සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Monday, April 25, 2016

හිටවන්නම්, රැකගන්නවද කවුරු හරි ?? - Everybody will plant, Who will Protect !!


එකෝමත් එක රටක කවුදෝ මුත්තෙක් සිටියේය. මුණුපුරෙක්ද සිටියේය. මුත්තා මොහොකටද බිම හෑරුවේය. පොඩි එකා මුත්තාට කිට්ටු වූයේය. අහවල් එකටද බිම හාරන්නේ ඇසූ විට මුත්තා කිව්වේ අඹයක් හිටෝන බවය. මුත්තා අඹය හිටුවා ඇඟ බේරා ගත්තේය. ඒ මුත්තාගේ යුතුකමය. මුත්තා නිවැරදිය. මතු අඹයක් නොපතන නියාවෙන් මුත්තා අඹය හිටුවා තම මෙහෙවර ඉටු කළේය. මුණුපුරා මුත්තා ගැන ගෞරවයෙන් සිටියේය. අනේ මුත්තාට නැති වුණත් අපිට කන්න මුත්තා අඹ ඇටයක් පොලොවට යට කළේය. මුණුපුරා තුන් සිත සතුටින් පුරවාගෙන ලොකු මහත් වන්නට ඇතිය. ලොකු වී අඹ කද්දී මුත්තා පැලය සිටවූ පිනෙන් දෙව් ලොව අමෘතය වළඳමින් සිටියේය. අපි දන්නා කතාව එහෙමය. අපි සිතනා කතාව එහෙමය.

එහෙත් සෑමාට මෙහෙම හිතෙන්නට පුලුවන්ය. කුප්ප සෑමා එහෙමය. හිතන්නේ රුවිතයටය. අඹය සිටුවා මුත්තා මිය පරලොව යන්නට ඇතිය. ප්‍රතිසංධි චිත්තය ලෙස මුත්තා අඹය හිටවූ පින සිතට පහල වී දෙව් ලොව ඉපිද සැප ලබන්නට ඇතිය. මුණුපුරා ලොකු මහත් වෙන්නට ඇතිය. මුත්තාගේ පුතාට හෙවත් මුණුපුරාගේ පියාට තව දරුවන් ලැබෙන්නට ඇතිය. ගෙදර ඉඩකඩ මදිව තවත් කොටසක් එක්කර නිවස විශාල කරන්නට අවශ්‍ය වන්නට ඇතිය. නැතිනම් තවත් නිවසක් එම ඉඩමේම හදන්නට උවමනා වන්නට ඇතිය. මුත්තාගේ පුතා ඉදිකිරීම් වලට බාධාවන අඹ ගස කපා දමන්නට ඇතිය. මේවා නම් නියම ලී ලෙස අඹ කඳ ඉරා දමා ලී ගන්නට ඇතිය. පියා සිටවූ ගසට ණය ගැති වී පුත්‍රයා නැවත ගසක් සිටුවන්නට අමතක වන්නට ඇතිය. මුත්තා ගස සිටුවන විට ලඟ සිටි මුණුපුරා විටක ගස කැපුවා දැයි නොදැන ඉන්නට ඇතිය. එක්කෝ ගසක් තිබුණා දැයි, එය හිටෙව්වේ මුත්තා දැයි අමතක වන්නට ඇතිය. ඒත් කිසිදා ගසක් පැලයක් නොසිටවූ එකී මුණුපුරා තද අව්වේ තම වාහනය පාර්ක් කරන්නට සෙවනක් ඇති තැනක් සොයනවා විය හැකිය.

මුත්තාගේ කතාවෙන් කියවුණේ ගසක් සිටුවන්න කියාය. තමන්ට ලැබෙන ලාභය නොබලා හෙට පරපුර ගැන සිතා පැලයක් සිටුවා තබන්න කියාය. සිටුවා තබන ඒ පැලය, ගස රැක ගන්නට, වතුර ටිකක්, පොහොර ටිකක් කිට්ටු කරන්නට කිසිවෙක් කිසවෙකුට උගන්වා නැතිය. වතුර බිඳක් නැතුව වේලි යන පැලයක් දකින උන් වතුර පොදෙක් නොබලා අහක බලන් ගොස් අලුතෙන් පැල සිටුවන්නේ උත්සවශ්‍රීයෙන්ය. විටක වතුර බොන බෝතලයේ ඇති ඉතිරි වතුර ටික, අලුතින් බෝතලය පුරවන විටක විසක් කරන්නේ ගසක් මුලට පැලයක් මුලට නොව කොහේ හෝ බිත්තියකටය. ඒ අසලම ඇති ගසකට හලන්නට තරම් චින්තනයක් උන්ට ඇති නොවන්නේය. බුද්ධ ධර්මයෙන් කිවහොත් සම්මා සතිය හෙවත් නිවැරදි කල්පනාව නැත්තේය. කල්පනාවෙන් සිටියා නම් ඒ වතුර පොද පිපාසිත වියලුණු පැලයකට ජීවයක්ම වන්නේය.

දැන් පැල සිටුවීම චැලෙන්ජ් එකක්ය. සීන් එක ඇත්තය. දැන් ඉඩම් නැතිය. තිබෙන්නේ ගෙවල් විතරය. මිදුලක් කියා ඇත්තේ වාහනය පාර්ක් කිරීමට හිඩැසක් පමණක්ය. ඉඩක් තිබුණත් පැලයක් හිටවන්නට වෙලාවක් නැතිය. වල් පැලයක් හෝ ගලවන්නට වෙලාවක් නැතිය. එහෙව් සංකීර්ණ තත්වයක් යටතේ පැළයක් සිටුවීම යනු ඇත්තටම චැලෙන්ජ් එකක්ය. පැලයක් සිටුවන එක එතරම් චැලෙන්ජ් එකක් නම් පැලයකට සාත්තු කර රැක බලා ගැනීම කෙතරම් අපහසුද යන්න දෙවරක් තුන්වරක් සිතා බැලිය යුතුය. සමහරු අම්මට හුඩු පැළයක් හිටවන්න ඕනේ යැයි කියමින් පැලයක් සිටුවන්නේ සිටුවිය යුතු තැන ගැන නිසි අවබෝධයක් නැතුවය. නිවසට කිට්ටු කර පැලය සිටුවා පැලය තඩි ගසක් වූ පසු කපා දමන්නෝය. කලින් සිතා බලා පැලය ගසක් වන ප්‍රමාණය, මුල් වලින් නිවසට වන හානිය, අනාගත ඉදිකිරීම් ගැන හෝ සිතා බලා පැලයක් සිටුවන පිරිස් බොහෝ අල්පය.

සෑම්ගේ කිටියාද පැල සිටෙව්වාය. ඒ නිසාම සෑමාට පැල සිටුවීම හා සිටවූ ගසක් රැක බලා ගැනීම යන කාරණා දෙක ගැන පැහැදිලි අවබෝධයක් ඇත්තේය. රැල්ලට, ඇඩ් එකට සිටුවන ගස එදාට පමණක්ය. සතියක් දෙකක්, මාසයක් වතුර වැටෙන්නේය. විටෙක පොහොරද වැටෙන්නේය. ඒ සීමිත කාලයකටය. එහෙත් පිඹුරුපත් අඳිමින්, මනා සැලසුමක් සහිතව සිටුවන ගසක් කල්ප කාලයක් පවතින බව කිව යුතුය. එලෙසම ලැබෙන සාත්තුවද නොමදය, සදාතනික බවද පැහැදිලිය. කිව්වාත් වගේ බැල්කනිය වටේ බැම්මට සිමෙන්ති පෝච්චි සැට් එකක් සවි කළ යුතු බව කීවේ කිටියාය. ඇත්තය. පැලයක් සිටුවීමට එය කදිම තෝ තැන්නක්ය. මුලුතැන් ගෙට ආසන්නයෙන් සිටුවි යුත්තේ හොද්දට දැමිය හැකි කෑමට ගත හැකි එලවලුවක් බවත්, ඉදිරිපසින් සිටුවිය යුත්තේ මල් හෝ ලස්සන කොළ සහිත පැල බවත් අගේ මතය වූයේය. ඒ කියූ පරිදිම පැළ කිහිපයක් සිටුවූයේ කිටියා විසින්ය. මුල් දින කිහිපයේ පැහැදිලි සාත්තුවක් ලැබුණේය. දවසට දෙවරක් වතුරද, පසුව නිල් කැට පොහොරද ලද පැල සෙමින් සතුටින් වැඩී ආවේය. මාසයක් දෙකක් ගත වෙද්දී දවසට දෙවරක් ලද ජල පහසුව, පැලවලට ලැබුණේ කලාතුරකින්ය. සියල්ල වේලී විනාශ වී යනතුරු කිසිවක් සිදු නොවූයේය.


ගොඩ දමා ගත් මල් පැළය


ගොටු කොළ වගාව, නොමිලේ පැළ වූ වල් ගස්ලබු පැලය සමඟ



තවන් කළ දෙළුම් ඇට පැළ වී ඇති අයුරු


තවත් ගොටු කොළ


නැවත පැල තවන් කර පුනරුදයක් ඇති වූයේ සෑමා පැල කිහිපයක් තවන් කළ පසුය. ඉදිරිපස පෝච්චියේ කිටියා සිටවූ මල් පැලය වතුර දැමීමෙන් ගොඩ ගැනීමට සෑමාට හැකි වූයේය. සෑම්ගේ මව විසින් තවන් කළ දෙළුම් ඇට කිහිපයෙන් පැල විශාල ප්‍රමාණයක් ලබා ගැනීමටත්, ඇය සිටවූ ගොටු කොළ වලින් පොඩි සෑමාට නීරෝගී ගොටු කොල කඩා ගැනීමටත් හැකි වූයේය. ඉහත ආකාර දෙකේදීම පැල සිටුවීම, තවන් කිරීම මහ අමාරු චැලෙන්ජ් එකක් නොවූයේය. චැලෙන්ජ් එක වූයේ ඒවාට සත්කාර කිරීමය. උදේට වතුර දැමීමය. පස් වේලී යන කාලයේ පස තෙත්ව තබා ගැනීම පැහැදිලි චැලෙන්ජ් එකක්ය. ජය ගත යුත්තේ පැල රැක ගැනීමේ අභියෝයය. පැලයක් සිටුවීමට සිත් දීම ඉතා පුන්‍ය ක්‍රියාවක්ය. එය රැකබලා ගැනීමට ශක්තියක් තිබීම ඉතා වැදගත්ය. අපි සිටෙව්වා යැයි අත ගෑවුණු පස් පිස දමා ගැනීමට වඩා, අපි හිටෝපුවා රැක ගන්නවා යැයි අත්වැල් බැඳ ගැනීම එලෙසම වැඳගත්ය.

ඉතින් අපි සිටුවන්නම්..

කවුරු හරි රැක බලා ගන්නවා ද ??

Written_by_sAm_ශ්‍රී_Perera_5:05pm_25/04/16

32 comments:

  1. ඉවත දමන දඩුව වුවද දළු ලා යලි පැළවේ

    ReplyDelete
  2. පැලයක් හිටෙව්වම වතුර දාල පෝර දාල උස් මහත් කරනව වගේම එක එක වල් ගස් වලිං පැලය බේරගන්නත් ඕන. නේහ් සෑමො.. ඒකට ඉතිං පළිබෝධ නාශක ගහල හරියන්නෙත් නෑලු.. හෙහ්...

    කීවෙ මොකද්ද කියන්නෙ මොකද්ද නේද බං

    ReplyDelete
    Replies
    1. මහේෂ් පලිබෝදකයක් ගසලා වගේ !

      Delete
  3. සැමා නගන ප්‍රශ්නය වැදගත් . රැක බලාගැනීමේ සිත් පහළවෙන්න ඕන. අඩු ගානෙ ඉදිරි පරපුරටවත් සිතක් පහළ වෙනවිදිහට ඉගෙනීමට කටයතු සැලසෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආන්න එච්චරයි මටත් කියන්න තියෙන්නේ. ඉස්කෝලවල පැල සිටුවීමේ ව්‍යාපාර කරනවා ගජරාමෙට. සෑම රජයක්ම පැල සිටුවීමේ ව්‍යාපාර කරනවා එකපාරට පැල ලක්ෂ ගණන්. අන්තිමට පැල දෙක තුනයි ඉතුරුවෙන්නේ. බලු බල්ලෙක් නෑ එව්වා රැකගන්න.

      මම හමුදාවට බැඳුන කාලේ හිටිය එක්තරා කඳවුරක අණදෙන නිළධාරියා, මම ඒ කඳවුරට ගිය දවසෙම කිව්වා, කඳවුර වටේ ඇවිදලා, අලුතෙන් හිටවපු පැල ගාන ගණන් කරගෙන එන්න කියලා. මම ගණන් කරගෙන ගියා. අදටත් මතකයි 137 යි. එහෙන් යුද්දේ. මෙහෙන් පැල. ලොක්කා මට කිව්වා, ඔය එක පැලයක් හරි මැරුනොත්, තමුන් ගිහින් තමුන්ගේ වියදමෙන්, ඒ ජාතියේ පැලයක් ගෙනල්ලා හිටවන්න ඕනේ. මම මාසෙකට සැරයක් පැල පරීක්‍ෂා කරනකොට 137 ම තියෙන්න ඕනේ කියලා.

      අම්මපා එහෙම ක්‍රමයක්වත් හදන්න බැරිද?

      Delete
    2. ස්තුතියි දෙන්නටම..

      විචාරක කිව්ව වගේ ඉස්කෝල වල ශ්‍රමදාන තියලා, පාත්ති ගසලා, බර සාරෙට සෝඩා බෝතලේ කැඩුව වගේ පැල හිටෝනවා. ඉන්ටර්වල් එකට කොල්ලෝ එහෙන් මෙහෙන් පැනලා ඔක්කොම විනාසයි.

      විචාරක කියන ඔය හමුදාවෙ තිබ්බ සංකල්පය ප්‍රාෙයා්ගිකව සමාජයට දාන්න බැරිවෙයි මම හිතන්නේ නම්. සියල්ල සිදු විය යුත්තේ ආකල්ප වර්ධනයෙන් !!

      Delete
  4. අවුරුද්දේ එක දිනයක් විශේෂ කරගෙන එදාට පැල දහයක් හිටවලා ඊට පස්සෙ වනාන්තර වල ගස් සිය ගනන් කපන එක දැං අපේ රටේ ඉට්ටයිල් එක සෑම්... හෝ ගාල මල් පැල වලට සාත්තු කරන අය එක තේක්ක වගේ වටිනාකමක් තියෙන පැලයක් හිටවන්නෙ නැත්තෙ ඉඩ කඩ ප්‍රශ්ණෙ නිසාමද?

    ReplyDelete
    Replies
    1. ලොකු ගස් හිටවන්න බැරි ඉඩකඩ ප්‍රශ්නය නිසාම තමයි

      Delete
  5. චැලෙන්ජ් එකට පැල හිටවනවා කියුවම මටත් හිතුනේ ඕකමයි.. එදා මෙදා තුර ( සැප්තැම්බර් 17 හිටපු පප්පා කෙනෙක්ගුගේ උපන් දිනයටත් එක්ක ) හිටවපු පැල ලොකු වුනානම් ලංකාව අද කොංගෝ හරි ඇමෙසන් පරදවා සිටින වැසි වනාන්තරයක් වෙලා තියෙන්න ඕනා...

    කොහොම හරි ගහක් හිටවන එක හොදයි.. අඩු ගානේ එකක් දෙකක්වත් ඉතුරු වෙයිනේ...

    ReplyDelete
    Replies
    1. වවමු සංකල්ප ඕනි තරම්. අර බැසිල් උතුමානෝ පුස් බීජත් රෝපනය කලා කියලා කොහෙද මන්දා දාල තිබ්බෙ. හිටෙව්වා වගේම රැක බලා ගන්න එක නම් කල යුතුමයි

      Delete
  6. මම නම් ස්වභාවයෙන්ම ගස් වැල් හිටවන්න, සාත්තු කරන්න, ඒ අතරේ ගැවසෙන්න ආසයි. තියෙන ප්‍රශ්ණෙ සීමිත ඉඩකඩක අසීමිත දේ වවන්න යන එකයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් නියමයි. ටාසන් වගේ

      Delete
  7. අපේ හාමිනෙත් ඔහොම පැළ හිටෝල රට එනව. ඊලඟ නිවාඩුවට ගියාම ඒවට උසට වල් වැවිල, අරව මැරිල. ඉතින් ආයි හිටෝල එනව අලුතින්. චක්‍රය ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. හිටෝලා යන ඒවා බලාකියා ගන්න කෙනෙක් නැත්ද?

      Delete
  8. මගෙත් ආසම සුබ්ජෙක්ට් එකක් බන්...කොහෙද ඉතින් මෙහෙ ඕව කරන්න බෑ නෙ.. මේ දවස් වල මම පොඩි ට්‍රයි එකක් දෙනව ඇක්වපොනික් සීන් එකකට.. ගහට කොලට ආදරේ එකාගෙ හිත ගැන අමුතුවෙන් අටුවා ටීක ලියන්න ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇකවපොනික් ගැන විස්තරයක් කියනවද?

      කස්සා එදා බුක් ලෝන්ච් එකේ හිටියද?

      Delete
    2. නෑ බන් මම ලංකාවෙ නෙමේ ඉන්නෙ මේ දවස්වල..
      ඇක්වපොනික් කියන්නෙ එකෝ සිස්ටම් එකක් වගේ සීන් එකක්...මාලු ටැංකියයි වගාවයි එකට යන සීන් එකක්...මාලු ටැංකියේ වතුර වලින් ගස් වලට වතුර වැටෙනව..මාලුන්ගෙ මලපහ තමා ගස්වල පෝර..ආපහු ඒ වතුර ටික ගස් වලින්ම පෙරල මාලු ටැංකියට යනව.

      Delete
  9. ගොටුකොල වලට ඔහොම ඉඩ , ශ්‍රමය සහ පෝච්චි වෙන්කරන්න ඕනේ නැහැ. 'ඇල්බට් ක්‍රමය' කියලා ක්‍රමයකින් වතුරේ වගේ හිටවගන්න පුළුවන්. පස් ඕනෙත් නැහැ. වැඩිපුරම හරියන්නේ කංකුන්. හොඳට හැදෙනවා. සෑමා පාවිච්චි කරලා තියෙන පෝච්චි වල ගැඹුර මදි ලොකු ගහකට නම්. ගොටුකොල වගේ ගැඹුරට මුල් විහිදෙන්නේ නැති ඒවාට අපරාදේ. හදන්න පුළුවන් පැල. වතුර දැමීමත් කලාවක්.

    මෙහෙමයි, ගහක් හදනවා කියන්නේ ළමයෙක් හදනවා වගේ. මුලින් මුලින් වැඩිපුර වතුර දාලා වැඩේ චෝර කරගන්න නරකයි. වතුර උනත් යන්තමට වැටුනත් පනබේරගෙන ඉන්න තාලෙට හදාගන්න නම් මුලට විතරක් වැටෙන විදියට වතුරා දාන්න මුල ඉඳලම. ඕනෙවට වඩා වතුරට පුරුදු කලාම පොඩ්ඩ ඇත්තන් මැරෙනවා. අනිත් කාරණේ තමයි සෙවන ඕනේ ගස් නියමිත තැන්වල තියන්න. ඒ කියන්නේ සැර අව්වට දාල හැමදාම වතුර දදා තියන් එපා. ඒවාට සෙවන දෙන්න ගැලපෙන්න ලඟින් උසට හැදෙන, ඉර අව්ව ගොඩක් හොයන ගහක් හිටවන්න. මම නම් ටික දවසකට වතුර දාන්න වෙන්නේ නැති වෙන වැඩක් වෙනවා නම් වැඩිපුර වතුර ඉල්ලන පැල ටික ( පුළුවන් එව්වා) හෙවනට කරලා යනවා.

    වැඩිපුරම මම නම් හදන්නේ මල්. ඒ උනාට මේපාර අවුරුද්දට කරවිල, දඹල, නිවිති හැදුවා. බලමු අපේ ගොලුබෙලි හමුදාවෙන් බේරගන්න පුළුවන් වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. පෝච්චි ටික ඔහේ වේලෙන නිසා තමා අම්ම ඇවිත් ගොටුකොළ ටික හිටෙව්වේ. සිරාවට පෝච්චි ලොකු වැඩි තමා. වතුර වැඩි උනාම මුල් කුණු වෙන සීන් එකක් මම අහල තියෙනවා.

      ස්තූතියි විස්තරයට.

      Delete
    2. උඹේ වතුර ප්‍රතිපත්තිය නම ඇත්ත කියලා මටත් හිතෙනවා. නමුත් ඇල්බට් ද්‍රාවනය මමත් අත් හදා බලලා තියෙනවා නමුත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා. මම කලේ ස්ටයිරෆෝම් පෙට්ටියේ නූඩ්ල්ස් කෝප්ප දාලා පියනේ එල්ලලා කරන ක්‍රමය. නොදකිං.

      Delete
    3. සෑම් :
      ඔය පෝච්චි වලට හරියන්නේ සමනය ප්‍රමාණයෙන් මුල් විහිදෙන නමත් ලොකු ඉඩක් ඕනේ ගස්. මිරිස් වගේ පැල උනත් ගැලපෙනවා.

      ඩුඩ් :
      ඇල්බට් ක්‍රමේට යොදාගන්න පුළුවන් එක එක භාජන. ලස්සනට ඕනේ නම් පියනක් තියෙන, ලොකු කටක් තියෙන භාජනයක් ගන්න පුළුවන්. පියන වහලා පියනේ හයිකරපු ( බස්සපු) යෝගට් කෝප්ප වලින් පුළුවන් වැඩේ කරගන්න. නැත්තම් මෙගා බෝතලේ දෙකට කපලා උඩ කොටස, යට කොටසේ ඇතුලට වැටෙන්න පුනිලයක් වගේ හදලත් හදාගන්න පුළුවන්. අසාර්ථක වෙන්න හේතුව මොකද්ද? මට නම් උනේ කුරුමිණි හමුදාවක ප්‍රහාරයකට ලක්වුනා. ඒ උනත් කංකුන් ටික නම් අවුලක් නැතුව ජිවත් උනා. මේකේ තියෙන වාසිය හැමදාම වතුර දාන්න ඕනේ නැති එක. අවාසිය ගොඩක් හිටවාගන්න ඕනේ මිටක් කඩාගන්න ඕනේ නම්.

      Delete
  10. සෝභනේට නම් කරන්න ඕන නෑ... ඒකට කැමති නම් විතරක් කලාම ඇති... නාන එක උනත් එහෙම දෙයක් නේ... නාන්න ඕනම නිසා නාන අයත් ඉන්නවා.. හැමදාම නාන අයත් ඉන්නවා.. දවස්ට දෙසරයක් නාන අයත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මාතලන් තුමාගෙ පැලෙත් මම දැක්කා. වැඩේ හොදයි. හිටෝලා අමතක නොකර බලා කියා ගන්න එක තවත් හොදා.

      Delete
  11. හිත ඇත්නම්... කියල වැඩක් නෑ.. හිත නිවි සැනහෙන නියම භාවනාව

    ReplyDelete
    Replies
    1. බලාගෙන. වැස්ස නැති කාලෙට ඔය නිවිච්ච ඒව පත්තුවෙන්න පුලුවං. හැක්..

      Delete
    2. බොන්සායි කියන්නේ භාවනාවක් වගේ හිත නිවන ගස් හැදිල්ලක් කියලයි මම අහල තියෙන්නේ

      Delete
  12. මුත්තා හිටවපු ගසින් මුත්තාගේ පුතාට අඹ ලී ඉරීමට තරම් ගසේ අරටුව ඇතිවීම නොවිය හැක්කකි. සමහර විට ගස පරිස්සම් වී තිබුණොත් මුණුපුරාගේ පුතාට ඒ සඳහා අවස්ථාව ලැබීමට පුලුවන.

    පැල හිටවනවා මෙන් ඒව රැකබලා ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු නොවේ. එයට නිසි කැපවීමක් තිබිය යුතුය. සෑමා කියා ඇති සේ කුස්සියෙන් විසිකරන වතුර ටික හෝ පැල වලට වැටීමට සැලැස්වූයේ නම් යන්තමින් හෝ පැල ටික බේරාගැනීමට හැකි වීමට තිබුණි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා හොදට ගස් කැපිල්ල ගැන දන්නවා වගේ ;)

      ඇත්තට අහක දාන වතුර ජුන්ඩ පැලේකට දාන එක නොවටිනවද?

      Delete
  13. සෑමා අපි වැඩිය නොහිතන පැත්තකින් බලලා.

    "වවන්නෝ,දිනන්නෝ-අපි වවමු,රට නගමු" වගේ විවිධ සංකල්ප වලින් ඔය විදියේ ව්‍යාපාති කොයි තරම් සිදු කෙරුවාද ?හැබැයි ඒවායේ පසු විපරම් තත්ත්වයක් නම් නැතිම තරම්.

    ReplyDelete
  14. මෙහෙ තියෙන ඉඩකඩ ප්‍රශ්නෙ, අව්ව වගේ ප්‍රශ්නත් එක්ක හිටවපු ගස් ටික බලාගන්නත් සෑහෙන්න ගේමක් දෙන්න වෙලයි තියෙන්නෙ. දවස් දෙකක් අපි කොහෙහරි ගිහින් ආවොත් ගස් ටික ඉවරයි. අවුරුද්දට ගමේ ගිහින් ඇවිත් බලද්දි එක ගහක් හොඳටම කර වෙලා. දැන් තමයි ඒක පණ ගහල ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
  15. සෑම් මතුකරලා තියෙන කාරණාව තමා වැදගත්ම දේ..අපි ඔනිතරම් දැකලා තියෙනවා ගස් හිටවන වැඩසටහන්..මමත් ඒ වගේ කිහිපයකට සහභාගී වෙලා තියෙනවා..පස්සේ ගිහින් බැලුවාම ඒ ගස් තිබ්බ තැනක්වත් නෑ...ගස් හිටවන එක දැන් අභියෝගයක් වෙලා තියෙනවා..එකක් කාලය ප්‍රශ්නයක්..අනිත් එක ඉඩකඩ ප්‍රශ්නය..

    මම හිතනේ මේ ප්‍රශ්න වලටත් සාර්ථක උත්තර අපිටම හොයා ගන්න පුළුවන්...
    වවනවා වගේම රැක බලා ගන්න එකත් වටිනවා..

    ස්තූතියි සෑම් මට පාර කිව්වට ලිපියට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...