Thursday, June 21, 2012

අපි අමාරුවෙන් ගොඩ ආපු කොල්ලෝය.


මේක කාන්තාවන්ට ඇලජික් පෝස්ටුවක් විය හැකිය. ඒත් මනාප ඇත්තියෝද සිටිය හැකිය. මේ සියළු කොල්ලන්ගේ අමිහිරි අතීතයක් ගැනය. ඒ කෙල්ලෝ නිසා අසරණ වු අවස්ථාවක් නෙවේය. හුදෙක් තාක්ෂණය සමග ගැටීමේදී සිදුවූ මතකයන්ය. විටෙක අමිහිරිය, බොහෝ විට මිහිරිය.

මීට පෙර සෑමා කොත්තා සමග ඔට්ටු ඇල්ලූ සාලිය නයිට් රයිඩර් සර්කිට් එක ගහපු හැටි ලිව්වේය. (මෙතැනින් බලන්න) එය සෑමාගේ බ්ලොගේ හරියටම හත් වෙනි පෝස්ටුවය. ඉන් පසු මෑත භාගයේ සරාගේ ලෝකයේ සරත් දැම්මේද ඉලෙක්ට්‍රොනික් පෝස්ටුවක්ය. එය දුටු සෑමාට සිහිවුයේ කටුක අමිහිරි අතීතයක්ය. එය මෙසේය.

සෑමා පොඩි කාලයේ වයර්, ඇණ මුරිච්චි සමග ගත කලේය. පොත් තබන මේසය පුරා පොත් වලට වැඩියෙන් තිබුනේ යකඩ බඩුය. සෑමාට අම්ම බැන්නේද කොයි වෙලේ හරි ඔය යකඩ කම්මලත් සමග ගෙදරින් පන්නනවා කියාය. ඒ කරන්ට් එකට අත ගසන නිසාමය. සෑමා 3 වසරේ දී නිල් වෙන්න කරන්ට් වැදුන කොල්ලෙක්ය. පැයක පමන කාලයක් සිහි නැතිව සිටියේය. ඒ අපේ නිවස හද කාලයේ කරන්ට් ලීක් වීමක් නිසාය. ඉස්කෝලෙ ඇරී නිවසට ආ සෑමා අම්මා සමග ඉහල මාලයේ බාස් අංකල්ලා වැඩ කළ සැටි බලන්නට ගියේය. එවිට අංකල්ලා කෑමට ගොස්ය. පොලොව පුරා වතුරය. ඒ ටෙරාසෝ දමන නිසාය. සෑමා කාමරයකට රිංගා යකඩ ඩ්‍රිල් එකක් අල්ලා ඇත්තේය. අම්මා නොදැන සෑමා බොහෝ වෙලාවක් එහි ඇලී සිට ඇත්තේ කරන්ට් ලීක් එකක් නිසාය. ඉන්පසු ඉස්පිරිතාලේ ගෙන යන අතරතුර සිහි එලැබ නැවත ගෙදර ගෙන විත් ඇත්තේය.

ඉන්පසු ඉලෙක්ට්‍රොනික්ය.

පහ, හය වසර වලදී සෑමාට පරණ විෂය නිර්දේශයේ විද්‍යා පොත් සෙට් එකක් ලැබුනේය. ඒවා සෑමාගේ තාත්තාගෙන් උස්සපුවාය. මතක හැටියට පරණ නිර්දේෂයේ නවය සහ දහය ශ්‍රේණි වල ඒවාය. එහි සුළු ප්‍රමාණයේ ගැජමැටික්ස් ගැන තිබ්බේය. බැටරියක ඇති කාබන් කුඩු භාවිත කර කන්ඩෙන්සර් මයික් එකක් සෑදීමේ ක්‍රියාවලියක් පවා තිබ්බේය. සෑමා එය සාදා බැලුවේය. තව එක එක ඒවා තිබ්බේය. ඒ අතර සෑමා සතුව 'සෙනිත්' එකේ සර්කිට් පොත් සෙට් එකක්ද විය. ඒවා සෑමාගේ අයියා භාවිත කළ ඒවාය. ඒ කාලේ හදපු එල්.ඊ.ඩී ලයිට් දෙකක් නිවි නිවි පත්තුවෙන සර්කිට්ටුව සෑමාට තාම මතකය. එල්.ඊ.ඩී 2යි, C828 ට්‍රාන්සිස්ටර් 2යි, 100uF කැපසිටර් යි, 22k රෙසිස්ටර් 2යි සෑමාට අමතක නොවන්නේමය. පසු කලෙක D400 ට්‍රාන්සිස්ටරයද එක්ව බල්බ් 30ක බුදුරැස්මාලාවක් තැනුනා සෑමාට මතකය.

සෑමා ඒ කාලේ ගියේ ගමේ ඉස්කොලෙටය. ගමේ සර්කිට් බඩු ගන්නට කඩයක් නැතිය. සෑමා ඉස්සර අයියා පාසැල් ඇරී එනතුරු බලා සිටින්නේ සර්කිට් කැබලි රැගෙන එනතුරුය. ඒ පොර කොළඹ ඉස්කෝලෙට ශිෂ්‍යත්වෙන් ගිය නිසාය. අපි ඒ කාලේ වැඩි භජනයක් නොමැත. විටෙක පොර සර්කිට් බඩු ගෙනවිත් එක එක ඒවා හදන්නේය. සෑමාද ඔළුව දමන්නේය. සමහර දිනෙක ලුණු කුඩු සහ මිරිස් කුඩු මිශ්‍රව ගෙනෙන දිවුල් ගැට වලට සෑමා සේම, සෑමාගේ අක්කාද මනාපය.

එල්.ඊ.ඩී බල්බ් (Light Emitting Diode - ආලෝක විමෝචක ඩයොඩ)


මලකඩ කාපු පින් සහිත බල්බ් දැම්මාට ගණන් ගන්න එපාය. ඉස්සර අපිට තිබ්බේ මේවාය. අනික මෙහෙම පින් කෙලින් ඒවාට වඩා තිබ්බේ ඇබරිලා ගිය පින් සහිත බල්බ්ය. ඒ පුංචි සර්කිට් වයර් සමග ඇඹරීම නිසාය. නැතොත් තව බල්බ් එකක පින් එකක් සමග ඇඹරීම නිසාය. පාදයේ දිග කොට අනුව +/- සොයා ගත්තද පින් කැඩුනහොත් +/- සොයා ගත්තේ බල්බ් එක පැත්තේ තිබුන කඩතොලු ව නිසාය.


මේක ඒ කාලේම ආපු එකක්ය. පින් තුනක්ය. වරණ දෙකක්ය. මෙය අතට ලැබුන මුල් කාලේ නම් සෑමාට පට්ට මැජික් එකක් විය. පොදු එක ධන අග්‍රයක් තිබියදී අනිත් අග්‍රය සෘණය.

මේ සියල්ල මැද්දේ පණ මෙන් ආරක්ෂා කරපු බල්බ එකක පින් එකක් අග්ගිස්සෙන්ම කැඩී ගිය අවස්ථා බහුලය. එවන් බල්බ විසික් නොකර අමාරුවෙන් හෝ කාලයක් පත්තු කළ අවස්ථා එමටය. ඒ සෑමාට පෑස්සුම් යන්ත්‍රයක් (බවුත් එකක්) ඒ කාලේ නොතිබුන නිසාය. මුල්ම උපකරණය අ‍ප නිවසට ගෙන ආවේ සෑමාගේ අයියාමය. ඊට පෙර අපි භාවිත කලේ මිට ගැසු බයිසිකල් ස්පෝක් කම්බියක්ය. එය ලාම්පුවක තබා රත් කර ක්ෂණිකව ඊයම් සමග තැබිය යුතුය. දිනක් සෑමාගේ අයියා එවන් බවුත් එකක් රත් කරගෙන නිවස ඇතුලට දිව එද්දී අපේ මහප්පාගේ දුව (සෑමාට අක්කා) හරහට පැන අත දිය බුබුලු එන්නට පුච්චා ගත්තා සෑමාට මතකය. ඒ සෑමාගේ අයියා අම්මාගෙන් නොසෑහෙන්න ගුටි කෑ නිසාය.

බැටරි
මෙහි ඇත්තේ බැටරියක් නොව බැටරි කේස් එකක්ය. ඉස්සර බල්බ් එකකට වයර් අමුනා බැටරි අග්‍ර දෙකේ අල්ලාගෙන සිටීම තරම් අපහසු වැඩක් නැත්තේය. ධන අග්‍රයට හැට්ට කට්ටක් සිර කර වයර් එක ඇමිණිය හැකිය. එසේ වුවද සෘණ අග්‍රය වයර් එකට යට කොට තැබිය යුතුය. එසේම බැටරි එක මත එක තැබීම කළ යුතුය. ඒ එල්.ඊ.ඩී බල්බයක් දැල්වීමට අවම බැටර් 2ක් අවශ්‍යය නිසාය. එසේ බැටරි එක උඩ එක තැබීම හරියට ලංකා බැංකු ගොඩනැගිල්ල වගේය. බැටරි එක මත එක තැබීමේ පහසුවට බැටරි මැදට තබා කාඩ්බෝඩ් කැබැල්ලකින් එතීම පහසුය. එසේ ඔතා රබර් පටියක් දැමීම සිරිතය.

ඉස්සර සෑමාට තඩි බැටරි කැබලි නොමිලේ ලැබෙන්නේය. ඒ මහප්පාගේ නැෂනල් රේඩියෝවට දමන කැබලි 5න්ය. මසකට වරක් ඒවා අලුත් කරන නිසා සෑමාට රජ මගුල්ය. ඔය අතර සෑමාගේ අයියා පවර් පැක් 1ක් ගෙනාවේය. එය 1.5 - 12 දක්වා වෝල්ට් පරාසයක් සහිතය. එහෙත් බැටරි දැමීම පෝටබල් නිසා සෑමා බැටරියට පෙම් බැන්දේය.

බැටරි සමග බැටරි කේස් එකක්.
ටෝච් බල්බ්


ටෝර්ච් බල්බ් එක තරම් වදකාර බල්බ් එකක් ‍සෑමාට නොතිබ්බේය. ඒ බැටරියට වයර් හයි කරනවා සේම අපහසු නිසාය. එක වයර් එකක බල්‍බයේ බද වටා එතිය හැකිය. අනෙක් අග්‍රය යටින් ගෑවීම දුෂ්කරය. විවධ උප්පර වැට්ටි යොදා සවි කළද පෑස්සුමක් තරම් සාර්ථක නොවීය.
එසේ අපහසුවෙන් සිටියදී සෑමාගේ අයියා දිනක් ටෝර්ච් බල්බ් හෝල්ඩරයක් ගෙනාවේය. බොහෝ විදුලි පන්දම් තුලද ඇත්තේ මෙවන් එකක්ය. එයට වයර් සවි කිරීම පහසුය. බල්බය දමා කැරකවීම පමණක් කළ යුතුය.

මෝටරය
මේ ‍මෝටර යාන්ත්‍රණය ගැන අපි දැන ගත්තේ ඕලෙවල් කාලයේය. ඒත් සෑමා පොඩි කාලේ අත පත ගා තිබු නිසා දළ අදහසක් තිබ්බේය. මේවාට වයර් සවි කිරීම පහසුය. පොඩි කාලේ බුදුරැස් මාලා කැරකැවූයේ මේවා මගින්ය. බද රවුම් නිසා රදවා තැබීම අපහසුය. එනිසා සෑමා කැමති මේ හැඩයට නොවේය.


සෑමා මනාප මේ හැඩයටය. ඒ බුදුරැස් මාලාව කරකැවීමේදි රැදවීමේ ඇති පහසුව නිසාය. තවද මේවායේ වයර් හයි කරන අග්‍ර කැඩුනාම අපරාදේය. එවිට ඇතුලේ ඇති පිත්තල පතුරු දෙකට සපෝට් එකක් දමා මෝටරය ගොඩ දා ගත හැකිය. එහෙමවත් බැරිම වුවහොත් කාන්දම අප අ‍තේය. එය ඔක්කෝටම වඩා මරුය. ඉස්කෝලෙ ගෙනිහින් වැඩ දමන්නේ ඒ කාන්දම ආධාරයෙන්ය.

සරාගේ පෝස්ටුවෙන් ඉලෙක්ට්‍රොනික අතීතයට ගිය සෑමා මෙසේ සටහන් කලේය. සියල්ල සරලව කෙටියෙන්ය. තව පොස්ට් කිහිපයකට කරුණු තිබුනත් ඉලෙක්ට්‍රොනික අතීතය ලිවීමට හිතක් නැත්තේය. ඒ නිසා එකකින් සරල අහවර කලෙමි. ඒවා ලිවීම හිතක් නැත්තේ අකැමැත්ත නිසා නොව ඒ අමුතු ලෝකෙට යාමට කාලයක් නොමැති නිසාමය.

දන්නෙ නැහැ ඇයි කියල. ඇස් තෙත් වුනා. නිදිමතට මගෙ හිතේ.

Written by sAm_10.53pm_20.06.2012

143 comments:

  1. මට නම් මේ ඉලෙක්ට්‍රොනික් වැඩ මැජික්ය. ඒකට මගේ මලයා. යකඩ ඇණයක් මුරිච්චියක් පෙන්න බැරිය. මෑන් මට තුන් හතර වතාවක්ම කරන්ට් වද්දා ඇත. ඒ මෑන්ගේ වැඩ වලට අත් උදව් දීමට ගොසිනි.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. වෙද මහත්තයටත් කරන්ට් එක වැද්දුවද මලයා.. ඌ මාර භාණ්ඩයක්නේ.. :)

      Delete
  2. හප්පටසිරි සෑමාත් කොරන ඒවා :p
    පොඩි කාලේ නම් මගේ ආතල් එක උනේ මෝටරයක් දාල බෝට්ටු හදන එක
    අර බැනර් එක පට්ටය් හොඳේ,

    ReplyDelete
    Replies
    1. බෝට්ටු සීන් එකක මම ට්‍රයි කරල නැහැ මචං..

      ස්තුති බැනර් එක ගැන කිව්වට. අපේ හෙන්රිය එක්ක බැහැ බං. ඒකයි වෙනස් කලේ.. :)

      Delete
  3. මෙව්වා කියෝනකොට හිතෙනවා අපි හෙන වයසක මිනිස්සු කියලා අප්පා...
    ඇඩෙනවා..
    දැං කොයිද කාඩ් බෝඩ් බුදුරැස්මාලා..

    ReplyDelete
    Replies
    1. කාඩ් බෝඩ් බුදුරැස්මාලාව මෝටරේට ගැහුවේ පෑන් බටයක් එක්ක.. මතකද උබට ?

      Delete
    2. ඔය බුදුරැස්මාලාවේ හිල ලොකු වෙන එක තමයි ඒ කාලේ මට තිබ්බ ලොකුම ප්‍රශ්ණේ.

      Delete
    3. හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්.. එතකොට කාඩ්බෝඩ් එකක් ‍අලවලා, පෑන් බට කෑල්ල ගැහුව නේද ?

      :)

      Delete
    4. නැතුව නැතුව සෑමයියේ..
      අමතක වෙයිද ඒවා..
      අළුත් පොටෝ කෑල්ලනං සිරාය..
      ජයවේවා ඈ..

      Delete
    5. මෙන්න අංකල්ලා තුන් දෙනෙක් සෙට් වෙලා.

      Delete
    6. මමනම් කලේ මකන කැල්ලක් පිටිපස්සට අලවන එක එතකොට පැන් බට ඕනෙ නැහැ

      Delete
    7. @සිදු - ඇන්ටි අංකල්ලා කියලා ගුටි කන්නද හදන්නේ :)

      @අසේල - ඒකත් සිරා වැඩේ මචං.. ජය !

      Delete
  4. උබට කියන්න මමයි තව එකෙකුයිත් හතර වසරේදී විතර ඔය වගේ LED යි රෙසිස්ටරුයි තව එක එක එවා වයර් එකක ගැට ගහලා ගැහුවා ප්ලග් පොයින්ට් එකකට මොනවත් නෑ දුම් දාගන අපි හදපු පලවෙනි සර්කිට් එකම පිපුරුවා කියහන්කෝ විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ....

    ReplyDelete
    Replies
    1. අපොයි ඇති දැන් යහතින් ඉන්න එක :)

      Delete
  5. ඇත්තටම එහෙම අතීතයක් තිබුනා තමයි...!දැන් ලමයින්ට ..නැහැ..තමයි..!

    ReplyDelete
    Replies
    1. අපිට වුනත් දැන් ඒවට වෙලාවක් නැහැනේ :(

      Delete
  6. මගේ ලගත් ඔය දවස් වල සෙනිත් පොත් සෙට් එකයි බවුත් එකයි නම් තිබුනා ඒවායින් වැඩක් ගත්තේ නැති උනාට. දැන් ඉන්න උන්ට ඉතින් කරන්න තියෙන්නේ ටියුෂන් යන ඒක විතරයි නේ......

    ReplyDelete
    Replies
    1. ඒ සුන්දර කාලයක් දැන් එකාලට නැහැ මචං.. අපිටත් එහෙම තමා..

      අපරාදේ පොත් සෙට් එක තියාගෙන නිකං හිටියේ..

      Delete
  7. ලස්සන අතීතය ....!!!
    ආ කරන්ට් එක වැදිලා..ඒකයි..මන් හිතුවෙ පොඩි කාලෙ කොහෙ හරි ඔළුව වැදිලා වෙන්ඩ ඇති කියලයි...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මේන් ස්විච් ඕෆ් කරපු වෙලේ මම විසික් වෙලා වැටිලා.

      එවලේ ඔළුව වැදුනාද නොදනිමි.. :)

      Delete
  8. පරණ අතීතයන් ගොඩක් මතක් වුනා මගෙත් ප්‍රියතම වැඩක් තමා සෙල්ලම් කාර් වල මෝටර්,ලයිට් වගේ ඒවා ගලෝගෙන මැනුවල් විදියට ක්‍රියා කරවීම

    අයියෝ සල්ලි ඒත් දැන්...

    ReplyDelete
    Replies
    1. ඒකත් ජොලි වැඩේ බං.

      මම ඒ කාලෙ මාර විදිහට ට්‍රයි කලා පොඩි කාර් එකක් හදන්න. හැබැයි ඉස්සරහට මෝටර් දෙකක් දාලා. වැඩේ අසාර්ථකයි. හරි නම් එක මෝටරයයි දාන්න ඕනේ. නැත්තං මට වුනා වගේ රෝද දෙක වේග දෙකකින් කැරකිලා මඤ්ඤං වෙනවා.

      ජය !

      Delete
  9. මට නම් පොඩි කාලෙ ඕව ගැන කිසිම ආසාවක් තිබ්බෙ නෑ. ඒත් අපේ අයිය නම් සර්කිට් පිස්සා. මට මතක ඇති කාලෙ අපේ ගෙදර තිබුණු සෙල්ලම් බඩුවල මද ඔක්කොම ඌ ගලවල, සර්කිට් එක ගලව ගන්න. ඒ දවස්වල අපේ ගෙදරත් හැමතැනම ෆෝමිකා කෑලියි, වයර් කෑලියි, බැටරියි, බල්බ් සහ පොඩි පොඩි ඉලෙක්ට්‍රික් ගැජමැටික්ස්. අර පොඩි මෝටරේ දාල කරකවන බුදු රැස්වළල්ලක් තිබුණ හීන් කලර් තීරු තිබුණු. ඒ රැස් වළල්ල අර මෝටරේට දාල කරකවනකොට හරි අපූරුයි. තව ෆෝමිකා කෑලිවල ඔය එල්.ඊ.ඩී බල්බ් පේලි සම්බන්ධකරල එක එක රටාවලට නිවෙන පත්තුවෙන රැස්වළලුත් ඌ හැදුව. මට ඉතින් කරන්න තිබුණෙ බැටරිටික එකට තියල අත රිදෙනකම් වයර් කොන්දෙක දෙපැත්තෙන් අල්ලගෙන ඉන්න එක විතරයි. පොඩ්ඩක් අත එහාට මෙහාට උනාම “ඕක හරියට අල්ල ගනින් බං“ කියල ඌ තව සද්දෙත් දානව. hikz
    අපේ මාමගෙ පුතාටත් ඔය උණ හයියෙන්ම තියනව. මගේ කම්පියුටර් කෑලිත් වැඩකරන් නැතිවුණාම ඌ පැනල අරන් යන්නෙ, හීට් සින්ක් ගලවගන්නයි ඔය අයිසී කෑලි ගලවගන්නයි. ඌ තාම පොඩි එකා, 2014 ඒලෙවල්. ඒ උනාට මම ඌට කියල මගේ පරණ සීආර්ටී මොනිටර් තඩි කීපයක්ම හදාගෙනත් තියනව. ඕව හදන්න උස්සගෙන යනවට වැඩිය වැඩේ ලාබයි. ඒව වැඩ කරන්නෙ නැති උනාට පස්සෙ ඒ මොනිටර් තඩි 4 ක් ම ඌට ගෙනියන්න දුන්න කෑලි ගලවගන්න. ඒ යකා ඔය හැමතැනම විසිකරන ඉලෙක්ට්‍රික් බඩු ගෙනිහිං කාමරේ පුරවල, දැන් ගේ ඉඩ නැති නිසා බාත් රූම් එකේ කොන්ක්‍රීට් එක උඩළු දමන්නෙ. ගෙනියන්න ගත්ත මොනිටර් 4 දැක්ක විතරයි මාමට යකා නැග්ග. “මම දන්නව දවසක අරකෙ වහළ ඔළුව උඩට කඩන් වැටෙනව උඹ හින්ද“ කියල බැන බැන අරන් ගියේ.

    ReplyDelete
    Replies
    1. //මට ඉතින් කරන්න තිබුණෙ බැටරිටික එකට තියල අත රිදෙනකම් වයර් කොන්දෙක දෙපැත්තෙන් අල්ලගෙන ඉන්න එක විතරයි. පොඩ්ඩක් අත එහාට මෙහාට උනාම “ඕක හරියට අල්ල ගනින් බං“ කියල ඌ තව සද්දෙත් දානව.//

      මේ උවදුර මටත් තිබ්බ මචං. පවර් පැක් එක ආවහම වැඩේ අඩු වුනා.

      තව සීන් එකක්, මූ සරුංගල් කාලෙට හදනව ඌටත් වඩා තඩි සරුංගලයක්. පිට්ටනියට ගිහින් හුලගක් එනකල් අපි තමා උඩට උස්සං අල්ලං ඉන්න ඕනේ. මල පනින්නේ හුලං කියල උඩ යවනන් ට්‍රයි කරල හුලං මදි වුනාම ආයෙත් අල්ලං ඉන්නෙ ඕනේ..

      //දැන් ගේ ඉඩ නැති නිසා බාත් රූම් එකේ කොන්ක්‍රීට් එක උඩළු දමන්නෙ.//
      අපේ මාමල ගෙ ගෙදරත් වැඩකට නැති කෑලි දාන්නේ ඔය කියන පොට් එකේ.

      ජය සහෝ !

      Delete
  10. Replies
    1. උඩ කමෙන්ට් 9ට මම රිප්ලයි දැම්මම, උබ 19 වෙයි කොලුවෝ.. !

      Delete
    2. අයියෝ sAm වැඩේ කෑවාය.
      sAm ට කියන්ට ඒ කාලේ මමත් ඔය වාගේමය.(තවමත් එහෙමද මන්දා)

      Delete
  11. මටත් ඔව්වා ගැන පුදුම පිස්සුවක් තිබ්බා කාලයක්.... කරන්ට් වැදිලා ඇලිලා ඉඳලා කොහොමෙයි ඉතුරුවුනේ මාරයි...

    මම නම් මොකාක් හරි හදන්න කියලා අරගෙන ගැලෙව්වට පස්සේ ආයේ හයිකරද්දි අම්බානක කෑලි ඉතුරුවෙනවා කොහෙටවත් හයි කරගන්න බැරිව.ඇණ අනිවා අඩුයි....

    බවුත් එකෙන් යමක් පාස්සමින් ඉඳලා අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ක්‍රිකට් ගහන්න කතා කරපුවාම මම බවුත් එක ඔෆ් නොකර ගිහින් තිබුනා.... අපේ අම්මා මගේ රෙදි නවාගන්න කියලා ගෙනත් අතාරින්නේ ඇඳ උඩට ඔහොම විසික්කරපු ඇඳුමක් බවුත් එක උඩට වැටිලා හොඳට උණු වෙලා තව ඩිංගෙන් ගේ ගිනිගන්නවා... එදා ඉඳන් ගේ ඇතුලේ පෑස්සීම තහනම්....

    මරු ලිවිල්ලි සැමෝ අතීතෙට නිකන්ම යැවෙනවා...

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා මම ඇලිල ඉන්නකොට බය වෙලා ‍එහෙ මෙහෙ දුවලා. එයාට තේරිලා කරන්ට් වැදිල තමා ඒත් බය වුන පාර කෑගහලා මුකුත් නොකර පහලට දුවලා. තාත්තා තමා පහලින් මේන් ස්විච් එක ඕෆ් කරල තියෙන්නේ.. :)

      බවුත් එක නිසා පොඩි පොඩි අලාභ මටත් වෙලා තියෙනව මච්.

      ස්තුති සහෝ ජය !

      Delete
  12. මමත් ඔහොම කල හැටි මතකයි...
    මට හොද හැටි මතකයි..... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ සභාව වයරිං කලේ ඔය උතුමා මද ?

      ජය සහෝ !

      Delete
  13. සැමෝ මීගොඩයටත් මෙව්ව මැජික්

    ReplyDelete
  14. උඹ කිව්වහම තමයි මටත් මතක් උනේ, මමත් උඹ තරම් ලොකුවට නෙමෙයි පොඩියට වයර් කෑලි, බල්බ්, බැටරි එක්ක එකඑක සෙල්ලම් දැම්මා කියලා.
    ඒ දවස්වල් එක්කාසු කරපු සමහර කුණු ගොඩවල් තාමත් මගේ ගාව තියෙනවා, ටික ටික විසික්කා කලාට ඔක්කොම එක පාර විසි කරන්න හිත හදා ගන්න බැහැ බං...
    ගොඩක් ස්තුතියි මචං මෙව්වා මතක් කරලා දුන්නට...

    ReplyDelete
    Replies
    1. //ටික ටික විසික්කා කලාට ඔක්කොම එක පාර විසි කරන්න හිත හදා ගන්න බැහැ//

      ඉස්සර අම්ම බැන බැන විසික් කලාට මම ආයෙ උස්සගෙන එනවා. ඉතිරි, විසික් කරන් දුක කෑලි තාම තියෙනවා ලාච්චුවක. ;)

      ජය සහෝ !

      Delete
  15. උඹ කරන්ට් වැදිච්ච පොරක් කියලා මම දැන ගත්තේ මේ බ්ලොග් එක කියවන්ඩ ගත්ත අලුතමයි. අර නයත් ශෝක් ඈ.. ලස්සනට ඇදිලා ගියා ඌ.. හැක් හැක්.... :-)

    අපේ තාත්තා විදුලි කාර්මික හින්දා මටත් පොඩිකාලේ ඕවා එක්ක හරියට ගනු දෙනු තිබ්බා.. ඔය උඹ කියන දහන් ගැට තමා ඕවා කැඩුනම අපිත් හුඟක් වෙලාවට දැම්මෙ..

    මම දවසක් අත් වැඩට ඔය මෝටරයක් දාලා ෆෑන් එකක් හැදුවා.. මම කිව්වට තාත්තා තමා වැඩේ හදලා තිබුනේ.. මට තිබුනේ ගිහින් ලොක්කා වගේ එසම්බල් කරන්ඩ විතරයි.. මුලු පන්තියම වට වෙලා බලාගන හිටියා මතකයි. සෑහෙන්ඩ කමෙන්ට්ස් හම්බුනා වගෙත් මතකයි.. මම ඉතින් ටිකක් උඩ ගිහිල්ල හිටියේ මම තමයි පොර, මේක තම යි හොඳම අත් වැඩේ කියලා.. අනේ සර් තුමා ලකුණු 75 යි දුන්නෙ බන්.. මොකක්ද ගෙයක් හදපු එකෙකුට 100ක්ම දීලා තිබුනා.. හිතේ අමාරුවටම මම ගිහින් ඇහුවා ඇයි මේකට ලකුණු අඩු කියලා.. සර් කියපි මේක නව නිර්මාණයක්වත්, ඔයාගෙ නිර්මාණයක්වත් නෙමේ කියලා.. සර් හරි ඇති..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි, ඔව්නේ. මමත් ඔය නයා ගැන කියන්න හිටිය, මට අමතක උනා.

      Delete
    2. ඔක්කොමත් හරි මොකාද බං ඔය කියන නයා????

      Delete
    3. මෙන්න මේ කෙල්ලත් මැද්දට පැනලා.. මොකක්ද අෆ්පා නයි කතාව?

      මම නයෙක් ඇරිය වත් ද? 

      Delete
    4. උඹ දැක්කෙ නැතිවට සෑමො, පොඩි නයෙක් අර ටෙරාසෝ දාපු හරියෙන් ඇදිලා ගියා....:D

      Delete
    5. අම්මද බොල සුමියා කියනකල් මීටර් වුනේ නැහැ බං.

      බලපං කතා ලියනවට වඩා අමාරු උබලගෙන් බේරිලා ඉන්න එක. :)

      ටෙ‍රාසෝ ගැන කියන්න කලින් මේ ටිකත් මෙන්න...

      අ‍පි ඉපදෙන්න කලින් අම්ම තාත්ත ඉදල තියෙන්නේ බියගම ප්‍රධාන මාර්ගය අසල (දැන් ඉන්න ඉඩමේ) පුංචි ලෑලි ගෙදරක. අපි ඉපදුනාට පස්සෙත් මට මතකයි (අපි ඇවිදින කාලේ) අම්මයි, තාත්තයි (තාත්ත වැඩට ගහින් ඇවිත්) කාලෙ කළු ගල් කඩනවා. මිටියක් තියාගෙන. අපිත් දන්නැති කාලේ ඕව තැලුව කියල යන්තම් මතකයි. ඒ කාලෙ ගුරුවරයෙක් විදිහට ලැබුන සොච්චම් පඩියෙන්, අපේ කඩේ ආදායමෙන්, පහල මාලයේ කඩ තුනක් සහිතව, තට්ටු දෙකට ගෙයක් හදපු එක මට නම් හීනයක්. එච්චර ධෛර්්‍යයක් තිබ්බ ජෝඩුව ඒකාලේ බිමට ‍"ටෙරාසෝ" නොදා ඉදීද බං..... :ඩී

      මේ සියල්ලේ වර්ථමාන වටිනාකම කිව නොහැක ;)

      අපිට එහෙම අතීතයක් තිබ්බා. ඒත් අපිට දැනුනෙ නැහැ. අපි ලොකු වෙනකොට ඒ බර අහවරයි.

      සැමට ජය.

      Delete
    6. කණගාටුයි සෑම්, ඒ වගේ දෙයක් මම කල්පනා කලේ නැහැ.

      පෝස්ට් එකේ ඔය හරිය කියවන කොට මට නම් පටගාල මීටර් වුණා අද හොඳ කමෙන්ට්ස් ටිකක් බලා ගන්න පුළුවන් කියල. ඒත් කාටවත් ඒක නෝට් වෙල තිබුනෙ නැත්ද කොහේද? ඔයාගෙ කතාව කියෙව්වම මටත් අතීතෙ මතක් වුණ නිසා නයා අමතක වුණා. Senna ගෙ කමෙන්ට් එක දැක්කම තමා මතක් වුණේ. ඒත් උඹ මේ වගේ උත්තරයක් දෙන බව දන්නවනම් මම කීයටවත් ඔතනට ඇඩ් වෙන්නෙ නැහැ. උඹ “නයා කෝ“ කියල අහනකොටත් මම හිතුවෙම විහිළුවට කියල. අද වුණත් මිනිස්සු ගෙවල් හදන්නෙ කොච්චර අමාරුවෙන් ද? ඔයා කියන එකත් ඇත්ත.

      Delete
    7. නයෙක් කිව්වට නයි පැටියෙක්.
      //මෙන්න මේ කෙල්ලත් මැද්දට පැනලා.//
      සෑමෝ කෙල්ලක් නෙවේ ඔය ලොකුම ලොකු අක්කෙක්.

      Delete
    8. @DDT - අහවල් එකට කනගාටු වෙනවද බොල?? පිස්සුද බං.. මම දුකෙන් නෙවේ ඒක දැම්මේ. ආඩම්බරෙන්. ඇත්තටම මට නයි සීන් එක මීටර් වුනේ නැහැ බං. පිස්සු කෙලින්නේ නැතුව ඕක මකපං බං.. ඒක මම දැම්මේ අවුලකින් නෙවෙ සිරාවට.. :)

      @රාජ් - කෙල්ල කිව්වේ බං පොඩ්ඩක් උඩින් තියන්න. පව්නේ කවි (කවුරුත් දැන් ඔහොම කියන්නෙ නැතුව ඇති.. හිකිස්.)

      Delete
    9. අනේ බොල සෑමො!

      සෑමගෙ ලියන රටාවටවත්, සෑමටවත් යම් කොටසක් ගැලපුනේ නැති නිසා "ටෙරාසෝ" එක ඉලිප්පිලා තිබුනෙ. නාකි අපි ඉතිං ඔය රටාවට නොලියන නිසා කෝක තිබුනත් ඉලිප්පිල පේන්නෙ නැහැ. මට නං සෑම කියන්නෙ මගෙ දෝණිටත් බාල, හරි හම්බල් සිම්පල් කොල්ලෙක්.

      Delete
    10. අඩේ මමත් විහිලුවක් කළේ ඈ....අමනාප නැතුව ඇති කියලා හිතනවා..

      උඹේ දෙමාපියන්ගේ ධෛර්යයට ගරු කරනවා බන්.. මම අපහාස කළේ ඒ ධෛර්යයට නේද කියලා හිතෙද්දි හිතට අමාරුයි.

      Delete
    11. @කවි - //මට නං සෑම කියන්නෙ මගෙ දෝණිටත් බාල, හරි හම්බල් සිම්පල් කොල්ලෙක්.// අ‍පේ එකාලට නොතේරෙන ටික කවිට තේරුනා..

      """අඩෝ හෙන්රියා, සෙන්නා, අසරණයා, ගැමියා.. ඇවිත් බලපල්ලා කවිගේ කමෙන්ට් එක.. සෑමා උබල කියන තරම් වයස නැහැ බොල තාම 24යි !!! ""

      @සෙන්නා/ඩි.ඩි.ටී - පිස්සු කියවන්න එපා මචං. මට මල පනින්නේ ඔහොම සමාව ඉල්ලද්දි. මම කුණුහරප දන්නවා හරිය? අහගන්න ඕනෙද ? ;පී

      Delete
    12. //මම කුණුහරප දන්නවා හරිය? අහගන්න ඕනෙද ? ;පී//

      24 බොලව් !

      Delete
  16. ආ කියන්ඩ අමතක වුනා අලුත් ෆෝටෝ කෑල්ල ගති ඈ..

    ReplyDelete
    Replies
    1. උඹලට පේන්න දැම්මේ.. :පී

      Delete
    2. උඹ චුටි කාලේ ගත්තු එකක්ද බං සැමෝ

      Delete
    3. මචං අසරණයා @$$%%&** එපා හරිද ?

      Delete
  17. මටනම් බොහොම තදේට ඔය උන තිබුණා. බල්බ් පැත්තට නෙවෙයි රේඩියෝ ඉලෙක්ට්‍රෝනික් පැත්තට.

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස් මීටර් හැදිල්ල ඒමත් පට්ට ජොලි :)

      Delete
  18. අම්මපා සැමා අයියේ එළ පොස්ටුව....කියන්නඩ වචන නෑ මාත් මා......රම අසා (නෑ)නෙ අෆ්ෆා ඔය සර්කිට් වැඩ වලට..හැබැයි ඔය ගෙදර පොඩි පොඩි වැඩ නම් කර ගන්න පුළුවන්.. ;)
    ලොකු දේවල් නෙවෙයි ඔය පොඩි පොඩි වැඩ මාත් කරනවා... එළ ඈ.....

    ReplyDelete
    Replies
    1. බල්බ් එකක්, හෝල්ඩ‍රයක්, ඇඩැප්ටරයක් අමුන ගන්න බැරි කොල්ලො වැඩක් නැහැ..

      මම හිතන්නේ උබට ඒ සුලු දේවල් පුලුවන් ඇති. සතුටු වෙයන්..

      ජය !

      Delete
  19. අමාරුවෙන් ගොඩ ආපු කොල්ලෝ කිව්වට තාම වලේ නේද ? :)

    ReplyDelete
    Replies
    1. හැම එකාම දැන් බ්ලොග් වලේ තමා බොලව්.. :)

      Delete
  20. පොඩි කාලේ මතක වුනා සෑමෝ!!! :(( ඉස්සර වෙසක් එකට මොකක්හරි අමුණනවා.... සාපෙටත් ට්‍රොනික් කොලා තිබුණු ආසාවට.. කැම්පස් ගිහින් ට්‍රොනික් කරන්න ආසාව තිබුනත් , අවාසනාවට ඒ හීනේ සැබෑ කරගන්න බැරිවුණා... ඒත් ඒ අතීතෙට තවමත් මම ආසයි!!! ස්තුතියි සුන්දර අතීතය මතක්කර දුන්නාට!! :))

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර වෙසක් එකට නම් තාම මොනව හරි අමුනනවා. මොකද අපේ තාත්තට පුදුම ආසාවක් තියෙන්නේ. වෙසක් ලං වෙද්දි සෑමාගෙන් අහන්නෙ මොකද මේ පාර කරන්නේ කියලා.

      ස්තුති මචං.

      Delete
  21. අපිත් ඉතින් ඉස්සර ඕවා කලානේ.. දැන් කොහේද ඉතින් එහෙමවත් දේකට කාලයක්..

    විශේෂයි : සෑමා තරුණ කාලේ ෆොටො එක්ක වෙන්න ඕන උඩම තියෙන්නේ.. සයිබර් ෆෙස්ටිවල් එකේ උඹ හෙන වෙනස් නේ..

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඔව්වා කලා දැන් කරන්න බැහැ නේද දිනේෂ් කොලුවෝ. මොකද 'මට මහළු වයසේ බැරිය වැඩ කිඩ පෙර සේ' කියනව නේ.

      අපිනම් තාම කොල්ලො නිසා බය නැතුව කරන්න පුලුවං ඉලෙස්ටොනික්.

      විශේෂයි - සයිබර් ෆෙස්ටිවලයේ සෑමාගේ රැවුල ඇත. මෙහි නැත. මෙය ගිය වසරේ ගත්ත පොටෝවකි.

      උබ අහු වෙයන්... !

      Delete
  22. එතකොට දැන් මේක කෙල්ලන්ට ඇලජික් කිව්වෙ මොකෝ? මම මේ කාලයක් තිස්සෙ හිත හිතා උන්නෙ සෑම් ට මෙහෙම උනේ ඇයි කියල දැන් තමා තේරුනේ..අනේ පව් අර කරන්ට් එකට ඇලිල ඉඳලනෙ.......:D:D:D

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්නට ඉලෙස්ටොනික් නිකං ‍සොඩා ටොනික් වගේ මෙලෝ රහක් නැති නිසා...

      මාව අල්ලන්න එපා මගෙ ඇගේ කරන්ට් එක තාම තියෙනවා. ඔයාට කරන්ටි වදී !

      Delete
  23. උඹලට කියන්න මචන්ලා මමත් ඔහොම තමයි ඉගෙන ගත්තේ නම්. හැබැයි මගේ කරුමෙටද වාසනාවටද මන්දා තාම එපා වෙලා නෑ ඕවා. අද මිනිස්සු කියන විදිහට මම වැඩ්ඩෙක්ලු. හැබැයි ඕන් මම නම් එහෙම හිතාගෙන නෑ. මොකද මේ තාක්ෂනේ දවසින් දවස අලුත් වෙනවා. ඒනිසාම හැමදාමත් අපට ඉගන ගන්න දේවල් තියනවා. මම වැඩ කරන ගමන්ම ඉගෙන ගන්නවා. වැඩ කරන කොට පලපුරුද්ද ගොඩාක් වැදගත් වෙනවා. ඉලෙස්ටොනික් ගැන ලිපි ටිකක් ලියන්න හුගාක් උවමනාව තියනවා. දන්න කරුමාන්තයක් නිසා. කාලය පිලිඹද ගැටලුවක් තියනවා නොවැ මේ දවස් වල. ඇත්තම කියනවානම් අවුරුද්දටම අපි වැඩ කරන්නේ මේ සමර් සීසන් එකට අයිති මාස 5ක විතර කාලයක් නිසා රිදෙන්ඩ වැඩ මේ දවස් වල.(කියන්නේ අනිත් මාස 7ම පුල් ප්‍රී.)ප්‍රී ටයිම් එකක් සැට් උන ගමන් ලියනෝ.උඹට ජය මලයෝ.

    ReplyDelete
    Replies
    1. සරත් සහෝ උබේ පෝස්ටුව දැකල තමා මාව කුලප්පු වුනේ. ස්තුති ඒ මතකයන් අලුත් කෙරෙව්වාට. ලිපි පෙලක් දාපං. පොඩි පොඩි ගැජට් වල.

      ඉස්සර පොඩි කාලේ ඕව කරන්න සල්ලි හදා ගත්තෙ අමාරුවෙන්. දැන් සල්ලි තිබ්බට කාලය නැහැ. බලපං අරුමේ...

      * ය‍කෝ මාස 7ක් නිවාඩු එකේ ලියලා ‍ඩ්‍රාෆ්ට් කොරපං කෝ. ඇබරෙන්නෙ නැතුව. අහල නැද්ද "පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ"

      ජය !

      Delete
  24. අපිත් 7 වසරේදී පිස්සුවෙන් වගේ ඉලෙක්ට්‍රොනික් සකිට් හැදුවා. ඒකාලේ මේනියාවක් තිබ්බා පන්තියටම. මට නම් තවම හොද උනේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපෙත් ජයටම තිබ්බ මචං..

      Delete
  25. මට මතක් වුනා මම අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිස්ෂ නායකයත් එක්ක හදපු කැරකෙන කුදුව.

    8 වසරේදී තමා තිබ්බේ පස්සේ නිකම්ම ආසාව නැතිව ගියා.

    ReplyDelete
    Replies
    1. ප්‍රධන සිස්ස නාකියා උබලගෙන් වැඩ ගන්න ඇති. සව් කොල කපන්න, පාප්ප ගාන්න එහෙම :)

      //8 වසරේදී තමා තිබ්බේ පස්සේ නිකම්ම ආසාව නැතිව ගියා// මේ කිව්වේ ඉලෙස්‍ටොනික් ගැනද බං ? වෙන දෙයක් ද?

      :)))

      Delete
    2. වෙන එකකට නෙවෙයි බොල ඉලෙස්‍ටොනික් ගැන

      Delete
  26. ඉලෙක්ට්‍රොනික් ගාය තිබුණු නිසා 10 වසරේදී තාක්ෂණික විෂය විදිහට තෝරගත්තෙත් ඉලෙක්ට්‍රොනික්. ඒත් ඒකෙන් පස්සේ ඉලෙක්ට්‍රොනික්ගාය නැතිවුණා විතරක් නෙමේ ඒකට මෙලෝ ආසාවක් නැතුව ගියා. කොටින්ම මම කාටවත් කියන්නේත් නැහැ මම ඉලෙක්ට්‍රොනික් කළා කියලා :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඉස්කෝලෙ විෂයක් විදිහට කරද්දි එපා වෙනවා තමයි බොලවු. :)

      සෞන්දර්ය විෂ්‍යන් වුනත් එහෙම නේ..

      Delete
  27. ඉස්සර නයිට් රයිඩර් තමා අපේ හිට් එක... 4017 ic එකෙන් තමා වැඩේ කෙරුවේ... ඊට පස්සේ ට්‍රාන්ස්මීටර්.

    ඒ කාලේ තමා සුපිරිම කාලේ....

    ReplyDelete
    Replies
    1. 4017 ic එක අමතක වෙන්නෙ නැහැ බං මටත්...

      මීටර 100ක් වැඩ කරන හිච්චි ට්‍රාන්ස්මීටරේ මාත් ගැහුව. පස්සේ පරණ පොතක තිබ්බා බෝල් පොයින්ට් පෑනක් උඩ ගහන්න පුලුවං (ඔරලෝසු බැටරි සයිස්) ඇස්.ඩබ්ලිව් ට්‍රාන්ස් මීටරයක්. ඒකත් ගැහුව. පස්සෙ හැමදාම රේඩියෝවෙන් අහන්න බැරි නිසා ඇස්.ඩබ්ලිව් රිසිවර් එකක් හදන්න ගිහින් චොර වුනා බං..

      ජය !

      Delete
  28. ඒකාලෙ මාත් ඔය වැඩවලට මනාපයි. ඒත් අතදෙන්න, ස්පොන්සර් කෙනෙක් හිටියෙ නෑ. මම ඒකාලෙ කරපු වැඩක් කියන්නම්.

    ඒ වෙනකොට මම හිටියෙ 5 වසරෙද කොහෙද මගේ යාළුවෙක් හිටිය දුවන්න දක්ෂ. ඌ දුවන්න දක්ෂ උනාට හෙන මදාවිය. ඉස්කෝලෙ වැඩ වලට කිසිම උනන්දුවක් නෑ. දවසක් අපි දෙන්න උගේ ගෙදර ඉන්නකොට මූ මට පෙන්නුව එල් ඊ ඩී බල්බ 5ක්. මූ කියනව බල්බ් ටික බුදු පිලිමෙ ඔළුව වටේට සෙට් කරන්න කියල. මම කිව්ව කාඩ්බෝඩ් කෑල්ලක් ගෙනත් දියන් කියල. මූ ඇතුලට ගිහිල්ල ගෙනාව දුවල හම්බවෙච්ච සහතිකයක්. දීල කියනව ඕක කපල ගනින් කියල. මම කොච්චර කිව්වත් අපරාදෙ කියල ඌ නෙවෙයි ගනං ගත්තෙ. අන්තිමට සහතිකේ කපල වටේට එල්ඊඩී හයිකරල රැස් වලල්ල හැදුව.

    හොඳම සීන්එක ඒක නෙවේ. මම ඒ වෙනකල් හිතන් හිටියෙ නිවෙන පත්තුවෙන එල්ඊඩී රැස් වලල්ල, ශ්‍රේණිගතව සෙට්කල බල්බ් ටිකෙන් හදන්න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. අඩේ ඌ මාර පොරක් නේ සහතිකේ අරන් රැස්මාලා ගහන්නේ.. :)

      //මම ඒ වෙනකල් හිතන් හිටියෙ නිවෙන පත්තුවෙන එල්ඊඩී රැස් වලල්ල, ශ්‍රේණිගතව සෙට්කල බල්බ් ටිකෙන් හදන්න පුළුවන් කියල.//

      මාත් හෙන මෝඩ විදිහට හිතපු දේවල් තිබ්බ බං. කාලයක් අපේ මාළු පොකුනට එල්.ඊ.ඩී එකක් දාන්න දැගලුවා :ඩී

      Delete
  29. සෑමා. උඹ නම් එල කොල්ලෙකි.
    උඹට පිස්සු මොකද කියා දැන් දනිමි.
    උඹ අර ෆෝටෝ එක වෙනස් කලේ මම කිව්ව කට කැඩිච්ච කතාවල් වලටද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් ඔය බැනර් එක වෙනස් කිරීමේ සම්පූර්ණ වගකීම උබ ගන්නෝනි.. :)

      Delete
  30. මටත් ඉස්සර මේ ඉලෙක්ට්‍රොනික් වැඩ පෙන්නන්න බෑ. ඒත් මට ඉස්සෙල්ලම කැම්පස් එකේ ජොබ් එකට උගන්නන්න හම්බුනේ Digital Systems and Computer Hardware සබ්ජෙක්ට් එක. කාලා වරෙන්කො. මම රෙසිස්ටර් එකක් ඩයෝඩ් එකකින් වෙන් කරලා අඳුරගන්න දන්නෙ නෑ කලින්. පස්සෙ පස්සෙ ඔක්කොම පුරුදු උනා. තනියම සර්කිට් සොල්ඩර් කරා. බවුත් එකට මම හැමදාම අත පුච්ච ගත්තා. කැපෑසිටර් එකක් පුපුරවාගත්තා. දැන් නම් යන්තන් පුලුවන්. මොනා උනත් සර්කිට් එකක් තනියෙන්ම හදලා ඒක වැඩ කරනවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මට රෙසිස්ටර් කලර් කෝඩ් පාඩම්. දැන්නම් යන්තම්.

      ගැල්ලමයින්ට බවුත් වැඩ බැහැ තමා :)

      //මොනා උනත් සර්කිට් එකක් තනියෙන්ම හදලා ඒක වැඩ කරනවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ.//

      මේක 100%ක් ඇත්ත. අත් දැකල තියෙනවා මං වුනත්.. ජය !

      Delete
  31. // සෑමා 3 වසරේ දී නිල් වෙන්න කරන්ට් වැදුන කොල්ලෙක්ය. පැයක පමන කාලයක් සිහි නැතිව සිටියේය.//

    සෑමාගේ රහස එළිවූයේ මේ පෝස්ටුවෙන් බව පෙනීයයි..පිස්සු පෝස්ට් දැම්මාට මින්පසු පාඨකයෝ බනින්නේ නැති බව සුවර්ය..:D

    ReplyDelete
    Replies
    1. අන්න හරි, සානුකම්පිතව හිතල සෑමාට අනුකම්පා කරත්වා..

      Delete
  32. සිරාට නම් එදා සිටම ඉලෙක්ට්‍රොනික වැඩ ගැන හැකියාවක් වගේම උනන්දුවක්ද තිබ්බෙ නැත.... සිරා ඒ කාලේ කල ලොකුම වැඩය නම් බුදු රැස් මාලා කරකැවීමය.... ඒ උනාට ඇති පදම කරන්ට් එක නම් වැදි ඇත... දැනුදු වදි ඒ පරණ බයිසිකලයේ ප්ල්ග් එකට යන වයරයේ විදුලිය පැමිණේදැයි පරීක්ෂා කිරීමට වයර් අග්‍ර‍ය අතින් අල්ලා බයිසිකලය කික් කිරීමෙනි..... කික්ම තමා...

    ReplyDelete
    Replies
    1. අඩේ කික් එකට වැදුනම පට්ට කික් තමා.. සිරා මාර පොරක්නේ.. ඒක අල්ලගෙන කික් එක ගැහුවේ බීලද හිටියේ ?

      :)

      Delete
  33. තෝ පොඩිකාලේ නොසන්ඩාල කතා ලියන විට මගේ බොක්ක උනුවන්නේය ඒ තෝ එක්ක ඇති තරහකට නොව සතුට වැඩිකමටය මන්ද උඹලා අපට සතුටු වියහැකි ලමාකාලයක් තිබු බැවිනි අම්මපා තවනූලේන් උඹෙ ඇහැට වෙච්චි දේ මටත් වෙනව මලේ...ජය

    ReplyDelete
    Replies
    1. හැමෝටම එක වගේ සුන්දර ලමා කාලයක් තිබුන බව පැහැදිලි මචං...

      මාත් මතක් කරන්නේ ආසාවෙන්. ඒව ලිව්වම කස්ටියගේ කමෙන්ට් දැක්කම තවත් ෆන්..

      ජයෙන් ජය සහෝ !

      Delete
  34. මමත් ඔය ගැජමැටික් වලට ආසම ආසයි. අද උදෙත් ලොක්කගෙන් බැනුම් ඇහුවා මවුස් එක ගලෝලා ඒකෙන් ටෝච් එකක් හදලා. හික් හික්

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාල වගේ අය තියාගන්නවට ඔය ලොක්කට සම්මානයක් දෙන්න ඕන . :D

      Delete
    2. අපොයි.. තද වෙන්නෙ නැද්ද බං ලොක්කගේ මවුස් ගැලෙව්වාම.. :)

      @ගිම්හානි - මුං එක්ක ඒ මනුස්සයා ඉන්න එක ලොකු දෙයක් !

      Delete
    3. ලොක්කගෙ මවුස් එක නෙමෙයි. ලොක්කගෙ මවුස් එක ඩිසෙබල් වෙලා මම හිතන්නෙ හුඟක් කල්.

      …@ගිම්හනි නෑ නෑ ලොක්කා අපිට සම්මාන දෙනවා එයත් එක්ක ඉන්නවට

      Delete
    4. යු.ඇස්.බී මීයෙක්ද? පව් බං !

      Delete
  35. පොඩි කාලෙ ඕවා කොරා.. දැන් ඉතින් ඔහේ ඉන්නවා.. ඒ මොනා වෙතත් මම බුදුරැස්මාලා 2ක් හැදුවා‍. නයිට්රයිඩර් සර්කිට් 3ක් හැදුවා. බල්බ් 10, 20, 40. තව බොත්තම එබුවාම එක එක සද්ද එන සර්කිටු එකක් හැදුවා. ඉස්සෙල්ලාම හැදුවෙ අත තිබ්බාම ලයිට් පත්තු වෙන එකක්. රේඩියෝ එකකුත් හැදුවා. මගේ ඒවා දාලා තිබ්බ පෙට්ටිය ඉස්සුවා කවුරු හරි ඉස්කෝලෙ අරන් ගියාම. මට දුක හිතිලා නැවැත්තුවා :(

    ReplyDelete
    Replies
    1. අම්මද බොල හෙන ගේම් ගහපු කොල්ලෙක් නොවැ.. එල සහෝ..

      අඩේ කවුද බං බඩු උස්සපු එකා.. එහෙම වුනාම කලකිරෙනවා තමා හැබැයි.. :(

      Delete
  36. සැමා, අම්ම මොකද මාවත් එලවනව කියල බැන්නෙ // සෑමාට අම්ම බැන්නේද කොයි වෙලේ හරි ඔය යකඩ කම්මලත් සමග ගෙදරින් පන්නනවා කියාය//
    අපේ අයිය ඉස්සර ඔය ඉලෙට්‍රෝ මේනියා කියන රෝගෙන් පෙළුන , උගේ වැඩේ මට කරන්ට් වද්දපු එක. ඉතින් මම ඉලෙට්‍රෝ බීතිකා කියන රෝගෙන් පෙළුන. දැන් නම් යන්තම් බල්බ් එකක් අමුණ ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අහ් උබ කම්මල නේද :))

      අයියගෙ ලෙඩේ නිසා උබටත් ලෙඩක් හැදිලා !

      ඇති යන්තම් නැත්තං ගෑනි ගෙන් බැනුම් අහන්න වෙයි උබට :)

      Delete
  37. එළ එළ අපේ කාලේ තිබුනේ ජීවන කුසලතා කියලා සීන් එකක්...තඹ කම්බියකින් බවුත් එකක් හදලා රත් වෙලද බලන්න අතින් අල්ලලා එකෙක්ව ඉස්පිරිතාලෙත් ගෙනිච්චා ඉස්කෝලෙන්....

    ReplyDelete
    Replies
    1. කවුද බං ඒ ටීචර්.. ඌට වන්දි දුන්නද ? //// මට හිනා යනව බං..

      අපේත් තිබ්බ ඔය විෂය. ඒකේ සර්කිට් උගන්නපු සර්ට අපේ එවුන් කිවවේ "යකඩයා" කියල :)

      Delete
  38. මටද අම්බානක කරන්ට් වඩි ඇත. එකගමනක් දිව රොස්ට් වෙන්න වැදුනා මතකය. මගෙත් මොටර් සර්කිට් පිස්සුව හොඳ වුනේ රස්සාවට ගිය පසු ය. පරණ රේඩියෝ එහෙම ඒ කාලයේ පෙන්නන්න අමාරුය. අදත් මගේ බඩු වල නශ්ටාවශේශ ඉඳ හිට හමුවේ

    ReplyDelete
    Replies
    1. ඇයි බං දිව තියන්න ගියේ කරන්ට් එකට ?

      මම දවසක් පවර් පැක් එකේ වෝල්ට් 3ට දාලා දිව තියල වැදුනා 12ක විතර කරන්ට් එකක්.. :ඩී

      Delete
    2. ඔන්‍න‍ ඔවුවා කරන්න ගිහින් තමයි :D

      මම වයර් එකක් කටින් සුද්ද කරන්න ගියා අවුරුදු 5 දී විතර. අපේ මාමා උඹලයි අය්යා වගේ. (දැනුත් පොර කරන්නේ වෑල්ව් රේඩියෝ හදලා සුද්දන්ට විකුණන ඒක.)මාමා වැඩ කරනවා බලා ඉඳලා ඌ නැති වෙලාවක කාමරේට පැනලා සර්කිට් හදන්න කියලා වයර් එකක් සුද්ද කරන්න ගත්තා කටින්. මාමා ඒක ඕන් කරපු ප්ලග් එකකට අමුණලා තිබිලා තියෙන්නේ. මම කටින් වයර් එක අදිද්දී වැදුනා. අන්තිමට ට්‍රිප් එක ගිහින් මම බේරිලා තියෙන්නේ. පස්සේ දිව නිකං රෝස් කරපු කුකුල් මස් වගේ.. හය්යෝ.. එහෙම වෙලත් උණ බැස්සේ නෑ. අනන්ත බවුත් වලට එහෙම පුච්චන් ඇති. කොහේ..

      ස්තුතියි මතකය අලුත් කලාට.

      Delete
    3. අපි මේව නොදැම්නම් උබල කියයි ද කරන්ට් එක වැදුන කියල ?

      හිකිස් !

      Delete
  39. මාත් ආසම පැත්තක් තමා මේ සර්කිට් හදන වැඩේ..... මුලින්ම සා/පේ කරන කාලේ විද්‍යාව අච්චු පොතේ තියන සර්කිට් ටික තනියම හිතලා හැදුවා..
    ඊට පස්සේ තමා අයගේ ඉලෙක්ට්‍රොනික් පොත් හොරකම් කරලා ඕවා හදලා බැලුවේ..
    දැන් නම් වෙලාවක් නැ.. තාමත් ආසාවක් නම් තියනවා ඕවට...:)

    ReplyDelete
    Replies
    1. පොත් හොරකම් කරලත් හැදුවද බොල..

      මෙන්න ඉගෙනිමට ඇති අසාව :)

      Delete
  40. මම තවම පොඩි එකාය.දාංගලේ අඩු නැති බැවින් දිනකට හතර පස් පාරක් මට කරන්ට් එක වදී..ගිය සුමානයේ මම අපෙ ටී වී එක චකබ්ලාස්ට් කර දැම්මෙමි.හදාගන්නට දවස් දෙකක්ම ගියේය..මම ඒ දවස් දෙකේම සිටියේ ඉයර්ෆෝන් හා හෙඩ්සෙට් කණෙ අලවාගෙනය. :D
    සිස්සත්වේට සතියක් තියෙද්දී මොකක්දෝ ජිමික්ස් එකක් කරන්නට ගොස් පුච්චාගෙන හොස්සපිටෑල් නයිටක් ගැහුවා ලාවට මතකය.

    මට අමුතු මෙව්වා එකක් ඇත,ගෙදර ට්‍රිප් ස්විචය දිනකට තුන් හතර වතාවක් ටැස්ටිං කිරීම ඉබේම සිදු වේ..
    මුකෑ ද මන්දා at මඤ්ඤං වී.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උබ නිසා ට්‍රිප් එක චෙක් වෙන නිසා හොදය.. ආරක්ෂිතය :)

      Delete
    2. ටෙස්ට් කරලම ඒක දැන් වැඩ කරන්නෙත් නෑ :))

      Delete
  41. හා හා සෑමාත් මගෙ හබියා වගේම ඉලෙක්ට්‍රොනික් පිස්සෙක්ය. මේ පින්තූර වල තියෙන වැටි හරියක් අපේ ගෙදරද ඇත.එයාට මේ දවස්වල LED බ්ල්බ් හදන පිස්සුවක් හැදිල මට පුදුම මළකරදරයක් තියෙන්නෙ මටනම් මේව විකාරය. මට හිතෙන්නේම් කොයි වෙලෙ හරි මේකා මොනවා හරි විකාරයක් කර ගේම ගිනි තියාවි කියලයි.

    ReplyDelete
    Replies
    1. ගේ ගිනි තියන්නට කාව්‍යා ප්‍රමාණවත් බව හබියා දන්නවා ඇත.

      ඒ නිසා වැඩි ආපදාවක් නොවනු ඇත. ඔහුට බල්බ් හදන්නට අවස‍ර දිය යුතුමය :))

      Delete
    2. ඉහි ඉහි මට අරියාදු කොලා... මම හරි අහිංසකයි

      Delete
    3. කවුද දල්ලේ.. අයිංසකයි කියලා :)

      Delete
    4. සෑම් අය්ය,එයාගෙ හබියගෙන් තමය් ඒක නම් අහන්න වෙන්නෙ ඈ :))

      Delete
  42. මංනම් ඩන්නෑ තිං මෙව්ව.........:(

    ReplyDelete
  43. මට තිබූ තවත් පිස්සුවක් තමයි කරන්ට් වලින් මැග්නට් හදන එක. අර ටිකි පටි කම්පකය කියල එකක් තිබුනේ. තව ස්පීකර් එක හදන එකත් ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. අහ් මැග්නට් කේස්ද කලේ.. ඒ කියන්නේ මායා බන්ධන සීන් :)

      Delete
  44. අප්පේ මේ සුන්දර ගැජමැටික් කෑලි කොහොම අමතක කරන්නද!නාඩියාගේ බාප්පා හොද ඉලෙක්ට්‍රොනික් කාරයෙකි!ඉස්කෝලේ science day එකට ඒ යකාව ගෙන්නාගෙන එන සෙනග ගනින්නට කියා අයිටම් එකක් සැදුවෙමු!පිස්සු බම්ප් වෙමින් ඒ අටමන්ගල්ලේ වැඩේ ඉවර වෙනකොටත් වැදිලා තිබ්බේ 1කි!ඒ බාප්පාගේ නොහැකියාව නොව නාඩියාගේ වයර් ඇමිණීමේ දක්ෂතාවයි!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ මුලින්ම ගිය එකා වෙන්න ඇති..

      හයියෝ රෙදි නැහැ බං..

      Delete
  45. අම්මප සෑමෝ, මමත් ඉස්සර ඉලෙක්ට්‍රොනික් කාරයෙක්..
    පාවිච්චි කරපු මුල්ම අයි.සී එක UM-66 තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔය අයි සී එක තමා ගොඩක් සද්ද බද්ද සර්කිට්වලට ගන්නේ :)

      Delete
  46. පහළින් ගියානම් ගැජමැටික් එකක් හදාගන්න පුලුවන්.. මට නම් ලොකු ඉලෙක්ටොනික් දැනුමක් නෑ බං..

    http://dreamsofharee.blogspot.com/2011/05/1.html

    ReplyDelete
    Replies
    1. පස්ට.. මම බැලීම්. හදා බලන්ට අවශ්‍යය.

      ස්තුති සහෝ !

      Delete
  47. මොනාද අනේ ඉලෙක්ර්ටොනික් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉලෙස්ටොනික් අනේ !

      Delete
  48. හෆ්ෆා.. ඒ ලෙවල් ෆිසික්ස් වලට පණ දාගෙන ඉගනගත්තු ඉලෙක්ට්‍රොනික්ස් මටහ්ක් වුනා...:D

    ගණන් හදන්න නම් කිරිකජු!! ඒත් ඕවා ප්‍රැක්ටිකලි කරගන්න ගියාම...;)

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ හිතු සමිකරනවලට ඔබ ඔබ ගණන් හදලා :)

      ප්රැක්ටිකල් එක ඔලුවේ තිබ්බම පහසුවක් නෙවේද අෆ්පා ?

      ජය හොදේ !

      Delete
  49. සැමා හරිය. කෙල්ලන්ට මේවා මැජික්ය.(මටද මැජික්ය). උ/පෙළ භෞතික විද්‍යා පරිපථ කට පාඩමෙන් ඇන්ද කෙල්ලකි මම. මට ඒවා ර්‍ග්‍රක්ය.

    ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් යනු එකක් බැව් මම එකල සිතා සිටි අයුරු මතක් වී සිනා ද පනී. කොතෙක් පැහැදිලි කළඳ ගෑණු මොළයට එය එකක් මය.

    පෝගනාටුම් වල ජීවන චක්‍රය වැනි සිම්පල් චක්කර අදින්න බැරි කොල්ලන් පැති මාරු නොකර සර්කිට් අදින්න උපන් හපනුන්ය..... කොල්ලන් නම් ඇත්තටම ලූස් කනෙක්ශන් ඇති වයර් ගොඩක්මය.

    පෝස්ටුව එය සැබෑවක් බව ඔප්පු කළේය.

    සැමා ඔබට පිං ය.

    මම
    සොඳුරු අක්කාය

    ReplyDelete
    Replies
    1. // කොල්ලන් නම් ඇත්තටම ලූස් කනෙක්ශන් ඇති වයර් ගොඩක්මය. //

      සමස්ථ පිරිමි සංහතියටම එල්ල කළ මෙම සයිබර් ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු !

      ‘ලූස් කනෙක්ශන් ඇති වයර් ගොඩවල්‘ නැති ලෝකයක සිටින කෙල්ලන් ගැන සිතන විට මට තනි ඇහැට ඇඬෙනවාය. :)

      Delete
    2. අයියෝ දෙයියනේ..........
      ඒක කීවේ බොහොම ලෙංගතු ආදරයකින්........

      Delete
    3. මමත් විහිළුවක්නෙ කළේ. :)

      හරි කෙල්ලෙ, කියන්ඩකෝ බලන්න කොල්ලො නැති ලෝකෙකට ඔයා කැමති ද?

      Delete
    4. physics පරිපථ පාඩම් මරුය. ඒත් ගණන් සර්කිට් හදනවාට වඩා අප්පිරියයිය.

      සෙදුරු අක්කා සෑමාට පිං දෙන්නේය. අපි වන් පිරිමි නැති ලොවක ඉපදුනේ නම් මෙවන් පොස්ටු දකින්නටවත් නොලැබෙන්නේමය. :ඩී

      @DDT - රිප්ලයි කමෙන්ටු මගින් උබ මහගු කාර්යක් කර ඇත. සොදුරු අක්කා තවමත් පිලිතුරු සොයනවා ඇත ;)

      සියල්ලන්ට ජය !

      Delete
    5. //කොතෙක් පැහැදිලි කළඳ ගෑණු මොළයට එය එකක් මය//

      බළලා මල්ලෙන් එළියට පැන ඇත ;) හූ!

      කොල්ලො නැති ලෝකෙක කෙල්ලො මුකෑ කොරන්නද DDT අයියා :))

      Delete
  50. මාත් ඉස්සර ඉදන්ම ඔය වයර් කෑලි අමුනන සීන් එකට ආසයි.
    ඒක නිසාමද මන්දා මට තාම වයර් !!!!

    ReplyDelete
    Replies
    1. හික්ස් වයර් නිසාමද මන්දා ඇත්තම කියන්නේ :)

      Delete
  51. මම ද ඔය කරන්ට් වැඩ වලට බය හොඳ කොල්ලෙකි.

    ReplyDelete
  52. සෑමා මැජික් වැඩට දක්ෂයෙකි. :D

    ReplyDelete
    Replies
    1. මැජික් ගැන ලිව්වේ සෑමා නොව අසරණයාය :)

      Delete
  53. අඩේ සෑමා මට LIKE දමන්නට විදිහක් නොමැත,මක්නිසාදයත් Facebook තහනම්ව ඇති බැවිනි.
    අහන්න එපා කවුද තහනම් කරේ කියලා.

    එත් මන් මේකට සදාරණයක් ඉටුකළ යුතුය.මන්ද මේ සැමගේ අතීතය කෙසේ වෙතත් මගේ අතීතය එක අකිරක්‌ නෑර ලියවී ඇති බැවිනි.මටත් තිබුනේ මීට නොදවෙනි ඉලෙක්ට්‍රොනික අතීතයක් ඇති නිසාය.

    ◄►╔════╦══╦════╦════╗
    ◄►║████║░░║████║████╠═══╦═════╗
    ◄►╚╗██╔╝░░╚╗██╔╩╗██╠╝███║█████║
    ◄►░║██║░░░░║██║╔╝██║███╔╣██══╦╝ ◄►░║██║╔══╗║██║║██████═╣║████║
    ◄►╔╝██╚╝██╠╝██╚╬═██║███╚╣██══╩╗ ◄►║███████║████║████║███║█████║


    //දන්නෙ නැහැ ඇයි කියල. ඇස් තෙත් වුනා.//
    ඇත්තටම සැමෝ මේක කියවද්දී මගෙත් ඇස් තෙත් වුනා.ඇත්තටම මන් ඒ වැඩ වලට තවත් ආසයි,එත් ලංකාව වගේ රට වල ඉන්න උන්ට ඒ හැකියාවෙන් දිගටම ප්‍රවෝජනයක් ගන්න අමාරුයි.එකයි උබ,මම වගේ දුකින් උනත් හැමෝම යම් වයසකදී මේක අත අරින්නේ.

    ReplyDelete
  54. මේ පෝස්ට් එකෙන් මීට අවුරුදු බොහෝ ගණනකට පෙර අතීතයට ගියා.මට හිතෙන විදිහට අපි ඔක්කොටම එකම විදිහෙ අතීතයක් තිබිලා තියෙන්නෙ.ජය වේවා!

    ReplyDelete
  55. බවුත් එක පාගලා තියනවද හරිම සැපයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...