Tuesday, October 30, 2012

හොදම බොක්ක බිරිදද?? යාළුවද??


කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි බැදපු මිනිහෙක්ගෙ ලගින්ම ඉන්න සාමාජිකාව තමයි බිරිද, ඒවගේම යාළුවො කියන්නෙත් අපේ ජීවිතේ ඉන්න සමීපතම සත්තු කොට්ඨාශයක්. සමහරුන්ගෙ සමහර මිතුරො ජීවිතේදි බිරිදටත් වැඩිය එයාලට සමිපයි. ඔයාල ඒ වගේ සීන් නම් අනුමත කරන එකක් නැහැ. තවත් සමහරුන්ට බිරිද තමයි එයාගෙ හොදම මිතුරිය. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට  තාම මට හරි උත්තරයක් නැහැ. හැබැයි මේ කතාව අවසානෙදි ඔයාලට පුළුවන් වෙයි මට හරි උත්‍තරේ හොයල දෙන්න. 

මම ජයවීර, මගෙ හොදම මිත්‍රයා රණවීර...

ඇත්තටම කියනව නම් රණවීරයා මාර බොක්කක්. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් රණවීරයා ඒක මට ඔප්පු කරපු වාර අනන්තයි. දවසක් නොකරපු වැරැද්දකට ගුරුතුමා මට ගහන්න හැදුවා. 

“ජයවීර මම අද උබව ඉතුරු කරන්නෑ...“

“අනේ මට ගහන්න එපා සර් මම නෙවේ ඒ වැරැද්ද කළේ...“ මම ගුටිකන්න බයෙන් කෑ ගැහුවා.

“ජයවිරට ගහන්න එපා සර්.. ජයවීර නෙවේ ඒ වැරැද්ද කළේ මං.. මට ගහන්න..“ මට ගුටි කන්න එච්චර හයියක් නැති බව තේරුම් ගත්ත රණවීර මං වෙනුවෙන් වරද භාර අරන් ගුටි කෑවා. 

චටාස්...වටාස්... ආහ්.. ඇහ්..ඇහ්..ඇහ්...

ගුරුතුමා ගහපු සද්දෙත් එක්ක පොර ඇඩුවට, රණවීරට ඒක එච්චර දෙයක් නෙවේ.. ඉස්කෝලෙදි නිතරම ගුටි කන්න වෙන හින්දා රණවීරයා නිතරම කලිසම් දෙක, තුනක් එක පිට එක ඇදලයි ඉන්නේ. ඒකයි ඌ බය නැතුව සර්ට ෆේස් කළේ. 

දැන් ඔයාල හිතයි ඇයි පොර අච්චර සද්දෙන් මීහරකෙක් වගේ ඇයි ඇඩුවෙ කියල.

පුරුදු විදිහට ගුරුතුමා වේවැලෙන් පස්සට කෙලී කියල ඉදිරිපත් වුනාට, එදා ගුරුතුමා ගැහුවේ උගෙ කොන්දට. ඒකයි.

පොඩිකාලෙ නොදන්න කමට යාළුවො වෙනුවෙන් ඔහොම ගොන් කම් කෙරුවට ලොකු වුනාම එහෙම කරන්නැති බව ඔයාල හිතනව ඇති. 

නැහැ... රණවීරයගේ ඒ ගුණේ ලොකු වෙලත් එහෙම්මම තිබ්බා. ලොකු වෙලා අපි දෙන්නම හමුදාවට බැදිලා සාම සාධක භටයෝ විදිහට ඉරාකෙට ගියා. එදා ඒ හතුරු උණ්ඩේ අපි ලගට එනකල් අපි දැක්කෙ නැහැ.

ඩිෂුම්..ඩිෂුම්..සට..සට..සට..සට..සට...

“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. මරණෙ සතුටින් භාර ගන්න කියල හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා. දැන් මාව මැරෙනව බලන් අකැමැති අය කන් දෙක පියා ගන්න එපා. බය වෙන්න එපා..

ඒ උණ්ඩෙට මාව බිලිවෙන්න රණවීර මට ඉඩ දුන්නෙ නැහැ. මට ආපු උණ්ඩෙට රණවීර පැන්නා. ඒත් ඒ එඩිතර පපුවට වැදුනු උණ්ඩෙ අඩිගානක් පස්සට විසි වුණා. පපුවෙ නෙවේ හොදකම, පපුවෙ බැදල තිබ්බ වෙඩිනොවදින යකඩ පතුරෙ.

ඒ වගේ කල්‍යාන මිතුරෙක් ලෝකෙවත් ඇති කියල මම හිතුවෙ නැහැ. ඒත් ඒ පාර නිවාඩුවට ගියාම සියල්ල වෙනස් වුනා. මට ඒ නිවාඩුවෙදි හම්බුනා අචලා... නොතිසිතු මොහොතක අහම්බෙන් හම්බුනත් එයා මට එයාගෙ ජීවිත කතාව සේරම කිව්වා. 

“අපේ තාත්ත මහ බේබද්දෙක් ජයවීර. අපේ අම්මා මාවයි නංගිවයි ලොකු කරන්න නොවිදිනා දුක් වින්දා... මාත් මේ ලෝකෙ විදපු නැති දුකක් නැහැ. අම්මට අපිට දෙන්න දැවැදිවත් කමකුත් නැහැ ජයවීර. අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි.“

එදා මම අචලගෙන සමුගත්තෙ අපි කසාද බදින දිනෙත් නියම කරගෙන. නිවාඩු ඉවර වෙලා ගිහින් ඒ කතාව රණවීරට කියන්න මම මාර ආසාවෙන් හිටියේ. ඒත් මගෙ මූන දැකපු ගමන් රණවීර කියපු කතාවෙන් මම පිස්සු වැටුනා. 

“මචං, මේ පාර මං නිවාඩු ගිය වෙලාවෙ මට මාර කෙල්ලෙක් සෙට් වුනා..මාර අහිංසක හිතහොද චරිතවත් කෙල්ලෙක් බං. නම අචින්තා.. මම ලබන මාසෙ ඒකිව බදිනවා...“

හොදම යාළුව වුනාට උගෙ වෙඩින් එකට මට යන්න බැරි වුනා. මගෙ වෙඩින් එකට ඌට යන්නත් බැරි වුනා. ඒක තමා මේ හමුදා සේවයේ හැටි. ඌ ඒකට තරහ වුනේ නැහැ. අපි අතරෙ තිබ්බෙ ඒ වගේ පුංචි දේවල් වලට තරහ වෙන ෆෙන්ඩ් ෂිප් එකක් නෙවේ. 

වෙඩින් එකට යන්න බැරි වුන එකත් එක්ක මේ පාර නිවාඩුවෙදි අපි දෙන්න සෙට් වුනා. 

“අඩේ මේච්චර ෆ්‍රෙෙඩක් වෙලත් උබ තාම මගෙ වයිෆ්ව දැකල නැහැනේ බං...“

“ඉතිං මචං උබ මගෙ වයිෆ්ව දැකලත් නැහැනේ..“

“ඒකනේ... ඒකනේ මමචං කියන්නේ... මූණු දැක්කෙ නැති වුනාට මචං.. උබයි මමයි වගේ උනුත් අපේ හදවත් වලින් බැදිලා ඉන්නේ...“

“අනිවාහ්..“

අපි දෙන්න එතැනින් එලියට බැහැල ඇවිදන් එන්න ආවා. සමහර විට ඔයාල විශ්වාස කරන එකක් නැති වෙයි. එකපාරට දැකපු දර්ශනෙන් මගෙ ඇග කිලිපොලා ගියා. 

ගෑණු දෙන්නෙක් අපි දෙන්න දිහාට ඇවිදන් එනවා. එක්කෙනෙක් මගෙ වයිෆ්. අනිත් එක්කෙනා....

ඔයාලට විතරක් නෙවේ... මම රණවීරටයට වත් නොකියපු රහසක් තිබ්බා.. මට අචලට අමතරව තව අනියම් බිරිදක් හිටියා. දැන් නම් මට රණවීරට මුහුණ දෙන්න බැහැ. රණවීරට නෝන්ඩි වුණා වගේ නෙවේ. අර ගෑණු දෙන්නට නෝන්ඩි වුනොත් ඉදලා හමාරයි. 

මම පණ කඩාගෙන දුවල ගිහින් හෝටලේක කුස්සිය පිටිපස්සෙ දොර මුල්ලක හැංගුනා. 

හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්... හාාාාා

මම එතැන හැංගිලා විනාඩියක් වත් ගියෙ නැහැ. රණවීරයත් දුවන් ඇවිත් ඒ දොර මුල්ලෙම හැංගුනා...

“මොකෝ මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...“

“මට සමාවෙයන් රණවීර මම උඹට නොකියපු රහසක් තියෙනවා...“

“ඒ මොකක්ද බං ඒ..???“

“මට බිරිදට අමතරව අනියම් බිරිදක් හිටිය රණවිර. අර අපි දෙන්න ඉස්සරහට ආවේ මගෙ බිරිදයි, අනියම් බිරිදයි...“

“හ්ම්... එහෙමද???“ රණවීරත් ලොකු සුසුමක් හෙලුවා...

“ඉතිං ඇයි මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...???“

“මෙච්චර කල් උබටත් නොකිව්වට මටත් අනියම් බිරිදක් හිටියා.... මාත් දුවගෙන ආවේ ඒ හේතුව නිසා තමයි. අපි දෙන්න එලියට යද්දි අපේ ඉස්සරහට ආවේ මගෙ බිරිදයි අනියම් බිරිදයි තමා බං..“

දැන් කවුරු හරි මට කියල දෙන්න.. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට  උත්තරේ ??

sAm_ශ්‍රී_Perera_8.40am_30.10.2012

102 comments:

  1. හොඳම යාළුවා... ලෙසටම(හැබැයි ඊටත් වඩා තමන්ගේ අම්මයි තාත්තයි)

    ReplyDelete
  2. මට නිකන් කොයිල් වගේ බං ........ දැන් මොනවද හැබෑටම මං කියන්න ඔනේ .

    ReplyDelete
  3. හෑ...
    හතර දෙනාම සූරයෝ කියලයි මට හිතෙන්නේ :P :P
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සාර්ථක පවුල් දෙකක් !

      Delete
  4. ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවිතය බෙදා හදා ගත්හ.

    ReplyDelete
  5. මේ කියන කාලෙ මූණු පොත එහෙම තියෙන්න නැතුව ඇති නේද... නැත්නම් ඊට කලින් වයිපරේව පෙන්නන්න තිබුනනෙ...

    ReplyDelete
    Replies
    1. ඒත් බැහැ බං ඇත්ත පොටෝ දාන්නේ කවුද අද කාලේ ?

      Delete
  6. මන්දා....ඔලුව කුරුවල් වෙනවනේ බන් මේවට...

    ReplyDelete
  7. mata nam therunema nadda manda :/
    kotu paninna epa kiyala man ubalata ki parak kiwwada? ko ahana ekakye.... :P

    ReplyDelete
    Replies
    1. හොදම බොක්ක යාලුවාගේ බිරිදනේ බං

      Delete
    2. හිකිස්.. රෙපා උඹ මගෙ යාළුවා නේද ?

      Delete
  8. //“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ.//

    ඈ බං...අර උණ්ඩේ දැකලා කෑ ගැහුව එකා සුපර්මෑන්ද..? :D

    ReplyDelete
    Replies
    1. යර්ස් මාරයියා මේක මැට්රික්ස් ෆිල්ම් එක වගේ එකක් !

      Delete
  9. පොඩිකාලෙ මගේ අත පලග් එකක ගෑවිලා මට කරන්ටෙක වැදිල වෙව්ලුවා මෙලෝ දෙයක් හිතාගන්න බැරිව ...දැනුත් උනේ ඒක ..ප්‍රශ්නෙට උත්තරේ උඹම දීපං...!

    ReplyDelete
    Replies
    1. උඹගෙ අත ගැවුන නිසා බේරුනා මම දවසක් ඇලිලාම හිටියා. ඒකයි මේ අවුල !

      Delete
  10. sam, 50% yaluwa bokka, anith 50% ekath yaluwa thamai bokka. pissu sama

    ReplyDelete
    Replies
    1. හිකිස්

      අවස්ථානුකුලව ඕව එහෙ මෙහෙ වෙනවා බං !

      Delete
  11. මචං සෑමා...! මට නම් හිතුනේ එක්කෝ උඹට පිස්සු, නැත්නම් කියවපු මට පිස්සු..!!

    ReplyDelete
  12. සර් කාරයා ගහපු විදිහෙන් මට ඉස්සර ඉස්කෝලේ දවස්වල කියෝපු පොතක් මතක් උනා. ඒකේ හිටියා ඩොංගා කියලා කොල්ලෙක්. ඌත් ඔය විදිහටම කයිසන් තුන හතරක් ඇඳගෙන එනවා ගුටි කන්ඩම... :)

    ReplyDelete
    Replies
    1. පොතේ නම කියපං. මටත් මතකයි සීන් එක

      Delete
  13. යකෝ යාලුවා! වෙන කවුද ඉතිං!!!

    ReplyDelete
  14. උබට මේ පරිවර්තන හරියන්නේ නෑ බන්. උබෙම ඒවා මිසක්.

    ReplyDelete
  15. මට නරක කතාවක් මතක් උනා.. පොඩි එවුන් නරක් කරන්න හොද නෑ නේ.. මං යනවා.. හි හි..

    ReplyDelete
    Replies
    1. අයියෝ කියලම ගියානම් මරුනේ අපට බයිට් එකක් ලැබෙනවනේ...ෂි...අපරාදෙ

      Delete
    2. මෙයාට හැමදාම නරක කතා මතක් වෙන්නේ. මම දැක්ක තව කොහෙදත් මෙහෙම කමෙන්ට් එකක් :)

      Delete
    3. ඔයාලා ලියන ඒවා කියෝලා තමයි ඒවා ඉගෙන ගෙන ඉන්නේ.. හි හි.....

      Delete
  16. අනියම් බිරීද .....

    ReplyDelete
  17. අප්පටද බොල...මොනාද කියන්නේ....හතර දෙනාම සූරයෝ...එච්චරයි..

    ReplyDelete
  18. උඹට ඕකට කරන්න තියෙන්නේ කවුද බොක්ක කියල හොයන්න නෙවෙයි. හතර දෙනාම එක බොක්කෙන් සහජීවනයෙන් හුවමාරුවෙන් ජීවත් වෙන්න....

    ReplyDelete
    Replies
    1. හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස් වෙයි එතකොට :)

      Delete
  19. මේ ලෝකෙ බොක්කවල්, ෆිට් දල්ලවල් නෑ බොල. ඔක්කොම ඉන්නෙ, ආත්මාර්ථකාමියො, අවස්ථාවාදියො. එක එකාගෙ ප්‍රතිශතය ටිකක් එහෙට මෙහෙට වෙනවා විතරයි..

    අර උන්ඩෙ කැටපොල් එකකින් තියපු එකක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. උඩින් පේන බොකු කොච්චර තියෙනවද බොලව්..

      ඒක පරන තුවක්කුවක් ඒකයි ස්ලෝ !

      Delete
  20. බැන්ද දාට මම හරියටම කියන්නම් :P

    ReplyDelete
    Replies
    1. උබට හිතාගන්න බැරි වෙයි

      Delete
  21. අපරාදේ උන් ගෙවල් දෙකක ඉන්නේ !!

    ReplyDelete
  22. හික් හික්.... මම හිතුවා සිරා කතාවක් කියලා.

    ReplyDelete
  23. ඔතනදි නමි ඉතින් යාලුවා තමයි

    ReplyDelete
    Replies
    1. යාළු ෆිට් එකට බෙදාගෙන කයි දැන් !

      Delete
  24. තමන්ට පිහිට තමන්මලු. ඔය කවුරු හිටියත් වැඩක් නෑ මගේ හිතේ.:)

    ReplyDelete
    Replies
    1. තාවකාලික අවශ්‍යතා සදහා ඕනෙ වෙන අය ඉන්නව නේ. එකයි මේ :)

      Delete
  25. මේ වෙලාවට යාලුවා හැර වෙන කවුද??
    කවුරු බොක්ක උනත් එකයිනේ.. 4 දෙනාම වැරදි කාරයෝ..

    ජය..

    ReplyDelete
  26. අනිවාර්යෙන්ම හොඳම බොක්ක යාළුවා...

    ReplyDelete
  27. ඇයි බං මෙහෙම කරන්නෙ, අපි මොන වරදක් කළාටද? මගේ ඔළුව තාමත් තෝන්තු වෙච්ච ගමන්, මේ අණ්ඩර දෙමලෙ තේරුම් ගන්න බැරුව.

    ReplyDelete
    Replies
    1. මේව සරල සිද්දි බොලව් කම්පා වෙන්නෝනි නැහැනේ !

      Delete
  28. ඉන්පසු දෙදෙනාම මාරුව ඇරගෙන තම තමන් වැඩියෙන් ආදරේ කල අනියම් බිරින්දන් සමග ජීවත් වෙන්නට ගිවිස ගත් බැවින් තවමත් හොඳම මිතුරො වෙති..

    ReplyDelete
  29. වෙඩි උණ්ඩයක් එනව කියල කෑ ගහපු එකා තමයි හොදම බොක්ක.. ඌ කටවහගෙන හිටියනම් බොකු බඩවැල්,අධෝමාර්ග ඔක්කොම කුඩු වෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං. නැත්තං අරූට මෙච්චර සීන් මාට්ටු වෙන්නේත් නැහැනේ...

      Delete
  30. උත්තරේ දෙන්නේ කාටද කියන එක අනුව වෙනස් වෙනවා... බිරිඳට කියපං එයා තමයි කියලා... යාලුවට ඇත්ත කියපං

    ReplyDelete
    Replies
    1. මේකත් සාර්ථක ක්‍රමයක් තිසරයෝ !

      Delete
  31. හතර දෙනාම වල්.. අපි වගේ වැදගත් අය නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ‘අපි‘ වගේ නැහැ මුං !

      Delete
  32. අනේ..... මට මොනව උනාද මන්ද...? so complex වගේ. මටනම් හිතෙන්නේ, ඌට ඔය ලගදි සෙට් උන ගෑනිට වඩා, චූටි කාලේ ඉදලම එකට හිටපු ෆෙරෙඩාව ට්‍රස්ට් කරන එක හොදයි වගේ.....

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං. යාළුවා හොදයි ඒකිට වැඩිය !

      Delete
  33. ඒකට උත්තරේ පුද්ගලානුබද්ධයි බං. කෑල්ල සැට් උන ගමන් පතාගෙන ඔතාගෙන ආපු යාළුකමුත් බල්ලට දාලා ඒකි පස්සෙ නහින උනුත් අනන්ත ඉන්නවනේ!

    ReplyDelete
    Replies
    1. කෙල්ලො නිසා එකට බොක්කෙන් හිටපු උන් අතාරින චාටර් වුන් ඉන්නව නේ !

      Delete
  34. // අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි!
    හිකිස්!!

    ReplyDelete
  35. පුදුම අවංකකමක්, පුදුම බොක්කක්, ඊටත් වඩා පුදුම වෙඩි උණ්ඩයක් බං!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  36. අහල තියන කතාවක් උනත් සළුපිලි ඇන්දවීම සාර්තකයි. මිත්‍රයන්ට පුළුවන්නේ ගෑනු මාරුකරගෙන සතුටින් ඉන්න.

    ReplyDelete
    Replies
    1. සළු පිලි ගලවලා බොල තියෙන්නේ !

      Delete
  37. ස්ලොව් මෝෂන් මූවී එකක් වගේ නෙ බන්, උණ්ඩේ තමයි උණ්ඩේ, සරත් අයියා කිව්ව විදිහට පැටලුම ලිහාගෙන අනියම් බිරිදත් එක්ක ඉන්න එක තමයි හොදම

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සරා අත්දැකීමෙන් කිව්වා වගේ :ඩී

      Delete
  38. පිෂ්ෂු හැදෙයි ආ...? ආයි දෙකක් නෑ, හොදම බොක්ක යාලුවා තමයි..

    ReplyDelete
  39. අනේ මන්ද ඉතින්..බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.......

    ReplyDelete
    Replies
    1. ඔය බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර................ කියන්නෙ මොකද්ද බං.....
      හැම තැනම බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්රර්....

      පොඩිකාලේ වගේ වාහන එළවනව ද

      Delete
    2. මෙයත් පුරුදු වෙලා සවුන්ඩ්ස් එක්ක කමෙන්ට් කරනන්න!

      Delete
  40. මනක්කල්පිත කතාවක් වුනත් , යාළුවා තමයි විස්වාසවන්ත, මොකද එයා ඇත්තම කිව්වානේ, මගේ ජිවිතෙදිත් මම විස්වාස කරන්නෙ මගේ හොඳම යාළුවව, අපි අතරෙ යාළුකම දැන් අවු27ක් වෙනව ( මට මගෙ හොඳම යාළුවව හම්බවුනේ මුලින්ම ඉස්කොලේ ගිය දවසෙ එ1985 වසරේදි) තාම අපි අතරේ ප්‍රශ්න නැහැ, මොනව කලත් අපි දෙන්නා අතරේ රහස් නැහැ, අපි දෙන්නා රටවල් දෙකක ජිවත් වුනත් හැමදාම අපි ස්කයිප් හරි ෆොන්කොල් වලින් හරි සැපදුක බෙදාගන්නව, එයත් හැම අවුරුද්දකම නිවාඩු මාසයේ ලංකාවට එනවා මාව බලන්න

    ReplyDelete
    Replies
    1. නියම උදාහරනය.නියම යාළුකමකට !

      Delete
    2. ස්තූතියි සෑම් යාළුවේ

      Delete
  41. තමන්ගේ බොක්ක තමන්ම තමයි බං... වෙන මොකෙක්වත් බොක්කක් වෙන්නේ නැහැ .. උන්ට ඕනෙනම් ඔය පොඩි අවයවයක නමක් කියහන් ..කථාව එළ..

    ReplyDelete
  42. අත්දැකීමක් නොමැත....
    ලබාගත් පසු කියන්නම්!!

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ උබ අනියම් අත්දැකිමක් ගන්නද හදන්නේ ?

      Delete
  43. සික් මම මීට කලින්නේ මොලේ කුරුවල් උන එව්වෝ ගන කිව්වේ......ඈ........දැන් මටත් නිකන් මොකද්ද මොකද්ද වගේ....

    ReplyDelete
    Replies
    1. මොකක්ද මොකක්ද වගේ කිව්වේ ලැජ්ජයිද ? :)

      Delete
  44. ඊට පස්සේ ඒ හතර දෙනා සතියේ දවස් බෙදා හදාගෙන ජීවිතේ පටල ගන්නැතුව කාලයක් සතුටින් ජීවත් උනා.........

    ReplyDelete
  45. ඇයි යකෝ මිනිහට විතරද කසාද එකයි හොර එකයි තියාගන්න පුළුවන්.

    ReplyDelete
  46. සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්.. මේ දවස් වල මමත් ඕකට උත්තර හොයනවා.. :)

    ReplyDelete
  47. බෙදා හදාගෙන ජීවත් වෙන මනුස්සයො විදියට ඔහොම බය වෙලා දුවලා හැංගෙන එකනම් අනුමත කරන්න බෑ ඔන්න

    ReplyDelete
  48. ඔය දෙන්නාම ෂුවර් නෑ.

    තමන්ට ඉන්න හොදම යාලුවා තමන්ගේ හිත. :)

    ReplyDelete
  49. අපරාදේ සැමා ඔය කියපු ජාතියේ උණ්ඩ යුද්දේ කාලේ තිබුන නම් කොල්ලෝ කී දාහක් බෙරිලද ...

    ReplyDelete
  50. කාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ කියවන්න ඒවා ගොඩයිනෙ.. ආපු ගමන් මාර ප්‍රශ්නෙකටනෙ කොටුඋනෙ,, අනේ මන්දා මොනා උනත් යාලුවා අවංකයි වගෙ..

    ReplyDelete
  51. මේ කතාව මම දැකල තියෙනව මීට ඉස්සෙල්ලත්...සිංහල විහිලු කතා බ්ලොග් එකක..
    එත් එකේ හරය අරගෙන කතාව අලුතින් හදල ලියල තියෙනව..උඹේ style එකෙන්..
    එල..

    ReplyDelete
  52. සෑමා ගේ කතාවට ඔලුව #$%@!*&^උනාද මන්දා.......!
    හැබැයි ඊට වඩා අතල් මෙතන ඉන්න උන් දාන කොමෙන්ට් ටික....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...