Thursday, June 28, 2012

පෙනෙන තරමට එහායින්....




මහ හොරුන්
තක්කඩින්
දැක දැකත්
නොසැලෙමින්

මහ දවල්
වෙහෙලෙමින්
සිසලක්
ගෙන දෙමින්

අත මුදල්
මිටමොලන්
අභිසරුන්
පිට තියන්
ගණු දෙනුත්
සිදුකරයි
විදගමින්
සිසිලසක්

හෙට දිනන
ලොතරැයිය
දහස් දන
රවටමින්
උණු උණුවෙ
විකිනෙන්නෙ
නුඹ යටින්
සැනසිල්ලෙ

වැරහැල්ල ඇදගත්ත
දනන් අතපා දුවන
කාසි නොමදී යනෙන
මිනිසුන්ට බැන වදින
හිගනුන්ට සෙවන දෙන
මැදුම් පිලිවෙත නුඹය

අගනුවර
කැලඹිල්ල
බුද්ධගයා
සැනසිල්ල
එදා - අද
ඇති වෙනස
වැටහුනිද
අද නුඹට

සෑමා දුටු "පිටකොටුවේ බෝ ගහ"

87 comments:

  1. හ්ම්ම්ම්ම්...
    ඇත්ත කතාව ලස්සනට ලීලා තීනවා..
    සෑමා දක්සයා... :P

    ReplyDelete
    Replies
    1. ටැංකු !

      ලස්සන මගෙ අකුරුද ?

      Delete
  2. හැබෑ නේන්නම් කතාව.
    කව්රු හරි එනකම් සෑමා බෝගහ යටට වෙලා ඉඳලා වගේ..

    ReplyDelete
    Replies
    1. මගුලයි එතැන හිටියොත් කාක් බෙටි !

      Delete
  3. සහතික ඇත්ත සෑමෝ.
    ටිකක් රෑ වෙන්ඩ ඔය බෝ ගහ හන්දිය පැත්තේ හිටියොත් තන්හා රතී රඟා වගේ මාර දුවරුත් දැක ගත්තෑකි. ඇවිදින් බලන්ඩකෝ. මම් නම් දැකලත් තියේ !!!

    ReplyDelete
    Replies
    1. ගිණි මද්දහනෙත් ඉන්නව බොල !

      Delete
    2. අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි. මම කොටුවේ අවුරුදු 3 ම ජීවත් වුනා නේ.

      Delete
    3. පිස්සුද බොට? බෝ ගහ යට ඉන්න මම කපුටෙක් යෑ :D :D :D මම හිටියේ තරුණ බෞද්ධ සංගමේ 4 වෙනි තට්ටුවේ. බෝඩිමක

      Delete
    4. මමත් දකිනවනේ ඒ අහිංසක අක්කලාව... :)

      Delete
  4. පිටකොටුවේ බෝ ගහත් පසේ බුදුවරයෙක් වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං. හැමදේම නිහඩව බලා ඉන්නවා.

      Delete
  5. Replies
    1. කවිගේ එරවිල්ල - ගෙරවිල්ල - ලතැවිල්ල නිසා කැලබිල්ල - කැලැඹිල්ල කලෙමි..

      Delete
    2. ඒ විතරක් නෙවෙයි, උඹට සඤ්ඤක වෙන්නෙ නැති ලෙඩක් කොහොමටත් තියනවා. හෙම්බිරිස්සාවද මන්ද?

      විදගමින් සිසිලසක් - විඳගමින්
      වැරහැල්ල ඇදගත්ත - ඇඳගත්ත
      හිගනුන්ට සෙවන දෙන - හිඟනුන්ට

      Delete
    3. ඇත්තම කියන්නම් මචං. සඤ්ඤක අකුරු ටයිප් කරන විදිහ දාපං කෝ.. කී බෝඩ් එකේ තියෙන තැන් දන්නෙ නැහැ.

      තුති !

      Delete
    4. උඹ මොකක්ද පාවිච්චි කරන්නෙ.. යුනිකෝඩ් කන්වර්ටර් එකකින් නෙමේද උඹ ටයිප් කරන්නෙ ?

      මමනම් මාලින්ද කන්වර්ටර් එක..

      ඒකෙ සඳ = sanndha

      ඒවගේ..

      Delete
    5. මමනම් කන්වර්ටර් පාවිච්චි කරන්නෑ. මට ඒක කරදරයි. මම පාවිච්චි කරන්නෙ නිකන්ම, විජේසේකර කී බෝඩ් එක. sinhala tamil unicode ime කියල පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඉන්ස්ටෝල්කරගෙන තියෙන්නෙ. ටොගල් එකක් විදියට වැඩකරන ෂෝට්කට් එකකින් සිංහල ඉංග්‍රීසි මාරුකරනව. මම පාවිච්චිකරන එක ගත්ත තැන හරියටම මට මතක නෑ. මම හිතන්නෙ පල්ලෙහා ලින්කුවෙ තියෙන්නෙ ඒක. ඔතන තියෙන ඒවයින් වින්ඩෝස් 7 වලට තියන එක මම අරගත්තෙ. ඒක ඉන්ස්ටෝල් කළාම sinhala Keyboard Layout එක බලාගන්න පුළුවන්. තව Help වල වෙනමම pdf file එකක් තියනව සිංහල අකුරු ටයිප්කරන හැටි උපදෙස් දෙන.

      http://www.siyabas.lk/sinhala_how_to_install.html

      Delete
    6. මාත් කන්වර්ටර් පාවිච්චි කරන්නෑ. මමත් පාවිච්චි කරන්නෙ නිකන්ම, විජේසේකර කී බෝඩ් එක. DDT කියන එකම තමා මාත් පාවිච්චි කරන්නේ.
      *** ඒත් ඔය ස‍ඤ්ඤක අයිටම් ගන්න හැටි මම දන්නෙ නැහැ. :(
      ඒකට ලේ අවුට් එක භාවිත කරන්න වෙනවා :((

      @සෙන්නා - ඔය කන්වර්ටරේ මාත් දැක්කා ඒත් ඒ කොටන විදිහ පට්ට අමාරු නැද්ද මචං. ?

      Delete
    7. සැමා අයියේ මම නම් alt key එක ඔබාගෙන අදාල සඤ්ඤක අකුර ටයිප් කරනවා

      Delete
    8. @ සෑම්,
      ගැමිය කියන විදියට තමා බං සඤ්ඤක අකුරු ගන්නෙ. උඹත් යූස් කරන්නෙ මම පාවිච්චි කරන එකනම් වැඩේ ලේසියිනේ බං. ඔය පල්ලෙහා ටාස්ක් බාර් එකේ show hidden icons බට්න් එක ක්ලික් කලාම එන කොටුවෙ sinhala tamil unicode IME කියල තියෙන අයිකන් එක ක්ලික් කරාම උඩින්ම එන්නෙ Keyboard Layout එක. ඒකෙ රතුපාටින් තියනව Alt කී එකයි අනික් සඤ්ඤක අකුරුයි. නැත්නම් ඒකෙ Help වල තියනව සඤ්ඤක අකුරු, බැඳි අකුරු ටයිප්කරන හැටි. කම්මැලි නැතිව ටිකක් ඔබල බලපං කෝ, මම කිව්වෙ කී ඔබන්න කියල, හරිය.

      Delete
    9. ඕල්ට් එක්ක ගැහුවට එන්නෙ නැහැ මචං :(

      ටාස්ක් බාර් එකේ show hidden icons බට්න් එක ක්ලික් කලාම වි' යන්නක් තියෙනවා ඒක උඩ ක්ලික් කලාට කී බෝඩ් එක එන්නැහැ :(

      දෙමල අකුරක් තියෙනවා ඒක උඩ ක්ලික් කලාම එනවා දෙමල කී බෝඩ් ලේ අවුට් එක...

      ඇයි බං මටම මෙහෙම තාක්ෂනය හිරිහැර කරන්නේ :(

      අනේ ස්තුති මචංලා..

      Delete
    10. මචං, උඹ පාවිච්චි කරන එකේ වර්ශන්එක වෙනස් ද කොහෙද. මගේ සිංහල දෙමළ වෙන වෙනම නෙවි තියෙන්නෙ. දෙකටම එක අයිකන් එකයි. ඒක නිල්පාට කොටුවක සුදු පාටින් ලියපු ‘ක‘ අකුරයි දෙමළ අකුරකි තියෙන්නෙ. උඹ Alt කී දෙකෙන්ම ට්‍රයි කළාද? මගෙත් ඩිෆෝල්ට් සෙට්වෙල තියෙන්නෙ දකුණු පැත්තෙ Alt කී එකට, වම් පැත්තෙ Alt කී එකත් එක්ක සඤ්ඤක වෙන්නෙ නැහැ.

      Delete
  6. පෙනෙන දේයි දකිනදේයි බලන විදිහයි අතරේ ඇති වෙනස. අපූරුයි සෑමෝ උඹ ඒක ලෝකෙට කියපු විදිහත් වටිනවා කියලයි මට හිතුනේ. ඉතින්... ජය.. !

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔතන ගැන සෑහෙන්න කතා අහල තියෙනව..........

    ReplyDelete
  8. ඔන්න .. අර හිටපු මිනිස්ටර් සමරවීර නැති එකේ අඩුව. මිනිහ හිටියනම් බෝ ගහ වටේට ඩෝසර් කරල දානව. එහෙනම් ඔය මොකෙක්වත් නෑ ගහ වටේ උඹලට කවි ලියන්න. ගහ විතරයි. එයාගෙම ගම් පැත්තෙ හිටපු මිනිස්ටර් විජේසේකර හිටියනම් ගහත් නෑ. (කට්ටියට මතකද මන්ද සීන් එක)

    ReplyDelete
    Replies
    1. කඩවල් කඩපු සීන් එකද බං ?

      Delete
    2. ඇයි යකෝ උඹ නැවෙන් බැස්සෙ ඊයෙද? නාගරික සංවර්ධනේ දුන්න ගමන් මංගල උන්නැහැ ඔය කඩවල් ශුද්ධකරන් ගිහින් අර බොරැල්ලෙ බෝගහක් ළඟ ඩෝසර් කරන්න ගියේ රාත්තිරියෙම. ඊළඟට වන සංරක්‍ෂනේ හම්බවුනාම විජේසේකර උන්නැහෙ අවුරුදු සිය ගනන් පරණ ගස් හිටන් කපල සංරක්‍ෂණය කරේ.

      Delete
    3. ඒක තමා බොල ඇහුවෙ කඩවල් කඩපු සීන් එකද කියලා ;ඪී

      පට්ට පට පට !

      Delete
  9. කාලෙකින් සැමා පවුලේ සැමට එකක් දාලා

    ReplyDelete
    Replies
    1. ඈ යකෝ කාලෙකින් කියන්නේ ??

      හැමදාම පවුලේ සැමට අවුලේ බලන්න පුලුවං ඒව තමා මම දාන්නේ

      Delete
  10. සැමාට වට පිටාව ගැන කැක්කුමකුත් තියනවා එහෙනං... උබ හොඳ එකෙක්

    ReplyDelete
    Replies
    1. වටපිටාකැක්කුම - eniviroache

      හෙන්රියා දැක්කොත් විනාසයි. පොර ඉංගිරීසිකාරයානේ ;)

      Delete
  11. පට්ටයි. ඇපල් වෙලෙන්දෝ විතරයි අඩු! :)

    henryblogwalker the Dude

    ReplyDelete
  12. ඇත්ත ඇති සැටියෙන්.. නියමයි..

    ReplyDelete
  13. ඔය බෝ ගහ ලඟ බෝම්බයක් පිපුරුවා නේද? ඒ වෙලාවෙ අපේ නැන්ද කෙනෙක් නැති උනාලු..ඒක හරිම දුක හිතෙන කතාවක්.......පිටකොටුවෙ බෝ ගහ කියද්දි මම දන්නෙ ඒ කතාව විතරයි....

    ReplyDelete
    Replies
    1. :(

      හපොයි.. මට ඒක මතක් වුනා.. දැම්මෙ නැහැ..

      Delete
  14. ඔතනටයන්නඕනෙ පාන්දරටයිසෑමෝ,කොළඹට දවසපටන්ගන්නෙ ඔතනින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක සිරා කතවා.. ඇත්ත තමා...

      Delete
  15. අද කවි ලියලා තියෙන්නේ මෙත් සිත් තියන අයට. ලස්සනයි. :D

    ReplyDelete
    Replies
    1. මෙත් සිත් වගේම කම්ප්ලෙක්ස් සිත් ඇති අයටත් ගැලපේ !

      Delete
  16. ඕක සැමා විතරක් නෙමෙයි හැමෝටම පේන දේ . ඒත් මෙහෙම හිතුනෙ සැමාට විතරයි පේන දේට වඩා හිතන්න ලැබෙන එකත් වාසනාවක්.


    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියවල කමෙන්ට් එක තේරුම් ගත්තෙ බොල.

      ස්තුති ඕං !

      Delete
  17. පංකාදුයි මලේ....

    ReplyDelete
  18. ඉඳ සොඳින
    අතු පතර
    යට සිටින
    දනන් වෙත
    වසුරින් සංග්‍රහ කරන
    කාක රැල නොදුටුවෙද
    මලණුවනි පොඩි සෑම

    ReplyDelete
    Replies
    1. ඒකත් පට්ට.. මට මිස් වුන තැනක්.. :)

      Delete
  19. අමුතු කවියක්....!!!

    ReplyDelete
  20. හ්ම්.... මතක ඇති කාලෙක ඔය පැත්තට ගිහින් නෑ.වැඩිය ඔය පැත්තට යැවෙන්නෙත් නෑ නෙ.
    මොනවා වුනත් මරු කවිය සෑමෝ...

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ යන්නම ඕනෙද නිසුපෝ මතක් වෙන්න. :)

      මම ඔතනින් යද්දි (සතියකට කලින්) හිතුන දෙයක් මේ. වටේ පිටේ සද්ද නැතුව, හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ඔබාගෙන බස් එකේ යන්න. මාර අදහස් එන්නේ :ඩී

      Delete
  21. අනේ හැබෑටම ඇත්ත නෙවෙන්නම්....

    ReplyDelete
  22. සෑමාගේ මේ වෑයම අති සාර්ථක බව මගේ අක්මාවට වැටහුනි.... කවුරැවත් එතරම් නොතකන ඉසවුවක් කරා අප ගෙන යාමට මෙවන් නිර්මාණ බිහි කිරීමෙන් සෑමා සමර්ථ වී ඇත. ජය!

    ReplyDelete
    Replies
    1. අක්මාවෙද බං මොලේ..?

      සිරාටත් ජය !

      Delete
  23. උඹටත් හිතෙන දේවල්.. ඔය බෝගහ තාම තියනවද බන් ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං නොසැලී තියෙනවා !

      Delete
  24. විශිෂ්ට නිර්මාණයක්....

    ReplyDelete
  25. ඕක හැමෝටම නොපෙනෙන එක තමයි මචන් ප්‍රශ්නෙ

    ReplyDelete
    Replies
    1. පෙනුනෙ නැතත් හිතන්නෙ නැහැනේ මචං..

      Delete
  26. මොනදේ මොනවා වුනත් බෝ ගහ එදා වගේම අදත් වැඩ ඉන්නවා. සමාජේ තමයි වෙනස් වෙන්නේ. බෝ ගහ ඒවා දිහා නිහඬව බලං ඉන්නවා. ගොඩක් දෙනෙක් බෝකොල හෙවනෙන් සැනසෙනකොට තවත් සමහරු ඒ හෙවනම වෙන වෙන දේවල් වලට යොදා ගන්නවා. යතාර්ථය දකින කවියක් සෑම් ලොක්කා.

    ReplyDelete
  27. හොද නිර්මාණයක්

    ReplyDelete
  28. අඩේ මම දන්නේ නෑ නේ බං ඔය ගහ ගැන :/
    අපි ඉතින් ගැමි කොල්ලෝ නෙව :ප

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං පොටෝ කැල්ලක් වත් හම්බුනේ නැහැනේ.

      මේ පැත්තේ වරෙං මචං පුබුදුවෝ කොළඹ පෙන්නන්න :ඩී

      Delete
  29. බලපං ගූගල් දෙයියෝ මට පොටෝ එකක් වත් හොයල දුන්නෙ නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. // මම ඔතනින් යද්දි (සතියකට කලින්) හිතුන දෙයක් මේ //

      යකෝ ගූගල් දෙයියො කම්මැලියන්ට උදව් කරන්නෑ... උදේ හවා ඔය අහ යන තොට ෆෝටෝ කෑල්ලක් ගන්ඩ බැරි වුනාද ? දඩ ගහන ඒවනම් පැනලා අරගනියි...!

      මේක කැත හිත් වලට ලියපු එකක්ද බන්.. එක්කො මගෙ හිත හොඳටම පිරිසිදු වෙලා, නැත්තම් උඹ වෙන මොකක් හරි මගුලක් ලියලා තියෙන්නෙ.. පොඩ්ඩක්වත් කැත හිතුන්නෑනේ බන්..!

      Delete
    2. පොටෝ ගහන සීන් එකට ටිකක් බයයි බං. මේ ලගදි අපේ කොල්ලෙක්ට වුන වැඩක් නිසා.

      පොර ගෙයක් හදන සීන් එකේ ඉන්නේ මේ ටිකේ. ලගදි ලස්සන ගෙයක් දැකල අතුරුගිරිය පැත්තේ. පොර බයික් එක නවත්තලා පාරෙ ඉදන්ම හෙල්මට් එකේ වයිසරේ වහගෙනම පොටෝවක් ගහලා. සතියකින් පොලෝසිය ගෙදරටම ඇවිත්. පොර කියනවා පොටෝව ගහනවා කවුරුත් දැක්කෙ නැතිලු. ඒත් ගෙදර සී.සී.ටී.වී කැමරා සීන් එකක් තිබිල. බලනකොට ගෙවල් අයිතිකාරයා පොලිස් ලොක්කෙක්ලු.

      *යාළුවා ස්ටෝරිය ඉවර කරන ගමන් කිව්වේ.. "අනේ මචං ඕක නම් බ්ලොග් එකේ දාන්න එපා කියලා"

      Delete
  30. වෙනස්ම ඇහැකින් ලෝකය දකින්න පුළුවන් කියන්න මෙන්න කතා.. තුති සෑමෝ

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. සිරා කවිය මචං. බෝ ගහ දැක්කම අපිට හිතෙන්නේ පිං කැටේට කාසියක් දන්න්න විතරයි නේ. මෙහෙම අදහස් එන්නේ ඉතිං සෑමට විතරයි.

    එළ !!

    ReplyDelete
    Replies
    1. අම්මේ උබට කැටමයි මතක් වෙන්නේ :)

      ජය !

      Delete
  33. තවමත් නිහඬව බලාගෙන ඉන්නවා වගේ.. වෙනසක්..!
    උපරිමයි..!

    ReplyDelete
  34. හැමදාම දකින කුකුළගේ කරමල සුදුයි කියන්නා වගේ....
    බෝගහ සැමාගෙ ඇහෙන් දකිනකං ඔහොම එකක් හිතුනේ නෑනේ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  35. යතාර්ථය ගැන අපුරුවට පෙන්වා දෙන කවි පෙළක් සැමා මල්ලී

    ReplyDelete
  36. අද නම් පවුලේ සැමට සැමාගේ කවි පොඩ්ඩක් ලැබුනා... පුදූමයි...

    ඇත්ත කතාව සැමෝ කියලා තියෙන්නේ... කවියෙන් කියපු හැටි අපූරුයි

    ReplyDelete
  37. 1987 අප්‍රේල් මාසෙ ඔතන ලොකු බෝම්බයක් පිපිරුවා. වැඩ ඇරිල යන මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් බෝම්බෙට අහු උනා යන්තං පණ බේරුනා. එතකොට ඇය 5මස් ගැබිනියක්.

    ReplyDelete
  38. පෙනෙන, දකින, හිතන විදියේ වෙනස..
    මැක්සා මචං..!

    ReplyDelete
  39. හ්ම්ම්..හේතුව.., සමාජය වෙනස් වෙලා..බෝ සමිඳු තාමත් පෙර පරිදිම නිහඬව වැඩසිටිනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...