Friday, May 20, 2016

ගංවතුර සහ කුහක කම.. Attitudes, Beyond Flood !!!





නාය ගිය කඳු ගැටේ - බුදු පිළිම සිර වෙලා
ගංවතුර මැද්දෙනුත් - ජේසු අද නැඟිටලා
බුදුවදන් නිවැරදියි - කියන උන් හිනැහිලා
ජේසු තව දිවිගෙවයි - හිතන උන් සැනසිලා



උප්පැන්න නොබලාම - ජල කඳන් සැඩ වෙලා
ජාතියක් නොබලාම - අපේ උන් එක් වෙලා
ආගමක් නොබලාම - ජල කඳන් සැඩවෙලා
හරි වැරදි නොබලාම - අපේ උන් එක් වෙලා



දෙක තුනට බෙදි බෙදී - රිදුනු සිත් සනසලා
අවතැන්ව ඉන්න උන් - රැක ගන්න රොක් වෙලා
එක රටක්, එක තැනක් - බව අපට පවසලා
සොබා දම් මව් පුතුට - පාඩමක් පෙන්නලා



කැළණියේ බොදු සෙනඟ - පාරුවක නැගීලා
හංවැල්ල කිතුණුවෝ - ජල සැරෙන් මිදීලා
වැල්ලම් පිටි සෙනඟ - මුස්ලිම්ද නොඅසලා
සොබා දම් බල මහිම - මුළු රටම හොල්ලලා



අද එකමුතුව හිඳ - ජීවිතය මුදාලා
හෙට නැවත දිය සිඳී - ආගමක පැටලිලා
අපි හරියි, තොපි වැරදි - බව කියා සැනසිලා
යලි යලිත් උරන වෙමු - ජාතියෙන් බෙදීලා



Written_by_sAm_ශ්‍රී_Perera_7:05am_20/05/16

21 comments:

  1. super Sam !

    Sarath Lankapriya

    ReplyDelete
  2. මෙනව හරි විනාශයක් වෙන්න ඕනෙ සියළු බේද අමතක වෙලා අපි මිනිස්සු කියන හැගීම එන්න. හැබැයි ඕක අමතක වෙනව තාප්ප වල බැදිච්ච මඩ රොල්ල මැකෙන්නත් ඉස්සර.

    ReplyDelete
    Replies
    1. ඒ බැදීම් සදාකාලික නම් කොච්චර හොදද?

      Delete
  3. පිළිම නෙමෙයි වැදගත් වෙන්නෙ ඒ පිළිමවල ඇතුලෙ හිටපු මිනිස්සු එදා කියූ දේවල් සිහි නුවනින් වටහාගැනීම.

    ReplyDelete
  4. බොහොම හොඳයි සෑම්. මිනිස්සුන්ට මේ සාමය, සමගිය ඇතිවෙන්නේ විපතෙදි පමනක් වීම තමයි අපේ අවාසනාව.

    ReplyDelete
    Replies
    1. ඒක තමා, ඒ සමඟිය සදාකාලික නොවීම දුක !

      Delete
  5. ඛේදවාචකයක් වුනාම එකතු වෙන උන් ඒ ඛේදවාචකය අවසානයේ ආයෙමත් ඇනකොට ගැනීමත් ඛේදාවචකයක් තමයි.

    ReplyDelete
  6. කරදරයක් උනාම තියෙන සමගිය හැමදාටම තිබුනානම්...

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් කියන්න හැදුවේ. අප්පච්චියේ දැන් පෙන්නන මානව දයාව. ඒ වුනාට අල්ලපු ගෙදර එකා එක්ක කතාබහ නෑ. මානව දයාව ටියුෂන් දෙන්න පුලුවන්ද මන්දා.

      Delete
  7. ඔබේ පැදිපෙළට මගේ ආචාරය

    ReplyDelete
  8. මම හිතනවා සෑමො මේ ගැලූ මහා ජලකද ආගම් ජාති බේද මොකුත් නැති සමගිසම්පන්න ප්‍ර‍ජාවක් බිහි කලා කියලා...ඒත් ඒ බැදීම වැඩිකල් පවතින්නෙ නැති එකයි හිතට දුක. ගං වතුර බැස ගිය වෙලාවෙ ඉදලම පරණ කෝන්තර ආයෙමත් හිස ඔසවනවා.

    ReplyDelete
  9. අපි හරියි, තොපි වැරදි - බව කියා සැනසිලා
    දැනටමත් මේ සෙල්ලම පටන් අරන් තියෙන්නෙ.පේන්නෙ නැද්ද ගන්වතුර බලන්න ආපු දේශපාලකයොන්ගෙ කල් ක්‍රියාවෙ හොද නරක කිය කිය සාමන්‍ය මිනිස්සු උන් නිසා මරාගන්න හදනවා.

    ReplyDelete
  10. We must help all flud trubal area people. This time we look this problam like human. All people must help to flud area people like we can. There no divisions all same trubal have. We must help all people trubal same

    ReplyDelete
  11. //වැල්ලම් පිටි සෙනඟ - මුස්ලිම්ද නොඅසලා//

    දවල්ද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...