Monday, April 1, 2019

වෘත්තීය ලෙඩ - Occupational Diseases !!


වෘත්තීය ලෙඩ වර්ග දෙකකි. එකක් මානසික සහ අනෙක කායික ලෙඩය. මානසික ලෙඩ ගොඩක් ඇත්තේ ලොක්කන්ටය. කොන්ද නමාගෙන පහළ උන් සිටීම දැකීම, අනිත් උන්ට බැරි වී තමන්ට පුලුවන් වීම, උන්ට කඩේ යනු දැකීමට කැමති වීම, උන් නිතර හරි යැයි අනිත් උන් පිළිගත යුතු බව වැනි මානසික ලෙඩ බහුතරයක් ඇත්තේ ලොක්කන්ටය. පොඩ්ඩන්ට ඇත්තේ කායික ලෙඩය. මානසික ලෙඩ ඇත් සොක්කන්ද නැතුවා නොවේය. උන්ටත් තමන් අනිත් උන්ට වඩා ලොකු යැයි සිතා එන සමහරක් මානසික ලෙඩත් සහිතය. උන් සොක්කෝය. එහෙත් පොඩි අපි වගේ උන්ට මානසික වෘත්තීය ලෙඩ වලට වඩා ඇත්තේ කායික වෘත්තීය ලෙඩය. සෑමාට ඇති අත්දැකීම් අනුව තමන් නිරත වෙන වෘත්තිය අනුව විවිධ ලෙඩ ඇති විය හැකි බව කිව යුතුය. ඒ අතර නිතර තමන් සිටින ඉරියව්ව බලපාන්නේය. වැඩි වේලාවක් සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම අනුව විවිධ වෘත්තිය රෝග ඇති විය හැකිය.



කාලයක් සෑමා මර්චන්ඩයිසින් රස්සාවක් කළේය. ඒ කාලයේ සිටියේ මීයා අල්ලගෙනමය. ලැප් නැති කම්පියුටර් තිබුණ කාලයේ මීයා අල්ලන් සිටිය නිසා සෑමාගේ දකුණු අතේ මැණික් කටුව යටි පැත්තේ රිදිල්ලක් ඇති විය. පුංචි ගෙඩියක් මට්ටමට එතැන ඉස්සී මහා රිදිල්ලක් බවට පත්වන්නට ගියේ සුළු කාලයක්ය. දොස්තරලා ලඟට නොගොස් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය යලි නිවැරදි කරගන්නට සෑමාට හැකි විය. කළේ සුළු ප්‍රතිකර්මයක් පමණක්ය. මවුස් පෑඩ් එකක් මත මීයා තබා පෑඩි එකේ ස්පොන්ජ් ගැට්ටක් මත මැණික් කටුව තබා ගැනීමෙන් වේදනාව මාසයක් පමණ යද්දී නැති වී ගියේය.

පසු කාලෙක ඒ වගේම කොන්දේ අමාරුවක් ඇති වී සෑමා මහ දුකක් වින්දේය. නැමෙන්නට බැරිය. කෙලින් වෙන්නට බැරිය. බොහෝ අය කිව්වේ මෙට්ටයේ හෝ කොට්ටයේ අවුලක් කියාය. දොස්තරලා බෙහෙත් දුන්නේ වේදනාව සමනය වීමට මිසක ලෙඩේට නෙවේය. බොහෝ විට කෙන්දෙ අමාරුවට බෙහෙත් ගන්නා අයට සිද්ධ වෙන්නේ වේදනා නාෂක ගැසීම මිස ලෙඩේට බෙහෙත් සොයා ගැනීම නොවේය. සෑමා නිදහසේ කල්පනා කර බලා කොන්දේ අමාරුවට හේතුව සොයා ගත්තේය. වාහනේ ඩ්‍රැයිවින් සීට් එකේ හේත්තු වෙන කොටස තිබූ ආකාර වෙනස් කර සතියක් පමණ යද්දී වේදනාව සෙමින් අඩුවෙනු සෑමාට තේරුම් ගියේය. අපිට ඇති වෙන බොහෝ කෙන්දේ අමාරු වලට හේතුව අපේම වැරදි ඉරියව් බව අමුතුවෙන් කිව යුතු නැත. එව්වාට බෙහෙත් හොයනවාට වඩා ඉරියව් වෙනස් කිරීමෙන් වේදනාව හෝ රෝගය පහ කර ගත හැකිය.

මේ බ්ලොග් ලිපිය ලිවිමට පවා හේතු වූයේ මෑතකදී ඇති වූ වේදනාවක්ය. සෑමාගේ දකුණ අතේ මහපට ඇඟිල්ලේ මහා වේදනාවක් එන්නට ගත්තේ මාසයකට පමණ ඉහතදී සිටය. ඇඟිල්ල නොමිලේ ගැස්සෙන හෙල්ලෙන ගතියක්ද තිබූ නිසා මගේ අම්මෝ ස්නායු කේස් එකක් යැයි සෑමාටද සිතුනේය. එහෙත් දින කීපයක් ඇතුලත ලෙඩේ සොයා ගන්නට සහ වේදනාව අඩු කරගන්නට සෑමා සමත් වූයේය. මහපට ඇඟිල්ලෙන් බට්න් එකක් පවා ඔබන්නට බැරි තත්වයට ආවේ වේදනාවේ උපරිමයේදීය. ෆෝන් එක අත් දෙක මත තබාගෙන මහපට ඇඟිලි දෙකින් දිඟු කාලයක් භාවිතා කිරීමේදී මේ අමාරුව ඇති වූ බව සෑමාට තේරුම් ගියේය. දකුණු ඇඟිල්ල වම් ඇඟිල්ලට වඩා හුරු නිසා ඒ ඇඟල්ලෙන් ඩිස්ප්ලේ එකේ එහා කෙලවර ටච් කිරීමට යාම වේදනාවට හේතුව බව සෑමාට තේරුණේය. වෛද්‍යවරයෙකු ලඟට ගියා නම් අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂණයක් කරන්නට වෙනවා සහතිකය. පසුව එම ඇඟිල්ලේ භාවිතය අඩු කිරීමෙන් වේදනාව සමනය කර ගැනීමට සෑමාට හැකි විය.

බර වැඩ නොකරන අපිට වෘත්තීය මට්ටමේ මෙහෙම ලෙඩ එනවා නම් එදිනෙදා බර වැඩ කරන මිනිස්සුන්ට කොහොම අමාරුවක් ඇත්දැයි සිතන්නට අපේ ලෙඩවල වේදනාව ප්‍රමාණවත්ය. ඔබටත් යම් වේදනාවක් ඇති නම්, රුදාවක් ඇති නම්, නිදහසේ කල්පනා කර රුදාවට හේතුව කුමක්ද කියා බැලූ විට සරලව ඉරියව් වෙනස් කිරීමේ බෙහෙත ඔබටම සාදා ගත හැකිය.

sAmsRI_01.04.19/1:47pm

3 comments:

  1. ඕවා ගැන වෙන රටවල නම් හරියට සැලකිලිමත් වෙනවා. OHS (Occupational health and safety) කියලා බර වචන වලින් විස්තර කරනවා. Repeated work අඩු කරන්න ක්‍රමයක් හදනවා සමහර production lineවල.විමසිලිමත්වීම නිසා ඔබ දොස්තරලට දෙන්න තිබුන සෑහෙන ගානක් ඉතුරු කරගෙන.

    ReplyDelete
  2. කොහොමත් ඔය වගේ දේවල් අපි අපිම හොයලා තේරුම් ගන්න එක වටිනවා. දොස්තර ළඟට ගියොත් ලියා දෙන පරීක්ෂණ ටික කරගන්න ගේ දොර උගස් තියන්න වෙනව...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...