Sunday, April 24, 2016

සමනලයා මියැද්දෙන්


ලියන්නට යන්නේ සෑමාට අමතක වුණ බ්ලොග් ලොවට තවමත් සෑමාව අමතක නැති බවය. ඒ සෑමා ගිය පළමු පොත් දොරට වැඩමවු උත්සවයක් ය. පොත දින්නාගේය. නම සමනලයා මියැද්දෙන් ය. ෆේස්බුක් ඉවෙන්ට් එකට ආරාධනා ලද මොහෙතේ සෑමා ගැලවිජ්ජා තියරියට අනුව Going වෙනුවට Interested ලෙස සටහන් කළේය. ටික දිනකින් දින්නාගේ සමීපතමයෙක් වූ, සෑමාගේ පැරැණි මිතුරා මලියා කතාකොට කිව්වේ සෑමා වරෙන්, මාත් එනවා කියාය. වැඩි දුර නොහිතා සෑමා ඉවෙන්ට් එකට Going නොකියා, එකවර කඩා පැන්නේය. ඒ සෑමා සහභාගී වූ පලමු පොත් දොරට වැඩුමය.

දොරින් ඇතුල් වූ තැන සිට අසුන් ගන්නට යන තැන දක්වා සිනා මුහුණු කිහිපයක්‍ ය. බස්සී, පසන් හා ඉවානයා ඒ අතරය. පසුපසට ගොස් සුපුරුදු මැන්ටලයා ලග අසුන් ගත් තැන සිට ඕනයාගේ ලෝන්ච් කිරිල්ලට නිමක් නැති විය. ශාලාවතුලට එද්දී සිනාසුණු ගැමියා, බුකියේ තිලින ශමල්ක බව වැටහුනේ තරියා පැමිණ සැල්ෆියක් ගසා බුකියේ දැමූ ටැග් එකකින් බව කිව යුතුය. පිටිපස හිටි තරිඳු වා, තරුවා බවත් තේ පැන් සංග්‍රහයේ දී සිහි විය. ඉදිරිපස සිටි අක්කා සෑමා හැදින් කතා කලේ සතුටින් ය. ඇගේ එහාකොන බ්ලොග සෑමා කියවා කමෙන්ට් කර ඇති බව සිහිපත් කළ ඇය එහි තිබූ බ්ලොග් කතා සිහිකළද  සෑමාට ඇයව අමතක ය. උත්සවය අතරතුර ඇයට බෝධිනී ලෙස අමතද්දී අඩේ මේ බෝධිනී අක්කා යැයි සෑමාට සිහි විය. ඇයි යකෝ තෝ ඒ බ්ලොගේ කමෙන්ට් පවා දාලා තියෙනවා මම දැකලා තියෙනවා යැයි ඕනයා සෑමාට සිහි කලේය. කලෙකින් බ්ලොග් ඉවෙන්ට් එකකට ආ නිසාදෝ සෑමා වටේ උන් සමග කඩේ දා ගත්තා දැයි සිතුනේ බෝධිනී අක්කා බොලාගේ කරච්චලේ නිසා මම ඉස්සරහට ගියා කියූ නිසාය. ඒත අප කතා කලේ පැරණි රසාංග ගැනය. චතුමිතූ අර ඉන්නේ කියමින් ඕනයා අත දිගු කළේ කොණ්ඩය දිගට වවා ගත් කෙල්ලෙක් දෙසටය. ඒ ඇය නොවේ යැයි සෑමා පොලොවේ පස් කද්දී ඒ ඇය බව ඇයම කියා සිටියේය.

කලන්සිරියා සෑමා හදුනාගෙන කතා බහ කලේ පලමු වරටය. නෙලුම් යායට නොගිය නිසා කලං ව මුණ ගැසී නොතිබුනේය. ඇනෝපිලසා කාලෙකින් දුටුවේ අදය. ඌත් මුණගැසී කිව්වේ ඇනෝනිමස් නෙවේ යකෝ ඇනෝ පිලස් කියාය. මුහුණ අමතක මුත් ඇනෝපිලස් නාමය මතක බව ඔහු තරයේ මතක තබා ගත යුතුය. රවීශයා පළමු වරට දැක කතා බහ කිරීමට ඉඩ ලැබුනේ අදය. බූරු කුට්ටම අද ඔහු අත නොතිබුණේය. බුකියේ කවි උපේක්ශා, සුපිරි ගායිකා නෙරන්ජි දෙදෙනාද කලෙකින් දුටුවේ අදය. තේ අඩියක් ගසද්දී කඩා වැටුණේ එකල සක්‍රීය වූ කොලුවෙක් ය. දැන් නොලියන්නේ අපරදේය. අයියේ මං සොමියා යැයි කියූ සොමියා සෑම් අයියාට දැන් බබා බලා ගන්න අස්සේ ලියන්නට බැරුව ඇති යැයි හීන් බයිටක් දැම්මේය. පසුව අයියේ මං යන්නම් කියාගෙන කෙලි පොඩිත්තියෝ දෙනමක් කුදලගෙන ගිය බව කිව යුතුය. දෙදෙනාම ආ සෑම් නේද කියා කැත හිනාවල් දැම්මේ සෑමාගේ පෝස්ට් එකක් සිහි වෙලා විය යුතුය.

උත්සවය හමර වී තේ සංග්‍රහයේ අසිරිය විද ගැනීමට නිවැරදි වෙලාවට ආවේ ප්‍රදීප් අයියාය. මම එනකල් කට්ටිය නවත්තා ගත්තාදැයි ඇසූ විට ඕනයා කිව්වේ ඔව්, ප්ලේට් එකක් අරන් තියා ගත්තා කියාය. කලෙකින් හමුවූ මුහුණු වලින්, මතක් වූ කතා වලින්, සියල්ල අලුත් වූවා දැයි සෑමාට හැගෙන්නේය. ඊට හොඳම සාක්ශිය ඉස්සර මෙන් මහ පාන්දර 2ට ලියනා මේ පෝස්ට් එකය.

උත්සවය අතරතුර කතා කළ උදවිය කීවේ මෙහි ගැබ්ව ඇත්තේ ඉතාලියේ හිරු බසින හවසක කලුවර අහස බදු හුදෙකලාවක් කියාය. එය සත්‍යයක් මය. දින්නාගේ කතා වල සෑමා හැම විටම දුටුවේ සතුට නොලද දුක්මුසු චරිතය. හුදෙකලා වූ සිතුවිලිය. ඒත් ඒවාට පන දෙන්නට දින්නා සමත් ය. ඇත්තට ඇස, මොනිටරය අතර හිඩැස කරදරටක් ය. ඒ හිඩැස, බාධාව ඉවත් කර පොතට ගුලි කළ, බ්ලොග් කතා නැවත කියවිය යුතුය. අනතුරුව දින්නාට කමෙන්ට් එකක් දිය යුතුය. උත්සවය අතර සංවාදයට ලක් වූ තිලකසිත, ආච්චීගේ කොලම, කෙටි කලබල සිහින සහ බෝධිනී අක්කාගේ පොත, පිලිවෙලින් කියවිය යුතුය.

සෑමා අමතක කළ බ්ලොග් ලෝකය, නැවත සිහි කැදවූ ඔබ සියල්ලන්ටම තුති.. !!

බ්ලොග් සැමට, ඇස හා මොනිටරය අතර හිඩැස නැති කිරීමට හැකිවේවා !!

sAm_ශ්‍රී_Perera_2:06am_24/04/16

37 comments:

  1. අඩේ ගැමියා කිව්වේ අර කකුල කඩාගෙන වෙදෙක් ගාව ඉඳලා, අන්තිමට විද්‍ය ප්‍රබන්ධයක් අතරමග නතරකරලා අතුරුදහන් වුනු එකාද ? මම හිතන් හිටියේ ඌව ඒලියන්ලා උස්සන් ගිහින් කියලා...මතක් කරා කියහන් ආයේ හම්බුනොත්.

    මේ පොතක් ගන්න පුලුවන් කොයි සාප්පුවෙන්ද බන් ?

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඌ තමා, තඩියා...

      මම කාගෙන් හරි ඇහුවා කෝ බං සෙන්නා කියලත්...

      දිනේෂ් කන්ටැක්ට් කරපන්..

      Delete
    2. අමතක නැත අයියන්ඩි අමතක නැත. හිටපල්ලකො මං සරීර කූඩුව අඩු කරගන්නකං

      Delete
    3. ආ මේ ඉන්නේ ගෝතයා.. යකෝ බොලාට අම්තක වුනාද අපි දැන් ගැහැණු ලොවක හිර වෙලා ඉන්නෙ කියලා.. ඇදලා එලියට දාපිය.. මෙහෙමත් ගෑණුන්ගෙන් ටොකු කකා ඉන්න පුළුවන්ද මං අහන්නේ....

      සෑමා,
      හැබෑටම උඹ එහෙමත් ඇහුවද ?

      Delete
    4. ඔව් බං.. ඊට පස්සෙ ආ.. ඌ නේද රට ඉන්නෙ කියලා මම ම කිව්වා !

      Delete
  2. සෑමෝ............. අපිට තිබුණ ගැටලු කිහිපයක් ම නිසා සහභාගීත්වයට නොහැකි වුණා. දිනේෂ්ට සුභ පැතුම්.

    ඔය කියන විදිහට සෑමාව කාටවත් ම අමතක වෙලා කියලානං අපිට හිතෙන්නෑ...... ඒත් උඹට අපිව අමතක වෙලා කියලානං ලාවට වගේ දැනෙනවා..... හැක්

    ReplyDelete
    Replies
    1. ගැටළු ?? ඒ මොනාද අප්පේ..

      බ්ලොග් ලෝකේ අමතක උනාට, ඒකේ චරිත අමතක කරන්නෙ නෑ බොලේ

      Delete
    2. ගැටළු ?? ඒ මොනාද අප්පේ..

      බ්ලොග් ලෝකේ අමතක උනාට, ඒකේ චරිත අමතක කරන්නෙ නෑ බොලේ

      Delete
  3. එහා කොන නෙමේ අනේ, අනිත් කොණ....! දිනේශ් මල්ලිගෙන් පොතක් ගන්න ක්‍රමයක් ඇහුවට තවම මොකුත් කිවුවෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. හරි කෙහේ හරි කොනක් නේ?

      පොත ගන්න විදියක් සැට් වුණාද? දිනේෂ්ව කොන්ටැක්ට් කොරන්ඩ !

      Delete
  4. තිලිණ ශාමික වෙමි :D මටත් ආයේ ලියන්න උවමනාවක් ඇතිවෙමින් පවතිනවා බලමුකො නේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ඇති වෙච්ච වෙලාවේ ලියා ගනින්.. මාත් කොටන්න යන්නෙ

      Delete
  5. සොමියා අයියෙ මේන් මඩ ගහලා....

    සැමාගේ බ්ලොග ඒ කාලයේ පටන්ම කියවා අැත. හමුවීම සතුටකි.. අායෙත් ලියන්නට සිතීම හොඳය.. ජය!

    ReplyDelete
    Replies
    1. අහ් මේ අර කෙල්ලො දෙන්නෑං එකෙක්ද කොයිද !

      Delete
  6. මදෑ පෝස්ට් එකක් දාන්න මතක් වෙලා තියෙනවා සෑම් ට... ටික ටික හරි පෝස්ට් ලිව්වනම් මොකද? ඇයි අපි කියවන්නෙ නැද්ද?

    දිනේෂ් අයියට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ටික ටික පටන් අරන් ගොඩ ගොඩ ලියල දාමු නේ? ;)

      ස්තුති රොහාන් !

      Delete
  7. ඇති යන්තම්... බ්ලොග් එක ආයෙ පණ ගන්වලා...කොයි තරම් හොඳ දෙයක් ද ඒක !

    ReplyDelete
  8. මම දැක්කෙ නෑනෙ. ඕනායියාව විතරයි අඳුනගන්න පුළුවන් උනේ. පරක්කුවෙලා ආවා කලින් යන්න උනා වෙන වැඩක් හින්දා. මට නම් උත්සවය ටිකක් බෝරින්ග් වගේ. දිනේෂ්ට සුභ පතලම ආපුඑකේ ආයෙ සුභ පැතුම් කියන්න ඕනෙ නෑනෙ. :)

    ReplyDelete
    Replies
    1. Eh.. haree awada? Sak. . Dannawanam katha karanawa..:(

      Delete
    2. පරක්කුවෙලා ඇවිල්ලා කලින්ම යන්න උනා.. ඒ මදිවට මම හෝල් එකට ඇතුළුවෙලා තියෙන්නෙත් වැරදි පැත්තෙ දොරෙන්. සභාව මැද්දෙ දඟලන්න බැරි හින්දා පැත්තකට වෙලා ඉඳලා යන්න උනා.

      Delete
    3. හරී වෙන්න ඇති එහා පැත්තෙ ඉදන් ඉන්න ඇත්තෙ. මාත් කල්පනා කලා යකු ඒ පැත්තෙන් ආව නම් කෙලවනව නේද කියලත්.

      කල්‍යාන මිත්‍රයා දැක්කෙත් නැහැ. අපරාදේ !!

      Delete
    4. යකෝ දැක්කෙ නෑ කියන්නෙ ඔය උඩ ලියල තියෙන්නෙ හම්බෙලා කතා කලා කියලත්..
      හම්මේ මුගෙ වස කෙප්ප

      Delete
  9. සඳරු .මාරයා ,ඉන්දික ,අරූ ,සැමා නිසා තමයි අපි බ්ලොග් කියවන්න පටන් ගත්තේ ...දැන් උඹලා කියනවා ලියන්නේ නැතිව ඉන්නවා .හැමදාම කට්ටියම කියනවා ඔන්න අපි ලියන්න පටන් ගන්නවා කියලා පොස්ට් එකක් දානවා ..ඒ පොස්ට් එක විතරයි ...ආයේ නො කතා නො සිනා ..

    ReplyDelete
    Replies
    1. මේ නම් හොඳටම තද වෙලා දාපු පෝස්ට් එකක් !

      Delete
    2. *කමෙන්ට් එකක් !!

      Delete
    3. සින්දු ඇනෝ ඔය උඹ කියලා තියෙන පස් දෙනාගෙන් අරූ විතරයි තාම නොලියන්නේ. අනිත් උන් ලියන නිසා තරහා ගන්න එපා :D

      Delete
  10. අනේ ටෝයි ටොගෙ පෝස්ට් දැමිල්ලයි. මේකත් නිකං අර හච්චිමක් යන්න ගිහිං නහයෙ හිරවුණා වගෙ දැම්මෙකක්ද කොහෙද
    පොහ්...

    ReplyDelete
    Replies
    1. අඩූ දැන් මොකැ කියන්නෙ :3

      Delete
  11. එන්නම හිටියත් හදිසියේම,අත්‍යවශ්‍ය වැඩකට ඇල්පිටියේ යන්න වුනායින් එන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. කෑල්ල බලන්න ගියැයි?

      Delete
  12. සෑම්ලාව බ්ලොග්ස්වලට අමතක වෙන්නේ කොහොමද? සෑම්ලා එක කාලෙක සිංහල බ්ලොග් මාෆියාවෙන් මේක මුදවගන්න ෆයිට් කරපු එවුන්නේ. අතීතය අමතක කරන්න බැහැ.

    ReplyDelete
  13. යකඩෝ උඹව එතැනට ගිහින් දාපු එකාව අමතකයි නෙහ්.. හැක්..

    ReplyDelete
  14. යකෝ මාව මූ දැකලා නෑ.... මගේ දෙපැත්තේ හිටපු බස්සිවයි නෙරංජිවයි දැකලා හැක් :p

    ReplyDelete
    Replies
    1. අහ්.. තේ බොනකොට බොලාද උන් දෙන්න මැද ඉදන් හිටියෙ. කවුද බං දන්නෙ. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...