Saturday, April 1, 2017

සම්මාන නොලැබූ උන්මාදයෙන් ලියමි.. !!


සම්මාන ලද සැමට ජය වේවා කිව යුතුය. 



බ්ලොග් එකක් පටන් ගෙන එක පෝස්ට් එකක් දමා සම්මානයක් ලබා ගත හැකිය. ඒ එකම පෝස්ට් එක පට්ට නම්, සුප්පා නම්, නොමිනේට් වූයේ නම්, එතැනිනුත් ගොඩ ගියේ නම්, සම්මානයක් ගත හැකිය. බ්ලොග් එකක් පටන් ගෙන වසර දහයක් ගොස් සම්මානයක් නොලැබී සිටිය හැකිය. පටන් ගත් දා සිට දැමූ ලිපි දස දහසකින්, පට්ට එකක් නැති වීමෙන්, සුප්පා එකක් නැති වීමෙන්, නොමිනේට් නොවීමෙන්, සම්මානයක් නොලැබී සිටිය හැකිය. එකක් එලියට දමා පිදුම් ලැබීමට දක්ෂ විය යුතුය. දස දහසක් දොට්ට දමා පිදුම් නොලැබීමටද දක්ෂ විය යුතුය. කැරම් ඉස්සර ආතල්ම ක්‍රීඩාවක්ය. දැන්ද ආතල් ක්‍රීඩාවක් වුවත් ගසන්නට සැට් නොවෙන නිසා ඒ ආතල් එක ගත හැක්කේ ගසනා කාලයේ පමණක්ය. ඇස් පියාගෙන ඩිස්ක් එකට වරක් ගසා එක ඉත්තෙක් වලට දැමීම දක්ෂ කමක්ය. ඉත්තෝ දහනවයම බෝඩ් එක මත සිටියදී ඇස් ඇරගෙන ඩිස්ක් එකට ගසා, එක ඉත්තෙක්ටවත් නොවදින්නට ගැසීම තවත් දක්ෂකමක්ය. වෙනස ඇත්තේ පිදුම් ලැබීම හා නොලැබීම අතරය. එහෙත් ලැබීම එක බව තේරුම් ගත යුතුය.

සම්මාන ලද අයට අත්පුඩි ගසනා අතර අඩේ අපිට නෑනේ යැයි අත්පුඩි අතර හුලං පුරවන අයද නැත්තේ නැතිය. මේ පෝස්ට් එක කියවා අවසන, දෙඅත් අතර හුලං පිරවූ අය අතර සෑමාද සිටියා යැයි ලේබල් නොගැසෙන්නේ නම් පුදුම විය යුතුය. නෙලුම් පිපෙන්නේ මඩේය. මඩ නොගෑවී නොලුම් දිය මත පිබිදෙන්නේ අරුමයක් ලෙසය. අවාසනාවන්තව පොහොට්ටු බිමට නැවී මඩේ එරී යන එක ගැන කතා කරන්නට කිසිවෙකු නැත්තේ කරුමයක් ලෙසය. ඒ අරුමය සහ කරුමය අතර වෙනස පහදන්නට සෑමාට බැරිය. සම්මාන උලෙල නිසා නිදි ගත් බ්ලොග් ඇහැරුණු බව පෙනෙන්නට තිබිණ. උලෙලේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳව කතන්දර රැල්ලක් ගිය බව දැක ගන්නට ලැබුණේ බුකියෙන්ය. වූයේ මොනවාද, නොවූයේ මොනවාද යැයි සෑමා සොයන්නට නොගියේය. එහෙත් පෙනෙන්නට ඇති සම්මාන නොලැබූ උන්මාදය ගැන ලිවිය යුතුය. අම්මට හුඩු තෑගි දෙනවා ලියපල්ලා කිව්වොත් ලියනා උන්ව උසි ගන්වන තැන නැති කළ යුතුය. ඒ නිසා දන්නා බ්ලොග් අතීතය සිහිපත් කළ යුතුය.

සිංහල කොටා ගන්නට බැරිව ඉන්නා කාලයේ සිංහල බ්ලොග් ගොඩ දැමීමට, සිංහලෙන් අදහස් ප්‍රකාශ කිරීමට, ඉදිරිපත් වූ පිරිස් ගැන නම් වශයෙන් ලිවිය යුතු නැතිය. එදා උන් නොහිටින්නට බ්ලොගක් දැමීම, පෙර දින රාත්‍රි යේ අධි මාත්‍රාවට කෝපි බිව්වාට පසු බොගක් දැමීම තරම් අපහසු වන්නේය. ඒ කරදර, අමිහිරි අතීත දැන් වැඩක් නැත්තේය. ඒ ඒ අයට ඒවාට සම්මාන ලැබිය යුතුය. ඒවා භෞතිකමය එව්වා නොවේය. ජනතා සම්මානය. බුකියට ගිය තැන අද තනිකරම ඇත්තේ සිංහල යුනිකෝඩ්ය. මොනවද යකෝ මේ උබලා දාන කිසි දෙයක් පේන්නේ නැහැ කියූ උන් එදා බහුලය. බ්ලොගක් සිංහල යුනිකෝඩ් වලින් ලියා බුකියේ ශෙයාර් කරන අතීතයේ බ්ලොග් ලියූ අපේ උන් වෙන උන්ගෙන් බැනුම් ඇසූ වාර අනන්තය. උනන්දුව ඇති සමහරු යුනිකෝඩ් භාවිතයට සහ සිංහල අකුරු පෙනෙන විදියට තම පරිගණක සකසා ගත් අතර අනිත් උන් බ්ලොග් ලියන උන්ට සාප කළෝය. මුන් දාන කොටු අපිට වැඩක් නැහැ කියා අහක බල ගත්තෝය. එහෙව් උන් සිංහල අකුරින් බුකියේ කොටන්නේ අද ආඩම්බරයෙන්ය. එදා බ්ලොග් වලට සිංහල අකුරු අමුණන්නට වෙර දැරූ අයට ජනතා සම්මාන හිමිවිය යුතුය.

උන්ට පිහිට වන්නට අප අටවා ගත් බ්ලොග් සියල්ල ක්‍රියාත්මක වූයේ දැනුම, විනෝදය, සතුට බෙදන මධ්‍යස්ථාන ලෙසය. බ්ලොග් ගෙට්ටුගෙදර්, සයිබර් ෆෙස්ටිවල්, සඳහා මුල් ගල් තැබූ උන් ජනතා සම්මාන ලද යුතුය. උන් කළ සියල්ල සම්මාන ලබන අටියෙන් නොවේය. එම සියළු ක්‍රියාකාරකම් අගය කළ යුතු තැනට පත් විය යුතු නම්, සම්මාන ලබා දීමේ ක්‍රියාකාරකම්ද අගය කළ යුතු තැන තිබිය යුතුය. ඒ තැන ලබා දීමට සෑමා නොපැකිලෙන්නේය. අක්‍රිය උන් සක්‍රිය කිරීමට සම්මාන උලෙලකට හැකිය. ලිපියක තත්වය උසස් කරලීමට සම්මාන උලෙලකට හැකිය. ලියන්නන්ට තම තරම මැන ගැනීමට සම්මාන උලෙලකට හැකිය. එමෙන්ම තරඟයක් ඇති කර සීතල යුද්ධයක් ඇති කිරීමට, නොලැබීමේ කුහකත්වයෙන්, ලැබීමේ උන්මාදයෙන්, නොහොබිනා දේශපාලනයෙන්, නෙලුම් පොකුණක් බොර කර, මඩ තැවරීමට සම්මාන උලෙලකට හැකිය. නෙලුම පිපෙන්නේ යටින් ඇත්තේ මඩ බව දැන දැනය. මොහොතක මුව පහළ නමා මඩ තවරා ගැනීමේ හැකියාවද සහිතව නෙලුම පිපී වැනිය යුතුය.

මෙය ලියන්නට ඇත්තේ කුහක කමින්ය. සෑමා සම්මාන නොලද උන්මාදයෙන්ය. කිසිවෙකුට කිව හැකිය. සම්මාන උලෙල ආරම්භ වූ දා සිටම නිර්දේශ වූ, සම්මාන ලැබූ, බ්ලොග් සහ බ්ලොග් ලිපි ගැන සෑමා අවධානයෙන් සිටියේය. මෙවර ඒ පිළිබඳ සොයා බැලීමට සෑමා උත්සාහ නොගත්තේය. වෙඩිම මනාල යුවලගේ වූවාට, ඡායාරූප ශිල්පියාට, මේකප් ආටිස්ට් ට, පෝරුවට නග්ගන අයට, වෙඩිමට පැමිණෙන අයට පවා උත්සවයට බලපෑමක් එල්ල කළ හැකිය. එය සෘජු හෝ වක්‍ර විය හැකිය. කරන්නට පෙර සහ කළාට පසු කාටත් කතන්දර ඇසිය හැකිය. සක්‍රීය බ්ලොග් කරනයේ නොමැති නිසා වැඩි විස්තර සොයන්නට සෑමා කල් නොගත්තේය. එහෙත් පෙර සෑම වාරයකම බ්ලොග් අඩවි, බ්ලොග් ලිපි කැටගරි අනුව නිර්දේශ වූ සියළු ලිපි පිරික්සා බලා ඒවායේ සම්මාන ලැබිය යුතු මට්ටමක් සෑමා දුටුවේය. ඒ නිසාම “ඇයි බං උබට සම්මාන නැද්ද?“ ඇසූ අයෙක්ට සෑමා පිළිතුරු දුන්නේ සම්මාන ලැබිය යුතු මට්ටමක නොමැති නිසා තමන් එයට අයදුම් නොකළ බවක්ය. එතැනින් නොනැවතී ප්‍රශ්න කිරීමට ගැඹුරටම යන නිසා සංකීර්ණ පිළිතුරු බැදීමක් නිසා ඔහු නතර වූයේය.

2011 වසර සිට 2015 වසර දක්වා වසර හතරක් සක්‍රීයව බ්ලොග ලියා, 2017 වසර දක්වාම වසර හයක් බ්ලොග ලියා, ලිපි 450ක් ලියූ බව සෑමා ඔහුට කීවේය. ඉන් සම්මාන ලබන්නට තරම් ලිපියක් තේරීම් කරන කැටගරි 16ටම සෙට් නොවන බවත් සෑමා කීවේය. ඉන් ලද හිට්ස් ලක්ෂ 9 වටිනාකමක් දිය නොහැකි වස්තුවක් බව සෑමා කියූ විට ඔහු කිව්වේ “ඔහොම කිව්වට දුන්නොත් නම් ගනියි“ කියාය. දුන්නොත් ගන්න, තරඟයට ඇප්ලයි කළ යුතුය. ඉදිරිපත් නොවී දෙන්නේ නැතිය. ඒ නිසා දුන්නොත් ගන්න නොහැකිය. ප්‍රශ්නය ඇසු ඔබ මෙය කියවා අවසන සෑමාට හොරෙන් හෝ ලිපි කිහිපයක් තෝරා ලබන වර තරඟයට යවන්න. බැරි වෙලාවත් “දුන්නොත්“ ඔබ එය ලබා “ගන්න“. සෑමා එව්වාට නොඑන නිසා අපේ අනිත් උන් ලව්වා ඔබට සෑමා අත්පුඩියක් විසිල් එකක් ගස්සවනවා ෂුවර්ය.

ලද, නොලද, ලියන, සැමට ජය.. !!

sAm_ශ්‍රී_11:55pm_31/03/17

41 comments:

  1. යුනිකෝඩ් ගැන කියූ කතාව ඇත්තය. සම්මාන ගැනනම් එච්චර හිතන්නට එපාය.අපේ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඔය ගැන මෙන්න මෙහෙම කියල තියනවාය:
    "සම්මාන කියන්නෙ ලී කොටයක් අරන් බාස් කෙනෙක් හදන පොඩි දෙයක් විතරයි. පේදුරුතුඩුවෙ ඉඳන් දෙවුන්දර තුඩුවට යනකං කොතනින් බැස්සත් ආ නිහාල් අයියා කොහොමද- නිහාල් මහත්තයා කොහොමද- කොහොමද මචං කියල කන් දෙකට ඇහෙන එක අර ලී කොටවලට වැඩිය ගොඩක් වටිනව මල්ලි...!"

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි..

      මට විටින්නේ හිට්ස්.. කමෙන්ට්ස්.. විව්ස් !!

      Delete
  2. Replies
    1. කතන්දර.. සොරි..
      රසික ඔයා..

      ඉතිං කෝමද??

      Delete
  3. ආ සෑම් කොහොමද? :)
    +++++++++

    ReplyDelete
  4. ඉල්ලලා සම්මාන ගන්න එක මහ පිස්සු වැඩක් නේ බන්..

    හොඳම සම්මාන උළෙලට සම්මානයක් දෙන එකත් හොඳා තමා...

    ReplyDelete
    Replies
    1. හොඳම සම්මාන උලෙල තේරීම..

      අන්න තරඟ !

      Delete
  5. බ්ලොග් මේ තැනට ගේන්න යුනිකෝඩ් හදන්න කට්ට කාපු උන් පස්සේ ඒ යුනිකොඩ් බාවිතය හුරු කරන්න අන්තර්ජාලයේ සින්හලෙන් ලියන්න පටං ගත්ත උන්ව අගය කල යුතුමයි. නෙලුම්‍ යායේ ලයිෆ් ටයිම් අවෝර්ඩ් එක ටාගට් කරන්නේ ඒ වගේ උන්ව තමයි.

    උඹ ලියපු මේ ලිපිය නෙලුම් සම්මාන ගැන වඩාත් සාදනීයම විචාරයක්.. එදා ඇවිත් ඉන්නවා දැක්කේ නෑ. පුලුපුලුවන් විදියට මේකට සප් එක දීපං මේක ගොඩ දාන්න මේ වගේ හොඳ හිතං .. ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් ඔක්කොම සිංහල බ්ලොග් කාරයන්ටයි, කොකාලටයි..ලයිෆ් ටයිම් සම්මාන දෙන්න වෙනවා...

      Delete
    2. ස්තුති කල්‍යා.. එදා විතරක් නෙවෙ මචං, ඔය හැම සම්මාන සීන් එකටම මම ආවෙ නැහැ. පලවෙනි එකට මම සප් එකක් දුන්නා. ප්‍රශ්න තියෙනවා. එව්වා කතා කරන්නෙ ලැබුනු උන් නෙවෙ. නොලැබුනු උන්. වෙඩිමකට ඉන්වයිට් කලත් අපෝ වියදමක් නේ කියනවා. ඉන්වයිට් නොකලත් අඩේ මට කිව්වෙ නැහැනේ කියනවා. සල්ලි දීලා කාල එන වෙඩිමට ඒම නම් මෙව්වට කෝම වෙයිද?

      @සෙන්නා - ඇත්ත. මනින්න බැරි එව්වා ගොඩයි. වසරකට බ්ලොග් නම් කීයක්ද? ලිපි නම් කීයක්ද? අප්‍රසිද්ධ එව්වා නම් කොච්චරක්ද ?

      Delete
  6. සෑමා උඹ මඩට නොබැහැ හිටිං. උඹ නෙලුං මලක් නිසා.. හැක්.. චියර්ස්

    ReplyDelete
    Replies
    1. මඩ නැතුව බෑ මෙයා.. හැක්..
      මඩින් තමා හිට් වෙන්නෙ. :D

      Delete
  7. මේ සම්මාණවල මම දකින් හොඳ දේ තමයි... ඉල්ලලා ගන්නා සම්මාණ නොවීම... ඔය එකෙක්කත් ඉල්ලලා ගත්ත අය නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මමත් මේ ඒක කියන්න ආවෙ. :)

      Delete
    2. පුක දෙන තරමට සම්මාන නොදී කොහොමද නේහ්

      Delete
    3. //ඔබට ඔබේ බ්ලොග් අඩවියද මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් අංගයන් ගෙන් එකකට ඔබේ බ්ලොග් ලිපියක් සුදුසු යයි සිතේ නම් එය එවන්න. //

      උපුටා ගැනීම..
      http://nelumyaya.com/?p=7272

      Delete
    4. හුකා.... එහෙනම් ඇදගෙනම නාලා.... කලින් දෙකේම එහෙම උනේ නෑ... බස්සිත් සාක්කි..

      මෙවර නොගියෙත් ඔය මඤ්ඤැං නිසාම තමයි...

      Delete
    5. මං හිතන්නෙ නෑ එහෙම තිබ්බට ඉල්ලල ගත්තුව ඔතන තියෙන්නෙ කියල. මොකද අටම අපිට පොදුවෙ ඉල්ලීමක්, සිහිකැඳවීමක් සහ අන්තිමට තර්ජනයක් කරා උඹල කැමති ලිපි හැම අංශෙකින්ම තොරල එවහල්ල, දෙවනි වටයට තෝරන්න අරගන්න කියල. මමත් මම කැමති ලිපි කිහිපයක් තේරුව. තව ගොඩක් අය ඒ දේ කරා. අපි දැක්ක එහෙම අපි මූලික වටයට තෝරපුව කිහිපයක්ම සම්මානයට ලක් වෙලා තියෙනව.

      Delete
    6. ඉල්ලා සම්මාන ගැනීම සහ තම ලිපියක් සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීම කියන්නේ නම් දෙකක් සැමා.

      Delete
    7. තමන්ගේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්න කියල කිව්වේ අපි තොරණ ඒවාට අමතරව. මොකද හැම බ්ලොග් එකක්ම බලන්නේ නැහැ කියල චෝදනාවක් ආව නිසා.
      සෑම් මම ඔබේ බ්ලොගයට නිතර එන කෙනෙක් නොවේ. නමුත් ඔබේ බ්ලොගය මගේ බ්ලොග් එකේ එල්ලා ගෙන ඇත. හැම බ්ලොගක්ම බලන්නට මට මතක් වෙන්නේ නැති නිසා ඒ සඳහා වෙනත් අයට ආරාධනා කෙරුවෙමි. ඒ වෙනත් අය තම නිර්දේශ එව්වෝය. ඒ එකම එකකවත් සෑම් නැති හේතුව ලෙස මට සිතෙන්නේ ඔබ අනිත් අයගේ බ්ලොග් වලට ගොස් කොමෙන්ට් නොදමන නිසා ඔවුන් ඔබ දන්නේ නැති වීම විය හැකිය. අපට පොඩි ඉඟියක් දෙන්නට බ්ලොගය එව්වා නම් හොඳය. ඒවා ඇත්තටම අපේ වැරදිය. සම්මාන නොලැබුණා කියා බ්ලොගවල් නරක වන්නේ නැත. ඇත්තම කියනවනම් ඔබේ ගංවතුරේ අතුරු කතා මවිසින් එකතු කර තිබුනේ අතීත කාම ගොන්නටය. එය එතැනින් උඩට ගියේ නැත්තේ ඔබේ වරදකින් නොවේ. ඔබ අවුරුදු ගනනක් බ්ලොග් ලියන බව දනිමි. ඔබට ජය

      Delete
    8. ඒ කතාව තියෙන්නේ මග ඇරිච්චි ඒවට... මං හිතන විදියට. ඒත් පසුගිය වසර වල වගේම මේ පාරත් බහුතරය බ්ලොග් ඔවුන් විසින්ම කියවා බලා ගත් ඒවා..

      Delete
    9. මටත් ලැබුණේ කිසිම ඉල්ලීමක් නොකර. ඉල්ලන්න කියලා ඔය දැන්වීම දැක්කා. මම ඉල්ලන්න ගියේ නෑ. ලැජ්ජයි ඉල්ලන්න.

      Delete
  8. සෑමා ආවානම් ඇරියස් කවර් කරගන්නට තිබුනා නේදෝ කියා ධුක සිතේ .
    කොහොම වුනත් සම්මාන උළෙල බොහොම කැළඹීමක් ඇති කර ඇති වගනම් පැහැදිලිය .

    ReplyDelete
    Replies
    1. කාලෙකින් සයිබර් සීං එකකට එලියට බැස්සෙ නැහැ ඉවා..
      මේම හොදා වගේ..

      Delete
    2. @ ලව්පුස් තෙමේ...

      උඹ රැවුල වැව්වට පස්සේ දුක ධුක උනාද?? හැක්

      Delete
  9. //බ්ලොග් මේ තැනට ගේන්න යුනිකෝඩ් හදන්න කට්ට කාපු උන් පස්සේ ඒ යුනිකොඩ් බාවිතය හුරු කරන්න අන්තර්ජාලයේ සින්හලෙන් ලියන්න පටං ගත්ත උන්ව අගය කල යුතුමයි.//
    ++++++

    ReplyDelete
  10. සෑම් කොහොමද සහෝ ජීවිතේ

    ReplyDelete
  11. මොන රෙද්දක් හරි ලියපන් සෑම් ..තොපි නිසා තමයි අපි බ්ලොග් කියන්නේ මොනාද කියලවත් දැනගත්තේ ...


    නෙළුම් මලේ.....
    එක පෙත්තද තියෙන්නේ
    තියෙන්නේ...
    ගිළිහෙද්දෙන් එක පෙත්තක් 
    තවත් එහි තිබේ රොත්තක්
    ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
    හඬන්නේ...

    මහ සයුරේ...
    එක රැල්ලද නැඟෙන්නේ
    නැඟෙන්නේ...
    බිඳෙනා විට රැළි හඬ දී
    තව සිය දහසක් උපදී
    නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
    නොවන්නේ...

    සඳ එළියේ
    එක කුමුද ද පිපෙන්නේ...
    පිපෙන්නෙ
    සැළෙන විටදි එක කැකුළක් 
    පිපෙයි කැකුළු විද සුවඳක්
    ඒ නියදම කිකලක දෝ... 
    බිඳෙන්නේ

    සිත හැම විට 
    එක දෙයම ද සිතන්නේ...
    සිතන්නෙ
    මතුකොට නව කල එළියක් 
    උපදයි සිතුවිළි වලියක්
    කොයි කවුරුද ඒ අරුමේ...
    සිතන්නේ


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: රෝහණ වීරසිංහ, වික්‍ටර් රත්නායක ඇතුළු පිරිස

    ReplyDelete
    Replies
    1. ලොකු අකුරු බ්ලොගේත් මේ තිංදුව තිබ්බා බං..
      කාලීනයි නේ?

      Delete
  12. සම්මාන, නෙළුං, බ්ලොග්... මොනවද බං ඔය කියන අපබ්‍රංශ වචන. හැක්..

    ReplyDelete
  13. ඉල්ලන්නේ නැත. දුන්නෙතේ නොගන්නෙත් නැත. එහෙමටම අවුලක් නැත. කෝමත් කොරහේ කිඹුලන් දැක පුරුදු නැත. ඒ හංදා බුකියේ මඩ කාරයන් ගණන් ගත යුතුද නැත.

    ජයවේව⁣ාසෑමා

    ReplyDelete
  14. සැමා මේක කාලයේ වරදක්. උඹ දවසට දෙකක් ලියපු කාලෙකුත් තිබුණා. ඒ කාලේ මේ වගේ දේවල් තිබුණේ නෑ. පරණ ඒවා බලලා දෙන්නෙත් නෑ. එකම දේ ලිවීම. මගේ විශ්වාසෙ මේවාගෙන් ලිවීම ප්‍රවර්ධනය වෙනවා

    ReplyDelete
  15. බ්ලොග් බලන්න පටන් ගත්ත කාලේ ඉදලා මම උබගේ බ්ලොග් එකට යන එන එකෙක්

    ReplyDelete
  16. ඉල්ලලා සම්මාන ගන්න ඕනේ උන් ඉන්නවා නම් උන් එව්වා ගත්තදෙන්.මට නම් එකේ අවුලක් නැහැ.මොකද උන් හිතනවා නම් උන්ගේ එව්වා හොඳයි කියලා එහෙම සම්මාන ලබන්න එකේ ගැටළුවක් නැහැ/හැබැයි තමන්ගේ එක හොඳයි කියලා නොලැබුණාම ලැබුණු උන්ගේ එව්වාට දොස් කියන්නත් නරකයි.සාදාරන විවේචනය එකක්.තමනුත් ඉල්ලලා නොලබුනාම කරන විවේචනය තව එකක්.

    ReplyDelete
  17. ලද, නොලද, ලියන, සැමට ජය.. !!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...