මේක යට ගිය කතාවක්ය. සෑමාගේ ඒ.ලෙවල් කාලය දක්වාම දිවෙන්නේය. මෑතකදී සෑමා පාසලෙන් අස්වීමේ සහතිකය ගැනීමට පාසලට ගියේය. සෑමා ඒලෙවල් කලේ 2006 වසරේය. අස්වීම ගන්නේ 2012 වසරේය. සරල ජ්‍යාමිතික සුත්‍රයකට යොදා බැලුවහොත් සෑමා පාසලෙන් අස්වීමේ සහතිකය ගන්නේ වසර 6ක් පසුවීමෙන්ය. එදා පාසලට ගොඩවැදුනු සෑමාට පුස්ථකාලයට ඔළුව දැමීමට සිද්ධ වූ නිසා මෙවන් යට ගිය කතාවක් මතක් වුයේය. ඒ පුස්ථකාලයේ ජනේලයෙන් තමා උසස්පෙල හැදෑරූ පන්ති කාමරය පෙනුන නිසාය.
සෑමාගේ පාසලේ උ/පෙ ගණිත අංශයේ සිටි තනි ඇටයා කවුරුත් නොදන්නවා විය නොහැක. පොර දැන් බ්ලොග් කරණයේ යෙදෙන්නේ ගැටයා යන නාමයෙන්ය. සෑමාට මතක හැටියට මේ සිද්ධියට මුහුණ දුන්නේ අපේ ඒ ගැටයාය. සෑමාගේ මතකය වැරදි නම් ගැටයාගෙන් සමාව අයැද සිටින්නේය.
ඉස්සර අපි පන්තියේ ගුරුවරයෙක් නැතිව කෑ ගසද්දි සෙක්ෂන් හෙඩ් සර් පැමිණ අපව එලවන්නේ පුස්ථකාලයටය. ඒ පන්තියේ කෑ ගසන නිසා අනිත් පන්ති වලට බාධාවක් නිසාය. එහෙත් පුස්ථකාලයේ මිස් අපිව දැක්කාම අපට වදිමින් කියා සිටින්නේ ‘අපෝ මෙහෙ නම් එන්න එපා‘ කියාය. අපි ඉස්සර සිටම පව්ය. ඇය අපිට කියවීමෙන් සම්පුර්ණ මිනිසුන් වන්නට ඉඩ නොදුන් නිසාම අද අප අසම්පූර්ණ වී සිටින්නේය. දිනක් සෙක්ෂන් හෙඩ් ගුරුතුමා අපව පුස්ථකාලයට එලෙව්වේය. එසේ පන්තියෙන් පිටත්ව එහෙ මෙහෙ රවුම් ගසා අපි පුස්ථකාලයට ලංවෙද්දී විනාඩි 15ක් පමණ ගතව තිබුනේය. එසේ එන අපිට සර්ව මුණ ගැසුනේ අතරමග පඩි පෙලේදීය.
“තමුසෙල මොනාද මෙතන කරන්නේ????“
“අපි සර් පුස්ථකාලෙට ආවා.“
“මොනවද අයිසේ මෙතන කරන්නේ .. යනවා පන්තියට යනවා..“
“ඇයි සර්ම නේද අපිව පන්තියෙන් පුස්ථකාලෙට එව්වේ??“ කියා නොඅසා අපි නැවත පන්තියට ගියේ පුස්ථකාලයට වඩා පන්තිය ආතල් නිසාය. එහෙත් එදා සර්ගේ මතක ශක්තියේ තරම අපට තේරුනේය. මොනවා වුනත් හිත හොද ගුරුවරයාය.
අපේ ගැටයා ඉස්සර පොත් ගුල්ලාය. නාට්‍ය කාරයාය. පොර ජීවත් වන්නේ පුස්ථකාලයේය. වෙලාවක මූ වේයෙක් හෝ පොත් අස්සේම සිටිම අමුතු ජාතියේ සතෙක් යැයි අපට සිතුනු වාර අනන්තය. ඉස්සර ගැටයා සගරාවක් කළා සෑමාට මතකය. සගරාවක් ලෙස පිටු අමුණා විවිධ ආකාරයේ විහිළු කතා කැටි කරගත්, ගැටයාගේ අකුරින්ම ලියැවෙන ඒ සගරාව නිර්මාණය කොට ගැටයා එය කියවන්නට එක එකාට දෙන්නේය. ගැටයා යනු එවන් ආතල් දුන් පොරක්ය.
කෙසේ වුවද ගැටයා ඒලෙවල් කාලේ පුස්ථකාල ගතව සිටියේ ගණන් හදන්නටය. අපේ අනිත් උන් මෙන් මේස අස්සෙන් පැද්දෙන කකුල් පලල්වු ස්ථාන බැලීමට නොවේය. එහෙව් කාරණා වලට පුස්ථකාලයට එන උන් කවදාවත් පොත් කියෙව්වේ නැතිය. උන් කියෙව්වේ පත්තරය. ඒවා මැදින් කුඩා සිදුරක් හදාගෙන පත්තරය උස්ව තබාගෙන සිදුරෙන් ගැස්සෙන පැද්දෙන හැරවෙන කකුල් බැලිය හැකිය. මේ සෑමාගේ අත් දැකීම නෙවේය. අනිත් උන් කරනවා ඇස් දෙකෙන් දැක්ක හැටිය.
පෙර කී පරිදි ගැටයා නම් ගණන් හදන්නේය. ඔහු තම සපත්තු ගලවා කකුල් මුල තබාගෙන නිදහසේ ගණන් හදන්නේය. විටෙක තමන් සතියම දමන මේස් කුට්ටම වා තලයට මුදා හල විට මැසි මදුරු කරදර නැතිවන නිසා එසේ කළා දැයි සැක සහිතය. ගැටයාගේ සපත්තු ගැලවිල්ල අපේ උන්ට හොදට මීටර්ය. ඒ අතර දිනක් අපේ එකෙක් ගැටයාගේ එක සපත්තුවකට පයින් ගසා ඈතට යැව්වේය. ඈතට ගිය සපත්තුව පුස්ථකාල ජනේල පළුව අස්සෙන් විසික් කළේ අප පන්තිකාමරය ඉදිරියෙන් දිවෙන කොරිඩෝවටය. එය එතැනින් වහා අහුලා ගත්තේ අප පන්තිකාමරය අසල සිටි අයෙක්ය. එය පන්තිය තුලට විසික් කිරීම ඔහු අතනි සිද්ධ විය.
ගැටයා අවකලන අනුකලන අස්සෙන් පිබිද දෙපා මුල තිබි සපත්තුව තිබේදැය පය වැනුවේය. ඒ වන විටත් අපේ සැට් එකම පුස්ථකාලයෙන් නික්ම පන්තියට පැමිණ අහවරය. පන්තියේ සිටින අප ඉදිරියට ගැටයා ආවේය.
ගැටයා පන්තියට පැමිනි විදිහ සෑමාට දැන් නම් හරියට මතක නැතිය. පොර ආවා නම් එන්නට ඇත්තේ පහත ක්‍රම දෙකෙන් එකකට විය හැකියැයි සිතා සටහන් කිරීම උචිතය.
එක කකුලක හොදින් දැමූ සපත්තුවක් සහ අනෙක් කකුල සපත්තු නොමැතිව කොර ගසමින් හෝ සපත්තු දෙකම නොදා සපත්තුවදෙක අතේ රැගෙන හෝ එන්නට ඇතිය.
ගැටයා අද තවමත් නොදන්නේ සපත්තුවට මුල් පා පහර ගැහුවේ කවුද කියාය. ඒ අතර කොරිඩෝවට විසික් වූ සපත්තුව පන්තියට දැමුවේ කවුද කියාවත් ගැටයා නොදන්නේය. ඌ ඒවා හොයන්නට ගියේ නැතිය. පන්තියේ තිබු සපත්තුව දමාගෙන සිනහවෙන් සිටියේය. කටින් කුණුහබ්බ පිටවුනාදැයි මට නම් මතක නැතිය.
Written by sAm_9.57pm_24.10.2012

එක කකුලක හොදින් දැමූ සපත්තුවක් සහ අනෙක් කකුල සපත්තු නොමැතිව කොර ගසමින් හෝ සපත්තු දෙකම නොදා සපත්තුව
ගැටයා අද තවමත් නොදන්නේ සපත්තුවට මුල් පා පහර ගැහුවේ කවුද කියාය. ඒ අතර කොරිඩෝවට විසික් වූ සපත්තුව පන්තියට දැමුවේ කවුද කියාවත් ගැටයා නොදන්නේය. ඌ ඒවා හොයන්නට ගියේ නැතිය. පන්තියේ තිබු සපත්තුව දමාගෙන සිනහවෙන් සිටියේය. කටින් කුණුහබ්බ පිටවුනාදැයි මට නම් මතක නැතිය.
Written by sAm_9.57pm_24.10.2012
හික් හික්.... //ගැටයා අද තවමත් නොදන්නේ සපත්තුවට මුල් පා පහර ගැහුවේ කවුද කියාය..// ඇත්තටම කවුද?
ReplyDeleteසෑමා විය නොහැකි ද..??
Deleteඒ කවුදැයි සෑමා පවා තවම හොයන්නේය..
Deleteමට මතක නැහැ !
හුටා..! සැමාටත් ලෙඩේ බෝවෙලා..! හයියෝ..හොඳට හිටිය එකාට මොකද උනේ..?
Delete// සපත්තු දෙකම නොදා සපත්තු දෙක අතේ රැගෙන හෝ එන්නට ඇතිය //
ReplyDeleteඉතිං බං එකක් පන්තියේ නම් ඌ අතේ අරන් එන්න ඇත්තෙ එකයිනේ. උඹ තාමත් ඒලෙවල් මානසිකත්වයෙන්නේ ඉන්නෙ.
ඈ බං, උඹ ඉස්කෝලෙන් අස්වීමෙ සහතිකේ ගත්තෙ නැතුව ජොබ්වලට ගියේ, ඔය ඉන්ටවීව් වගේ එව්වදි වත් උන් ඒක ඇහැව්වෙ නැත්ද? මට පේන්නෙ උඹ පස්සා දොරෙන්ද කොහෙද ගිහින් තියෙන්නෙ.
සපත්තු සීන් එකේ වැරැද්ද හැදුවා බං :)
Deleteබලපං මේ ලගදි අස්වීම ගත්තේ. වෙන එවුන්ට අස්වීම දීල ඉක්කෝලෙන් පන්නන්නේ. අපිට ඉල්ලුවත් දුන්නෙ නැහැ නොවැ අස්වීම ;)
දැන් බොහෝ ආයතනවලට අස්වීම/චරිත සහතික වැඩක් නැත. රජයේ නම් තමා ඕනේ !
එච්චරද?
ReplyDeleteතොපි මෙගා ඒවමයි හොයන්නේ
Deleteපවු ඕයි ගැටයා!මොනවා උනත් අහිංසක කොල්ලෙක් වගේය...
ReplyDeleteඔව් පොර අවි-හිංසකයි !
Deleteඅපුරු සිදුවිම් නේ ඔයාටත් වෙන්නේ
ReplyDeletehttp://manasindiviyata.blogspot.com
අපේ ඉස්කෝලේ ගුරුතුමෙක්ගේ පුතෙක් දවසක් තාත්තාගේ සපත්තු දමා පාසලට ආවේ විභාග දිනකය. විභාග ශාලාවේදී පහර ගැනුණු සපත්තුවක් ගුවන් ගත වී විදුලි පංකාවක ගැටී විසි වුයේ එහි නියම අයිතිකාරයා ළඟටය.. අයිතිකාරයාගේ පුතා එතනට ගොස් මොනවාදෝ අසාගෙන සපත්තුවත් රැගෙන ආපසු ආවේත් ගැටයා මෙන් සාමකාමීවය.. ඒ එළ කොල්ලන්ගේ හැටිය. ඒ එළ කොල්ලාගේ තාත්තාත් බාප්පාත් එළය.ඒ රාමා දැක ඇති හොඳම ගුරුවරු දෙදෙනෙකි.... මතක් වූ වෙලාවේ මගේ ආචාරය ...
ReplyDeleteදේවත්වයෙන් අදහන බ්ලොග්ස්පොට් නාමයෙන් මේක සිද්ද උනේ මට නොවේ කියා දිවුරිය හැක..
ReplyDeleteඅනීවාරතේ මඩ ගහන්න එපා යකොව්..
පල යන්න මට මතකයි මේක වුනේ උඹට. නැත්තම් අනිවා ගලයාට !
Delete// මේ සෑමාගේ අත් දැකීම නෙවේය. අනිත් උන් කරනවා ඇස් දෙකෙන් දැක්ක හැටිය. //
ReplyDeleteමේ හැම කතාවකදිම ඒක ලියන එකා බෝපැලයක් වෙන්නෙ කොහොමද ?
පුස්ථකාලය = පුස්තකාලය
වා තලයට මුදා හල = වා තලයට නිරාවරණය
අවසාන වශයෙන්, තොපි මොකද ගැටයව බයිට් එකට ගන්නෙ ? තමන්ගෙ පාඩුවෙ ගානක් හදාගන ඉන්න හින්දද ? අන්න ඌ බ්ලොග්ස්පොට් නාමයෙන් දිව්රලා. හෙට ඉඳලා බ්ලොග් නැතුව ගියොත්, අම්මපා සෑමො අපි උඹව පණ පිටින් වළඳනවා. සත්තයි..
මාත් එනවා සපෝට් එකට... බ්ලොග් වල නාමයෙන්... හි හි...
Deleteමාව වළදන්න නම් උබලට පතරංග හැලි වලං ගේන්න වෙයි යකෝ..
Deleteඔය ගැටයා කියන එකා පුළුවන්නම් දිවුරයි ඇස්.බී මාමා නමින් වුනත්. මොකද ඕකා තරහ කාරයෝ නමින් අනන්තවත් දිවුරනවා !
බොරුනම් අහං ගමේ ග්‍රාම සේවකයගෙන් !
ඔන්න සෑමෝ මට පරණ කතාවක් මතක් උනා.... ඒ අර “ තනි ඇටයා” කෑල්ල දැක්කම...
ReplyDeleteමේක ඉතිං මම බොහොම හොඳින් දන්න, හොඳ පිරිමි ළමයෙකුට වෙච්ච සිද්ධියක්...
මෙයා හොඳ ළමයා වගේ හැමදාම ජිම් යන කෙනෙක්.. ඔව් ඔව්.. ජොබ් එක ඉවර වෙලා හවසට තමා ජිම් යන්නේ...
දවසක් අපිට ( ඒ කිව්ෙව් මට) ආරංචියක් ආවා කොල්ලා ඉස්පිරිතාලේ කියලා... දැං ඕක ගැන කතා කරන හැම එකාම මූට මොන මඟුලක් වෙලාද කියලා කාටවත් කියන්නේ නෑ..
ඒ පාර මට කටපාඩම් වෙච්ච උගේ මොබයිල් නොබ්බරේට කෝල් එකක් ගත්තම අෙන් ඌ ලැජ්ජාව පැත්තක තියලා මට විස්තරේ කිව්වා.. මොකද පොර මගේ හොඳ ෆිට් එකක්...
මූ බිම වාඩි වෙලා හති ඇර ඇර ඉන්න කොට අර වේට්ස් කරන සෙට් එකෙන් එකක්, එකෙක්ගේ අතින් බිම වැටිලා.. අනේ වැටිලා තියෙන්නේ............
ඉතුරු ටික හිතා ගත්තෑකි නොවැ....
එදා ඉදලා තනි ඇටයා....?
Deleteහරිම සංවේගජනකයි....:')
අපොයි හිරූ.. මගෙත් හිරිවැටුනට ඔය කතාව ඇහුවම :-0
Deleteහිරූ,
Deleteඅම්මෝ හිරි වැටුන බන්
හතුරෙකුටවත් එහෙම වෙන්න එපා
අමතක උනා.... අර අස්වීමේ සහතිකේ මම තාම ගත්තේ නෑ බං... දවස් තුනක් ගියා... මොන.. එක්කෝ ටීචර්ලා නෑ.. නැත්තම් ප්‍රින්සිපල් නෑ.. මම වැඩේ අතෑරියා... ඔහොමත් හාෆ් ඩේ ගන්න දෙනවයැ ජොබි කරන තැන් වලින්...
Deleteආ.. අර කොල්ලට ඒ තරම් අවුලක් උනේ නෑ... උගෙ හොඳ වෙලාවට කකුලට වැටිලා සැර බාල වෙලා තමයි එතනට වැටිලා තියෙන්නේ... ඒකෙන් මාස හයක් විතර බේත් කරලා පරම්පරා කුට්ටම බේර ගත්තා කියලා තමයි කිව්වේ...
මගේ *ටේ කීරි ගැහුන ඒ කතාවට! ජාති ජාතිත් හතුරෙකුටවත් මෙවන් විපත් නොම වේවා!
Delete//.....ඒවා මැදින් කුඩා සිදුරක් හදාගෙන පත්තරය උස්ව තබාගෙන සිදුරෙන් ගැස්සෙන පැද්දෙන හැරවෙන කකුල් බැලිය හැකිය. මේ සෑමාගේ අත් දැකීම නෙවේය. අනිත් උන් කරනවා ඇස් දෙකෙන් දැක්ක හැටිය.//
ReplyDeleteඒක දැක්කෙත් පත්තරේ හිල අස්සෙන්ද.... :P
පත්තරේ හිලක් අස්සෙන් බැලුවොත් මූණු FOCUS වෙන්නෙ නැහැ බං.. :)))
Deleteහිකිස් :D ඔය වගේ වැඩ දැනුත් වෙන්වා මම හිතන්නේ :D :D :D :D :D
ReplyDeleteකොයි වැඩ?? පත්තරේ හිල් හදන එක ?
Deleteසපත්තු සෙරප්පු ගලවන උන්ට ඔවුවා හොඳ පාඩම් මං නම් කියන්නේ... (මොකෝ මාත් තාමත් කරනවා නෙව ඔවුව :D)
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඒක තමා පන්සලකට ගිහින්වත් සෙරෙප්පු ගලවන්න එපා කියන්නේ :)
Delete//ගැටයා අද තවමත් නොදන්නේ සපත්තුවට මුල් පා පහර ගැහුවේ කවුද කියාය. ඒ අතර කොරිඩෝවට විසික් වූ සපත්තුව පන්තියට දැමුවේ කවුද කියාවත් ගැටයා නොදන්නේය.//
ReplyDeleteඔය කිසිම වැඩකට සැමා සම්බන්ධ නැතිලු.. අහිංසක ලෙස පත්තරේ හිලෙන් බලා සිටියා පමණලු..
උඹ හීන් මඩක් ගහලා නේද සෑමාට !
Deleteඋඹ මගේ බ්ලොග පැත්ත පළාතේ නේන නිසා මම මේකට ආවේ නැත .ආවේ වැරදිලාය. කියෙවුවේද නැත.. කියෙවුවෙ වැරදිලාය. එහෙම කියෙවුවත් ලියන්නේ නම් නැත.. අපොයි එකත් වැරදුනා..
ReplyDeleteබොරු කියන්න එපා යකෝ... මම ආවා.. ගියා..
Deleteමම නම් හිතුවෙම වෙන මොකක් හරි කියන්ට යනවා කියලාය. :D
ReplyDeleteවෙන මොනා කියන්නද?
Deleteඅහිංසක ගැටයා..
ReplyDeleteදහං ගැටයා !
Deleteපත්තරේ හිල අස්සෙන් වෙන හිල් බලන්න යනවා,
ReplyDeleteඉකේයියා........... කක්කා ළමයි
අඩේ සැමෝ අනිවාරතේ මඩ ගැසීම නුසුදුසුය. ගැටයාගේ බ්ලොගේ ඕක දමා ගැටයා නාමය සැමා ලෙස රිප්ලේස් කරන්න. වැඩේ ඒ තරම්ම ෂුවර්ය... අපි නොදන්න සැමා නොවැ.
ReplyDeleteඇත්ත නේ සපත්තු දාන්න බැරිනම් නොදා ඉන්න ඕන. සමහර උන් ඕක ගලවලමයි ඉන්නේ. ඉතින් නානවා.. ලංකාවට නොගැලපෙනම දෙයක්. මොනවා කරන්නද. මටනම් කළු රබර් සෙරෙප්පුව තමයි කවදත්. (ඔෆීස් නැති වෙලාවට.)
ReplyDeleteපව් බං උබල ගැටයට දීලා තියෙන වදයක්... වංගියක් ඉබ්බෙකුත් කලිසමට දාලා ලොක් කළා නේද ...
ReplyDeleteඑතකොට සෑමා පත්තර අස්සෙන් බැලුවෙම නෑ. පත්තර නැතුව එළිපිටමද බැලුවෙ?
ReplyDeleteඉස්සර ක්ලාස් වලත් ඔහොම සපත්තු පයින් ගහලා ඉස්සරහට යවනවා. අන්තිමට ක්ලාස් එකේ සර් ගාව තමා ගිහින් නවතින්නෙ
ReplyDeleteගැටයා පව් බොල.... සෑමා පුස්ථකාලය නොව පුස්තකාලය ලෙස නිවැරදි විය යුතුයි..
ReplyDeleteබොලාගෙ පාසලේ දැරිවියො ඉන්නවා නේද... අන්න උන් සම්බන්ධ රසවත් මතක එහෙම නැද්ද ?
අපේ එකාලා කලේ සපත්තුව කකුලේ තියෙද්දීම අනික් එකාගේ සපත්තු ලේස් එකේ හරි ඩෙස් එකේ හරි පුටුවේ ගැට ගැහීමයි.. වැඩි හරියක් මේ සීන් එක සිද්ධ වෙන්නේ ඉස්කෝලෙ ඇරිල ගාථාව කියද්දි (කිව්ව ගාථාව මතක් වෙන්නේ නෑ).. දුවන්න රෙඩි වෙලා ඉන්න උන්ට මෙලෝ සිහියක් නැති හින්ද ගාථාව ඉවර වෙච්චි ගමන් පණ කඩාගෙන දුවන්න පටන් ගන්නවා.. එතකොට ඩෙස් පුටු එහෙම ඇදගෙන දුවන්න ගිහින් එක්කො බිම.. යාන්තං බිත්තියක් හරි ඒවගේම දුවන එකෙක්ගේ හරි ඇගේ එල්ලුනොත් බේරුනා.. නැත්තං සොරිම තමා..
ReplyDeleteකොයි විදිහට වැටුනත් කුණු හබ්බ නොකියූ එකෙක් නං නෑ වගේ.. හිකිස්...
ගොඩක් ඉස්කෝල වල කිව්වේ යෝවාද තම්පාව ගාථාව නේ ඒකම ද?
Deleteඅපේ කිව්වේ බුදු සරණ වේවා කියලා එකක්
Deleteහා ඔව්. මම ගිය එක ඉස්කෝලෙක එහෙමත් කිව්වා.
Deleteඅපේනම් තිබුනේ සපත්තු ගලවලා ඇතුලට යාමේ නීතියක්
ReplyDelete+++
Deleteඒත් එලියට එද්දි අනිවා මිසිං
අපි නම් සපත්තු ගත්තොත් ෆුට්බෝල් පාරවල් ගහල තමා අරින්නේ. කොයි කොන් වල හිටීවිද එකෙක් දන්නේ නෑ.
ReplyDeleteෂික්..සැමාගේ යාලුවො..(ඉස්කොලෙ)කරන බ්ලොග් එකක් තියේනම් කියව්...!
ReplyDeleteමූටත් මඩ ගහන්න කවුරුහරි ඉන්න එපායැ..!
ගැටයා පවූඌඌඌ
ReplyDeleteසෑමෝ උඹ ලඟදි ඉස්කෝලෙන් අස්වුන එකෙක් කියල මට නං හිතුනෙ මුලදිමයි. හිහ් හී.......:)
ReplyDeleteමේක කියවන විට දුක සිතෙන්නේ සෑමාගේ මතකය ගැනය...
ReplyDeleteපොඩිකාලෙත් මෙයාලා ගන්නම දෙයක් නැත.
ReplyDeleteඔය කොරලා තියෙන්නෙ!
ReplyDeleteඋඹ දන්නවද පත්තරවල හිල් හදාගෙන කපල්ස් කරැන්නෙ මොනවද කියලා බලාගෙන ඉන්න කට්ටියක් විහාරමහා දේවී පාක් එකේ හිටියා ඉස්සර.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අපේ එකෙක් ටොයිලට් එකේ ශරීර කර්තව්‍ය කරන්න ගලවපු කලිසම ටෝයිලටේ එකේ කවුළුවඋඩ තියල තිබ්බ.කලිසමේ භාගයක් පිටට පේනවා, ඉතුරු භාගේ ඇතුලේ. අසමජ්ජාති උගෙත් යාලුවෙක් වෙච්ච, මගෙත් යාලුවෙක් වෙච්ච එකෙක් කලිසම උස්සල ඇතුලේ හිටිය එකා පැය භාගයක් විතර ඇතුලේ තියලා තිබ්බ. ඇහුවාම කිව්වා උ "උඹල කලිසම දුන්නේ නැත්තම් ස්කොලේ ඇරෙනකම් ඉඳල ගුරු මෙසේ රෙද්දක් හරි පටලාගෙන ගෙදර යනවා කියලා. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteශුවර් එකට උඹම තමයි ඉස්සෙල්ලම පයින් ගහලා සපත්තුව විසි කරන්න ඇත්තේ.. අපි නොදන්න සෑමානේ..
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්... ඒත් පවු ගැටයා හෆ්ෆා...
ReplyDeleteඅයියෝ ඉවරද !!!! :( ආතල් එක පටන් ගන්නකොටම කථාව ඉවරයි ........
ReplyDeleteඅපිවත් ඉස්සර පුස්තකාලෙට ගත්තේ නැහැ නේ. ඒ ඇයි බන්..
ReplyDeleteඔය සෑමලගේ ඉස්කෝලෙ පුස්තකාලේ ආශ්‍රිතව ඉන්න කකුල් පද්දන නංගිලා පිලිබද මටත් අත්දැකීමක් හම්බුනා නොවැ...
ReplyDeleteහොද වෙලාවට අදුරන කොල්ලෙක් ඇවිල්ලා බේර ගත්තේ..
චිකේ වල්.... ලු :P
ReplyDeleteසෑම් ලස්සනම අඩවියක්නේ නියමයි නියමයි.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
පව් අසරණයා! ඔයාල නම් හරී.........ම නරක ළමයි.. P
ReplyDeleteඅපේ පුස්තකාල භාරව හිටිය මැඩමුත් අපිට පුස්තකාලෙට එන්න දුන්නෙම නෑ. අපි කියවනවා කියලා. පොත් නෙමෙයි,වල්පල්...
අයියෝ අයියෝ....
ReplyDeleteගැටයා ඉක්මනිනන් තරහ නොවෙන එකෙක් නිසා හොඳයි. නැත්නම් ඉතින් මරාගැනිල්ලක්
ReplyDeleteගැටය ඇල උන නිසාද තනි ඇටය කිවේ ?
ReplyDeleteබ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හච්චෝ......
ReplyDeleteමොනා උනත් සහෝ ඔයාගේ ලියවිලි හෙන අමුතුයි නේ..මාර කලාව..:)
සුනදර පාසල් මතකයන්... අගේට ලියලා තියනවා.
ReplyDeleteමටත් මතක් උනා කතාවක් ඔය සපත්තු ගලෝගෙන වැඩකරන එක ගැන....
ReplyDeleteමම වැඩකරන තැනත් ගොඩ දෙනෙක් සපත්තු ගලෝගෙන තමයි වැඩ කරන්නේ... (මමත් ඇතුළුව හි හි.... මම නම් සපත්තු ගලෝල සමහර වෙලාවට කකුල් දෙකත් relax මූඩ් තියාගෙන තමයි වැඩ!! හි.. හි...)
එක දවසක් වැඩක් උනා.....
මගේ cubical එකට කෙලින්ම ඉස්සරහින් ඉන්නේ පිස්සු පහේ කොල්ලෙක්... ඇත්තටම ඒ කොල්ල නම් පිස්සු පොරක් තමයි.... මිනිහත් ඉතින් අපි හැමෝම වගේ සපත්තු ගලෝගෙන තමයි වැඩ කරන්නේ..... මම මගේ වැඩ ටික චුට්ටක් ඉවර කරලා break එකක් ගන්න පොඩ්ඩක් වටපිට බැලුව.... (එහෙම තමයි අපිට කියල තියෙන්නේ පොත්පත් වල උපදෙස් දීල තියෙන්නේ.....හි හි හි..... - අපි ඉතින් පිලිපදිනවට කරනවා නෙවෙයි ඉතින් ඉබේටම කෙරෙන හින්ද මිසක්!) එකපාරටම අමුතු දෙයක් දැක්ක..
අර කොල්ලගේ කකුල් දෙකේ මොකක් හරි අමුත්තක් දැක්ක... මම ආයෙත් ඇස දෙක ලොකු කරලා බැලුව.... බලනකොට උගේ සපත්තු දෙකට දාගෙන හිටපු මේස් දෙකේ ඇඟිලි පේන තරම් ලොකු හිල් !!
මම ඇස් දෙක ලොකු කරලා බලපු ගමන් මේකාට එක මීටර් වෙලා මිනිහත් බැලුවා... එක පාරටම ඌ කකුල් දෙක හංග ගත්ත..... මගේ මූණ දිහා බැලුන මිනිහට!
මට 'බකස්...' ගාල හිනා ගියා.. මට විතරක් නෙවෙයි උටත් හිනා.. හැබැයි මම සද්ද නොකර හිටියා.... පව් නේ....