Thursday, June 14, 2012

ස්පයිඩර් මෑන් දැල පිටට නොගසා, අතේ ගසයි..


ඉස්කෝලෙ යන කාලේ කාලෙන් කාලෙට අලුත් විෂ බීජ පාසල් ගත වන්නේය. අපි යන කාලයේ කෙල්ලෝ දනිස්ස ලගට කොටට අදින්නට පටන් ගත්තෝය. එවිට තිත්ත නායක අක්කලා ඔවුන්ගේ ගවුම යට අඩියේ වාටිය ගලවන්නට පටන් ගත්තෝය. පහවෙනිදා අපේ කෙල්ලෝ ඒවා නැවත නමා වාටි ගසා පාසල් ගත වුවෝය. ඒ මැහුම් ගෙතුම් වලට දක්ෂ දැරිවියෝ අප පාසලේ සිටි නිසාය.

කොල්ලෝ බැගී වැඩිපුර දමන්නට වූහ. කලිසම දනිස්සට ඇද එල්ලගෙන සිටියහ. පසුකලෙක බැගී නැතිම කර නීට් එකට හොදටම යට කර අදින්නට වූහ. සෑමා 11 වසර සිටිද්දී 13 වසරේ අයියා කෙනෙක් ඉන්ටර්වල් එකේ  පමණක් යුනිෆෝම් එකට අදාල නොවන ගැජෙට්ටුවක් හැද සිටියා මතකය. ඒ බෙල්ට් එකක් නොහොත් ඉන පටියක්ය. ඒවා වෙළද දැන්වීම්ය.

ජෙල් ගෑමද මේනියාවක් වූ කාලයක් පාසලේ තිබුනේය. ජෙල් ගෑම් අත්අඩංගුවට ගැනීමට ආ ප්‍රින්සිපල් උතුමාට වුණ දේ මෙතනන් බැලිය හැකිය.

එසේ එක එක ගැජමැටික්ස් තිබියදී ඒ කාලේම පාසල් ගත වුයේ ෂර්ට් එකට දාන විලාසිතාවක්ය. එය ගෙදර සිටම කරගෙන ආ යුතුය. ෂර්ට් එක මැදීමේදී (අයන් කරන විට) අදාල ක්‍රමයට ෂර්ට් එක නමා අයන් කිරීමෙන් 'මකුළු දැලක්' ඉස්මතු කිරීම එම විලාසිතාව විය. එය කරන ආකාරය පහදා දී අතීතය මතක් කිරීම සුදුසුය.

"ස්පයිඩර් මෑන්" මහතා


අවශ්‍ය ද්‍රව්‍යය :-


  • ඉක්කෝල ෂර්ට් එක.
  • අයන් එක.
  • කරන්ට් එක.
  • අයන් බෝඩ් එක හෝ මේසය.
  • ඉස්කූල් බෑග් එක.
අයන් එක නොහොත් ඉස්කිරිත්තය ප්ලග් එකට ගසා රත් කර ගන්න. ඉන්පසු පහත පරිදි නමමින්, දිග හරිමින්, ක්‍රමානු කූලව අයන් කර ගන්න.

දෙකට නමන්න

හතරට නමන්න

ඒක ආයෙත් හරහට නමා, නැමු ඉරි දිගේ අයන් කරන්න.

උල උඩට නමන්න, නැමුම අයන් කරන්න

කලින් නමපු එක දිග හැර නැවත උල ඊට අඩුවෙන් උඩට නමන්න නැමුම අයන් කරන්න. 

ඒකත් දිග හැර නැවත අඩුවෙන් නමා  නැමුම අයන් කරන්න .  

දැන් දිග හැර බලන්න. එවිට මකුළු දැල ලැබේ.
අවශ්‍යය අමුද්‍රව්‍යය සියල්ල පාහේ භාවිතා කර අහවරය. දැන් කට්ටිය කල්පනා කරනු ඇත්තේ ඉස්කෝල බෑග් එකට කරන්නේ කුමක්ද කියාය. මෙහෙම මකුළු දැල ගසාගෙන ඉක්කෝලෙ යද්දි මුලින්ම මෙය ඇස ගැටෙන්නේ ගෙදර සිටින දෙමාපියන්ටය. එනිසා ෂර්ට් එක හැද ගත් හැටි‍යේ බෑග් එක දමාගෙන ගෙදරින් එලියට පැන ගත යුතුය.

පසුව පාසල් ගේට්ටුවෙන් ඇතුලට යාමටද බෑග් එක වුවමනාය. බැග් එක ගලවා පන්තියේ තබා පාසල තුල ඇවිදීමේදි ගුරුවරු පැමිනෙන විටකදී ලගම ඇති බිත්තිය පැත්ත හැරී සිටිය යුතුය. එවිට ගුරුවරු පවා සිතන්නේ මේ ගුණ ගරුක දරුවන් තමන්ට මාර්ගය ඉඩ දී, පසෙකට වී, ගරු බුහුමන් කරනවා කියාය.

මේ ඉට්ටයිල් එක පාසල් ගතව සුළු කාලෙකින් හැම එකාම පාහේ මකුළු දැල පිටේ ගසන්නට වුයේය. එනිසාම සමහර ගුරුවරුන්ට පවා ඉට්ටයිල් එක අතට අසුවිය. එදා සිට පරික්ෂන ඇරබෙන්නට විය. මකුළු දැල පිටේ ගසා ස්පයිඩර් මෑන් වුවන්ට දඩුවම් පැමිණ වීම ආවේ එදා සිටය.

සියල්ලෝම එකම කරද්දී උඩුගම් බලා පිහිනා නව නිර්මාණ කරන අපේ කොල්ලෝ ඒ කාලේද බහුලය. හැම එකාම මකුළුදැල් ගහ කළ අපේ සමහර එවුන් තම නමේ මුල් අකුර පවා ගසන්නට වූහ. ඒ අතර අපේ නුවන් සොයුරා පිටේ "N" අකුර ගැසුවා මතකය.

අපේ ජම්බුවාද දිනක්  නව නිර්මාණයක සමගින් පාසලට ආවේය. එදා ජම්බුවා අසු වූයේ අප බොහෝ දෙනාගේ සිත් දිනාගත් ලතා ටීචර්ටය.

ඇය හැම එකාගේම පිටවල් වලට එබෙමින් කොරිඩෝව දිගේ පැමිණියාය. ස්පයිඩර් මෑන් ලා බිත්ති වලට හේතු වන්නට වීය.

"මුං වගේ කොල්ලෝ ඔච්චර බය නම් අහවල් එකටද ඕව පිටේ ගහන්නේ??" ඒ ලතා ටීචර්ය.

"නැහැ ටීචර් අපි ටීචර්ට ඉඩ දෙන්න පැත්තකට වුනේ" අපේ එකෙක් කීය.

"අහ්.. සහන් නම් අද බය නැතුව ඉන්නේ.." සහන් හෙවත් අපේ ජම්බු වෙනදා මෙන් නොව ටීචර් ලගට එද්දි සිටිය නිසා ටීචර් සිතුවේ ජම්බු මකුළු දැල ගසා නැති බව විය යුතුය. ඇය ජම්බු සමග හොදින් හිතවත්ය. ටීචර් ලගට එද්දී ජම්බු තම දකුණු අත ටීචර් එන පැත්තට විරුද්ධ පැත්තට හරවද්දී ටීචර් ජම්බුගේ අත ඇද බැලීය. ඒ ඇයට ඇති වු සැකයක් නිසාමය.

"ඈ සහන් අනිත් එවුන් පිටේ ගහද්දි තමුසෙ අතේ ගහ ගත්තද??"

එදා අපේ ජම්බු මකුළු දැල අසා තිබ්බේ අතේය. ඒ කිව්වේ ෂර්ට් එ‍කේ sleeve එක ඉහත පරිදි නිසි ආකාරයෙන් නවා මකුළු දැල නිර්මාණය කර තිබුනේය.

Written by sAm_7.15pm_14.06.2012

සැයු - නිර්මාණයට දායක කරගත්තේ සදුදා ඔපීස් ඇන්ද තවමත් නොසේදු කමිසයක්ය.

141 comments:

  1. Replies
    1. මාත් ට්‍රෙන්ඩ් එකට ඇතුල් වුනා :)

      සිකේ ටීචර් ඒක ඇහුවේ ජරා විදියටනේ.මොනා වුනත් පැත්තකට අඩගහලායි අහන්න තිබුනේ.

      Delete
    2. කොයි ට්‍රෙන්ඩ් එකටද බොල ?

      Delete
    3. මම එක කියලා දාන්න.ලිපිය කියවන්නත් කලින් එක කියලා දාලා තමා ලිපිය කියෙව්වේ :D

      Delete
    4. අහ් ඒක මිසක්.. මම හිතුවා අතේ ගහපු ට්‍රෙන්ඩ් එකේ කියල.

      Delete
  2. ශික් මුන්ට ලැජ්ජා නෑ...
    එලිපිට අතේ ගහලනේ.. ඊයා ඕයි... :-)))

    මට මතකයි දවසක් අපේ එකෙක් ඕක පිටේ ගහන් ඇවිල්ලා ෂර්ට් එක නැතුව පිට්ටනිය දිව්වා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පිට්ටනිය දිව්වා නෙමේ...

      පිට්ටනිය වටේ දිව්වා ඈ... :-)

      Delete
    2. පිට්ටනිය දිව්වා.. මට හිනා ගියා බං පැලෙන්න.. මරු අහ්.. රාජ භෝජනේට මෙනව හරි කලවං වෙලාද ?

      Delete
  3. මේවා අලුත් සෙල්ලම් වෙන්ටෑ.. අපි යන කාලෙනම් ඔය සුකුරුත්තම් තිබුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. උබ එච්චර වයසද බං 2003 අවට කාලේ ඕලෙවල් කරපු එකෙක් නෙවේද බොලා..

      මේ මකුළු දැල් සීන් එක එච්චර නැගල ගියෙ නැහැ මයෙ හිතේ..

      Delete
    2. @ සෑම්,

      මල මඟුලයි. උඹත් එතකොට 2003 අවට කාලේ ඕලෙවල් කරපු එකෙක් ද? (ඕ/ලෙවල් ද? ඒ/ලෙවල් ද? බං)

      Delete
    3. සෙන්නා අයියාගේ වයස මටත් තාම ප්‍රස්නයක්... 37 ක් දාලා දෙන්නම් කියලා දවසක් කිව්වද කොහෙද.

      2003 ඒ ලේවල්ද? ඕ ලෙවල්ද? මමනම් මුලින් කියපු එකේ.

      Delete
    4. මම 2003 ඕ ලෙවල්.. සෑමයි මායි එක වයසේ පොඩි කොල්ලෝ තාම.. නැද්ද බං.. දාපං පහක්... :)

      Delete
    5. හපොයි 2003 අවට ඕ/ලෙවල්..!!

      සයුරිට දීපු ගාන හරි. 2003 දී ජොබ් කරනඩත් අරගන සෑහෙන කාලයක් ගිහිල්ලා :-)

      දැන් මහලු වේගන යන්නෙ.....

      Delete
    6. ඊ ඩෙයියනේ ඩෙඩාස් ටුනේ මං පහේ පන්ටියෙ......:O

      Delete
    7. හෙහ් .. හෙහ් .. හෙහ් .. ඔය එන්නෙ කෂ්ටිය උප්පැන්නෙත් දිගඇරං ....

      Delete
    8. වයස වැඩි හැම එකාටම අයියෙ කිව්වට මම සෙන්නට විතරක් බං බොලං කියන්නෙ.. තරහද මන්දා?

      Delete
    9. පිස්සුද බන් එහෙමම කියපන් ( රහසින් : උඹේ වයසෙ සහ ඊට බාල අනිත් උන්වත් පුලුවන්නම් උනන්දු කොරෝපන් ). එතකොටනෙ පොර කොල්ලා වෙන්නෙ. හිකිස්ය...

      Delete
    10. සියල්ල අවසන නිගමනය - සෙන්නා මහළු වුවත් කොල්ලා වීමට සැරසේ. ඒ නිසාම කොල්ලා යන වචනයට ලගින් යන ලෙස 'සෙන්නා' කියා තම නම භාවිත කරනවා ඇත..

      මේක සිරා ඇහ්..

      //DDTJune 15, 2012 12:24 PM
      හෙහ් .. හෙහ් .. හෙහ් .. ඔය එන්නෙ කෂ්ටිය උප්පැන්නෙත් දිගඇරං ....//

      Delete
    11. අනේ පලයන් බන් යන්ඩ.. 37 ක් වයසක්ද ? එතකොට උඹ කොල්ලා නාකියා වෙන්ඩද සෑම් කියලා පරණ පප්පා නමක් දාගන තියෙන්නෙ...

      KAW පෙරේරාගේ වයසත් එක්ක බැලුවාම ඉතින් උඹටත් සෑහෙන වයසක් තමා..

      හොක්කි හොක්කි හූහූහූහූහූහූහූඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ

      Delete
    12. කවුද යකෝ අපේ වත්තට ඇවිත් අපිටම හූ කියන ජන්ඩියා..

      හිටු මගේ අයිඩෙන්ටිය දානවා ඊලග පෝට්ටුවේ !

      Delete
    13. හිහි...මමත් හිතුවේ සෑම් ට අඩුම ගානේ 35 ක් වත් ඇති කියලා....ලියන එව්වගේ හැටියට :ඩි

      Delete
  4. අපේ එවුන්ට කලිසම්වලට බෙල්ට් දාන්න විදිහක් තිබුනේ නැහැ. ලූප්ස් කලිසම්වල තියෙන එක තහනම් දෙයක් වෙලා තිබුණේ... ඒ වගේමයි අපේ සිස්ස නායකයෝ මේ වගේ හොර මගඩි අල්ලන්න හරි හපන්න වෙලා තිබුණු නිසා මේ වගේ ජාති කරන එවුන්ට අබ සරණ විය :D

    ReplyDelete
    Replies
    1. 13වසරේ අයට තිත්ත නාකියෝ අවුලක් නැහැනේ බං.. උන්ගේම එවුන් නේ..

      මෙන්න ලූප් කතාවක්. ගැටයාව ‍ලොක් කලෙමු

      Delete
    2. උඹ දන්නවද සෑම් මේ රටේ බෙල්ට් එක නොදා එන එවුන්ව තිත්ත නායකයො අල්ල ගන්නවා. කෙල්ලන්ට කොන්ඩෙ කරල් දෙකට බෙදන්න තහනම්. තනි කරල.
      henryblogwalker the Dude

      Delete
    3. අපේ ඉස්කෝලේ ඕක වුණේ අනිත් පැත්ත ශිෂ්‍ය නායකයෝ කියන්නේ උසස් පෙළ ලියපු සෙට් එක. උන්ට ඉස්කෝලේ 1-13 දක්වා ඕන එකෙක් ඔට්ටුයි :D

      Delete
    4. @henry - අඩේ බෙල්ට් කාරයෝ ඉන්න ඉක්කෝලෙකද උබ ඉන්නේ? පරිස්සමෙන් මචං කොල්ලන්ට සද්ද දාන්නේ..

      තන කරලට බදින කෙල්ලෝ ඉන්න ඉක්කෝල ලංකාවෙ තියනව මා දැක ඇත්තෙමි.

      @හසිත - අඩේ උන් දෙවෙනි පාර කන්නද බං ඉක්කෝලෙ ආවේ. 14 වසරේ එවුන් කැම්පස් ගියෙ නැද්ද?

      Delete
  5. ඔෆිස් යන්නෙත් මකුළු දැල ඇදන්දැ..

    ReplyDelete
    Replies
    1. ඊක්කා නැහැ.. මේක දැන් හෝදලා මකන්න ඕනේ..

      ඕව ඉක්කෝලෙ යන කාලෙ වැඩ නොවැ..

      Delete
  6. අතේ ගහගත්තද කියල ඇහුවම අනිත් උන්ගෙ මූනු ටික දාන්ට තිබුනෙ මේකට හික් හික් හික් :D

    ReplyDelete
    Replies
    1. මට නම් මැවිල පේනවා.. ටීචරුත් ටිකකින් හරි කල්පනාවට ආවා..

      Delete
  7. // ස්පයිඩර් මෑන් දැල පිටට නොගසා, අතේ ගසයි.. //

    මේ මාතෘකාව පිළිබඳව මාගේ බලවත් විරෝධය !

    ඇයි වදේ, මම හදිස්සියට දැක්කෙ “ස්පයිඩර් මෑන් අතේ ගසයි..“ කියල. සම්පූර්ණයෙන්ම පාඨකයො නොමග යවන සුළුයි.

    ReplyDelete
    Replies
    1. නිෂාන් කොලුවත් නොමග ගිහින් වගේ.. හිකිස්..

      එල ඇ !

      Delete
  8. අපේ කාලේ අලුත් ට්‍රෙන්ඩ් එක ෆුල් නීට් එකට ඇදීම...සර්ට් එක ජොකා ඇතුලට යට කරනවා බඩත් එක්ක ඇලිලා ෆුල් ෆ්ලැට් වෙන්න පේන්න :D

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තමා බොල අපිත් හිටියේ.. :) යකෝ සබිය හිතන් ඉන්නේ අපි මූට වඩා වයසයි කියල නේ..

      ඒ නීට් කිට් එක සිරා.. මම නම් ජොකා අස්සෙ දැම්මෙ නැහැ. එතකොට කලිසම පහත් වුනොත් ‍"එකා ජොලියේ"

      Delete
  9. බැගී දාන එකයි රැප දාන එකයි අපේ කාලෙත් තිබුනා. ජෙල් නම් ඉතින් අහන්න දෙයක් නෑනේ. මකුළු දැල් ඉට්ටයිල් එක මැක්සා ලයින් එක ආ.

    ටීච අරේම අහනකොට.... බීප් ..බීප්... බීප්.....

    අයියේ නොසේදු කමිසේ සලීම් ෆිට් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. ටීචර් පස්සෙ කල්පනා කරන්න ඇති කටෙන් පැන්න වචනෙ අපි වගේ පොඩි එකාලට ගැලපෙනවද කියල :ඩී

      මම මනාප ඔය කියන ස්ලිම් ෆිට් එකට තමා.. :)

      Delete
  10. අතේ ගහගෙන ඉන්න කොට වැඩිය පේන්නේ නෑනේ ? ටීචර්ටත් අනවශය ප්‍රශ්න අහලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් හැංගි හැංගි අතේ ගැහුවෙ නැහැ නොව.

      Delete
  11. අපේ ටීචර්ලා ඔය අත් වැඩේට නං තහංචි දැම්මෙ නෑ.ආන් ගුරු දෙවිවරු

    ReplyDelete
    Replies
    1. අත්වැඩ පරවැඩ සමව සිතන්නේ
      මෙත් සිත සව්සත මෙනෙහි කරන්නේ

      කියනවනේ.. :)

      Delete
  12. මකුළුවනං අපිත් ගැහුව. පුදුමෙ කියන්නෙ සර්ලට මුලදි හිතාගන්න බැරිවුනා මේ මොකක්ද වෙන්නෙ කියල. අතේ ගැහිල්ලත් නරක නෑ. අහුවෙන්නෙ නැතිවෙන්න. :-)

    ReplyDelete
    Replies
    1. සර්ල බලන්න ඇති මුං කෝමද මේක ගහන්නෙ කියල මචං. බලං ගියාම පාසල් සිසුන් පට්ට නිර්මාංශයි.. අහ් වැරදුනා 'පට්ට නිර්මාණශීලී'

      Delete
  13. හෆොයි.......කොහොම උනත් සෑමටත් මකුළු දැළ ගහලා හොද පුරුද්දක් තියෙනවා වගේ.......

    ReplyDelete
    Replies
    1. දැල් එලලා එහෙම හොද පුරුද්දක් තියෙනවා. :)

      Delete
  14. හිහ...මෙයාලත් කරලා තියන වැඩ. ජම්බු කිව්වම මම බැලුවේ, අපේ යාලුවෙකුත් ඉන්නවා ජම්බුවා කියලා. හැබැයි එයාගේ නම සහන් නෙමෙයි.

    ප.ලි. ස්පයිඩර් මැන් මේ දවස්වල ඉන්නේ අප්සෙට් එකේලු නේද? එයාව විතරක් අවෙන්ජර්ස් ෆිල්ම් එකට ගත්තේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. // ස්පයිඩර් මැන් මේ දවස්වල ඉන්නේ අප්සෙට් එකේලු නේද? එයාව විතරක් අවෙන්ජර්ස් ෆිල්ම් එකට ගත්තේ නෑ කියලා. //

      අප්පට සිරි බොල, සයුරි අක්කට වත්මන් ලෝක දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියනව නොවැ.

      Delete
    2. හිහි නැතුව නැතුව :)

      Delete
    3. ස්පයි‍ඩ්ර් මෑන් අයියාව දන්නා මුත් නලු බට්ටාව නොදනිමි. ස්පයිඩර් වුමන් අක්කාව නම් හොද හැටි දනිමි.

      :)

      Delete
  15. නියම ලිපියක් මට ස්කොලේ ගියකාලේ මතක් වුනා.... අපේ කාලේනම් මකුළු දැල් සීන් එක තිබ්බේ නැහැ, එ කාලේ තිබ්බේ අත් දිග ෂර්ට් එකේ අත් හිනියට නවන එකයි, අනිත් එක තමයි දිග කලිසම ඩබල් පොල්ට් මහන එකයි, බැගි අඳින එකයි. මම නම් ඩබල් පොල්ට් කලිසම් ඇන්දා, මටනම් ඔය සිස්ස නායක ද කවුද අයියලා මුකුත් කචල් දැම්මේ නැහැ.... මොකද මට සද්දේ දැම්මොත් කෙඩෙට් සෙට් එකයි බැන්ඩ් එකේ සෙට් එකයි බැස්ස ගමන් සිස්ස නායකයින් හොයන්නත් නැහැ...හි හ් හි.....

    ReplyDelete
    Replies
    1. අත් දිග ෂර්ට් එක හිනියට නවන සීන් එක මාත් අහල තියෙනවා.

      අම්මද බොල උබ සාජන්ට් ද? අ‍පේ ඩයියාත් සාජන්ට් නිසා පොරත් අභීතව හිටියා එකෙක්වත් සද්ද නැහැ.

      Delete
    2. අපෝ නැහැ, මම කෝප්‍රල් කෙනෙක් විතරයි, එත් මම හැමොමත් එක්ක ‍ෆිට් එකේ ඉන්න නිසා හැමොම මගෙත් එක්ක ඉන්නව, කෙඩෙට් ප්ලැ‍ටුන් එකයි, බැන්ඩ් ප්ලැ‍ටුන් එකයි දෙකෙම අය මට මොකක් හරි කිව්වොත් ටක් ගාලා එනව.....

      Delete
  16. අර මාත්තුකාවද මොකක්ද කියන අටමගලේ හරි කුජීතයි බොල. පාඨකයෝ නොමග යවන සුලුයි. අම්මාපල් මම කල්පනා කො‍රැව්ව මූ දැන් මේකත් කොරන්නේ පොරසිද්ධියෙදෑ කියලා.පස්සේ නොවැ තේරුනේ.හිකිස්...ජය...!


    (මගේ පෝස්‍ටුවට උබේ බ්ලොග් එකේ පුංචි ඉඩක් වෙන්කරපු එකට"ස්තුතියි" උබට ගොඩාක්)

    ReplyDelete
    Replies
    1. පුලු පුලුවං හැම එකාටම සපෝට් එකක් දෙන්න ඕනෙ බං. ඔක්කොම අපේ එවුන්.

      උබ අපි කියල අහසින් පාත්වෙලා නැහැනේ.

      ජය වේවා සහෝ !

      Delete
  17. දැල් උනත් අතේ ගහලා මාට්ටු උනාම ගුටි තමා

    ReplyDelete
    Replies
    1. වල් කතා එපා බං. දැල් අවුලක් නැහැ.

      Delete
  18. Replies
    1. මගෙ අප්පේ තිබ්බ කියල ඔය හැම තැනම ගහල ප්‍රින්සිපල් මාමා ගහයි.

      Delete
  19. ආයි ඔය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මාත් අහු වෙලා තියනවා සීබ්‍රා අතේ නෑ නෑ කලිසමේ කකුලෙ ගහගෙන ඉදලා...

    ReplyDelete
    Replies
    1. සිබ්‍රා අතේ ගසනවා දැක නැත්තෙමි. කකුලේ නම් ගහනවා ඇති නේද?

      :)

      Delete
  20. අඩේ බං මමත් ඔය කෙලිය කරලා තියනවා. මකුළු දැ‍ළ කමිස සාක්කුවෙත් ගහගෙන ගියා මතකයි. මමත් 2003 ඒ ලෙවල් බැච් එකේ.

    ReplyDelete
    Replies
    1. මම 2003 ඕලෙවල් දරුවෙක් මචං අයියේ. :)

      සාක්කුවේ ගහපු සීන් එක මට අමතක වුනා මචං.

      ජය !

      Delete
  21. //අයන් එක.
    කරන්ට් එක.
    අයන් බෝඩ් එක හෝ මේසය.//

    අවශ්‍ය ද්‍රව්‍ය වලට මේ තුනම නැතිව පොල්කටු ඉස්තිරික්කයක්ද ගත හැකිය...

    ස්පයිඩර් මෑන් කෙලිය මට ඇල්ලුවේම නැත.... කාලයක් ඉස්කෝලේ පටන් ගත්තේ 8ටය.8 යනු මා ෂර්ට් එක අයන් කරන වෙලාවයි.ඕක එහෙන් මෙහෙන් අයන් කරගෙන බොත්තම් දමන්නේ මග දිගට බැවින් මකුළු දැල අතේවත් ගහන්නට වෙලා නැතිය...

    මසක් පමණ විදුලි කප්පාදුවකට ලක් වීම නිසා පොල්කටු ඉස්තිරික්කය සෑහෙන්න මෙහෙයක් ඉටු කලේය.ඒකෙන් දැල අතේ ගහන්න ගියා නම් තාමත් මම ඉස්කෝලේය.විදුලිය ලැබුණු පසු හැම ඉරිදාම එක වෙලාවක සතියට සරිලන ඇඳුම් අයන් කරගත යුතුයි නීතියක් පැමිණි බැවින් දැල පිටේ තියා අතේ ගැසීමද හීනයක් පමණක්ම විය...

    නමුත් මා අනික් අයට වඩා වෙනස්ය.අයන් කරන්නේ යකා දත් හිටවන්නාක් මෙන් නිසා ෂර්ට් අතේ ඉරි දෙක තුන වැදෙන්නේය.තාම හරි හැටි අයන් කරගන්නට බැරිය.අයන් කිරීමේ කලාව හඳුන්වා දුන්න එකාගේ ගුණ ගැයෙන්නේ මේ නිසාමය.....

    මකුළු දැලේ හරස් ඉරි ගසන්නේ කෙසේදැයි නොදනිමි...

    ReplyDelete
    Replies
    1. මටත් බැරිම සහ එපාම කරපු මගුල් වලින් එකක් තමයි අයන් කරන් එක.. මමත් ඕක කරන්නෙ හිත රවට්ට ගන්ඩ විතරයි.. සිං සිං ගාල එහෙන් ඇල්ලුවා, මෙහෙන් ඇල්ලුවා වැඩේ ඉවරයි..

      Delete
    2. දවසක් මාත් පොල් කට්ටෙන් මැද්ද. අම්ම කටු දාල දුන්න. ඒක අරන් ආවේ කලින් පෝස්ටුවක දාපු මගෙ මිත්‍ර ධර්මෙ (පෝස්ටුවේ දාපු වයාජ නම) ගේ ගෙදරින්. හරි අමාරුයි බං පොල්කට්ටෙන් මැදීම.

      මටත් ඉස්සර එපා කරපු වැඩක් අයන් කිරීම. පස්සෙ පස්සේ කැමැත්තෙන් කලා. දැන් වුනත් වෙලාවකට කම්මැලි. සමහර ඉරිදා දිනවල් වල මම සතියටම රෙදි අයන් කරනවා. කම්මැලි හිතුනම එදි නෙදා කරනවා.

      @සෙන්නා - මකුලු දැල / අතේ ගැසීම එහෙන් මෙහෙන් අල්ලලා කලබලෙන් කලාට ගතියක් නැත

      Delete
  22. ලැජ්ජ බයට හැදුනු අපි ප්‍රසිද්දියේ අතේ නොගැසුවෙමු.... පිටේ හැසූ අයුරුත් එය වයිටාට මාට්ටු වී පු* හරහා කෑ වේවැල් පාර මතක්වෙන විටනම් අදටත් පු* පුපුරු ගසන්නේය

    ReplyDelete
    Replies
    1. පු* මකුලු දැල ගැසුවා නම් පට්ටය.

      මතක නේ ඇම්ඩාගේ කතාව. ?

      Delete
  23. එල එල සුප්ප්පා,.,මම ගහන්නේ සාක්කුවේ

    ReplyDelete
    Replies
    1. සාක්කුවේ හිලක්ද? ඒකෙන් (දැල) අතේ ගැසිය හැකිද?

      Delete
  24. අපේ කාලයේ තිබුණෙ බැගී දැමිල්ල කලිසම පහලින් හොදටම හීන් උඩින් පිම්බිලා....කොණ්ඩෙ බෙල්ල හරියෙන් ටිකක් වවලා ටේල් එකක් තිබ්බා. ඉස්සරහින් දාර හුඩ් එකක් ගැහුවා.සිස්ස නායකයො ඕවා අල්ලන්න ආවෙ නෑ. ඒත් විනය පාලකයින්ගෙන් නම් බේරෙන්න අමාරු වුනා.මගෙත් කලිසම්කකුල්වල වාටි ලෙහලා දික්කලා.මම ආයෙ වාටි මැහුවෙ නෑ. නූල් ඇදිලා ආවම ඒකත් මාර ගති.
    ඔය කාලයේම තමා ශිෂ්‍ය සටන් ඇවිලිලා ගියේ එතකොට ඇදුමෙ විනය වෙනුවට අපේ පංචස්කන්දයම ගැන හොයලා බලන්න විනය පාලකයින්ට සිද්ධවුනා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර සීන් එකක් තිබ්බා ගෙදරට අදින කොට කලිසම් වල වාටිය ගලවලා නූල් අරින. මට ඒක මතක් වුනා. මොකද මාත් ඒ කාලෙ කරල බැලුවා.

      ජය !

      Delete
  25. දවසක් බස් ස්ට්‍රයි වෙලාවක හිර වෙලා CTB එකේ ගිහින් මකුළුවා ඉබේම මගේ පිටේ.. මම දන්නෙත් නෑ.. 8 ඉස්කෝලේ පටන් ගත්තා 8.30 රැස්වීම ඉවර වෙලා මාව එහෙමම ගෙදර යැවුවා.. :)

    ReplyDelete
    Replies
    1. අනේ.. අමාරුවෙන් පනින මම එහෙනම් එන්නේ පින් දිදී.. ආයේ පනින්න ඕනේ උනත් එන්නෙම සී.ටී.බී වල. කොහෙද.. අපේ ඉස්කෝල වල එහෙම එලෙව්වේ නෑ නේ.

      Delete
    2. බස්වල හිර වෙලා ගියාම පිටේ නෙවේ බං අතේ වුනත් ගැහෙනවා නොමිලේම.

      කැසැලැන්ඩර් නම් ඉක්කෝලෙන් පනින්නම බලං හිටපු එකෙක්. :)

      Delete
    3. ආයේ.. වැට ගැන ප්‍රින්සිපල්ට වඩා දන්නේ අපි. වැට කොතනද අපි ඒ ළඟ.

      Delete
  26. ඔය ස්පයිඩර් කාරයව මට නම් පේන්න බැහැ.....:(:(

    ReplyDelete
  27. මකුළුවා නෑනේ... පට්ට ආ... අලුත් හිතිල්ලක්

    ReplyDelete
  28. ශික් මම රැවටුන තරමක්

    ReplyDelete
    Replies
    1. ස්පයිඩර් මෑන්ටද? නැත්තම් ගැහිල්ලටද ?

      Delete
  29. "ඉක්කෝල ෂර්ට් එක." ලෙස "සදුදා ඔපීස් ඇන්ද තවමත් නොසේදු කමිසයක් " යොදා ගත හැකිද??

    ReplyDelete
    Replies
    1. හැක. නමුත් වැරදිලා ඔපීස් කියා පාසල් නොයන්න.

      Delete
  30. අපොයි මෙහෙමත් ට්‍රෙන්ඩ්.... :)
    අපිනම් කොට ගවුම් ඇදගෙන ගිහින් නෑ. 12,13 වසර වලදි දිගට නියපොතු වවාගෙන නම් ගියා.ඒත් සිස්ස නායිකාවෝ අපේ වයසෙම නිසා අල්ලන්නෙත් නෑ.මගෙ යාලුවො අපේ පන්තියෙම සිස්ස නායිකාවට කිව්වා මගෙ නියපොතු කපන්න කියන්න කියලා. ඒකි කලේ මට නියපොතු කපන්න හොද ස්ටයිල් එකක් කියපු එක(නියපොතු දිගට තියාගෙනම).යාලුවො ටික කියනවා එකෙක්ට කිව්වා මදෑ නියපොතු කප්පන්න කියලා. :D

    ReplyDelete
    Replies
    1. නියපොතු වවාගෙන යන්නේ අපිරිසිදු ලමයි නේ :පී

      දකුණද? වමද? වවලා තිබ්බේ ?

      Delete
  31. මරේ මරුනේ!!! :)) කිඹුලා අතේ ගහගෙන යනවා වගේ , මකුළුදැළුත් අතේ ගහලනේ!!!!

    ReplyDelete
    Replies
    1. කිඹුලා අතේ සහ සාක්කුවේ ඉන්නව නොවැ

      Delete
  32. මේවා කාලෙන් කාලෙට එනවා නැඟලා බැහැලා යනවා. අපේ කාලේ පරණ පැටන් දැන් කාලේ අලුත් පැටන්. ඕවා ඔහොම තමයි.

    ReplyDelete
  33. මකුළු දැල මටත් මතකයි. අපි ඕ ලෙවල් පන්තිවල ඉද්දි කොල්ලො හිරම හිර කලිසන් ඇඳන් එනවා මතකයි. අපේ ඒ කාලෙ ප්‍රින්සිපල් සර්ට උන්ව අහු උනාම කරන්නෙ මැද මිදුලට ගෙන්නලා අව්වෙ වාඩිකරවනවා නැගිට්ටවනවා වාඩිකරවනවා නැගිට්ටවනවා. කොහොම හරි අන්තිමට කලිසම බරාස්.

    කෙල්ලොන්ගෙ ස්ටයිල් එක ඔය කාලෙ ආවෙ ගවුමෙ ඉන පල්ලෙහාට දාලා බෙල්ට් එක බුරුලට දාන එක. අපේ නම් ගවුම කොටද බලන්න දණගස්සනවා. දණගහපුවාම ගවුම බිම ගෑවෙන්නෙ නැත්තන් පත්තර කොල අලවනවා. මොනා උනත් ඔය හැම බාධාවකටම අපි අභීතව මූණ දුන්නා.

    ReplyDelete
    Replies
    1. //ඕ ලෙවල් පන්තිවල ඉද්දි කොල්ලො හිරම හිර කලිසන් ඇඳන් එනවා //

      //ගවුමෙ ඉන පල්ලෙහාට දාලා බෙල්ට් එක බුරුලට දාන එක//

      මේවා මට මිස් වුන ඒවා.. ස්තුති පිනිබිදු !

      Delete
    2. කෙල්ලෝ මෙහෙම බෙල්ට් එක දාලා ඇන්දම අපේ එවුන් අහන්නේ

      ""නංගි xxxත වැහෙන්නද බෙල්ට් එක දාන්නේ"" කියාය.

      Delete
  34. මං නම් මේ ලඟදියි ඉස්කෝලෙන් අවුට් වුනෙ..අපිත් ඕව කරා..අහුවෙලා ගුටි කාපු වාර නම් අනන්තයි.එකක් දෙකක් නෙමේනෙ.සතියකට අලුත් ඉස්ටයිල් දෙකක්වත් හොයාගෙන එනව අපේ උන්.... :ඩී
    කොච්චර මාට්ටු උණත් අපි සැලුනද..
    නෑ................................ ;)

    ReplyDelete
    Replies
    1. නොසැලෙන් දරුව. මේ ඉලන්දාරි කාලයයි !

      Delete
  35. ඉස්සරනේ බං ජෙල් ඔලුවේ ගැවේ දැන් උන් එව්වා කන එකනේ කොරන්නේ...කාලෙකට කලින් ඉස්කොලේ උන් කලිසන් ඉනෙන් පහලට අඳින්ට ගත්තනේව..මං දවසක් රාජකාරි වැඩකට ඉස්කොලෙකට ගිය වෙලේ දැක්ක ඉස්කොලේ සර් කෙනෙක් ඔය ඉනට කලිසං ඇඳන් ආපු එකෙක් ගේ කලිසම ලනුවක් දාල උස්සල උගේ බඩ හරියට තියල ගැට ගහනව

    ReplyDelete
    Replies
    1. පව් බං. කොල්ලා පරන කාලේ වත්තෙ මහත්තයෙක් වගේ ඉන්න ඇති. :)

      Delete
  36. ඊ ඇයි ඩන්නෑ කවඩාවට් මං යුනිෆෝම් එකෙන් මේ වගේ අමුටු අමුටු එව්ව කලන්න ගියෙ නෑනේ......ජීවිටේට යුනිෆෝම් එකේ වැලැඩ්ඩක් අල්ලපු නැටි අපේ සෙක්ෂන් එකේ හිටපු එකම ලමය මමඩ කොහෙඩ.....^_^

    ReplyDelete
    Replies
    1. ඒ නම් යුනිෆෝං එක ලස්සනට අදින්න ඇති :)

      Delete
  37. ස්පයිඩර් මෑන් ආව කාලේ එහෙම දේවලුත් වෙලා එහෙනම්.

    ReplyDelete
  38. අපි උසස් පෙළ කරනකාලේ (1970 දශකයේ) කල ලොකුම වීරක්රියාවක් තමයි බෙල් බොටම් කලිසම් ඇඳ ඉස්කෝලේ යාම. ඒවා දැකලා තියනවද? ලොක්කෝ වගේ පාරේ එනවා. ඉස්කෝලේ ලං වුනාම බෙල් කොටස නවලා පින් ගහනවා. අහුවුනොත් හැරෙන තැපෑලෙන් ගෙදර යවනවා. එකට සමහරු කිව්වේ යං කලිසම මං එන්නං කියලා. පාර පිහදාගෙනනේ යන්නේ. ඒකයි.

    අසමි දකිමි සොයමි ලියන විචා

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තගෙ පරණ කලිසං ගොඩෙත් ඔවුවා තියෙනවා.. අලි කකුල්..

      Delete
    2. ඔව් ඔව් අපේ තාත්ත ගුරු පත්වීම අරන් අනුරාධපුරේ ඉන්න කාලෙ පොටෝ එකක් තිබ්බ. ඒකෙත් ඇදන් ඉන්නේ ඒකක්.

      Delete
  39. අපිත් ගැහුවා තරුවක්...

    ReplyDelete
  40. ඈ බං... උඹලට ඉගෙන ගන්නත් කාලය තිබුනද...කරල තියෙන වලත්ත වැඩවල හටියට....?

    ReplyDelete
    Replies
    1. අපි ඉගෙනීමට උපන්නෙමු !

      Delete
  41. හරි අපිත් කල වැඩි පුර කලේ සාක්කුවේ. තව පිට දිගට ඉරි දෙකක් තියල මැද්ද. නිල් වැඩි කරලා ඇන්දා. ජෙල් කරලා කොන්ඩේ පැත්තට පිරුවා. අපෝ මහා වැඩකට නැති වැඩ කලේ. අපරාදේ කලේ කියල දැන් හිතෙනවා.

    මේ ෂර්ට් ඒක හේදුවේ නැතෙයි. නැත්නම් ස්පයිඩර් ගේ වගේ මකුණු දෑල් කළු පුස් කාවි

    ReplyDelete
    Replies
    1. නිල් ගානට දැම්මෙ නැත්තං මම කැමති නැහැ. :(

      පහුවෙනිදම ෂර්ටුව හේදුව බං. :)

      Delete
  42. ඔහොම එකක් අහලා තිබුනට මම හිතුවෙ බොරුවක් කියලා.. දැන්වත් ඔහොම කරලා ඇදගෙන යන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. අප්පේ දැන් ඕව කරල ඇදන් යන්න එපා බොල !

      Delete
  43. දවසක් අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක් මෙහෙම කියනවා..අපි 9ද කොහෙද?

    දැන් කාලෙ ළමයින්ට පුදුම ලෙඩ තියෙන්නෙ.. කඩේට යනවා, චුයින්ගම් ගන්නවා, පච්ච ගන්නවා, අතේ ගහනවා..

    කොල්ලනට මැරෙන්ඩ හිනා..

    ReplyDelete
    Replies
    1. ටීචර් හරි බං ඔය කාලෙ තමා කස්ටිය පටන් ගන්නේ.

      Delete
  44. ඉහත ලිපියේ සඳහන් සියළු නොමනා කම් අදාල කාලයේදීම කර ඇති බව සතු‍ටින් දන්වා සිටිමි...

    අපේ එකෙක් ඔහොම කලිසම පාතින් ඇදල මුළු සෙක්ෂන් එක ඉස්සරහ(උදෑසන රැස්වීම අතරතුර) කලිසම ගලවා ගත් සැටිත්, තවත් එකෙක් කලිසම බඩ මැදට වෙන්නට අල්ලා කොහුලණුවක් ගැ‍ට ගසාගෙන සිටි හැටිත් මතක් විය...

    ජය!!

    ReplyDelete
    Replies
    1. කලිසම රැස්වීමෙදි ගැලවීම පව්ය. ඒ නිසා අ‍පේ ගුරුවරු පිටුපසින් ඇවිත් කලිසම් පහලට ඇද්දේ කොරිඩෝ‍වේ සිටින විටය.

      ජය :)

      Delete
  45. ඇයි කිඹුලා අතේ ගහපු ෂර්ට් එහෙමත් තියෙන්නේ සෑම් අයියේ.. බොරු නම් කඩේකට ගිහින් ඉල්ලන්න බලන්න.. :P

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ කොරක-ඩයිල් ඒවා නොවැ

      Delete
  46. අවශ්‍ය දේවල් ලැයිස්තුව හා කරන පිළිවෙල නියමෙට විස්තර කරලා තියෙනවා......
    අනෙ අම්මෝ මේ ගොල්ලන්ගෙ කැත හිත.....ටීචර්ටත් ලැජ්ජා හිතෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. කැත හිත කියන්නෙ. කරන්න හොද නම් කිව්වම මොකද දම්මියෝ ?

      Delete
  47. මේක නම් මරු නිර්මාණයක්...

    ReplyDelete
  48. අපේ කාලෙනම් ඕව තිබ්බේ නැහැ. තිබ්බේ හිප් එකෙන් කලිසම අදින එකයි, බෝට්ටු සපත්තු දාන එකයි, කොණ්ඩෙට ස්ට්‍රේට් ක්‍රීම් ටිකක් ගාල ඉස්සරහින් ටින් ටින් වගේ පීරන එකයි (පිටි පස්සෙන් වවන්නත් ඕනේ)

    ReplyDelete
    Replies
    1. ඒවත් නරකම නැහැ නොවැ.

      Delete
  49. මකුළු දැල් ගැහිල්ලක් අපේ කාලෙ කොලේ නෑ නෙව.අපේ කාලෙ කියන්නේ වැඩි ඈතක නෙමේ.දැනට අවුරුදු දෙකකට විතර කලින් විතර තමයි අපේ කාලේ. සෑම් අයියා වගේ මං නම් ඔය ඇඩ් දාලා නෑ ඉස්කෝලෙදි.කවුරු නෑ කිව්වත් ඔය හැමදේම කරන්නේ කෙල්ලන්ට පේන්නනෙ.හා නැද්ද මං අහන්නේ..

    දැන් කාලෙ කෙල්ලො ඔය වගේ බොරු වැඩ කෑලි වලට කැමති නෑ කියලා මට කිව්වේ අරයා.අරයා කියන්නේ අර අරයා හොදේ.

    එයාගේ පස්සෙන් යන මුල් කාලෙනම් ඔය එක එක පොඩි පහේ වැඩ කෑලි කලා ඉස්කෝලෙ ඇදුමට.වැඩිපුරම මගේ වුවමනාවට නෙමෙයි හැබැයි.අපේ සෙට් එකේ උං තමයි කියන්නේ මෙහෙම කරපං අරහෙම කරපං කියලා.
    බැජ් එක ගලෝලා අත නමාගෙන කමිසෙ බොත්තම් ඇරගෙන එයා ඉස්සරහින් යනකොට මට වුනත් හෙන ගැම්මක් ආවා.
    වැඩේ කියන්නේ සෑම් අයියේ එයා දවසක් ලගට කතා කරලා ඇයි ඔයාට මොංගල්ද.හරියට ඇදුමක් අදින්නවත් දන්නැද්ද. ඉස්කෝලෙ ඇදුමට ගරු කරන්න බැරි කොල්ලෙක්ට මං කීයටවත් කැමති වෙන්නෑ කියලා කිව්වනෙ.
    හිතාගත්තැකි නේද මට වුනු දේ ඒ වෙලේ... :(

    ඕං ඕක්‍නේ පස්සෙ තමා මං ඔය එක විෂබීජයක් වත් නොකර හිටියෙ.
    කරගන්න ඕනෙ වැඩෙත් හරිගියේ ඔය විකාර වැඩ නැවැත්තුවට පස්සේ.

    ReplyDelete
    Replies
    1. එකක් කියන්නම් මචං. ඒකි සිරා කෙල්ලෙක්.

      //ඇයි ඔයාට මොංගල්ද.හරියට ඇදුමක් අදින්නවත් දන්නැද්ද. ඉස්කෝලෙ ඇදුමට ගරු කරන්න බැරි කොල්ලෙක්ට මං කීයටවත් කැමති වෙන්නෑ//

      අපරාදෙ උබට කෝම හරි ඒකිවම සෙට් කරගන්න තිබ්බෙ.

      මොනව වුනත් ඒ කෙල්ල එක වචන සෙට් එකකින් හදලා. කෝමද ලගම හිටිය නම්?

      නැවත මෙවන් විපත් නෙවේවා ජය සහෝ !

      Delete
  50. //සැයු - නිර්මාණයට දායක කරගත්තේ සදුදා ඔපීස් ඇන්ද තවමත් නොසේදු කමිසයක්ය.//

    නොදෝමකින් !!!

    අපි AL කරන අන්තිම කාලේ වගේ තමා ඔය ඉට්ටැයිල් එක ආවේ. ඕකට කලින් වර්ෂන් එක තමා ෂර්ට් එකේ උරපතු දෙක පල්ලෙහාට දිගටම ඉර තියලා මදින එක. පස්සේ කොල්ලෝ ඔතනින් කඩලා වෙනම මැස්මකුත් දාගෙන මහගෙන යුනිෆෝම් මොඩිෆයි කලත් එක්ක...

    ඉස්කෝලේ කාලේ මතක් වුනා සෑමෝ...!!!

    ReplyDelete
    Replies
    1. ඉරි තුන තියන එවුන් තුන් ඉරි අප්පුලාය.

      ඔය කියන මැස්ම දාලා රෙඩි මේඩ් කමිස ආවා මතකද?

      ඉක්කොලෙ කාලෙ මතක් වුන එකට සතුටුයි බං. සුන්දර කාලයක් නොවැ..

      Delete
  51. ඉස්සර අපිත් පිටෙ ගහ ගත්තා. ඒ දවස්වල අතේ ගැහුවේ නෑ. පොඩියි නේ... හික්ස් :)

    ප.ලි. - "ස්පයිඩර් මෑන් දැල පිටට නොගසා, අතේ ගසයි.. " මතක් කරපු එකත් හොදයි :)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ කිව්වේ 9 වසරෙදි නේද පටන් ගත්තේ ?

      Delete
  52. ඉහත සදහන් සියලුම ආකාරෙෙය‍් අහිංසක කුපාඩි වැඩවලට ලකියාද දායක වි ඇත.පාසල් නිල ඇදුමට පමණක් නොව පාසල් බෑගයටද විවිධ විවිධ කැටයම් දමා තිත්ත නායකයන්ට සහ ගුරැවරැන්ට ආතල් දුන්නා ලකියාට මතකය.ඒ නිසාමද පසු කලක 12 දී ලකියාටද තිත්ත නායක පට්ටමක් ලැබුණි.

    ReplyDelete
    Replies
    1. සියළු වැරදි කරන හා ‍හොරෙන් කරන ආකාරය දන්නා නිසා ලකියාට තිත්ත නායක පට්ටම දෙන්න ඇති..

      Delete
    2. සෑමා මගුලක් කථා කරනවාය.ලකියා කල වැඩ මාට්ටු වූෙය් නම් තිත්ත නායක පට්ටම ෙනාව තිත්ත පට්ටමද අෙහා්සි ෙවනවාය.

      Delete
  53. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ayyo menna mada gahanawoooo mata ( meva okkoma karanna udav kale mage naraka yaluwa lakiya)

      Delete
    2. :)

      මම ලින්ක් එකක් එවන්න හිටියේ උබට බලන්න...

      අ‍ඩේ අහිංසක ලකියා අහු කරන්න එපා බං. ඌ දැන් සිල් ගන්න දැහැමි දරුවෙක්...

      Delete
    3. ලකියා කීෙව් මම ලකියා නෙ‍ෙව් ෙන්ද..ඇති යන්තම් දැනුයි ඇගට ෙල් සුට්ටක් ඉනුෙව

      Delete
  54. මමත් ගොඩක් සැරයක් දැල පිටේ ගහන්න ට්‍රයි කරා.. හැබැයි කවදාවත් කර ගන්න බැරි උනා. පස්සෙ පිටේ ඉරි දෙකක් ගහගෙන හිත හදා ගත්ත.. ඔය (දැල)අතේ ගහන වැඩේ එච්චර මීටර් නෑ
    අපිට ඉතින් ඒ කාලෙ ඕව කියල දෙන්න් කවුරුත් හිටියෙ නෑනෙ..
    දැන්නම් ඇදුමක් මදින්නේ නැති තරම්.. මැදල කොහේ අදින්නද..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...