Tuesday, September 6, 2016

සුපිරි තරු ඇති - පදවැල් ලියන මහත්තුරු නැති.. - Need awesome lyrics !!





මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා


සෑමා අද දවස පටන් ගත්තේ මේ ගීතයෙන්ය. නිවසේ දාලා තිබුණු චැනල් එක දෙරණය. දෙරණ මැදිරියට පැමිණ තිබුණේ පැරණි හිතවතුන් දෙදෙනෙක්ය. අයෙක් කුමාරසිරි පතිරණය. අනෙකා “නිල් නුවන් පියවිලා“ ගයන අතුල ශ්‍රී ය. මගේ හදවත ගීතය නැවත දිගු කළකට පසුව අසද්දී ඒ පරණ කික් එක සෑමාට එසේම දැනුනේය. අවසන සෑමාට මතු වූ ප්‍රශ්නය වූයේ කවුද යකෝ මේක ලිව්වේ කියන එකය. දෙරණ නිවේදිකාව සෑමාගේ සිත කියවා ඒ ප්‍රශ්නය ඇසුවේ කුමාරසිරිගෙන්මය. මගේ ගීත දෙසියයෙන් එකසිය අනුවකම තනු, පද සහ සංගීතය මගේමය කිව්වේ කුමාරසිරිය. ඉතිං අම්මට සිරි වෙනවාය. සෑමා මීට පෙර සාප කර කර සිටියේ වර්ථමාන ගායකයින්ට නොව උන්ට ගීත ලියා දෙන පද රචකයන්ටය. ඒත් එහෙම බනින එකත් සුදුසු නැතිය. ඒ බව වැටහුනේ අදය. ඉස්සර කුමාරසිරිලා තමන්ට සැට් වෙන ගීතය තමන්ම ලියා ගත්තේ දැන් ඉන්න උන්ට බලා ගෙන හැදෙන්නටය. ඒත් උන් කරන්නේ කොහෙන් හෝ ලැබෙන පජාත පද වැලකට තාල අල්ලන එකය. නැත්තං අල්ලා ගත් තාලයකට පජාත පද සැට් එකක් එක්කහු කරන එකය.


කුමාරසිරි තමන් පෙම් කළ කෑල්ලට කිව්වේ එපාම කියාය. එදා එපා කියූවේ අපුරුම ක්‍රමයකටය. කෙලින්ම නෙවේය. වටින් ගොඩින්ය. නුදුරු අතීතයේ කෙල්ල එපා කියූ ගීත නම් අල්පය. හැම එකාම කිව්වේ අනේ යන්ඩ එපා දෙයියෝ කියාය. බොහොමයක් ගීත රූප රාමු පවා හැදුනේ කොල්ලා කඳුළු හලාගෙන හොටු පෙරාගෙන අඩන සීන්ය. ඉතිං දැන් ඉන්න කෙල්ලෝ නලලේ තියා ගන්නේ ඒ නිසාමය. කොටින්ම ගත්තොත් ඉන්දියන් නාට්ටි සැට් එකේම ගෑනුන් ලංකාවේ ගෑනුන්ගේ අහවල් තැන නලලට තබා ඇණ ගසා දෙන්නෝය. ඉෂි අම්මාගේ සිට, ස්වප්නා, ශිවන්‍යා පවා උන්ගේ එක නලලට තබා පැලැස්තර ගසන්නෝය. ලංකාවේ වර්ථමාන පද රචනය, ගායනය සහ කොටින්ම රූප රචනය පවා අම්මට සිරි වෙලාය.


නුදුරු අතීතයේ,


යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ..


කියද්දී එදා කිව්වේ,


එක වරක්...ඔබට මා...එපා නම්... 
සිය දහස්...වාරයක්...එපා 
මට ඔබ එපා...


එදා සිටු කුමාරියකට පවා මිල්ටන් ආදරෙන් ගැයුවේ යනවා නම් පලයන් සිටු කුමාරියේ කියාය. වචන එතරම් රළු නොවූ නිසාම අපේ උන් ඒ ගීත තාලයට අත්පුඩි ගසනවා විය හැකිය. නමුත් නොකියා කිව්වේ ඔයා වටේ යනවා නම් මට කිසි වටිනාකමක් නැහැ නංගී කියාය. සිටු කුමාරියේ ඔබේ සිනා සදළු තලාවේ ගීතයෙන් කියැවුණේ මෙසේය.


පෙරදාක වෙන කවුද ලං වූ වගයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වුනැයි
ඔබගේම දෙනුවන් කියයි


හමුවීම වෙන්වීම ඔබගේ ලොවේ
එක දාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් අනේ
ඔය මල් හිනා නෑ අගේ


එදා පද රචනයට වහ වැටී අපේ උන් ගීත අසන්නේ යැයි සෑමාට හොඳටම වැටහුණේ මෑත භාගයේදී මිල්ටා ගේ පරණ ගීතයක් කොලුවෙක් ගායනා කරන අයුරු සමාජ වෙබ් අඩවි වල බරටම ශොයර් වුණ නිසාය. තනුව සුපිරිය. පද සුපිරිය. සංගීතයද සුපිරිය, සහ මිල්ටාගේ ගායනයද සුපිරිය. ඒත් අපේ උන්ට ඒ ගීතය වැදුනේ ඒ ගීතය ගායනය කරපු තරුණයා කී බෝඩ් එකක් වාදයන කරමින් එහා පැත්තේ කෙල්ලෙක් වාඩි කරවාගෙන සිටි නිසා විය යුතුය. ඇත්තටම අපේ උන් මත් වුණේ සියල්ලටම නොව ඒ ගීතයේ පද පෙලටය. ඔබ ගාව මම ඉන්නෙමි ලෙස ඔහු ගායනා කළේ වර්ථමාන පද පෙලක් නොව, අතීතයේ අපි වැලඳගත් ගීතයමය. 


මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ

නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ

සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ

වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ


කියන්නට ඇත්තේ පොඩි දෙයක්ය. වර්ථමාන බොහොමයක් ගායකයන්ගේ හඬ පිළිබඳව කාටවත් ගැටළුවක් නැත්තේය. ගැටළුව ඇත්තේ හඬ ගැන නොව පද ගැනය. කළ යුත්තේ හඬක් තෝරන තරඟ සංවිධානය කිරීම නොව පද සෙවීමට තරඟ සංවිධානය කිරීමය. අප ගෙදර දොරේ කතා කරන පද වැල් එකතු කොට ගීත සෑදීමේ පිළිකුල් සහගත සංස්කෘතිය වෙනස් කළ යුත්තේ මාධ්‍යය මගින්ය. ඒවාට ශෝට් කට් නැතිය. කළ යුත්තේ හැකියාව ඇති උන් එක තැනකට ගෙන පොලිෂ් කිරීමය. නැති නම් පොලිෂ් වන්නට පිළිවෙලක් සකස් කර දීමය.


එය එසේම වේවා යැයි පතමින් කුමාරසිරිගේ අම්මට සිරි පද පේලි සැට් එකෙන් අහවර කළ යුතුය.


ඔබ රකින්නට සැරසුනේ මා නා රජෙක් සතු මැණික මෙන්
ඔබේ පසු පස මනෙතු රැඳුනේ රකින්නයි ඔබ හැමදෙයින් 
එත් ඔබටම එපා වූ මා නැවත එන්නෑ ඔබ බලන්නට
රහසේ කුමරෙකු සිටිය ඔබ ගේ ඔහුව රැකු මැන සෙනෙහසින්


සැක කලේ මා සැර කලේ මා හදාගන්නයි හැමදෙයින් 
මගේ කියල මගෙම සිතලා ඔබට බැඳි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකය සවිමත් අතු දැන් බිඳී ගිහින්
ඉතින් ලං වෙනු එපා ඔබ මට නිම වෙනා තුරු මේ භවෙන්


Written_by_sAm_ශ්‍රී_Perera_11:21pm_06/09/16

19 comments:

  1. සෑමා අවදි කල කුමාරසිරිට තුති ...! ☺ ☺

    ඇත්තටම ගීත ගායනයට දක්ශ හා ලස්සන හඬක් තියෙන ගායක ගායිකාවෝ ඉන්නවා. නමුත් ඔවුන් තමන්ට ගැළපෙන සහ අරුත්බර ගීත් ‍තෝරාගැනීමට දක්ශ නැහැ. ...
    එනිසාම යමක් කළහැකැයි හැ‍ඟෙන හඬ පෞර්ශයන් නිකරුනේ දියාරු චරිත බවට පත් වෙනවා.

    ReplyDelete
  2. //කළ යුත්තේ හඬක් තෝරන තරඟ සංවිධානය කිරීම නොව පද සෙවීමට තරඟ සංවිධානය කිරීමය.// ++++

    ReplyDelete
    Replies
    1. දන්නා තරම් පද කස්තිරං
      නටලා මට දැන් එපා වෙලා...
      මාමේ ඉතින් කියලා දියං
      අලුතෙන් පදයක් හරිගස්සලා..
      දන්නා තරම් පද කස්තිරං
      තවමත් මට නෑ එපා වෙලා...
      බෑනෝ ඉතිං ඔනෑමනං
      දෙඥ්ඥංකො පදයක් හරිගස්සලා...

      Delete
  3. අද ලියවෙන ගොඩක් ගීතවල පදවැල් අවුල් බව නම් ඇත්ත.හැබැයි සෑමා ගෙදර දොරේ කතා කරන පද වැල් එකතු කොට හදපු සමහර ගීතත් තියෙනවා නේද අවුලක් නැති විශේෂයෙන්ම ඔය "ජිප්සීස්"ලාගේ සින්දු.
    උදාහරණයක් විදියට "තාත්තා මට ඇනපු ටොක්ක" වගේ එව්වා.



    ReplyDelete
  4. Gayikawak kiwwe man geeya gaayana Kara pamanai.. Ema geethaya gana kisi deyak man hewwe Naha kiyala.wena rataka thalayakata maatha kaalaye liyawunu geethayak.. Oba as.....

    ReplyDelete
  5. මොකක්ද බං, තාම අකුරු ලියාගන්න බැරි එකෙක්ද උඹ.

    ReplyDelete
  6. උඹට ස්තුතියි සැමෝ ...කියවන්න බෝගක් නැතිව හිටියේ ..මෙහෙම හරි ලියපන් ...
    ඉස්සර උදේම අපිට ඇහුනේ උදා ගී වාගේ ඒවා ....එත් දැන් ????? උඹ කියනවා වාගේ වෙන්න ඕන දේ තමයි හොඳ ගී පද රචනා තරඟ සංවිධානය කිරීම......

    අද පමණක් නොවේ අපට හෙටක් තියනවා...
    අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා...
    අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා...
    දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා...
    උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ...
    උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...
    උදාගිරෙන් උදාවෙමින් හිරු එනවාසේ...
    නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ...
    මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි...
    දිගන්තයේ ජය දද නැගු හෙළ දෑ වරුණයි...
    එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි...
    මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි...
    පද රචනය - කරුණාරත්න අබේසේකර.
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.
    ගායනය - විශාරද නන්දා මාලිනී
    ("ඉහත ආත්මය" චිත්‍රපටයෙන්.)

    ReplyDelete
  7. දැං තියෙන්නෙ සිංදු නෙමෙයි මියුසික් විතරයි බං. ඉස්සර සිංදුවල ගායකයන්ගෙ කටහඬ සංගීතය පරදවල මතුවෙලා පෙනුන. දැං උං එහෙම කියන්න ගියොත් ගල් පාරක් තමයි කන්න වෙන්නෙ.

    ReplyDelete
  8. අළුත් සින්දු අහද්දි මට හිතෙන්නේ කවුරු හරි උදේ කක්කා දාද්දි තටමන කොට එළියට පැනපු වචනවලට නාන ගමන් උරුවං බාලා තනුවක් දාගෙන, උදේට කන ගමං මේසෙට තට්ටු දාලා මියුසික් එක සෙට් කරගෙන හවස් වෙද්දි රෙකොර්ඩ් කරලා රිංගිං ටෝන් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩත් පුළුවං වෙන විදිහේ ඉන්ස්ටන් බඩු කියලා

    ReplyDelete
  9. සින්දුව අහල නැහැ. ලින්ක් එක දාන්න හොඳ පද තියනවා කියන්නේ සින්දුව හොඳයි කියන එක තමා. ඊළඟට හොඳ පද තිබුනත් මදි සංගීතය හරි නැත්නම්.

    ReplyDelete
  10. කුමාරසිරි පතිරණ කියන්නෙ හොඳ ගී කිහිපයක් ගයපු මගෙත් ප්‍රියතම ගායකයෙක්. කුමාරසිරිල ආ කාලෙ ( අපේ කාලෙ ) රැල්ලක් ආව. ඒ රැල්ලෙ හිටිය ආත්මා, මධුමාධව, ෂර්ලි, ග්‍රේෂන් ජයමහ, නාමල් වගේ ගොන්නක්ම. ඒ කාලෙ ඒ අයටත් බැන්න බාල බොළඳ සින්දු කියල. ඉන් පස්සෙ ඒ සින්දු නෑහී ගියා. දැන් ආයි ඔන්න ඒව ඇහෙනව. දැන් ඉන්න උන්ටත් එහෙමම වෙයිද?

    ReplyDelete
  11. එකෙන්ම... ඒ කාලේ නාමල් තරම් බැනුම් අහපු එකෙක් නැතුව ඇති වෙන කොහේවත්.ඉස්සර උසස්පෙලට අමතර පංතිගියේ සක්යා එකට.සුභාවිත ගීතය ගැන ජතිලක බංඩාරයන්, පල්ලේගම හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ඇවිත් වැඩසටහනක් කලා.ඒකෙදී පට්ට ගහපු සිංදුවක් තමයි "සීගිරියේ කුරුටු ගීත ලස්සනයි" කියන ගීතය.ඒකට බැනපු තරමක් ඒ වැඩසටහනේදී.ඒත් දැනට අවුරුද්දකට විතර ඉස්සල්ලා ලක් හඬ අහගන හිටියා .ඒ වැඩසටහනත් සුභාවිත ගීතය ගැන.මෙන්න ඒ වැඩසටහනේදී සීගිරියේ කුරුටු ගීත ලස්සනයි කියන ගීතය ප්‍රචාරය වෙනවා.මට අනේ අපොයි කියලා හිතුනා ඒ වෙලාවෙදී

    ReplyDelete
  12. කවුදෝ කතාවක් කියල තිබුන ඉස්සර ගායකය හිනා වෙවී සිංදුව කියද්දි ඒකෙ හඩට පදවැල් වලට හැඟිම් බර වෙලා අපට ඇඩෙනව කියල.අද ගායකය අඩ අඩා සි්ංදු කියනව දකිනකොට අපිට හිනා යනව කියල
    කටුස්ස කීව එකට කියන්න තියෙන්නෙ නං ඇන්ටික් සියල්ල හොඳයි.අළුත් සියල්ල නරකයි කියල කියන මිනිස්සුනෙ වැඩිය ඉන්නෙ අද කාලේ
    ඒත් අළුත් සිංදු වල ගැමුරක් නැත ගතියක් තියනව.කතාව ගෙඩි පිටින්ම අමුවෙන් කියල තියනව.හිතන්න දැනෙන්න විඳින්න දෙයක් කෑ

    ReplyDelete
    Replies
    1. ඕක කිව්වෙ මහාචාරිය මද්දුම බංඩාර උන්නැහෙ කපුගේ ප්‍රණාම උලෙල්දි

      Delete
  13. හිනාවෙවී කියවපු පෝස්ටුවක් කාලෙකට පස්සේ සෑමාගේ.හප්පා දැන් තියෙන සින්දුයි ඒවායේ විශුවලුයි ගැනනම් කියලා වැඩක් නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...