Saturday, June 23, 2012

සංගා උඹ 199යි.... ඒත් අපිට උඹ දාහක් වටින්නේය..




ඉස්සර සෑමා ක්‍රිකට් බැලුවේ කරේ තබාගෙනය. සෑමා පමණක් නොව අහන දකින හැම එකාම එහෙමය. දැන් ක්‍රිකට් මේනියාව ඒ තරමට නැත්තේය. එයට හේතුව ක්‍රීඩාවේ දේශපාලනීකරණය නොවේදෝ සිතිය හැක්කේද? දක්ෂයාට, සුදුස්සාට තැන නොදී තමන්ගේ එකාට ක්‍රිකට් පිත්ත දීමට තැත් කිරීම, රගර් බෝල දීම, හොද පුටු දීම, සිදු වූ කලෙක ක්‍රීඩාව මෙන්ම රටම සිහිනයක් නොවන්නේ නොවේද?

ඇත්තටම දැන් සෑමාට ක්‍රිකට් ඇලජික්ය. එසේ වීමට හේතුව ලෙස සෑමා තම ඇගිල්ල කෙලින්ම දිගු කරන්නේ වර්ථමාන සාටක පාලු දේශපාලුවන්ටය. උන්ට කොන්දක් නැත්තේමය.  ලෝක කුසලානයේ අවසන් තරගයේ ශ්‍රී ලංකාව පරාද වුයේය. ඒ කියන්නේ අපේ කොල්ලෝ 'රන(ර්)ස් අප්ය' එනම් ලෝක කුසලානයේ දෙවෙනි තැන ගත්තේය.

ඉක්බිතිව මසක් ගත වුනේය.

ක්‍රිඩා ඇමති ජාතිය ඇමතුවේය. "ක්‍රිකට් මණ්ඩලය පාඩුයි" හේ රෙදි උස්සා කට ඇර කීවේය. සෑමාට මතක් වූයේ තමා දිනපතා පාන්දර පියන උස්සා හිද ගන්නා කොමඩ් එකය. ලැජ්ජා නැත. කුණු ජරාවම අදින්නේය. පැවැත්මක් තියෙන්නේ ජරාව ඇති තාක්මය.

තත්වය එසේ විය.

ලගදී තිබුනේ රූපවාහිනී තරග විකාශන අයිතිය පැවරීමේ සෙල්ලමක්ය. එයට ටෙන්ඩර් කැදවා වැඩිම ඉල්ලුම සහිත රූපවාහිනී ආයතනයට පැවරීම ඉතා වාසි දායකය. එය ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුධයක පැටලී ඇති බව කියන අයගේ බුද්ධියට නෙදැනීම අරුමයක්මය. එසේ තිබියදී අයිතිය පැවරුවේ ක්‍රිකට් ආයතනයට කිසිම මූල්‍ය වාසියක් නොවන ආකාරයට. ඒ ලගදී එලි බැස ගත් කාල්-ටොන් එකටය. කාල්ටන් කියද්දී සෑමාට මතක් වන්නේ අපේ ගමේ ග්‍රාමසේවක මහතාගේ රගර් ගහන පුතාය. ඒ කතාව මෙතැනින් බලන්න. මෙහි විකාශන අයිතිය ලබා ගැනීමට එම්.ටී.වී/එම්.බී.සී මාධ්‍යය ජාලය පවා අයදුම් පත් ඉදිරිපත් කර ඇති බව සදහන්ය. එසේ තිබියදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එම අයිතිය පිටට නොදී පවුලේම තබා ගැනීම ක්‍රීඩාවට සේම රටටද මරු අත වනද්දී සැලයුට් ගැසීමක් වැනිය.

නිවැරදි නොවන වැරදි හැමදාම එසේමය. ඒත් මව්බිමේ ආලවන්තයෝ නිහඩය. සළු පිලි දරාගෙන ගොරවන්නෝය. සද්දය සහ ගද පමණක් හමන්නේ ජාත්‍යාලය පුබුදුවමින්ය. ඒත් වැඩ කියලා වැඩක් නැත.

මෑතකදී ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියක් තිබුනේය, එහිදී එක් ඉසව්වකට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සහභාගි වූයේ පැලදීමට ක්‍රීඩා සපත්තු යුවලක්ද නැතුවමය. ඔහු එම තරගයෙන් අවසානයට ආවේය. ජපන් හෝ චීන ක්‍රීඩකයෙක් ප්‍රථම තැන ගත්තේය. ඔහු පැමිණ තමා පැලද සිටි සපත්තු යුවල අපේ ක්‍රිඩකයාට දෙද්දී ඔහු සතුටු සිනා සැලුවේය. අවාසනාව අපේ ක්‍රීඩකයන්ට සපත්තු පැලදවීමට අපේ එකාලට නොහැකි වීමය. සෑමාට සිනහ පහල වෙන කාරනාව නම් ඊට පෙර සතියේ ඉන්දියාවේ සුපිරි නිලියන් ගෙන්වා අපේ රට ඇතුලේ රගර් ගැසීමය. කෝටි ගණන් වියදම් කිරීමට හැකි එකාලාට ක්‍රීඩකයන්ට පහසුකම් සැලසීමට මුදල් නැත්තේමය. 

අද සංගා පකිස්ථානයට එරෙහිව 200ක් ගහන්නට සැරසුනේය. ඒ අන්තිම විකට්ටුව හමුවේය. ඔහු ලකුණ දෙසීයය ලකුණු පුවරුවේ සටහන් වන පරිදි එක ලකුණක් දමා එහා පැත්තට පැන බැට් එක එසෙව්වේය. ඒ දින දෙකක දහඩිය ලංකා පොලවට පතිත කරවිමින්ය. සංගා බැට් එක ඔසවද්දි මහේල ඇතුලු ක්‍රීඩා ගාරයේ සැම කීවේ ලකුණු පුවරුවේ 200 සටහන් වීම වරදක් බවත් නිවැරදි ලකුණු ප්‍රමාණය 199 බවත්ය. ඇත්තටම ලකුණ දමන එකාට සිදු වූ වැරුද්දක්ය.

සංගා හිත හදා ගත්තේ ඊලගට එහා පැත්තට ගොස් ලකුණක් දමා නැවත ‍තම මෙහෙය, නිහතමානීව සැමරීමටය. සංගා යනු තමා දැවී ගියේ නම් විනිසුරුගේ තීරනය ලැබෙන තෙක් නොහිද ක්‍රීඩාගාරයට පිය නගන නිහතමානී ක්‍රීඩකයෙක්ය.

සංගා එහා පැත්තට ගොස් ලකුණක් දමන්නට සිටියදී එහා පැත්තේ සිටි ක්‍රීඩකයා ඊලග පන්දුව දැවී ගියේය. සංගාගේ දෙසීය මෙන්ම, ලංකා ඉනිමේද අවසානය එසේ විය.

එහෙත් සංගා පසුපස පකිස්ථානුවෝ පවා පැමිණ සුභ පැතුවේ ඔහුගේ දක්ෂතාවය නිසාමය. එසේම "සංගා උඹ රටට මැණිකක්ය"

ලකුණු පුවරුවේ ලකුණු දැම්මේ මහින්ද මාමා නෙවේය. ඒ අසල සිටියේ ක්‍රීඩා ඇමති නෙවේය. එහෙත් කවදා හෝ ක්‍රීඩාවට අත්වන ඉරණමට වගකිව යුත්තේ බලධාරීන්ය. එදාට උන් වේදිකාවේ ඡන්දය ඉල්ලමින් දගලද්දී රතිචඤ්ඤා දමමින්, විසිල් ගසමින්, බල්ටි ගැසූ මෝඩ චූන් කාරයෝද, (අහිංසක ජනතාව නොව) වග කිව යුතුය.


Written by sAm_8.55pm_23.06.2012

කලින් පෝස්ටුවක ඇනෝ කමෙන්ටුවක් වැටී තිබුනේය. ඒ සෑමා ජනරාල්ට කඩේ යනවා කියාය. ඊට රිප්ලයි කමෙන්ටු නොදා තවමත් හිස්ව තිබෙන්නේය. ඒ සෑමා මැක්කෝ සමග නැගිටීමට අකැමැති නිසාය.

"ඔව් සෑමා කඩේ යන්නේය. ඒ මනුෂත්වය සදහාමය"

95 comments:

  1. ලකුනු 193ක් ලබාසිටියදී සංගාව නොමග යවා ලකුණු 194 ලෙස සඳහන් කරපු ඉස්කෝ බෝඩ් කාරයන්ට හත් දවසක් එක විලසින් නොනවත්වා බඩම පලයව්!!!!!!!

    ReplyDelete
    Replies
    1. 193/194 සීන් එකක් නෙවේ බොල, 199/200 සීන් එකක්.

      Delete
    2. සංගා 6 ගහලා උඩ පැන්නේ 194+6 = 200 නිසා..
      ප්ලෑන් කරලා ගැහුවේ ලාස්ට් බෝල් එක විතරක් නුවන් ප්‍රදීප්ට එන විදිහට..
      ස්කෝ බෝඩ් කාරයා නිසා අනේ අපරාදේ ඩබල් සෙන්චරිය..
      ඉහි ඉහි ඉහි... :'(

      Delete
  2. සංගා කොහොමත් සිරා චාරිතයක් බං...0 අවුට් උනත් 200ක් ගැහුවත් අපිට වටිනවා

    ReplyDelete
  3. අනිවා සංගා කියන්නේ සිරාම නිහතමානි බුවෙක්....

    ReplyDelete
  4. මොනා උනත් අපරාදේ 200..

    මට අයියෝ කියවුනා... :(

    ReplyDelete
  5. Total (5 wickets; 24 overs) 48

    පේනවනේ වෙලා තියන සන්තෑසිය. දැන් කාල වරෙන්කො. අරවින්ද, අර්ජුන, සනත්, මහානාම, ගුරා වගේ උන්ගෙන් පස්සෙ ආපු සිරාම චරිත දෙක තමයි මහේල සහ සංගා. ඒ අතරිනුත් සංගා එක. මහේලත් දෙවනි නැහැ.

    ReplyDelete
    Replies
    1. 100% එකගයි. ඉස්සර මම ආසම කළුවා සහ සනා ගහන ගැහිල්ලට.

      අරවින්ද - අර්ජුන මැච් ගොඩ දාන විදිහට..

      Delete
  6. අපරාදෙ 200
    ආශ්චර්යය කෙසේ වෙතත් යාන්තමි හරි ඔලුව උස්සලා ඉන්නෙ ක්‍රිකට් වත් තියෙන හින්දා.
    ඒත්,ස්කෝර් බෝඩ් එකේ අන්නිමට තියෙන 0 තුන දැක්කම හිතෙන්නෙ සිම්බාබ්වේට වෙච්ච දේම අපටත් වෙයිද කියලයි.

    ReplyDelete
    Replies
    1. කිරිකොට් වලට කෙල වෙයි කියල තමා බං මට බය.

      තව පුතාල එහෙම ඉන්නවද දන්නෙ නැහැ. ක්‍රික්‍රට් ගහන අය ?

      Delete
  7. මහත්වරුගේ ක්‍රීඩාව තුළින් "මහත් හොරුන්" බිහිවන සමයක ඒ තුළ සිටින මහත්වරු දැකගත හැකිවීම ගැන සතුටුයි :)

    ReplyDelete
  8. අයියෝ සංගාට වෙච්ච දේ ශික්..
    හිතට එන දේවල් කියන්ට වෙලා මදි ඒවා කිව්වා කියලත් මේවා ලොකු එවුන්ට පෙන්නේ නැහැනේ බං.

    ReplyDelete
  9. කියවලා ඉවරවුනා. නැවතිල්ලේ හිතලා බැලුවම උඹ කියන්නේ ඇත්ත. ඒත් මක්කැයි බං කොරන්නේ.ජය...!

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් ඇත්තෙම නැද්ද බං? උඩ බලන් නොයිද ?

      Delete
  10. ශිඃ අපරාදෙනෙ බන්... ඔය වගේ මෝල් විදිහටද ලකුනු සටහන් කරන්නෙ ? අනේ මංද !!!

    අපරදෙ ද්විත්ව ශතකයක් කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද.. කෑවා කෑවා..

    ReplyDelete
  11. අපිට මාර දුකයි සඟට වුන සිද්දිය ගැන. එත දන සිද්දිය වෙලා ඉවරයි.

    ReplyDelete
  12. ප්‍රේමදාස එකේ ග්‍රවුන්ඩ් කවර් කරන්න කොහෙන්ද මංදා දවසෙ පඩියට හොයා ගත්තු කස්ටියක් දාලා තියෙන්නේ!උන් හරියට කවර් නොකරපු නිසයි තුන්වෙනි මැච් එක අත අරින්න උනේ කියලා කියනවා~කොහොමද දන්නේ නෑ මේවා!

    ReplyDelete
  13. මටනම් දුක රෑන්කින් වල උඩට එන්න අපෙ එකෙකුට ලකුනු මදි උනු එකට තව එක ලකුනකට රෑන්කින් වල කොච්චර උඩට එන්න තිබුනද ?

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  14. එක ලකුනක් ගහනකන් විකට් එකෙ ඉන්න බැරි කිරීඩකයො බිහිකරන මීඩියාවලටත් මොකුත් කියුවනම් තමා වටින්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රිඩකයා කවුද මචං? මීඩියා එක මොකක්ද ?

      Delete
    2. අන්න උබ බබා වෙන්න හදනවා

      Delete
  15. අනේ මම නම් ක්‍රිකට් ගැන කිසිම ආසාවක් නෑ. ඒක නිසා මේකට මොනවත් කියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත්... කට්ටිය කිරිකොට් ගහනව දේශපාලනේ කනවා අපේ අය තප්පුලනවා....අනේ අපිට නම් වෙන වැඩ තියනවා.....

      Delete
    2. Kumarihami asa rugger walata wenta

      Delete
    3. //කට්ටිය කිරිකොට් ගහනව දේශපාලනේ කනවා අපේ අය තප්පුලනවා....අනේ අපිට නම් වෙන වැඩ තියනවා.....// ඔව් රටෙන් පිට වුනාම රටට කෙල වුනත් කමක් නැහැ කියල හිතන එකාල ඉන්නවා. උන් රටටත් හෙටටත් වැඩක් නැහැ හැබැයි

      Delete
    4. //අපේ අය තප්පුලනවා....//

      ඒ හරක් නේද ? අපිටද කිව්වේ කිරිල්ලී ??

      හැබැයි එක දෙයක් ලංකාවෙ ඉන්න අපේ එවුන්ට මේව දකිනකොට ඉන්න බැහැ. ඒක නිසා ලියනවා. ඒක තප්පුලනවා වගේ දෙයක් නෙවේ මම හිතන්නේ. රට ගැන කැකක්කුමක් තියෙ නිසා ලියන්නේ.

      ඔබට ජය !

      Delete
  16. ප්‍රතිපත්තියක් ලෙස ටෙස්ට් ක්‍රිකට් නොබලන නිසා සිදුවූ දෙය නොදනිමි , නමුත් සැමා විස්තර ඇති පරිද්දෙන් හැඟෙනුයේ සංගාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි .

    ප.ලි- මෙවන් අවස්ථාවක තම කඩුල්ල රැක ගැනීමටවත් නොහැකි ක්‍රිඩකයින්ට ටෙස්ට් වරම් දුන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. මටත් තියන ප්‍රශ්නේ බුවා, පන්දු යවන්න විතරක් පුළුවන් පිත්තෙන් දස්කම් පෙන්වන්න බැරි එවුන් අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේම ලකුණ විතරක් ගන්න , පන්දු යවන්න බැරි එඋනුත් අයින් කරලා දාන්න ඕනේ. සන්ගනම් අඩුම තරමේ විකෙට් කීපෙර් හරි ඉන්නවා. එක හින්ද කමක් නැහැ.

      බුවාගේ(න්) ක්‍රිකෙට් දැනුම පිලිබදව තවත් දැන ගැනීමට ඉතා කැමැත්තෙමි.

      Delete
    2. එහෙමම නෙමෙයි මුරලි හොඳ බැට්ස්මන් කෙනෙක් නෙමෙයි එතකොට ඌව එලියෙන් තිබ්බනම් අද අපි මෙ තත්වේ ඉඳීවිද ?

      …ඒ උනාට මුරලිට අවශ‍ය වෙලාවට විකට් එක ආරක්ශාකරගෙන ඉන්න පුලුවන් ක්‍රිකට් ක්‍රීඩවේ මූලික ආරක්ශක ක්‍රම අනුගමනය කලානම් එච්චරයි. සැහැල්ලු පන්දු ක්‍රීඩකයන්ගෙ තියන ක්‍රම ටෙස්ට් මැච් වලට හරියන්නෙ නෑ.

      …මතකද සනත් ජයසූරිය සහ ඩිල්හාර ප්‍රනාන්දු අතර පකිස්තානය අතර පැවති ටෙස්ට් තරඟය කදි ලකුන් 101ක සබඳතාවයක් පැවැත්වුවා එහිදී දිල්හාරගෙ දායකත්වය ලකුනු 1. ජයසූරිය ඉතිරි ටික. මෙන්න ලින්කුව බලා ගන්නවනම් www.espncricinfo.com/ci/engine/match/64105.html දෙවන ඉනිම විශ්ලේශනය කරලා බලන්න
      …<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>
      මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

      Delete
    3. @Loku john - එකඟයි , කොහොම වුනත් 20-20 වලදි නම් තුන් ඉරියව් දක්ෂතා ඉතාම වැදගත් (මුරලි වගෙ බෝලර්ලත් , මහේල ලා වගේ බැටා ලත් ඉන්න අතරම ) . කිව්වත් වගෙ ඉස්කෝලේ ක්‍රිකට් කෝච් ගෙන් හම්බුවෙන දැනුමත් ඇති විකට් එක බේර ගෙන ඉන්න නම් !

      Delete
    4. මේක මම පහල දාපු කොමෙන්ටුව බුවාට ප්‍රතිචාර විදියට

      ක්‍රිකට් කණ්ඩායමක් හැදෙනකොට විශේෂඥ පන්දු යවන්නන් තිදෙනෙකුත්,batting allrounder දෙදෙනෙකුත් අවශ්‍යයි...

      ඊට අමතරව පන්දුවට පහරදෙන්න විශේෂඥ පිතිකරුවන් පස්දෙනෙක් අවශ්‍යයි.ඒ පස්දෙනා අතරට පාට් ටයිම් බෝලර්ස්ලා ඉන්ටෝන partnership brakers ලා විදියට.අනිකා විකට් කීපර්.

      සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස්ලා විතරක් හිටියත් මැච් දිනවන්න බෑ.කණ්ඩායම සමබර වෙන්න ඕනේ...

      Delete
    5. සාමාවෙන්න ඕනි මෙතනට මැද්දෙන් පැනලා කතා කරනවට.
      //මෙවන් අවස්ථාවක තම කඩුල්ල රැක ගැනීමටවත් නොහැකි ක්‍රිඩකයින්ට ටෙස්ට් වරම් දුන්නේ ඇයි ?//
      මෙන්න මෙවැනි ප්‍රකාශ මේ කමෙන්ට් තුල තිබූ නිසාය.
      ක්‍රිකට් ක්‍රීඩාව යනු කිසිසේත්ම කෙනෙක් දුවගෙ ගොස් බෝලයක් දාන විට තව එකෙක් එයට පහර දීම පමණක්ම නොවේ. විශේෂයෙන් ටෙස්ට් ක්‍රිකට් යනු පුද්ගලයන්ගේ මානසික මැන බැලීමට ඇති හොදම අවස්ථාවකි. ක්‍රීඩා පිටිය තුල ඇති පීඩනය නිසි ලෙස සමබර කර ගන්නා ක්‍රීඩකයින් තම දක්ෂතා හොදින්ම පෙන්වයි. එයට හැකියාව වගේම අත්දැකීම්ද ඉතා වැදගත්ය. ඔනෑම අති දක්ෂ පිතිකරුවෙක්ට තමන් පිටියට පැමිණි විගසම පැමිණෙන ඉතා හොද පන්දුවකට හිස නමා ආරක්ෂාකාරී පහරක් එල්ල කරන ක්‍රීඩකයාට තමන් ලකුණු අතරට පැමිණි විට අර කලින් පන්දුව එවූ පන්දුයවන්නාම ඒ වේගෙන්ම ඒ පන්දුව පතිත වූ ස්ථානයටම එල්ල කරන පන්දුවට 6 පහරක් එල්ල කල හැකිය. මන්ද එවිට ඔහු මානසිකව ශක්තිමත් බැවිනි.
      ඉහත් කමෙන්ට් කල උන් පවසන පරිදි
      //ඉස්කෝලේ ක්‍රිකට් කෝච් ගෙන් හම්බුවෙන දැනුමත් ඇති විකට් එක බේර ගෙන ඉන්න නම් !//
      මෙවැනි දේ පවසන්නේ ක්‍රිකට් ගැන මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැති මොනවා දෝ දොඩන්න කට කහන උන්ය. මට කිසිවෙකු සමග පෞද්ගලික තරහක් නැත. නමුත් වැරැද්ද දුටු විට කටවහගෙන ඉන්නත් බැරිය.ඔහු කියන පරිදි ලෝක පූජිත අති දක්ෂ පිතිකරුවන් කිසි දිනක පලමු පන්දුවෙන් දැවී නොයා යුතුය. පුළුවන්නම් ජීවිතේට ලකුණු බිංදුවට දැවී නොගිය ලෝක පූජිත පිතිකරුවෙකු සොයා දෙන්න.
      සංගා යනු මා ක්‍රීඩකයෙකු පමණක් නොව මහත්මයෙකු වශයෙන්ද මා ඉතාමත් ගරු කරන පුද්ගලයෙකි. ඔහුට ඊයේ අහිමි වූ ද්විත්ව ශතකය ගැන ඇත්තටම අපි කනගාටු වන්නෙමු. නමුත් එය සාමාන්‍ය දෙයකි. ක්‍රිකට් තුලමෙවැනි සිදුවීම් සාමාන්‍යය. හරියට අපේ ජීවිතේ වගේය. හරියට තේරුම් ගන්නවානම් මෙයින් අපේ ජීවිතයට ලබාගත හැකි පාඩම් බොහෝය.
      නුවන්ප්‍රදීප් ගැන කියනවානම් මෙය ඔහුගේ දෙවන තරගයය. ඔහු පිටියට පැමිණයේ අවසාන පිතිකරු ලෙසය. ඔහු පිටියට එන විට මට මතක විදිහට සංගා ලකුණු191 වැනි ලකුණු සංඛ්‍යාවක සිටියේය. අවසන් පිතිකරුවා ලෙස පැමිණෙන අත්දැකීම් අඩු මොහුට පිටිය මැද එල්ලවන පීඩනය සුළු පටු නොවේ. පන්දුවෙන් පමණක් නොව වචන වලින්ද එසේමය. මෙවැනි අවස්ථාවක එවැනි ක්‍රීඩකයන් දැවී යාම ඉතාමත් සුලබය. අතරින් පතර එවැන්නන් ලකුණු අතරට පැමිණි අවස්ථාද නැතුවා නොවේ. නමුත් මේ සියල්ල ක්‍රිකට ක්‍රීඩාවට වගේම ජීවිතයටද පොදු සංසිද්දිය. ඊයේ සිදු වූයේද එයමය. එය තේරුම් ගන්නට නොහැකිව උඩ පණින මෙවැන්නන් ගැන මට කීමට දෙයක් නැත.
      මෙය මා පැවසුවේ ශ්‍රී ලාංකිකයෙකු, ක්‍රිකට් ලෝලියෙකු, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසය.
      මට විරුද්දව ඉදිරිපත් කරන ඕනෑම ප්‍රකාශයකට මමද උත්තර දෙමි. මෙය ඉතාම වගකීමෙන් කල ප්‍රකාශයකි.

      Delete
    6. //මෙවැනි දේ පවසන්නේ ක්‍රිකට් ගැන මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැති මොනවා දෝ දොඩන්න කට කහන උන්ය//


      ඔබතුමාට වගේ ක්‍රිකට් ගැන මහා ලොකු දැනුමක් මට නැහෑ , ඔය නිකන් බලා ඉන්න කොට හිතෙන දේවල් තමයි කියන්නේ . ඔබතුමාලගේ විශාරද දැනුම ඉස්ම්තු වෙලා පේන්නත් අපි වගේ කට කහන වුන් කියන මෝඩ කථාත් බ්ලොග් අවකාශයේ තියෙන්න ඕනිනේ . අවුරුදු 5කින් වත් ටෙස්ට් බලා නැති , ඉස්සරහට බලන්න අදහසක් හෝ වෙලාවකුත් නැති මට ඔය කොයි එකාට ටෙස්ට් වරම් දුන්නත් එකයි !

      Delete
    7. ඔහෙමනම් වඩාත්ම හොද දේ ඔබ තුමාත් නොදන්න දේවල් කතා නොකර සිටීම නේද..

      Delete
    8. කථා කිරීමේ නිදහස අපේ ව්‍යවස්ථාවෙන්ම අපිට දීලා තියනවා නොවෑ , අනික ක්‍රිකට් පිලිබඳ "දැනුමෙන් පිරිපුන්" පොරවල් පමණක් කථා කල යුතුයි කියලා නීතියකුත් නැනේ . ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් විදිහට ශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කථා කරන්න තියෙන ශුද්ධ වූ අයිතියට බාධා කරන්න එපා . අනික මම ඔබතුමාගෙ බ්ලොග්ගෙට ඇවිත් මොකුත් කිවා නෙවෙයිනේ මම දන්න තරමින් සෑමාගේ බ්ලොගේ "පණ්ඩිතයින්" ගේ සිට අපි වගේ මෝඩයින් දක්වා ඕනි කෙනෙකුට ඕනි එකක් කියන්න නිදහස තියනවා

      Delete
    9. අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට කතා කිරීමේ නිදහස තියනවා. ඒත් නිදහස තිබූ පලියට හිතට එන හැම දේම එළියට දාන එක හොද මදි නේද.....
      ආයි පාරක් සමාවෙන්න ඕනි සැමා අයියගේ බ්ලොගේ ඔබතුමා දාපු කමෙන්ටුවකට මෙහෙම මාත් අදහස් දැම්මට. මොකද මේක මගේ බ්ලොගේ නෙවෙයිනේ. ඒත් ඔබතුමා දැරුව මතය මගේ දැනුමේ හැටි්යට මාත් අදහසක් ප්‍රකාශ කලා පමණයි.

      Delete
    10. //ඒත් නිදහස තිබූ පලියට හිතට එන හැම දේම එළියට දාන එක හොද මදි නේද.....//

      නෛතික ප්‍රශ්නයක් හෝ කාටවත් හානියක් සිද්ධ වෙන්නේ හෝ නැත්නම් ඒකේ වැරැද්දක් තියනවාය කියල මම දකින්නේ නැ

      Delete
    11. ඇත්ත් ඒත්
      //මෙවන් අවස්ථාවක තම කඩුල්ල රැක ගැනීමටවත් නොහැකි ක්‍රිඩකයින්ට ටෙස්ට් වරම් දුන්නේ ඇයි ?//
      මෙතනදී ඔබතුමා අවසන් ගිතිකරුවන්ට අගිල්ල දිගුකරනවා නේද මෙවැනි අවස්ථාවක අනිවාර්යෙන්ම කඩුල්ල රැකගත යුතුමයි කියා. මොකද මේ ක්‍රීඩකයින් සිය කැමැත්තෙන් වම කඩුල්ල පූජා කර එනවා නොවෙයිනේ...

      Delete
    12. මම හිතනවා ටෙස්ට් තරඟයක විශේෂඥ පන්දු යවන්නෙක් වුනත් පන්දු 6ක් තුල නොදැවී ඉන්න තරමේ පිතිකරන හැකියාවක් තිබිය යුතුයි කියලා .මගේ දැනුම් ප්‍රමාණයේ හැටියට මම විවෙචනයක් කරනවා ( ක්‍රිකට් සම්බන්ධව කථා කරන විශේඥ විචාරකයාගේ සිට ක්‍රිඩා මාධ්‍ය වේදියා දක්වා කරන්නේ තම තමන් දකින විදිහට විවේචනයන් එල්ල කිරීම තමයි ) , මම කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයාගෙ භුමිකාවෙ ඉඳන් විවේචනයන් කිරීම . පෞද්ගලික අපහාස හා මඩ ප්‍රහාර නොවෙන තාක් කල් සැහෙන පිරිසකට පොදුවේ බලපාන ක්‍රියාවක් වීවෙචනය කිරීම නීත්‍යානුකූලයි

      Delete
    13. ඇත්ත් ඒත් ඕනෑම විශේෂඥ පිතිකරුවෙකුට උනත් සමහර අවස්ථා වල පන්දු 6ක් තියා එක පන්දුවක්වත් කඩුල්ලේ සිටිය නොහැකි අවස්ථා එනවා.ඒ හින්දා මම හිතනවා ඔබතුමා ඒ කල ප්‍රකාශයනම් වැරදියි කියල. ඒක ඒ තරගයෙන් තරගයට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මම කලිනුත් කිව්වා වගේ ඒක තීරණය වෙන්නේ එම අවස්ථාවේ පිතිකරුවාගේ මානසික මට්ටම අනුව.වගේම පන්දු යවන්නන්ගෙන් එල්ල වන ඉතාම හොද පන්දුවකට ඕනෑම පිතිකරුවෙක් අසරණ විය හැකියි.

      Delete
  17. කීමට දෙයක් නැත. සියළු දේ ඔබ කියා ඇත. පහුගිය දොහක ජංජාලයේ තිබී ඇස ගැටුණක් කොපි පේස්ට් කරමි.
    ................

    දඹදිවින් ගෙන්වා - "කෑලි" පෙන්වයි කුමරු සොඳවා

    උදේ ජන සේවය
    හවහට රගර් බෝලය
    රෑට රථ ගායය
    කියමි මම නාමලංකාරය

    ජන සිත නොරිදවා
    වේලාව නොවරදවා
    දඹදිවින් ගෙන්වා
    "කෑලි" පෙන්වයි කුමරු සොඳවා

    එති කකුල් පාලා
    සුරතල් සිනා සීලා
    බොළඳ බස් දීලා
    කෙලී බොක්කට දැනුම් දීලා


    බෝලය කිහිල්ලේ
    සාටකය බෙල්ලේ
    බිපාෂා කෙල්ලේ
    බඩේ පණුවෝ ගසති එල්ලේ

    ඇස් දෙක නිලංකාරය
    එන පොට බයංකාරය
    කාල්ටන් පානිය
    රෑට උයමුද රගර් බෝලය?

    වැසි රිසි නොරිසි දැන
    බුරි කිචි කවන ලොකු තැන
    සමග පුත් තෙරුවන
    වාසනාවන් අපට හැම දින

    කාල් සේගාන් කියයි.

    ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
    boondi.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=1446737

    ReplyDelete
    Replies
    1. මේ කවි ටික නම් සුපිරි අහ් !

      Delete
  18. මමද සෑමාගේ අදහසම දරමි.... බොලිවුඩ් ගණිකාවන් මෙරටට ගෙන ඒමට කෝටි ගණන් වියදම් කිරීම පිළිබදව මා මිත්‍ර‍ කොළඹ ප්‍ර‍ධාන පාසලක රගර් පුහුණුකරැවෙකුගෙන් විමසීමි.... මචං මටනම් ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ.... එතකොට තමයි සෙනග බලන්න එන්නේ..... එතකොට මෙච්චර කල් රගර් බලන්න කවුරැත් ආවෙම නැද්ද? මගේ ප්‍ර‍ශ්නය හමුවේ පොඩි වැඩක් බන් කියා දුරබණුව ඌත් සමගම cut විය.

    ලංකාවේ අනන්තවත් අඩුපාඩු සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙසෙත්... ඔවුන්ගේ ක්‍රීඩාවද මාකට් කල හැකි දවසක ඔවුනට හොද කල දවසක් පැමිණෙනු ඇත... එතෙක් මේ මෝඩ චූන් දෙස අප කරැණා පෙරදැරිව බලා සිටිමු!

    ReplyDelete
    Replies
    1. ගොන් වස්සෝ.. කෝටි ගණන් වියදම් කරේ ආණ්ඩුව නෙවි. අනුග්‍රාහක සමාගම්. බොරුවට තමන්ගේ එකෙක් බලේට ගේනකල් කෑ ගගහ ඉන්නේ නැතුව රටට වැඩක් කරපල්ලා.

      //ජපන් හෝ චීන ක්‍රීඩකයෙක් ප්‍රථම තැන ගත්තේය.//

      හරියට උනේ මොකක්ද කියල දන්නේ නැතුව news දාන්න එපා/
      සෑම සපත්තු නැතුව දිව්වි කියල කියන්නේ මේ වගේම තවත් මඩ site එකකින් බලල. සපත්තු දෙක තෑගි කලා නෙවි, උන් දෙන්න සපත්තු මාරු කර ගත්ත. උන් දෙන්න එකට ඉදන් ගත්ත ෆොටෝ එක බලපන්. එකෙ චීන දාගන ඉන්නේ අපේ එකාගේ සුදු සපත්තු දෙක.. සැමත් මඩ අන අන ගහන්න හරි සූරය.

      Delete
    2. මා බලන්නාවූ මාධ්‍ය දෙකේ නිවුස් වලට අනුව සිදු වූයේ මා කියූ සිද්ධිය පමණි.

      රාජ්‍යය මාධ්‍යය පුවත් බැලීමට තරම් හිරිකිත හිතක් සෑමාට නැත්තේමය.

      //කෝටි ගණන් වියදම් කරේ ආණ්ඩුව නෙවි. අනුග්‍රාහක සමාගම්. //

      එහෙම අනුග්‍රාහකයෝ අරන් වත් ක්‍රීඩකයන්ට සෙතක් කරන්න බැරි ඇයි.??

      කණ්නාඩි ගලවලා යතාර්ථය බලපං ඇනෝ !

      Delete
    3. අහෝ රජාට පස්සපාත ඇනෝ කෙනෙකු හට රිදී ඇති තරමක්...... ස්වාධීන වාහිනිය හෝ සැලලිහිණි වාහිනිය පමණක් පෙනෙන පෙදෙසක නෑඹුල් කුල කුමරෙක් විය යුතුය. ආර්ථික අර්බුද හමුවේ ඉන්දීය ගණිකාවන්ට වියදම් කිරීමට සමාගම් යනු දන්සැල් නොවේමැයි.... පශ්චිම භාගයේ ඇබින්දක් තරම් මොලයක් පිහිටා ඇතැයි අනුමාන කරමි....

      Delete
    4. මචන් සෑමා,
      ගලවන්න මම කන්නාඩි දෙකක දාගන නැහැ. නමුත් උබේ බ්ලොග් එක කියවන ඕනේ එකෙකුට තේරෙනවා උබ කන්නාඩි දාගන ලියන බව.

      // එහෙම අනුග්‍රාහකයෝ අරන් වත් ක්‍රීඩකයන්ට සෙතක් කරන්න බැරි ඇයි.?? //

      එහෙම කරන්න බැරි උබල වගේ කන්නාඩි දාගන ඉන්න එවුන් කරන්න දෙන්නේ නැති නිසා.

      ලෝකේ රටවල් අතලොස්සක් ක්‍රීඩා කරන ක්‍රිකෙට් ක්‍රීඩාව විතරක් දන්නා ලංකාවේ එවුන්ගෙන් අහල බලපන් රගර් ටීම් එකකට ක්‍රීඩකයෝ කී දෙනෙක් ඉන්නවද කියල ?.

      මම කන්නාඩි දාගන නැති නිසා මමත් කියනවා මේ ආණ්ඩුව වැරදි කරනවා.. එක ඇත්ත. නමුත් එහෙම කියල හොද වැඩක් කරන්න හදනකොට එකට බාල්දිය දාන එක හොද නැහැ නේද. ඔන්න අනුග්‍රාහක සමාගම් වලින් ගන්න සල්ලි කවුරු හරි නිලදාරියෙක් / ඇමතියෙක් පිල්ලි ගැහුවොත් , අන්න එක ලියපන්. හැබැයි එකත් කරුණු කරන ඇතිව හැම මද්‍යක්ම බලල , ඔප්පු කරලා ලියපන්. enews එකේ සදරුවන් ගේ මඩ repeat කරන්නේ නැතුව.

      උබල හැමදාම බොරුවට කනවෝ කනවෝ කියල කෑ ගහල ඒවා අහන බලන මිනිස්සු ඇත්තටම කනකොටත් ගණන් ගන්නේ නැතුව ඉන්නවා. එක කන එවුන්ට උබල කරන උදව්වක්.

      අන්න එකයි මට උබේ බ්ලොගේ comment දාන්න තරම් තියන අමාරුව.

      Delete
    5. නෑ සැමා අපි හැමෝම බලන්නෙ අපෙ කන්නඩිවලින්. අපිට අමාරුයි අනුන්ගෙ කන්නාඩිවලින් බලන්න හැබැයි එහෙම බැලුවොතින් අපිට පේන්නෙත් එහෙම තමයි ඒත් අපි ඒ දෙය පිලිගන්න කැමති නෑ. උබත් එහෙමයි මාත් එහෙමයි. මෙ කොමෙන්ටුව දාපු ඇනෝත් එහෙමයි. ඔය කියන යතාර්තය තියෙන්නෙත් ඒ කන්නාඩිය ඇතුලෙ කියලයි මට හිතෙන්න මම ඔය දෙශපාලනය සහ ක්‍රීඩාව කලවම් කරගෙන බලන්න නම් කැමති නෑ
      …දෙශපාලනය හා ක්‍රිකට් පැත්තෙන් බලනවානම් …මට කියන්න තියෙන්න එකදෙයයි "හොඳ වෙලාවට ලොක්කගෙ පුත්තුන්ට ක්‍රිකට් බෑ "
      …තව දෙයක් ඔය හැම ක්‍රීඩකයම අනුග්‍රහකයො අල්ලගෙන ඉන්නෙ අනුග්‍රහකයො අල්ලලා දෙන එක ආන්ඩුවෙන් කරන්න ඕන කියලාද සැම් කියන්නේ. මම් හිතන්නෙ තව හොඳ ගසාකන්න තැනක්.
      … (මට බනින්න එපා මෙ ඇනෝ මම කියලා. මම කියන්න තියනවනම් මගේ අනන්‍යතාවයෙන්ම තමයි දාන්නේ )

      මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

      Delete
    6. අනුග්‍රාහකයෝ දාගෙන එක එකාලට හම්බ කරවන එක දැනටමත් එලි පිට වෙනවා කියල ඇනෝට හිතෙන්න නැතුව ඇති. මොකද නැහැ කිය කිය එක එකාට කඩේ යන ගතියක් පේන නිසා.

      මට කඩේ යන්න එකෙක් නැති නිසා මම ලියනවා. ඒත් උබ කඩේ යන ගමන් කමෙන්ට් දානවා. ඒකයි උබෙයි මගෙයි වෙනස.

      උබ ඔය හොදයි කියල දෙයක් බදාගෙන ඉන්නේ, උබ වෙනස් වෙන්න අකැමැති නිසා වෙන්න ඇති. එක්කො වෙනස් වුනොත් උබ ඔය බදාගෙන ඉන්න කක්ක බෙට්ටේ ගද උබට දැනෙන්න ගන්න නිසා වෙන්න ඇති. ඒකම බදාගෙන හිටපං. එතකල් උබත් පොරක්.

      //ඔය දෙශපාලනය සහ ක්‍රීඩාව කලවම් කරගෙන බලන්න නම් කැමති නෑ // ලොකු ජෝන් අකැමැති වුනාට දැන් කලවං වෙලා ඉවරයි.

      //මට බනින්න එපා මෙ ඇනෝ මම කියලා. මම කියන්න තියනවනම් මගේ අනන්‍යතාවයෙන්ම තමයි දාන්නේ// උබ මෙහෙම නොකීවත් උබ කොන්දක් තියෙන එකෙක් කියල මම එදා ඉදන් දන්නව බං.

      Delete
  19. දේශපාලනේ නැති දෙයක් තියෙනවද සෑමා? මමත් දේශපාලනයට ආසාත්මිකතාවයක් දක්වනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අසාත්මකතාවය කිව්වේ ?

      ;)

      Delete
  20. ක්‍රිකට් නම් මට එදත් අදත් එපා කරපු දෙයකි. දිනන දා මල්මාලා දමා පිළිගන්නා සංගා පැරදුන දා ගන්දස්තාර කරවීමට වීමට අපේ ක්‍රිකට් ලෝලීන් ඉතා සමතුන්ය. එය එසේ වෙතදු ඉන්දියාවේ ඉන්නා අමන රැල මෙන් නොවන නිසා ඒ සම්බන්ධව මම ප්‍රීති වෙමි.

    කෙසේ වුවද, අට පාස් නැති එකාලා දේශපාලනයටත්, ඉඩම් වෙන්දේසි කාරයෝ ක්‍රීඩා ඇමතිකමටත් පත්වීම ජාතියේ අභිමානය මොනවට පෙන්වන්නකි. ඊයේ පෙරේදා මණ්ඩලේ විදුලිය හොරෙන් කපද්දී මණ්ඩලේ මහා එකාගේ පලු යැවීමට හැකිවීමන් ඒ සෙල්ලම නතර කරගත්තත්, බොලේ පස්සෙන් දුවන කොලුවා අයෙත් නුවර ඇවිත් බොලේ උස්සන් දිවගොස් ඉන්දියන් නළු නිළියන්ව දැපනේ දාගන්න ට්‍රයි එක තිබ්බොත් ලයිට් සුවර් එකටම කපනු ඇත.

    ආඩම්බරකාර තාත්තා කියනා කතාව ඇත්තය. එක පුතෙක් හමුදාවේ ලොක්කෙකි. ඌ ලංකාවේ ත්‍රීකුණාමල කඳවුරෙන් නාවික හමුදාවට බැඳී එංගලන්තේ නාවික උපාධිය ලබා පිටවුවෙකි. (උගේ එක්ක හිටි අනික් උන්ටත් ඒ සෙතේ වුවාදැයි නොදනිමි.)අනිකා තරුණයින්ට හොටක් හදමිනි සිටි. ඒ එක්කෝ උන්ට ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටීමට හෝ කෙසෙල් ගසට කොටා හොට පටලාගැනීමටද නොදනිමි.
    වැලේ වැල් නැතිව හිටි අනිකා දැන් ටීවී චැනල් කාරයෙකි. ඉතින්? ආඩම්බර විය යුතු නොවේද?

    මීට වඩා කෙටියෙන් මේ ගැන කීමට බැරිය. දීර්ඝ කමෙන්ටුවට සමා වන්න.

    ReplyDelete
    Replies
    1. දරුව නුඹට ආශ්චර්යදීපයේ හැර අන් රාජ්‍යයක් පුරවැසි භාවය ලැබී තිබෙන්නේද?

      නැතහොත් ශෙවේත වර්ණ රථකරුවන් ආශ්චර්යද්වීපය පුරා සැරිසරනා වග තා නොදත්තෙහිද ?

      Delete
    2. බුවා එවන් මර්ධනයක් ඇති බවට ප්‍රත්‍යක්ෂ කරන්නේය.. ‍:)

      Delete
  21. සංගා කියන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුල බිහිවූ විශිෂටතම ක්‍රීඩකයායි ,අර ඉන්දියන් නිලියෝ ටික නටපු නිසා තමයි අපේ ඉස්කෝර් බෝඩ් වල ඉන්න උන්ට ලකුනුවරදින්නේ ...

    ReplyDelete
  22. මං බබීනම් කිකට් ගැන මුනාවට් ඩන්නෑ හලේ................:(

    ReplyDelete
  23. ක්‍රිකට් ගැන කියන්නට බොහෝ ඇත.නමුත් කියා වැඩක් නැත. සැමා අයියාගේ පෝස්ටුවේ වටිනා බොහෝ දේ ඇත. එපමණකින් නවතිමි..

    ReplyDelete
  24. සෑමාගේ දක්ෂතාව අගය කරමි. ඔනෑම නිමිත්තක් තුලින් තමාට කිය්න්න අවශ්‍ය දේ සෑමා අපූරුවට ඉස්මතු කරයි. මෙයට මැක්කා යයි කීම වරදකි. මන්ද සෑම එන්න ඕන තැනට එන්නේ කරුණු කාරණා සහිතවය. එනිසා කාටවත් සෑමාට ඇඟිල්ල දික් කල නොහැක.

    ReplyDelete
    Replies
    1. එහෙත් දහසක් ඇගිලි දික් වේ ;)

      බුද්ධියේ තරමය. "තම තම නැන පමණින් දැන ගත යුතු කියන්නේ එනිසාය."


      ජයෙන් ජය සහෝ !

      Delete
  25. මටත් එපා උනා බං අපිට මෙච්චර දුකනම් දවස් දෙකක් හොඳට සෙල්ලම් කරලා 200ක් ගැහුවා කියල සතුටුවෙලා ආයේ 200 ගහනවා කියල හිතාගත්තු ඒත් එහෙම කොරගන්න බැරිවෙච්ච සංගාට කොච්චර දුක ඇද්ද
    අර ලකුණු දාන එකා එක්ක මාර තරහක් ආවේ බං :/

    ReplyDelete
    Replies
    1. ලකුණු දාන එකාව ග්‍රවුන්‍ඩ් එකේ දණ ගස්සලාලු :)

      Delete
  26. සංගා කියන්නේ පට්ට ඩයල් එකක් !!!

    ඒක නෙමේ,

    "ඉස්සර සෑමා ක්‍රිකට් බැලුවේ කරේ තබාගෙනය." මේක කියෙව්වම මතක් උනේ.
    අපේ ගෙදරත් ඔහොම ටීවි එකක් තිබ්බා. ඒරියල් එක උස්සලා කරේ තියාගත්තම තමා රූප පේන්නේ. නැත්නම් කොටු පේන්නේ !!!

    ReplyDelete
    Replies
    1. කොටු පේන්නේ ජරා‍ ඒවා බලනකොට මචං...

      Delete
  27. මමත් වැඩියම ක්‍රිකට් වලටනම් ප්‍රියක් නෑ.. ඒත් සංගා කියන්නෙ හරි සරල නිහතමානී මනුස්සයෙක්.. ඒකනෙ ලෝකෙම මිනිස්සු සංගාව පිලි අරන් තියෙන්නෙ..

    ReplyDelete
  28. සැමෝ ටිකක් පරක්කු උනා.....!
    උඹට කියමි....
    මේ ලිපිය බලා හදවතටම මොකක්දෝ මෙව්වා එකක් වූවේය.උඹ කියන එක නියමෙට කියයි..!මමත් ඉස්සර ක්‍රිකට් අත්හැරියේ නැත එහෙත් දැන් ඒහැටි වුවමනාවක් නැත අහම්බයෙන් දැක්කොත් බලමි.අනික ඔය කාල්ටන් ලඩ්ඩ අපිට පේන්නේ නැත.හදාගන්න වුවමනාවක්ද නැත .කිසිදිනක දැකනැති උඹ මට දැන් බොක්කක් වී ඇති සෙයකි. නුඹ නියම කොල්ලෙකි..!ධීර්ඝායු වේවා නුඹට..!

    ReplyDelete
    Replies
    1. ස්තුති බොක්ක..

      අරක හදාගන්න එපා බං.. අපරාදේ රිමෝට් එකේ බට්න් එකක් වැඩිපුර ඔබන්න වෙනවා විතරයි.

      :)

      Delete
  29. සංගා කියන්නේ මහත්මයෙක් සෑමා.. මම මාරම විදිහට ගරු කරන ක්‍රීඩකයෙක්.. අපරාදේ 200.. ඊළග මැච් එකේවත් දාගන්න ලැබේවායි පතනවා...:)

    ReplyDelete
  30. // මෙහි විකාශන අයිතිය ලබා ගැනීමට එම්.ටී.වී/එම්.බී.සී මාධ්‍යය ජාලය පවා අයදුම් පත් ඉදිරිපත් කර ඇති බව සදහන්ය. //

    කොහෙද දන්නේ නැහැ එහෙම සදහන් වෙලා තිබුනේ.

    ReplyDelete
    Replies
    1. දන්නවද දර්ශණ අයිතිය දෙන්න දැන්වීම දාපු හැටි? ඒව අප්‍රසිද්ධියේ විකුණන්න තැත් කරපු හැටි?

      සතිපතා පත්තරයක්, දිනපතා පත්තරයක් බලන්න හොදේ.. යථාර්තය ගැන දැනුම වැඩි කර ගන්න.

      Delete
    2. විකාශන අයිතිය ලබා ගැනීමට එම්.ටී.වී/එම්.බී.සී මාධ්‍යය ජාලය අයදුම් පත් ඉදිරිපත් කලේ නැහැ.

      දැන් එම්.ටී.වී/එම්.බී.සී කියන කතාව තමා එහෙම කරන්න කියල ක්‍රිකෙට් බෝර්ඩ් එක දාල තිබුන paper ad එක දැක්කේ නැහැ. පොඩි එකක් දල තිබුනේ කියල.

      Delete
    3. ඇඩ් එක දාල තිබ්බේ ටෙන්ඩර් දාන බවක් කියල නෙවේ. අඩුම ගානේ විකාශන අයිතිය පවරනව කියල නෙවේ. පත්තරේ දාල තිබ්බේ 'අනුග්‍රාහකත්වය' ලබා ගන්න කියල.

      අනික සිංහල පත්තර එකකවත් තිබ්බෙ නැහැ. එහෙම හැම දේම කලේ හංගලා පවරන්න.

      අවශ්‍ය නම් පත්තරය සෑමා සතුය. ටීව් එක දිහාඇට මැස්ස වගේ බලා නොයිද පත්තරයක් වත් කියවපං.

      උබ දන්නවද අපේ ගෙදරට හැම පත්තරේම එනවා. අපි පුවත්පත් ඒජන්සියක් කරන නිසා.

      Delete
  31. පොඩ්ඩි නම් ක්‍රිකට්වලට හරිම ආසයි. ඒත් දැන් කාලේ ගහන ක්‍රිකට්වලට නම් ආසාවක් නෑ. :)

    ReplyDelete
    Replies
    1. දැන් කිරිකොට් නෙවේනේ.

      Delete
  32. ලකුණු වලටත් වඩා නායකත්වයටත් වඩා මම අගේ කරන දේ කොල්ලාගේ එඩිතර කටය.. කියන්නට ඇති දේ හරියට හරි තැනදී කියන්නට නිර්භය නියම මිනිහෙක්..

    ReplyDelete
  33. //ඒ අන්තිම විකට්ටුව හමුවේය. ඔහු ලකුණ දෙසීයය ලකුණු පුවරුවේ සටහන් වන පරිදි එක ලකුණක් දමා එහා පැත්තට පැන බැට් එක එසෙව්වේය. //

    ලකුණු හයක් ගහලා සැමෝ සංගා බැට් එක ඉස්සුවේ... ස්කෝර් බෝඩ් එකේ ඒ වෙනකොට 194 තිබුනේ.හැබැයි 193 තිබුනනම් සංගා ඒ හය ගහන්න යන්නේ නැතිව එකක් දාලා අනිවා ඊළඟ ඕවරේට හයක් ගහලා 200 ගහනවා....

    හැබැයි ක්‍රිකට් කියන්නේ තුන් ඉරියව් දක්ෂතා තියෙන අයම සෙල්ලම් කරන්න ඕනේ කියලා උඩ කස්ටිය කියලා තියෙන කතාවලට මම විරුද්ධයි.

    ක්‍රිකට් කණ්ඩායමක් හැදෙනකොට විශේෂඥ පන්දු යවන්නන් තිදෙනෙකුත්,batting allrounder දෙදෙනෙකුත් අවශ්‍යයි...

    ඊට අමතරව පන්දුවට පහරදෙන්න විශේෂඥ පිතිකරුවන් පස්දෙනෙක් අවශ්‍යයි.ඒ පස්දෙනා අතරට පාට් ටයිම් බෝලර්ස්ලා ඉන්ටෝන partnership brakers ලා විදියට.අනිකා විකට් කීපර්.

    සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස්ලා විතරක් හිටියත් මැච් දිනවන්න බෑ.කණ්ඩායම සමබර වෙන්න ඕනේ...

    සැමා මනුෂ්‍යත්ව වෙනුවෙන් කඩේ යන්න අපි බයවෙන්න ඕනෙත් නෑ ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ.හරි දේ කරන්න ඕනේ... ජය වේවා.හැබැයි දේශපාලනේ නම් මලාටවත් එපා මම ඡන්දෙ දෙන්නෙත් නෑ කියලා හිතාන ඉන්නේ.ඡන්දෙ දාන්න ආවත් තාත්තලා බනිද්දි මම ගියේ නෑ...

    ReplyDelete
    Replies
    1. //සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස්ලා විතරක් හිටියත් මැච් දිනවන්න බෑ.කණ්ඩායම සමබර වෙන්න ඕනේ...//

      ඊලග ඡන්දෙ දාපං මගේ බ්ලොගට හොදේ..

      උබව ක්‍රීඩා ඇමති කරන්නම්.

      මේක ස්පෑම් වෙලා බං තිබ්බේ..

      Delete
  34. //දක්ෂයාට, සුදුස්සාට තැන නොදී තමන්ගේ එකාට ක්‍රිකට් පිත්ත දීමට තැත් කිරීම, රගර් බෝල දීම, හොද පුටු දීම, සිදු වූ කලෙක ක්‍රීඩාව මෙන්ම රටම සිහිනයක් නොවන්නේ නොවේද?//

    අනිවාර්යෙන් මේ හේතුව නිසාම දැන් මිනිසුන්ට ක්‍රීඩාව එපා වී ඇත.මා පවුද්ගලිකව මේ ප්‍රකාශයට 100% එකගයි.
    ------------------------------------------------------------------------
    //"සංගා උඹ රටට මැණිකක්ය"//

    අනිවාර්යෙන් සංගා උබ අපිට මැණිකක්.
    ------------------------------------------------------------------------
    මෙහි උඩ පාට කන්නාඩි දාගෙන කමෙන්ට් දමන අයට කියන්න තියෙන්නේ මෙච්චරයි.

    ***දේශපාලනේ නොකලට කමක් නැ.....
    එත් අඩුම ගානේ වැරදි දෙකට වැරදි කියලා බය නැතුව කියන්නවත් කොන්ද කෙලින් තියාගනිල්ලා.
    එහෙම බැරිනම් උබලා මේ ලෝකෙට ජාතක උන එක පවක්.***

    ReplyDelete
  35. මම දාපු කොමෙන්ට් මිසිං

    ReplyDelete
  36. හිත රිදුනත් හෘද සාක්ෂියට එකඟව මේ ටික කිව යුතුමය. මේ නම් මහා කාලකන්නි රටකි.(හිස දූපතකට රටක් කියන්නේ නැත.රටක් යනු ජනතාවමය.)නිදහසින් පසු ගෙවුණු වසර හැට හතර පුරාවටම දේශපාලකයෝ මාරුවෙන් මාරුවට ජනතාව කඩේ යැවූහ.ජනතාවත් කිසිම විරුද්ධත්වයක් නොපාමකඩේ ගියහ.(මෙය ලියන මමත් ඇතුළුව) අවසන උන් ගොඩ ගියහ.රට වලටත් ජනතාව මහමගටත් වැටුණි. නමුත් අපි තවම මට්ටු වී නැති හැඩය.
    කාලයක් ලංකාවේ පොහොසත්ම ක්‍රීඩාව වුනු ක්‍රිකට් අද හිඟමනට වැටී ඇත. අනෙක් ඒවා ගැන කතා කරන කට බිම උලා ගැනීම යෙහෙකි. නමුත් අප කතා කල යුතුය.කතා කල යුතුමය. දේශපාලක වන්දිභට්ටයින් විසින් අරක් ගත් ක්‍රීඩා කමිටු වැඩ බැරි දාසලා සමඟ අතුරේ යද්දී ක්‍රීඩකයෝ පාවහන් රහිතව ධාවනයේ යෙදෙති.ආසියානු බොක්සිං ශුරයාට රුපියල් පන්දහසක් ඩී ගෙදර යැවූ රටක ඉන්දීය නිළියන්ගේ ගල පෙන්නීම සඳහා කොටි ගණන් වියදම් කරති. මේ එහෙව් රටකි.
    හරි අපූරුය.ආසියාවේ ආශ්චර්යය අපය. වේගයෙන් සංවර්ධනය වන අප ආර්ථිකය දෙවැනි වන්නේ චීනයට පමණය. නමුත් මහින්දගේ සාටකයේ සිට රනිල්ගේ කලිසමත්,විමල්ගේ සෙලියුලරයත් යන සියල්ල චීනයෙන්ය.
    අධ්‍යාපනය අවුල්ය.බුද්ධිමතුන් රට හැර යාමේ ප්‍රවනතාවය වැඩිය.කොටින්ම කියනවානම් A to Zඅවුල් ජාලාවකි. නමුත් රට කරවන උන්ට ගානක් නැත. එයට හේතුව මේවා උන්ගේ අම්මලාගේ අප්පලගේ බූදල් නොවන නිසාය. නමුත් අවාසනාවකට දේශප්‍රේමීන් කියාගන්න උන් තවම අවදිව නැත. අවදිවන පාටකුත් නැත. ඒ යුධ ජයග්‍රහණය නම් නිද්‍රා ජනකය තවමත් උන්ගේ සිරුරු තුල ක්‍රියාත්මක නිසාය. යුද්ධය නිම වුනු ඒක හොඳය. නමුත් දැන් සිදුවන්නේ මරණයට කැපවුණු රූමත් තරුණියක් බේරාගෙන ගණිකා වෘත්තියේ යොදවනවා වැනි වැඩකි.

    ReplyDelete
    Replies
    1. මේවා කිව යුතුම ඒවාය.

      සුපිරිමය..

      ජය සහෝ !

      Delete
  37. අපේ හිතේ තියන ජාති ආලය සුවඳ වුනාට ලංකාවෙ කෑ ගහන ගොඩක් උන්ගෙ ජාති ආලය ගඳයි තමයි.ඒත් අපේ මහ ජනතාව ගඳ ගහනවටමනෙ කැමති.බලමුකො මේ ඡන්දෙදි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...