Monday, October 6, 2014

Throne Rush ක්‍රීඩකයන් වෙඩි තබා ගත් හැටි... - Throne Rush @ Battle Ground !!!


සයිබර් අවකාශයේ එකතු වූ පිරිසක් හැබැහින් යම් තැනකට සෙට් වීම අහඹුවක් නොවන බව සෑමා තේරුම් ගත්තේ බ්ලොග් අවකාශයෙන්ය. මීට වසර කිහිපයකට පමණ ඉහතදී කිසිදා නොදුටු බ්ලොග් සහෘදයන් රැළක්  සෑමාට සෙට්වූයේ සයිබරයෙන් පිටත මහ පොළොව මතදීය. සයිබර් සිහින උලෙල, ගෙට්ටුගෙදර් වැනි සිද්ධීන් ඊට උදාහරණයන්ය. ඒ අතර සිදුවූ ලේ දන්දීම්, වැනි සමාජ සත්කාරයන්ද වූයේය. බ්ලොග් ලොවෙන් පිටත ඔන්ලයින් ගැසූ ක්‍රීඩාවකදී ෆෙස්බුක් චැට්, ෆේස් බුක් පේජ් සහ ගෘප් වලදී එකතු වූ ගේම් කාරයන් පිරිසක් සයිබරයෙන් පිටත මහ පොළොව මත පිහිටි යුධ පිටියකදී හමුවූයේ සෑමා කිසිදා නොසිතූ ලෙසින්ය. සියල්ල සිදුවූයේ ඊයේය. Throne Rush ලෙස ෆේස් බුකියෙන් ඉපිද, ඇන්ඩ්‍රොයිඩ් ඇප් හරහා ජංගමකරණයට ලක්ව ලංකාවේ අපේ උන්ට සෙල්ලම් කරන්නට හුරු වූ ක්‍රීඩාව නම් අපූරුය.

Throne Rush නගරයක් ;)

තමන්ගේ නගරය තමන් විසින් අලංකාර කරගනිමින්, යුධ භටයන් හදා ගනිමින්, රත්තරං කාසි, ආහාර පාන තමන්ම සපයා ගනිමින් සහ එක එකාගෙන් හොරකම් කරමින් මාලිගාව, ආරක්ෂක ක්‍රම යවත්කාලීන කරගනිමින් කරන්නාවූ එකී ක්‍රීඩාව අපහට ලබා දුන්නේ ආත්ම තෘප්තියක්ය. ඒ අතර සහෝදරත්වය වැඩි කරවූ Brother Hood හෙවත් කල්ලි ගැසීමේ සංකල්පයද අප අතර බැඳීම් වැඩිකළ බව නොරහසක්ය. ඊට වඩාත්ම සුන්දර උදාහරණය නම් ඊයේ උදෑසන සිට සවස් ජාමය දක්වා අප සියළු දෙනා අතර හුවමාරුවුණු අදහස්ය. 

ලංකාවේ කොල්ලෙක් වශයෙන් ලෝකෙන්ම පළමු තැන ගන්නට TOM BRUSH ට (ඌ කියන්නේ බ්‍රෂ් නෙවේ කියාය.) හැකි වූයේය. ඒ අතර ලංකාවේ බ්‍රදර් හුඩ්ද ලෝකයේ රෑන්ක්ස් වල ඉහළටම ගියේ අපේ එවුන්ගේ වැඩ කිඩ නිසාය. ගේම් එකේ වැඩ කිඩ පැත්තකට දමා අපේ සැට් එක Paint Ball ගසන්නට හංවැල්ලේ Hustler's Paintball එකට සැට් වුණෝය. 
ටොම් බ්‍රෂ් (බ්‍රෂ් නෙවේලු ඈ..), තිවකං, මේලක, දහම්, තුමුල, නලියා, සම්පත් (මූත් සෑම් ඈ..), ප්‍රමුදිත, රවියා, ඉන්ද්‍රජිත්, අසංක, සමීර, සජියා සහ මම තුමා

කස්ටිය කැලේ පැන්නේ තුවක්කු අත දරාගෙනය. කණ්ඩායම් දෙකක් වශයෙන් දෙකට බෙදී පේන්ට් බෝල් වලින් වෙඩිතියා ගන්නට අපේ උන්ට තිබුණේ මහා උනන්දුවක්ය. ක්‍රීඩාවේ නීතිරීති පිළිබඳව සහ එහි ආරක්ෂාව පිළිබඳ උපදෙස් දෙද්දී අපේ එවුන් නැවත හැරී ගෙදර එන්නට තරම් බය වූ බව කිව යුතුය. කාඩ්බෝඩ් කැබැල්ලක් හතරට නමා ඒ තුලින් පේන්ට් බෝලය පසාරුකරගෙන යනවා පෙන්නූ පසු සෙල්ලම් කරන්නට තරම් හිතට හයියක් එන්නේම නැත. ඒත් සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික එදිරිවාදියෙක් පශ්චාත් බෑයට තැබූ වෙඩි පහරින් සෑමාට පේන්ට් බෝල් සමඟ තිබු භීතිය නිවි ගියේය. 



ඉහත පිංතූරයේ සිටින පරිදි මංතුමා (ඉන්න විදිහ අවුල් ඈ), Throne Rush කප් ගැසූ ටොම්, හෙල්මට් එක වැටෙන්න නොදී අපහසුවෙන් සිටින ෆොටෝ ජෙනික් දහම් කොලුවා, වෙඩි නොවදින සජියා, අල්කයිඩා නායක මේලක, නොසැලී ඉදිරියට ගිය ප්‍රමුදිත, සහ අහිංසක යුදෙව්වා  සමීර අවි  රැගෙන ඉදිරියට යද්දී ප්‍රතිවාදී පිළ සැඟවී ගුලි ගැසී සිටි බව නොරහසක්ය. පළමු තරගය පිටියේ වාසියෙන් ජය ගන්නට ප්‍රතිවාදීන්ට හැකි වුවද, දෙවන තරඟය අපේ පිළ ජය ගත්තේය. තුන්වන තීරණාත්මක තරඟය පිටියේ වාසිය රැගෙන ප්‍රතිවාදීන්ට ජය ගන්නට නොහැකි වූයේ තරඟය සම මට්ටමට පත් කරමින්ය. ඉන්පසු පේන්ට් බෝල බෙදා හදාගෙන සහයෝගයෙන් කළ සටන ඔවුන් ජය ගත්තේ අපේ එවුන්ට වටකර පහර දෙමින්ය. පේන්ට් බෝල බෙදාහදාගෙන කළ ක්‍රීඩාව එතරම් සැළකිල්ලෙන් කරන්නට අපේ උන් මැලි වූ නිසා එය පරාජයට පත් වූ බව කිව යුතුය.


ප්‍රතිවාදී පිළ ලෙස පිංතූරයේ සිටින්නේ දකුණේ සිට ඉතිහාසය උගන්වන තුමුළ, මොරටුව විස්ස විද්දාලේ සෑම්, සංධාන ගතව පහර දෙන අසංකලා ජෝඩුව, මහ මොළකරු රවියා, නිතරම හදේ සිටි තිවංක සහ නොසැලී හිටගෙන ඉදිරියට ආ වෙඩි නොවදින උස මහත නලීන් කොල්ලාය.

තරඟ නීති උල්ලංගනය කරමින් තුමුලයා තහනම් උත්තේජක ලෙස බුලත් විටක් හපද්දී, ඔවුන්ගේ කණ්ඩායම රෙෆ්රීටත් වෙඩි තබන්නට වූවෝය. විවිධ උපක්‍රමශීලී පසු බැසීම් සමඟ ඔවුන් හිටි තැනම සැඟවී සිටියෝය. කිසිම දෙයක් ගණනකට නොගත් අප කණ්ඩායම නොසැලී ඉදිරියට ඇඳෙමින් ප්‍රතිවාදීන් භීතියට පත් කළෝය.

කැමරා රැගෙන යාමේ ප්‍රතිවිපාක - මෙතන මම හැර සෙට් එකම ඇත

ගහ මරා ගැනීම් අමතක වන්නට හීන් අඩියක් ගසමින්, කැළණි ගං ඉවුරේ අඩි ගණනක් ගැඹුරු තැනෙක් දිය නා සැනසෙමින්, දිනයක විනෝදයක් සමඟ Throne Rush ක්‍රීඩකයන් Paint Ball ගැසීම අහවර කළෝය. කවදාවත් එකතු නොවේ යැයි සිතූ පිරිසක්, එකට එක්ව සුන්දර දවසක් ගත කළ අතර නැවත හමුවන සිතුවිල්ලෙන් සමුගන්නට සිදුවූයේ තුමුලයාට තංගල්ලේ බැංකුවට යන්නට තිබුණු බැවින්ය.

කතාකරන්නට, මතක් කරන්නට බොහෝ දේ ඉතුරු කරමින්, සියළු කටයුතු සම්පාදනය කළ සියළු දෙනාට සහ සංවිධායක මණ්ඩලයට හද පිරි ස්තූතිය.

පලි - Throne Rush ඇල්මෙන් ක්‍රීඩා කළද ඒ පිළිබඳ මා ලියූ ප්‍රථම බ්ලොග මෙයයි. අවුල් වගේ නම් කමා කරත්වා.

Written_by_sAm_ශ්‍රී_Perera_7.02am_06/10/14

47 comments:

  1. සිංහලෙන්ම කියනවනම් සෑමා මාව කා දමා ඇත

    ReplyDelete
    Replies
    1. බලපංකො Thumula මෙතන පොටෝ එකේ
      .. නලු බට්ටො..

      Delete
    2. කාලයි කියල දාපු කමෙන්ට් එකට යටිනුත් මූව කාලා..

      Delete
    3. ekane appa kiyanne kanawa kiyala mehemath kanawada

      Delete
  2. තොට වදින්න තිබුනේ පශ්චාත් බෑයට නොවෙයි එහි පුර්ව කොටසට. එහෙම වුනා නම් 3+yqo තමයි.

    ReplyDelete
    Replies
    1. තුන දනවැයි කිව්වෝ ද?

      අපෝ මේ වගේ මිත්තරයෝ...

      Delete
    2. වැයි නෙවෙයි වයි

      පල්ලෙන් එකතු කරනවද?

      Delete
    3. හරි බං අලංකාරයක් එකතු කළේ...

      Delete
  3. හෙක් හෙක් සෑම් අයියා බැක් ගාඩ් එකක් දාගෙනද බන් ගියේ, කාඩ් බෝඩ් එක හතරට නාවලා දුන්නත් හිල්වෙන්න තියන්න පුළුවන් බාන්ඩේ පශ්චාත් බාගය ඉතුරු කලාද? පට්ට කියන්නේ වල්ල පට්ට අතල් එකක් අරන් වගේ. හෙක් හෙක් අපරාදේ බුමියේ සහයත් අරන් ගරිලා ගැහිලාක් ගහලා මරාගෙන මැරෙන එකෙක් බස්සලා ගේම දදිනන්න තිබුනනේ ඉදිරි ආරක්සකෙයි පසු ආරක්සකෙයි වළලු දෙකක් ගහගෙන. කොහොමත් සෑම් අයියටනම් පසු ආරක්සකයක් ඕනා වෙලා තිබිලා තියෙන්නේ. මුකුත් හිටන්න එපා ඔබ තුමා අර පොටෝ එකේ ඉන්න විදිය දැක්කම හිතෙන්නේ එවේලේත් පශ්චාත් බාගෙට පෙන්ට්බෝල් එකක් වැදිලා වගේ. හැබැයි මාරු කිට් එක.

    එත් ලාවට හරි අනුමත වෙලා අර වගේ පොත එකක නාපු එක නම් අනුමත නොකරමි.

    එල එල කය වේවා!!!

    ReplyDelete
    Replies
    1. k සහ j පොඩ්ඩක් පැටලිලා ඈ :p

      Delete
    2. හැම එකාවම මරාගෙන ඇවිත්, මගෙ පිටිපස්සෙන් වට කරලා එකෙක් පුකටම තිබ්බා බං..

      පොටෝ එකේ නම් ඉන්න විදිහ අවුල්ම අවුල් ඈ..

      KG පටලවා ගන්න නම් එපෝ..

      Delete
  4. හැක් හැක්... නියම ෆන් එකක් අරගෙන වගේ කට්ටිය.

    ReplyDelete
  5. මොකක්ද යකෝ ඒ බෝල සෙල්ලම , ඇහුවෙත් අදද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි බං,අර ඉස්සර සෙල්ලමක් තිබ්බා නේද farm එකක වවන් කන් එකක්.එහෙම එකක් කරපල්ලාකෝ බං කට්ටිය එකතු වෙලා ඇත්තටම අපි වවමු රට නගමු කියලා..:D

      Delete
    2. ටින් කඩපු එවුන් දන්නවද බන් පේන්ට් බෝල් :D

      Delete
    3. ඉවාන් - තෝන් රෂ් ගැනද ඇහුවෙ? පේන්ට් බෝල් ගැනද?

      මනෝජ් - හුකෑස් වවාගෙන කනව වගේ බං..

      අරූ - ඇඩෙනවා... කැත බයිට..

      ප්‍රසා - ස්තූති ඌන පූර්ණයට, ගේම ගැන ලිව්ව නම් ඉවර කරන්න වෙන්නෑ බං පෝස්ට් එක..

      Delete
  6. ඉවානයා කිව්වා වගේ අපිව මඤං නොකර තව විස්තර දාපන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසාගෙ ලින්ක් එක බලපං.. එලද බ්‍රා ගේම් එක.. ;)

      දෙපැත්තට බෙදිලා කැලේ මැද්දෙ වෙඩි තියා ගන්න තියෙන්නේ...

      Delete
    2. මෙන්ඩෝ අපි පොඩි කාලේ උන බට වලින් තුවක්කු හදලා පැති බෙදිලා වෙඩි තියා ගන්නවා වගේ වෙන්න ඇති බන් (අර කුඩුදව්ල ගෙඩි වලින් ) පින්තුරයක් මෙතනට දාන්න දන්නේ නැතෝ ..

      Delete
    3. අරි අරි මචං දැන් තේරැනා කිරිල්ල ගෙඩි වලින් තියාගන්නේ

      Delete
    4. අන්න හරි ...දැන් ඉතින් කව්ද බන් ඒවත් එක්ක සෙල්ලම් කරන්නේ ...

      Delete
    5. සංජීව - උබයි මායි දන්න ගෙඩි.. :))

      Delete
  7. ගේම් ගැන කිසි උනන්දුවක් නැති මට නම් අඳෝ සංසාරයක් තේරුනේ නැතිය. ඒ මොක වුනත් සෑමා යලි ලියන එක නම් එල ය.

    ReplyDelete
    Replies
    1. දන්න එකම ගේම කියපං බලන්න :))

      Delete
  8. ශා නියමයි,, හම්මේ අපේ මුදියා ගියේ නැද්ද

    ReplyDelete
    Replies
    1. මුදියා ක්‍රීඩාවෙන් සමු ගත්තා බං..

      ඌ ගැන කස්ටිය මතක් කළා හැබැයි..

      Delete
  9. මමත් මේ ජාතියේ පාක් එකක් පටන්ගන්නවා සොහොන් පිටියක් අද්දර. කෙලින්ම දෙන්නේ T 56 තුවක්කු ජීව පතරොම් එක්ක.

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      අපේ ඉන්ස්ට්‍රක්ටර් බල්ලෙක්ව බය කරන්න පැත්තකට වෙඩි තියලා අපි දිහා බලලා කිව්වා..
      “අපි සත්තුන්ට වෙඩි තියන්නෑ.. අපි වෙඩි තියන්නෙ මිනිස්සුන්ට..“

      කෝමද ඒක?

      Delete
    2. දැන්ම නම් දාගන්න
      ඉවාන්-පත්තර
      මැලේ-ඉවාන්

      Delete
  10. ඒ සෑමා................. කට්ටිය පට්ට ආතල් එකක් ගන්න ඇති... ස්තූතියි කතාව අපිත් එක්කත් බෙදා ගත්තාට...

    ReplyDelete
  11. සැහ් බං හංවැල්ලට මෙච්චර ළඟින් ඉඳලත් තාම යන්න බැරි වුනානෙ... :P
    මරු ආතල් එක නෙහ්....

    ReplyDelete
    Replies
    1. මමත් එදාමයි බං දන්නේ සෙට් එකක් හදාගෙන පලයන් ආතල්...

      Delete
  12. හංවැල්ලේද බං තියෙන්නේ? යන්න ඕනේ ආපු කාලෙක. ගෑනු පාර්ශවේටත් පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මේකේ පොටෝ ඇති බලපං..

      පොර තමා ඉන්ස්ට්‍රක්ටර්.. කෙල්ලෝ සෙල්ලම් කරනවා එතැන...

      https://www.facebook.com/shane.wijesinghe?fref=ts

      Delete
  13. //මා ලියූ ප්‍රථම බ්ලොග මෙය//

    ඒ කියන්නේ උඹ මීට කලින් බ්ලොග් එකක් ලියා නැති වගද...

    ReplyDelete
    Replies
    1. අම්බෝ උබත් උපුටා ගන්නෙ නිකං නයි.ටී.ඇන් කාරයා වගේ නේ..

      අර්ථය විනාසම කරල දාලා..

      Delete
  14. ගේම් එක ගැන අයිඩියාවක් නැතිය... දෙමළ පත්තරේ බැළුවා වාගේය..

    ReplyDelete
  15. අනෙ සැමො ඔය සෙල්ලම නම් අපි නොදනි

    ReplyDelete
  16. //සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික එදිරිවාදියෙක් පශ්චාත් බෑයට තැබූ වෙඩි පහරින් සෑමාට පේන්ට් බෝල් සමඟ තිබු භීතිය නිවි ගියේය. //

    ඒ පේන්ට් බොලේ ආයේ දුන්නද ? නැත්නම් තාම පශ්චාත් බාගේ මද ?

    ReplyDelete
  17. අම්මේ මමනං ඔය භයානක සෙල්ලම් වලට අකමැතියි!

    ReplyDelete
  18. ඔය අර බිග් බෑන්ග් එකේ ෂෙල්ඩන්ලා ගහන ගේම් එක නේද? (මං අහන්නෙ පේන්ට් බෝල්ගැන.) මාත් ආසයි ඒකටනම්.
    හාපෝ ත්‍රෝන් රශ් නම් ආස නෑ.

    බුකියෙ කියන එක මෙතනත් නොකිවුවොත් හරි නෑනෙ.
    "ත්‍රෝන් රශ් වගේද සෑම් අයියා කැන්ඩි ක්‍රෂ්!"

    මේ අපේ මුදිය ආවෙ නැද්ද? ඌත් ත්‍රෝන් රශ් පිස්සෙක් වෙලා හිටිය නේද කාලයක්?

    ReplyDelete
  19. අර උඩ ඉඳන් පහලට තුන්වෙනි පිතූරෙ මුලිම්ම ඉන්න එකාගෙ මූණෙ රැවුල නොතිබ්බනං කෙල්ලෙක් කියලමයි හිතෙන්නෙ.

    ඊට පස්සෙන් ඉන්න එකා තුවක්කුව නැතුවම වෙඩි තියනව. කියහන් පරෙස්සම වෙන්න කියල, මොකද ඌ උලුක්කු කරන් ඉන්දැත්දි වෙන කවුරු හරි ඇවිත් වෙඩි තියල යාවි කියල.

    මොකද ඔය කට්ටියකට ගම්බට්ටො සූට් සහ තව කට්ටියකට ආමි සූට් දීල?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...