Sunday, June 10, 2012

ජෝන් ලොගී බෙයාර්ඩ් මාමාට ලියමි (සීයාගේ අසනීපය සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 9)


මේ මෑතකිදී පුබුදු කොලුවා සෑමාට කීවේ ඇයි බොල පොඩි සෑමා දැන් ලියුම් ලියන්නේ නැද්ද කියාය. එය සෑමාගේ හිතේද තිබ්බ කාරනාවකි. සයිබර උත්සවයේදි ඔබා මාමා ඇහුවේද "මල්ලී එතකොට පොඩි සෑමා කියන්නෙ ඔයාද තව වෙන එක්කෙනෙක්ද ?" කියාය. ඇත්තටම පොඩි සෑමාගේ ලියුමක් ලියන්නට පමා වුයේ එවන් ලිපියක් ලිවීම අපහසු නිසා නොව, බලන්නාට ප්‍රියවන්නට නිදහස් මනසින් ලිවිය යුතු නිසාමය.

පංචායුධ මාමාට පොඩි සෑමා අවසාන් ලිපිය ලියා අදට දින 75ක් පමණය. එවන් තැනකදි අද අකුරු කරන්නේ ‍‍ජෝන් මාමාට හෙවත් රූප පෙට්ටිය සොයා ගත් ජෝන් ලොගී බෙයාර්ඩ් මහතාටය.

ආදරනීය ලොගී බෙයා මාමේ...

මොනිටර් එක ඉදිරිපිට සිට ලියමි. ඒක ජොන් මාමා සොයාගත් වර්ගයේ නොවේය. ඇල්.සී.ඩීය.

ගූගල් දෙවියන්ට පිං සිද්ධ වෙන්නට ඔබ ගැන පොඩි සෑමා කරුණු එකතු කර ගත්තේය. එහෙත් ඔබට මාමා කියන එක වැරදිය. ඒ ඔබ 1888දි උපත් නිසාය. ඒ කියන්නේ ඔබ අපේ සීයාට වඩා කෞතුක වස්තුවක්ය. මේ කාලේ කෞතුක වස්තුවක් කියා කාටවත් කියන්නට පවා බයය. ඔබ කෞතුක වස්තුවක් බව අපේ දැන් ඉන්න මාමලාට ඇහුනොත් ඔබව වලෙන් ගොඩට ගන්නවා ෂුවර්ය. ඒ අරගෙනත් ඔබගේ ඉපැරනි ටීවි එක මතුවෙනතුරු වල හාරනවා ෂුවර්ය. ඒ දැන් ඉන්න අපේ මාමලාය. ඔබ 1925 ටීවී එක සොයා ගත් බවද දැන ගතිමි. ඒ දිනවල පොඩි සෑමාගේ සීයා නම් ගැටයා කාලයේය. ඔබ ලොවට වටිනා සේවයක් කළ බැව් සැබෑමය. එවන් සේවයක් කර 1946 වසරේ මිය ගිය බැව්ද පොඩි සෑමා දන්නේය.

ඔබ 1925 ටීවි එක සොයා ගන්නා කාලයේ පොඩි සෑමාගේ සීයා නම් ගැටයාය. පසු කලෙක සීයා වයසට යන කාලේ පොඩි සෑමා ගැටයාය. ඒ කාලේ තිබුනේ ටියුබ් සහිත ටීවිය. දැන් නම් ‍ජෝන් මාමාගේ ජාතියේ ටීවි ලෝකයේ අඩුය. දැන් එවා ස්ලිම්ය. එවාට හරියන්නට ජීවත් වෙන ජනතාව ටියුබ් සහිත ටීවී එකට වඩා විශාල බඩක් ඇත්තෝය. ඔබ රූප පෙට්ටිය සොයාගත් පසු කලෙක සුදු මාමලා රූප පෙට්ටියට කිව්වේ Idiot box කියාය. ඒ හැම එකාම වට වෙලා කිසි වැඩක් නොකර ඕක දිහා බලන් ඉන්න නිසාය. ඒක නම් ‍ජෝන් මාමාගේ වරද බැව් පොඩි සෑමා නොකියන්නේය. වැදගත් දෙයක් වැදගත් විදියට යොදා ගන්නට අපේ එවුන් නොදන්නා කමය.

දැන් තියෙන ටීවී බිත්තියේ එල්ලිය හැක්කේය. පුලුල් තිර සහිත ඒවාය. බර නැත. ඇත්තටම ඇතුලේ ගන්නට තරම් කිසිවක් නැත්තේය. රූප පෙට්ටිය කොතරම් විශාල වුවද කිසිම තේරුමක් නැත්තේය. ඒ තිරය වැහෙන්නම අපේ නාලිකා කාරයෝ වෙලද දැන්වීම් දමන්නෝය. ඒ නිසා තිරය විශාල වුවද වැඩ නැත්තේමය. ඉස්සර පොඩි සෑමාගේ ගෙදර තිබ්බේ අගල් 15 කළු සුදු ඩේට්රෝන් ටීවී එකක්ය. ඒ කාලේ පොඩි සෑමාගේ ගම පුරා තිබ්බේ ඒ වර්ගයේම නැෂනල් හෝ සෝනි රූප පෙට්ටිය. අපරාදෙ කියන්නට බැරිය. දැන් වාගේ චැනල් අල්ලන්නට අඩි ගණන් ඇන්ටනා අවශ්‍ය වුයේ නැත්තේය. සැටලයිට් අනවශ්‍යය. පුංචි වයර් කැබැල්ලකින් චැනල් සියල්ල බලා ගත හැක්කේය. එවන් කලෙක නාලිකා කාරයෝ මේ ආකාරයෙන් ඇඩ් දැම්මේ නම් අපිට අගල් 15 ටීවී එක ඉදිරියෙන් අන්වීක්ෂයක් හෝ සවි කිරීමට වෙනවා ෂුවර්ය.

කළු සුදු රැල්ල අහවර වී වර්ණ රූපවාහිනි රැල්ල එද්දී ලොකු සෑමා පොඩි එකාය. එතකොට පොඩි සෑමා ලොවෙත් නැතිය. ලෝවැඩ සගරාවේවත්, ලෝකෝපකාරයේවත් නැතිය. එවන් කලෙක අලුත් ගැජට් එකක් ආවා මතකය. ඒ කළු සුදු රූපවාහිනි වර්ණ කරන ගැජට්ටුවක්ය. එවන් එකක් අපේ සීයා ගෙන ආවා මතකය. එය රූප පෙට්ටියේ තිරය තරම් වූ කවරයක්ය. එය රූප පෙට්ටිය ඉදිරියෙන් සවි කළ යුතුය. එවිට අපට කළු සුදු රූප වර්ණ ලෙස බැලිය හැකි බව කියා ඇත්තේ ගැජට්ටුව සීයාට විකිණු කඩේ මාමාය. සීයා අපි සමග එක්ව ගැජට්ටුව ගැසුවේය. ඉස්සර නාලිකා පටන් ගත්තේ සවස් ජාමයේය. එතෙක් නාලිකාව "සූ.. " හඩ නංවමින් ඉරි කැබලි පෙන්නූ බවක් සෑමාට මතකය. ගැජට්ටුව ගසා රූප පෙට්ටය දැමූ විට වැඩේ ගොඩය. පාට තිත් පෙනෙන්නට විය. ඉන්පසු සීයා සමග අපට ඉස්පාසුවක් නැතිව බලා ඉන්නට වූයේ නාලිකා පටන් ගන්නා තුරුය. සවස් ජාමේ නාලිකා ඇරඹුනේය. සීයා ටීවී එක දැම්මේය. වැඩේ ගොඩය. කළු සුදු රූප වර්ණ ගැන්වී තිබුනේය. එහෙත් අවුලකට තිබ්බේ සරමක් ඇදගත් අයෙක් ඇවිදින ජවනිකාවක් තිබුනොත් ටීවි එකේ තැන් තැන් වලදී ඒ පුද්ගලයාගේ සරමේ පාට මාරු වෙනවාය. විටෙක ඔහුගේ මුහුනේ ඇග‍පතේ පාට පවා නිල්, රතු, කහ ආදී පාටින් පෙනෙන්නට විය. දින දෙකකින් පමන සීයා එය ගලවා පැත්තකට දැමුවේ කුණු හබ්බ දෙකක් කියමින් කඩ කාරයාගේ මවට ස්තුති කරමින්ය.


පසු කලෙක අපේ ගෙදරට වර්ණ ටීවි එකක් ‍ගෙනාවේය. එහි පිටුපස ඉතා තඩිය. බිත්තියේ සිට අඩි 3ක් පමණ ඉදිරියට වන්නට ටීවී ස්ටෑන්ඩ් එක තැබිය යුත්තේය. එදා සිට අපේ සීයා සිටියේ ඉමහත් සතුටින්ය. ඒ ජෝන් මාමේ ඔබට පින් සිද්ද වන්නටය. ඒ ටීවී එක ගෙනා දවසේ සිට අපේ සීයා සම්පූර්ණයෙන් වෙනස් වුයේය. වෙනදාට දුර සිට බලන සීයා අලුත් ටීවි එක ලගම පුටුවක් තියාගෙන ටීවි එකට මුහුන තියාගෙන බලන්නට විය. සීයාගේ මේ වෙනසට කලබල වූයේ අ‍පේ ආච්චීය. එනිසා තකහනියේ දොත්තර ලගට ගෙනියන්නට හැදුවද සීයා අදි මදි කලේය. 


සීයාගේ රෝග ලක්ෂන හොදින් වැටහුනේ පොඩි සෑමාටය. සීයාගේ රෝගය බොහේ විට උත්සන්න වූයේ දහවල හින්දි සිංදු යන විටය, නැතිනම් ඉංග්‍රීසි චිත්‍රපට බලන විටය, තවත් බොහෝ අවස්ථාවලදී මෙන්ම හවසට ඉංගිරීසි නාලිකාවල කාන්තාවන් එක්සයිස් කරන වැඩසටහන් වලදීද සීයා රෑප පෙට්ටියට මුහුන තබාගෙන බලන්නේය. සීයාගේ ලෙඩ හොද කළ යුතු නිසාම සෑමා ටීවී එකට උඩින් දිනක් වතුර වක්කලේය. ඒ සීයා ටීවී එක ඔන් කරපු හැටියේ පුපුරන්නටය. සීයා ටීවී එක ඔන් ‍කලේය. චටාස් ගෑවේය. එපමණකි. එවලේ සිට රූප පෙට්ටිය වැඩ නැත්තේය. 


එදා සීයාගේ ඇස් පෙනෙන්නට විය. ආච්චීට මෙන්ම ගෙදර හැමෝටම සීයාගේ රෝග තත්වයව නිෂ්චය විය. පහුවදා පාන්දර සීයා අවදිවී ටීවී එක උස්සා ගත්තේය. 


"මෙහෙ වරෙන් කොලුවෝ. මාත් එක්ක හන්දියට යන්න මේ ටීවී එක හදා ගන්ට" කියා ලොකු සෑමාට අඩ ගෑවේය. 


"මේ මහ පාන්ද‍ර කොහෙ යන්නද? අනික සීයාට හතිය නේද හුලං වදින්න හොදද?" ඒ ලොකු සෑමාය. 


"බොට බැරි නම් මට බයිසිකලේ යතුර දියන් මම තනියම යනවා." ඒ නැවත සීයාය. ටීවී එක සාදා ගැනීම සීයාගේ පරම චේතනාව විය.


"නැහැ නැහැ ඕනෙ නැහැ. මම එන්නම්. ටීවි එකක් උකුලෙ තියාගෙන, බයික් එක කකුල් අස්සෙ ගහගෙන කොහොම පදින්නද මෙයා.." ලොකු සෑමා ට තද විය.


"අනේ මේ පලයන් යන්න. මගෙ හැටි අහං බොලාගෙ ආච්චිගෙන්.."


ලොකු සෑමා බයික් එක එලියට ගෙන යන්නට යද්දී පොඩි සෑමා පැත්තකට වී බලා සිටියේය. ඒ අතර ආච්චීද දිවගෙන ආවාය.


"ඈ මේ මනුස්සයට හතිය නේද ? අර ජැකට් එකවත් ඇද ගන්නවා යන්න කලින්. ඒ මදිවට බදන්න බැරි ටීවි එකකුත් ඔඩොක්කුවේ" ආච්චිගේ කන්නලව්ව අසා සීයා ජැකට්ටුව ගෙන ඇදගත්තේය. 


"මොකද මනුස්සයෝ ඕක අනිත් පැත්ත ඇදලා. මේ මිනිහට ටීවි එක කිව්වොත් මුකුත් සිහියක් නැහැ.." ආච්චී නැවත කෑගෑවේ සීයා ජැකට්ටුව අනෙක් පැත්තට ඇද සිප් එක පිටිපස්සට එන ලෙස ඇද ගත් නිසාය.


"මේ ගෑනිට කට තිබ්බට මොලේ නැති හැටි. මම සිප් එක පිටිපස්සට එන්න ඇන්දේ පපුවට හුලං නොවදින්න අයිසේ.." සීයා පිටුපසින් හිදගෙන ටීවී එක උකුල මත තබා ගත්තේය. ටීවී එක සීයාට වඩා දෙතුන් ගුණයක් විශාලය.


ලොකු සෑමා අයියා තකහනියේ බයිසිකලය විදුලි වේගයෙන් පැද්දේය. සීයා ඒ ක්ෂණික ගැස්සිල්ලට පිටු පසට බර වී කෙලින් වූවේය. සීයා සහ රූපවාහිනිය නැවත එන තුරු බලා සිටි අප නිවසට හදිසි පනිවිඩයක් ආවේ සීයා හදිසි අනතුරකට ලක්ව ඇති බවක්ය. සිද්ධිය පසු විපරමේදී අපට සීයාගේ අනතුරට හේතුව රූප පෙට්ටිය බව ආරංචි වූයේය.


සිද්ධිය මෙසේය....


ලොකු සෑමා අයියාගේ ධාවන වේගයට රෑපවාහිනියේ බර දරාගත නොහැකිව සීයා අපේ හන්දියේ වැටි ඇත්තේය. සීයා වැටුනු බවක් නොදත් ලොකු සෑමා අයියා බයික් එක නොනවත්වා ධාවනය කර ඇත්තේය. මගදී සීයා නැති බවක් දැනුන ලොකු සැමා අයියා නැවත බයික් එක හරවාගෙන ඇවිත් ඇත්තේය. හන්දියේ පිරිසක් වට වී සිටිනු දැක ලොකු සෑමා අයියා එතැනට ගොස් බලන විට සීයා පැත්තක වැටී සිට ඇත්තේය.


"මෙතන මොකද වුනේ?? මේ අපේ සීයා.." රෑප පෙට්ටය පැත්තක වැටී තිබියදී, සීයාද පසෙක සිටිද්දි ලොකු සෑමා අයියා අසා ඇත්තේය.


"අහ්..  මේ ලමය එක්ක ගිහින් නේද සීයා වැටුනේ.." කවුදෝ පොරක් ලොකු සෑමාට කියා ඇත්තේය.


"ඔව් මම දන්නෙ නැහැ සීය වැටුන කියලා.. "


"බලන්න සීයා වැටිලත් ටීවි එක බදාගෙන හොදට හිටිය. මෙතන කඩේ හිටපු මිනිහෙක් කිව්වා බලන්න වැටිච්ච පාර සීයාගේ ඔළුව අනිත් පැත්ත හැරිල කියල. එතකොට කට්ටිය එකතු වෙලා ඔළුව අනිත් පැත්තට කැරකෙව්වා...."


"මගෙ අප්පේ සීය වැටිලත් හොදට හිටියනම් අහවල් එකටද අයිසේ බෙල්ල කැරකෙව්වේ..."


"ජැකට් එක අනිත් පැත්ත ඇදල හිටිය නිසා කට්ටිය හිතලා සීය ඔලුව ඇබරිලා කෑ ගහනවා කියල. ඒකයි කරකවල තියෙන්නේ."


එදා සිට අපේ සීයා බෙල්ලේ කොලර් එකක් පැලදුවේය. ඒ ටීවී එක නිසා සිදු වූ උලුක්කුව නිවැරදි කර ගන්නටය. ඇස් රෝග පවා වහා සුව වී තිබුනේය. නැවත සීයා ටීවී එකෙන් දුරස්ව වත්තේ පිටියේ වැඩට යොමු වූවේය. 


සියළු සිද්ධි අවසන ‍ජෝන් ලොගී බෙයාර්ඩ් සීයාට/මාමාට කියන්නට ඇත්තේ මෙපමනකි. ඔබේ නිර්මාණය ලෝකය වෙනත් මගකට යොමු කල බැව් සැබෑය. එනිසා අප ඔබට ණය ගැතිය. එහෙව් නිර්මාණයක් වර්ථමානයේ වැරදි දේ වලට පවා යොදා ගන්නේය. ඒවා වැලැක්විය නොහැක්කේමය. ඔබේ සොයා ගැනීම නිසා අපි මොනිටර් ඉදිරියට වී බ්ලොග් කොටන පිරිසක්ය. මොනිටර්ද දැන් වෙනත් ආදේශක දෑ නිසා වෙනත් මගකට යොමු වී ඇත්තේය. 


ආරම්භය ඔබය. ස්තුතිය ඔබටය.


Written by sAm_31.05.2012_7.25pm


පලි-  සෑමාගේ ඇත්තම සීයාට මෙහෙව් අප්සට් එකක් තිබුනේ නැතිය. මෙය සෑමා හිතා ලියුවක් පමණි.


පෙර ලිපි -









102 comments:

  1. පට්ටයි ඈ ලිවිල්ල නම්
    බලන් ගියාම සෑමා අයියා අන්කල් කෙනෙක්ද මන්දා මොකද අපේ අම්මත් ඔය කියන යුගයේ පොඩි එකියක්ලුනේ.

    හැබෑටම සීයාගේ බෙල්ල කරකැවීම ගැන නම් හිනා ගියා සීයා මේවා දැක්කා නම් සෑමාගේ බෙල්ල කැරකෙනවා කියලත් ෂුවර් එකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ සීයා එල කොල්ලෙක් බං.. සීයා අපිත් එක්ක නැහැ දැන්.

      මේක ලිව්වේ කොහෙවත් හිටපු එකෙක් ගැන නේ.. :)

      Delete
  2. මමනං දන්නවා සීයා මොකද දවල්ටම ටීවී බලන්නෙ කියලා... අපේ සීයත් ඔහොම්මමනේ...හින්දි ෆිල්ම් වල සින්දු වරදින්නෙ නෑ.. වෙලාවකට ආච්චි බයිනවා මේ මිනිහා මොනවා බලනවද මන්දා කියලා...
    මමත් ඉතින් එහා පුටුවෙනෙ මට මැරෙන්න හිනා ඒ වෙලාවට සීයගේ මූණ දැක්කම :-)))

    හිකිස් බෙල්ල කැරකෙව්ව සීන් එක නං මරු තමා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මතකනේ "හිට් ටීවී" හින්දි ෆිල්ම් විතරමයි. සීයා ඒව බලන්න ඇති..

      ජය වේවා !

      Delete
  3. සුපිරි ලිවිල්ල. ලොගී මාමට ඇහුනා නම් වලෙන් නැගිටලා ඇවිත් සෑම් අයියාට උම්මා එකක් දෙනවා බුදු ෂුවර්ය.

    සීයාගේ ජැකට් එක මාරු කරලා ඇඳලා වැටුනාම මිනිස්සු හිතුව විදිහටනම් බක බක ගාල හිනා ගියා. පට්ට සිද්ධිය. මවාපෑමක් වුනත් පට්ට විදිහට ලියල, එල.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ය‍කෝ දැන් ලොගි මාමා ආවොත් මම බය වෙයි !

      ජය වේවා !

      Delete
  4. අඩේ උඹ මේක දානකන් තමයි මාත් ඇඟිලි ගැන ගැන උන්නේ කතාව පස්ටය්
    අර බෙල්ල කැරකුව සීන් එකටනං හිනා ගියා ඇත්තමය් :ඩ්

    ReplyDelete
    Replies
    1. මතකනේ උබ බුකියෙත් ඇහුව.. එතකොට තමා මටත් පත්තු වුනේ.. ස්තුති :))

      Delete
  5. ජෝන් ලොගී බෙයාඩ් මැරිලා නේද :D

    ReplyDelete
    Replies
    1. ය‍කෝ මූ අද ඉපදිල වගේ නේ :)

      Delete
    2. පිස්සුද හසිත? අන්න බෙයා කාරයා කොම්පඥ්ඥ වීදියේ ඉඳන් ටෙඩි බෙයාල විකුනනවා... මම අදත් දැක්ක..

      Delete
    3. සැලෙන්ඩර් උබත් මාර ආතල් දෙන්නේ. මට හිනා ගියා බං..

      Delete
  6. එල එල, උබටත් මාර ඒවනේ හිතෙන්නේ,
    ජය වේවා

    ReplyDelete
  7. ලොගී මාමාව මුරුංගා අත්තේ තියලා නොවැ සෑමා
    සැමාගේ සීයට කෙසේ වෙතත් සෑමා නමි දැන් ළඟ ඉඳන් මොනටරේ දිහා බලනවා ඇති

    ReplyDelete
    Replies
    1. මොනිටර් මොනවටද බොල අපේ වහලෙට නැග්ගම සජීවී අත්දැකිම් තියෙනවා !

      Delete
    2. // අපේ වහලෙට නැග්ගම සජීවී අත්දැකිම් තියෙනවා //

      මචං, උඹලෑ ගෙදර එඩ්‍රස් එක දෙන්න බැරිද? :D

      Delete
    3. බැලුවේ ඒ ගැන පෝස්ට්ටුවක් දානවද එපාද කියල මචං.

      *පිංතූර සහිතයි

      Delete
  8. පට්ට කතාව බොල....ඔහොම කාලෙ ඔහොම ඈයො හිටිය ඇත්තටම...!

    ReplyDelete
  9. සැමයියාගේ වයස කොපමණදැයි මීට ඉහත අසන ලද ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරු අද ලැබෙනවා නියතය...

    පට්ට ලිපිය සැමයියේ... ෂර්ට් එක අනික් පැත්ත හැරෙව්ව සීන් එක නියමෙට ආයේ මතක් කරලා තියෙනවා.... ඒක නෙමෙයි සැමෝ ලොකු සැමා කියන්නේ සැමාගේ අයියටද?? එතකොට එයත් සමින්දිකද?? නැත්තම් මේ දෙන්නම එකයිද?? තාමත් මට ප්‍රස්නයකි

    ReplyDelete
    Replies
    1. අනේ ඔය ඔක්කොම මේ එකම සෑමා තමයි මචං.. කළබල කර ගන්න එපා..

      අර එදා හම්බුන එකා මතකනේ. අන්න ඌ විතරමයි ඉන්නේ. සැක නම් නිකං හිටු. නැත්තං ඒත් නිකං හිටු !

      ජය !

      Delete
  10. හික්. ආ‍පේ ගෙදරත් තිබ්බේ ඩේට්රෝන් එකක්. තාමත් තියෙනවා. රිපෙයාර් පාරක් දාන්න ඕනේ :D
    පව් බොල සීයා. :)

    ReplyDelete
    Replies
    1. සීයා පව් කියන්නෙ ඇයි බං. ඇත්තට අපේ සීය මෙහෙම නැහැ. එල කොල්ලෙක් :)

      Delete
  11. හෆ්ෆටසිලි.....මරු ඈ...

    ReplyDelete
  12. එළ. රූප පෙට්ටිය එක එක මාමලාට කඩේයන හැටිත් ලිව්වනං තමා පොඩි සෑමෝ හොඳ. ඒත් ඉතිං උඹට ඕවයෙ බරපතලකම තේරෙන්න තව කලක් යයි.

    ReplyDelete
    Replies
    1. කඩේ යන ඒව ලියල එපා වෙලා බං.. කස්ටියව වෙන පැත්තකට දාන්න බලං ලිව්වෙ.

      නැත්තං මුං ටික එකතු සුදු වෑන් එකක් හයර් කරගෙන ඇවිත් මට කෙලලා යනවා ෂුවර්. මොකද හැමදාම දේසපාලුවා ගැන ලියන නිසා.

      උබ කිව්වත් වගේ මම සුට්ටං එකා නිසා, ටිකක් කල් යයි තේරෙන්න. ;)

      Delete
  13. ආ ... පොඩි එකා ආපහු ලියුමක් ලියල තියෙන්නෙ. ලොගී බෙයාර්ඩ් උන්නැහෙ හිටියනම් මැරෙන්නෙ හිතේ අමාරුවට බං, දැං දැං ඔය ටීවී උලව්වෙ පෙන්නන දේවල් දැකල.
    අපි පොඩි කාලෙ (අසූ ගණන්වල) අපේ ගෙදරත් තිබුණෙ කළු සුදු ඩේට්රෝන් එකක් තමා. ඒකෙ චැනල් මාරු කරන්නෙ ටක ටක ගාල කරකවන රවුමකින්. දැන් නම් ඉතින් අඟිල්ලෙන් බට්න් එක ඔබනව විතරනේ. ඒ දවස්වල සිංහල ෆිල්ම් එකක් පෙන්නනව ජාතික රූපවාහිනියෙ, මතක හැටියට මාසෙකට එකක් ද කොහෙද. කිට්ටුව ගෙවල්වල කට්ටිය, නෑදෑයො ඔක්‍කොම වගේ එදාට වට වෙනව ඕක බලන්න. එදාට ඉතින් හවසම අම්ම රෑට තේවලට ගන්න මොනව හරි කෑමක් එහෙම හදනව. මම නම් කැමැත්තෙන් හිටියෙ ඒකට. මොකද ඔය ෆිල්ම්වල දුෂ්ඨයොන්ගෙ පාට් පෙන්නනකොට මම බයයි. ඒ නිසා කලින්ම හදපුව කාල බීල අම්මගෙ හරි තාත්තගෙ හරි උකුල උඩම නිදා ගන්නව. තව අනූ ගණන්වල මුලදි රොබින් හුඩ් පෙන්නුව සිකුරාද රෑ. එතකොටත් අපේ ගෙදර තිබුණෙ අර කළු සුදු එකම නිසා අයියයි මමයි තාත්තත් එක්ක බාප්පලගෙ ගෙදර යනව ඒක බලන්න කලර් ටීවී එකේ. ඒ කාලෙ අපි ආසාවෙන් බැළුවෙ ටයි මාමගෙ වැඩ. ඉස්සර අයිටීඑන් පටන් ගත්තෙ 4.30 ට. ඒ වෙලේ ඉඳන් කාටුන් බලනව. කැප්ටන් ඇමරිකා, ස්කූ බි ඩූ, ටර්ට්ල්ස්, සෝරෝ, තන්ඩර් කැට්, හාවා හරි හාවා, වුඩී වුඩ්පෙකර් ඔයවගේ ගොඩක් කාටුන් තිබුණ. ඇත්තටම ඔය ටීවී එකත් එක්ක බැඳුනු සුන්දර ළමා කාලයකුත් අපිට තිබුණ. දැන් නම් මම වැරදිලවත් ඔය මඟුල බලන්නෙ නෑ. ඒ තරමට එපා වෙල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වරදක් නැහැ මෙහෙම කිව්වට. මගෙ පෝස්ටුවට වඩා මේ කමෙන්ටුව රසවත්. (මට හිතෙන හැටි)

      සම්පූර්නයෙන් මාව අතීතෙට ගෙනිච්ච බං.

      //අපේ ගෙදරත් තිබුණෙ කළු සුදු ඩේට්රෝන් එකක් තමා. ඒකෙ චැනල් මාරු කරන්නෙ ටක ටක ගාල කරකවන රවුමකින්.//

      //අනූ ගණන්වල මුලදි රොබින් හුඩ් පෙන්නුව සිකුරාද රෑ.//

      // ඒ කාලෙ අපි ආසාවෙන් බැළුවෙ ටයි මාමගෙ වැඩ.//

      මේකත් කියවන්න
      බයිස්කෝප් හේමේ

      Delete
    2. සහතික ඇත්ත DDT .. ඒ කාලේ ටීවී එක ආසාවෙන් බැලුවට දැන්නම් ඔය මගුල නොදකින තරමට හොඳයි.

      Delete
  14. අඩේ ඔහොම්ම එකක් ලියපං ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ට... එතකොට සීයා වැටිච්චි වෙලාවේ ​ෆෝන් එකක් තිබ්බනම් කෝල් එකක් දීලා ලොකු සෑමාව ගෙන්න තිබුනනේ...

    ReplyDelete
    Replies
    1. උබත් කියන මොට්ට කතා බං. අච්චර සීයා වැටෙද්දි නොදැනුන ලොකු සෑමාට, සීයා කතා කරනකොට ෆෝන් එක වයිබ්‍රේට් වෙනව දැනෙයිද බොල :ඪී

      Delete
  15. සීයලා වෙන මොනවා කරන්නද මචෝ. පව් බන් සීයා. සීයා ස්තූති කොරලා නැතිද බෙල්ල කරකවපු එකාට.හික්.. හික්... මට හිනාත් යනවා ඕයි..! හැබැයි සීයට නම් නෙමේ, උබේ කතාවට. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. ජයෙන් ජය !

      Delete
  16. බලාගෙන ගියාම අඩේ සෑමගෙ සීය සුපිරි ගැස්ටෙක් සෑමට වඩා.....

    ReplyDelete
    Replies
    1. මේ කසුන් සහෝදරය නේද? ඈ යකෝ මම වැඩ්ඩෙක් නෙවේද?

      Delete
  17. කතාවෙ අවස්ථා සම්බන්ධය හෙම ගානට සෙටමෝල් වෙලා තියෙනවා,...හිනාවෙන්න විතරක් නෙවෙයි ගන්න දේවලුත් බොහොමයි මේකෙ.

    හැබැයි අර බයික් එකෙන් වැටිච්ච සිද්ධිය නම් පෝස්ට් එකට ගැලපෙන නිසා ටැග් කළ එකක් කියලා මට හොදටම ෂුවර්...
    (මං හරි විය හැකි ද ?)

    ReplyDelete
    Replies
    1. සුමියා උබ එක්ක හැරෙන්න බැහැ බං..

      බයික් එකෙන් වැටුන සීන් එක මම පුංචි කාලේ ඒ කිව්වෙ 6 වසරේ විතර කැමිලස් ගජමෑන් පත්තරේ මැද පිටුවෙ තිබ්බ කාටුන් එකක තිබ්බේ. දැන් ඔය විහිලුව දන්න එකෙක්, මතක එකෙක් නැතිව ඇති මයෙ හිතේ. ඒක ගානට එල්ලුවා.

      අපේ පත්තර කඩේට ඉස්සර සිකුරාදා හවස එනවා කැමිලස් පත්තර මිටියම. පෙරපාසල්,1,2,3,4,5, හැම ‍ශ්‍රේණියකම පත්තර ටික මැද පිටුවෙ කතාව සහ අන්තිම පිටුවෙ කාටුන් එක බලනවා. මමයි අක්කයි පොර කකා. ඊට පස්සේ ගජමෑන් (පස්සෙ ගජමෑන් ගෙ සමයං කියල එකකුත් ආවා) බලනවා පත්තරේම. ඔය කැමිලස් පත්තර මිටියට මාසෙ අන්තිමට එකතු වෙනවා සිව්දෙස මාසික සගාරාවත්. ‍ඒකෙ හිනා මනා සහ මෙහෙව් රටේ බලනවා. ඒ අතර වැදගත් ලිපිත් කියවනවා.

      පත්තර ගැන පෝස්ටු 10ක් ලියන්න පුලුවන්. මේ ටික දැම්මේ සුමියා අහපු නිසා..

      ජය !

      Delete
  18. සීයෑ බෙල්ල කරකවපු ගමන් කරස් ගාලා සද්දයක් එන්ඩ ඇති නෙහ්.... :)
    සෑමගේ සීයා හොද එක්සසයිස් කොල්ලෙකි !!!

    ReplyDelete
    Replies
    1. අපේ නැහැ බං ටීවී එකට මුන තියල අඹරන නිසා 360ට කැරකෙන බෙල්ලක් ඒ තුමාට තිබුනේ.

      එක්සසයිස් පොතක්ද බං ?

      Delete
  19. සපිරිය.. අපේ ගෙදරත් ඉස්සර කළු සුදු ඩේට්රෝන් ටීවී එකක් තිබ්බ බව මතකය.. තාත්තගෙන් අහන්න ඕනි ඒකට මොකද වුනේ කියලා..
    ‍ජැකට්ටුව සහ බෙල්ල නං ලෙසටම ලියා ඇත..
    ජය !!!

    ReplyDelete
    Replies
    1. හැම ගෙදරකම තිබිල තියෙන බ්‍රෑන්ඩ් එක තමා ඩේට්රෝන් බලං ගියාම..

      ‍ජයෙන් ජය !

      Delete
  20. සමහර විට උඹේ මුනුබුරා ඔය විදියේ එකක් ලියන්න බැරි නෑ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ උන්ට බ්ලොග් තහනම් කරන්න ඕනේ විමල් මාමා ගුගල් ගැන කිව්ව වගේ..

      ජයෙන් ජය මචං. !

      Delete
  21. "ජැකට් එක අනිත් පැත්ත ඇදල හිටිය නිසා කට්ටිය හිතලා සීය ඔලුව ඇබරිලා කෑ ගහනවා කියල. ඒකයි කරකවල තියෙන්නේ."

    මේ කෑල්ලට පට්ටම හිනා බං... රසය වැඩි වෙන්න එකතු කෑල්ලල්ද දන්නේ නෑ.. ඒත් ඒකට තමා වැඩියෙන්ම හිනා ගියේ.. නියමයි....

    ReplyDelete
    Replies
    1. රස කාරකයක් තමා මචං..

      ජයෙන් ජය !

      Delete
  22. මමත් ටීවී උමතුවෙන් පෙළුන කෙනෙක්. මොකද ලංකාවට ටීවී එත්දී ළමා වයසේ හිටිය මට මේ හැම වර්ගයකම ටීවී නරබන්න අවස්ථාව ලැබුනා. මම පොකට් ටීවී එකකුත් ගත්තා කාලයක් ක්‍රිකට් උමතුව හින්ද. මුලින්ම බ්ලැක් ඇන්ඩ් වයිට්, පස්සේ කලර්, ඊට පස්සේ ටීවී වල වෙනස් වුනේ සවුන්ඩ් පැත්තෙන්. ටොප්-ඩෝම්, ටර්බෝ සවුන්ඩ්, නයිකෑම්, ස්ටීරියෝ, සිමල්කාස්ට්. පස්සේ සැටලයිට්. ඊට පස්සේ ෆ්ලට්‍රෝන් කියල ජාතියක් ආවා මතකයි. ගෝල්ඩන් අයි කියල එකක් ආවා පරිසරයට අනුව පාට/එලිය අඩු වැඩි කරන. පී.අයි.පී. ඉතාම වැදගත් හොයා ගැනීමක් ටියුබ් ටී.වී. ගැන හිතුවොත්. පස්සේ ටී.වී. කාඩ් ආවා. මම හිතන්නේ ටී.වී වලට තිබ්බ ජපන් ආධිපත්‍ය උදුරා ගත්තේ කොරියන් කාරය ප්ලාස්මා,එල්.සී.ඩී., එල්.ඊ.ඩී වලින්. අලුත්ම ට්‍රෙන්ඩ් එක එච්.ඩී,3ඩී. පස්සේ කාලෙක මම එල්.සී.ඩී. මොනිටරයට කොම්බෝ කාඩ් එකක් ගහලා පියෝ ටී.වී. බැලුව. දැන් ස්මාර්ට් ටීවී. වොයිස් රෙකග්නිෂන් පවා තියෙනවා.

    අර ජැකට් කතාව මමත් කියවල තියෙනවා පත්තරෙන්. ඉස්සර නයිට් රයිඩර්, බයිනික් වුමන් කියල කතා දෙකක් ගියා ෆුල් ඇඩම්ස් ඔන්ලි ඈ.

    ReplyDelete
    Replies
    1. ටීවි ගැන ලියපු ටික නම් සිරා බං. ටීවි ගලාගෙන ගියා. අතරින් පතර මා අත්දැකපු වර්ග එහෙමත් තිබුනා.

      බයිනික් වුමන් නම නම් අහල තියෙනවා. මොන පත්‍තරේද දන්නෙ නැහැ තිබ්බේ.. ඇඩම්ස් නම් ඉතිං අපි දැනගන්න විදිහක් ඇත්තෙම නැහැ ඒ කාලේ :)

      ස්තුති සුදීක අයියා (මූ නම වෙනස් කරල අපිටයි වදේ :)

      Delete
  23. බන්... හිනාවෙලා පන ගියා බන්.....

    එතකොට උඹලෑ සීයත් මහසෝනා වගේ පොරක් වෙන්ඩ ඇති නේද ? එතකොට කවුද බන් ලොකු සෑමා කියන්නෙ. කෝ උඹේ අර අක්කා ? උන්දෑ මුකුත් කීවෙ කොරේ නැද්ද ඔය හූනියම් පෙට්ටිය ගැන.

    ReplyDelete
    Replies
    1. ඔතන ලොකු සෑමා කිව්වේ මට. පොඩි සෑමා කිව්වේ ලියුම ලියපු එකා.

      අප්පද බොල අක්කව කලින් විනාස කොරපු නිසා දැම්මෙ නැහැ බොල..

      **උබේ ඊමේලය වැඩ නැද්ද. මේල් යන්නෙ නැහැනේ..

      ජය !

      Delete
    2. උඹ කියන්නෙ ඔෆිස් එක වෙන්ඩ ඇති. ඒක දැන් ෆුල් වෙලා ඇති.. එක දවසක් නොබැලුවොත්.... බඩුම තමයි.

      Delete
    3. ඒක තමයි. ඩිලිවරි අවුල් ලු. මම බැලුව උබට කෝමද ඩිලිවරි 1ක් සෙට් වෙන්නේ කියල.

      පවුලට නම් තව කමක් නැහැ..

      Delete
    4. හෙහ්....ඔහොම යනකොට අපිටත් සෙට් වෙයි පරිස්සමින් හිටපන්...

      Delete
    5. මගුලයි.. අපි සමතැන් ඉල්ලුවෙ නැහැනේ..

      Delete
  24. සීයාට ඔය වගේ අසනීප තිබුනා නම් ඉතින්.....:))))))

    ReplyDelete
  25. පරක්කු වෙලා හරි උදේ පාන්දරම ඇවිත් මේක කියවලා ලේ ටික පිරිසිදු කර ගත්තා. නියමයි සැමෝ එල එල :)))))

    ReplyDelete
    Replies
    1. අහ් හා.. එච්චරයි වෙන්න ඕනේ. උදේම උබට මෙව්ව වෙනව නම් එයයි මගෙ සතුට.

      Delete
  26. හී හී නියම කතාව.... සීරාවටම ඔය පෙට්ටියට මොකද කරේ

    ReplyDelete
    Replies
    1. කැඩුවේ නම් නැහැ.. තාම තිබේ !

      Delete
  27. හිකිස්‌ බලාගෙන සීයාගෙන් ඕක උබට බෝ වෙන්න පුළුවන් කියන්න බැහැනේ ඔව්වා ආරෙට යන ඒවාද කියල... ටීවී සැමා

    ReplyDelete
    Replies
    1. සීය ටීවි බලනකොට අපි බැලුවේ මොනිටරේ බං.
      සීයට කොටු දානකොට අපිට කොටු නැහැ බං.

      ඇතිද මන්දා..

      ජය සහෝ !

      Delete
  28. සීයා පවුය. චාල්ස් බාබේජ්ට පින්සිද්ද වෙන්න සීයාට කම්පියුටරේ පුරුදු කරා නම් සීයා මේ පෝස්ට් එක බලලා සෑමාගෙ ඔලුව අනිත් පැත්තට හරවන දර්ශනේ අපිට බලාගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ උබලත් බලං ඉන්නේ සෑමා කොල්ලාට කෙලවන්නය.

      අර කොලුවව බැන්දෙ නැද්ද මචං තාම ?

      Delete
    2. තව මාස කීපයක් තියෙනවා බං. උඹලත් බලන් ඉන්නෙ ඉතින් අපිට කෙලවෙනකල් තමා නේ..:P

      Delete
    3. අර අවිහිංසක කොලුව ගැන හිතලා ඇහුවේ. බොලාට නම් උඩින් ගියත් මොකෝ..

      Delete
  29. පට්ට කෙටිල්ල..
    අපේ ගෙදර තිබ්බා සිංගර් 14 එකක්.... චැනල් 3ක් විතර තමා අහුවුණෙ

    ReplyDelete
    Replies
    1. සිංගර් එකත් ඒ කාලේ නම ගිය භාණ්ඩයක් තමා.

      ඒකාලේ චැනල් එච්චර නැහැනේ මචං

      ජය !

      Delete
  30. අපරාදෙ කියන්න බෑ සෑමො. මේක නම් උඹ ලියපු හොඳම එකක්. මට මොකුත් කට කැඩිච්ච කතාවක් කියන්න හිතෙන්නෙත් නෑබං අර අඩුම ගානෙ අර සූප්පුව කටේ ගහගෙන ඉන්න මගෙ වයසෙ දෙමල නලුවා ගැනවත්. ඒ තරම් සුපිරි ලියවිල්ලක්!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් උබ අද කොර වෙලා..

      හුක්කි... හුක්කි.... හූ.. හූ..

      Delete
  31. පස්ටයි ඈ.....;)

    හෑෆූ මමනම් ඩැන් ටීවී එක ඔන් කලලවට් නෑ අවුරුඩු ගානකින්......:/
    මොලේ කොලොප්පන් වෙනව යන හොම්මං ඇඩ්ඩැක්කම...

    ReplyDelete
    Replies
    1. ඒකලේ... ඔයා ඩැං ඔද ලමයෙක් වෙලාලේ..

      ජය ඔදේ !

      Delete
  32. අදනම් හොඳටම පරක්කු උනා.. සොරි ඈ...

    සෑමාගෙ ලිපිය පට්ටය.. සැමගේ සීයගේ කථාව ඇත්ත උනානම් සීයා මෙලහකටත් සැමාගේ බෙල්ල කරකවා හමාරය

    ReplyDelete
    Replies
    1. පරක්කු වුණා ??

      උබලට ඉතිං සීගිරි ගැන ලියන්න ගියාම ම‍හ පොලවේ ඉන්න අපිව අමතකයි..

      ජය ඔදේ !

      Delete
  33. අඩෙ අප්පේ...සීයව පතුරු ගහලනෙ... :D

    ReplyDelete
  34. සීයා දැන් නැති එක හොඳ බව සිතෙන්නේ දැන් රූප පෙට්ටියේ යන ඒවා බැලූ විටය..

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙනම් බෙල්ල කැරකිලා නවතින්නේ නැතිය.

      ජය !

      Delete
  35. සීයා දැන් ටී වී බලන්නැත්තෙ හොඳ වෙලාවටය..නැත්නම් සීයගෙ බෙල්ල අනිත් පැත්ත හරවන්නෙ ආච්චීය.

    ReplyDelete
    Replies
    1. සීයා ටීවි බලා සතුටු වෙන නිසා ආච්චීට කරදරයක් නැත. එනිසා ආච්චි මුකුත් කියන්නේද නැත.

      ජය සිත් රූ සිහින !

      Delete
  36. හයියෝ.. හිනා වෙලා පණ නෑ.. හික්ස්.. මරු හොඳේ...

    ReplyDelete
    Replies
    1. අප්පේ ආයි ලියන්නෙ නැහැ කස්ටිය මැරෙයි..

      Delete
  37. උදේ දැක්කාට ආවේ දැන්.. අප්පේ මට මතකයි ඔය කළු සුදු අලි විසාල ඩේට්රෝන් පතකඩේ තවම.. එකේ විසාල. අඟල් 21 ටීව් එකක් සයිස්. එත් තිරේ පුංචියි. පත සයිස් නොබ දෙකක් තිබ්බ තමයි. එකක් හුටු හුටු ගාල චැනල් කරකවන්න.. අනික වොලිම්ද මන්ද? අපේ එක නම් 2000 වෙනකම්ම තිබ්බ මයේ හිතේ. තවම අත්තම්මලගේ දිහා වැඩද දන්නේ නෑ. මුලදීම චැනල් දෙකයි අපි ටීවී බලද්දී. රූපවහිනියයි අයි.ටී.එන් එකයි. කෝපි කඩේ, කන්දේ ගෙදර, තව අර සූරසේන එහෙම හිටියේ, දෑස පියාගත් කල සින්දුව ගියපු ටෙලිය.. ඔන්න මට මතක අතීතේ.. පස්සේ ටී එන් එල්, එම්ටීවී ස්වර්ණවාහිනී ලට ලොට ටික ටික.. දැන් නම් කිරි බුදු අප්පේ ටීවී චැනල්ම කීයක්ද? දැන් ඉතින් ඔය හුටු හුටු ටීවී නෑ නේ. 1990 අපිත් ශාප් 12" කලර් ටීවී එකක් ගත්ත. එකනම් 2003 විතර සොරි උනා. කෑලිත් නෑ දැන් ඒවගේ හදන්නවත්,. අද අපේ දිහා ටීවී දෙකක්. බෙයාඩ් මාමගේ ජාතියේ සෝනි එකයි එල් ඊ ඩී සෝනි එකයි.. එත් මම ටීවී බලන්නේ නැතිම තරම්. එදා ගියා වගේ ටෙලිනාට්ටි කාටුන් අද නෑ..අද මම ටීවී බලන්නේ එක්කෝ පිස්සු පුසා බලන්න, නැත්තන් රොබින්හුඩ් බලන්න. ඒ දෙකටම නෙවෙයි නම් ෆිල්ම් එකක් බලන්න. ඔන්න ව්පරීත කාලේ.

    ReplyDelete
    Replies
    1. මචං, සූරසේන හිටියෙ පලිඟු මැණිකෙ කතාවෙ. අන්න යූ ටියුබ් එකේ තියනව. මම මේ ළඟදිත් බැළුව. තව ඔය කතා සෙට් එකේම මට මතක කීපෙකුත් තියනව. වෙද හාමිනේ, බෝඩිම, දූ දරුවො (මේක හිටපු සුදු සීයගෙ චරිතෙට මම හරිම කැමතියි ඒ කාලෙ), දඩබිම වගේම දැන් නම් මතක් වෙන්නෙ නැති කතා ගොඩක් තිබුණ. ඔය රූපවාහිනියෙ ගිය මයිකල් ෆ්‍රෙඩ්, ජේසන් කොනරි, ජූඩ් ට්‍රොට් රඟපෑව රොබින් හුඩ් නම් සදාතනික මතකයක්. ඒකෙ මියුසික් එක ඇහෙනකොට හිතට අමුතුම සතුටක් දැනෙනව. ඉස්සර පන ඇරගෙන ඕක බලන්නෙ. කොච්චර බැළුවත් එපා වෙන්නෙ නෑ. පස්සෙ මේ මෑතකදි මම ඔය කතාටික ඩවුන්ලෝඩ් කරල DVD වල රයිට් කරගත්ත.

      Delete
    2. කතා ගොඩයි. සතුටුයි පෝස්ටුව නිසා මෙච්චර මතකයන් අවදි වෙන එකට.

      සැලැන්ඩර් කිව්ව වගේ ඔය කියන හුටු හුටු ගාල කරකවන ලොකු රවුම් 2ක් තිබ්බ. එකක් VHF වලට, අනික UHF වලට.

      තව පොඩි රවුම් තුනයි. එකක් ඔන්/ඕෆ් කරන ස්විච් එක එක්කම වොලියුම් වලට, අනික කන්ට්‍රාස්ට්, අනික බ්‍රයිට්නස්.

      ඕකෙ තියෙනවා 12v Dc input එකක්. රටට කරන්ට් කපපු කාලේ අ‍පි ටීවි බැලුව. බැටරියකින්. :)

      තව ඕකෙ ඉයර් පෝං ගහන ජැක් එකට ඉරටු කෑල්ලක් ගැහැව්වම සද‍්දෙ එලියට එන්නෙ නැහැ. මියුට් කලා වගේ තමා.

      රොබින් හුඩ්, බැට් මෑන් බලපු හැටි නම් කියල වැඩක් නැහැ.

      Delete
  38. කලින් ඒවා වගේම මේකත මරු. මාත් අහන්න හිටියේ මොකද ලිවුමක් දැක්කේ නැත්තේ කියල.

    අපේ ගෙදර තිබුනේ කළු සුදු එකක් ඒ කාලේ. චැනල් මාරු කරද්දී ලෑම් මාස්ටර් එකක් ස්ටාර්ට් කරනවා වගේ. වැරදිලා එකක් වැඩි පුර කැඩුනොත් ආයේ වටයක් කරකවල එන්න ඕනේ..

    සීයා බ්ලොග් කියවන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං ලියුමක් දාන්න වෙලාවක් තිබ්බෙ නැහැ.

      //එකක් වැඩි පුර කැඩුනොත් ආයේ වටයක් කරකවල එන්න ඕනේ//
      එහෙම සීන් එකක් තිබ්බ මයෙ හිතේ'

      සීයා බ්ලොග් එකක් ලියනවා බං.

      Delete
  39. පස්ට මචෝ............
    ගොඩක් දවසකින් එන්න ලැබුනේ..........

    ReplyDelete
  40. හහා.......නියම කතාව....

    ReplyDelete
  41. අයියෝ ම් සැමා නිසා තව පොඩ්ඩෙන් මගේ හක්කත් පනිනවා.
    සියාගේ බෙල්ල කරකපු එක නම් ඉන්න බෑ හිනා..
    කොහෙන් එනවද මංදා මේවා.
    හැබැයි සැමාට වගේම සියටත් මදන විසේ... :D

    ReplyDelete
    Replies
    1. මදන විසේ = මද වශයෙන් විසේ.

      ඇත්ත තමා..

      Delete
  42. සීයා බ්ලොග් කියවන්නත් ගත්තනම් බොලාට බෙල්ලක් දාන්න වෙනවා

    ReplyDelete
  43. සෑමා හිතා ලියුවක් වුවද සිරාවටම ලියා ඇත.ලකියා ඵකක් වටහා ගත්තේය.සෑමා සීයා වගේය.සීයා සෑමා වගේය.ඉස්සරම ලකියාෙග් ගෙදර තිබුනෙද කලු සුදු sony එකකි. හවස 7 වනවිට මුලු ගමම ලකියාෙග් ගෙදරය.සාලය පුරා බිම පැදුරැ එලා ගමම tv බලති.බුලත් කති.ෙත් බොති.දැන්නම් එය කොහෙද කියා වත් මතක නෑ.අවසාන මතකය විදුලිය නැති දිනක ලකියා විසින් ඉටි පන්දමක් දල්වා එය tv එක මත තබා පසුව ඉටි පන්දම නිවිමට අමතකව ඉටි පන්දම දැල්වි අවසානෙෙය‍් tv එෙක් ප්ලාස්ටික් ආවරණයද දැවි ඉටි පන්දම tv එක තුලට වැටී තිබුනු බවකි.ඒ අවුරැදු ගානකට කලින්ය.දැන් ලකියාෙග් ගෙදර tv එෙක් නළු නිළියන්ෙග් ඇදුම් වල පාටත් එක්ක බැලිය හැක.

    ReplyDelete
    Replies
    1. ඉටිපන්දම් ගසා එය නිවන්නට අමතක වූ සින් මම බහුලව අසා ඇත්තෙමි.

      ජයයෙන් ජය ලකියෝ ..

      Delete
    2. ලයිට් අාවට පස්සෙ කාටද බන් සෑමා ඉටිපන්දම් නිවන්න මතක් වෙන්නෙ.ලංකාවෙ ඉන්නෙම මුල අමතක අයනෙ

      Delete
    3. ඒක නම් ඇත්ත බං..

      Delete
  44. අපොයි සීයා !!! ජැකට් එක සහ බෙල්ල !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...