පැක් කිරිල්ල සියළු සත්වයෝ උපතින්ම ගෙන එන ලද්දක්ය. ගන්ධබ්බ අවධියේ සිටින සත්වෙයෝ උපතක් බලාපොරොත්තු වන්නෝය. මරණයෙන් මතුවන චුති සිතට අනුව ප්රතිසන්ධි සිත පහළ වන්නේ ක්ෂණිකවය. නැවත උපතක් විශ්වාස කරන බෞද්ධයන්ට අනුව චුති සිත සහ ප්රතිසන්ධි සිත අතර ඉඩක් නැත්තේය. සියල්ල අවසන ප්‍රථම වරට නිවැරදිව පැක් වීම හෙවත් මව් කුස පිළිසිඳ ගැනීම සිද්ධ වන්නේය. සත්ව වර්ගයාගේ පැක්වීමේ ආරම්භය පටන් ගන්නේ නොදැනුවත්වය. තමන්ට කැමති තැනක කැමති ලෙස පැක් වීමට වරම් නොලැබෙන්නේය. ඉන්පසුව බිළිඳා දකින්නේ මනාවට පැක්වූ පෝටබල් ප්‍රථම ආහාරයය. ඒ නම් මව් කිරිය. එහි පැක් වීම අති සාර්ථකය. තාක්ෂණයට අනුව තවමත් එතරම් සූක්ෂම පැක් කිරිල්ලක් ලොවෙත් නැතිය. ක්‍රමයෙන් හැදී වැඩෙන සත්වයා පැක් කිරීම ගැන ප්‍රවීණයෝ වන්නේ, දක්ෂයෝ වන්නේ ඉනික්බිති සමාජයෙන් ලැබෙන ආභාෂයන් මතය. මෙලෝ හසරක් නොදන්නා සතුන්ට පවා සහජයෙන් ලැබී ඇත් පැක් කිරීම අති විශ්මිතය. ඒ අනුව කැන්ගරුවා තම පැටියා පොකැට් එකේ පැක් කිරීම ඉතා වටිනා උදාහරණයක්ය.
![]() |
Melbourne Cricket Ground හි පැක් කිරිල්ල |
පාසල් සමයේ දකින පැක් කිරීම බොහෝය. ඒවා පසු කළෙක පැක් කිරීම ඉගෙන ගැනීමට අවශ්‍ය කරන ආභාෂයන්ය. පාසල් ගෙනියන බෑග් එක පැක් කළේ අම්මාය. ඒ පුංචි කාලයේය. පසු කළෙක එය කරන්නේ ශිෂ්‍යා අතින්ය. එවිට අනවශ්‍ය පොත් අතැර අවශ්‍ය පොත් පමණක් පැක් වන්නේය. බෙහෝ විට විෂයන් දෙකකට එක පොතක් සෑහෙන්නේය. එක විෂයකට අදාල සටහන් පොතේ මුල් පිටු වේ සිට ලියැවෙන අතර. අනෙක් විෂයේ සටහන් පොතේ අග පිටුවේ සිට ලියැවෙන්නේය. කිසිම දිනයක එම සටහන් එකිනෙකට මුණ ගැසෙන්නේ කලාතුරකින්ය. විටක වසරක් ගියත් මුණ නොගැසෙන්නේ එතරම් සාර්ථකව සටහන් ලියා ගන්නා නිසාය. බෙහෝ විට ඉහල පන්ති වලදී බෑග් එක පැක් වෙද්දී බරපතල් අච්චු පොත් අතහැරෙන්නේය. ඒ බර වැඩි නිසාය. පසු කලෙක ඒ ලෙවල් කරද්දී ඉංග්‍රිසි පොත හැමදාම ගෙදරය. මන්ද ඒ ලෙවල් සමයේ බෑග් භාවිතයෙන් තොර වෙන නිසාය. එවිට පැක් කිරීම් නැත්තේය. මොට්ටසෝරි සමයේදී අම්මා කෑම පෙට්ටිය පැක් කළ හැටි අමතක එකෙක් නොසිටිය හැකිය. බනිසක්, පාන් කැබැල්ලක් පුංචි කෑම පෙට්ටියට දමා කෙසෙල් ගෙඩියක් ඔබන්නට ඉඩ නොමැති වූ කලෙක කෙසල් ගෙඩිය පෙති ගසා හෝ කෑම පෙට්ටියට ඔබන්නේ පැක් කිරීමේ තෙරටම ආ අම්මාය. ඒ කාලේ සිඟිත්තාට වඩා අම්මා පැක් කිරිල්ල දන්නේය. කෙසේ හෝ කුමක් හෝ දරුවාගේ බඩට පැක්කර එබීම ඇයගේ ඒකායන බලාපොරොත්තුවය. කෙසෙල් ගෙඩිය කෑලි කපා දැමූ විට කන එක නම් සෑමාට අප්පිරියය.
පාසල් සමයේ හොදම පැක් කිරිල්ල දුටුවේ 235 බස් රථයේදීය. වරාගොඩ මාර්ගයේ දිවෙන තනි දොරේ භාගේ බස් වල පැක් කිරිල්ල දන්නා කොන්දොස්තර අයියලා තරම් වැඩ්ඩෝ ලොවෙත් නැතිය. කැළණිය හන්දියේදී ෆුල් පැක් වෙන තුරු බස් එක පැය භාගයක් හෝ නවත්වාගෙන සිටින කාරුණික ඔව්හු වරාගොඩ පාරේ සියළු ජනතාව තොරණ හන්දියට රැගෙන යාමට තරම් කාරුණිකය. ඒ සඳහා භාවිත කරන්නේද තනි දොරේ හුචක්කු බස්ය. ෆුල් පැක්ව ගමන් අරඹන බස්රථය දොර පැත්තට ඇල වෙන්නේය. ඇතුලේ සිටින ජනතාවගේ ජැක් නිසා රථය නොවැටී තිබෙන්නේය. සියළු කාන්තාවන්ට ප්‍රතිවිරුද්ධ බල යොදා බසය නොවැටෙන්නට තබා ගන්නේ ඇතුලේ සිටිනා භෞතික විද්‍යාව දන්නා පුරුෂ පක්ෂයය. ඒ අතර ආරම්භක විද්‍යාව දන්නා අප වැනි ශිෂ්‍ය යෝය. විටක ජීව විද්‍යාව දන්නා වැඩිහිටියෝ පරිණත ඩයල්ය. උන් භෞතික විද්‍යා වෙන් සමතුලිතය ලබාගෙන ජීව විද්‍යාව කරාම නැගී යන්නෝය. කිසිදාක කිසිම කලබැගෑනියක් අප දැක නැත්තේය. ඒ බස් නැති පාරක හොදින් පැක්ව කෙසේ හෝ වැඩට යාමේ අවශ්‍යතාවය නිසාය. එවැන් පැක් කිරිල්ලක් මම නම් මෑතක් වෙන තුරු නොදැක්කේය. මෑතක දුටු හොඳ පැක් කිරිල්ල කතාව අවසානයේ ලියවෙනවාය.
සියල්ල අතර වාරයේ පැක් කිරිල්ලේ ඉතා අසාර්ථක ඩෑල්ද සෑමා දැක ඇත්තේය. ඊට හොඳ උදාහරණය දැක්කේ ගෙවල් පැත්තේ සිටින ඉස්සෝ වඩේ අයියාගෙන්ය. පොරගේ කෑම නම් රසය. නමුත් පැක් කිරිල්ල අන්තිමය. ඉස්සෝ වඩේ පහක් ගතහොත් කාඩ්බෝඩ් ප්ලේට් මත එක එක තබා ප්ලේට් පහක් මත වඩේ තැබෙන්නේය. ඒ සියල්ල එක මත එක තබා එක ෂොපින් බෑග් එකකට දැමිය හැකිය. නමුත් ඔහු කරන්නේ මහා අපරාධයක්ය. ඔහු ප්ලේට් පහම බෑග් පහක දමන්නේය. පැක් කිරිල්ල නොදත් තැන පාරිසරික හානිය කොපමණ වන්නේද කියා එතැනින්ම සෑමාට තේරුණේය. තමන්ට එක බෑග් එකක් ඇති කියා සියල්ල එක මල්ලක ඔබා ගත් සෑමා වඩේ ඩෑල් එකට ඇඩ්වයිස් දෙන්නට ගියේ නැතිය. මන්ද තෙල් තාච්චියක පහස ලැබීමට ඇති අකැමැත්ත නිසාය. නමුත් තව දෙතුන් වරක් ගොස් එම රංගනයම කළහොත් ඩෑල් එක වෙනස් වෙනවා ෂුවර්ය. ෂොපින් බෑග් පහක හයක පැක් කිරිල්ලක් කරන තවත් තැනක් ලෙස සුපර් මාකට් හැඳින්විය හැකිය. කෑම ජාති එක බෑග් එකකද, එළවලු තවත් බෑග් එකකද, ගෙදරට ගන්නා අනෙක් බඩුමුට්ටුද ආදි ලෙස උන් පැක් කරන්නේ බෑග් පහ හයකය. විටක එම පැක් කිරිල්ල සාධාරණය. ඒත් එතරම් ෂොපින් බෑග් තොගයක් ගෙදර එකතු කර තබා ගැනීම තරම් අසහනයක් සෑමාට නැත්තේය. බෙහෝ විට ලැබෙන ෂොපින් බෑග් අඩු කර ගැනීමට සෑමා පෙළබෙන්නේය. පොලේ ගියොත් බෑග් එකක් රැගෙන යාමේ පුරුද්දක් තිබුණත් මෑතකදී පොලේ නොගිය නිසා එය මඟ හැරුණේය. කෙසේ හෝ පැක් කිරිල්ලේ අසාර්ථක බව කිසියම් පාඩුවට මුල පුරණ බව කිව යුතුය.
ස්කූල් වෑන් එකේ යන කාලේ වෑන් අංකල් කරපු පැක් කිරිල්ල සුපිරිම පැක් කිරිල්ලක්ය. අපි සීට් වල ඉඳ ගත්තාට පසු පුංචි ඇච්චං කෙල්ලෝ කොල්ලෝ සීට් අස්සටද ඔබන්නේය. උන් ව ඉඳගෙන සිටිනා අප ඉඳිරියෙන් හිටවා තැබුවේය. එහෙත් කිලෝමීටරයක් දෙකක් යද්දී උන් අපේ ඔඩොක්කුවේ ඉඳගෙනය. ඒ තරම් අසාධාරණ පැක් කිරිල්ලක් සෑමා දැක නැත්තේය.
ලොවෙත් නැති පැක් කිරිල්ලක් දකින්නට සෑමාට මෙතුවක් කල් බලා ඉන්නට සිදු වූයේය. සියළු ලංකාවාසීන්ට එවැනි පැක් කිරිල්ලක් දකින්නට හැකි වූයේ මේ වසරේය. එනම් පසුගිය 18වෙනිදා නුගේගොඩදීය. විමලේ ඒ පැක් කිරිල්ල ගැන පුරාජේරු ගසද්දී, මරා වාදීන් විසිල් ගසන්නට වූවෝය. සිරාවාදීන් කොටු ගසා, රවුම් ඇඳ, ඩොට් තබා ඡායාරූප මත සිටින ජනතාව ගණින්නට වූවෝය. කෙසේ හෝ සියල්ල අවසන විමලේ කිව්වේ ලක්ෂ 5ක් සිටියා කියාය. මරාවාදී සැට් එකද කියන්නේ ඒ ටිකමය. එතරම් පුංචි ඉඩක ලක්ෂ පහක් බැස්සුවා කියන්නේ සෑමා මෙතුවක් දුටු හොදම පැක් කිරිල්ල එයය. විශාල ක්‍රිකට් පිටියක් වන Melbourne Cricket Ground (MCG) හි පැක් කළ හැකි ප්‍රේක්ෂක ප්‍රමාණය ලක්ෂයක් වෙද්දී ආනන්ද සමරකෝන් පීඨයේ ලක්ෂ පහක් බස්සන්නට තරම් ලංකාවේ පැක් කිරිල්ල අති සාර්ථක වූයේය. එය එසේ නොවුනා නම් පුදුමය. ලංකාවේ ගමනා ගමනයේ පැක් වෙන සෙනඟ ප්‍රමාණය දකිනා ශ්‍රී ලාංකිකයන්ට විමලේ එතැන ලක්ෂ පහක් පැක් කළා නම් එය මැජික් නොවන්නේය. මන්ද විමලේගේ කට තරම් කටක් ලොවෙත් නැති නිසාය. සෙනඟ කිසිවෙක් නොමැති වුවත් විමලේ උගුර කඩාගෙන ලක්ෂ පහක සෙනඟක් ගැන පුරාජේරු ගසන්නට තරම් ඩෑල් එකක්ය.
කෙසේ හෝ යහපාලනය පත්වා ගැනීමට නම් මෙතරම් ජනතාවක් රැඳවිය හැකි ස්ථානයක් ජනතාව වෙනුවෙන් භාවිත කළ යුතුය. ක්‍රිකට් උණුසුම ඉතා උග්‍රවු මේ සමයේම ලක්ෂ පහක ජනතාවක් රැදවිය හැකි මෙවැනි නගරබද ස්ථානයක ලොව විශාලම ක්‍රිකට් පිටිය නිර්මාණය කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ කුමන විදෙස් බලපෑමක් නිසාදැයි අප සොයා බැලිය යුතුය.
Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_23/02/15