Thursday, April 13, 2017

සැඟවුණු අමුත්තා සොයා ගියෙමු.. - Searched for the Hidden Guest !!




“සුභ අලුත් අවුරුද්දක් වේවා රට වාසීනී..“

“සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දැන අපි බලාපොරොත්තු වෙන්නේ ගම හරහා දිවීමේ තරඟය පැවැත් වීමට. ඒ සඳහා තරඟ වදින තරඟ කරුවන් සියළු දෙනාම ප්‍රධාන මාර්ගය අසල සිටින තරඟ සංවිධායකවරු මුණ ගැසෙන්න. ඒ අතරම ලිස්සන ගහ නැගීමට ජව සම්පන්න ගම් වාසී තරුණයන්ට ආරාධනා කරනවා. එම ස්ථානයට පැමිණ තම තරඟ ආරම්භය සනිටුහන් කරන ලෙසට. මට පෙනෙනවා ගිය වරත් එම තරඟය ජයග්‍රහණය කළ තරුණ පිරිස අදත් විලි ලැජ්ජා නැතිව තෑගි අපේක්ෂාවෙන් ලිස්සන ගහ අද්දර දෙඅත් දෙපා පිරි මැද මැද බලා සිටින අයුරු.. ගිය වර මෙන් ලිස්සන ගහ කඩා වැටී කොඩිය ගලවාගන්නට මෙවර ඔවුන්ට ඉඩ නොලැබේවා කියා..“

“ඒ අතරම අපි බලාපොරොත්තු වෙනවා සැඟවුණු අමුත්තා තේරීමේ තරඟය ආරම්භ කිරීමට. තරඟයට සහභාගිවීමට කිසිම වයස බාධාවක් නැහැ. ඔබ වේදිකාව අභියස සිටින සංවිධායක මණ්ඩලය මුණ ගැසී තමන්ගේ නම, වයස, ලිපිනය ලබා දී එම විවෘත තරඟයට සහභාගී විය යුතු බව මතක් කර සිටිනවා.“

*********

“සියළු කටයුතු එසේ සිදුවෙද්දී දැන් මේ සූදානම කාන්තා ඒකල, ගීත ගායනා කිරීමේ තරඟය...“

“ඒයි නිවේදකයා... ඒම කෝමද කරන්නේ??“

“ඇයි මොකද මහත්තයා සීන් එක??“

“අපෙ ගමේ ඒම කරන්න දෙන්න බැහැනේ.. මේක අපෙ ගම.. මේක කැළණිය..“

“ඇයි මෙහෙ කාන්තා තරඟ තහනම්ද??“

“කාන්තා තරඟ නෙවෙ අයිසේ.. අපෙ ගමේ තරඟ අපෙ කාන්තාවන්ට මිසක්... පිටින් ගෙන්නලා මෙහෙ තරඟ තියන්න බැහැ හරිය..“

“නැහැ නැහැ.. සංවිධායක මණ්ඩලය ඒව බලනවා.. අපි නම, ගම, ලිපිනය කොහොමත් ගන්නවා..“

“එහෙනම් අහවල් එකටද මෙතන වැඩේට ඒකල උන්ට අඬගහන්නේ.. නිකං මැරුම් නොකා ඉන්නවා අයිසේ..“

“අහ්.. සමාවන්න.. මීලඟට කාන්තා ඒක පුද්ගල ගීත ගායනා තරඟය...“

*********

“හරි..  වැඩේ නැගලාම යනවා.. මම දැන් මේ සූදානම් වෙන්නේ සැඟවුණු අමුත්තා සොයන, සුවහසක් ක්‍රීඩක පිරිසට පළමු ඔත්තුව ලබා දෙන්නටයි. සැඟවුණු අමුත්තා හරියට කුරුල්ලෙක් වගේ කාලයක් තිස්සේ හොඳට පේන්නට හිටියා. චතුර ලෙස කියවනවා, හැබැයි දැන් පේන්නම නැහැ. ඉස්සර හරි ප්‍රසිද්ධයි. මේ කාලෙ වැඩිය පේන්න නැහැ. දැන් තරඟකරුවන් ඉතා යුහුසුලුව වැඩේ කරගෙන යන්න. අපි තවත් ඔත්තුවක් ලබා දෙනවා සුළු මොහොතකින්... “



“මචංලා අපි තෑග්ග බෙදා ගමු. මේකෙ ලොකු සීං එකක් නැහැ ලොකු නෙට් එකක් අරං වරෙං. කුරුල්ලෙක් නේ. අල්ලගන්නට ට්‍රයි එකක් දෙමු කොහොම හරි. තෑග්ග බෙදා ගමු. එක්කෝ තෑග්ග විකුණලා අඩියක් ගහමු සෙට් වෙලා.“

“මෙන්න මචං නෙට් එක තියෙනවා.. දැන් මොකෝ කරන්න කියන්නේ..“

“ඕක අරං යමු රිංගමු කැළේට. ඔය කියන්නේ කොහා ගැන. ඉස්සර අපි පොඩි කාලෙ ඕකා සීන් එකේ හිටියා. පස්සෙ ඌව ඉස්සුවා කඩවල් වල සේල් කාරයෝ. උන් කරපු වැඩෙන් කොහා මුදලට යට වුණා. ඊටත් පස්සෙ මීඩියා වලින් ඉස්සුවා. උන් වැඩි පඩියට මීඩියා වලට රිංගන්න ගත්තා. පස්සෙ හරියට පඩියක් වත් සෙට් නොවුන නිසා උන් දැන් වැඩිය බහින්නෙ නැහැ ලංකාවට. දැන් ඉතිං බැද්දෙ ඉන්න මොකෙක් හරි තටු තියෙන පක්ෂියෙක් බස්සලා ඌට බාසාව උගන්නලා ගමු මචං...“

“හරි වරෙන් යන්න.. මටත් හැකියාව තියෙනවා වටු කුරුල්ලො අල්ලලා..“

*********

“ඔව් මෙන්න අපේ එක තරඟකරුවෙක් සැඟවුණු අමුත්තා කියා ඩෑල් එකක් එක්කගෙන ඇවිත් තියෙනවා. සුදු සරම, ෂර්ට් එක ගසලා, නැෂනල් කිට් එකෙන්ම බැහැල තියෙන්නේ. අවුරුදු අසිරිය දෙඟුණ තෙඟුණ කරමින්.. හරි මල්ලි කියන්න බලන්න පිටට තට්ටු කළාම මෙයා පිළගත්තද එයා අවුරුදු කුමාරයා කියලා..“

“ඔව් අය්යා.. ගේමක් නැහැ. මෙයා චතුර ලෙස කතා කරනවා, කුරුල්ලෙක් වගේ තමා, ගිරවා වගේ කියෝනවා අගක් මුලක් නැහැ. අනික දැන් මේ කාලෙ පේන්නත් නැහැ. ඒ කාළෙ 1982දි ප්‍රථම අවුරුදු උත්සවය තියෙද්දි, මෙයා මේ තරඟයට සහභාගි වුණාලු. ඒකෙදිත් කාටවත් හොයා ගන්න බැරි වුණාලු කවුද සැඟවුණු අමුත්තා කියලා. බලනකොට සංවිධායක මණ්ඩලය නම් කරල තියෙන්නෙ මෙයාවමයි සැඟවුණු අමුත්තාට. ඉතිං මෙයා කිව්වලු මම දැනං හිටියා ඒත් ඉදිරිපත් වුනෙ නැහැ කියලා. අන්තිමට සැඟවුණු අමුත්තට හිටිය මෙයාටම තෑගි ලැබුණලු...“

“බලමු අපි එයා එක්ක කතා කරලා.. කියන්න ඔබ තුමාගෙ නම.. ගම.. විස්තර..“

“මම අපෙ අප්පගෙ පුතා.. ඉපදුනේ 1982 අවුරුද්දෙ...“

“ඔබතුමා 1982 වෙලා කෝමද සැඟවුණු අමුත්තා වුණේ??“

“එතකොට මම හිටියෙ අම්මගෙ බඩේ.. බ.. බ.. බ.. බ..“

“හරි හරි දැන් තේරෙනවා. ස්තූතියි ඔය මල්ලි තරඟයට ඉදිරිපත් වුණාට... ඒත් මෙයා නෙවෙයි සැඟවුණු අමුත්තා.. තවත් උත්සාහ කරල බලමු...“

*********

“ආ මේ කවුද මේ දැලක් උස්සගෙන ??“

“මෙන්න අයියා බඩු..“

“මේ මොකක්ද මේ දැලක් පටලවගෙන. පව් හලෝ කුරුල්ලෙක් නේද??“

“ඔව් අය්යා මූ තමා ඩෑල් එක. මූ කුරුල්ලෙක්. චතුර ලෙස කෑ ගහනවා. අනික දැන් කාලෙ පේන්නත් නැහැනෙ ඉස්සර හිටියට..“

“පිස්සුද මල්ලි.. ඔත්තුව නම් ගැලපෙනවා තමයි. ඒත් කුරුල්ලෙක් දාන්න පුලුවන් ද තරඟයකට සැඟවුණු අමුත්තා කියලා.. පිස්සු කෙලින්නෙපා මූව අතාරිනවා..“

“ඒම කරන්නෙපා අයියා ගේමක් දීලා ඇල්ලුවේ. මූ කපුටෙක්. පොඩි මොඩිෆිකේෂන් පාරක් දිලා බාසාව උගන්නලා ගත්තෙ. අනික ඔරිජිනල් කොහා ඉන්නෙ සේල් වලයි, ටීවි එකෙයි විතරයි නේ..“

“හරි මල්ලි ඒත් මේක කරන්න බැහැ. පුලුවන් නම් කාව හරි මනුස්සයෙක් කුදලං එනවා. මම සැනසිලි තෑග්ගක් වත් සැට් කරන්න..“


*********

“ඔව් තරඟයේ උණුසුම වැඩි වෙද්දි තරඟකරුවන් පිස්සු කෙලිනවා. ඉතිං අපි ඉක්මනින්ම දෙවෙනි ඔත්තුව ලබා දෙන්න යන්නේ...“

“අපේ අමුත්තා සුපිරි ඩෑල් එකක් කියල කිව්වොත් නිවැරදියි. රට, ජාතිය, ආගම වෙනුවෙන් බැහැලම සීන් එකේ හිටියා.. සුනාමි වෙලාවෙ උනත් එහෙමයි... ඒකාලෙ මාධ්‍ය වල බැහැලාම හිටියා. මේ ටිකේ පේන්න නැහැ..“

“අයියා ඩෑල් එක දන්නවා. පොරව එක්කගෙන එන්න යන්න ඕනෙ නැහැ. මේ ටිකේ කියන තැනකට බහිනවා. සූප්පුවෙන් කිරි බොන සීන් එකට දාලා, කිරි බෝතලයක් ගස්සවලා කික් කරල ගමු. මිනිහා මෙතැන රඟලා යයි.“

“අඩෙ කවුද බං ඩෑල් එක??“

“එහෙම කියන්න බෑ.. සප් එකක් දියං.. තෑග්ග ගමු..“

“එහෙම බෑ ඌව එක්කං එමු..“

“එක්ක එන්නෝනි නැහැ. උගෙ ඇපල් පෝං එකට පෝං කෝල් එකක් අරං. ඊට බස්සේ 1990 ගහං ඇම්බියුලන්ස් එකකට. පොර ෆුට් බෝඩ් එකේ එල්ලිලාම මෙතැනට බහියි.“

“හරි කරලා බලාං කෝ.. කුරුල්ලෝ ඇල්ලුව වගේ වෙයිද දන්නෑ..“

*********

“ගරු මහත්වරුණි. නෝනාවරුණි ඉඩලබා දෙන්න.. ඉඩ ලබා දෙන්න කරුණාකර ඉඩ ලබා දෙන්න... අන්න අපෙ ගමහරහා දිවීමේ තරඟයේ පළමු වෙනියා ඇම්බියුලන්ස් එකේ ෆුට් බෝඩ් එකේ නැගී මෙතැනට පැමිණෙනවා.. පිළිගන්න 

ඔහුව.. “

“ඒම කෝමද අයියා.. එයාව පිළිගන්නෙ අපි.. ඒ අපේ ජයග්‍රහණය.. ඔව් මවිබිමේ විජයග්‍රහණය.. එයා අපේ සැඟවුණු අමුත්තා..“

“හප්පට සිලි මල්ලි මෙයා මේ අපේ කිරි බබා නේ.. බෙල්ලේ පංචායුධේ තියෙන්නේ.. එයා කෝමද සැඟවුණු අමුත්තා වෙන්නේ..“

“ඇයි අයියා.. ඔයාම නේ කිව්වෙ එයා වැඩිය මේ දවස් වල පේන්න නැහැ කියලා.. ඉතිං අපි එයාට කෝල් කරල වැඩේට ඉන්වයිට් කළා..“

“නැහැ මල්ලි.. පිස්සු කෙලින්න එපා.. එක්කං ආව නම් සලකලා ගෙදර යවපල්ලා..“

“අනෙ අයියා පොඩි උදව්වක් කරන්න.. අර කිරි බීමේ තරගෙට තියපු සූප්පු ගහපු කිරි බෝතලයක් මුගෙ කටේ ගහලා ආයේ ඇම්බියුලන්ස් එකෙම යවන්න ප්ලීස්.. අපි අද කෝම හරි ඔයාට සැඟවුණු අමුත්තා හොයල දෙන්නම්..“

*********

තරඟකරුවන් හරිම කුරිරුයි. දරුණුයි. මේ තරඟය දිගටම තිබ්බොත් මට ගමේ, රටේ වසන්න බැරි වෙනවා. ඒ නිසාම සැඟවුණු අමුත්තාගේ තරඟය මෙතැනින් අවසන් කරනවා.

ලබන අවුරුද්දේ සැට් වෙමු...!!

එතෙක් සැඟවුණු එව්වා එලියට පනින, සොමි බර මෙව්වා එකක් වේවා... !!


Written_by_sAm_ශ්‍රී_10;31am_13/04/17

11 comments:

  1. //එතෙක් සැඟවුණු එව්වා එලියට පනින// ඇයි බොටත් අර රාළාමි ගොයිය වගේ ඡේදනය කරගන්න ඕන වෙලාද?

    සෑමාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  2. යකෝ එහෙම පුළුවන්ද තර‍ඟෙ නතර කරන්න.. මේවා අදිරාජ්‍යවාදී කුමංත්‍රණ හරිය...

    සෑමයියා ඇතුලු සෑමයියාගේ පවුලේ සෙට් එකටටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. සැගවුන අමුත්තා ට චතුර ලෙස කතා කරන්න පු පු පු බ් බ් බ් බ් බ් බ් ලු ලු ලු බ් බ් බ් බ් ව ව ව ව බ් බ් බ් බ් බ් න් න් න් බ් බ් කිව්වා නේ ද ?

    ඒකල කියලා ගමක් තිබුනේ ඉස්සර බන්, දැන් එතන තියෙන්නේ කුණු කන්දක්...

    ReplyDelete
  4. සෑමාට සුබ අළුත් අවුරුදුදක් වේවා.

    ReplyDelete
  5. Kalekata passe kiyewuaa kiyahanko bogak

    ..

    Helakuru walin me comment box eke.comment karanna ba.. :/

    Happy new year weewaa

    ReplyDelete
  6. සුබ අළුත් අවුරුදුදක් වේවා.

    ReplyDelete
  7. ඉවර වෙන කල්ම කියෙව්වා. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා,

    ReplyDelete
  8. හාහ් අම්මගේ බඩේ ඉන්න කාලෙදිම නේද සැඟවුණු අමුත්තා උනේ? හරිනේ ඉතින්.

    ReplyDelete
  9. ටවුකන්ඩ ඒකනං මරු ඕයි
    හැක්

    ReplyDelete
  10. සුබ වසරක් වේවා.
    සිංහල බ්ලොග්ගල..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...