Thursday, May 5, 2016

කාටවත් කියන්න එපා මචං... - Top Secrets !!


කාටවත් කියන්න එපා යනු 18+ සිංහල ෆිල්ම් එකක්ය. ලංකාවේ ෆිලුම් ගැන කියන්නට දෙයක් නැති නිසා ෆිලුම් එක ගැන සෑමා නොලියන්නේය. බොක්ස් තියෙන තාක් සිංහල සිනමාව ගොඩය. බොක්ස් අඩු වී රූම්ස් වැඩි වූ දාට සිංහල සිනමාවට අබ සරණ බව මෑතකදී අප හට කියා පෑවේ සිංගා මචං චාර්ලී ෆිලුම් එකය. ඒ ෆිලුම් එක බැලූ සෑමාගේ මිතුරෙක් සෑමාට කීවේ මචං ඉතාම සතුටින් සිටින ඩෑල් එකක් ඔය කොමඩි ෆිලුම් එක බලන්ට යවපං කියාය. ඌ වැඩිදුරටත් කීවේ ඉතාම සතුටින් සිටින එකෙක් වුවද ඉතා දුක්බර මානසිකත්වයකට ඇඳ දැමීමට උක්ත ෆිලුම් එක සහ බොහොමයක් සිංහල ෆිලුම් සමත් බවය. සිංහල සිනමාවේ තත්වය එසේය. දැන් සෑමා කියන්නට යන්නේ ඒ සිනමාවේ දුක් කතාව නොවේය. කාටවත් කියන්න එපා කියන වචන තුනේ ඇති බරපතකම ගැනය.



කිසිවෙක් ඔබට ලංවී “කාටවත් කියන්න එපා“ මචං කියා ඇති වාර අනන්ත විය යුතුය. ඔබ ස්ත්‍රියක් නම් ඔබට එසේ කියූ මිතුරියන් ප්‍රමාණය අනන්තයට වඩා කිහිප ගුණයක් අනිවාර්යයෙන් වැඩි වි යුතුය. ස්ත්‍රි, පුරුෂ දෙපක්ෂයේ රහස් රැකීමේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ගැන පසුවට කතා කළ යුතුය. ලිංගය කුමක් වුවත් රැකීමේ හැකියාව පුද්ගලයා මත බලපාන්නේය. එසේ ඔබට ලංවී කාටවත් කියන්න එපා යැයි කතාවක් ඇසූ ඔබ එය කාටවත් නොකියා රැක ගන්නවා නම් බඩු ෂුවර්ය. බොක්කේ බත් වගේය. අනිවාර්යයෙන් එලෙස විය යුතුමය. එහෙත් එම වචන තුන කියාගෙන ඔබ ලඟට එන පුද්ගලයා එය ඔබට මෙන්ම තවත් අයට එලෙසම කියනා ආකාරයේ පුද්ගලයෙක් දැයි සිතා බැලිය යුතුය. එලෙස සිතා බලා අහවල් කතාව, කාටවත් කියන්නෙ නැහැ මචං කියා අසා ගත යුතුය. තත්වය ඔබට දැන් පැහැදිලි ඇතිය. කාටවත් නොකියන කතාව ඔබ අසන්නේද, එය රකින්නේද නම් ඔබ දෙදෙනාගේම මිත්‍රත්වය සුරැකිය. එම කතාව ඔබට කියනා අය, ඔබ මෙන්ම තවත් අයට කියමින් යන්නේද, ඔවුන්ටද කාටවත් කියන්නට එපා යැයි කියන්නේද, නම් තත්වය බරපතල් බව සිතට ගත යුතුය. කවදා හෝ ඔබ කාටවත් නොකියූ ඒ කතාව, ඔහු ගෙන් තවත් අයෙකුට අසන්නට ලැබී, සමාජ ගත වූවොත් ඔහු සැක කරන්නේ ඔබව මිස, අන් අය නොවේය.

උපදෙස එසේය. නිධාන කතාව ඉතා පැරණිය. ඒ එක කතාව මෙන්ම තවත් කතා ගොඩක්ය. එකම ජාතියේ එවැනි සිද්ධි රැසක් සිදුවීමෙන්, අධීක්ෂණය කිරීමෙන්, පසුව “කාටවත් කියන්න එපා“ යන වචන තුනේ ගැඹුරු බව පසක් කර ගත හැකිය. එලෙසම කාටවත් කියන්නට එපා යැයි කියාගෙන එන කතන්දර අසන්නට පෙර දෙවරක් සිතිය යුතු බව තේරුම් ගත යුතුය.

බොහො කලකට පෙර සෑමාගේ මිතුරෙක්යක් සිටියේය. ඔහු කාටවත් කියන්නට එපා යැයි කතාවක් සෑමාට කිව්වේය. ඇත්තටම එය කාටවත් නොකිය යුතු මට්ටමේ දරුණු ගණයේ කතාවක් නොවේය. එහෙත් එය කාලීන වශයෙන් වැදගත්කමක් ඇති, කාටවත් නොකිය යුතු කතාවක් බව සෑමා දත් නිසා කට නොසෙල්ලුවේය. කාටවත් නොකිය යුතු කතාව දැන් කිව්වාට කම් නැතිය. කාලීන වැඳගත් කමක් තිබු එය, දැන් පැරණි රසාංගයක්ය. ප්‍රසිද්ධ රහසක්ය. සෑමාට කිට්ටු වූ උක්ත මිතුරා දරුණුම වචන තුන කිව්වේය. 

“මචං කාටවත් කියන්න එපා.. පොඩි සීන් එකක් තියෙනවා“

“දැන් තව කවුද ඕක දන්නෙ?“

“උබට විතරයි කියන්න යන්නේ. ඒකයි කාටවත් කියන්න එපා කිව්වෙ...“

“උබ තව කාටවත් කියන්නෙ නැත්තං කියපං බලන්න...“

තව කාටවත් නොකියන, කාටවත් කියන්න එපා කියන කතාව මිතුරා කිව්වේය. උට ජොබක් සෙට් වෙලාය. එදා ඌ හිටි කම්පැනියෙන් වෙනත් කම්පැනියකට යන්න චාන්ස් එකක් ඇවිල්ලාය. ඉතිං හොඳය. ඒත් ඒ කාලයේ හැටියට එය කාටවත් නොකිය යුතු කතාවක්ය. නැත්තං ඌ ඒ මෙහොතේ සිටි කම්පැනියෙන් බකට් එකක් දමා උට ලැබෙන අවස්ථාව නැති විය හැකිය. ඒ නිසා සෑමා රහස රැකගෙන සිටියේය. දින කිහිපයක් ගත වෙද්දී, මිතුරා ඉන්ටර්විව් ගොස් වැඩේ 75%කට වඩා සාර්ථක වී තිබුණේය. කොල්ලාට ජොබ සැට් වෙන තුරු හෝ රහස රැකිය නොහැකි නම් වැඩක් නැතිය. මන්ද එය කාටවත් නොකිය යුතු කැටගරියට දැම්මේ කොල්ලාමය. නැති නම් එය එම කැටගරියට දරුණුවටම අයිති වන එකක් නොවේය. එහෙත් සෑමා සද්ද වසාගෙන සිටියේය.

දිනක් සෑමාට තවත් මිතුරෙක් මුණගැසුණේය. අඩේ සෑමා... කියා වත ගොත විමසන අතර ඔහු සෑමාගෙන් අසා සිටියේ පෙර කී මිත්‍රයා ගැනය. 

“අඩෝ ඌට අතන ජොබක් සෙට්වෙන්න ලු නේ යන්නේ ??? “

සෑමා උඩුකුරුඤ්ඤං වූයේය. මිතුරෙක් කාටවත් කියන්නට එපා කියු කතාවක් තවත් මිතුරෙක් පැමිණ අසන්නේ සෑමාගෙන්ය. මල කෙලියක්ය. සෑමා ප්‍රති ප්‍රශ්න නැගුවේ ඒ මිතුරාගෙන්ය.

“කවුද බං උබට ඕක කිව්වෙ?? අරූ මටවත් කිව්වෙ නැහැනෙ සීන් එක... “

“අඩේ උබට වත් කිව්වෙ නැද්ද?? මට කිව්වනෙ ඌ උබටත් කිව්ව කියලා...“

“අම්මට හුඩු ඒමද? උබට කිව්වෙ නැද්ද “කාටවත් කියන්න එපා කියල ??“

පිළිතුරු දෙනු වෙනුවට ඔහු එවිට සිනාසුනේය. මිතුරා කාටවත් කියන්න එපා කියූ කතාව හැමෝටම කියලාය. එදා සිට සෑමා සිතට ගත්තේ කාටවත් කියන්න එපා කතා හැමෝටම කියන උන්ගේ කතන්දර නොඇසිය යුතු බවය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:45am_05/05/16

32 comments:

  1. සිංහල සිනමාව ගැන ඔබ කියූ කතාවටනම් සම්පූර්ණයෙන් එකඟයි සෑම්. හැබැයි සුන්දර සිනමා කතා නැතුවමත් නෙවෙයි.

    මෙයාකාර රහස් කාටවත් නොකිය ඉන්නෙක තමයි ඇඟට ගුණ කියල මට හිතෙන්නෙ. කාරනේ බරපතලනම් නොකියම ඉන්නෙක හොඳයි. කොච්චර කියන්නෙපා කියල කිව්වත් ඒව කොහෙන් කොහෙන් හරි එළියට පනිනව. අපි ගැන කාරණාවක් නම් තව ඕකට මඟදි අඩුවැඩිය එකතු වෙලා අපි ගැන අපිත් නොදන්න දේවල් වටේ පිටේ ඈයො කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න තරම් රහස් නැතුව ජීවත් වෙන්න පුලුවන් නම් ගොඩ.

      සුන්දර සිනමා කතා නම් තියේ, ඒත් බහුතරයක් තියෙන්නේ කොපි, නැත්නම් විකාර තියෙන්නේ

      Delete
    2. කාටවත් කියන්න තරම් රහස් නැතුව ජීවත් වෙන්න පුලුවන් නම් ගොඩ.

      සුන්දර සිනමා කතා නම් තියේ, ඒත් බහුතරයක් තියෙන්නේ කොපි, නැත්නම් විකාර තියෙන්නේ

      Delete
  2. ඇයි ඕයි , කාටවත් කියන්න එපා කියල තියෙන ෆිලුමේ වගේමයි

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඒම සීං එකක්ද වෙන්නෙ ?

      Delete
  3. කාටවත් කියන්න එපා කිව් ගමං මට මතක් වෙන්නෙ අපේ ඔපීසියෙ සෑම් අයිය. බුවා ත්‍රීවීලයක් ගන්න ලැහැස්ති වුනා අවුරුදු තුනකට විතර ඉස්සෙල්ල. මටයි මගේ යාළුවො කිප දෙනෙකුටයි කිව්ව බුවා වාහනයක් ගන්න බවත් කාටවත් කියන්න එපා කියලත්. සෑම හැම එකාටම සීන් එක කියපු නිසා අපි දකින දකින එකා එක්ක කිව්ව සෑමා කාර් එකක් ගන්න යනව කියල.

    ReplyDelete
    Replies
    1. පව් යකු සෑම් අයිය, ඌ අන්තිමට ත්‍රිවිල් එක ගත්තම මිනිස්සු හිනා වෙන්න ඇති කාර් එක ගන්න ගිය එකා වීල් එකක් අරන් කියල..

      පලි - ඔපිසියෙ සෑම් අයිය අපි නොදන්න එකෙක් ඈ...

      Delete
  4. ඉතාම ප්‍රතිඵලදායක ලෙස යම් තොරතුරක් ප්‍රචාරය කළහැකි හොඳම ක්‍රමය මේකයි. අද ඊයේ නෙවෙයි අතීතයේ ඉඳලම අද්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. සිරාම සීන් එක.. කියන්න එපා කිව්වම කස්ටිය වටේටම කියනවා..

      Delete
  5. සෑම් ඕක අපිට කිව්වට කමක් නෑ... වෙන කාටවත් කි‍යන්න එපා... හැක්..!
    ෆිල්ම් විතරක් නම් මදෑ... සෑම් නාටක මාර‍යි ද මොකද්ද එක බලල හිනා වෙලා ති‍යේද?

    ReplyDelete
    Replies
    1. ඒක බලලා හිත රිදුනා බං..

      නාටක මාරයි.
      නලුවො ්හමාරයි !!

      Delete
  6. කාටවත් කියන්න එපා කියල මොකක් හරි කියන්නෙ ඒ කියන දේට උපරිම ප්‍රචාරයක් ඕන හිංද කියල සෑම්ටහිතෙන්නෙ නැද්ද
    එහෙම අය අම්බානයි

    ReplyDelete
  7. පඩි වැඩි කරගන්ඩ දාපු ඩ්‍රාම එකක්ද?

    ReplyDelete
    Replies
    1. හැබැයි ඇත්තටම පොර වෙන ජොබකට ගියා

      Delete
  8. කාටවත් කියන්න එපා කිව්වාට කියපු උන්නට කියන්න එපා කියලා නැහැලු බං.........

    ReplyDelete
  9. කාටවත් කියන්න එපා කියලා කියන කතානම් අහන්නත් බයයි බන්. කොහෙන් හරි ලීක් වුනොත් අහක ඉන්න එවුනුත් විකිලීක්ස් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඇත්තටම තියෙන බය..
      නිකං චීත්තයක් වෙන සීන් එකක් වෙන්නෙ...

      Delete
  10. කාටවත් කියන්න එපා කිව්ව කතාව ඒ දවස්වලම බ්ලොග් එකේ දාන්නයි තිබ්බෙ!

    ReplyDelete
  11. Pissu yakekne. Wicharaka kiyuwa wage uta one wela thibila thiyenne eka hemotama kiyannada koheda? Hak.

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට අපිව යොදා ගන්න හදන්න ඇති නේ?
      අපි අහුවෙයි ඕවට.. කෙලින්ම කිව්ව නම් දානවා බ්ලොගේ !!

      Delete
  12. කාටවත් කියන්න එපා කියලා කියන රහස් වල ඇති වැදගම්මකුත් නෑ බං. අනික ඒකේ රකින්න තරම් රහසකුත් නෑ

    ReplyDelete
    Replies
    1. මම දැනට දන්න අනිත් උන් කියපු ගොඩක් රහස්.. එච්චර දේවල් නෙවෙ බං..
      පව් කියලත් හිතෙනව !

      Delete
  13. 'කාටවත්' නෙ කියන්න එපා කියන්නෙ. ඌට ඇර අනික් උංට කිවුවට කමක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඒක කියපු හැටියෙ ප්‍රසාගෙන් අහන්න තිබ්බෙ මොකැ කරන්නෙ කියල.. හැක !!

      Delete
  14. "කාටවත් කියන්න එපා" කියන කතා තමයි බං හැමෝම දන්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. මාත් දැනගත්තෙ පත්තරෙන් හිටං

      Delete
  15. කාටවත් කියන්නෙපා .....එකේ කතාව මොකද්ද බන්

    ReplyDelete
    Replies
    1. මතක නෑ.. ආයෙ බලන්න වෙයි

      Delete
  16. මමත් ඔය පෝරියල් එක අනන්ත කාලා තියනවා.. අන්තිමට කාටවත් කියන්න එපා කියපු කතාව, අනිත් උන් වැඩි විස්තරත් එක්ක මටම කියනවා, මචං කාටවත් කියන්න එපා අරූගේ මෙහෙම සීන් එකක් තියනවා කියලා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...