Sunday, May 1, 2016

සයිබර් සිහින උලෙල වෙනුවෙන් ගැයෙනා ශෝක කවි කලාපය...




ලැපේ එළිය සාලෙට අරගෙන                         එනවා
තියා මේසෙ, පුටුවේ මම                                 සැනසෙනවා
බ්ලොගක් ලියපු අතැගිලි මට                          සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි                              කියවෙනවා


හිතේ දුකට හිට්ස් සුළඟට වැනි                        වැනියෝ
පෝස්ට් තොගය රැල්ලට සිඳි                           සිඳීයෝ
සයිබර් උලෙල සතුටින් පැසි                            පැසීයෝ
යන්න බැරිව විඳිනා දුක දෙවිඳුට පෙනි             පෙනීයෝ


මලේ මලේ සිහින උලෙල බලා                       වරෙන්
සරම කැඩෙයි යට ෂෝටක් ගසා                      වරෙන්
පිටිය පුරා කෑලි බසී                                        පරිස්සමෙන්
හාදු නොදී එන බස් එකෙ නැගී                        වරෙන්


කුරේ පිටියෙ වට ගහලා අන්න                        රැගුම්
සෑම් පුතා දැන් බැඳලා, බැහැනෙ                     කෙලුම්
බ්ලොගේ ළියන් කර ඔසවා බලන                   බැලුම්
තුම්පත් රටාවයි සයිබර් කෙතේ                       නෙලුම්


බ්ලොග් නෙලනා වකුටු කොන්ද දිග                ඇරපල්ලා
අතේ තියෙන ටැබ්, ලැප් හෙම විසි                   කරපල්ලා
ඉනේ තියෙන ෆෝන් කට්ට අතට                    ගනිල්ලා
සුභ මොහොතින් සැප ගන්නට කුරේ               වරෙල්ලා


ඉන්නේ මහ දුරයි කැළණියෙ ඇඳක්                 යට
කන්නේ කටු තමයි නිවසේ වෙසෙනා              කලට
බොන්නේ සැර දියයි දුක මැකෙනා                  ලෙසට
යන්නේ කවදාද සයිබරේ                                 විඳින්නට


ලබන පාර හමු වෙන්නට සිතා                         ගෙනේ
සමන් දෙවිඳු පුද පඬුරක් බැඳා                          ගෙනේ
සංවිධාන කරනා අත් සවිය                              ගෙනේ
යලිත් යලිත් ලැබ ශක්තිය සතුට                      ලැබේ


යලිත් යලිත් පෙර පින් පල දී                           ඇත්නම්
පවුල අපේ බර බර හෙම නොම දේ                  නම්
මතු වැරදිත්, පෙර වැරදිත් අමතක                    නම්
ලබන පාර සයිබරේට මා                                  එන්නම්



sAm_ශ්‍රී_Perera_8:25am_01/05/16

32 comments:

  1. ඔය තියෙන්නෙ ගිනි වගේ කවි පංතිය

    ReplyDelete
  2. මාත් යන්න උන්නේ. ඒත් එකෙක්වත් සෙට් උනේ නෑනේ. තනියෙන් ගිහින් ගුටි කන්නය.

    ReplyDelete
    Replies
    1. ගුටි ?? තාම පහර දීම් ද බං?

      මාත් මොහොතකට හෝ එන සීං එකේ හිටියේ.. ඒත සොරි වුනා

      Delete
  3. //සෑම් පුතා දැන් බැඳලා, බැහැනෙ කෙලුම්// හැක්... හැක්...

    මාත් ගියෙ නෑ ‍ඕං.

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම මට අහන්න හිතුණෙ, බ්ලොග් වලින් හමුවෙලා කපල් වෙච්ච කපල් එහෙම අපි අතර ඉන්නවද කියල.

      Delete
    2. Prasa - නොබැද ඉන්න උබ ගියෙත් නෑ ද ? :D

      ඉයන් - මොකෑ නැත්තෙ, සමහරු බ්ලොග් අතෑරලා බුකියට යනවා, බැදපු උන් පවා ඉන්නව මචං :)

      බොටත් හොයල දෙන්නද ?

      Delete
  4. යකෝ තොට ජන කවිත් පුලුවන්නෙ

    ReplyDelete
    Replies
    1. විජාතික ඒවත් පුලුවන් ඩෝ.. ;)

      Delete
  5. හැක්, සෑම් අයියා, මටත් යන්න උනේ නැහැ. කවි ටික නම් පට්ට. මෙහෙම හරි ලියවෙනවා නම් මොකද?

    ReplyDelete
    Replies
    1. බොග දැමීම හා අනෙකුත් කටයුතු සඳහා කාලය සොයා ගැනීම පිලිබඳ ගැටලුවක් නේ. :(

      Delete
    2. සොමියා උබ එදා දාපු කෝචෝක් එක නිසා, එදා ඉදන් මම දිගට ලිව්වා :P

      Delete
  6. ඇත්තටම බොක්කෙ දුකෙන් ලියලා තියෙන්නේ ...ඒකයි මෙච්චර රහ.

    ReplyDelete
    Replies
    1. බලපං මගෙ දුක උබලට රසක් :(

      Delete
  7. බොහොම අගේ නිර්මාණයක්..මම හිතාගෙන හිටියේ උඹ පැයකට හරි ඇවිත් යයි කියලා. පස්සේ මතක් වුණේ දැන් ඉතින් දරු මල්ලෝ ඉන්න තාත්තලා නේද කියලා

    ReplyDelete
    Replies
    1. කොලුවට අවුරුද්ද ක් වෙන නිසා පාටියකට සැට් වෙනවා බං. ඒකයි.

      පොඩ්ඩක් හරි ඔලුව දාලා යන්න හිටියෙ, බැරි උනා බං.. ජය... !!

      Delete
  8. උබ ගියෙත් නැද්ද බන්.. අනේ මන්දා දැක්ක ෆොටෝ කැලි වල දන්නා උන්ට වඩා නොදන්නා උන් වැඩි වගේ.... බොග නොදැමිමේ පාඩුව තමා. අපිව ඉතින් ඔය ලොකු මිනිස්සු ගනන් ගන්න එකක් නැහැ ඉතින්

    ReplyDelete
  9. කවි කියල බේරෙන්න නේද... ඔහෙ හිටූ.... හැක්!
    පට්ට කවි ටික සෑම් අයියා...

    ReplyDelete
  10. නියම කවි ටික හැබැයි! ලබන අවුරුද්දෙවත් යන්න බලන්න ඕනෙ ඉතින්..

    ReplyDelete
  11. බලනකොට සෑහෙන පිරිසක් ගිහින් නෑනේ. මටත් යන්න බැරිවුනා.

    ReplyDelete
  12. මටත් යන්න බැරිවුනා සැමාට කරං දැනෙන විදිහට කියන්න තේරුමකුත් නෑ

    ReplyDelete
  13. දැන් ඉතිං එහෙම බෑනේ පවුල් වෙලා සෑම්

    ReplyDelete
  14. දුක තමයි නේද?

    ReplyDelete
  15. හුඟක් අයට යන්න බැරි වෙලානෙ.

    ReplyDelete
  16. කෙලින්ම කියන එක තමා වටින්නේ.. ජය වේවා බැඳ(ද)පු සෑම්ට.. හැක්

    ReplyDelete
  17. ලිස්සන ගහ ගාව ගැටගහපු බනිස්
    තවමත් තියේ සෑමා නොමැති සොවින්

    ReplyDelete
  18. ගියපු අයට වඩා නොගියපු අය වැඩිද මංද
    කවි ටික රහයි සෑමො

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...