගොන් කම් කෙරුවට ලොකු වුනාම එහෙම කරන්නැති බව ඔයාල හිතනව ඇති.
නැහැ... රණවීරයගේ ඒ ගුණේ ලොකු වෙලත් එහෙම්මම තිබ්බා. ලොකු වෙලා අපි දෙන්නම හමුදාවට බැදිලා සාම සාධක භටයෝ විදිහට ඉරාකෙට ගියා. එදා ඒ හතුරු උණ්ඩේ අපි ලගට එනකල් අපි දැක්කෙ නැහැ.
ඩිෂුම්..ඩිෂුම්..සට..සට..සට..සට..සට...
“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. මරණෙ සතුටින් භාර ගන්න කියල හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා. දැන් මාව මැරෙනව බලන් අකැමැති අය කන් දෙක පියා ගන්න එපා. බය වෙන්න එපා..
ඒ උණ්ඩෙට මාව බිලිවෙන්න රණවීර මට ඉඩ දුන්නෙ නැහැ. මට ආපු උණ්ඩෙට රණවීර පැන්නා. ඒත් ඒ එඩිතර පපුවට වැදුනු උණ්ඩෙ අඩිගානක් පස්සට විසි වුණා. පපුවෙ නෙවේ හොදකම, පපුවෙ බැදල තිබ්බ වෙඩිනොවදින යකඩ පතුරෙ.
ඒ වගේ කල්යාන මිතුරෙක් ලෝකෙවත් ඇති කියල මම හිතුවෙ නැහැ. ඒත් ඒ පාර නිවාඩුවට ගියාම සියල්ල වෙනස් වුනා. මට ඒ නිවාඩුවෙදි හම්බුනා අචලා... නොතිසිතු මොහොතක අහම්බෙන් හම්බුනත් එයා මට එයාගෙ ජීවිත කතාව සේරම කිව්වා.
“අපේ තාත්ත මහ බේබද්දෙක් ජයවීර. අපේ අම්මා මාවයි නංගිවයි ලොකු කරන්න නොවිදිනා දුක් වින්දා... මාත් මේ ලෝකෙ විදපු නැති දුකක් නැහැ. අම්මට අපිට දෙන්න දැවැදිවත් කමකුත් නැහැ ජයවීර. අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි.“
එදා මම අචලගෙන සමුගත්තෙ අපි කසාද බදින දිනෙත් නියම කරගෙන. නිවාඩු ඉවර වෙලා ගිහින් ඒ කතාව රණවීරට කියන්න මම මාර ආසාවෙන් හිටියේ. ඒත් මගෙ මූන දැකපු ගමන් රණවීර කියපු කතාවෙන් මම පිස්සු වැටුනා.
“මචං, මේ පාර මං නිවාඩු ගිය වෙලාවෙ මට මාර කෙල්ලෙක් සෙට් වුනා..මාර අහිංසක හිතහොද චරිතවත් කෙල්ලෙක් බං. නම අචින්තා.. මම ලබන මාසෙ ඒකිව බදිනවා...“
හොදම යාළුව වුනාට උගෙ වෙඩින් එකට මට යන්න බැරි වුනා. මගෙ වෙඩින් එකට ඌට යන්නත් බැරි වුනා. ඒක තමා මේ හමුදා සේවයේ හැටි. ඌ ඒකට තරහ වුනේ නැහැ. අපි අතරෙ තිබ්බෙ ඒ වගේ පුංචි දේවල් වලට තරහ වෙන ෆෙන්ඩ් ෂිප් එකක් නෙවේ.
වෙඩින් එකට යන්න බැරි වුන එකත් එක්ක මේ පාර නිවාඩුවෙදි අපි දෙන්න සෙට් වුනා.
“අඩේ මේච්චර ෆ්රෙෙඩක් වෙලත් උබ තාම මගෙ වයිෆ්ව දැකල නැහැනේ බං...“
“ඉතිං මචං උබ මගෙ වයිෆ්ව දැකලත් නැහැනේ..“
“ඒකනේ... ඒකනේ මමචං කියන්නේ... මූණු දැක්කෙ නැති වුනාට මචං.. උබයි මමයි වගේ උනුත් අපේ හදවත් වලින් බැදිලා ඉන්නේ...“
“අනිවාහ්..“
අපි දෙන්න එතැනින් එලියට බැහැල ඇවිදන් එන්න ආවා. සමහර විට ඔයාල විශ්වාස කරන එකක් නැති වෙයි. එකපාරට දැකපු දර්ශනෙන් මගෙ ඇග කිලිපොලා ගියා.
ගෑණු දෙන්නෙක් අපි දෙන්න දිහාට ඇවිදන් එනවා. එක්කෙනෙක් මගෙ වයිෆ්. අනිත් එක්කෙනා....
ඔයාලට විතරක් නෙවේ... මම රණවීරටයට වත් නොකියපු රහසක් තිබ්බා.. මට අචලට අමතරව තව අනියම් බිරිදක් හිටියා. දැන් නම් මට රණවීරට මුහුණ දෙන්න බැහැ. රණවීරට නෝන්ඩි වුණා වගේ නෙවේ. අර ගෑණු දෙන්නට නෝන්ඩි වුනොත් ඉදලා හමාරයි.
මම පණ කඩාගෙන දුවල ගිහින් හෝටලේක කුස්සිය පිටිපස්සෙ දොර මුල්ලක හැංගුනා.
හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්... හාාාාා
මම එතැන හැංගිලා විනාඩියක් වත් ගියෙ නැහැ. රණවීරයත් දුවන් ඇවිත් ඒ දොර මුල්ලෙම හැංගුනා...
“මොකෝ මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...“
“මට සමාවෙයන් රණවීර මම උඹට නොකියපු රහසක් තියෙනවා...“
“ඒ මොකක්ද බං ඒ..???“
“මට බිරිදට අමතරව අනියම් බිරිදක් හිටිය රණවිර. අර අපි දෙන්න ඉස්සරහට ආවේ මගෙ බිරිදයි, අනියම් බිරිදයි...“
“හ්ම්... එහෙමද???“ රණවීරත් ලොකු සුසුමක් හෙලුවා...
“ඉතිං ඇයි මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...???“
“මෙච්චර කල් උබටත් නොකිව්වට මටත් අනියම් බිරිදක් හිටියා.... මාත් දුවගෙන ආවේ ඒ හේතුව නිසා තමයි. අපි දෙන්න එලියට යද්දි අපේ ඉස්සරහට ආවේ මගෙ බිරිදයි අනියම් බිරිදයි තමා බං..“
දැන් කවුරු හරි මට කියල දෙන්න.. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට උත්තරේ ??
sAm_ශ්‍රී_Perera_8.40am_30.10.2012
හොඳම යාළුවා... ලෙසටම(හැබැයි ඊටත් වඩා තමන්ගේ අම්මයි තාත්තයි)
ReplyDeleteඇත්ත !
Deleteමට නිකන් කොයිල් වගේ බං ........ දැන් මොනවද හැබෑටම මං කියන්න ඔනේ .
ReplyDeleteහිතල බලල කියපං කෝ. !
Deleteහෑ...
ReplyDeleteහතර දෙනාම සූරයෝ කියලයි මට හිතෙන්නේ :P :P
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඇත්තටම සාර්ථක පවුල් දෙකක් !
Deleteඉක්බිති සියල්ලෝ සතුටින් ජීවිතය බෙදා හදා ගත්හ.
ReplyDeleteමේ කියන කාලෙ මූණු පොත එහෙම තියෙන්න නැතුව ඇති නේද... නැත්නම් ඊට කලින් වයිපරේව පෙන්නන්න තිබුනනෙ...
ReplyDeleteඒත් බැහැ බං ඇත්ත පොටෝ දාන්නේ කවුද අද කාලේ ?
Deleteමන්දා....ඔලුව කුරුවල් වෙනවනේ බන් මේවට...
ReplyDeleteඇයි බොල යතාර්ථයනේ !
Deletemata nam therunema nadda manda :/
ReplyDeletekotu paninna epa kiyala man ubalata ki parak kiwwada? ko ahana ekakye.... :P
හොදම බොක්ක යාලුවාගේ බිරිදනේ බං
Deleteහිකිස්.. රෙපා උඹ මගෙ යාළුවා නේද ?
Delete//“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ.//
ReplyDeleteඈ බං...අර උණ්ඩේ දැකලා කෑ ගැහුව එකා සුපර්මෑන්ද..? :D
its mr anderson, neo (Matrix film)
Deleteයර්ස් මාරයියා මේක මැට්රික්ස් ෆිල්ම් එක වගේ එකක් !
Deleteපොඩිකාලෙ මගේ අත පලග් එකක ගෑවිලා මට කරන්ටෙක වැදිල වෙව්ලුවා මෙලෝ දෙයක් හිතාගන්න බැරිව ...දැනුත් උනේ ඒක ..ප්‍රශ්නෙට උත්තරේ උඹම දීපං...!
ReplyDeleteඋඹගෙ අත ගැවුන නිසා බේරුනා මම දවසක් ඇලිලාම හිටියා. ඒකයි මේ අවුල !
Deletesam, 50% yaluwa bokka, anith 50% ekath yaluwa thamai bokka. pissu sama
ReplyDeleteහිකිස්
Deleteඅවස්ථානුකුලව ඕව එහෙ මෙහෙ වෙනවා බං !
මචං සෑමා...! මට නම් හිතුනේ එක්කෝ උඹට පිස්සු, නැත්නම් කියවපු මට පිස්සු..!!
ReplyDeleteෆිස්සු පීකුදු !
Deleteසර් කාරයා ගහපු විදිහෙන් මට ඉස්සර ඉස්කෝලේ දවස්වල කියෝපු පොතක් මතක් උනා. ඒකේ හිටියා ඩොංගා කියලා කොල්ලෙක්. ඌත් ඔය විදිහටම කයිසන් තුන හතරක් ඇඳගෙන එනවා ගුටි කන්ඩම... :)
ReplyDeleteපොතේ නම කියපං. මටත් මතකයි සීන් එක
Deleteයකෝ යාලුවා! වෙන කවුද ඉතිං!!!
ReplyDeleteයාළුවාගේ පවුල ?
Deleteඋබට මේ පරිවර්තන හරියන්නේ නෑ බන්. උබෙම ඒවා මිසක්.
ReplyDeleteමරු හරුපේ !
Deleteයාළුවා බන්
ReplyDeleteමට නරක කතාවක් මතක් උනා.. පොඩි එවුන් නරක් කරන්න හොද නෑ නේ.. මං යනවා.. හි හි..
ReplyDeleteඅයියෝ කියලම ගියානම් මරුනේ අපට බයිට් එකක් ලැබෙනවනේ...ෂි...අපරාදෙ
Deleteමෙයාට හැමදාම නරක කතා මතක් වෙන්නේ. මම දැක්ක තව කොහෙදත් මෙහෙම කමෙන්ට් එකක් :)
Deleteඔයාලා ලියන ඒවා කියෝලා තමයි ඒවා ඉගෙන ගෙන ඉන්නේ.. හි හි.....
Deleteඅනියම් බිරීද .....
ReplyDeleteනැතුව වෙන කවුද ?!
Deleteඅප්පටද බොල...මොනාද කියන්නේ....හතර දෙනාම සූරයෝ...එච්චරයි..
ReplyDeleteඒක ෆිල්ම් එකක් නේ !
Deleteඋඹට ඕකට කරන්න තියෙන්නේ කවුද බොක්ක කියල හොයන්න නෙවෙයි. හතර දෙනාම එක බොක්කෙන් සහජීවනයෙන් හුවමාරුවෙන් ජීවත් වෙන්න....
ReplyDeleteහක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස් වෙයි එතකොට :)
Deleteමේ ලෝකෙ බොක්කවල්, ෆිට් දල්ලවල් නෑ බොල. ඔක්කොම ඉන්නෙ, ආත්මාර්ථකාමියො, අවස්ථාවාදියො. එක එකාගෙ ප්‍රතිශතය ටිකක් එහෙට මෙහෙට වෙනවා විතරයි..
ReplyDeleteඅර උන්ඩෙ කැටපොල් එකකින් තියපු එකක් වෙන්න ඇති...
උඩින් පේන බොකු කොච්චර තියෙනවද බොලව්..
Deleteඒක පරන තුවක්කුවක් ඒකයි ස්ලෝ !
බැන්ද දාට මම හරියටම කියන්නම් :P
ReplyDeleteඋබට හිතාගන්න බැරි වෙයි
Deleteඅපරාදේ උන් ගෙවල් දෙකක ඉන්නේ !!
ReplyDeleteඒකත් ඇත්ත බං
Deleteහික් හික්.... මම හිතුවා සිරා කතාවක් කියලා.
ReplyDeleteසිරා කතාවක් තමා :)
Deleteඔතනදි නමි ඉතින් යාලුවා තමයි
ReplyDeleteයාළු ෆිට් එකට බෙදාගෙන කයි දැන් !
Deleteතමන්ට පිහිට තමන්මලු. ඔය කවුරු හිටියත් වැඩක් නෑ මගේ හිතේ.:)
ReplyDeleteතාවකාලික අවශ්‍යතා සදහා ඕනෙ වෙන අය ඉන්නව නේ. එකයි මේ :)
Deleteමේ වෙලාවට යාලුවා හැර වෙන කවුද??
ReplyDeleteකවුරු බොක්ක උනත් එකයිනේ.. 4 දෙනාම වැරදි කාරයෝ..
ජය..
සිරාවට. !
Deleteඅනිවාර්යෙන්ම හොඳම බොක්ක යාළුවා...
ReplyDeleteපව් පවුල :)
Deleteඇයි බං මෙහෙම කරන්නෙ, අපි මොන වරදක් කළාටද? මගේ ඔළුව තාමත් තෝන්තු වෙච්ච ගමන්, මේ අණ්ඩර දෙමලෙ තේරුම් ගන්න බැරුව.
ReplyDeleteමේව සරල සිද්දි බොලව් කම්පා වෙන්නෝනි නැහැනේ !
Deleteඉන්පසු දෙදෙනාම මාරුව ඇරගෙන තම තමන් වැඩියෙන් ආදරේ කල අනියම් බිරින්දන් සමග ජීවත් වෙන්නට ගිවිස ගත් බැවින් තවමත් හොඳම මිතුරො වෙති..
ReplyDeleteඒකත් සිරා අදහස !
Deleteවෙඩි උණ්ඩයක් එනව කියල කෑ ගහපු එකා තමයි හොදම බොක්ක.. ඌ කටවහගෙන හිටියනම් බොකු බඩවැල්,අධෝමාර්ග ඔක්කොම කුඩු වෙනවනෙ..
ReplyDeleteඒක ඇත්ත බං. නැත්තං අරූට මෙච්චර සීන් මාට්ටු වෙන්නේත් නැහැනේ...
Deleteඋත්තරේ දෙන්නේ කාටද කියන එක අනුව වෙනස් වෙනවා... බිරිඳට කියපං එයා තමයි කියලා... යාලුවට ඇත්ත කියපං
ReplyDeleteමේකත් සාර්ථක ක්‍රමයක් තිසරයෝ !
Deleteහතර දෙනාම වල්.. අපි වගේ වැදගත් අය නෙමෙයි...
ReplyDeleteඔව් බං ‘අපි‘ වගේ නැහැ මුං !
Deleteඅනේ..... මට මොනව උනාද මන්ද...? so complex වගේ. මටනම් හිතෙන්නේ, ඌට ඔය ලගදි සෙට් උන ගෑනිට වඩා, චූටි කාලේ ඉදලම එකට හිටපු ෆෙරෙඩාව ට්‍රස්ට් කරන එක හොදයි වගේ.....
ReplyDeleteඅන්න හරි මචං. යාළුවා හොදයි ඒකිට වැඩිය !
Deleteඒකට උත්තරේ පුද්ගලානුබද්ධයි බං. කෑල්ල සැට් උන ගමන් පතාගෙන ඔතාගෙන ආපු යාළුකමුත් බල්ලට දාලා ඒකි පස්සෙ නහින උනුත් අනන්ත ඉන්නවනේ!
ReplyDeleteකෙල්ලො නිසා එකට බොක්කෙන් හිටපු උන් අතාරින චාටර් වුන් ඉන්නව නේ !
Delete// අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි!
ReplyDeleteහිකිස්!!
ආ.. ඇයි බොරුද?
Deleteපුදුම අවංකකමක්, පුදුම බොක්කක්, ඊටත් වඩා පුදුම වෙඩි උණ්ඩයක් බං!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පට්ට ස්ලෝ බං උන්ඩේ !
Deleteඅහල තියන කතාවක් උනත් සළුපිලි ඇන්දවීම සාර්තකයි. මිත්‍රයන්ට පුළුවන්නේ ගෑනු මාරුකරගෙන සතුටින් ඉන්න.
ReplyDeleteසළු පිලි ගලවලා බොල තියෙන්නේ !
Deletepissu hadenawane bn! :D
ReplyDeleteස්ලොව් මෝෂන් මූවී එකක් වගේ නෙ බන්, උණ්ඩේ තමයි උණ්ඩේ, සරත් අයියා කිව්ව විදිහට පැටලුම ලිහාගෙන අනියම් බිරිදත් එක්ක ඉන්න එක තමයි හොදම
ReplyDeleteඅනේ මන්දා සරා අත්දැකීමෙන් කිව්වා වගේ :ඩී
Deleteපිෂ්ෂු හැදෙයි ආ...? ආයි දෙකක් නෑ, හොදම බොක්ක යාලුවා තමයි..
ReplyDeleteඑල !
Deleteඅනේ මන්ද ඉතින්..බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.......
ReplyDeleteඔය බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර................ කියන්නෙ මොකද්ද බං.....
Deleteහැම තැනම බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්රර්....
පොඩිකාලේ වගේ වාහන එළවනව ද
මෙයත් පුරුදු වෙලා සවුන්ඩ්ස් එක්ක කමෙන්ට් කරනන්න!
Deleteමනක්කල්පිත කතාවක් වුනත් , යාළුවා තමයි විස්වාසවන්ත, මොකද එයා ඇත්තම කිව්වානේ, මගේ ජිවිතෙදිත් මම විස්වාස කරන්නෙ මගේ හොඳම යාළුවව, අපි අතරෙ යාළුකම දැන් අවු27ක් වෙනව ( මට මගෙ හොඳම යාළුවව හම්බවුනේ මුලින්ම ඉස්කොලේ ගිය දවසෙ එ1985 වසරේදි) තාම අපි අතරේ ප්‍රශ්න නැහැ, මොනව කලත් අපි දෙන්නා අතරේ රහස් නැහැ, අපි දෙන්නා රටවල් දෙකක ජිවත් වුනත් හැමදාම අපි ස්කයිප් හරි ෆොන්කොල් වලින් හරි සැපදුක බෙදාගන්නව, එයත් හැම අවුරුද්දකම නිවාඩු මාසයේ ලංකාවට එනවා මාව බලන්න
ReplyDeleteනියම උදාහරනය.නියම යාළුකමකට !
Deleteස්තූතියි සෑම් යාළුවේ
Deleteතමන්ගේ බොක්ක තමන්ම තමයි බං... වෙන මොකෙක්වත් බොක්කක් වෙන්නේ නැහැ .. උන්ට ඕනෙනම් ඔය පොඩි අවයවයක නමක් කියහන් ..කථාව එළ..
ReplyDeleteඅත්දැකීමක් නොමැත....
ReplyDeleteලබාගත් පසු කියන්නම්!!
මගෙ අප්පේ උබ අනියම් අත්දැකිමක් ගන්නද හදන්නේ ?
Deleteසික් මම මීට කලින්නේ මොලේ කුරුවල් උන එව්වෝ ගන කිව්වේ......ඈ........දැන් මටත් නිකන් මොකද්ද මොකද්ද වගේ....
ReplyDeleteමොකක්ද මොකක්ද වගේ කිව්වේ ලැජ්ජයිද ? :)
Deleteඊට පස්සේ ඒ හතර දෙනා සතියේ දවස් බෙදා හදාගෙන ජීවිතේ පටල ගන්නැතුව කාලයක් සතුටින් ජීවත් උනා.........
ReplyDeleteඇයි යකෝ මිනිහට විතරද කසාද එකයි හොර එකයි තියාගන්න පුළුවන්.
ReplyDeleteසෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්.. මේ දවස් වල මමත් ඕකට උත්තර හොයනවා.. :)
ReplyDeleteබෙදා හදාගෙන ජීවත් වෙන මනුස්සයො විදියට ඔහොම බය වෙලා දුවලා හැංගෙන එකනම් අනුමත කරන්න බෑ ඔන්න
ReplyDeleteඔය දෙන්නාම ෂුවර් නෑ.
ReplyDeleteතමන්ට ඉන්න හොදම යාලුවා තමන්ගේ හිත. :)
අපරාදේ සැමා ඔය කියපු ජාතියේ උණ්ඩ යුද්දේ කාලේ තිබුන නම් කොල්ලෝ කී දාහක් බෙරිලද ...
ReplyDeleteඅන්න යාලුවො.... :පී
ReplyDeleteකාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ කියවන්න ඒවා ගොඩයිනෙ.. ආපු ගමන් මාර ප්රශ්නෙකටනෙ කොටුඋනෙ,, අනේ මන්දා මොනා උනත් යාලුවා අවංකයි වගෙ..
ReplyDeleteමේ කතාව මම දැකල තියෙනව මීට ඉස්සෙල්ලත්...සිංහල විහිලු කතා බ්ලොග් එකක..
ReplyDeleteඑත් එකේ හරය අරගෙන කතාව අලුතින් හදල ලියල තියෙනව..උඹේ style එකෙන්..
එල..
සෑමා ගේ කතාවට ඔලුව #$%@!*&^උනාද මන්දා.......!
ReplyDeleteහැබැයි ඊට වඩා අතල් මෙතන ඉන්න උන් දාන කොමෙන්ට් ටික....