Sunday, October 18, 2015

බ්ලොගට වෙච්ච දේ... - What Happened to the Blog !!


අද නම් ලියනවමයි බ්ලොගක්.

මොනවද ලියන්නෙ තියෙන්නේ ?

අරූගෙ බූරුව ගහන්න ගිය කතාව,

අහ් ඒක මරු...

විලි ලැජ්ජ නැතුව ලියන්න පුලුවන්ද ආයෙත්..?

ඇයි බැරි ?? 

කතා සැට් එකක්ම තියෙනව නේ...

මතක් කර කර පෝලිමට ලියල දානවා. 

ඉස්සර නම් සතියට කතා තුනයි. සොරොව්ව කැඩුණොත් කතා ඊටත් වැඩිය.

කමක් නෑ සතියට එකක් වත් දානවා...

ඉරිද නේ.. උදේම එකක් ලියල දාන්නෝනි..

ඔව්.. බූරුව ගහපු කේස් එකෙන්ම පටන් ගන්නවා..

එලකිරි...

ගූගල් එකට sign in වෙලාම ඉන්න හින්ද අවුලක් නැහැ. නැත්තං බ්ලොගට වෙන පාස් වර්ඩ් තිබ්බ නම් ඒකත් මතක නැහැ.

ඔව් අලුත් පෝස්ට් එකක්..

සිලෙක්ට් කරලා ලියන්න ගත්තා වචන පනහක් විතර..

“බබා...“

ඇහුනෙ නැහැ වගෙ ඉන්නෝනි. නැත්තං ලියන්න වෙන්නෑ...

“ඇහුනදෝ....“

දැන් නම් කතා කරන්නම වෙයි.. ලඟට ආවොත් කෝමත් ඉවරයක් නැහැ...

“ඇයි ??“

“පාන් රාත්තලක් ගේනවද?“

විනාසයි. ඇහුන්නෑ වගෙ ඉන්න බෑනේ...

මුකුත් නොකියා නැගිට්ටා, පර්ස් එක හෙව්වා ඒකත් මිසින්..

මේසෙ උඩ සල්ලි. අතට අරන් ගියා...

“ම්හ්.. මෙන්න...“

මේසෙ උඩ පාන් රාත්තල. පැත්තක ලැප...

“ලියන්නෝනි බ්ලොගට වෙච්ච දේ... “



Written by sAm_ශ්‍රී_Perera_7:32am_18/10/15

34 comments:

  1. :-)
    තාම බබා කියන එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. තාම ඔහොම තමා
      අයිසේ... ඕයි.... මේ ඇහුනද....

      ඒවා එන්නේ පස්සේ...

      Delete
    2. බබා කියලා...
      ඔලුව අතගාල තමයි ටොක්ක අනින්නේ :ඩී

      Delete
  2. සැමා මේ පෝස්ට් එකෙන් පස්සේ ලියන්න වෙලාව ලැබෙත්වා!!!

    ReplyDelete
    Replies
    1. ලියන්න නෙවෙ. මේක දැක්කොත් වසන්න වෙන්නැ

      Delete
  3. බ්ලොගටනං මොකුත් වෙලා නෑ බොල. බොටයි මොනව හරි වෙලා තියෙන්නෙ.
    දැං උඹ කඩේ යන එක විතරද කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි ළමය බලාගන්න එක.වැඩ කීයක්ද?

      Delete
    2. නැපි හෝදන්න
      මදින්න
      ගේ අතු ගාන්න
      මොප් කරන්න
      පිඟන් පීරිසි හෝදන්න
      රෙදි හෝදන්න

      මතක මෙච්චරයි බං, තව තියෙනවා හැලපේ !

      Delete
  4. ස (සැ)මියෙකුගේ සොකාලාපය...

    ReplyDelete
  5. බබාවත් අඬගහගෙනම හොඳ කතා දෙක තුනක් ලීව නම් හරිනේ

    ReplyDelete
    Replies
    1. බබාට නොදකින්න කතා ලියන්නෙ..
      මොකද මට මගෙ ජීවිතේ වටිනවා බං..

      Delete
  6. බබා කිව්වේ උඹටම කියලා ෂුවර්ද? ඒ මොකෝ උඹ දකින්න නැති ටිකේ පොඩි එකා කඩේකට යවන්න තරම් ලොකුවෙලත් ඇති කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඉස්සරම හැම එකාගෙන්ම පොඩිම එකා වෙච්ච නිසා මේ සෑමා තමා බං ගෙවල් දෙකකට කඩේ ගියේ...
      මම ආසාවෙන් ගිය එකම කඩේ අර උබ පෝස්ට් එකක් දාපු කැලැන්ඩරේ කඩේ (හාඩ්වෙයාර් එක) තමා.
      එතැන තමා ගමටම LED බල්බ් තිබ්බෙ...

      අහ් පොඩි එකා නේද?? ඒකට තාම මාස 6යි බං..
      හැබැයි මාස 6දි හිටපු මට වඩා ඇම්ඩාලු..

      Delete
  7. Replies
    1. එල බබා..
      අමුතුයි බං ඒම කිව්වම !

      Delete
  8. මට පේන්නේ, මේකා පෙටිකෝට් ගවර්න්මන්ට් එකක් මගින්, දැඩි පාලනයකට යටත්කොට අති බව ය.

    ReplyDelete
    Replies
    1. පෙට්ටි, කෝට්, මම දන්නැ බං...
      ඇකිලිලා ගිහිල්ලා තමා ඉන්නෙ නම්...

      Delete
  9. කෝ බන් අරූ?

    කව්ද?

    අරූ බන්. අර විප්ලවීය හඬ. ජනතාවගේ අයිතීන් වෙනුවෙන්, නිදහස වෙනුවෙන් නඟපු අවංක සාධනීය හඬ.

    ආ ඌද? ඌ දැන් නෑ. ඌට කෙල්ලෙක් සෙට් උනා.

    (මගේ නිර්මාණයක් නෙමේ. කාලෙකට ඉස්සර මුහුණු පොතේ දැක්ක එකක් මතක විදිහට ලිව්වේ)

    ReplyDelete
    Replies
    1. පව් ඕයි ඌ...

      ඌ යාලුවෙච්ච හැටියෙ කෙලෝ ගත්තද? මට නම් බැන්දට පස්සෙ වුනේ !

      Delete
  10. ඒවා වැඩක් නෑ ඉක්මනට ලියපන්

    ReplyDelete
  11. බයත් හිතෙනවා බං මෙව්වා අහද්දී,දකිද්දී.

    ReplyDelete
    Replies
    1. හම්බේ... දැනෙද්දි තමා පට්ටම ආතල්..

      Delete
  12. හා හා... ඔය කොයි කාරියටත් වඩා නෝනාකාරිය ලොකුයිනේ

    ReplyDelete
  13. හැක්...
    බොට බුකියෙ කරග්ගහන්න වෙලා තියේ මෙහෙ එන්න වෙලා නෑ
    පල පල සැමො යන්න

    ReplyDelete
    Replies
    1. බ්ලොගක් ලියන්න හිත සැහැල්ලු වෙන්ට එපැ දෙයියෝ..
      බුකියේ කරක් ගහන්න මොක වුනත් අවුලක් නැ.. එතැන අවුල් ජාලාවක් නොවැ..

      Delete
  14. අා.................. උඹ බබා..........

    ReplyDelete
    Replies
    1. පවුල නම් එහෙමයි කියන්නෙ !

      :ඩී

      Delete

Related Posts Plugin for WordPress, Blogger...