Friday, January 13, 2017

කාන්තා ටයර් කතාවක්... - Female Tyre Story !!


ටයර් කිව්වාම මතක් වන්නේ ටයර්ය. ඉස්කෝලෙ කාලේ නම් ටීචර්ගේ සාරියේ අස්සෙන් පේන ටයර්ය. ලොකු වෙද්දී ද වෙනසක් නැතුව සිහවන්නේ ඒ ටයර්මය. පොඩිම කාලේ නම් ටයර් වලට කලින් මතක් වෙන්නේ රිම් එකය. ෆුට් සයිකලයකින් හෝ ඉවතලන රිම් එකක් කෝට්ටක් අස්සේ ගසාගෙන පැද යාම ඒ කාළේ නම් ක්‍රීඩාවය. දැන් උන්ට ටයර් කිව්වාම මතක් වෙන්නේ කාර් ගේම් එකක් විය හැකිය. රිම් එකක් අස්සේ කෝට්ට ගහං දුවනවා කිව්වාම සිහි වන්නේ ටෙම්පල් රන් වැනි ඇන්ඩ්‍රොයිඩ් ගේම් විය හැකිය. ඒත් මේ කියන්නට යන්නේ ටයර් ගැන කතාවක්ය. 

ටයර් කිව්වාම කස්ටිය ලෑස්ති වෙන්නේ ටීචර් කෙනෙක්ගේ සාරිය අස්සෙන් දුටු ටයර් එකක් ගැන කතාවක් අසන්නටය. මේ එහෙම එකක් නෙවේය. මේ ඇත්තටම රෝද හතරක ටයර් ගැන කතා සැට් එකක්ය. හොඳම කතාව අන්තිමට නිසා පරිස්සමට කියවිය යුතුය. ටයර් පරිස්සම් කර ගත යුතු බව තේරෙන්නේ ටයර් දාන්න ගියාමය. කුමන හෝ වාහනයක් පැදවීමේදී අපි ටයර් ගැන සිතන්නේ සුළු වෙන්ය. ටයර් එකක තිබිය යුතු ප්‍රශස්ථ වායු ප්‍රමාණය පවා විටක නොසලකන තරම්ය. අන්තිමට වැඩේ පත්තු වෙන්නේ ටයර් එකක් දාන තැනට වැඩ සිද්ධ වීමෙන්ය. හුලං ප්‍රමාණය අඩුවෙන් ධාවනය කිරීමේදී අනිවාර්යෙන් ටයර් එකට ඇණ, කම්බි ඇනෙන සම්භාවිතාවද වැඩිය. ඒ හුලං අඩු නිසා ටයර් එක මාර්ගය සමඟ ගැටෙන ප්‍රමාණය වැඩි නිසාය. කෙසේ හෝ දැන් ඕනෑම ෂෙඩ් එකක හුලං අනිවාර්යයෙන් ඇති නිසා සතියකට වරක්  හෝ හුලං ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. එලෙසම බොහෝ අය නයිට්‍රජන් වායුව පිරවීමට යොමුව ඇති නිසා, එහි වාසි බහුල නිසාත් ටයර් නයිට්‍රජන් වලින් පුරවා ගැනීම වැදගත්ය.

මීට දින කිහිපයකට ඉහතදී සෑමාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබුණේ ටිපර් රථයක්ය. එය සෑමාගේ ඥාති සහෝදරයෙකුගේ මිතුරෙකුගේ එකක්ය. දින කිහිපයක් එක දිගට එතැන තිබියදී අපිට කිසිම අවධානයක් නැති වූයේය. එහෙත් ටිපර් එක ගැන අවධානයෙන් සිට ඇත්තේ රෑ පුරා ගම පීරන සොරුන්ය. කෙසේ හෝ හතරවන දිනයේ දී ටිපර් එකේ අමතර ටයර් එක ගලවාගෙන ගොස් තිබුණේය. එය ගලවාගෙන යන්නට කිසිදු බියක් නොමැතිව රාත්‍රී එකට පමණ ත්‍රීවීල් රථයක් පැමිණ ඇත්තේය. ඉන්පසු බස් රථයක් පැමිණ ටයර් එක පටවාගෙන යන බවත් සියල්ල CCTV කැමරා වල සටහන්ව තිබුණේය. හන්දියේ සිට සිද්ධිය වූ ස්ථානය දක්වාම කඩවල් තුනකම සිද්ධිය එකම ආකාරයෙන් පටිගත වී තිබුණේය. සියළු දර්ශන නරඹා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර සුපුරුදු පරිදි එම දර්ශණ මතක සටහන් පමණක් බවට පත්ව තිබුණේය.

ඊටත් සතියක් යන්නට පෙර සෑමාගේ නිවසට කිලෝමීටර දෙක තුනක් එහාට වන්නට තවත් ටයර් ඉස්සිල්ලක් සිදු වූයේය. පාර අසල නවත්වා තිබුණු ත්‍රී රෝද රථ දෙකකට වැඩේ සැට් වී තිබුණේය. ත්‍රී වීල් දෙකේම පසුපස රෝද දෙක බැගින් ගලවා රෝද හතරක් රැගෙන ගොස් තිබුණේය. ඒ එකම හොරු සැට් එක යැයි ගමේ උන් කියන්නෝය. සිද්ධීන් දෙක අතර මැද දිනයක හන්දියේ ෆාමසියට කඩා තිබුණේය. සිද්ධීන් තුනම එකම පුද්ගලයන් විසින් සිදුකරන ලද්දේ යැයි සැක සහිතය. සිද්ධීන් තුනටම හවුල්ව ඇත්තේ ත්‍රී රෝද රථමය. ඒ අවස්ථා තුනේදීම ගමන් කර ඇත්තේ එකම රථය බව නිශ්චිතය. පොලිසිය කෙසේ වෙතත් ඕනෑම හොරකමක් ගමේ උන් මැදිහත්ව අල්ලා දුන්නේ නැත්නම් කිසිදු පරීක්ෂණයක් ඉදිරියට යන්නේ නැතිය. රූපවාහිනී ප්‍රවෘත්ති වලට පවා පෙන්වන හොරකම් වලට සම්බන්ධ CCTV දර්ශණවල හොරු අල්ලන්නට පොලිසියට බැරිවී ඇත්තේ තාක්ෂණයේ හෝ හැකියාවේ අඩුපාඩුවක් නිසා නොවේය. සියල්ලටම හේතුව උවමනාවක් නැති කම හෝ මුදලට යට වීමය.

තත්වය එසේ තිබියදි සෑමාටද ටයර් සීන් එකක් පත්තු වුණේය. හිත හිරිවැටෙන, පොකැට් එක හඬා වැටෙන සීන් එක එයය. පිටුපස ටයර් දෙක ගෙවී ඇති නිසා අලුතින් ටයර් දෙකක් එක වර දැමීමේ කටයුත්ත පත්ත වූයේය. හිත හදාගෙන සාධාරණ මුදලකට ටයර් ජෝඩුවක් ගන්නට තැනක් සැට් කර ගත් සෑමා ටයර් කඩේට ගොස් බඩු ගනිද්දී සවස් වී තිබුණේය.

“අඩේ මල්ලී හවස නිසා ගෝලයා නැහැ.. ඔයාට අවුලක් නැති නම් ටයර් දෙක අරන් ගිහින් පස්සෙ දාගන්න. නැතිනම් හෙට එන්න..“

ටයර් කඩේ අයියා සෑමාගේ සිත රිදෙව්වේ එලෙසින්ය. ආයෙත් ඌ හමුවට යනවාට වඩා ටයර් දෙක පටවාගෙන ඇවිත් ගෙවල් අසල ටයර් කඩේකින් දා ගැනීම උචිත යැයි සිතු සෑමා ටයර් දෙක පටවාගෙන ගෙදර ආවේය. පසුදා උදේම ටයර් දෙක දුටු කිටියා අසන්නට ගත්තේ ප්‍රශ්න වැලක්ය. ටයර් දෙක තිබුණේ පැකින් පිටින්ය. සාමාන්‍යයයෙන් ටයර් පැක් කර එවන්නේ කහ පාට හෝ නිල් පාට ඉටිකොළ වැනි පටි වලින් (පහත රූපයේ පරිදි) බව හැමෝම දන්න කතන්දරයක්ය. එසේ තිබියදී කිටියා තමන්ගේ විරෝධතාවය දැක්වූයේ සෑමා ගෙනා ටයර් ජෝඩුවටය.



“මේ මොනාද මේ??“

“ඊයෙ ගෙනාපු ටයර් ජෝඩුව..“

“ඇයි දැම්මෙ නැද්ද තාම??“

“දාන්නෙ කෝමද හවස් වුණා ගනිද්දි..“

“අපෝ ඕක නම් දාන්න එපා හැබැයි.. වෙන දෙකක් දාන්න..“

“ඒ මොකෝ ඒ.. මේ ගානට සැට් කර ගත්තෙ අමාරුවෙන්.. අනික ගම්පහ ගිහින් අරන් ආවෙ..“

“ඊයා.. පිටිපස්සෙ රෝද දෙක කළු පාට තියෙද්දි.. ඉස්සරහ රෝද දෙක කහපාට වුණාම.. අනික බලන්න ඒ කහපාට කැත..“


Written_by_sAm_ශ්‍රී_9:15pm_13/01/16

පලි - සෑමා ගෙනා ටයර් ජෝඩුව පැක් කර තිබුණේ කහපාට ඉටි කොළ පටි වලින් බවත්, සිද්ධියෙන් පසු කිටියා වෙනුවෙන් දින තුනක නිහඬතාවයක් පවත්වා, උපහාර දක්වා පෝස්ට් එක ලියූ බවත් සලකන්න.

25 comments:

  1. කහ පාට ටයර්? හහ්..හහ් ඒක මරු කතාව! දින තුනක නිහඬතාවයක් මදි වගේනෙ? අපේ පැත්තෙනං උස්සන්නෙ බස් බැටරි.

    ReplyDelete
    Replies
    1. බැටරි බේරිල්ලත් බැහැ තමයි බං..

      නිහඬ වුණා කියල මුං හැදෙන්නෙත් නැහැ නේ බං.. ඔන්න ඔහෙ ලියන්න ගත්තා :D

      Delete
  2. චැහ්.. ටයර් හතරම හොරු ඉස්සුවනම් හොඳයි කියලා හිතෙන්නේ ඔය වෙලාවට නේද මචං...

    ReplyDelete
  3. හොඳ වැඩේ බොට ලාබෙට ටෑර් හොයන්න යනවට. දැං ඉතිං පස්සෙ රෝද දෙකටත් කහපාට ටෑර් දෙකක් ගන්න එපැයි. හැක්..

    ReplyDelete
    Replies
    1. පරණ දෙක පේන්ට් කරන්න බැලුවේ මචං

      Delete
  4. කිටියා BLOG නොකියවන බව , සෑමා යහතින් සිටීමෙන් තහවුරු වේ.

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් ඔලුව දාන්නෙ. මේක මාට්ටු වෙන එකක් නෑ:)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේ කතාව ඇත්තද බං? මට නම් ෂුවර් නෑ.

    මම මුලින් හිතුවෙ අර පොලිතින් එක ගෙදර කුණු ගොඩට එකතු වෙන නිසා විරෝදය පායි කියලා.

    මමත් දැම්මා බං ටයර් හතරම මේ පාර. 40ක්ම වගෙ ගියා.

    ReplyDelete
    Replies
    1. අකුරු වැරදි නිසා ආයෙ දැම්මා. ඒ ගමනත් කෑල්ලක් අඩුයි. මේ කතාව ඇත්තද කිව්වෙ උඹේ කතාව ගැන නෙවෙයි. දැන් හැම ෂෙඩ් එකේම හුලං තියෙන එක අනිවාර්යයි කිව්ව කතාව ගැන. ඒක ඇත්තද?

      Delete
    2. කතාව නම් අමූලික ඇත්ත මචං. අනික තමා හැම ෂෙඩ් එකකම වගේ දැන් හුලං තියේ. හැබැයි සමහර උන් මැෂින් එකට කෙළවුණාම ඒක හදන්න එච්චර උනන්දු නැහැ. නයිට්‍රජන් නම් මම නිතර යන එන ෂෙඩ් වල තියෙනවා.

      උබ යකෝ ඔහෙ ඉදන් ඇවිත් මෙහෙ ටයර් මාරු කරන්නෙ වාහනේ දුවන්නෙම නැතුව??

      Delete
  7. යකඩෝ දැන් ලංකාවේ ටයර් මිල රත්තරන් මිලට වඩා වැඩියි මම හිතන්නේ.. ඕක දැම්ම වගේ නෙවෙයි සික්කො දෙන්නෙක් දාපන් රෑට මුරට අලුත් ටයර් දෙකේ..

    ReplyDelete
    Replies
    1. ටයර් හතරම අලුතෙන් දැම්මොත් බඩු ෂුවර් නිසා ඉස්සරහ දෙක විතරයි මාරු කළේ.

      මුල්‍ය අර්බුධ එහෙම නෙවේලු ඈ :D :D

      Delete
  8. කිටියා පව්...ඔය තරමටම අපහාස කරන එක වැරදියි... අර ත්‍රී වීලර් එකෙන් ඔය ටයර් දෙක පරිස්සම් කරගන්න...

    ReplyDelete
    Replies
    1. පව් වෙන්නෙ කතා හැදුවොත්නෙ. කිටියම හදාගත්ත කතාව ලිව්වට අවුලක් නැනේ !

      Delete
  9. තම බිරිඳ මෝඩ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වළකින්න.

    මන්ද යත්,

    ඇය බුද්ධිමත් වූවා නම් කිසිවිටෙකත් ඔබව තෝරා නොගන්නා බැවිනි.

    :D

    ReplyDelete
    Replies
    1. මෝඩ යැයි නොකීවෙමි. විටක දෙන ආතල් එකක් දෙකක් නැතුවාම නොවන බැව් ප්‍රකාශ කළෙමි...

      Delete
  10. ෂර්ට් වර්ගයක් තියනවා රැලි රැලි තියන ඒ දවස් වල ඒ ස්ටියිල් ඒක මාර ප්‍රස්සිද්දයි මෙන්ඩ එකක් ගෙනාවා තියන සල්ලි එකතු කරලා මම ගෙදර නැති දවසක අපේ ගැනී "අයියට ඇදුමක් මැදලා අදින්නවත් උවමනවක නැහැ " කියලා අයන් හොදට රත් කරලා රැලි ටික යන්නම අයන් කරලා
    දුකේ බැහැ එක රැල්ලක් නැහැ

    ReplyDelete
    Replies
    1. හප්පට උඩු.. සොර් ඩොට් කොම් කිව්වලු..

      මට පේන්න බෑ බං ඔය පොඩි වෙන ෂර්ට්.. මිනිස්සු කතා කියනව අයන් නොකර අදිනව කියල..

      Delete
  11. අපේ අපප්ච්චි වැඩ කරන ලොරියෙත් බැටරි 2ට ෂොට් එක දීල තිබුණ දවසක්. වාහනේ නවත්තල තිබුණේ බිත්තියෙ අයිනටම වෙන්න. අනික කාමරේ ගාව. උන් සද්දයක් වත් එන්නෙ නැතුව කොහොම ගැල්ව්වද මංද සෑමයියේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං අපෙ සිරිලාංකිකයන්ගෙ හැකියාව !

      Delete
  12. කහ පාට ටයර් රෑට හොඳට පේනවනේ ;)

    ReplyDelete
    Replies
    1. කහ ඉරත් සුදු පාට කරපු එකේ සුදු ටයර් තමා හොදම

      Delete

Related Posts Plugin for WordPress, Blogger...