Saturday, June 2, 2012

වියපත් බැඹරිය - සෑමාගේ පොසොන් කලාපය


ඊලගට සෑමා සූදානම්ව සිටියේ දින ජයග්‍රාහී 75කට පසු පොඩි සෑමාගේ ලිපියක් දැමීමටය. සියල්ල සූදානම්ව තිබියදී පොසොන් කලාපය ආරම්භ කළ යුතුව ඇති නිසා එය පසෙකට තැබීමි. වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට උපකාර කළ සැමට පිං දෙන අතරම මෙලෙස සනිටුහන් වන්නේ පොසොන් කලාපයක ආරම්භයය. මෙවර පොසොන් නිල රාජ්‍ය උත්සවය තන්තිරිමලේ පැවැත්වෙන බව කවුරුත් දන්නා කරුණකි. එසේම මිහිදු හිමි වැඩම කලේ මිහින්තලාවට බවද සියල්ලෝම දන්නා කරුණකි. තැන් මාරුව ගැන නොලියා මෙත් සිත් පිබිදෙන යමක් ලිවීම සෑමා තම වගකීම කොට දකින්නේය.

අනු බුදු මිහිදු හිමි යනු සංඝමිත්තා තෙරනියගේ ගිහිකල සහෝදරයාය. උන්වහන්සේ අනු බුදු වූයේ බුදුන්වහන්සේට පසුව ලංකාවට ධර්මය ස්ථාපනය කිරීමට දෙවෙනි වූ නිසාමය. එකල ලංකාව පාලනය කලේ දේවානම්පියතිස්ස රජුය. මේවා මූලික කරුණුය. මහ මිහිදු හිමි පිළිබද සෑමා සතුව පොතක් ඇත්තේය. ඒ ජයසේන ජයකෙඩි මහතා ලියූවක්ය. බොහෝ අය එතුමාගේ කෘති කියවා ඇති බව දනිමි. එසේ නැත්තවුන් එතුමාගේ මහ මිහිදු හිමි පොත කියවා බැලූවාට කම් නැත්තේය.

පොසොන් කලාපය වෙනුවෙන් සිත නිවන්නාවූ කතන්දර මෙසේ ඇරඹෙන්නේය.

එදා සෑමා සිටියේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකය. කොළඹ ප්‍රදේශයේ එකක් වූවාට එහි වැඩිය සෙනග ගැවසෙන්නේ නැත්තේය. උදෑසන 9ට පමන එයට ගොඩවූ නිසා වැඩි තද බදයක් නොවුනේය. එවිට සෑමාගේ දෙනෙතට යොමු වූයේ රෝද පුටුවක හිද සිටින වයසක කාන්තාවක්ය. ඇය මහළු වූවද, ඉතා පිරිසිදුවට හැද පැලද සිටි බවක් සෑමා දුර තියා දුටුවේය. වෙනත් කිසි විශේෂත්වයක් නොදුටු සෑමා ඇය වෙනත් සාමාන්‍ය රෝගියෙකු සේ සලකා වැඩි තැකීමක් නොකලේය. සුළු මොහොතකින් සෑමා එයින් පිටත් වුයේ නැවත සවස් ජාමයේ රෝහලට පැමිනිය යුතු අපේක්ෂාවෙන්ය.

සවස 3ට පමණ නැතව සෑමා නැවත ආවේය. සුපුරුදු කාන්තා රුව එලෙසම එම ස්ථානයේම රෝද පුටුව මත සිටියාය. ඒ අසල පිහිටි පුටු පේලිය මත සෑමා හිදගත්තේ ඇය සමග කතා කිරීමේ අදහසින් නොව මොහොතක් රැදී සිටීමට සිදු වන නිසාය.

"son what are you doing here?" ඇය දුර තියා සෑමාගෙන් විමසුවාය. වයසක, හොදින් හැද පැලද සිටි ඇය, ධනවත් පවුලක ඇත්තියක් යැයි සිතිය හැකි සාධක සෑමාගේ ඔලුවට ගලාගෙන ආවේ ඇය කතා කළ භාෂාවෙන් හා විලාසයෙන්ය.

"I came here to consult a doctor" සෑමා ප්‍රති උත්තර දුනේනේ හිටි තැන සිටම නිසා ඇයට හරියට ඇසෙන්නට නැති බවක් පෙනුනේය. ඇය ඔලුව සෑමා පැත්තට නැඹුරු කර නැවත කියන ලෙස ඉල්ලා සිටියාය. ඒ සමගම ඇය අසල වාඩිවන්නට ඇරයුම් කළාය. සෑමා ඇය අසලට ගියේය.

එතැන් පටන් ඇය සමග වූ සංවාදය ඉංග්‍රිසි භාෂාවෙන් වූවත් සියල්ල සිංහලෙන් සටහන් කිරීම උචිත යැයි හැගේ.

"මම ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න ආවේ..?" ඒ නැවත සෑමාය.

"පුතා මාත් මේ කතා කරන්න කෙනෙක් නැතිව ඉදගෙන ඉන්නවා.." ඒ ඇයය.

"මම දැක්ක ඔයා උදේත් ඉන්නවා. මේ ඒ වෙලාවේ ඉදන්ද ඉන්නේ.." සෑමා ඇයව උදේ දැක්ක බව ඇගෙන් ඇසුවේය.

"ඔව් පුතා බලන්නකෝ අපි උදේ ආවා. ඩොක්ටර් එන්නේ ආයේ දවල් 1ට කියලා අපිට එන්න කිව්වා." වයසක වුවත් ඇගේ අදහස් හා වචන නිරවුල්ය. ගලා යන ඉංග්‍රිසියෙන් ඈ කතා කලාය.

"ඒක තමා මම දැක්ක උදේ ඉන්නවා. ඒකයි ඇහුවේ. අපි කිව්වේ තව කවුද ඔයා එක්ක ආවේ."

"අපි කිව්වේ මගෙ මහත්තයයි මමය. එයාගෙ ඇහේ ඔපරේෂන් එකකට ආවේ. උදේ ඩොක්ටර් නැහැ කියල දවල් එන්න කිව්වා."

"කවුද ‍ඩොක්ටර්?" සෑමා ඕනෙ නැති ප්‍රශ්නයක් ඇසුවේය.

"ඩොක්ටර් XXX එයා තමා මගේ ඇස් ඔපරේෂන් කලෙත්.."

"ග්ලූකෝමාද? (ඇහේ සුද ද?)" සාධාරන ප්‍රශ්නයක් සෑමා යොමු කලේය.

"ඔව් පුතා.. මගෙත් කලින් කලා. එදා මෙච්චර වදයක් වුනේ නැහැ. මේ පාර අපේ මහත්තයා එක්කරගෙන ආවේ ලේසියට කරගෙන යන්න. ඒත් බලන්න දවසම අපි මෙතන." ඒ ඇයය.

ඇය සමග ඔහු ආවේ නම් ඇයට වඩා ඔහු මහළු විය යුතුය. එසේ නම් තනියම දෙදෙනා පමණක් ඒම අපහසුය. සෑමාට ප්‍රශ්න ගොඩක්ය.

"කො‍හොමද ඔය දෙන්නා ආවේ. අනික අංකල්ව අරන් ඔයා කෝමද එන්නේ. ඩ්‍රැයිවර් කෙනෙක් ඉන්වද ?"

"මගෙ ඉනෙන් පහල පන නැහැ පුතා. මට දැන් 80ක්. මගෙ මහත්තයට 72ක්...." ඇය කීවාය. සිනහ මුවින් ඇය උත්තර දුන්නේ ආදරය හැම දේටම යටත් බව කියන්නාක් මෙන්ය.

"අවුරුදු 8ක වෙනසක්...ඒවට මුකුත් කියන්න බැහැ. ඒක තමා ආදරේ කියන්නේ." සෑමා මුහුනේ හැගීම් වෙනස් නොකර පිලිතුරු දුන්නේ ඇයගේ සිත නොරිද්ද වීමටය.

"ඉස්සර අපිට හරියට ප්‍රශ්න ආවා ගෙදරින්. දැන් කාලෙ නම් ඕවට දෙමව්පියෝ විරුද්ධ වෙනවා අඩුයි.." ඇය දිගටම කතා කලාය. මොහොතකට ඇය ඇගේ අතීතයේ ජීවත් වු බවක් පෙනෙන්නට තිබුන නිසා සෑමා ඇයට බාධා නොකලේය. ඇගේ ආදරයේ ආරම්භය එය ජය ගත් සැටි යන සියල්ල ඇයට මතක් වන්නට ඉඩ දුන්නේය.

"ඒව වෙනස් කරන්න බැහැ. ඔයාල ආදරේ කලා. ඒ ආදරේ ජය ගත්ත. දැන් වෙනසක් නැතිව නැති බැරි කාලෙත් එකට ඉන්නවා. ඒක තමා නොවෙනස් ආදරේ..."

"බලන්න පුතා ඔයා වෙලාවට ආවේ. මගෙ හිත කලබල වෙලා තියෙන්නේ. මගේ හස්බන්ඩ් 1ට ඔපරේෂන් එකට ගත්තේ. දැන් 4ට කිට්ටුයි. මම තාම මුකුත් දන්නෙ නැහැ. එයාව ඔපරේෂන් එකට අරගෙනද, ප්‍රශ්නයක්ද කියල මුකුත් දන්නෙ නැහැ." ඇය නැවත කතාව වෙනස් කලාය.

"තියටර් සිස්ටර් ගෙන් ඇස්සෙව්වෙ නැද්ද?"

"අහන්නෙ කෝමද පුතා. මම අතන ඉන්න සිස්ටර්ලගෙන් ඇහුවම කිව්වා තියටර් එකේ ඉන්නවා ඔපරේෂන් එකක් නිසා කෝල් කරල ඩිස්ටර්බ් කරවන්න බැහැ කියල. ඉතිං මම එයා එනකල් මෙතන ඉන්නවා." ඇය කීවාය.

"ඔව් එහෙනම් කතා කරන්න බැහැනේ." කියා ඇය අස්වසමින් සෑමා ඒ ආසන්නයේ සිටි සිස්ටර් කෙනෙක්ගෙන් තොරතුරු විමසු විටද ඔවුන් කීවේ එසේ කතා කරන්නට බැරි බවය. එය සාධාරණය. නැවත සෑමා ඇය අසල වාඩි වුනේය.

"ඔයා මෙයා එක්ක ආපු කෙනෙක්ද ?" එවර සිස්ටර් කෙනෙක් සෑමා පසුපස විත් ඇය පෙන්නා සෑමාගෙන් ඇසුවාය.

"නැහැ. මේ පුතා මාත් එක්ක කතා කර කර හිටියේ. බලන්න අද දවසම අපි මෙතන. මම කෑම කාලත් නැහැ." ඇය සෑමාටත් පෙර සිස්ටර්ට සිංහලෙන් කතා කලාය. 

"අනේ අපිට තියටර් එකට කතා කරන්න බැහැනේ. නේද?" කියා සිස්ටර් සෑමා දිහා බැලුවාය. එවිට සෑමාට එය තහවුරු කලේය.

"අපි ඔයාට කන්න මොනව හරි දෙන්නද ?" සිස්ටර් කාරුණිකව ඇගෙන් විමසුවාය.

"මම කොහොමද කන්නේ? මගේ හස්බන්ඩ් කෑම කාලත් නැහැ. එයා එනකල් මට කන්න හිතක් නැහැ." ඇය ආදරේ උතුම් බව පෙන්නුවාය.

"ඔහොම ඉන්න එපා ඔයා බිස්කට් එකක් හරි කන්න මම ගේන්නද?" එවර සිස්ටර් ඇයට අවනත නොවූවාය.

"හා.. බිස්කට් දෙකක් විතර දෙන්න මම කන්නම්." ඒ ඇගේ අසරණබවේ උච්චතම අවස්ථාවය. දරාගන්නට තරම් පුංචි බඩගින්නක් නම් ඇය තව දුරටත් ආදරේ වෙනුවෙන් ඉවසා සිටිනා බවක් සෑමාට වැටහුනේය.

සියල්ල එසේ සිදුවද්දී සෑමාට එතැනින් පිටත් වීමට කාලය එලැඹින. 

"මම දැන් යන්න ඕනේ. ඔයා මොනව හරි කාල ඉන්න. බය වෙන්න එපා එයාට කරදරයක් වෙන එකක් නැහැ. ජේසු පිහිටයි." ඇගේ ආගම කතෝලික බව දැනුන නිසා සෑමා කීවේය. එය නිවැරදිය.

"බොහොම ස්තුති පුතා මාත් එක්ක කතා කලාට. එහෙම නැතිනම් මට මේ ටික වෙලාව වත් ඉන්න බැරි වෙනවා..."

ඔවුන් ගේ දෙමාපියන් ඔවුන්ව අත හරින්නට ඇතිය. ඒ වසර 8ක් වැඩිමහල් තරුනියක් විවාහ කර ගැනීමේ වරදට විය හැකිය. ඔවුන් අත නොහැර තිබුනත් මේ වන විට ජීවත්ව සිටින්නට බැරිය. ඔවුන්ගේ දරුවන් සිටින්නට ඉඩ ඇත්තේය. ඒත් ඔවුන් මේ දෙදෙනා නොසලකා හරිනවා විය හැකිය. එසේත් නැති නම් දරුවන් නොමැති ‍වන්නට පිලිවන්ය.

මේ කතාවට අමරසිරි පීරිස් මහතාගේ "මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා" ගීතය ගැලපීමට නොහැක්කේය. ඒ මෙතැන ඇය වියපත් නිසාය. එසේම "සිහිනෙන්වත් නොදකින කුමරා හෝ කුමරිය " නොවන නිසාය. එහෙත් ගත යුත්තක් ඇත්තේය.

ආදරය නම් නොවෙනස් විය යුතුමය. එදා ගත් තීරණය අද වැරදි යැයි සිතා ඔහු හෝ ඇය හැර යාමට වඩා, ඔවුන් ඔවුන් සමගිව නොවෙනස් ආදරයෙන් එකට විසීම ආදර්ශමත්ය. ඇය ඔහුට පෙර මිය යාමට ඉඩ ඇත්තේය. හෝ ඔහු ඇයට පෙර මිය යාමට ඉඩ ඇත්තේය. වෙනසක් නොමැත, ආදරය මිය නොයන්නේමය.

උතුම් බිරිදක් - ලොවම පිදූම්ලත් ස්වාමියෙකු වෙනුවෙන් පිරූ පිලිවෙත් "යසෝදරාවතේ" අඩංගුය.

හිමයේ ගොසින් මල් යහනක සිටිනව ද
කොමල අනගි සිරිපා දෙක රිදෙනව    ද
හිගේ නැතුව දෙවියෝ මුර කරනව  ද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක   ද

කැලේ තිබෙන කොයි දේ වත් රස වේ වා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේ වා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේ වා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේ වා

කියන මැසිවිල්ල හිමි හට නො ඇසෙන වා
රන් කඳ මහිමි මට හීනෙන් නො පෙනෙන වා
කම් රස විඳීමක් නැත මම දිවුරන වා
වෙන් කර ගියත් මම සීලේ පිහිටන වා

වෙහෙස වුණත් තද දුක් මම විඳිඤ්ඤයි
අහස පොළොව ලෙස හිමි සිහිකර ඉඤ්ඤ යි
රහත් වෙන්ට මම වෑයම් කරඤ්ඤයි
ඇසට දකින තුරු නවගුණ පුරඤ්ඤ යි

සිදුහත් කුමරාණන් ගිහිගෙය අතහැර පියා තවුස් වෙස් ගෙන මගට පිවිසියේ තමාත් දරවාත් ඇතුථ මුථ මහත් ලෝක සත්වයාම දුකින් මුදවන මගක් සොයා ගැනීම සඳහා බව යසෝදරා තිර ලෙස අදහයි. ඇය තම ස්වාමි වූ උතුම් පුරුෂයා වෙනුවෙන් කැප වී සිටින්නේ —අහස පොළොව ලෙස එතුමා සලකා ගෙනය. දුකට පත් ලෝ සතුන් මුදන මාර්ගයක් සොයාගෙන එතුමාණන් ආපසු පැමිණෙන බව ඇයට අහස පොළව මෙන්ම විශ්වාසය. — ඇසට දකින තුරු නව ගුණ පුරඤ්ඤයි˜ යනුවෙන් ඇය පැවසුවේ එහෙයිනි.

සියලූ මානව වර්ගයා පවුල් ජීවිතයට දැඩි සේ ආසක්ත වන අවස්ථාවේ දීය සිදුහත් කුමරා ගිහිගෙය හැර දමා ගියේ. එය වූකලි ඉන් ගැලවෙන මගක් සොයා යන ධීරයකුට ඉතා යෝග්‍ය මොහොතකි. එහෙත් යසෝදරාවන් එම මානසික තත්ත්වටය් නොසිටි හෙයින් ඇගේ හිත් වේදනාව දැඩි ය. වැලපීම අවසානයේ ඇය සිත හදාගනී, කවර දුකක් වුවද විඳින්නෙමැයි අදිටන් කර ගනියි. රහත් වීමට වෑයම් කරන බව පවසා ඇය වහා නිෂ්කාමී ජීවිතයකට ප්‍රවේශ වී සැමියා වෙනුවෙන් උත්තරීතර කැප කිරීමකට යොමු වෙයි.


Written by sAm_12.15am_02.06.2012

78 comments:

  1. ලස්සන, අද කාලේ අහන්ට නැති වර්ගයේ ආදර කතාවක්. අවුරුදු අටකින් තමාට වඩා වැඩිමහල් තරුනියක් හා විවාහවු ඔහු ඇත්තටම ඇයට ආදරේ කරන්ට ඇති. ඔහු වෙනුවෙන් බඩගින්නේ රෝහල්, පුටුවක හිඳ සිටි ඇය ඔහුට ඇත්තෙන්ම ආදරේ කරනවා ඇති. පොසොන් සමය වෙනුවෙන් හිතේ මෙත් මල් පීදෙන කතාවක් පලකලාට සෑමාට ස්තූතියි.

    පසු නිගමනය: සෑමා හොඳ හදවතක් ඇති මිනිසෙකි.:)

    ReplyDelete
    Replies
    1. එහෙව් ආදරයක් ලබන්නට ඔවුන් පිං කලා සේම.. එය දැක විදීමට ලැබීම ගැන තුටු වෙමි.

      ජය !

      Delete
  2. මේ පොසොන් කලාපයේ මුල් අදියරේ, මුල් කමෙන්ටුව දාන්ට ලැබීමත් පිනක් වෙන්ටැති. :D

    ReplyDelete
  3. සැමා උඹ පින්බර කොල්ලෙක් බං..

    අවුරුදු 8ක වෙනසක්.. සිරාවට අන්න ආදරේ...
    මම බොක්කෙන් ලව් කරපු එක මට එකම එක මාසයක් හින්දා බෑ කිව්වා.. :(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ මාස‍යක් මොකක්ද බං.. පිස්සුනේ..

      පෙන්නපං මේ පෝස්ට් එක..

      තෙරුවන් සරනින් සියළු සම්පත් ලැබේවා.. ජය !

      Delete
    2. මටත් එකම උනා. මට වැඩ අව්රුද්දක් වැඩි නිසා මගේත් එකම love 1 නතර කරන්න උනා..

      Delete
  4. අති විශිශ්ටයි ....

    ReplyDelete
  5. මුලින්ම අගය කල යුත්තේ ඔවුන්ගේ තිර අදිටනද ? නැත්නම් සෑමාගෙ ලතෙත් බවද ? යන්න ගැටළුවකි. එහෙත් එවැනි කාළයක එම තීර්ණය ගත් තරුණයා අගය කල යුත්තේය ඒ වගේම් අද කාලයේ සෑමා වැනියවුන් විරලය. එනිසා සෑමාටත් මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ඔහු සැබැ පිරිමියෙක් බව කිව හැකිය. අවාසනාවට ඔහු බලාගන්නට තරම් කාලයක් මම රැදුනේ නැහැ. මොනව වුනාද දන්නෙ නැහැ..

      තෙරුවන් සරනයි !

      Delete
  6. හිතන්න කතාවක්............................ ගොඩක් දුර හිතන්න කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා..

      තෙරුවන් සරනයි !

      Delete
  7. හොඳ කතාවකින් පොසොන් කලාපය ඇරඹී ඇත. සෑමාටත් උණුවෙන හදවතක් ඇති බව පෙනෙන්නට තිබේ.

    ප්‍රීතිමත් පොසොන් උළෙලක් වේවා !!!

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. වෙසක් කලාපයට දුන් සහයට නැවත මතක් කරමි..

      තෙරුවන් සරනයි !

      Delete
  8. ශාහ්හ්!! සැමා අයියා නියමයි!! වෙසක් කලාපයටත් හොද හොද දේවල් ලිව්වා.. දැන් පොසොන් කලාපයටත් හොද දේවල් ලියන්න පටන් අරන්.. නියමයි!!!

    හොද කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුති.. හිතුවක්කාර නෙවී පොසොන් එකේ වත් හොදට ඉන්න..

      තෙරුවන් සරනයි !

      Delete
  9. බලාගෙන ගියාම සෑම් හොඳ ළමයෙක් නේ ...
    ලංකාව වගේ පුරුෂ මූලික සමාජයක ඔය වගේ වයසින් වැඩි කාන්තාවක් හා වයස අඩු පිරිමියෙක්ගෙ එක් වීම සමාජය දකින්නෙ වපර ඇහින්. එදාය අදය කියල ඒ තත්ත්වයෙ ලොකු වෙනසක් නෑ. හැම බාධකයක්ම දරාගෙන එකිනෙකා කෙරෙහි බැඳුනු දෘඩතර ප්‍රේමයෙන් හා විශ්වාසයෙන් උඩුගම් බලා පිහිනපු ඒ යුවලට මාගේ උත්තමාචාරය ! (සමාජයට ඕන විදියට නොවී, තමන්ට ඕන විදියට ජීවත්වෙන මිනිස්සුන්ට මම ගොඩක් කැමතියි)

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලේ ටිකට මාගේ ප්‍රණාමය. අපේ බ්ලොග් ලියන අයටත් ඒක වැදගත්.

      කමෙන්ට් වලට සැලෙන, ඒවාට කුලප්පු වෙලා බ්ලොග් අතෑරලා යන, ආයේ ටික දවසකින් එන අයට උබේ වරහන ඇරල පෙන්නන්න ඕනේ..

      ජය..

      තෙරුවන් සරනයි !

      Delete
  10. පස්ට කතාව බං. තැන්කු සැමෝ...!

    ReplyDelete
    Replies
    1. ඒ දෙපලට මගෙත් උත්තමාචාරය...!

      Delete
    2. ස්තුති ස‍හෝ..

      තෙරුවන් සරනයි !

      Delete
  11. රාමල සීතල, රෝමියෝ ජුලියට්ල කැලේ බං.. එහෙම ආදරයක් දකින්න අහන්න ලැබිච්ච උබත් හෙන වාසනාවන්තයි...

    අංකල්ටයි ඇන්ටිටයි.. දීරග ආයුශ ලැබේවා....
    සැමාටත් ඒවගෙ ආදරයක් ලැබේවා.. මටත් ලැබේවා.. ඔන්න ඔහෙ අනිත් හැමෝටමත් ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති මී..

      ඇත්තටම මට සෙට් වෙන්නේ ඔය වගේ සංවේදි සීන් තමා බං.. වෙලාවකට කලකිරෙනවා. ඒත් එහෙව් ඒවා දැකීම වටිනව වගේ..

      තෙරුවන් සරනයි !

      Delete
  12. බඹරගේ ස්ත්‍රී ලිංග පදය "බැඹරිය"ද ? අදමයි ඇහුවේ !

    ReplyDelete
    Replies
    1. මට තිබ්බ ප්‍රශ්නේ ඒකයි බං.. ඔන්න ඔහෙ දාල දැම්මා..

      උබල අපි දන්න ස්ත්‍රී ලිංග :පී

      Delete
  13. දුක හිතෙන සිදුවීමක්...
    ඈ බිස්කට් ඉල්ලන ආකාරය...පව්...
    සැමා මල්ලීගේ මනුෂ්‍යත්වයත්, කරුණාබර හදවතතත් හඳුනා ගත්තා........

    ReplyDelete
    Replies
    1. බිස්කට් එපා කියල ආයෙත් ඉල්ලගෙන කෑවේ බැරිම තැන වෙන්න ඇති..

      තෙරුවන් සරනයි !

      Delete
  14. සෑමා උඹ හෙන හොඳය් නේ බන්, මාත් ආසය් වයසක අය එක්ක කතාකර කර ඉන්න
    අවූරුදු 8ක්, සමාජයට ඒක ලොකු ගැටළුවක් වෙන්නැති, ඒත් ආදරයට බාදාවක් නෙමෙය් මං හිතන්නේ
    හොඳ පොස්ටුවක් සෑමා..

    ReplyDelete
    Replies
    1. සමාජය ගැන නොහිතා ආදරේ කිරීම වීර කමක් මයෙ හිතේ. අනික ඒ දවස් වල..

      තෙරුවන් සරනයි !

      Delete
  15. ආදරයට මොන වයස් බේද ද?.

    ReplyDelete
    Replies
    1. නැතුව..

      තෙරුවන් සරනයි !

      Delete
  16. සෑමා nice person කෙනෙකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගරු කළයුතු මනාය. මන්ද යත් ඔවුහූ තම අත්දැකීම් ම ජීවිතය කරගෙන සිටින්නෝය... පස්ට ලිපියකි.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      තෙරුවන් සරනයි !

      Delete
  17. ලස්සන කතාවක්... ආදරේ කියන්නේ ජිවිතේ ඇති කාලේ වගේම නැති කාලෙත් පුලුවන් කාලේ වගේම බැරි කාලෙත් එකට හිනාවෙලා ජිවිතේ දුක සතුට දෙක බෙදාගන්න පුලුවන් නම්..අන්න එතන ලස්සනම ලස්සන ආදරයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයාල විතරක් නෙවේ එහෙම ආච්චිලා සීයලා මම දැකල තියෙනවා. මේ කතාව සංවේදි නිසාම දැම්මේ..

      තෙරුවන් සරනයි !

      Delete
  18. සැබෑ ආදරයට වයස, ජාතිය, කුල මල, ආගම් භේද මොකුත් නැහැනේ. හරිම සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.. ඇත්ත ආදරේට මායිම් නැහැ..

      ජය !

      Delete
  19. හරි අගේ ඇති පොසොන් කතාව .

    ReplyDelete
  20. ඇත්තම සංවේදී කතාවක් අද කාලේ කි දෙනෙක් පොඩි ප්‍රශ්න වලදීත් වෙන වෙලා යනවද. මේ දෙන්න හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං.. ඒව ප්‍රශ්න නෙවේ මේව එක්ක බැලුවම. ඒත් ආදරෙන් ඉන්න නිසා මේවත් ප්‍රශ්න නෙවේ..

      තෙරුවන් සරනයි සහෝ..

      Delete
  21. ගොඩක් හිතන්ඩ වෙච්ච කතාවක්. අර වියපත් බැඹරිය (වචනේ නිසා දිව ඇඹරි ය.) කියන වචනය හරිද මන්දා.

    සෑමා කියන්නේ මිහින්තලා කන්ද වගේ කොල්ලෙක් නෙව.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැහැ බොල ඉස්තිරි ලිංගය..

      තෙරුවන් සරනයි සහෝ..

      Delete
  22. ඇඩිලා ආයි ඇඩෙනවා බං

    ReplyDelete
  23. ආදරේට වයස බලපානවද නැද්ද කියලා මමත් කාලෙකට කලින් පොස්ට් එකක් දැම්මා.. සමහර විට සැම් ඒක බලලාත් ඇති....

    මොනවා උනත් සැම් ඉස්සරවෙලාම උබව අගය කරලා ඉන්න ඕනා.... රියල් සෙන්ස් ඔෆ් ද වර්ඩ් යු ආර් රියල් ගුඩ් මැන් මචන්....

    ඒ වගේම ඒ ආදරේ ගොඩාක් අගය කරන්න ඕනා මචන්..

    මේ පොසොන් කලාපය මගේ හිතටත් සැනසුමක්

    ReplyDelete
    Replies
    1. මම ඒක බැලුවා මචං.. මට මතකයි.. මගෙ කමෙන්ටුව බලපං එතන..

      ස්තුති සහෝ..

      Delete
  24. ගොඩක් ආඩම්බරෙන් කියන්නෙ....මගේ මව්නිට වඩා මගේ අප්පචිත් අවුරුදු පහක් බාලයි....සෑහෙන්න සටනක් දීල ආදරේ දිනපු දෙන්නෙක්....:)

    ReplyDelete
    Replies
    1. ඇයි කියන්න දන්නෙ නෑ ඇස්දෙක තෙත්වුනා මේ පෝස්ට් එක කියවද්දි...

      Delete
    2. අන්න සටන් කරල දිනන ආදරේක තියෙන වටිනාකම..

      කදුලු එන්න ඇත්තේ ජීවමානව දැකපු ආදරයක් නිසා වෙන්න ඇති.

      බලන්න අද ඔයාගෙ කමෙන්ට් ස්ටයිල් එකත් වෙනස් වෙලා.. ඇයි ඒ?/?

      Delete
  25. නියම සැබෑ ආදරයක් සෑමා.. ඇත්තටම ඔවුන් වාසනාවන්තයි..

    ReplyDelete
  26. කියෙව්වා මචෝ.ආසයි එහෙම අයගැන කියවනකොට, පොසොන් විස්තරත් ලියපන් අපි වෙනුවෙන්.පින්තූර එහෙමත් දානවනම් පට්ට. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. උත්සාහයක් දරන්නම්.. ජය

      Delete
  27. සෑමාගේ වෙසක් කලාපයට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. වෙසක් නෙමේ රූ නෝනේ !!! මේ පොසොං !!! පොසොං කලාපේ !!!

      Delete
    2. රූ බීලද මන්දා..

      ;)

      Delete
  28. ගොඩාක් සංවේදී සටහනක්

    ReplyDelete
  29. ‍අර්ථවත් කතාවකින් හිතන්නට යමක්.. මට මතක් වුණේ "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" ගීතය..
    වාසනාවන් මෙවන් ආදර කතා අපට දකින්නට සැලැස්සුවට..
    සංවේදී සටහනක්
    ස්තූතියි සෑමො..!!!

    ReplyDelete
    Replies
    1. ඔය ගීතය රූකාන්ත පවුලට බද්ධ වෙච්ච ගීතයක්. ගොඩාක් ප්‍රශ්න තියෙන කාලෙක චන්ද්‍රලේඛා කියපු එකක්. ගීතය මරු..

      ස්තුති නන්දු !

      Delete
  30. බඹරා බඹරිය මං හිතන්නෙ.
    ඒ කොහොම උනත් කමක් නෑ උඹ කරපු වැ‍ඩේ හොඳයි. දැන් බලපං ඒකෙ ප්‍රථිඵල,

    # ඒ මනුස්සයගෙ හිතේ තිබුන භය ශාංකාව ටිකක් විතර අඩුවුනා.
    # සිස්ටර්ගෙ හිතෙත් කරුණාව පහලවුනා.
    # ඔපරේෂන් එක කරල එන තමන්ගෙ ස්වාමියටත් ඇය කියාවි තමන්ට හමුවූ "හොද ඉලන්දාරිය" ගැන.
    # එයත් සතුටු වේවි.
    # සෑම මේ කතාව බ්ලොග් අවකාහයට කිව්ව එකෙන් කියවූ-කොමෙන්ටු දාපු අයගෙ හිත්වල ඇතිවූ විපර්යාසය බලන්න. හැමෝම වගේ සෑමගෙ යහපත්කම ගැන කියනව.

    ReplyDelete
    Replies
    1. මම හිතුව මේ ටිකේ උඹ නිවාඩු නිසා මේක කියවන්න වෙන එකක් නැහැ කියල. අද දවල් බුකියේ ඔන්ලයින් ඉන්නව දැක්කා. එතකොට හිතුනා කොල්ල මේක බලනවා ෂුවර් කියලා... :)

      මගෙ යහපත කියන එක තමා බං අවුල්.. මොකද මම මහ දරුණු මනුස්සයා..


      ජය !

      Delete
    2. දැනුත් ඔන්ලයින්.

      Delete
  31. වියපත් වුණත් ආදරේ ආදරේම තමයි. ආයෙ ඒකෙ වෙනස් වෙන්න බැහැ. මේ කතාව කියන්නේ ඒ සංවේදි ආදර පුවතයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දයා.. වියපත් කියන්නේ අත්දැකීම්..

      ජය !

      Delete
  32. ගොඩ කාලෙකින් සෑමාගේ බ්ලොගේටත් ආවේ පොසොනුත් ආවා එහෙනම් ආ... අපටනම් පංසලකටවත් යන්න විදියක් නෑ බං එක්සෑම්..

    ReplyDelete
    Replies
    1. එක්ස්'සෑම්' එක කරගෙන 'සෑම්'ගේ බ්ලොග පැත්තේ වරෙන් කොලුවා..

      ජය !

      Delete
  33. එන්න පරක්කු උනා මචං. කියන්න හිතට ආව දේවල් ඔක්කොම කලින්ම කියලා. හිතේ උපදින ආදරේට මොන වයස් සිමා මායිම්ද මචං? හිත ගිය තැන මාලිගාව එච්චරයි ......

    ReplyDelete
  34. මේ දවස්වල සෑහෙන්න පාඩම් වැඩ අයියේ ඒකයි පරක්කු වුනේ..... පුදුමාකාර ආදරයක්.සැමා අයියා එහෙම හරි කතා කරපු එක සෑහෙන්න වටිනවා...දැන් ඉතින් මනුස්සයෙක් පාරේ හිනාවුනත් හිනාවෙන්නේ නෑනේ.. .. එයාගේ මහත්තයා හොඳින් ඇති නේද??

    ReplyDelete
  35. සෑමෝ.. පොසොන් එකට පොඩි රස්තියාදුවක් ගැහුවා.. ඒකයි මේ පැත්තේ එන්න බැරිවුනේ.. අපූරු පෝස්ටුවක් සහෝ..
    මෙවැනි පින් දහම් කිරීමට සෑමාට තවතවත් භාග්‍යය උදාවේවා..!!

    ReplyDelete
  36. අද තමයි දැක්කේ බං.. උබේයි තව බ්ලොග් වගේකුයි මගේ රෝලේ අප්ඩේට් වෙන් නෑ බං.. ඒකයි.. මොකද මන්ද..?

    සිරා කථාව.. වෙනස් කථාවක්.. සිරාම ලව් එකක්..

    ජය වේවා...!

    ReplyDelete
  37. ඉතාම අනර්ඝයි!
    සමාවෙන්න ඉතින්..... ඒ උනාට මට තියෙනවා හැමදෙනාටම වඩා වෙනස් වෙන අදහසක්... (ඔන්න ඉතින් මේකට කුලප්පු වෙලා මට බනින්න නම් එපෝ...)
    මම දන්නා ගෑනු ලමයෙක් ඉන්නවා. serious විදියට love කරලා බැදපු.... එයත් hubby එනකල් කන්නේ නැතුව බලන් ඉන්න ජාතියේ කෙනෙක්.... ඒත් එකට එයාගේ hubby ගේ ප්‍රතිචාරේ ඔයාල දන්නවද?
    "විකාරයක් නේ...... කන්නේ නැතුව බලන් හිටියේ මොන කෙහෙල්මලකටද...."
    hubby අමාරුවෙන් හම්බකරන හින්ද.... එයා 3 wheal යන්නෙත් නැතුව සමහර දවස් වලට කිලෝමීටර් 2ක් විතර පයින් යනවා... hubby ගේ ප්‍රතිචාරය...
    "කරුමේ ඉතින්.... කව්ද කිව්වේ පයින් යන්න කියල.... යන්න එපෑ 3 wheal එකේ!"

    මම කියන්නේ ආදරේ කියන්නේ give and take නෙවෙයි... just GIVE
    වයස කියන්නේ මට නම් හිතෙන විදියට ගැටළුවක් තමයි... ඒත් ආදරේට නම් ගැටළුවක් නෙවෙයි... විවාහයට ගැටළුවක් වෙන්න පුළුවන්....
    වයසින් වැඩි කෙනෙක් උනත් බය නැතුව marry කරනවා කියන එකෙන් (විතරක්) නම් මම ඒක serious love එකක් කියල පිළිගන්න සුදානම් නැහැ...
    මම කාගෙවත් අදහස් එක්ක ගැටෙන්න ලිව්වා නෙවෙයි.... මගේ අදහස පලකළා විතරයි හොදේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...