Tuesday, February 17, 2015

කලිසම සහ සිතියම් අධ්‍යයනය... - Box Short & Geographical Studies !!


උණ යනු ලෙඩක්ය. ඒ බොහෝ අයගේ මතයය. එහෙත් සැබෑවට උණ යනු රෝග ලක්ෂණයක්ය. ඒ කාලේ ඇයි උඹට උණද කියා අසන්නේ ගහන්නට බලාගෙනය. උගේ උණ මම හොඳ කරන්නම් කියා කියන්නේ එනිසාය. උණට ලඟින්ම යන ඊලඟ ලෙඩ දෙක නම් කැස්ස සහ හෙම්බිරිස්සාවය. හෙම්බා ගහනවා කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හැදුනාමය. හෙම්බා දරුණු වුණාම පීනසය. පීනසයද පොඩි ලෙඩක් නොව එහිද ප්‍රභේද දෙකක් ඇති බව සෑමා දැන ගත්තේ ගල් පීනසය හැදුනාමය. හෙම්බා හැදෙන්නේ නැතුව, සෙම ගල් වී ඔලුව රිදෙන ආකාරයේ ලෙඩක් හැදී සෑමා සිංහල වෙදෙක් සරණ පැතුවේය. ඒ මීට බෙහෝ කළකට ඉහතදීය. එදා වෙදා කිව්වේ බොට තියෙන්නේ ගල් පීනසය කියාය. වල් පීනසය හැදුනාම හෙම්බා දිගටම ගලන්නේය. අවසන නාසයෙන් ලේද ගලන්නේය. කෙසේ හෝ වෙදා එදා සෑමාට ගල් පීනසය හොද වන්නට, ගල් වූ සෙම දිය වන්නට නාසයට උරන්නට කුඩක් දුන්නේය. එය නාසයෙන් ඇද්ද පසු කිවිසුම් පනහක් පමණ ගොස් හෙම්බා සැදී නහය බුරුල් වන්නේය. එවිට ඔලුවේ ඇති සෙම ටිකක් ගලා යන්නේය. එය කොතරම් සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්ද නොදන්නේය. කෙසේ හෝ තාවකාලික සුවයක් ගන්නට තව මොනවාද ගුලි වගයක්ද දුන්නේය.

සෑමාගේ උණ තාමත් හොඳ නැතිය. එය සුව නොවන උණක් බව හැම එකාම කියන්නෝය. එසේම ගල් සීන් එකද එසේමය. කපනා ඒවා නොව, ගල් වූ සෙම සීන් එකය. විටක ඔලුව ඇතුලේ කැටයක් හෙලවෙනවා වගේ දැනෙන්නේ එක්කෝ මොලයේ ඇණ ගැලවිලාය. නැතිනම් සෙම කැටයක් ලෙස සෑමා සිතන්නේය. තත්වය එසේ තිබියදී මීට දින කිහිපයකට පෙර සෑමාට සෙම හැදුනේය. එය නම් සුපිරිම සෙමක්ය. නාසය උඩට ඇද්ද විට නාසය දිගේ ගොස දිව උඩට වැටෙන සෙම ගුලිය මනරම්ය. ගල් වූ සෙම ඇති සෑමාට නාසයෙන් ගලන හොට්ට තරම් සනීපයක් නොවන්නේය. එසේ දිවට වැටෙන සෙම ගුලිය රෝල් කර ගිල දමා නැවත නාස් කුහරයෙන් උඩට ඇද සෙම ගත හැකිය. ඒ අතරම යන කිවිසුම් වලින් පලාතක්ම ස්ප්‍රේ වන්නේය. මෙය බලා සිටිය නොහැකි තැන කිටියා සෑමාට තර්ජනය කලේ ලේන්සුවක් භාවිත කරන ලෙසය. ලේන්සුවක් හැම තැනකම සෙවූ සෑමාට අතට අහුවූයේ පැත්ත තිබූ ගල් ෂෝටක්ය. පාසල් යන කාලයේ වත් එක දිගට මාසයක් ලේන්සුවක් භාවිත නොකළ සෑමාට ගල් ෂෝට තනි මැකුවේය. ඒ දින කිහිපයක් පුරාවට හොටු හූරන්නටය. එක දිගට දහපාරකට වඩා හූරන හොටු වේලෙන්නට පෙර නැවතත් පිපිදෙන්නේය. විටක අල්ලන්නවත් තැනක් නැත්තේය. කෙසේ හෝ කලිසම ටකරමක් ලෙස වේලී යන්නේ පිසදමන ලද හොටු වල ඝනකම නිසාය.

සෙම, හොටු, කැහි කරදර නිමක් නැති අතර බෝතලයක් කැඩෙන්නේ ඔය අතරය. පස් හයදෙනකු සැට් වී ගෙවල් පැත්තේම සැට් වූයේ සෙම කර කුට්ටං කර ගැනීමේ පරම චේතනාවෙන්ය. බොහෝ උන් කියන්නේ කැස්සට, සෙමට බේත ගල් කියාය. පොඩ්ඩක් ගැහුවොත් ඔක්කොම වේලිලා යනවා යැයි කියන්නේ කට වචනයට විය හැකිය. එක්කෝ බීම සාධාරණීකරනය කර ගැනීමට විය හැකිය. එහි සත්‍ය අසත්‍ය කෙසේ වුවත් තෙල්, කොලෙස්ට්‍රෝල් ඇත්තවුන්ට නම් දොස්තර අවවාදය ඉද හිට හෝ තෙල් කැපෙන්න ඇල්කොහොල් ටිකක් ගන්න කියාය. අපේ උන් එවිට උපන් දා සිට තෙල් කැපෙන්න අඩියක් දෙකක් ගසා බෝතලයක්ම හිස් කරන්නෝය. ගල් නැති තැන, තිබූ වැට් එකෙන් ගසා සෑමා ගෙදර ආවේ වතුර ටිකක් ඇඟට හලාගෙන, ඇඳට වැටෙන්නටය. ඇඟපත සෝදාගෙන අතට අසු වූ ඩෙනිම් ෂෝටක් ගසාගෙන සෑමා ඇඳට වැටුනේය. ඒ අතර කිටියා පැමිණ සෑමාට වද දෙන්නට වූයේය.

“බීලා බීලා ඇවිත් තඩි ෂෝටකුත් ගහගෙන... අර බොක්ස් ෂෝට ඇඳ ගන්නකෝ.. ඕක ඇදන් මේ රස්නේ නිදාගන්න පුලුවන්ද..?“

“පිස්සුද.... කලිසම් ඔක්කොම වැලේ.. ඔක්කොම හෝදලා දාල තියෙන්නේ...“

“විකරද?? ඔක්කොම වේලිලා.. ඇතුලට ගත්තා.. ඉන්නව මම අරන් එන්න...“

“ආ.. මේක ඇඳ ගන්නවා..“ මොහොතකින් කිටියා බොක්ස් ෂෝටක් රැගෙන විත් දුන්නේය. සෑමා ඇඳන් හිටි ෂෝට නිදියහනේ වැතිරීගෙනම මාරු කළේ හොඳ සිහියෙන්ය.

පසුදා අවදි වූ සෑමාට තම ෂෝටේ අමුත්තක් දැනෙන්නට වූයේය. තැන් තැන් වලින් තරමක් ඝනකම් බවක් දැනුනේය. එවිට ෂෝටේ රෑ සිහිනෙන් සිතියම් ඇඳී ඇත්දැයි අතගා බැලූවේය. එහෙත් සිතියම් මෙතරම් ඇදෙන්නට තරම් ස්ටොක් එකක් තිබිය නොහැකිය. තවත් මොහොතක් ගත වෙද්දී ෂෝටේ ඉදිරිපස පමණක් නොව පිටුපස පවා ටකරමක් වැනි ඝනකම් ගතියක් දැනෙන්නට වූ නිසාම ෂෝට ගලවා හොදින් සෝදිසි කිරීමට සෑමාට සිදු වූයේය.

සිදූ වී ඇත්තේ අනර්ථයක්ය. දින ගණනාවක් පුරා හොටු හීරු ෂෝට සෑමා ඇඳගෙන සිටින්නේය. තැන් තැන් වල සුදු, කහ පැල්ලම් තිබුනේ දවස් ගණනාවක මතක සටහන් ලෙස මිසක රෑ සිහිනෙන් ඇතිවූ සිතියම් නිසා නොවන බව පැහැදිලිය. සිදු වූ අවනඩුව කිටියාට කියා අවමන් විදිනවාට වැඩිය බ්ලොග් ගත කිරීම සුදුසු බැවින් මෙසේ ලියන්නට වූයේය.

Written_by_sAm_ශ්‍රී_Perera_17/02/2015

41 comments:

  1. ඇත්ත කියපන්! සිතියම් ඇන්දා නේද!

    ReplyDelete
    Replies
    1. බිත්ති පුරා ඔබෙ සිතුවම් ඇන්දේ තනිය මකා ගන්නයි.. :ඩී

      Delete
  2. ගල් බීමෙන් සෙම ගල් වෙන්නේ නැද්ද?

    ReplyDelete
  3. නො දකින් ගල් මුසිලයා.......මේවත් දානවද යකෝ මේ විදිහට මේ මේ හිරිඔතප් බිදින්ට

    පට්ට පට පට......සෑමෝ

    ReplyDelete
    Replies
    1. හෑ හිරි ඔතප් තියෙනවද බොට?

      Delete
  4. සෑමා ය වෙන්නේම ඔහොම අලකලංචියක්ම ලු ඈ...
    යකෝ සෑම් මචෝ ඔබ තුමාගේ නෝ නා පොඩ්ඩට කලිසමේ අමුත්තක් දැනී නැතිවද
    නැත්තං පනිස්මන්ට් එකටද ගෙනත් දීල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මන්ද බං රෑ ජාමෙ නිදි මරගාතෙ කුදලං ආපු සෝට තමා සෝට..

      Delete
  5. හෙක් හෙක්.. නහයෙන් යන සෙම මදිවට අහවල් එකෙනුත් ගිහිල්ල වගෙයි.

    ඔය ගල් වලට සෙම නැතිවෙන කතාවනං අමු කෙප්පයකි.

    ReplyDelete
    Replies
    1. //ඔය ගල් වලට සෙම නැතිවෙන කතාවනං අමු කෙප්පයකි.//
      මෙන්නෝ විජාතික කුමන්ත්‍රණ කාරයෙක් ..ගල් බලකාය ඔබේ අවදානය පිණිසයි ..
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. ඔය ගල් බලකායෙ උං බොන්න ගියාම ගල් දිහා බලන්නෙවත් නෑ කියල පහුගිය දවසක ආරංචියක් ගියා නේද?
      මටනං ඔය කියන තියරිය තාම වැඩකරල නෑ.

      Delete
    3. ලොකු හෙම්බිරිස්සා නෙමෙයි පොඩි සෙමකට ඩ්‍රයි ජින් ට්‍රයි කරල බලන්න.

      Delete
    4. ප්‍රසා , ගල් බලකායේ යාවජීව සාමාජිකයෙක් විදිහට මම එදා ක්‍රියාව දකින්නෙ මෙහෙමයි. එතන හිටිය අනික් සෙට් එක ගල් වගේ උත්තරීතර බීමක් බොනකොට ලග තියාගන්න බැරි පිරිසක්.ඒකයි අපේ සාමාජිකයො වෙනත් බීමකට සෙට් වෙලා තියෙන්නෙ ( රහසින් ...නොදකින් මුන් රෙද්දෙ re ගත්තම හෝදන්ඩ වෙන්නෙ අපිටනෙ ).

      Delete
    5. කම්මලේ අන්න මචෝ පොරවල් ...ඔය දෙකයි පනහේ පොරවල්ට ඔය වගේ වටිනා බිමක් දෙන්නේ කොමැයි නෙහ් ? හැක්
      (හොඳ වැඩේ තොපිට තනියම හැ@#$%& ගියාට ....දැන් බ්‍රෑන්ඩ් එක ගල් ඇර වෙන ඔනෑම දෙයක් ද ?)

      Delete
    6. ගල්නං ඒ වගේ උත්තරීතර බීමක් තමයි.
      (මටත් කියන්න තියෙන්නෙ ඔය සින්දුව වරහන් ඇතුලෙ දාල තියෙන එකම තමයි)

      Delete
    7. ප්‍රසා - ගල් සෙම කතාව. බොන උන් හදාගත්ත එකක් බං.

      සි.ඇනෝ - අම්බේ.. ගල් බලකායෙ උන් මටත් ආරාධනා කොලා බං. පවුල කොයි වෙලේ හරි දරුවා දොට්ට දානවා. ගෙදර හිටියෙ නැත්තං නඩුවක්.

      Pra Jay - සෙම විතරක් නෙවෙ බං. ඇඟම වේලනවා ජින් වලින්.

      * තොපේ සමහර කමෙන්ට් මට තේරෙන්නෑ බං... >.<

      Delete
    8. මෙහමයි සහෝදරවරැනේ ගල් බලකායේ අනිකුත් සාමඡිකයින් නැති නිසා බ්‍රෑන්ඩ් එක අත ඇරියා ..නැත්නම් ඉතිං
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    9. නැතිකමටනේ යකෝ ගල් ගහන්නේ.

      Delete
  6. මෙන්ඩියෝ....පත්තරයෝ.... සිංදු ඇනෝ... සිරෝ... කම්මලයෝ..... වරෙල්ලෝ.... මෙන්න මේ ගල් ගැන මොනවද අහනවා....

    ReplyDelete
    Replies
    1. මම ආයේ එන්නේ නැ මචෝ ...ගල් බලකාය මාව හැලුවා :-(

      Delete
    2. බූට් ඇනෝ , මුන්ට සේම කරකර ගන්න ඕනෙ උනාම විතරයි ගල් බොන්නෙ. ඒක හින්ද රස ගුණ කියල වැඩක් නෑ.
      සිංදුවා , හලල නෙමෙයි බං පොඩි මිස් වීමක් වෙන්න ඇති. මටත් පත්තරේ කතා කලාට යන්න උනේ නෑ , මගෙ යාලුවෙක්ගෙ මළගෙයක් හින්ද නාඩ හිටින්.

      Delete
    3. හරි හරි එහෙනම් මම යන්නේ නැ හොඳේ ...
      මුන් බ්‍රෑන්ඩ් එක නමත් එක්ක කලා රිලා නේ .කියන්නත් මොකක්ද වාගෙයි ..

      Delete
    4. හරි හරි ලගදිම දවසක අපි ආයත් ගල් බලකාය එකතු කරනවා..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. මට පත්තරයා පස්සේ කෝල් කරලා කිව්වා සිද්ධිය. ඌ පරණ බෝතල් සෙට් එකකට ගල් පුරවලා තියලා.

      Delete
    6. ගල් නම් බෑ ඕයි... :(

      Delete
  7. //එසේ දිවට වැටෙන සෙම ගුලිය රෝල් කර ගිල දමා නැවත නාස් කුහරයෙන් උඩට ඇද සෙම ගත හැකිය. ඒ අතරම යන කිවිසුම් වලින් පලාතක්ම ස්ප්‍රේ වන්නේය. ///
    මැවිලා පෙන්නෙ

    ReplyDelete
  8. අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු ... කෝ මේකට 18+ දාපන්

    ReplyDelete
    Replies
    1. හෑ.. දාල නැද්ද..

      යකු හොටු කතා පටන් ගන්නේ මොන්ටිසෝරි කාලෙ ඉදලා.. ඉතිං අවුලක් නැහැ නේ??

      Delete
  9. නින්දේදි රාත්‍රී යහනේ පෙනේ රූප ඡායා
    සිහිනේකි මායා
    නින්දේදි රාත්‍රී යහනේ පෙනේ රූප ඡායා
    සිහිනේකි මායා
    සෝකෙන් ගැහෙනා හර්දෙ මාගේ ප්‍රේම වේගේ
    ආ . . . හා . . . සෝකෙන් ගැහෙනා හර්දෙ මාගේ ප්‍රේම වේගේ

    යාවී පැළීලා නාවේ ඇයි අනේ //
    කඳුළු බින්දු ගානේ මැවිලා පෙනේවී ඒ රූප ඡායා

    තනි වීලා මනරම් ප්‍රේමේ සුදු වැල්ලේ
    ඒ දුකිනා හඬනවා ප්‍රේමි
    හා. . . ඒ දුකිනා හඬනවා ප්‍රේමි
    ප්‍රේමේ පිපාසේ යාවි ම ප්‍රාණේ එන්කෝ පියාඹා

    ආලෝකයක් නෑ චන්ද්‍ර යාගේ තොර වූ අහසේ
    ආ හා ආලෝකයක් නෑ චන්ද්‍රයාගේ තොර වූ අහසේ
    ප්‍රේමේ නැතී ඒ හර්දේ පාළු වේ //
    නා මල් පෙතී සේ ළා තොල් පිපේවී ස‍ඳේ කාන්ති පායා
    නින්දේදි රාත්‍රී යහනේ පෙනේ රූප ඡායා
    සිහිනේකි මායා //

    ගායනය – රුක්මණී දේවි
    ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
    සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද බං මේ සිංදු?

      Delete
    2. එයාල අඳින සිතියම් අපේ සිතියම් වගේ ගනකමට අහු වෙන්නෙ නෑනෙ. වේලුණාට පස්සෙ හොයන්නවත් බෑ.

      Delete
  10. ඔය අර ඩිකියේ තිබ්බ එක නෙවේ වෙන්ටෑ

    ReplyDelete
  11. කියන්න බෑ.. කලින් වාරකන් කියලා තිබුන හන්දා මේවා විශ්වාස කරන්නම බෑ අපිට..

    ReplyDelete
  12. ඒක හෝදන්න එපා..අරන් තියහන් සිහිවටන විදිහට.
    ගල් හොදයි ඔය ලේඩෙට

    ReplyDelete
  13. ඕකට පොඩි විසඳුමක් තියෙනවා සැමෝ. ඊළඟ පාර කිටියගේ ශෝටක් ගනිං හොටු හූරන්න. මම කිව්වේ .....

    ReplyDelete
  14. සික් විතරක්....... හොටු කතා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...