Saturday, February 14, 2015

ලව් කරන දවසේ බූට් ගැන යමක්.. - About Boots, More than Love !!!


වසරක් පුරාවට එක එකාට ලව් කළ ඇත්තන්ට එක දවසක් වෙන්කර ඇත්තේය. ඒ තමන්ගේම හරි එකාට ලව් කරන්නටය. එහෙමවත් දිනයක් තිබීම නිසා දහයකට ලව් කරන එකාලාට එකීලාට හරි එකා හෝ එකී තෝරා ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේය. ඒ දවස නම් මාරය. ආදරය කරන්නට දිනයක් වෙන් කරගත්තවුන් එදාට තමන්ගේ හරි එකා සොයා ගොස් ලව් කරන්නෝය. එසේ ලව් කර දිනය නිමා කරන්නෝය. එදාට ඇපොයින්ට්මන්ට් දෙක තුන දාන එකීලා හෝ එකීලා පවා සිටිය හැකිය. ඒ එක එකාගේ දක්ෂතාවය මතය. නැතිනම් ආදරය ලැබීමේ ප්‍රමාණය වැඩි නිසාය. මෑත අතීතයේ සෑමා දුටු ආදර අන්දර බොහෝය. එවැනි ලව් නම් සම්මතයෙන් ඔබ්බටය. පොලොව දෙදරාගෙන අහස උසට විදිනා ලාවා දහරාවක් සේ ගිණි කඳු වලින් ඉහලට විදින්නේ ඒ ආදර කතාවන්ය.

තිස්ස නම් එකෙක් රනිල්ට ලව් කළේය. ඒ වසර දහයකට වඩා පැරණි ලව් එකක්ය. දුකේදී සැපේදී අනාථ වූ විවිධ අවස්ථාවන්හි තිස්ස සිටියේ රනිල් ලඟය. රනිල්ගේ මුවින් වැටෙනා කඳුලු බිංදුවක් පාසා පිසදමාලූයේ තිස්සය. එතරම් අසම්මත පෙමක් ලෝක ඉතිහාසයේ තිබුණා දැයි සැක සහිතය. ඒ අතර කාලයේ මහින්ද පෙමින් වෙලුනේ මෛත්‍රී සමඟය. එය වසර හතලිස් ගණනාවක් පුරාවට විහිදුනු එකක් බව පැහැදිලිය. විටක මෛත්‍රී මහින්දට වඩා පරිනත වූයේ ඔහු මහින්දට වඩා වසර කිහිපයකට කලින් ආදරය කරනා හැටි උගත් නිසා විය හැකිය. එහෙත් මහින්ද මෛත්‍රීට වඩා ඉදිරියෙන් සිටියේ ඔහු එකෙකුට ලව් නොකර කිහිප දෙනෙකුට ලව් කර උඩට ආ නිසාය. එහෙත් ඉහත කී ආදර කතන්දර දෙක අපිරිමිත සෙනෙහසින් යුක්ත වූවා මෙන්ම විටක කඳුළු කතන්දරද නොතිබුණා නොවේය.

සිනහා, කඳුළු මැද දිව ගිය ආදර කතන්දර අතර තුර රනිල් තිස්සට හොරා දිනක් මෛත්‍රීට ඉඟිපෑවේය. පාසල් සමයේ සියළු ප්‍රේමයන්ට මුල් වල ආධාර කරුවන් සිටියා සේම මේ ඉඟියට සහය දක්වන්නට මහා පිරිවරක් තිරයෙන් පිටුපස සිටියෝය. ඒ අතර කලින් ලව් කළ උන් සහ මහින්දගෙන් බූට් කෑ පිරිසක්ද සිටි බව සැබෑය. රනිල් ගේ ලවට ඒ බකප් එක ලැබෙද්දී මෛත්‍රී මහින්දට හොරා ඉඟි බිඟි කළේය. එහෙත් මහින්දට නොදැනෙන්නය. මහත් ඛේදනීය තත්වය නම් ඒ රහස් පෙමට අතරවාරයේදී මහින්ද සමඟ රනිල්ද කෝපි කෝප්පයක රස බැලීමට පවා රාත්‍රී කාලයේ සුහද හමුවීමක්ද තැබීමය. ප්‍රේමය කෙතරම් වේදනීය දැයි මහින්ද නොදත්තේ ඔහු අවංක ප්‍රේමයක් නොකල නිසාවෙන්ය. එකෙකුට ලව් කරනු වෙනුවට තම ප්‍රධාන ප්‍රේම කතන්දරය අතරතුර දහසකට පෙම් කර බූට් තබා සිටි මහින්ද මෛත්‍රි ප්‍රේමයෙන් බැට කෑවේය. ඊට ප්‍රධාන හේතුව වූයේ තමන් පෙරදී පෙම් කළ අතැර දැමූ, වෛරයෙන් නවතා දැමූ අනන්ත ප්‍රේම අන්දරයන්ය. 

විටක චන්ද්‍රිකාය. මහින්දට වඩා චන්ද්‍රිකා කාලයක් මහින්දට පෙම් කළේය. මහින්ද ඒ ප්‍රේමය නවතා දැමුයේ වෛරයෙන්ය. ෆොන්සේකා සමග වැඩුණු ප්‍රේමයේ දළු ඉතා සවිමත් වෘක්ෂයක් වෙද්දීම මහින්ද විසින් ඒ ගස කපා කුට්ටි කර ගාල් කරනු ලැබීය. රාජිත, චම්පික වැනි ප්‍රේම කතන්දරද ඒ අතර වූයේය. සියළු ප්‍රේමයන් අතැර මහින්ද විමල්, ඇස්බී, රත්තරං වැනි සල්ලාල ඇසුරට හුරුවද්දී ප්‍රේමයේ අපිරිමිත අගය ඔහු කෙරෙන් නික්මී ගියේය. එයම මෛත්‍රී ගේ පණ ගසා වැටෙන ප්‍රේමයට ආරම්භයක් වූයේය. රුකුලක් වූයේය. මේ සියල්ල සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ප්‍රේමයන් බව සැබෑය. එහෙත් සම්මතයෙන් තොර අසම්මතයේද ප්‍රේමය ගැන අනන්ත කවි ලියැවෙන්නේය. සිංදු ලියැවෙන්නේය. කතන්දර ලියැවෙන්නේය. ඒවා සම්මත ආදරයට වඩා රසවත්ය. සම්මත විරහවට වඩා රසවත්ය. මහින්දගේ ප්‍රේමය නිමා කළ මෛත්‍රී නව පෙමක් ඇරඹූයේ රනිල් සමඟය. එදා රනිල් බිව් කෝපි කෝප්පයේ අඩුව පිරෙව්වේ මෛත්‍රී ආප්ප කෑමෙන්ය.

සල්ලාල ආදරයෙන් පිවිතුරු ආදරයේ වටිනාකම මහින්ද තේරුම් ගත්තේ රනිල්ටද පිවිතුරු ආදරයේ වටිනා කම කියා දෙමින්ය. ඒ රනිල් තිස්ස නම් වූ ආදර කතාව බිඳ දමමින්ය. එකට තමා සමඟ සිටි තිස්ස රනිල්ට පස්ස හරවා මහින්ද පෙම සොයා ගියේය. රනිල් ප්‍රේමයේ පිවිතුරු බව වටහා ගත්තේද එදාය. එකී බිඳුනු ප්‍රේමයේ විරහව අමතක කරලන්නට තරම් සෙනෙහසක් මෛත්‍රී රනිල්ට ලබා දුන්නේ සිතු පැතූ සම්පත් මොහොතින් ලබා දෙමින්ය. එහෙත් තිස්සට මහින්ද වෙනුවෙන් උදා කළ හැකි වූයේ දුක පමණක්මය. පිවිතුරු වුණත් ඒ පෙම මහින්දට ශක්තියක් නොවූ වා සේම තිස්සට උන් හිටි තැන් අහිම කළ පෙමක ආරම්භය එය වූයේය. 

සියල්ල සම්මතයෙන් තොර අසම්මත ප්‍රේමයන්ය. එහෙත් සම්මතයේ කතන්දර වැඩිය ආදර බරය. සම්මතයේ විරහවන්ට වඩා විරහා බරය. සියල්ල මැද තේරුම් ගත යුතු උගත යුතු දේද බොහෝය. මෙලොව සදා කාලික ප්‍රේමයන්ද, සදාකාලික ආදරයන්ද නැති බවය. තමන්ට ලැබෙන ප්‍රේමය, ආදරය රැක ගැනීමට උත්සාහ කිරීම මිසක, තිබෙන ආදර කතා නවත්වා නව ආදර අන්දර ආරම්භ කිරීම මහත් පරිස්සමෙන් කළ යුතුය. විටක එය මහින්ද - තිස්සට වූවා වාගේ තිබෙනා තත්වයට වඩා භයානක විය හැකිය. නැතිනම් රනිල් - මෛත්‍රීට වුවා වාගේ තිබුණාට වඩා සුන්දර විය හැකිය.

දැන් ඔබ තීරණය කළ යුත්තේ තිබෙනා එක සශ්‍රීක කොටගෙන ශක්තිමත් කර ගන්නවාද? අලුත් එකකට යෑමේ අභියෝගයට මුහුණ දෙනවාද යන්න පමණක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_14/02/15

8 comments:

  1. මොනවාද මංද...
    මුට පික්ෂුද මට පික්ෂුද මංද...
    හිහි

    ReplyDelete
  2. මෙළෝ රහක් නැත.. සෑම් කියන්නේ මීට වඩා ටැලන්ට් සාගරයක්ය.. වාරකන් ආවාම ඔහොම වෙනවාය...

    ReplyDelete
  3. සෑමා................... තිස්සට දැන් ඉතින් අායෙම කාලයක් ඉන්න වෙනවා සැපක් දකින්න........... අනේ අහිංසකයා.....

    ReplyDelete
  4. අහෝ තිස්ස නොදිටි ඇමතිකම...

    ReplyDelete
  5. දැන් මේකත් වැලන්ටයින් කථාවක්ද

    ReplyDelete
  6. පළ පළ යන්ඩ. බොරු කියන්නැතුව.

    අපේ My 3 සන්ද්රිකා අක්කාට ලවු..................................................

    අපේ ස්න්ද්රිකා අක්කා මිස්ට බීන් ට ලවු..............................................

    අපේ මරා සාත්තර සුමනෙට ලවු.....................................................

    ReplyDelete
  7. බබා හම්බ වෙන්න ඉද්දි හොද දවසකටවත් කිට්ටු කරගන්නෙ නැති හබියලට....
    මේ බහු භූත ලියෙවෙනව ...බං ....

    ReplyDelete
  8. බූට් ගැන කියවන්න අපේ පැත්තෙ වර..මේ මාසෙම බූට් විතරයි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...